Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සෝමවංශවාදය සහ එහි අවසානය
2007 සැප්තැම්බරයේ දී ලියන ලද්දකි.
බූන්දි, 21:32:29
ජනතා විමුක්ති පෙරමුණට සිය පැවැත්ම සඳහා උග්‍ර අරගලයක නිරතවීමට සිදුව ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුවාදයෙන් ගොඩයාම සඳහා 1994දී ගනු ලැබූ තීරණය විසින් එහි සියළු විප්ලවකාරී ගූණයන් අහෝසිකර දමා තිබේ. කල්දමන ලද සහ මගහැර ගිය සැබෑ ප්‍රතිරෝධයන් වඩාත් තියුණු ලෙස මතු වෙමින් පවතී. ක්‍රමය විසින් අවශෝෂණය කරගත් දේශපාලන මතවාදයක් සහ ව්‍යුහයක් නඩත්තු කිරීම සහ ක්‍රමය විසින් සංතෘප්ත කළ නොහැකි දේශපාලන බලවේගයන් මත සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම අතර ප්‍රතිරෝධය ජවිපෙ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රතිරෝධයයි. සිංහල බෞද්ධ අධිපතිවාදය තුල ගිලී යාම හේතුවෙන් දෙමළ ජනතාවට එරෙහි රාජ්‍ය මර්දනයට සහාය පල කිරීමට ජවිපෙයට සිදුව ඇති අතර අනෙක් අතට තමන් නියෝජනය කරන බලවේගයේ ආර්ථික අරගලය සහ එය මත දියත්ව ඇති රාජ්‍ය මර්දනය අතර ජනතා විමුක්ති පෙරමුණ සිරව සිටී.

හදිසි නීති විවාදයේදී ජවිපෙ එයට එරෙහිව හඬ නගයි. ඒ සඳහා ඡන්දය විමසන විට එයට පක්ෂව ඡන්දය ලබා දෙයි. ජනතාව මත බදු බර පනවන පනත් ගෙනෙන විට එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස උද්ඝෝෂණය කරයි. නමුත් එයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සිටිනුයේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු පමණි. එම පනත්වලට පක්ෂය විරුද්ධබව ජනතාව හමුවේ ප්‍රකාශ කරන අතර පක්ෂයේ සෙසු මන්ත්‍රීන් එදින පාර්ලිමේන්තුවට නොපැමීණ එය සම්මත වීමට ඉඩහරී. රැවුළ සහ කැඳ දෙකම බේරා ගැනීමට ටිල්වින් සහෝදරයාට සිදුව ඇති බවක් පෙනී යයි.

මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය 1994 දී පාර්ලිමේන්තුවාදය තුල ගිලීයාමට ගත් තීරණයේ තාර්කික ප්‍රතිඵලයයි.1989 මර්දනයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණද සමස්ත ලාංකීය සමාජයද මුහුණ දී තිබූ දේශපාලන වටපිටාව කුමක්ද?

පළමුව ජනතා විමුක්ති පෙරමුණ ගැන අවධානය යොමු කළ හොත් එහි නායක රෝහණ විජේවීර සහ සියළුම දේශපාලන මණ්ඩල සභිකයන් අත් අඩංගුවට ගෙන මරා දමා තිබිණි. දිවිගැලවුනේ සෝමවංශ අමරසිංහගේ පමණක් වන අතර මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙකු හැරෙන්නට සෙසු සියල්ලන්මත් මරා දමනු ලැබීය. එපමණක් නොව එහි සෙසු සියළු මට්ටම්වල සාමාජිකත්වය සහ හිතවතුන් ඇතුළු 60000කට ආසන්න පිරිසක් ඝාතනය විය. තවත් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන අමානුෂික වධබන්ධන පමුණුවා පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, බන්ධනාගාර, සහ රැඳවුම් කඳවුරුවල ගාල් කර තිබිණ. තවත් බොහෝ දෙනෙකුට දිවි ගලවා ගැනීමට රටින් පලා යාමට සිදු විය. ඇතැමුන් වනගතව සැඟවී සිටියහ. ඉතිහාසයේ දැවැන්තම සංහාරයකට මුහුණ දුන් දකුනේ සමාජය මර්දනයෙන් හිරි වැටී ගොස් තිබූ අතර උතුර ශ්‍රි ලංකා සහ ඉන්දීය හමුදාවන් සමග කළ යුද්ධවලින් දරුණු විනාශයකට පත්ව තිබිණ. මර්දනයට පක්ෂපාතීවීම සහ මර්දනය විසින් බිය ගැන්වීම යන සාධක මත විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය ඇණ හිට තිබිණ. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, ජනමාධ්‍යවේදීන් ද මර්දනයේ ගොදුරු බවට පත්වීම හේතුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක් මතුවූයේ ද නැත.

මේ 1990 වන විට පැවැති තත්ත්වයයි. 1990 මැද භාගය වන විට මේ තත්ත්වය යම් පමණකට වෙනස් වෙමින් පැවතිණ. රාජ්‍ය මර්දනයට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් මෝදු වෙමින් පැවති අතර ජවිපෙයේ විසිරී ගිය කණ්ඩායම් යළි සබඳතා ගොඩනගා ගනිමින් විවිධ ස්ථානවල සිට ප්‍රතිසංවිධානය වෙමින් පැවතිණ.

මහා සංහාරයනට ගොදුරු වූ සමාජයන්හි සමාජ සඥතාව ඉහළතලයකට ඔසවා තැබෙන දාර්ශනික සදාචාරාත්මක සහ දේශපාලනික වර්ධනයන් අත්පත් කරගැනීම බොහෝවිට සිදු වේ. පැසිස්ට්වාදයට ගොදුරු වූ යුරෝපයේ කලාවේ සහ දර්ශනවාදයේ සිදු වූ ගැඹුරු වෙනස් කම් ඊට නිදසුනකි. නිසැක ලෙසම සංහාරයෙන් පසුව දකුණේ සිංහල විඥානය තුල ගැඹුරු සමාජ වෙනසකට මග පෙන්වන්නා වූ සංවේදීතාවයේ සහ පරිකල්පනයේ කලලයන් පිලිසිඳ තිබිණ. නමුත් එය නිසිලෙස වර්ධනය වීමට අවස්ථාවක් නොවීය.

විනාශයට ලක් වූ නමුත් දකුණේ තරුණ පරපුරේ අපේක්ෂාවන් තවමත් නොනිවී තිබිණ. ඔවුන්ගේ ආත්ම ප්‍රකාශන මාධ්‍යය වූ කවිය, විවිධ මානයන්ගෙන් 89 න් පසු අත්කරගත් වර්ධනය එහිලා සළකා බැලිය හැකි එක් නිදසුනක් පමණි. හුදු දේශපාලන ප්‍රචාරකවාදයෙන් එය මිදෙමින් පැවති අතර පැරණි ආකෘතීන් සුමට ලෙස බිඳදමමින් සිටියේය. මානව ඛේදවාචකයන් විනිවීදීමෙහිලා තියුණු පරිකල්පනයක් එය තුළ දැකිය හැකි විය. යුද්ධයේ සහ මර්දනයේ කම්පනය ගෝත්‍රවාදයේ සීමාවන් ඉක්මවාගොස් ස්පර්ශ කිරීමේ හැකියාවක් සහ උවමනාවක් එය තුල විය. ඉතිහාසයේ වසුරු ඇසුරින් නොව රාජ්‍ය මර්දනය පිලිබඳ තමන්ගේම අත් දැකීම් ඇසුරෙන් උතුරේ යෞවනයාගේ ඉරණම තේරුම් ගැනීමේ සහෝදරාත්මක වෑයමක් ගොඩ නැගෙමින් පැවැති අයුරු මෙකල බොහො නිර්මාණයන් තුල අන්තර්ගත විය. වඩාත් වැදගත් දෙය මේ කවීන් බොහෝ දෙනෙකු ප්‍රාදේශීය රහසිගත සහ නීත්‍යානුකූල ප්‍රකාශන රාශියක් තැන්තැන්වල බිහිකළා වූ ජවිපෙ ක්‍රියාධරයන් හෝ හිතවතුන්ව සිටියවුන් වීමය. ජවිපෙ හෝ එය නොවන අනාගත දේශපාලන සහ සමාජ ව්‍යාපාරයක හෘදය සාක්ෂිය බවට පත් වීමට වරම් ලැබ සිටියේ මේ නිර්මාපකයන්ය. ලක්දිව පුවත්පත බිහිවීමත් සමගම රටපුරා විසිරී සිටි මේ තරුණ තරුණියන් ජාතික මට්ටමින් එක් රැස් කෙරිණ.

සමාජ සඥතාව අඛණ්ඩව වැඩෙමින් පැවති අතර හිරු පුවත්පත බිහිවනුයේ එහි ගුණාත්මක වර්ධනයේ එක්තරා අවධියකදීය. නිර්මාණයන් තුළ උතුරේ ඛේදවාචකය සහ අරගලයේ වීරත්වය පිලිබඳ සහෝදරාත්මක ආකල්පයන් පැවැතියද න්‍යායිකව ජාතික ප්‍රශ්නය විශ්ලේශණය කරගැනීමේ හැකියාව එය විසින් තවමත් අත්පත් කරගෙන නොතිබිණ. ජාතික ප්‍රශ්නය අරබයා විජේවීර විසින් කණින ලද මඩගොහොරුවෙන් එළියට ඒමේ නොහැකියාවත්, හෘදය සාක්ෂියේ අරගලයත් අතර ප්‍රතිරෝධය සෑම විටෙකම ප්‍රකාශයට පත් විය. කෙසේවුවද රාවය සහ යුක්තිය පුවත්පත් ලිබරල්වාදී සීමාව තුළ වුවද ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයන් සාපේක්ෂව නිරවුල්විය. රාජ්‍ය මර්දනයේ පීඩාවට ලක්වූ සෙසු සමාජ ස්ථරයන්ගේ ප්‍රකාශනයන් බවට පත්ව සිටියේ රාවය සහ යුක්තියයි. කෙසේ වුවද අතුරුදන් වූවන් සහ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ඇතුලු මානව අයිතීන් තේමාකොටගත් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගෙමින් පැවතිණ.

මෙයට සමාන්තරව තවත් අපූර්ව දෙයක් සිදු වෙමින් පැවතිණ. එනම් රාජ්‍ය මර්දනයෙන් බේරී විදෙස්ගත වූ සිංහල තරුණයාට පිටුවහල් දමිල ප්‍රජාව සමග ඓන්ද්‍රීය අවබෝධයක් ගොඩනැගීමය. ජාතික ප්‍රශ්නය අරබයා වඩාත් තාර්කික සහ විචාරශීලී දෘෂ්ටි කෝණයකින් සිතීමට එවිසින් ඉඩකඩ විවරකර දුන්නේය. 1994ට පෙර ජවිපෙ ජාත්‍යන්තර උද්ඝෝෂණවලදී දෙමළ පෙදෙස්වලට බෝම්බ දැමීමට එරෙහි සටන් පාඨ මතුවනුයේ මේ අවබෝධය මත දියත් වූ අභ්‍යන්තර අරගලවල ප්‍රතිඵලයක් ලෙසය.

අනෙක් අතට මේ වනවිට රට පුරා බන්ධනාගාරවල, රැඳවුම් කඳවුරුවල වනාන්තරවල සිටි කොටස් අතර සබඳතා ගොඩ නැගෙමින් පැවතිණ. ඔවුන් ක්‍රමානුකූලව පොදු සමාජ ව්‍යාපාරයන් සමග බද්ධ වෙමින් සිටියහ. විශ්ව විද්‍යාල තුළ ජනතා මිතුරන්ගේ ජාතිවාදයට එරෙහිව ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කොටස් ගෙන ගිය අරගලය විසින් තවත් ඓතිහාසික ක්‍රියාදාමයක් සම්පූර්ණ වෙමින් පැවතිණ. මේ සියලු බලවේගයන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වය විසින් දියුණු සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලාංකීය පොළොව මත බිහි කිරීමට අවශ්‍ය සාධක සම්පූර්ණ කළේය.

නමුත් 1994 මහමැතිවරණය විසින් ක්‍රියාවලියේ ස්වභාවික විකසනයට ඉඩ නොදී එය ගබ්සා කරනු ලැබීය. ලිබරල් සමාජ ප්‍රජාතාන්ත්‍රික බලවේගයන් චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ගසා කා නන්නත්තාර කර දැමුනු අතර ජවිපෙය නියෝජනය කල බලවේගයන් සෝමවංශ අමරසිංහ විසින් පැරණි මඩවගුරෙහිම ගිල්වා දමනු ලැබිණ. මින් දෙවැනි කරුණ කෙරෙහි අවධානය යොමු කරමු.

සෝමවංශ අමරසිංහට පක්ෂයේ නායකත්වය හිමිකරගැනීම සඳහා එය නීත්‍යානුකූල පක්ෂයක් බවට පත් කරලීම පූර්ව කොන්දේසියක් වෙමින් පැවතිණ. තමන්ගේ පාලනයෙන් තොරව ගොඩ නැගෙන දේශපාලන ව්‍යාපාරයක් තුල තම ආධිපත්‍යය තහවුරු කිරීමට ඇති අවකාශය සීමා සහිත බව ඔහු වටහා ගැනීම ඊට හේතුවයි. පළමුවෙන් ඔහු තමා පක්ෂයේ සභාපතිවරයා බවට මැතිවරණ කොමසාරිස් ලවා සියුම් ලෙස නීතිමය පිලිගැනීමක් ලබාගත්තේය. එ තම පක්ෂයේ නමට සමාන නමකින් වාසුදේව නානායක්කාර පක්සයක් ලියා පදිංචි කරන්නේ යැයි කියමින් මැතිවරණ කොමසාරිස්ට ලිපියක් යවා එයට මැතිවරණ කොමසාරිස් යවන පිලිතුරු ලිපියේ තමා වෙත පක්ෂයේ සභාපති ලෙස ආමන්ත්‍රණය කරවා ගැනීමය. ඉන් පසු නීතීමය වශයෙන් පක්ෂයේ නායකයා ලෙස ඔහු තම අනුත්තර අධිකාරිය තහවුරු කර ගත්තේය. නමුත් මැතිවරණ ක්‍රියාදාමය තුළ ගොඩ නැගෙන පක්ෂයක හැරෙන්නට ඉන් පිටස්තර සංවිධානයක නායකත්වය ලබා ගැනීම ඔහුට අපහසු විය. එහෙයින් 1994 දී ඔහු ජවිපෙයේ සියළු බලවේගයන් මැතිවරන ක්‍රියාදාමයට නතු කළේය. ගොඩ නැගෙමින් පැවැති සමාජ දේශපාලන ව්‍යාපාරය ගබ්සා කල ඔහු එය නීතිගත පක්ෂයක් බවට පත් කළේය. මෙහිදී පැන නැගි විරෝධතාවන් පාලනය කළේ එක් එක් කණ්ඩායම් අතර ප්‍රතිරෝධයන් අවුළුවා එකිනෙකාට එරෙහිව යෙදවීම තුළිනි. පැරණි යන්ත්‍රයේ බලරටාවන් ස්ථාපිත කිරීමට ඇතැම් කොටස්වලට අවශ්‍ය වීම මෙහිලා ඔහුට වාසි සහගත තත්ත්වයක් විය. හිරු පුවත් පත වටා ගොඩ නැගෙනු බල වේගය සහ සෙසු බලවේගයන් අතර සියුම් අවිශ්වාසයක් ජනිත කර එය වර්ධනය කලේය. අවසානයේ සියල්ලන් එකිනෙකාට එරෙහිව තමන් මත රඳා පවතින තත්ත්වයක් ඇති කිරීමට ඔහු සමත්විය. අනුත්තර නායකයා බවට පත් වීමෙන් අනතුරුව ඔහු පක්ෂය තුළ ජාතික ප්‍රශ්නය අරබයා සංවාදයක් සඳහා වූ ඉඩකඩ අහුරා දැම්මේය අද දක්නට ලැබෙන පිරිහීම ආරම්භ වනුයේ එතැන් සිටය. පාර්ලිමේන්තුවාදයේ සියළු අවස්ථාවාදී ලක්ෂණයන් ජවිපෙයේ උරුමය බවට පත් විය. රාජ්‍ය වරප්‍රසාදයන්ට ගිජුවීම, රාජ්‍ය මර්දන යන්ත්‍රය සමග සම්මුති සහගතවීම, පිළිකුළ් සහගත මහජාතිවාදයට යටත් වීම, එම අවස්ථාවාදයේ ප්‍රමුඛ ලක්ෂණයන් විය.

අද ජවිපෙය මුහුණ දී ඇත්තේ නිල දේශපාලන පක්ෂයක් ලෙස පවත්නා ක්‍රමයට අනුගත වීමේ එනම් සෝමවංශවාදයට පූර්ණ ලෙස යටත් වීමේ ප්‍රතිවිපාකයන්ටය. 1994දී තෝරාගත් මාවතේ සෝමවංශ සහ අනුගාමිකයන් තවදුරටත් ඉදිරියට ගමන් කළද එය නියෝජනය කළ බලවේගයන් දැනටමත් එහි ඓතිහාසික දුර ගොස් තිබේ. 1994 දී නිෂේධනයක් සිදුවුවද එය ද්වන්දාත්මක බව දැනටමත් සිදුවන දෙයින් පැහැදිලිය.

2007.09.18
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- JVP, Somawansha Amarasinghe, Peoples Liberation Front, Janatha Vimukthi Peramuna
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
gamini මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 23:48:46
විප්පල දායක මෙහෙම කියනවා :
@ නිර්ධන පංතිකයා
ඉතින් යකෝ මේ සංදර්ශන බල බලා අකුරු අස්සේ රස්තියාදු වන්නේ නැතිව දායක වෙයන්කෝ ගිහින් විප්පලේට!
කවුදෑ බොලේ දැං ඔය දායක සභාවේ ඉන්නේ....


කිවුව වෙලාව- 2011-10-17 21:34:15
තවත් නිර්ධන පාංක්තිකයෙක්! මෙහෙම කියනවා :
@-නිර්ධන පාන්තිකයා
කය්වාරු කාර මහත්තරුනේ
අකුරු අතර සංදර්ශන කිරීම නවත්වා
භාවිතාවෙන්
විප්ලවයට දායක වෙයව් !

ඇයි කෂ්ටිය මදිද‍? විප්ලවේ කොරන වෙලාවට මේ ෂැරේවත් ටෙලිග්රෑම් එකක් එවහං මලයා.


කිවුව වෙලාව- 2011-10-17 10:50:52
නිර්ධන පාන්තිකයෙක් මෙහෙම කියනවා :
කය්වාරු කාර මහත්තරුනේ
අකුරු අතර සංදර්ශන කිරීම නවත්වා
භාවිතාවෙන්
විප්ලවයට දායක වෙයව් !


කිවුව වෙලාව- 2011-10-16 12:14:33
නිර්ධන පාන්තිකයෙක් මෙහෙම කියනවා :
කය්වාරු කාර මහත්තරුනේ අකුරු අතර සංදර්ශන කිරීම නවත්වා භාවිතාවෙන් විප්ලවයට දායක වෙයව් !

කිවුව වෙලාව- 2011-10-16 12:12:43
ශාන්ත මෙහෙම කියනවා :
පක්‍ෂයේ කල්ලි කණ්‌ඩායම් ගැන
ඉක්‌මනින්ම තීන්දුවක්‌ ගන්නවා

විනය කැඩූ අයට එළියටම වෙලා ඉන්න වේවි
ලාල් කාන්ත කියයි

රනිල් ධර්මසේන=දිවයින/29/09/2011

අපේ පක්‍ෂයේ සුළු කණ්‌ඩායමක්‌ අභ්‍යන්තරයේ ප්‍රශ්න විසද ගන්නේ නැතිව එළියට ඇවිත් සම්මේලනයක්‌ ඉල්ලනවා. ධනපති පංතියට උදව් දෙන ආකාරයට හැසිරෙන මෙම පිරිස පක්‍ෂ විනය ප්‍රතිපත්ති කැඩුවානම් එළියේම ඉන්න සුදානම් වන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.


කිවුව වෙලාව- 2011-09-29 06:53:24
proxy මෙහෙම කියනවා :
@[Deepal]
ඇයි නම වෙනස් කළේ රොක්සි? ලැජ්ජ හිතුනඩ


කිවුව වෙලාව- 2011-09-28 06:54:14
Deepal මෙහෙම කියනවා :
@කිව්වත් නහී නොකිව්වත් නහී
Ha,ha kalabela wende eppa meya.... ayage varadde hodin pennela dene ekke neda kerande one... a venuweta oya keranne oya mare porak kiyala penewna ekkene...
ehema unama, oya kochok kerena JVP karayai oya atherath kisima venasak nahethi wenawa,
anith ayawe vivechena keranne kalin thamanwe vivechenaya keraganne.
anith aya sama wende sanwadeyate adale nathi deyak liyapu ekka gane


කිවුව වෙලාව- 2011-09-27 01:56:51
Karl Marx මෙහෙම කියනවා :
සෝමවන්ස මහත්තයට අනුර හේරත් ලාල්කාන්ත මහත්තුරුන්ට එහෙම පහුගියකාලෙ දනපති රාජ්ජෙක ඒකීය බාවෙ රකින්නයි චන්ද්‍රිකා නෝන රාජපක්ශ පොන්සේකා මහත්තයල බලයට ගේන්නයි මහන්සිවෙන්න සිද්ද උන නිසා මගෙ පොතක් වත් හරියට කියවන්න වෙලාවක් තිබිලා නැති බව කරලා තියෙන වැඩ වලින් පෙනෙනවා.ඉතින් දැන්වත් මාස හතරක පහක නිවාඩුවක් අරන් අඩුගානෙ මගෙයි එන්ගල්ස්ගෙයි ලෙනින්ගෙයි මුලික පොත් ටිකවත් කියෙවුවනම් හොදයි නේද?

කිවුව වෙලාව- 2011-09-26 23:26:41
කිව්වත් නහී නොකිව්වත් නහී මෙහෙම කියනවා :
බලලා ඉගෙන ගනින්- රොක්සි- වැල්ලවත්ත හා හා හා හේ

samaajawadaya=සමාජවඩය [incorrect]
samaajawaadhaya=සමාජවාදය [correct]



කිවුව වෙලාව- 2011-09-26 18:35:22
කිව්වත් නහී නොකිව්වත් නහී මෙහෙම කියනවා :
අනේ රොක්සියෝ -

ඉස්සෙල්ලම අකුරු ගහන්න ඉගෙන ගනින්... ඒක ඉගෙන ගන්න තරම් කැපකිරීමක් නොකරන උඹල වගේ මෝඩ ජේවීපී කාරයන්ට වැඩිය මහින්ද රාජපක්ෂත් හොඳයි බොල... සමජවඩය! හහ්! අන්තිමට උඹලගෙ සමාජවාදෙ ඉවර වෙන්නෙ "සමජවඩය"ක් වෙලා තමා.. දෑනට නම් ඒක සමාජ වදයක්!

යුනිකෝඩ් ටයිප් ගහන්න ඉගෙන ගනින්!


කිවුව වෙලාව- 2011-09-26 18:31:31
proxy මෙහෙම කියනවා :
at Roxy
ඔයා සෝමවංස පාර්සවේ නේ ඩ..? තලහ ගියා ඩ‍‍‍...?


කිවුව වෙලාව- 2011-09-26 15:14:09
roxy මෙහෙම කියනවා :
අවස්ත වඩි නිවට නියලු මත විනශ කර ඩමා
ශක්තිමත් ගමනක් යම සඩහ ජවිපෙට ජය
(යා යුතු මග ඩුරඉ නිරතුරු අවඩීන් තරනය කල යුතුඉ )
හඩිස්සිකාර අවස්තාවඩින්ගෙ අව්සනය ගහපු පඩෙකුත් නතුව බෙරෙ පලුවකුත් නතිවීමඉ
ජවිපෙට ජය


කිවුව වෙලාව- 2011-09-26 13:10:41
roxy මෙහෙම කියනවා :
කවෘ කොහොම කිව්වත් මෙ වෙන්නෙ හොඩ ඩෙයක් නෙමේ මෙ වගෙ හඩිස්සි කරයො එකතු වෙල මෙ නටන නඩගමින් වෙන්නෙ ලන්කව තුල මෙතෙක් ඉතිරිව පවති එකම වමෙ වියපරය විනශ මුකයට යන එකඉ.
ජවිපෙ ගන පෙනෙ නති නඉ අරින මෙ වගෙ ලිපියක අඩහස් ප්‍රකශ කරන්න ලබිම තරම් අවසනවක් තවත් න
ඩන් ජවිපෙ තුල නිර්මනය වී අති මටහවඩි පිරිසෙන් කොඉ මතයක් සමග සිටියත් සමජවඩය විකුර්ති කරන ජවිපෙට ගරහන ලිපියක COMMEන්ට් කිරිම උඩ බලගෙන කෙල ගහන්ව වගෙ වඩක්
මෙ ලිපිය තුල අති කරුනු තෙරුම් ගනිමෙඩි මෙම ලිපිය ලිවිමෙ අරමුන කුමක්ඩ කිය වටහ ගනිම වඩගත්


කිවුව වෙලාව- 2011-09-26 12:57:19
කමල් මෙහෙම කියනවා :
@ nireekshaka
ජවිපෙ ප්‍රගතිශීලී කන්ඩායමේ දිශානතිය පෙර දෑකීමට තවම කල් වෑඩිය. එහෙත් (වාමාන්ශිකයා නැමෑත්තා මෙහි ලා දක්වන කරුන: එනම් ඔවුන් මින් පෙර කෑඩී ගිය අවස්තාවාදීන්ට සාපේක්ෂව ප්‍රගතිශීලී ය යන්න අවිවාදිතය. පුබුදු, වරුන, දිමුතු ඈතුල්හු පිරිස දෙස අප දෑස් දල්වා බලා සිටිමු. ඔවුන්ද වෙනත් නමකින් ගසන්නට යන්නෙ පැරණි බයිලාව ම නම්, ඒ බයිලාවත් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව නොපසබට වනු නියතය.)
ඇත්ත! නමුත් බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ පැරණි බයිලාවම වෙනත් තනුවකින් ගායනා කිරීමය. එසේ නොවන්නේ නම් ඔවුන් විසින් සියල්ලටම කලින් කළ යුත්තේ තමන් ද ජවිපෙය තුළ සිටියදී ජවිපෙ කල කී දේවල් ගැන සහ ඉන් මෙරට ජනතාවට සිදු වූ හානිය ගැන ස්වයං විවේචනයක් සිදු කිරීමය.


කිවුව වෙලාව- 2011-09-22 07:13:41
Janaka මෙහෙම කියනවා :
To boondi
Please give a link to go to Lanka Politics @ FB


කිවුව වෙලාව- 2011-09-21 23:33:39
nireekshaka මෙහෙම කියනවා :
ජවිපෙ ප්‍රගතිශීලී කන්ඩායමේ දිශානතිය පෙර දෑකීමට තවම කල් වෑඩිය. එහෙත් වාමාන්ශිකයා නැමෑත්තා මෙහි ලා දක්වන කරුන: එනම් ඔවුන් මින් පෙර කෑඩී ගිය අවස්තාවාදීන්ට සාපේක්ෂව ප්‍රගතිශීලී ය යන්න අවිවාදිතය. පුබුදු, වරුන, දිමුතු ඈතුල්හු පිරිස දෙස අප දෑස් දල්වා බලා සිටිමු. ඔවුන්ද වෙනත් නමකින් ගසන්නට යන්නෙ පැරණි බයිලාව ම නම්, ඒ බයිලාවත් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව නොපසබට වනු නියතය.

කිවුව වෙලාව- 2011-09-21 22:43:30
වාමාංශිකයා මෙහෙම කියනවා :
මීට පෙර අවසන් වරට කැඩී වෙන් වුණ විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිස දක්ෂිණාංශික කණ්ඩායමකි. ඒ බව ඔවුහු වෙන් වීමෙන් පසු වසර කීපය තුළ සිය ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කළ හ.


එහෙත්, මෙවර කැඩී වෙන් වූ කණ්ඩායම වාමාංශික නැඹුරුවක් ඇති පිරිසකි. ජවිපෙ විසින් බිහි කරන ලද අප දන්නා තරමින් එකම දේශපාලන මණ්ඩල සභික කාන්තා නායිකාව වන දිමුතු ආටිගල, අධ්‍යාපන ලේකම් බව කියන පුබුදු ජාගොඩ, මධ්‍යම කාරක සභික වරුණ දීප්ත රාජපක්ෂ වැනි අය නව කණ්ඩායමට නායකත්වය දෙන බව ප්‍රසිද්ධ ය.


ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් අඩක් පමණ මෙම කණ්ඩායමට සහාය පළ කරන බව වාර්තා වේ.


ජවිපෙ දේශපාලනය විසින් පසුගිය කාලයේ මේ රටේ සෑහෙන නිකමුන් පිරිසක් ප්‍රභූන් බවට පත් කරන ලදී. නිකමුන් ප්‍රභූන් බවට පත් වීම පක්ෂය ඇතුළේ ද බරපතල ප්‍රශ්නයක් විය. එහි සිටි අංක එකේ තක්කඩි, අවස්ථාවාදීන් පිරිස විමල් වීරවංශ සමග කැඩී ගිය හ. අලුතෙන් කැඩී වෙන් වුණ කණ්ඩායම පෙනෙන ආකාරයට නම් පක්ෂ සාමාජිකයන්ගේ ලේ, කඳුළු, දහදියවලින් ප්‍රභූත්වය ගොඩ නඟා ගත් පිරිස නො ව, ඉහත කී ඊනියා ප්‍රභූන් ද ඇතුළුව පක්ෂයේ බර දරා සිටි අප්‍රකට නිර්ප්‍රභූ පිරිසයි.


පසුගිය සමයේ ජවිපෙ වෙතින් සමාජ දේශපාලන සංවාදයට එක් වූ සාධනීය මැදිහත් වීමක් වූ අවුරෝරා සඟරාව ද මෙම පිරිසේ ප්‍රකාශනයක් බව දැනගන්නට ඇත.


ජවිපෙ දක්ෂිණාංශික හා වාමාංශික ප්‍රවණතා අතර ගැටුමේ උපරිම අවස්ථාව මෙම ඛණ්ඩනයයි. එය විනාශයක් නො ව, නව ප්‍රවණතාවකි. අලුත් ආරම්භයකි. අනිවාර්ය අවශ්‍යතාවකි.


සහෝදරවරුනි, අපි ඔබට සුබ පතමු. සමාජ වෙනසක් සඳහා ඇති ගමන දුර එකකි. දුෂ්කර එකකි.


එහෙත්, ඔබ ඉදිරිපිට බොරු වලවල් බොහෝ ය. පටු අරමුණු ඉටු කර ගන්නට ඔබ වටා රොද බඳින මිනිසුන්ගෙන් ආරක්ෂා වීම ඔබට ඇති පළමු අභියෝගයයි.


කිවුව වෙලාව- 2011-09-21 11:10:09
Lanka Politics මෙහෙම කියනවා :
Extracted from ලංකා දේශපාලනය.Lanka Politics @ FB

අප ගත යුතු මග කුමක්ක්ද?

මෙය ලාංකීය ක්‍රම විරෝදී දේශපාලනයේ ඉතා තීරණාත්මක මොහොතක්. විශේෂයෙන්ම ප්‍රගතිශීලී දේශපාලනයේ ඉමහත් සුවිශේෂී කාර්යයක් ඉටුකළ ජ.වී.පෙ. අබ්යන්තරයේ නිර්මාණය වී ඇති මෙම තත්වය වඩා පුළුල් අරුතෙන් තෝරා ගත යුතුය.
මෙහිදී සමාජයේ එක පිරිසක් "ජ.වී.පෙ ට කෙලවුනා" යනුවෙන් විනෝද වන අතර තවත් පිරිසක් බලොපොරොත්තු බිද වැටුණු තැනට පත්වී ඇත.
තවත් පිරිසක් කිසිදු විමසා බැලීමකින් තොරව"පක්ෂෙට වරදින්න බැහැ " යන ස්ථාවරයේ සිටිමින් ජ.වී.පෙ සමග සිටින අතර තවත් පිරිසක් කිසිදු විමසා බැලීමකින් තොරව අලුත් ප්‍රවණතාවය සමග එක්ව ඇත.
එනිසා සිදුවී ඇති තත්වය පිළිබද කුහක නොවන හැගීම්බර ද නොවන අවංක විශ්ලේෂණයක් අවශ්‍යය..
ම විශවාස කරන දෙයට අනුව මේ සිදුවීමේ සබැ හේතුව මතවැදී ගැටලුවක් හෝ සංවිදාන ප්‍රතිපත්ති පිළිබද ගැටලුවක් නොවේ. මෙය එතිහසිකව ජ.වී.පෙ නඩත්තු කල දේශපාලන සංස්කෘතියේ ගැටලුවකි..
එය සරල ලෙස පහත කරුණු ලෙස දක්වා ඇත.
1.ජ.වී.පෙ. තුල මෑත කාලයේ නිර්මාණය වුයේ නිර්දන පන්තික ආදරය මත පදනම් වූ මිනිස් සම්බන්දතා නොව දේශපාලන වැඩ මත පදනම් වූ මිනිස් ගනුදෙනුය.
2.ජ.වී.පෙ culture තුල කරන බිහිකරනු ලැබුයේ නායකත්වතය අසීමිත ලස විස්වාශ කරන, ඉහලින් ලබාදන ඉලක්ක ගොඩ දමන ගෝලයකු මිස දේශපාලන සටන් කාමියෙකු නොවේ.
3.ක්‍රම විරෝදී මිනිසුන් කිරීමට වඩා මුල්තැන ලබා දනු ලැබුවේ අරක්කු, සිගරට් නොබොන,sex නොකරන බෝදීසත්ව වර්ගයේ මිනිසකු නිර්මාණය කිරීමටය.
4.පක්ෂ අද්‍යාපනය පැරණි ආකෘති තුල සිර වීම. ලෝකයේ නව දැනුමට විවුර්ත නොවීම.
5.මන්ත්‍රී දුරය හා සංවිදායක තනතුර සබැ නිර්දන පන්තික අරමුණින් විතැන්ව සුළු දනේෂ්වර ආබරණයක් වීම.
6. සමාජයේ සිටින ක්‍රම විරෝදී බලවේග පක්ෂය තුලට invest කරගැනීමට උත්සහ ගත්තා මිස ඔවුන් සමග වැඩ කිරීමට උත්සහ නොගැනීම..

පක්ෂය තුල නිරමාණ ය වී ඇති තත්වයට හේතුව ලෙස මා විස්වාස කරනුයේ ඉහත දක්වූ කරුණුය.
එනිසා කුහක ලෙස හෝ හැගීම්බර ලෙස මෙම තත්වයට මුහුණ නොදී ඉහතින් දක්වන ලද කරුණු ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගනිමින් සබැ ක්‍රම විරෝදී සමාජ ව්‍යාපාරයක් බිහිකිරීම සඳහා බලපෑම් කිරීම, වැඩ කිරීම මේ මොහොතේ අපේ කාර්යය බව මගේ අදහසය්.. ඒසඳහා වඩා දියුණු සංවාදයක් අරඹමු. විප්ලවය සිදුවන්නේ කාගේ කොඩිය යටින්ද යන්න ඇදල නැත.. විය යුත්තේ ධනවාදයේ මළගම හා සමාජවාදයේ ජයග්‍රහනයි.

Priyankara Sanjeewa


කිවුව වෙලාව- 2011-09-21 05:55:48
S.A මෙහෙම කියනවා :
x කන්ඩයමේ සාරය කියලා කියන්නෙ මොකක්ද කියල දෑනගන්ඩ ඔනෙනම්,STOA CD එකෙ දිප්ති කතාකරන කොට මුනෙ ස්වරුපය හොදින් බලන්න.අනුන් ගෑන මනොවිශ්ලෙශන කරන්න කලින්,ඔය නායක තුමා ගෑන මනොවිශ්ලෙශනයක් කරගන්න. එක ජාතිවදි බව අපි හොදින් දන්නවා, ඒත් දිප්ති ඈතුලු කන්ඩායමේ පෑසිශ්ට්වාදි බව තවම කවුරුවත් තෙරුම් ගන්ඩ උත්සහා කරන්නෙ නෑහෑ.

කිවුව වෙලාව- 2011-09-20 16:03:22
Underline මෙහෙම කියනවා :
ජනතා විමුක්ති පෙරමුනේ වර්තමාන අභ්‍යන්තර ගැටුම පිළිබදව මෙවර සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලිපියක් පළ වී ඇත. මෙම ගැටුමේ දී විමල් වීරවංශ සමග දැඩි සබදතා පවත්වන ලාල්කාන්ත තමන්ට එරෙහි පිළේ සාමාජිතයන්ගේ සියලු තොරතුරු විමල් වීරවංශ හරහා රජයට ලබා දී ඇත. ලාල්කාන්ත කුඩාකර්මාන්ත ඇමැතිව සිටි සමයේ ඔහුගේ අක්‍රමිකතාවන් සහ දූෂණ පිලිබද පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ පාලනය උත්සාහ කළේ ජවිපෙට කෙරෙන බලපෑමක් ලෙසය. එහෙත් ලාල්කාන්ත ඉන්නේ මා සමග බව පවසමින් විමිල් වීරවංශ එම පරීක්ෂණ අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.‍ සෝමවංශ ගෙන් අනතුරුව ජවිපෙ සභාපතිත්වය ලාල්කාන්තට ලබා දීමේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති විමල් වීරවංශ තමන් පක්ෂයෙන් නෙරපීමට අනුරකුමාර පිලට සහාය දැක්වූ ජී කුලරත්නට එරෙහිව මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ. සුනිල් හදුන්නෙත්ති මෙම ගැටුමේදී ආරම්භයෙදී සෝමවංශ විරෝධි පිලේ සිටි නමුත් පසුව විල්වින් විසින් බලපෑම් කර ඔහුව නිහඩ කර තිබේ. අනුරකුමාර පක්ෂ සභාපතිත්වය අපේක්ෂාවෙන් සෝමවංශට ගතු කේලම් කියන්නෙකුගේ තත්ත්වයට පත්ව ඇත.

කිවුව වෙලාව- 2011-09-19 23:42:05
ඞෙරීඞා මෙහෙම කියනවා :
දීප්තියි ගේලයොයි මහදැනමුත්තයි ගෝලයොයි වගේ. මුන්ට පිස්සු. මේඞ චූන්. ගෙයක් ඇතුලට හතර පස්දෙනෙක් සෙට්වෙලා ගංජ ගහල පිස්සු කෙලිනවා.

කිවුව වෙලාව- 2011-09-19 23:31:02
Janaka මෙහෙම කියනවා :
x එකේ දිප්තිගෙ ගෝලයෝ නොදන්න දේ ගැන දන්න විදියට බැරැරුම් වචන දාලා කතාකරන්න දක්ශයො බව "පුවතක්" - කමෙන්ට් එකෙන් පෙනෙනවා

කිවුව වෙලාව- 2011-09-19 04:43:20
Janaka මෙහෙම කියනවා :
x එකේ දිප්තිගෙ ගෝලයෝ නොදන්න දේ ගැන දන්න විදියට බැරැරුම් වචන දාලා කතාකරන්න දක්ශයො බව "පුවතක්" - කමෙන්ට් එකෙන් පෙනෙනවා

කිවුව වෙලාව- 2011-09-19 04:41:30
බිමල් පාර්සලේ මෙහෙම කියනවා :
@ pakshika
ඔව්!ඔව්! සෝමවන්ස පාර්සලේට අනුරකුමාර පාර්සලේ ඉතුරුවෙනවා. අනුරකුමාර පාර්සලේට අනෝමා පොන්සේකා පාර්සලේ ඉතුරවෙනවා. විජිත හේරත්ට පාර්ලිමේන්තු බත්පාරසලේ ඉතුරුවෙනවා.


කිවුව වෙලාව- 2011-09-18 11:37:01
paakshika මෙහෙම කියනවා :
කවුරු කඩන් ගියත් අන්තිමට ජවිපෙ විදිහට ඉතුරු වෙන්නෙ සෝමවන්ශ පාර්ශ්වය... බොරු වැඩ....

කිවුව වෙලාව- 2011-09-18 09:24:36
ප්‍රදීප් මෙහෙම කියනවා :
තමන්ගේ පක්ශයේ ගමන්මග ජවිපේ නයකයින් තීරනය කලයුතුයි.
ජනතව වශයෙන් අපගේ වගකීම ,අපගේ මතයට අනුව ඵ්ය හරිනම් ජන්දය ඔවුන්වෙනුවෙන් සලකුණු කිරීම හෝ,වෑරදිනම් චන්දයෙන් ප්‍රතික්ශේප කිරීමයි.

ල0කවේ දේශපාලනයට අත්යාවශ්‍යයි කියා හිතෙනවා.මෙතෙක් ඔවුන් ගොඩනගාගත් කීර්තිය ඔවුන්ගේම පක්ශයේ සමහරුන් කෙලසලා තියනවා.ඵ්නිසා ඉදිරියටවත් රටගෑන හිතනවානම් මුලින්ම පක්ශය හරිතෑන පිහිටුවාගන්න.
ඔබට ජය.


කිවුව වෙලාව- 2011-09-17 22:41:00
CDMA මෙහෙම කියනවා :
වාම0ශිකයා හරි.

කිවුව වෙලාව- 2011-09-17 22:31:45
වාමාංශිකයා මෙහෙම කියනවා :
බොහෝ අය බොහෝ දෙවල් කියයි. පංති සටන යනු ක=මක්ද කියාවත් නොදන්නා අය පොරටෝක දෙති ඔනෑම කොමියිනිස්ට් පක්ෂයක් ත=ල අවස්ථාවාදීන් බිහිවිය හැක. අප කලයුක්තේ ඔවුන්ව පරාජය කරමින් පංති සටන ස්‍රදහාවූ අරගලය ඉදිරියටම ගෙනයාමයි පක්ෂයේ නායකයා, ප%ධාන් ලේකම් සහෝදරයා වුවත් අවස්ථාවාදයට යටවිය හැක අප කලයුක්තේ ඔවුන්ව ඉවත්කර පක්ෂය පංති සටන ස්‍රදහා පක්ෂය සූදනම් කිරීමයි අපද සිටින්නේ එවන් මොහොතකයි අවස්ථාවාදයට යටවූ පක්ෂයේ බහුජන නායකයින් ඉවත්කර පක්ෂය නිවැරදි මාර්ගයට අරගැනීමයි නැතිව පොරටෝක් දීම නොවේ

කිවුව වෙලාව- 2011-09-17 11:06:13
puwathak මෙහෙම කියනවා :
ජ.වි.පෙ නැවත විප්ලවවාදී වෙයිද?
07 September 2011.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල තුල මතවාද දෙකක් අතර සංවාදයක් බිහිවී ඇත.මෙම මත දෙක නියෝජනය කරන්නේ කුමාර් මහත්තයා හා අනුර කුමාර දිසානායකයි.මින් අනුරගේ පිළ නියෝජනය කරන පුබුදු ජයගොඩ විසින් නියෝජනය කරන්නේ පශ්චාත් – ප්‍රභාකරන් යුගයේදී ජනප්‍රිය දේශපාලනය කරන්නේ කොහොමද කියාය.මෙම ව්‍යාපෘතියට අනුව ං කණ්ඩායමෙන් ඉවත් මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරණ ග්‍රාම්ස්වි චින්තකයෙකු හයර් කර පක්ෂය යළි ගොඩ ගත යුතුය.

අනෙක් පිළ නියෝජනය කරන කුමාර් මහත්තයාට අනුව ලංකාව නැවත පූර්ව ප්‍රභාකරන් යුගයට ගොස් ඇති අතර නැවත ජාතිවාදය අවුස්සා මංපෙත පාදා ගත යුතුය.

3mana dot com


කිවුව වෙලාව- 2011-09-17 01:37:10
puwathak මෙහෙම කියනවා :
..........එක් ජාතියක විමුක්තිය නන්දිකඩාල් කලපුවේ දී ජොක් කරන්නට රතිඥා පත්තු කර කිරිබත් කෑ ජාතිවාදී දේශපාලන සංවිධානයක අනාගතය ගොඩ නගන්නට මේ වන විටත් බාර ගෙන තිබෙන්නේ පුබුදු ජයගොඩ සහෝදරයා සහ x කණ්ඩායමෙන් ඉවත්ව ගිය පිරිසකි. මේ දවස් වල පුබුදු සහෝදරයා හීනෙන් ඇවිදීමේ සිට මුහුදේ නාන්නට යාම හා පත්තර වලට ලිපි ලිවීම ඇතුලු රැස්වීම් වල කතා කිරීම දක්වා සියල්ල කරන්නේ x කණ්ඩායමෙන් ඉවත්ව ගිය පිරිස සමගනි.ඔහු සොයන්නට උත්සහා කරන x කණ්ඩායමේ සාරය සොයා යාමේ ස්වර්ගයට ගමන් කිරීමේ මාර්ගය වැටී තිබෙන්නේ x කණ්ඩායමෙන් ඉවත් වූවන් සිටින අපාය හරහා වීම ගැන අපට ඇත්තේ කණගාටුවකි.

මේ නිසා අවසන් වශයෙන් පුබුදු ජයගොඩ සහෝදරයා ඇතුලු ජනතා විමුක්ති පෙරමුණට අපට කියන්නට ඇත්තේ ජාතිවාදය පෝෂණය කර අද විදින වේදනාවට වඩා වැඩි වේදනාවක් x කණ්ඩාමේ සාරය සොයන්නට යාමෙන් අත් වන්නට ඉඩ තිබෙන බවය. මේ නිසා ජනතා විමුක්ති පෙරමුනට අපට කියන්නට ඇත්තේ කුමිබලා මාලු කෑවා නම් ඔය දුක විදපන් බලලෝ කියාය..........

-කුමිබලා මාලු කෑවා නම් ඔය දුක විදපන් බලලෝ
3mana dot com


කිවුව වෙලාව- 2011-09-17 01:35:02
සාතන් මෙහෙම කියනවා :
පක්ෂයක් බේරගන්න සටන් කරල වැඩක් නෑ. ජවිපෙ මේ යන විදිහට ගිහින් විප්ලවාදී කණ්ඩායම දිනල, සොමවංශලා එළියට ගියත් ආයෙත් හැදෙන්නේ මේ පක්ෂයම තමයි. ජවිපෙ කියන්නෙ ජවිපෙට. ආයෙ වෙන කියන්න දෙයක් නෑ. සංවිධානය කරන එක ප්‍රධාන වැඩේ හැටියට බාරගත්ත, දැනුම හොයන එක වෙන කට්ටියක් බාරගත්තු, න්‍යාය කරන කට්ටිය සහ වැඩ කරන කට්ටිය කියලා අයියා මල්ලී කියමින් කාලයක් එකට සිට මල්ලිලා ගෙදර යන විට අයියලා තව මල්ලිලා සමග වැඩ කරන එක විප්ලවවාදී දේශපාලනය යැයි කිසිවෙකු පවසන්නේ නම් විප්ලවවාදී දේශපාලනය යනු ඇන්දවීම බව තහවුරු කිරීමට මහන්සි වෙන්න දෙයක් නෑ. තමන් ම රටේ සියලු ප්‍රශ්න වල ට උත්තර හොයන අමාරුවෙන් ජීවත් වෙන, කැප කිරීම කරන ඒ නිසාම ඒවාට වන්දි ඉල්ලන අය බිහිකරන පක්ෂයකට වෙන්න නියමිත දේ මීට වඩා වෙන මොනවද?

කිවුව වෙලාව- 2011-09-16 23:07:42
වාමාංශිකයා මෙහෙම කියනවා :
රෝහණ සහෝදරයා මේ පක්‍ෂය නිර්මාණය කළේ දුක්වි`දින ජනතාව වෙනුවෙන්. මේ රට වෙලාගෙන ඉන්න ධනපති පාලකයන් එලවාදමා දුක්වි`දින ජනතාවට ජීවත් වීමට පුලුවන් යහපත් සමාජයක් නිරුමාණය කිරීමටයි. සහෝදරවරු තම ජීවිත පූජාකළේ මේ උදාර කටයුක්ත වෙනුවෙනුයි. තමන්ට සැපවත් ජීවිතයක් ගතකිරීමට තිබූ අවස්ථා පසෙක දමා ෙඒ වෙනුවෙන් සටන්කලේ මෙය යහපත් කාරණයක් නිසයි. සහෝදරවරුන් තම උපාධිය පසෙක දමා සටන් කළා බොහෝ කැපකිරීම් කළා නමුත් වර්ථමානයේ නායකත්ව මණ්ඩලයේ සිටින බහුජන නායකයන්ගේ ඔලමොට්ටල තීන්දු තීරණ නිසා පක්ෂයේ සෑබෑ අරමුණ යටපත්වී තිබේ. තමන් වටා බලයක් ගොඩනගා ගැනීමට පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් පක්‍ෂයේ සැබෑ අරමුණ වෙනුවෙන් පාවාදෙන්න උත්සහ කරනවා සොමවංශලා ටිල්වින්ලා අනුරලා ලාල්කාන්තලා විජිත හේරත්ලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පක්‍ෂයේ සැබෑ අරමුණ පාවාදෙමින් සිටිනවා මේ ස`දහා හ`දුන්ලා බිමල්ලාත් එකතු වී සිටිනවා. පක්ෂයේ සැබෑ අරමුණ වන නිරධන පංතියට බලය ලබාගැනීම වෙනුවෙන් කරන සටන වෙනුවෙන් පක්ෂය මෙහෙයවීමට ඇත්ත කැක්කුමක් තිබෙන සහෝදරවරු උත්සහ කරමින් සිටිනවා ටිල්වින්ලා අනුරලා ගෙනයන දෝහී වැඩපිලිවෙල විවේචනය කරමින් පක්‍ෂය නිවැරදි අරමුණක් වෙන්වෙන් ගෙනයාමට උත්සහ කරන සහෝදරවරු අනුරලා සෝමවංශලා විසින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පක්‍ෂයෙන් ඉවත්කිරීමට උත්සහ කරමින් සිටිනවා මෙවැනි හේතු නිසා තමයි අද වන විට රෝහණ සහෝදරයා නිර්මාණය කරපු ජනතා විමුක්ති පෙරම්ණ මෙවැනි තත්ත්වටකට පත්වෙලා තිබෙන්නේ. අප එය විවේඡුනය කරන ගමන් ටිල්වින්ලා අනුරලා විජිතහේරත්ලා ගෙනයන දෝහී වැඩපිලිවෙල පරාජය කිරීමට සටන්කල යුතුය. සහෝදරවරු 60000ක් තම ජීවිත කැපකරිමින් ඔවුන් තනන්නට උත්සහ කල සමාජය අප නිර්මාණය කල යුතුය අප ඒ වෙනුවෙන් සටන්කරමු අනුරලා ටිල්වින්ලාගෙන් මේ පක්‍ෂය බේරා ගනිමු. විපලවටය ජය වේවා

කිවුව වෙලාව- 2011-09-16 10:09:58
ය්රිය් මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-16 09:34:57
susa මෙහෙම කියනවා :
moda kata moda kata

කිවුව වෙලාව- 2011-09-16 05:46:56
disanayake මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-16 05:20:57
RIP මෙහෙම කියනවා :
පව් අර 71 - 89 මැරිච්චි එවුන්..
උන් යක්කු වෙලා ඇවිත් මුන්ව කන්ඩ ඕනෙ


කිවුව වෙලාව- 2011-09-16 01:49:54
දෙකයියා මෙහෙම කියනවා :
ජවිපෙ උපන් ගෙයිම සිංහළ ජාතිවාදී පක්ෂයකි. එය යා හැකි හොදම මඟ මෙයයි.

කිවුව වෙලාව- 2011-09-16 00:55:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් අදහස් බූන්දි
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook