Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කෙටියෙන්
අඟුටුමිට්ටෙනි බලවු! "යෝධයෙකි" නැති වුණේ
බූන්දි, 01:12:38
විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේ
හිනාවේ අග කොණට කඳුළු මල් ඇමිණුවේ
පෙම් කළත් කළාදැයි කිසිවෙකුත් නොදුටුවේ
කෙට්ටු මුත් "වීරයෙකි"! දුෂ්ටයෙක් හෙම නොවේ

"රඟ නොපා" රඟ පපා තිරය තිරිහන් කළේ
ඇඟ පපා රඟ නොපෑ නළුවො බට්ටන් කළේ
සිනෙ රිදී වැලිකතර සොවින් ගිනියම් වුණේ
අඟුටුමිට්ටෙනි බලවු! "යෝධයෙකි" නැති වුණේ

ජෝ,
ඔබට සුභ රාත්‍රියක්...!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Actor Joe Abeywickrama
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
nalinda මෙහෙම කියනවා :
කවිය කියවන විට නොදැනුවත්ම ඇසට කදුලක් ඉනුවේය පතාක යොදයණනි ඔබට සුබම සුබ රත්ත්රියක්

කිවුව වෙලාව- 2011-10-04 04:27:46
හෙන්රි වර්ණකුලසූරිය මෙහෙම කියනවා :
රංගන ශිල්පියෙකුගේ දක්ෂතාව ඔහුගේ/ ඇයගේ රංගන කෞශල්‍යයෙන් මනින්නේ නැතිව
සමාජ භාවිතය ප්‍රශ්න කරන්න ගියොත් අපට නතර වෙන්න සිද්ධ වෙන්නේ කොතනද ..
කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය නිර්මාණ කාර්යය එක්ක සංසන්දනය කරන්න ගියොත්
අපි හරිම අමාරුවක වැටෙනවා.
ලේවකන්නේ සාටකයද, හොඬවැළද, කලවැද්දන්ද කියන එක ඒ ඒ කාලයට අනුව සාපේක්ෂයි නේද...


කිවුව වෙලාව- 2011-09-25 11:32:45
mahinda මෙහෙම කියනවා :
එතුමාට නිවන් සුව!

කිවුව වෙලාව- 2011-09-25 04:11:18
දසන් මෙහෙම කියනවා :
පනදුරේ පර පාල්.
තෝ දන්න ඉටි ගෙඩිය...
දැක්කාද සාටකේ ලොවනවා අනිත් සෙවලුන් වගේ???

ඇරයුම් ලැබුනත් කෙතරම් කුනු දේශපාලනේට,
එතුමන් නෑ ගියේ ගාමිණී, ජැක්සන් වගේ

දෙයක් කියන්නට කලින් සොයා දැන ගනින් ඇත්ත,
ගරහන්නේ නැතිව වීරයන් හට මෙවන්..

ජෝ අබේවික්‍රම මහතානෙනි ඔබ සැබෑම අමරණීය වීරයෙකි


කිවුව වෙලාව- 2011-09-24 06:04:47
ෙකා්රළෙග් සම්පත් සුරංග මෙහෙම කියනවා :
ඔබ
දුටු ෙනාදුටු
හැම මලම
ඔබ නමට.......
තව තවත් ඒළිය කිම
මහ හිරුට......
ඔබ ෙනාමැත අප අතැර
හැමදාම අප අතර..........
අාදරණීය සහෘදය...........!!!


කිවුව වෙලාව- 2011-09-23 10:38:30
Bhaggya Thilakshi මෙහෙම කියනවා :
ඉගෙනියව් රග පෑම නොදන්නා නළුවනි
ඔහු කළේ මහ මෙරකි රසය හදු නන්නෙනි
ජීවිතය අනිත්‍යයි එය හැමෝටම පොදුයි
ජීවත් වන්නන්ට නොනිමි මිනිසා නුඔයි

@FB


කිවුව වෙලාව- 2011-09-23 04:20:57
sanjeewa senarathne මෙහෙම කියනවා :
බොරැල්ල බෝඩ් එකක්වත් ගහල නැහැ කියමින් වයස අවුරුදු 70ක පමණ කෙනෙක් 176 බස් එකක ඊයේ හවස මට මුණ ගැහුනා. මම ඇහුව ඔයාට කොහෙන්ද බහින්න ඕන කියල බොරැල්ල කනත්ත හන්දියෙන් කියල කිව්වා. එය කිව්වා. මම ජෝ මහත්ටහ්යගේ ගෙදරට ගියා ගෙදර වහල නිසා දැන් ජයරත්න එකට යනවා කියල. මම ඇහුව ඔය ජෝ අදුනනවද කියල. එයා කිව්වා අදුනන්නේ නැහැ කියල. ඒ ය අපිව රසවත් කරලා තියෙන නිසා මම මළගෙදර යනවා කියල මිනිහ කිව්වා. බණ්ඩාරගම ඉඳල ඇවිත් තිබුනේ. අද එන්න වෙන්නේ නැති නිසා ඊයේ ආව කියලත් කිව්වා. මට මිනිය බලන්න පුළුවන් වෙයදා දන්නේ නෙහ සෙනග එති නේද කියල මිනිහ ඉස්සර ජෝගේ ෆිල්ම් ගැන කියමින් ගියා. මම මේක ලියන්නේ ජෝගේ වයසේම වගේ ඉන්න එයාගේ නොදන්නා රසිකයෙක් ජෝ ට අවසාන ගරුත්වය දක්වන්න අව එක ගෙන ඒ දෙදෙනාටම කරන ගව්රවයක් විදියට...

@BLive


කිවුව වෙලාව- 2011-09-23 03:22:54
Lanka මෙහෙම කියනවා :
ජෝ ඔබ අමරනීයයි!

කිවුව වෙලාව- 2011-09-23 00:56:02
Ravin Madusanka මෙහෙම කියනවා :
සෙලෝලොයිඩ් පටයේ රග නොපෑවද
ඔබ ජීවත් වී සිටියේ නං හොද යැයි සිතෙනුයේ
ඇති දා දැනුන අගය නැති දා දෙගුන වන නිසා විය හැක...
කලුවරයි දැන් නං පුරහද නැති අහස!
මේ දෙරන ඔබ නැවත අවදි වෙන තුරු බලා සිටී
හින්නි හාමි, ඔබට සුභ රාත්‍රියක්..........!


කිවුව වෙලාව- 2011-09-22 19:05:07
wisal මෙහෙම කියනවා :
@මෙල්ස් මාකැස්චේ

උබ නරුමයෙක් හෑම දෙම දෙශපලනයෙන් මනින්න එප මිනිහො..


කිවුව වෙලාව- 2011-09-22 07:28:36
wisal මෙහෙම කියනවා :
සේරම හොඳ අය ඉවර වෙ ගෙන යනවා. වල් බල්ලො ඉතුරු වෙනව

කිවුව වෙලාව- 2011-09-22 07:27:15
කිනිර මෙහෙම කියනවා :
කවියෙන් කියන දේ සම්පූර්ණ ඇත්ත.
ජෝ අබේවික්‍රම ශූරිනි, ඔබට නිවන් සුව.


කිවුව වෙලාව- 2011-09-22 07:25:42
මෙල්ස් මාකැස්චේ මෙහෙම කියනවා :
ජෝ මහත්තයා

ජෝ
ජෝකර් නළුවා
සීරියස් චරිත රැඟුවා
නරා වළෙහි ඟඳ ගහන
චරිතවලට පණ පෙව්වා

ඒ චරිතම ජීවිතය කර
නළුකමින් වහගත්තා
කලින් කල
වරින් වර
මිනිස් කම් හැව ඇරියා

දෙකයි පණහේ වාසියට
කොන්ද බිඳ ගත්තා
තක්කඩි රජුන් අභිමුව
ජෝකරයෙක් වුණා

ලබා ගත් දෙයක් නැතුවට
සියදිවි නසා ගත්තා
සීරියස් නළුවා
මිය ගොස් බොහෝ කල්

ජෝ
ජෝකර් නළුව
ඔබ නියම ජෝකර්

ජෝ මහත්තයා
ඔබට බලවත්
ශෝකය.


කිවුව වෙලාව- 2011-09-22 07:23:30
ලානදුරෙ පාල් මෙහෙම කියනවා :
සමාවෙන්න ශෝක කාලයෙ මෙව්ව කියනවට... ජෝ හොඳ නලුවෙක් බව ඇත්ත. හැබැයි ජැක්සන් ඇන්තනිත් හොඳ නලුවෙක්. ඌ කරපු දේම ඔනෙ නම් ඊට ටිකක් අඩුවෙන් ජෝ කෙරුව. රජාගෙ සාටකෙ ලෙව්වා... මේ සේරම ඇඟවල් විතරක් තියන පපු නැති හැත්ත.. බය වුනත් කැත වුනත් ඇත්ත ඒකයි...

කිවුව වෙලාව- 2011-09-22 07:15:55
Tharuka මෙහෙම කියනවා :
Aththatama jo kiyanne weerayek.... Nathi unath jeewath wena kenek.... Ehema aya godak adui... Jo ein wishesha kenek... Suba rathriyak.... Jo....

කිවුව වෙලාව- 2011-09-22 07:00:40
හෙන්රි වර්ණකුලසූරිය මෙහෙම කියනවා :
හෙළයේ අසහාය රංගධරයාගේ නික්මයාම....
කලුවරේම අවුදින් කලුවරේම නික්ම ගිය පුර හඳ....
ජෝ අය්යේ ඔබ සටහන් කළේ විශිෂ්ට රංගන පරපුරක අවසානයයි...


කිවුව වෙලාව- 2011-09-22 05:55:08
Observer මෙහෙම කියනවා :
ජෝ අබේවික්‍රම පිළිබඳව කවියෙන් බ්ලොග් සටහනක් තැබීම අගය කරනවා

කිවුව වෙලාව- 2011-09-22 03:46:46
Stella phillip මෙහෙම කියනවා :
"Walikathara +++ puarahanda kaluwara" sinema mathakayan = oba amaraneeyai jo

කිවුව වෙලාව- 2011-09-22 02:45:56
Amara Samara මෙහෙම කියනවා :
ගාමීනි ජයලත් ලා වගේ නලු බට්ටන් ජෝ මහත්තයගෙන් ඉගෙන ගන්න හිතුවොත් වෑදගත්.

කිවුව වෙලාව- 2011-09-22 02:18:37
සඳුන් ප්‍රියංකර විතානගේ මෙහෙම කියනවා :
ඇකඩමික් නැතිවත් ජීවන අත්දැකීම් මත විශිෂ්ඨ රංග සොබාවක් සිංහල සිනමාව මත සනිටුහන් කළ ජෝ....
සුබ රාත්‍රියක්.....!

කණගාටුයි....
සිතා සිටියත් ඔබ දිගු දුෂ්කර ගමන මුද්‍රිත අකුරු වලට හරවන්න. අපි ප්‍රමාදයි. හුඟක්...


කිවුව වෙලාව- 2011-09-22 02:03:45
Hashitha මෙහෙම කියනවා :
ජෝ ගෙ මරණයයි.. මේ කවියයි දෙකම ඇඬෙන්න හේතු..
සුබ රාත්‍රියක් ජෝ..!


කිවුව වෙලාව- 2011-09-22 01:53:43
Shina Ekathukarannek මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-22 01:43:24
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරත්ගෙන් තවත් වියමන්
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
වෙසෙස්
මර්සි අක්කා- සමු ගත් සිනහවට අධිපති දෙවඟන
කෙටියෙන්
මක් කොලල්ලද අලේ මන්දා...
කෙටියෙන්
රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ
කෙටියෙන්
මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී
තවත් කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
නීතිය
පුත නුඹටත් පොවමි එමී...!!!
පිටුවහල් කළ හැකිද කවියෙකුව?
ස ම යං
BoondiLets
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook