Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා
බූන්දි, 17:17:36
කලා කෘතියක් ගැන තියෙන සාමාන්‍ය අදහස තමයි ඒකේ 'නියම' තේරුම දන්නේ කෘතියේ රචකයා කියන එක. රසිකයා උත්සාහ කරන්නේ කෘතිය පරිශීලනය කරලා රචකයා විසින් ගෙන එන්නට අදහස් කළ පණිවුඩය තේරුම් ගැනීමටයි. රචකයාට වඩා දැනුවත් පුද්ගලයකු ලෙස විචාරකයා කරන්නේ රචකයාගේ පණිවුඩය තේරුම් ගැනීමට රසිකයාට උදවු කිරීම. ඒත් සමගම මේ පණිවුඩය ගෙන ඒමේදී රචකයා කොතරම් සාර්ථක ද යන්න අවලෝකනය කිරීම.

හැබැයි මෑත කාලයේදී මේ ජනප්‍රිය අදහස තදින් අභියෝගයට ලක්වෙලා තියෙනවා. උදාහරනයක් විදියට ෂේක්ස්පියර් වගේ පරණ රචකයන්ගේ කෘතිවලට මනෝවිශ්ලේෂණය වැනි නූතන න්‍යායන් පාවිච්චි කරලා වෙනස්ම අර්ථකථන විචාරකයන් කරලා තියෙනවා. ෂේක්ස්පියර්ගේ කාලයේ මනෝවිශ්ලේෂණය ගැන හිතලාවත් තිබුනේ නැති නිසා මේ අලුත් අර්ථකථන ෂේක්ස්පියර් දැනගෙන හිටි දේවල් කියලා හිතන්න බැහැ. මේ අනුව වඩාත් දියුනු අලුත් අදහස තමයි රචකයා කියන්නේ කෘතියට සම්බන්ධ වන එක් පුද්ගලයකු මිස කෘතියේ අවසාන අර්ථය නිශ්චය කරන්නා නෙවෙයි කියන එක. කෘතිය අවංක නම් (ඒ කියන්නේ රචකයා විසින් තමන්ගේ මතවාද ඔප්පු කරන්න කෘතියේ සිද්ධි සහ චරිත මෙහෙයවලා නැත්නම්) කාලයෙන් කාලයට අලුත් න්‍යායන් වලට අනුව කෘතියක් අලුත්ම ලෙස අර්ථකථනය කල හැකි විය යුතුයි.

මේ අදහස මත ඉඳගෙන ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුන "වසන්තයේ මල් පොකුරු නෙලා" නමැති මහගමසේකර/ අමරදේව සංයෝගයෙන් හැදුනු ගීය ගැන විචාරයක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මේ ගීතය ගැන කාලෝ ෆොන්සේකා, සරත් අමුණුගම වගේ අයගේ විචාර මම දැකලා තියෙනවා. මට මතක විදියට ඒ විචාරවල තිබුන පොදු අදහස තමයි මේ ගීය සුන්දරත්වය සහ අනිත්‍යය පිලිබිඹු කරන්නක් කියන එක. අපි ගීතයේ පළමු පේලි කීපය මුලින් අරගෙන බලමු.

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා


කවියා බලා සිටින්නේ වසන්තයේ සොඳුරු මල් පොකුරු දෝතින් ගෙන ඔහු / ඇය පැමිණෙන තුරුයි. මේ සොඳුරු මල් තමා විසින්ම නෙලාගන්න කවියා උත්සාහ කරන්නේ නැහැ. ඔහු අපට කියන්නේ සුන්දරත්වය යනු අනෙකා විසින් ගෙන එන දෙයක් මිස තමා විසින්ම සාක්ෂාත් කරගත හැක්කක් නොවන බව. හැබැයි වසන්තය නිමාවන තෙක්ම ඔහු / ඇය පැමිණ නැහැ. එසේ නොපැමිණියත් කවියා කියන්නේ වසන්තය සොඳුරු බවයි. ඔහු / ඇය පැමිණෙන තෙක් බලාසිටීම හැර වෙන කිසිවක් වසන්තය පුරාවටම කවියා සිදුකර නැහැ. එහෙම නම් වසන්තය සොඳුරු වූයේ කොහොමද? සුන්දරත්වය / සතුට යනු යමක් ලැබීමද? යමක් ලැබෙන තෙක් බලා සිටීමද?

සැමුවෙල් බෙකට්ගේ "ගොඩෝ එනකං" නාට්‍යයේ කථාව වන්නේ ගොඩෝ නමැති පුද්ගලයකු එනතුරු තවත් දෙදෙනෙක් බලා සිටීමයි. නාට්‍යය පුරාවටම ගොඩෝ දැන් ඒවි, දැන් ඒවි කියලා හිතෙන සිද්ධි තිබුනත් නාට්‍යය නිමවන තෙක්ම ගොඩෝ එන්නේ නැහැ. ගොඩෝ ආවොතින් සිද්ධ වෙන මහ ලොකු දේ මොකක්ද කියලා නාට්‍යයේ කියවෙන්නෙත් නැහැ. වැදගත් දේ වන්නේ ගොඩෝ එනතෙක් බලා සිටීමයි. ගොඩෝ දැන් දැන් එයි කියන ප්‍රහර්ෂයයි. අජිත් තිලකසේනගේ කෙටිකතාවක් තියෙනවා "මගේ අරමුන ඈ බේරාගැනීම" කියලා. මෙහිදී කථකයා "ඈ බේරාගැනීම" කියන අරමුන වෙනුවෙන් බොහෝ දේ කරනවා. තමන්ගේ දෑස් පවා අහිමි කරගන්නවා. "ඈ" කියන්නේ කවුද, ඇයව බේරාගන්නේ මොකටද, බේරාගන්නේ මොකකින්ද කියන දේවල් ගැන ඉඟියක්වත් ඔහු අපට සපයන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තම අරමුන වෙනුවෙන් කරන විකාරසහගත නමුත් ආශ්වාදජනක දේවල් වලින් තමයි කථාව පිරිලා තියෙන්නේ. අවසානය තෙක්ම "ඈ බේරාගැනීමක්" සිදුවන්නේ නැහැ. අවසානයේදී කථකයා අපට කියන්නේ ඔහුට අන් කිසි දෙයක් වැදගත් නොවන බව සහ ඔහුගේ එකම අරමුන ඈ බේරාගැනීම බව.

"ගොඩෝ එනකං" නාට්‍යයේ කිසියම් ජවනිකාවකදී ගොඩෝ ඇත්තටම ආවානං වෙන්න පුළුවන් මොකද්ද? සියල්ලන් සතුටට පත්වන අවසානයක්ද? මම නම් හිතන්නේ ඒකේ අනෙක් පැත්ත සිදුවෙයි කියලා. ගොඩෝගේ පැමිණීම විසින් සිදුකරන්නේ ඔහුගේ පැමිණීම ගැන තවදුරටත් ෆැන්ටසි ගොඩනැගීමට අපට ඇති අවකාශය අවුරා දැමීම. ඊට පස්සේ අපිට සිද්ධ වෙන්නේ "ගොඩෝත් ආවා එහෙනං" කියලා ලොකු හුස්මක් හෙළලා අපේ සාමාන්‍ය වැඩ නැවත පටන් ගන්නයි. සමහරවිට මේ අවසානය "අපෝ, මෙයා එනකන්ද මෙච්චර බලං හිටියේ" වැනි ඉච්ඡා භංගත්වයක් වෙන්නත් පුලුවන්. බෙකට් නාට්‍යය පුරාවටම ගොඩෝව වේදිකාවට කැඳවන්නේ නැත්තේ මේක දන්න නිසා වෙන්න ඕන. ආශාව සම්පූර්ණයෙන් තෘප්ත වීම කියන්නේ භ්‍රාන්තියක්. මොකද එතකොට තමයි ආශාවේ හිස්බව තමුන්ටම අනාවරනය වෙන්නේ. දැන් බලමු මහගමසේකරගේ ගීතයේ මීලඟට වෙන්නේ මොකක්ද කියලා.

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැළවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා


කවියා මෙතෙක් කල් බලා සිටි ඔහු / ඇය කටුක ගිම්හානයකට පසු ඔහු වෙත පැමිණ තිබේ. හිස් අතින් නොව වසන්තයේ මල් පොකුරුද දෝතින් රැගෙනයි. මෙය "ගොඩෝ" ගේ පැමිණීමක්ද? ආශාව සහමුලින් ඉටුවීමක්ද? ගීතයේ මීළඟ පද දෙක මේ භ්‍රාන්තියෙන් අපව ගලවා ගන්නවා.

ඔබ අතවූ මල් එකිනෙක පරවී
සුලඟේ විසිරෙනු මා දුටුවා


අවසානයේ ඔහු / ඇය පැමිණියත් දෝතින් ගෙන එන සුන්දරත්වයේ මල් පොකුරු කවියා බලා සිටියදීම පරවී සුලඟේ විසිරී යනවා. ඒ කියන්නේ කවියාගේ අපේක්ෂාව ඒ අයුරින්ම සාක්ෂාත් වෙන්නේ නැහැ. සැමුවෙල් බෙකට් සහ අජිත් තිලකසේන වගේම මහගමසේකරත් ආශාව තෘප්ත වීමේ නස්පැත්තියෙන් රසිකයාව දක්ෂ ලෙස ගළවා ගන්නවා. දැන් අපට "වසන්තයේ මල් පොකුරු රැගෙන ඔහු / ඇය ආවානම් කොයි තරම් සුන්දරද" කියන අපේක්ෂාව ගිනි පෙලෙල්ලකට පිඹිනවාක් මෙන් නැවත නැවත ජ්වලනය කරමින් පවත්වාගත හැකියි.

ගීතයේ මේ වෙනකොට අපි ඉන්නේ ආශාව ඉටුවෙන්නම වගේ ගිහිල්ලා ලෝක ධර්මතාවයක් නිසා එය මගහැරුනු තැනකයි. ගීතය මෙතැනින් නිම වුනා නම් ඔබට ඇතිවන හැඟීම මොන වගේද? මටනම් ඇතිවෙන්නේ කාංසාවක්. මල් පරවීයාම යනු ලෝක ධර්මතාවයක් යන්න මට දරාගත හැකියි. දරාගත නොහැකි දෙය වන්නේ එම ධර්මතාවයෙන් පිට කිසිවක් නොපවතීය යන්නයි. සමස්තතාවාදී ධර්මයක් ලෙස අනිත්‍යය පිළිගත හැකි වුවත් එයින් වියුක්තව පවතින උත්කර්ෂවත් යමක් මට අවශ්‍යයි. මේක මට විතරක් තිබෙන ප්‍රශ්නයක් නොව සියලු මනුෂ්‍යයන්ට පොදු වූවක් බව සාහිත්‍යය කියවනකොට පැහැදිලි වෙනවා. උදාහරනයක් ලෙස අපි බෞද්ධ සාහිත්‍යය ගනිමු. බුදු දහමේ හරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය වුවත් බෞද්ධ සාහිත්‍යය තුල මේ ලෝක ධර්මතාවයට පිටින් පවතින්නක් ලෙස බුදුන් වහන්සේගේ ශරීරය සහ පෞරුෂය ඉස්මතු කරනවා. අභිධර්මයේ (මා කියවා ඇති කොටස්වල) පවා බුදුන් වහන්සේගේ පුද්ගල පෞරුෂය උත්කර්ෂයට නගා තිබෙනවා. සසරින් එතෙර වීමට උදවු වන ධර්මය ද සසරින් එතෙරවූ පසු කරතියාගෙන නොයන්නැයි බුදුන් වහන්සේ පවසා තිබුනත් බෞද්ධ සාහිත්‍යය තුල ධර්මය තරම්වත් උසස් නොවන බුද්ධ ශරීරය සහ පෞරුෂය කරතබාගෙන යාමට පාඨකයා පොලඹවනවා. මගේ අදහසේ හැටියට නම් ගැඹුරු දහමක් විස්තර කිරීමේදී එයට පිටින් පවතින උත්කර්ෂවත් වස්තුවක් වරනැගීම හරිම වැදගත්. අපේ ගීතයේ අවසාන පද දෙක දැන් අපි කියවමු.

සුලඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා


කාලෝ ෆොන්සේකාගේ විචාරයට අනුව පරවී යන මල් අතරින් පෙනෙන ඔහු / ඇය ගේ රුව පිලිබිඹු කරන්නේ රූපයෙහි ඇති අනියත ස්වභාවයයි. හැබැයි මගේ අදහස මීට සහමුලින්ම වෙනස්. මල් පරවී යාම නමැති ධර්මතාවය විසින් ඇතිකරන කාංසාව මගහැරීමට උත්කර්ෂවත් වස්තුවක් ලෙස ඔහු / ඇය ගේ රුව මතුවෙනවා. ඒක කලින් වටහාගත් දහම මගින් පාලනය නොවන, එයින් විනිර්මුක්ත වූ ශුද්ධ වස්තුවක්. මෙහිදී පරව යන මල් විසින් ගීතයට සේවයන් දෙකක් සිදුකරනු ලබනවා. එකක් නම් කවියාගේ ආශාව ඉටු නොවී පවත්වාගැනීමට ආධාර වීමයි. අනෙක තමයි ඔහු / ඇය ගේ රුව ශුද්ධ වූ පැවැත්මක් ලෙස මතුකරගැනීමට (contrast) අවශ්‍ය කලු පසුබිම සකසා දීම.

ගීතයේ අවසන් කොටස් දෙකම "මා දුටුවා" ලෙස නිමවීමේත් වැදගත්කමක් තියෙනවා. කවියා අපට කියන්නේ නැහැ "මෙන්න මේක මෙහෙම වුනා" කියලා. ඒ වෙනුවට ඔහු කියන්නේ "මේක මෙහෙම වෙනවා මම දැක්කා" කියලා. ඒ කියන්නේ පරවී යන මල් සහ ඔහු / ඇය ගේ රුව පවතින්නේ කවියාගේ දැක්ම (gaze) තුලයි. දැක්ම කියන්නේ ආශාවේ එක මානයක්. මේ අනුව වසන්තය, ගිම්හානය, ගිනියම් අව්ව, මල් පොකුරු, ඔහු / ඇය යන සියල්ල කවියාගේ ආශාවේ සංඝටක ලෙස හඳුනාගත හැකියි. මේ ගීතය මම වටහාගන්නේ මිනිස් ආශාව පිළිබඳ සියුම් ඉඟි සපයන නිර්මානයක් විදියටයි. මේක මම කැමතිම සිංහල ගීත වලින් එකක්. පද රචනය නිසාම විතරක් නෙවෙයි. අමරදේව මාස්ටර්ගේ දක්ෂ තනු සහ ගායනයත් නිසා.

අවසාන වශයෙන් මෙම ලිපිය තුළ හඳුනාගත් ගීතයේ හැඟවුම් සාරාංශගත කරමු.

1. ආශාව දැල්වීම
2. ආශාව ඉටුවන්නට යනවා මෙන් දිස්වන සුරතාන්ත අවස්ථාව (භ්‍රාන්තියේ අවදානම)
3. ආශාව තෘප්තිමත් නොකොට පවත්වා ගැනීම
4. කාංසාව
5. කාංසාව මගහැරීමට උත්කර්ෂවත් වස්තුවක් පැමිණීම



පසු සටහන්:

1. භ්‍රාන්තිය (Phobia) සහ කාංසාව (Anxiety) යන වචන මෙම ලිපිය තුළ භාවිතා කර ඇත්තේ මනෝවිශ්ලේෂණයේ එම පද භාවිතා වන අරුතින් නොව සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති අර්ථයෙනි. මනෝවිශ්ලේෂණයේ එන අර්ථයෙන් එම පද භාවිතා කිරීමට තරම් මනෝවිශ්ලේෂණය පිළිබඳ දැනීමක් මට නැත.

2. ලිපියේ අදහස් සියල්ල මගේ අදහස් වන අතර භාෂා ශෛලිය (කථන භාෂාවේ සහ ලේඛන භාෂාවේ මුසුවක් ලෙස) ගොඩනගා ගැනීමට දීප්ති කුමාර ගුනරත්නගේ ලිපිවල ආභාසය ඉවහල් විය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Wasanthaye mal pokuru nela - oba maa dhothata genena thura, W.D.Amaradeva, Mahagama Sekara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Thushari Priyangika මෙහෙම කියනවා :
ඕනෑම දෙයක, සතුට, සුන්දරත්වය හෝ චමත්කාරය පවතින්නේ එය ඉටු වන මොහොත දක්වා වන මාර්ගය තුළදී පමණයි. යමක් ඉෂ්ට වීමත් සමඟින් එහි විඳීම අහවර වීම තමයි ස්වභාවය. ජීවිතය සහ ස්වභාවධර්මය පිළිබඳව අපූර්වත්වයත්, අනිත්‍යය ත්, මේ ගීතයත් එක්ක අපට හිතෙන්න ගන්නවා. ඒ වගේ ම, එහි හඬත්, තනුවත් එහි අර්ථය තීව‍්‍ර කරමින් අපට ඇහෙන්න ගන්නවා.

ඇත්තට ම විචාරය සිද්ධ වෙන්නෙ, විචාරකයා සතු දැනුම, බුද්ධිය, ඔහු දේවල් ග‍්‍රහණය කර ගන්නා ආකාරය හෝ ඔහු විඳින ආකාරය මතයි. එය සාපේක්‍ෂයි. ඒ නිසාම ලෝක ප‍්‍රකට ලේඛකයන්ගේ කෘති වුණත්, විචාරකයාගේ හිතීමේ සහ දැකීමේ දිග පළල අනුව, ඒවායේ අර්ත දැක්වීම් වෙනස් වීම වළක්වන්න බැරි කාරණයක්. ඒ නිසා ම, බොහෝ විට ලේඛකයා නො සිතූ පැත්තක්, විචාරකයා හසු කරගන්න අවස්ථා තියෙනවා.


කිවුව වෙලාව- 2011-10-20 16:04:49
Hasantha මෙහෙම කියනවා :
thank you very much dear Deleepa. your perception is really interesting and enlightening
thanks lot continue to send such thoughts

@BLive


කිවුව වෙලාව- 2011-10-14 01:22:41
Kanya මෙහෙම කියනවා :
මම මේ අදහස් දක්වීම අගය කරනව. ඒත් අර ලියුමේ අන්තිමට තියන අවසරයි දීප්ති කුමාර ගුනරත්න සුවාමීනී කියන කොටස හෙලා දකිනව. එයා අලුතෙන් හොයා ගත්තු මල දානයක් නෑහෑ. එයා කලෙ දාර්ශනිකයන්ගෙ ඒව කියවලා එයාට ඕනෙ විදිහට ආයෙ කියන එක. එතන නව දැනුමක් නැහැ.

කිවුව වෙලාව- 2011-10-10 18:10:59
Sudheera මෙහෙම කියනවා :
"ආශාව සම්පූර්ණයෙන් තෘප්ත වීම කියන්නේ භ්‍රාන්තියක්. මොකද එතකොට තමයි ආශාවේ හිස්බව තමුන්ටම අනාවරනය වෙන්නේ "
ඉතාම සත්‍යක්.. ඔය භ්‍රාන්තිය අපි කවුරු කවුරුත් හොඳින් අත්දැක ඇති. නමුත් තවමත් තෘප්තිය සොයා දුවන දිවිල්ල නවත්වා නැහැ...!


කිවුව වෙලාව- 2011-10-10 12:07:59
saman මෙහෙම කියනවා :
agamata baraawadi, man dakinna minis manase sobahawaya kiyana hoda song akak kiyala

කිවුව වෙලාව- 2011-10-10 07:07:04
kusum මෙහෙම කියනවා :
වෙනස් පැහැදිලි කිරීමක්

කිවුව වෙලාව- 2011-10-10 04:38:09
dilani මෙහෙම කියනවා :
ෙම් ගීතයට අනුව මහු අවසාන වශෙයන් දකින්ෙන් බාහිරින් ෙපෙනන අලංකාරබව ෙනාව සිත අභ්‍යන්තරෙයන් පැන නගින්නාවු වු අැල්මයි ඒ්තුළ හටගන්නා වු ෙප්‍ර්මය නම් නිරාමිස හැගීමය

කිවුව වෙලාව- 2011-10-09 22:47:29
shashanka මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-09 22:28:47
kirath මෙහෙම කියනවා :
sathuta haa sanaseema aththe balaporuththu ituweemaka nowa apa eya itu keeramata ganna uthsaahayeedi pamanalu...... me maansika vibawa shakthiya..eelanga mohothee chaalaka shakthiyuk wee aluth prathisandiyuk lesa uparima thrupthiyuk wetha yana thek apawa dawanawaa da? mage hithe karakena me prashnaya,ape janapriya himi warunge bana nisaa awul wenawa..eth deleepage me adahasa nisa tikuk yali paadigena aawa.. obe liyamanata suba pathami..thawa tikuk digta thawa adahasuth ekathu woo wenath rasa vindeemak liyunnata labeewa..KIRATHsathuta haa sanaseema aththe balaporuththu ituweemaka nowa apa eya itu keeramata ganna uthsaahayeedi pamanalu...... me maansika vibawa shakthiya..eelanga mohothee chaalaka shakthiyuk wee aluth prathisandiyuk lesa uparima thrupthiyuk wetha yana thek apawa dawanawaa da? mage hithe karakena me prashnaya,ape janapriya himi warunge bana nisaa awul wenawa..eth deleepage me adahasa nisa tikuk yali paadigena aawa.. obe liyamanata suba pathami..thawa tikuk digta thawa adahasuth ekathu woo wenath rasa vindeemak liyunnata labeewa..KIRATH

කිවුව වෙලාව- 2011-10-09 11:29:38
nalinda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-08 01:16:23
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දිලීප ජයතිලකගෙන් තවත් වියමන්
කවි
ද්විත්ව
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook