අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් - කේ.කේ. සමන් කුමාර | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් - කේ.කේ. සමන් කුමාර
බූන්දි, 16:50:34
බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන විදිහේ software දැම්මත් මේ මුලික අදහස අපෙන් delete වෙන්නේ නැහැ. සයිමන් නවගත්තේගමත් මේ පොළොවේ කෙනෙක් නිසා ඔහුටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ඔහුගේ මාක්ස්වාදී අතීතය ගැන අප කවුරුත් දන්නවා. අද ඉන්න මාක්ස්වාදීන් කියාගන්නා අයට වඩා දාර්ශනික අතින් සයිමන් මාක්ස්වාදීයි. ඒබ ව මේ නවකතාව පුරාම මතුවෙනවා. ඉතිහාසය පිලිබඳව මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයත්, ආසියාතික නිෂ්පාදනවාදය පිළිබඳ සංකල්පයත්, සංකේතාත්මකව මේ නවකතාව තුළට ඔහු ගෙන එනවා. එමෙන්ම, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ද “සංසාරණ්‍ය යේ දඩයක්කාරයා” නවකතාව තුළ දක්නට ලැඛෙනවා.

ෆ්‍රොයිඩ් ඔහුගේ “TOTEM AND TABOO” පොතේ සඳහන් කරනවා, අපි අපේ සත්ව රාජධානියෙන් උරුම වෙච්ච ආශයන් මර්දනය කර ගන්නවා කියලා. මේ මර්දනය කර ගැනීම තුළින් තමයි අපි සභ්‍යත්වයට, ශිෂ්ටාචාරයට ඇතුල් වී තිඛෙන්නේ. අපේ ආශයන් මර්දනය කිරීම නිසා ස්නායු ආතති තත්වයකට හෙවත් “නියුරෝසි” තත්ත්වයකට අප පත්වෙලා කියලා ඔහු කියනවා. අප කයින්, මසින් රෝගී වෙනවා, අපට ආපසු සත්ව රාජධානිය කරා යන්නත් බැහැ. කොතරම් ඉදිරියට ගියත් මේ රෝගී තත්ත්වය නැති වෙන්නේ නැහැ.

ෆ්‍රොයිඩ්ගේ මේ ආශයන් මර්දනය කිරීමේ සංකල්පය සසිමන් බුදුන්ගේ දර්ශනයේ ඇති මහා ක්ලේශයන් සමඟ බද්ධ කරනවා. මේ බද්ධ කිරීම ලංකාවේ කිසිම දාර්ශනිකයෙකුවත්, කිසිම ලේඛකයෙකුවත්, කිසිම කන්ඩායමක් වත් කළේ නැහැ. මේ කථාව ආගමික තැනකට නොවෙයි. සයිමන් රැගෙන යන්නේ. ඓතිහාසික විකාශනය ඉතා පැහැදිලිව ඔහු සංකේතාත්මකව පැහැදිලි කරනවා. දැන් නූතනව ගොඩනැගී ඇති මතයක් තියනවනේ ඉතිහාසය ගොඩනැංවීමක් කියලා. එවැනි මත සියයට සීයක් නිවැරදියැයි ඔලූවේ දරාගෙන මේ “සංසාරරණ්‍ය යේ දඩයක්කාරයා” විඳින්න ලැඛෙන්නේ නැහැ. අපේ ඉතිහාසය මූලික තැනකින් තමා මේ නවකතාව ආරම්භ කර තියෙන්නේ.



අපේ ගමේ සිට තම්මැන්නා - අනුරාධපුරු මහාමාර්ගය දක්වා ප්‍රමාණ කළ නොහැක්කා වූ යොදුන් ගණන් භූමිය, මහා වනාන්තරයෙන් වැසී තිබුනේය. එය කොතරම් දිග පළල වුවද, ගව් සොළසකට එහා මුල්ලේගම කන්ද අවට වනාන්තර ඉසව්ව පමහණක් අපේ පුරාණයට වැදගත් වන්නේය. මක්නිසාද, දඩයක්කාරයා වාසය කරන්නේ එහේ නිසාය.තම්මැන්නාව යනු විජය ගොඩබැස්සා වු ස්ථානයයි. මේ දිවයිනේ පැවති මාතෘ මූලික ශ්ෂ්ටාචාරයට ඉන්දියානු සංග්‍රමණය සිදු වූයේ තම්මැන්නාවෙනුයි. අනුරාධපුරය යනුවෙන් අපි හඳුන්වන්නේ අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියයි.

සයිමන් නවගත්තේගමත් මේ නවකතාව තුළට ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු තුල සැඟවී ඇති මාක්ස්වාදී දෘෂ්ටිය හෙළන අයුරු පෙනෙනවා. එය මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදී අදහස නම් නොවෙයි. ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි. මාක්ස් පැහැදිලිව සඳහන් කරනවා. ඉතිහාසයේ පීලි පැනීමකින් නොවෙයි ආසියානු ඉතිහාසය ගොඩනැගෙන්නේ. බලය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වීමෙන් කියලා. එක තැන කාල් ගෑවෙන විපරිණාමයක් තමයි ආසියානු ඉතිහාසයේ පවතින්නේ කියලා ලංකාවේ සාහිත්‍යය තුල මේක දැකපු එකම සාහිත්‍යකරුවා සයිමන් නවගත්තේගම පමණයි. නමුත් ලෙන්ඩ් වුල්ෆ් නැමති විදේශීය ලේඛකයාගේ “බැද්දේගම” කෘතියේ මෙයට සමපාත වන අවස්ථා මුණගැසෙනවා. ලාංකික ජීවන දහම පිලිබඳව ඒ තුළ තිඛෙන උපේක්ෂා සහගත බව පිළිබඳව ඔහු තම බැද්දේගම කෘතිය තුළ නිරූපනය කරනවා. “බැද්දේගම” කෘතියේ ඉන්නවා උපාසක කෙනෙක් ඔහුට හැමෝම කියන්නේ පිස්සා කියලා. ඔහු කියනවා, මම පාරේ යනකොට ඇතෙක් සිටියා, මම ඔහුට අතවැනුවා. මොකද අප දෙන්නම එකම සංසාරේ ඉන් හින්දා, ඌත් ඒක දන්න හින්දා හොඬේ වනලා ආපසු දළු කඩාගෙන කෑවා. දැන් මේ ඇතුන්ගේ උපෙක්ෂාව, නොසෙල්වෙන සුලූ බව “සංසාරරණ්‍යයේ දඩයක්කාරයා” කෘතිය නිමා කරන්නත් සයිමන් යොදා ගන්නවා.

“හැන්දෑවේගන එන විට පැටවා පස්සේ ලාගත් ඇතින්න පෙරදා රාත්‍රියේ ඇය හා මගින්ම ආපසු කන්ද බහින්න පටන් ගත්තා.”

ඇතුන් ආපසු යන්නේ ද පෙරදා හාමදාම ආ එකම මඟ දිගේය. ඉතා විශාල වූ දිග පළල වූ ගන වනාන්තරවල පවා එකම ආගිය මගෙහි නිශ්චිත අඩිපාරක් වැටෙන්නේ ද එය ඇත් පාර යැයි ව්‍යාවහාරයට යන්නේ ද මේ නිසාය.

සංකල්පනාත්මකව ගත්තහමත් දඩයක්කාරයි, හාමුදුරුවොයි එකයි. දඩයම්කරුවා දඩයම් කරන්නේ කෙලෙස්, දඩයම් කරනවා කියන්නේ වෙඩිතියාගෙන, වෙඩිතියාගෙන යන එකට නොවෙයි. එවැනි ක්‍රමයක් ආශයන් මර්දනය කිරීමේදීත් හරියන්නේ නෑ. උවමනා තැනදී විතරක් සතාට වෙඩි තියනනේ, කෙලෙස් ආශයන්ටත් එහෙමයි. සයිමන් සංසාරය ඔහේ තිබුණාවේ කියලා ඉන්නේ නෑ. ඔහු එය විශ්ලේෂනය කරනවා. අර තම්මැන්නාවෙන් පටන් ගන්නා ඉතිහාසය ද විශ්ලේෂණය කරනවා. ඔහු එහිදී ප්‍රයෝජනයට ගන්නේ පවුල, පෞද්ගලික දේපල කෘතිය තුළ එංගල්ස් විසින් ඇති කරනු ලබන මානව වාදයාත්මක මතයි. එක් තැනකදී දඩයක්කාරයා පොකුණක් දකිනවා. එයින් කිලි පොලායන ඔහු පොකුණට බහිනවා. එතනදි තමයි ඔහුට නාග කන්‍යාව හමුවන්නේ. ඒ නාග කන්‍යාව තමයි එංගල්ස් තම කෘතිය තුල සඳහන් කරන පැරැන්නාගේ සෘංගරය, එහිදී ඔහු පැහැදිලි කරනවා මුල් කෘතියේ පවුල තුල ලිංගික ආලය වර්ධනය වී තිබුණෙ නැහැ කියලා. දඩයක්කාරයාගේ කුල තුළ දරන ගැසී සිටි නාග රාජයා ද අවදිවන්නේ අර නාග ගනයාව දැකීමෙන්. ඔහුට ඛෙරකාරයාගේ දුව තමයි හමුවන ප්‍රථම කාන්තාව එතෙක් ඔහුට හමුවෙලා තිබුණේ පැරැන්නාගේ සෘංගාරය සංකේතවත් වූ නාග කන්‍යාවයි.

දඩයක්කාරයා ඛෙරකාරයාගේ දුව සමඟ පඩි පෙළ දිගේ කන්ද නැග්ගත් ආපසු බහින්නේ පඩි පෙළෙන් නොවෙයි. ඛෙරකාරයාගේ දුවට කෑම රැගෙන ඔහු පඩිපෙළේ හමුවීමට පෙර මෙන් රූටාගෙන යයි. පහළට එන්නේ පවුල කියන දෙයට පිටින් ඉන්න කොට එයට ආදලා ගන්න කෙලෙස් කරන අරගලය සයිමන් බෞද්ධ දර්ශනය මත ඉඳගෙන පැහැදිලි කරනවා. දඩයක්කාරයා සභ්‍යත්ව හතක් පොළොව තුලට යනවා. එහිදී ඔහුට තම රූපයට සමාන රූපයක් ඇති ඇට සැකිල්ල ලඟ වැටී ඇති හැඩි දැඩි පොරවක් දඩයක්කාරයා දකිනවා. එහි තලය සෙල්මුවා. මිට වානේ. ඔහු කරතබාගෙන එන මේ පෙරොව අතහරින්නේ තරබාරුවා හා කෘෂයා අතර අරගලයේ දී තුවක්කුව ගත්තට පස්සේ, මාක්ස් කියූ නිෂ්පාදන බලවේග මත පීලිපැනීම හා සංවර්ධනය මත පීලිපැනීම හා සංවර්ධනය පිළිබඳ ප්‍රවාදය සයිමන් සංකේතාත්මකව මේ කෘතියේ දක්වනවා.



සයිමන්ට මේ කෘතිය රචනා කිරිමේ දී අනුභාවයත් පෑ තින්තන ධාරාවන් තමා ලාංකික සම්භාව්‍ය සාහිත්‍යයත්, වන්නි හත්පත්තුවේ ජන සාහිත්‍යයත්, සමස්ත ලාංකිකයාගේ ආධයාත්මය මේ කෘතිය තුලින් හෙළිකරලා තියෙනවා. නමුත් ගැටලූව වන්නේ මේ කෘතිය විඳින්නට දඩයක්කාරයා වෙලා පමණක් බැහැ. හාමුදුරුවන් වෙන්නත් ඕනේ. මොකද දඩයක්කාරයා පවතින්නේ හාමුදරුවන් නිසයි. දඩයක්කාරයා තුළමයි හාමුදුරුවෝ ඉන්නෙත්.

දඩයක්කාරයාගේ දුවව අරන් ආවට පස්සේ තමා දඩයක්කාරයා පවුල සංස්ථාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ කාලයේම බට්ටිත්තාත්, බට්ටිත්තීත් කාක බෝධි පැළයෙහි කූඩුවක් හදනවා. මේ සමාජයේ ඇති තත්වාරෝපිත බව තුළ තමා අපි පවුල් සංස්ථාව ගොඩනංවන්නේ. මේක සයිමන් අතින් ලියැවුණු ඉසිවර දැක්මක්. බෂෙයීස් සිංගර් කිව්වා එක සියවසකට එක කෆ්කා කෙනෙක් ඇති කියලා. ඇති වුනත් මදි වුනත් සයිමන් නවගත්තේගමලාත් පහළ විය හැක්කේ ඉතිහාසයට එක්කෙනෙක් විතරයි. ලාංකික විචාරයේ මිණුම් දඬුවල දිග පළල මදි වීම නිසා සයිමන්ගේ කෘතිවලට වුනේ ලොකු අසාධාරණයක්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Simon Nawagaththegama, Sansaranyaye Dadayakkaraya, Sri Lankan Literature
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sani මෙහෙම කියනවා :
ඇතුල Sඉරිවර්දනෙ මුලින්ම සන්සරය කියන වචනය ඈහුන ඩවස මතකද තෙරුම් ගනිමෙ හකියාව පුද්ගලයගෙ බුද්දිමය දිග පලල අනුව තීරනය වෙන දෙයක්,

කිවුව වෙලාව- 2012-01-28 12:06:29
Nipuna kundala මෙහෙම කියනවා :
manasgatha

කිවුව වෙලාව- 2011-12-16 01:05:12
අවිෂ්වාස මෙහෙම කියනවා :
මේක පුද්ගලික පහරගැසීමක් වෙන්න පුලුවන්. තමන්ගේ දැණුමේ දිග පළල මදිකමින් සමන්ලා අසාධාරණ කම් කලේ සයිමන්ට විතරක් නෙවෙයි. මේ රටේ ඉන්න පුංචෝ ලොක්කෝ කියල හිතාගෙන, කොළඹ මාරයි කියල හිතාගෙන, කොළඹ පොරවල් වෙන්න සීමාකාරී දැණුම දැලිපිහිකරගෙන, තමනුත් කිරි කියල හිතාගෙන පාප්ප කකා, ඒ දැළි පිහියෙන්ම අනුන්ටත් පාප්ප කව කව යන මේ ගමන ගැන තව ටිකක් හිතන්න වෙනවා. කොහොම නුමුත් දැන් හරි තමන්ගේ දැණුමේ දිග පළල මදියි කියල තෙරිච්ච එක හොන්ඩයි. ඒත් ඒක තවත් අවංක කපටි කමකට කියපු කතාවක් වෙන්නෙ නැත්නම් හොඳයි.

කිවුව වෙලාව- 2011-12-15 14:04:57
Athula Siriwardhane මෙහෙම කියනවා :
බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස නොවෙයි අපේ ලේ මස් නහර ඇතුළට කාවැදිල තියෙන්නේ....ඒ කාවැදිල තියෙන්නෙ එක එක්කෙනා සංසාරය පිළිබඳ ඉදිරිපත් කරන අර්ථකථන අහල අපි හිතේ මවා ගත්ත දේවල්. සයිමන්ට උණත් ඒ සත්‍යය පොදුයි.

බුදු රදුන් විසින් දේශනා කරන ලද කිසිම දෙයක් තව කෙනෙකුගෙන් අහගෙන තේරුම් ගන්න පුලුවන් දේවල් තියා බුදුහාමුදුරොව්ම කිව්වත් ""අහගෙන ඉඳල"" තේරුම් ගන්න පුලුවන් දේවල් නෙමෙයි. තමන් විසින් තමන් තුලින් ප්‍රත්‍ය්ක්ෂ කර ගත යුතු ධර්මතා කටින් කට ඇවිත් අහන්න ලැබෙන දෙවල් වලින් හිතාගෙන ඉන්න දේවල් ලිව්වාම කියවන අයතත් තමන්ගෙ කියල ලබාගත්ත අවබෝදයක් නැති නිසා අලුත්ම දෙයක් වගේ රසවිඳින්න පුලුවන්.


කිවුව වෙලාව- 2011-12-08 11:19:54
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
නිහාල් රත්නායකගෙන් තවත් වියමන්
කරන්ට්ස්
පඩි වැඩි කරනු!!!
තවත් වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook