Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සංඛ්‍යාංක මත ප්‍රාතිහාර්ය පෑ දෙවියා - ස්ටීව් ජොබ්ස්
බූන්දි, 17:31:48
"ඔබට සුව කළ නොහැකි අසනීපයක්. ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරගන්න."

අද හවසට රටේ සිටින දක්ෂතම වෛද්‍යවරයා ඔබට එසේ කීවොත් ඔබ කරන්නේ කුමක්ද?

ස්ටීව් ජොබ්ස් (Steve Jobs), එසේත් නැත්නම් ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) පරිගණකයේ නිර්මාතෘ , Apple ආයතනයේ සහ Pixar Animation Studios හි ප්‍රධාන විධායක නිළධාරියා පහුගිය ඔක්තෝබර් මස පස් වෙනිදා කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ දී මෙලොවින් ‘සාමකාමීව’ නික්ම ගියේ තමන් පිළිකාවක් හේතුවෙන් මිය යන්නට නියමිත බැව් දැනගෙන හරියට ම වසර හයකට පසු යි‍.

"ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරන්න." මරණය ස්ථිර කරමින් වෛද්‍යවරුන් 2003 ඔක්තෝබර් මාසයේ දිනෙක ඔහුට පවසා තිබුණි. එදිනෙදා වැඩ කිරීම කෙසේ වෙතත් ඔහු ඉන්පසු ගෙවුණු වසර හය තුළ ඇපල් අයිපොඩ්, අයි පෑඩ් (Macbook Air, iPod, and iPhone) ඇතුළු තාක්ෂණයේ සුවිශේෂ සොයා ගැනීම් තමන් හැර යන්නට නියමිතව සිටි ලොවට දායාද කළේ තමන් සැබවින් ම විශිෂ්ටයෙකු (Genius) බව ඔප්පු කරමිනු යි. වෛද්‍ය විද්‍යාවේ හාස්කමකින් ම තවත් වසර කීපයක් ජීවත් වූ ස්ටීව් ගේ අවසන් කාලයේ පෙනුම, ඔහු ළඟින් දැන සිටි බ්ලොග්කරුවෙකු සහ තාක්ෂණික සන්නිවේදකයෙකු වන ජෝන් ග්රූබර් මෙසේ විස්තර කර තිබුණි.

"ඔහුට තිබුණේ වයසට ගිය පෙනුමක්. එය වසර වලින් හෝ දශක වලින් මැනිය හැකි වයස්ගත වීමක් නොවෙයි. නමුත් විය නොහැකි අකාරයට ඔහු වයස්ගත වී තිබුණා. ගිලාන වූ බවක් නොවෙයි. නමුත් වෙහෙසකර බවක් තිබුණා. අසනීප හෝ හරි නැති ගතියක් නොවෙයි, නමුත් කුමක් හෝ පෞරාණික ගතියක්. ඒත් ඔහුගේ ඇස්... ඒවා තරුණව දීප්තිමත්ව බබලමින් තිබුණා."

මිහිතලය මත එහි ඉතිහාසය තුළ බිහි වූ කිසිවකට සම කළ නො හැකි විස්මිතම දෙය නම් මානවයා සතු බුද්ධිය යි. තමන් විසින් ම කලක් වැඳ පුදනු තැබූ තරු කරා යම් දිනෙක යන ගමනේ ප්‍රථම පියවර වූයේ මිනිසා විසින් ගින්දර සොයා ගැනීම යි. ඉන්පසු මේ පොළව මත විවිධ සංස්කෘතීන්ට අදාළව යුද්ධයන් සහ ආගමික විශ්වාසයන් විසින් චින්තනය සිරකරනු ලැබූ ජන සමාජයන් අතර විසුව ද ඉන් සුවිශේෂී වූ අල්පයක් මිනිසුන් මිනිස් වර්ගයා ‍ ඒ තරු අතර දෙවිවරුන් බවට පත් කරනු ලැබීය. පෘථිවිය යනු කෙළවරට ගියවිට බිමට වැටෙන හතරැස් වස්තුවක් බව විශ්වාස කළ ලෝකයට එය ගෝලාකර වස්තුවක් බව වටහා දීමට සොක්‍රටීස් ට වස බොන්නට සිදුවිය. රයිට් සහෝදරයින් ලොව ප්‍රථම ගුවන් යානය නිපදවන විට ඔවුන්ට බුද්ධිමත්තු සිනාසුණහ. ඇදහිල්ලෙන් ඔබ්බට ගොස් ඇත්ත ඇති සැටියෙන් සොයාගන්නටත් ඉනුත් ඔබ්බට ගොස් විශ්වයෙහි මෙතෙක් නොවූ විරූ දේ නිපදවන්නටත් සමත් වූ එබඳු මිනිසුන්, මහ පොළව, බලය හෝ ඇදහිල්ල වෙනුවෙන් තම වර්ගයා සේම සොබා දහම ද වනසා දමන; ඒ වෙනුවෙන් ධජ පතාක නංවන එසේ නැතහොත් ලද ජීවිතය එසේම ගෙවා පොළවට පස් වන මිලියන ගණනක් කණාමැදිරියන් වන පෘථිවි වාසීන් අතර සූර්යයන් බවට පත් වන්නේ ඔවුන් දල්වා ගිය ඒ හිරු පහන් වල දීප්තිය මානව ප්‍රගමණය තුළ කිසිදා මැකී නොයන නිසා නොවේද?

1954 දී අවිවාහක උපාධි අපේක්ෂිකාවකට දරුවෙකු පිළිසිඳුණු අතර ඇගේ විවාහයට සිය පියාගෙන් එල්ල වූ බාධා නිසා කළ හැකි හොඳම දෙය ඒ දරුවා හදා වඩා බව තීරණය කෙරිණි. ඇයට අවශ්‍ය වුණේ මේ දරුවා යම් දවසක උසස් විද්‍යා‍ලයක අධ්‍යාපනය කරා යොමු කිරීමේ හැකියාවක් ඇති උපාධිධාරී මව් පිය යුවළකට හදා වඩා ගැනීමට දීමට යි. සිය දරුවාගේ අනාගතය ගැන එතරම් සැලකිලිමත් වුණත් ඒ දරුවා ඉන් හරියට ම අවරුදු පණහකට පසු ලෝකයේ සුප්‍රසිද්ධ ම විශ්වවිද්‍යාලයක් වන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක දි අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා 2008 දි වෙස්ලියන් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය, 1997 දි එලී වයිසල් ඩිපෝල් විශ්වවිද්‍යාලයේ දී කළ දේශනය සහ 1947 දි ජෝර්ජ් මාෂල් හාවඩ් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය වැනි ලෝක පූජිත දේශනයන් අභිබවා යන ලෝ ප්‍රකට දේශනයක් කරන මහා නිමැවුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට නියමිතව සිටි බැව් ඇය මොහොතකටවත් දැන නො සිටින්නට ඇත. මේ ලිපිය සඳහා පදනම් වන එක් මූලාශ්‍රයක් වන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා මෙලොවට පැමිණ මානව බුද්ධියේ ආකාශ අන්තයන් පරයා ගිය ස්ටීව් ජොබ්ස් නම් වූ පරිගණක දැවැන්තයා තමන්ට පිළිකාවක් වැළඳී ඇති වග වෛද්‍ය විශේෂඳයන් විසින් සොයා ගැනීමෙන් වසරකට පසුව 2005 ජුනි මස 12 වන දින ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් අමතමින් කරන ලද සරළ, ඍජු එහෙත් මානව ගුණයෙන් උත්කෘෂ්ට වූ දේශනය යි.

"මම ඔබට ලොකු දෙයක් කියන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ කතන්දර තුනක්." ඔහු සිය කතාව අරඹන්නේ එසේයි.

ඔහුගේ පළමු කතාව "තිත් යා කිරීම " ගැන යි. ස්ටීව් ගේ ජීව විද්‍යාත්මක මවට අවැසි වූ පරිදිම ඔහු හදා වඩා ගැනීම නියමිතව තිබුණේ නීතිඥ පවුලකට වුවද අවසන් මොහොතේ ඔවුන්ට "දියණියක" අවශ්‍ය වූ නිසා ලැයිස්තුවේ ඊළඟට සිටි, උසස් විද්‍යාලයකින් උපාධියක් නොලද එහෙත් නිශ්චිතවම ස්ටීව්ට උසස් අධ්‍යාපනය හිමි කර දෙන බවට වූ පොරොන්දුව මත පෝල් හා ක්ලාරා ජොබ්ස් යුවළට ඔහුගේ මාපිය තනතුරු හිමිවිය. ස්ටීව් හැදී වැඩී උස් මහත් වූ පසු උසස් අධ්‍යාපනය සඳහා රීඩ් විද්‍යාලයට ඇතුළු වූවද මාස 18 කට පසු ඉන් ඉවත් වන්නේ වැඩ කරන පන්තියට අයත් තම දෙමාපියන්ට ස්ටෑන්ෆර්ඩ් තරමට ම මිල අධික රීඩ් විද්‍යාලයේ වියදම් දැරීම අපහසු බව මෙන්ම එය ඵලක් නැති දෙයක් යැයිද ඔහුට හැඟුණු නිසාවෙනි.

"මට කිසිම අදහසක් තිබුණෙ නෑ මම මගේ ජීවිතයේ මොකක්ද කරන්න යන්නෙ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් මට කොහොමද ඒකට උදව් කරන්නෙ කියලා. මගේ දෙමව්පියෝ තමන්ගෙ ජීවිතේ ඉතිරි කාලේ ගෙවා ගන්න තියෙන හැම සතයක්ම මට වියදම් කරමින් හිටියා. ඒ වෙලාවෙ හැටියට මම පාසලෙන් අයින් වෙන්න ගත්ත තීරණය ටිකක් භයානක වුණත්, අද හැරිලා බලද්දි මට හිතෙනවා ඒ මම මගෙ ජීවිතේ දි ගත්ත හොඳම තීරණ වලින් එකක් කියලා. විශ්ව විද්‍යාල ගමන නවත්තපු පළමු මිනිත්තුවෙම මට පුලුවන් වුණා මම අකමැති පන්ති නවත්තලා දාලා මට ආස දේවල් ඉගෙන ගන්න.

හැබැයි ඒක ඒ තරම් සුන්දර වුණේ නෑ. මට නවාතැනක් තිබුණෙ නැති නිසා මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම පොළවෙ. කොකා කෝලා බෝතලයකට දෙන සත පහේ තැන්පතු මුදල් ලබා ගන්න හිස් කොකා කෝලා බෝතල් විකුණලයි මම කන්න සල්ලි හොයා ගත්තෙ. සතියකට එක වරක් හොඳ කෑම වේලක් කන්න හැම ඉරිදා රෑකම හැතැප්ම 7 ක් පයින් ගියා හාරේ ක්‍රිෂ්ණා කෝවිලට. මම ඒවා කරේ කැමැත්තෙන්. ආසාවෙන්. ඒ වගේම මගේ කුතුහලය සහ ඇතුළාන්ත ඥානය මාව පොළඹවලා කරපු දේවල් ජීවිතයේ පසු කාලයක මිල කළ නොහැකි තරම් වටිනා දේවල් බවට පත්වුණා. මම ඔබට ඊට එක් උදාහරණයක් දෙන්නම්.

රීඩ් විද්‍යාලය සතුව තමයි ඒ වන විට රටේ හොඳම යයි කිව හැකි අභිලේඛන පාඨමාලාව (විචිත්‍ර අක්ෂර කලාව- Calligraphy) තිබුණේ. මුලු විශ්ව විද්‍යාලය පුරාම තිබුණු හැම පෝස්ටරයකම හැම ලියවිල්ලකම ඒ ලස්සන අක්ෂර කලාව තිබුණා. සාමාන්‍ය පන්ති වලින් ඉවත්වූ නිසා මම තීරණය කළා ඒ පාඨමාලවක් හදාරන්න. මම "සෙරීෆ්" සහ "සැන් සෙරීෆ්" අකුරු මුහුණත් ගැන ඉගෙන ගත්තා. අක්ෂර කලාවේ විවිධ රහස් ඉගෙන ගත්තා. එහි විද්‍යාවට හසු නොවන ලස්සනක්, ඓතිහාසික බවක් , කලාත්මක වූ සියුම් බවක් තිබුණා. මම එයින් විස්මයට පත්වුණා.

නමුත් මේ කිසිවක් ප්‍රායෝගිකව මගේ ඉදිරි ජීවිතයට වැදගත්වන බවට සළකුණක් වත් තිබුණෙ නෑ. ඒත් ඉන් අවුරුදු 10 කට පස්සෙ අපි පළමු මැකින්ටොෂ් පරිගණකය නිපදවද්දි ඒ සියල්ල නැවත වුවමනා වුණා. ඒ දැනුම අපි ‘මැක්’ (Mac පරිගණකය) තුළ ස්ථාපිත කළා. ඒක තමයි ලෝකයේ එකිනෙකට වෙනස් ලස්සන අක්ෂර රටාවන් සහිත පළමු පරිගණකය වුණේ. මම එදා ඒ පාඨමාලාව හැදෑරුවේ නැත්නම් අද තිබෙන වෙනස් වූ අක්ෂර රටාවන් හෝ සමානුපාතික අවකාශයන් සහිත මුද්‍රණ අකුරු මැක් පරිගණකය තුළ කවදාවත් අඩංගු වෙන්නෙ නෑ. වින්ඩෝස් ( Windows) කළේ මැක් (Mac) කළ දෙය අනුකරණය කිරීම පමණ යි. ඉතිං මම එදා ඒ පන්තියට නිකමට වගේ නොගියා නම් අද කිසිම පෞද්ගලික පරිගණකයක ඒ අපූරු අක්ෂර රටාවන් අතුළත් වෙන්නේ නෑ. ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉඳිද්දි මේ තිත් පේළිය ඉදිරියට ගළපන්න මට බැරිවුණා. නමුත් අවුරුදු දහයක් ඉදිරියට ඇවිත් ආපහු බලන කොට එය ඉතාම පැහැදිළිව කරන්න හැකිවුණා.

නැවත කිව්වොත්, ඔබට බෑ ඉදිරි අතට මේ තිත් ගළපන්න. ඔබට එය කරන්න පුලුවන් වෙන්නේ ආපස්සට යි. ඉතිං ඔබට සිදුවෙනවා විශ්වාස කරන්න අනාගතයේ යම් දිනෙක මේ තිත් යාවෙන බව. ඔබට සිදුවෙනවා යමක් පිළිබඳව විශ්වාසය තබන්න. ඔබේ ආත්ම විශ්වාසය, දෛවය, කර්මය මේ ඕනෙ දෙයක් ගැන. එයින් මට කිසිදාක වැරදිලා නෑ. මගේ ජීවිතයේ සියලු වෙනස්කම් සිදුකළේ මගේ ඒ ක්‍රමය යි."


ඔහුගේ දෙවන කතාව ‘ආදරය සහ අහිමිවීම’ ගැන යි.

තමන් ආදරය කළ දේවල් ජීවිතයේ මුල් කාලයේ දී ම කරන්න ට ඉඩ ලබා ගනීමට තරම් වාසනාවන්ත වූ ස්ටීව්, විසි වියේ සිටිය දී සිය දෙමාපියන්ගේ ගරාජයේ සිය මිතුරා වොස් සමග Apple ආයතනය ඇරඹීය. අධිකතර වෙහෙසකාරී වූ වසර 10 කට පසු ඔවුන් දෙදෙනා 400 කට වඩා අධික සේවක සංඛ්‍යාවක් සහ ඩොලර් බිලියන දෙකක් වටිනා ආයතනයක් ගොඩ නගා තිබුණි. ඉන් හරියට ම වසරකට පසුව ඔවුන්ගේ විශිෂ්ටත ම නිර්මාණය වූ Apple Macintosh පරිගණකය වෙළඳපොළට නිකුත් කෙරුණු අතර ඒ වන විට ස්ටීව් ගේ වයස අවුරුදු 30ක් විය.

"ඉන් පසුව මාව අස්කළා" ඔහු කියයි.

එය සිදු වී ඇත්තේ ඔවුන් විසින් පසුව සේවයට බඳවා ගන්නා ලද තැනැත්තෙකු හේතුවෙනි. ඔහු බඳවාගෙන වසරක් යන තුරු සියල්ල හොඳින් සිදු වී ඇති අතර ක්‍රමයෙන් දේවල් වෙනස් වී අධ්‍යක්ෂ මණ්ඩලය ද තමන්ගේ කීමට නම්මවා ගැනීමට සමත් වූ ඔහු විසින් ප්‍රසිද්ධියේ ම ‘ස්ටීව් ජොබ්ස්’ නොහොත් Apple ආයතනයේ නිර්මාතෘව එයින් නෙරපවා හරිනු ලැබිණි. සියලු බලාපොරොත්තු සහ සිහින බිඳ වැටුණු ස්ටීව් කිසිවක් සිතා ගත නො හැකිව ගත කළ මාස කිහිපය ඉතා පීඩාකාරී වූ කාලයක් වූයේ ඔහු අසාර්ථකත්වයට ප්‍රසිද්ධ උදාහරණයක් බවට තමන් ගොඩ නැගුණු පරිසරය තුළ ම පත්වීම නිසා ය. ඔහු තමා කළ දෙයට දැඩි සේ ආදරය කළ අතර අවියෝජනීය ලෙස ඒ හා බැඳී සිටියේ ය.

"මට ඒ වෙලාවෙ තේරුණෙ නෑ. නමුත් මම පසු කාලෙක තේරුම් ගත්තා. Apple වලින් ඉවත් කිරීම තමයි මට සිද්ධ ‍වුණ හොඳම දෙය. නැවතත් ආරම්භකයෙකු වීමේ ‘සැහැල්ලුව’ විසින් සාර්ථකත්වයේ ‘බරින්’ මාව නිදහස් කරනු ලැබුවා. ජීවිතයේ දී එළඹුණු වඩාත් ම නිර්මාණාත්මක යුගය අරඹන්නට මට නිදහස හිමිවුණා."

ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන ලෝරන්ස් හමුවන්නේද මේ කාලයේ දී ම ය. බීට්ල්ස් ගායක කන්ඩායමට හා බොබ් ඩිලන් ට දැඩිව ඇලුම් කළ ඔහු තමන් ඇපල් ආයතනය නො ඇරඹුවේ නම් ජපානයට ගොස් සෙන් භික්ෂුවක් විය හැකිව තිබුණු බැව් පවසා තිබුණි. ඔහු ලෝරන්ස් හා 1991 දී විවාහ වන්නේ ද සෙන් බෞද්ධ භික්ෂුවක ඉදිරිපිටය.

ඊළඟ වසර 05 තුළ NeXT නම් ආයතනය ඇරඹූ ස්ටීව් Pixar නමින් තවත් ආයතනයක් ආරමිභ කළේය. ලෝකයේ ප්‍රථම සජීවි පරිගණක වෘත්තාන්ත චිත්‍රපටය වන ‘Toy Story’ Pixar හි නිපදවනු ලැබූ අතර වත්මන් ලෝකයේ අති සාර්ථකම සජීවිකරණ ස්ටුඩියෝව ලෙස සැළකෙන්නේ එය යි. අමතක කළ නොහැකි සිදුවීම් පෙළකින් පසු Apple විසින් NeXT මිළ දී ගැනීමත් සමග ස්ටීව් නැවත Apple හා සම්බන්ධ විය. පසු කලෙක Appleහි ඇතිවූ පුනරුදයේ හදවත බවට පත්වන්නේ NeXT හි සිටියදී ඔහු දියුණු කළ තාක්ෂණය යි.

තමන් Apple වෙතින් ඉවත් කරනු නො ලැබුවේ නම් කිසිදෙයක් මේ තරම් යහපත් ලෙස සිදු නො වනු ඇති බැව් ඔහුගේ විශ්වාසය යි. එය ඔහුට අවශ්‍ය ම වූ මොහොතක දී ලැබුණු තිත්ත රසැති ‍‍ඖෂධයක් විය.

"ජීවිතය ඇතැම් විට ඔබේ ඔළුවට ගලකින් ගහනවා. නමුත් විශ්වාසය නැතිකරගන්න එපා. මගේ ගමනේ රහස මා කළ දෙයට මා ආදරය කිරීම යි. වැඩ කියන දෙය ඔබේ දිවියේ විශාල කොටසක් පුරවනවා. එයින් ඇත්තට ම තෘප්තිමත් විය හැකි ක්‍රමය නම් තමන් කරන දෙය උසස් දෙයක් බවට පත් කරගැනීමට වෙහෙස වීම යි. ඒ වෙනුවෙන් කළ හැකි දෙය නම් කරන දෙයට ආදරය කිරීම යි. එය ඔබට තවම හමුවී නැත්නම් හොයන්න. නතර වෙන්න එපා. ඔබට එය හමු වූ විට ඔබේ හදවත එය ඔබට ස්ථිර කරාවි. ඕනෑම ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවක දී සිද්ධ වෙන ආකාරයට වසරින් වසර එය වඩාත් යහපත් වෙයි. ඉතිං එය හමුවන තුරු සොයන්න. නවත්වන්න එපා."

කෝටිපතියෙකු වූ ඔහුට සිය ඩෙනිම් කලිසම්වල හිල් තිබීම ගැන වගේ වගක් නොවී ය. ඔහු කිසිදාක සිය ඇඳුම් ගැන සුවිශේෂ සැලකිල්ලක් නො දැක්වූවේ ය. ඔහුව කොතෙකුත් දක්නට ලැබුණේ ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ට් එකකින් නැතහොත් කොට කලිසමකින් සැරසී ය. ඔහු ඇපල් ආයතනයේ ප්‍රධානියා ලෙස ලබා ගත් වැටුප වූයේ වසරකට එක් ඩොලරයක් පමණි. එහෙත් ඔහු සතුව තිබුණු කොටස් හිමිකම් සහ වත්කම් අනුව ඔහු අමෙරිකාවේ පොහොසතුන්ගේ ලැයිස්තුවෙහි 42 වැනි ස්ථානයේ ද ලොව පොහොසතුන් අතර 110 වන ස්ථානයේ ද සිටියේ ය. 2011 ඔක්තෝබර් නම වැනිදා කරන ලද ලැයිස්තුගත කිරීම් වලට අනුව ස්ටීව් ජොබ්ස් තනිව සහ සාමූහිකව හිමිකරගෙන සිටි පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 342 ක් වූ අතර ඒ සියල්ල තාක්ෂණික සහ පරිගණක කෙෂ්ත්‍රයට අදාළ වූ ඒවා විය.

මරණයේ සෞන්දර්යය ජීවිතයට වඩා කිසිසේත් නරක දෙයක් නොවන බැව් වටහා ගැන්මට අසීරු මිනිස් මනස සදාකාලික ජීවිතයක් වෙනුවෙන් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරයි. තමන්ට ස්ථිරසාරවම මරණය සම්මුඛ වී ඇති ස්ටීව් සිය තෙවන කතාව ලෙස මරණය ගැන කතා කළේ ය. මේ ඔහුගේ ම වචන යි.

"මට අවුරුදු 17 දි මම මෙන්න මෙහෙම දෙයක් කියෙව්වා. ‘ඔබ ජීවත් වන හැම දවසක් ම එය ඔබේ ජීවි‍තයේ අවසාන දවස ලෙස ගත කළහොත් යම් දිනෙක ඔබ වඩාත් නිවැරදි පුද්ගලයෙකු වනු ඇත.’ එය මා තුළ වෙනසක් ඇති කළා. එදා පටන් පසුගිය වසර 33 පුරාවට ම හැම උදෑසනක ම කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන මම මෙහෙම අහනවා. ‘අද මගේ ජීවිතයේ අවසාන දවස නම් මම කරන්නේ අද මම කරන්න හිතාගෙන ඉන්න දේවල් ම ද?’ බොහෝ කාලයක් ඊට පිළිතුර වුනේ ‘නැහැ’ කියන එකයි. දේවල් වෙනස් විය යුතු බව එවිට මම තේරුම් ගත්තා.

මගේ ජීවිතයේ කළ බරපතල තේරීම් වලට මට උදවු වුනේ මා ඉතා ඉක්මණින් මිය යන්නට සිටින මිනිසෙකු බව මතක් කරගැනීම යි. මන්ද, මරණය ඉදිරිපිට දී සියලු බාහිර බලාපොරොත්තු, ආඩම්බරය , දුෂ්කරතා හෝ පරාජයන් ගැන ඇතිවන බය - මේ සියල්ල නැතිවෙලා යනවා. ඉතිරිවෙන්නේ ඇත්තට ම වැදගත් දේවල් පමණ යි. ඔබ මැරෙන්න ඉන්න බව මතක තියා ගැනීම ඔබට උදව් කරනවා ඔබට නැතිවෙන්න දේවල් තියෙනවා කියන සිතුවිල්ල නමැති උගුලෙන් ගැළවෙන්න.

වසරකට පමණ කලින් සොයා ගැණුනා මට පිළිකාවක් වැළඳී ඇති බව. එක්තරා උදෑසනක 7.30 ට පමණ කරන ලද ස්කෑන් එකකින් මගේ අගන්‍යාශයේ ගෙඩියක් පෙන්නුවා. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ අගන්‍යාශය කියන්නෙ මොකක්ද කියලවත්. වෛද්‍යවරු මට කිව්වා මෙය අනිවාර්යයෙන් ම සුව කළ නො හැකි, මරණය නියත පිළිකාවක් බවත් මට ජීවත් වීමට ඇත්තේ තව මාස තුනත් හයත් අතර කාලයක් බවත්. ඔවුන් මට කිව්වා ගෙදර ගිහින් සුපුරුදු ලෙස වැඩ කරන්න කියලා. වෛද්‍ය භාෂාවෙන් කියනවා නම් ඔවුන් මට කිව්වෙ මැරෙන්න ලෑස්ති වෙන්න කියලා. තව අවුරුදු 10 ක් තිස්සෙ ළමයින්ට කියලා දෙන්න හිතන් ඉන්න කතන්දර මාස කීපයකින් කියලා ඉවර කරන්න කියලා. පවුලෙ කටයුතු හරියට ලෑස්ති කරලා තියන්න කියලා. කොටින්ම සමු ගැනීම පටන් ගන්න කියලා.

එදා දවසම ඒ සොයා ගැනීම එක්ක ගත වුණා. එදා හවස නැවත මගේ පටක විශ්ලේෂණයක් කළා. ඔවුන් මගේ අගන්‍යාශයේ ඇති ගෙඩියෙන් සෛල කිහිපයක් රැගෙන එය පරීක්ෂා කළා. මම හිටියේ සිහිනැතිව. නමුත් මගේ බිරිඳ පසුව මට කියූ පරිදි ඒ පිළිකාව ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකි දුර්ලභ ගණයේ එකක් බව තේරුම් ගත් වෛද්‍යවරුන් සතුට දරා ගනු බැරිව හඬා වැළපී තිබුණා. ඔවුන් ශල්‍ය කර්මය කළා. මම දැන් හොඳින්.

ඒ මට මරණය සම්මුඛ වූ ආසන්න ම අවස්ථාව යි. මම බලාපොරොත්තු වෙනවා තව දශක කීපයකට ඒක එහෙම ම වෙයි කියලා. ඒ මොහොත පහු කළාට පස්සෙ කලින් බුද්ධිමය වශයෙන් පමණක් ප්‍රයෝජනවත් සංකල්පයක්ව පැවතුණු මරණය ගැන යමක් ස්ථිරව මට ඔබට කිව හැකියි.

කිසිවෙක් මැරෙන්න ආස නෑ. අඩුගානෙ ස්වර්ගයට යන්න හිතන් ඉන්න අයවත් කැමති නෑ මරණය හරහා එතනට යන්න. නමුත් මරණය කියන්නෙ අපි හැමෝට ම පොදු ගමනාන්තය. කිසිවෙක් එය මගහැරලා ගිහින් නෑ. ඒක එහෙම ම තමයි වෙන්නෙ, මොකද මරණය තමයි ජීවිතයෙදි කරන්න පුලුවන් හොඳම සොයා ගැනීම‍. එය යි ජීවිතයෙ විපර්යාසකාරකයා. එය පැරණි දෙයට අලුත් වෙන්න මග පාදලා දෙනවා. මේ මොහොත දි ඔබ අලුත්. නමුත් කාලය ගතවෙද්දි ඔබ පරණ වෙනකොට ඔබව ඉවත් කරනු ලබනවා. මේ කරම් නාට්‍යානුසාරීවීම ගැන සමාවෙන්න. නමුත් ඇත්ත ඒකයි.

ඔබේ කාලය සීමිත යි. ඒ නිසා එය වෙන කාගෙ හරි ජීවිතයක් ගත කරමින් නාස්ති කරන්න එපා. අනෙක් අයගේ චින්තනයන් වල ප්‍රතිඵල සමග ජීවත්වෙන දෘෂ්ටිමය උගුල්වලට අහුවෙන්න එපා. ඔබේ ඇතුළාන්තයෙන් නැගෙන ස්වරය අනෙක් අයගේ මතවාදවල හඬට යටවෙන්න දෙන්න එපා. වඩා වැදගත් දෙය වන්නේ ඔබේ හදවතට සහ ඇතුළාන්ත ඥානය ට ඇහුම්කන් දීමට තරම් ධෛර්ය සම්පන්න වීමයි. ඒවා කෙසේ හෝ දන්නවා ඔබ කවරෙක් විය යුතු ද කියලා. අනෙක් සියල්ල ද්විතීයික යි.

මම තරුණ වියේ දී ‘The Whole Earth Catalogue’ කියලා අපූරු ප්‍රකාශනයක් නිකුත් වුණා. එය මා අයත්වන පරම්පරාවට බිහි වූ බයිබල්වලින් එකක්. එය නිර්මාණය කළේ මෙතන ඉඳලා වැඩි දුරක් නැති තැනක ජීවත් වුන ස්ටූවර්ට් බ්‍රෑන්ඩ් කියලා පුද්ගලයෙක්. ඔහු ඒ ප්‍රකාශනය සඳහා තමන්ගේ කාව්‍යමය ප්‍රතිභාවත් යොදා ගත්තා. මෙය සිද්ධ වුණේ 1960 ගණන්වල මුල් කාලේ, ඒ කියන්නෙ පෞද්ගලික සහ ඩෙස්ක්ටොප් පරිගණක එන්න කලින්. එහි සියලු කටයුතු කෙරුණේ යතුරුලියන, කතුරු සහ පොලොරොයිඩ් කැමරා භාවිත කරමින්. එය හරියට ගූග්ල් (Google) මුද්‍රිත මාධ්‍යකට දැම්මා වැනි දෙයක්. ගූග්ල් එන්න වසර 35 කට කලින් ඔහු කළ ඒ දෙය එය පරමාදර්ශී, පිරිසිදු ක්‍රමවේද සහ උසස් සංකල්ප වලින් පිරුණු දෙයක් වුණා.

ස්ටුවර්ට් සහ ඔහුගේ කණ්ඩායම ‘The Whole Earth Catalogue’ කිහිපවරක්ම මුද්‍රණය කළා. සිය අරමුණ ඉටු වූ පසු ඔවුන් එහි අවසාන මුද්‍රණය පිට කළා. ඒ 1970 මැද භාගය යි. මම හිටියේ හරියට ම ඔබේ වයසේ. ඒ අවසාන මුද්‍රණයේ පිටුපස කවරයේ ඔවුන් ගම්බද පළාතක පාරකට හිමිදිරිය එළඹෙන පින්තූරයක් මුද්‍රණය කරලා තිබුණා. ඔබ ඉතා ගවේශනශීලී අයෙකු නම් ඔබව නවත්ත ගන්න අන්දමේ දර්ශනයක් ඒක. ඊට යටින් මෙන්න මේ වචන ටික ලියලා තිබුණා. "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." ඒ ඔවුන්ගේ සමුගැනීමේ පණිවුඩය යි. කුසගින්නේ ඉන්න. මෝඩයෙකු වී ඉන්න. මම මා වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනා කළේ එය යි. දැන් ඔබ නව මිනිසෙකු ලෙස උපාධිධරයෙකු වන මේ මොහොතේ මම ඔබ වෙනුවෙනුත් එය ම ප්‍රාර්ථනා කරනවා.

"කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න."

"Stay hungry; stay foolish"

ඔබ සැමට ස්තූතියි."




ආශ්‍රිත වෙබ් අඩවි:
allaboutstevejobs.com
wikipedia.org
tech.fortune.cnn.com
youtube.com
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Steve Jobs, Apple
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
bandaUK මෙහෙම කියනවා :
Buy APPLEs,
Used ONLY APPLEs,
you can....
Stay hungry!
Then after Magically,
U CAN stay foolish!
But APPLE Creations are Brilliant!
You’re wonderful man in both creativity and biasness fields.
Good Bye Steve Jobs!
Buy APPLEs,
Used ONLY APPLEs,
you can....
Stay hungry!
Then after Magically,
U CAN stay foolish!
But APPLE Creations are Brilliant!
You’re wonderful man in both creativity and biasness fields.
Good Bye Steve Jobs!


කිවුව වෙලාව- 2011-11-17 00:08:09
කළු මෙහෙම කියනවා :
යකුනේ...ඉතින් තොපි ඔක්කොම කවුරු හරි පෝස්ට් එකක් දැම්මම මොකක් හරි අල්ලගෙන කෑ ගහපියව්...! ගල් යුගයෙ ජීවත් වෙන්නෙ නැතුව එළියට ඇවිත් ලෝකෙ දිහා බලපන්!! ලෝකෙ දියුණු වෙලා..තොපි තාම ගල් ගුහා ඇතුළේ හෙළුවෙන් ඉඳගෙන එලියේ අඳුම් ඇඳන් ඉන්න එවුන්ට දත් විළිස්සනවා!!! කාල්කන්නි...! ස්ටීව් ජොබ්ස් කරපු එක වැඩක් හරි කොරල පෙන්නහංකො නිකන් දන්න බව පෙන්නන්ඩ බොරුවට දේශපාලනේ අල්ලගෙන කෑ නොගහ!!! හොඳ පෝස්ට් එකක්!! ජය!!!

කිවුව වෙලාව- 2011-11-07 02:38:16
jobs මෙහෙම කියනවා :
facebook says-
...,...,....,..., and 90 others like this.....

90 people like him
and
1 [one] idiot is shouting

pathetic!


කිවුව වෙලාව- 2011-11-04 09:35:11
Mathalan මෙහෙම කියනවා :
Sandunla, Sankala, malatheela ganata pita kasa gannawa.Linux, u are right...

කිවුව වෙලාව- 2011-11-04 07:57:59
Nuwan මෙහෙම කියනවා :
For "Stay hungry; stay foolish" you should have given a better translation then "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." because direct translation does not make much sense.

කිවුව වෙලාව- 2011-11-02 15:38:44
Guardian මෙහෙම කියනවා :
He cheated his friends out of money. He cut old colleagues out of stock options. He fired people with peremptoriness. He bullied waiters, insulted business contacts and humiliated interviewees for jobs. He lied his pants off whenever it suited him – "reality distortion field" is Isaacson's preferred phrase. Like many bullies, he was also a cry-baby. Whenever he was thwarted – not being made "Man of the Year" by Time magazine when he was 27, for instance – he burst into tears.

Steve Jobs: The Exclusive Biography by Walter Isaacson – reviewAn authorised biography doesn't hide the Apple CEO's shortcomings
guardian.co.uk


කිවුව වෙලාව- 2011-10-27 01:52:43
සඳුන් ප්‍රියංකර විතානගේ මෙහෙම කියනවා :
සංඛ ට එකග වෙමි.
මාලතී ට ස්තුතියි!


කිවුව වෙලාව- 2011-10-27 00:05:15
Unknown මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-25 22:29:43
මාරයාගෙ හෝරාව මෙහෙම කියනවා :
ඒක ඇත්ත දිනේෂ්..ඔබට මතකද මං මුලින්ම ඔබෙන් කරපු ඉල්ලීම... කොහොමද ජොබ්ස් මේක ඉගෙන ගත්තේ කියලා..? ඒ වෙන එකක් නිසා නෙවෙයි පහුගිය දවස්වල හුග දෙනෙක් ස්ටීව් ජොබ්ස් වන්දනා කරන්න ගත්තේ ඔහු ගැන දැනගෙන නෙවෙයි කියන එක මට හුගක් හිතිලා තිබුන කාරණයක්...

ඊ ළගට තැනින් තැන ඔහුව විස්තර කරපු අය කියන්නෙම පලවෙනි එක ගරාජ් එකේ හැදුවා කියන ටික විතරයි.. ඒ අස්සෙම කියවෙනවා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටුන විත්තියත්...

ඊටත් පසුව ටිකක් හොයලා බලනකොට ඔහුට ඉලෙක්ට්‍රොනික් පිළීබඳව විශිෂ්ඨයෙක් වෙන්න තරං දැනුමක් තිබුන විත්තියක් ලොකුවටම කිය උනෙත් නැහැ. ඔය ටික පේනකොට තමා මං ඔබෙන් ඇහැවුවේ විස්තර.. ඔබ කලින් ලිපියේ ඒ ගැන සෑහෙන විස්තරයක් කලා..එතනදී උනත් විශිෂ්ඨ හැකියාවක් මට පෙනුනේ නැහැ නිර්මාණකරණය අතින්... ඇත්තටම රහස තියෙන්නේ මේ මිතුරාගේ විය යුතුයි කියන එක මට ටිකක් හිතිලා තිබුනේ... සීයට සීයක්ම නැති වෙන්න පුළුවන් උනත් මං හිතන්නේ මං ගිය පාර වැරදි නැහැ කියන එකයි.

ස්ටීව් ජොබ්ස් හොඳ වෙළෙන්දෙක්..ඒකේ දෙකක් නැහැ..සමහර විට පසුකාලීනව ඔහු මුදල් ඉපයීමත් හරහා නැවත ඉගෙන ගන්නටත් ඇති.. එහෙමත් නැතිනම් තවත් අර වැනි දක්ෂයි‍න්ගේ හැකියාවන් කොල්ල කන්න ඇති... මං දැක්කා කලින් ලිපියේ කට්ටියක් රණ්ඩු සරුවල් කර ගන්නත් ඇවිත් තිබුනා සැබෑ බෞද්ධයකු සාර්ථක ව්‍යාපාරිකයෙක් විය හැකිද කියන කාරණාව ගැන... ඔය වෙලේ මටත් අදහස් දක්වන්න යන්න හිතුනත් මං මුකුත් නොකියා හිටියේ මේ දවස්වල එක දිගට කතා කර කර ඉන්න තරං වෙලාවක් නැති නිසයි. මොකද මමත් පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක් තමා බෞද්ධ දර්ශනය ලෙවකාපු අයට මිස ඒ තුලට කිඳා බැහැපු අයට සාර්ථක යැයි වර්ථමාන ලෝකය තුල සම්මත වී ඇති අන්දමේ ව්‍යාපාරිකයින් නොවිය හැකි බව...

ස්ටීව් ජොබ්ස් කියන මිනිසා තුලත් මං දන්නා ආකාරයේ සැබෑ බෞද්ධ ප්‍රතිරූපයක් කිසි විටකවත් දැක්කේ නැහැ... ඒත් අපේ අය ටිකක් කැමතියිනේ ඌත් අපේ එකෙක් කියලා කියන්න... ඒ ආසාවට මුකුත් නොකියා හිටියේ අන්තිමේදී කොහේවත් යන මුදලාලි කෙනෙක් හින්දා අපි අපි මොකට වාද කර ගන්නවද කියලා හිතලයි.. ඔය ජොබ්ස් ගැන කතා කරන්න ගිහින් මගේ හොඳම යාළුවෙකුත් මාත් එක්ක ආරෝවට ආවා නෙව... ආයේ ඉතිං මොකටද කාලෙත් නාස්ති කරගෙන මිනිස්සුත් තරහා කර ගන්නේ මට සත පහකටවත් වැඩකට නැති මනුස්සයෙක් වෙනුවෙන් මං පිස්සු නටන්නේ...

කොහොම උනත් 200 වැනි ලිපියෙන් ඔබ මං ඉල්ලපු දේ අඩු නැතිවම ලබා දීම ගැන අවසාන වශයෙන් බොහෝමත්ම ස්තූති වන්ත වෙනවා... ඊ ළග ලිපියෙන් හමුවෙමු...

[මාරයාගෙ හෝරාව@සත්සමුදුර.බ්ලොග්ස්පොට]


කිවුව වෙලාව- 2011-10-24 23:11:54
LINUX මෙහෙම කියනවා :
අයි-පොඩ් එක ඔයාව පුද්ගලභවනය කරන්නෙ නෑ; ඔයාගෙ අත්දැකීම අන් අයගේ අත්දැකීමෙන් වෙනස් වෙන හැටි පෙන්වන්නෙ වෙනස් සංගීත තේරිමකින්, නමුත් ඔයා අනිත් අය සම්බන්ධ වෙන අතුරු මුණතටම සම්බන්ධ වෙනවා අනිත් අය වගේම. මේ අතුරු මුණත වෙනස් නොවෙන භාවයක් සහ ලතාවක් ඇති සජාතීය ජන කණ්ඩායමක්: ඒ තමයි ඉලෙක්ට්රොනික භාණ්ඩ මාකට් එක. අයි-පොඩ් එක නම් මිත්යාව ඔයාට කියන හරි නිශ්ක්රිය කරන ආස්ථානය තමයි තමයි 'භාන්ඩ සේවා පරිභෝජනයෙන් තමයි සතුට ලබන්න පුලුවන්'කියන එක, ඒ වෙනුවට බොරු වෙස් ගැන්නු ප්රහර්ශයක් ඔයාට පෙන්නනවා.
ඔයා අයි-පොඩ් එකකින් තමාව පුද්ගලභවනය කරගන්න අතරෙ ඔයා වෙනත් සජාතීය ජන සමූහයකට ප්ලග් වෙනවා; සංස්කෘතික කර්මාන්තයට. සිංදු 10,000ක් සාක්කුවේ දාගන්න පුලුවන් පුළුවන් ඔයාගේ දෘඩ තැටියෙ පුද්ගලභවනයේ හැකියාව අනන්ත අපරිමාණයි. ඔයාට ඕන සින්දුවක් බාගෙන ඒ නිසා ඕනම පෞරුශයක් [රොක්, ජෑස්, ෆියුශන්] බවට පත් වෙන්න පුළුවන්; ඒත් ඒ සංස්කෘතික වෙළඳ පොළෙන් හරි ඒක හරහා හරි ගන්නා තෙක්. 'ඔයාට ඕන සින්දුවක් ගන්න පුලුවන් හැබැයි ඒ ඔයා ඒ සින්දු අපේ සින්දු පුස්තකාලෙන් තෝරනකම් විතරයි', වගෙ මිත්යා කතිකාවක් වෙනවා.
අයි-පොඩ් වෙළඳ ප්රචාරණය සොයා බලන අපිට තේරුම් යන්නෙ අයි-පොඩ් කතිකාව -අපි අපේ පුද්ගලික බව වානිජ සංස්කෘතිය මගින් ගොඩනගන එකක්, භාණ්ඩ -සේවා පරිභොජනය සතුට ඇතිකරන ක්රියාවක් - නම් දෘෂ්ඨිවාදී ආස්ථානය අක්රිය කරන එකක් බවයි.

බාර්ත, මයිතොලොජි, බොද්රිලාද් සහ අයි- පොඩ්
(ඒ ආර් ඩක්වර්ත් )


කිවුව වෙලාව- 2011-10-24 03:35:03
@ malathi kalpana මෙහෙම කියනවා :
මාලතී ඔයා ලිපියෙන් කියන්න හදන දේ පැහැදිලියි. තාක්ෂණය වෙලදපොල සමග බද්ධ වෙලා තියෙන සැටිත්, සෑම සොයා ගැනීමක්ම සූරා කෑම කාර්යයක්ෂම කරගැනීමට ධනේෂ්වරය විසින් යොදා ගන්නා හැටිත් ඔයා දන්නව.එත් ඔයා මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ මිනිස් මොලයේ අසිරිමත් බවට මලක් පුදන්න හදන එක.පරිඝනකය විතරක් නෙවේ සෑම දෙයක්ම අද බිස්නස් එකක්. පිලිකාවෙ ඒඩ්ස් වල ඉදල මැලේරියා පෙත්ත වෙනකම්ම ‍ජාවාරම.අලුත් වයිරස් හදල පරිසරයට දාල ඒවට බේත් හදන මහ ජාවාරම්කාර කොම්පැනි වලට විරුද්ධව බේත් නොබී මැරෙන්නෙ නෑනෙ අපි. අපිට ඒ ලෙඩේ හැදුනම උන්ගෙ බෙහෙත අපි ගත්තම එකෙන් උන්ගෙ කැත වැඩේට අපි උදව් කරනව කියල අපි බේත් නොබී මැරෙන්නෙ නෑ. ස්ටීව්ට මයිකල් ඩග්ලස්ට අපිට වඩා පිලිකාවට බේත් තියෙන බව ඇත්ත උනත් අපි පිලිකාවට බේත් හොයන්න එපා කියල කියන්නෙ නෑනෙ. පරමානු බෝම්බය කරපු විනාශය දැන දැනත් අපි මිනිස් සොයාගැනීම එපා කියන්නෙ නෑ
ඉතිං මාලතී ඒ වගේම අපි ඇපල් එපා කියන්නෙත් නෑ. ඇපල් විතරක් නෙවේ අපි ඩෙල් එකට කතා කලත් අහන්නෙ ප්ලෑන් තියෙනවද කියල. මයික්රොසොෆ්ට් විතරක් නෙවේ ටෙලිෆෝන් වයර් එකවත් හදල දෙන්නෙ නෑ ප්ලෑන් නැතුව. ඒ මේ වෙලද පොල අපිව සූරා කන හැටි
ඒත් මිනිස් මොලයේ අසිරිය සහ ඒ අතර තියෙන සම්බන්ධය මොකක්ද
පොඩි ටැබ්ලට් එකකි න්මහ පාරෙ බස්හෝල්ට් වල බස් වල ලමයි ඉගෙන ගන්නව. හවසට පාට් ටයිම් ජොබ් කරල නිදිමරල බස්එකේ තමයි විශ්ව විද්‍යාල ලමයි ඉගෙන ගන්නෙ.දැන් ඉස්සර වගේ නෙවෙයි ඒවා සාමාන්‍ය මිනිහට ගන්න පුලුවන්.අයිෆෝන් එකට සල්ලි දීල සිංදු දාන්න ඕන නෑ. පිටින් සිංදු දාගන්න පුලුවන් පහසුකම තියෙනව. අයි ක්ලවුඩ් එකක් මට නැතිඋනාට එකනම් පුදුම විදියට ජීවිතේ පහසු කරවනව
අසංඛය වයර් ප්‍රමානයකුත් ප්‍රොසෙසර් එකකුත් බරකුත් මිනිසාගෙන් නිදහස් කරවීමට තරම් ස්ටීව්ට මොලය තිබුන.
මේ ලෝකය වැඩවසම් ක්රමයෙන් ගැලවිලා ඉදිරියට යන්න ඕන නේද.
කල යුත්තේ මේවාට වෛර කරන එක නෙවෙයි. සියල්ලන්ටම මේ දේවල් ලැබෙන ලෝකයක් වෙනුවෙන් සටන් කිරීම
අයිපොඩ් අයිෆෝන් අයි පෑඩ් හරි ලස්සන විකාශනයක්. ස්ටීව් කාර්්‍යය බහුල ලෝකයට දීපු ප්‍රායෝගික උත්තර
ස්ටීව් හොයා ගත්ත දේවලවලින් මම ගන්න ප්‍රයෝජනය නිසාම මම ඒවාට ප්‍රේම කරනව. ඒත් මමත් එදා වේල හොයන් කන කෙනෙක් තමයි
මාලතී ඔයා හැමදාමත් කාලය යොදවල කියවල සිංහල පාඨකයට යමක් දෙනව.ඔයා කරන්නෙ අගය කල යුතු වැඩක්. ඔයා දිගටම ලියන්න.
මේ කොමෙන්ටුවෙ අරමුන ඔයාට මලක් පිදීමයිග


කිවුව වෙලාව- 2011-10-23 12:36:03
iSilva මෙහෙම කියනවා :
Yes he is an entrepreneur. But ask any businessman to do such innovative works on technology. He changed the concept of the consumer electronics.

That is the difference. We have to appreciate his outstanding talent and state of the art inventions. He is a genius in this century.

Don’t talk nonsense. Try to learn something from his life.


කිවුව වෙලාව- 2011-10-23 04:50:50
Nuwan මෙහෙම කියනවා :
I'm with you LINUX...
Little bit rough but every single thing you've told is Very very true...

Steve is nothing but a business man.. For those who can't understand that, we can't help it.. Poor them..

Not all the people understand the reality which has been decently covered by decorations...

@ Sanka: As always you're with really broad minded comments... (I always read your comments gladly..)

And lastly for the writer,
Thank you for the article but you should have written about someone else because there are plenty of great people out there to talk about not this man...! Boondy is not for these kind of men... It's for human beings who have really served humanity...!


කිවුව වෙලාව- 2011-10-23 04:21:56
peragrad මෙහෙම කියනවා :
සංඛ කියන කතාව ඇත්ත. steve ගේ සුදු පැත්තට වැඩ කළු පැත්ත වැඩියි. මම ඇමරිකාවේ ජිවත් වෙන ලාංකිකයෙක්, මගේ macbook කැඩිලා apple shop එකට ගියා වරද මොකද්ද බලන්න, උන් diagnose කරන්න විතරක් $240 ඉල්ලුවා. Repairs තියනවනම් ඒවාට වියදම අමතරව.මම පිටින් $40 ට වැඩේ කර ගත්ත. ඕනෙම වෙලවකක APPLE customer care එකට කතා ක රොත් ඉස්සලේල්ම අහන්නේ APLLE Care Protection plan (~$300 value ) තියනවද කියලා .නැත්තම් පොඩි ප්‍රෂන්යකට වත් උත්තර දෙන්නේ නෑ. Plan එක නැත්තම් එක ප්‍රශ්නෙකට ~ $20 යි.

කිවුව වෙලාව- 2011-10-22 10:28:49
සංඛ මෙහෙම කියනවා :
මාලතී ‍මේ ලිපිය තුලින් ඉස්මතුකරන්න හදලා තියෙන්නේ ස්ටීව් ජොබ්ස් කියන නිර්මාණකරුවා සහ ඔහුගේ ජීවිතය තුලින් ලෝකය ගත යුතු දේවල් සාරාංශ කොට දක්වපු එකක්. ඒත් මෙතන ප්‍රශ්න කරන කෙනා ඉලක්ක කරන්නේ ස්ටීව් ජොබ්ස් තුළින් සිදුවුනු ‍නරක සහ ඔහුගේ ජීවිතයෙන් ලෝකය ආදර්ශයට නො.ගත යුතු තත්ත්වයන්. මේක කළු සහ සුදු නැත්තං හොද හා නරක කියන දේ අතරින් එකක් විතරක් තොරගත යුතුයි කියන සිතිවිල්ලෙ ඉදන් කරන ප්‍රකාශයක්‍‍‍. අවසාන වශයෙන් මේ ප්‍රකාශයෙම එක අවස්ථාවක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්නේ දේශප්‍රේමී සහ දේශද්‍රෝහී කියන කොටස් දෙක විතරක් කියන එක.

ජොබ්ස්ගේ නරක ගැන ලියැවුණු ලිපි මමත් කියවලා තියෙනවා. විශේෂයෙන් ඔහු දෙවැනි වර ඇපල් ගොඩගන්න හදන කොට රැකියා විශාල ප්‍රමාණයක් නැති කරා. ලෝකේ ලොකුම කෝටිපතියන් අතරට ජොබ්ස් යනකොට ඔහු තවත් පවුල් දාස් ගාණක ආර්ථිකය විනාශ කරා. මේවා එක පැත්තකින් සාකච්ඡා විය යුතු දේවල්. ඇපල් සහ භා‍ණ්ඩ අර්චනකාමය ගැන තියෙන සම්බන්ධයත් අතිවිශේෂයි. විශේෂයෙන් බ්‍රෑන්ඩ් වන්දනාව. මොකද මේ වෙද්දි ඉන්දියාවේ ටැබ්ලට් එකක් හදලා තියෙනවා ඩොලර් 35කට ගන්න. ඒත් පේටන්ට් එකට තියෙන බලට හින්දා ඒවට ලොකු වෙළදපොලක් හදාගන්න බෑ. විශේ‍ෂයෙන් ඇපල් විසින් සැම්සුන්ග් සමාගමට රටවල් ගණනාවක නීති තහනම් දාලා තියෙනවා. අවසාන වශයෙන් ජොබ්ස් සහ ඇපල් එකේ කළු පැත්ත කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒත් අපේ ලලිත් කොතලාවලලා, හැරී ජයවර්ධනලා වගේ කෝටිපති ජාවාරම්කාරයොන්ට වඩා වගේම වොරන් බුෆේ වගේ ෂෙයා මාර්කට් ගේම් වලින්ම කෝටිපතියෝ වුණු එවුන්ට වඩා ස්ටීව් ජොබ්ස් ගේ චරිතයෙන් ලෝකේ ගත හැකි දේ බොහෝමයි. වඩාත් යහපත් හෙට ලෝකයක් ප්‍රාර්ථනා කරන කෙනෙක් ස්ටීව් ජොබ්ස් හොද පැත්ත කතා කරන්නේ සුභදායී අරමුණකින්. එහෙම වුණා කියලා ස්ටීව් ජොබ්ස් සුදු කිරීමේ හෝ ඔහුගේ නරක පැත්ත කතා නොකළ යුතුයි කියලා දෙයක් නැහැ.

අපේ පුරුද්දක් තමයි සංවාදයක් කරන්නේ ඒකට අවශ්‍ය විවෘතභාවයකින් නෙවෙයි අනිත් එකාව යටපත් කරලා නැතිකරලා දාන ස්වරූපයකින්. මේක මීට ඉස්සෙල්ලාත් මම සදහන් කරලා තියෙන දෙයක්. දැනට මගේ අදහස මේ මතුවෙලා තියෙන කරුනු අතරින් වැදගත් සංවාදයක් ගොඩනැගීමෙන් මේ ලිපිය කියන පිරිසගේ සිමාවන් වඩාත් පළල් වෙනවා. ඒකට වඩාත් හොද දායකත්වයක් කරන්න පුළුවන් ලිනක්ස් සහ ඒ සංකල්ප වලින් මතුවෙන මානුෂ්‍ය හිතවාදී ස්වභාවය ඉස්මතුකිරීමෙන් වගේම ලෝකය අල්ලගෙන ඉන්න වෙළද ඒකාධිකාරී තත්ත්ව හෙළිදරව් කිරීම මගින්. වඩාත් වැදගත් සංවාදයක් ගොඩනැගීමේ විනයක් පවත්වාගෙන යාමයි.


කිවුව වෙලාව- 2011-10-21 04:17:53
LINUX මෙහෙම කියනවා :
@අනේ සකෝ: තෝ දන්න රෙද්ද, තෝ ඇපල් ප්‍රොඩක්ට් එක අල්ලලා වත් තියෙනවද. ගොනෝ මම ඔය හැම අලුත් ප්‍රඩ්ක්ට් එකක්ම පාවිච්චි කරන නිසා තමයි බය නැතුව කියන්නෙ මුන් දෙයියෝ නෙවෙයි වෙලෙන්දො, කම්මල් කාරයො කියලා. තොපිට තොපෙ ගොන් කමට ඒක තෙරෙන්නෙ නැති හින්දා තමයි තෙරෙන්න ලිව්වෙ. තොට පුලුවන් ද ගොනෝ මැක්බුක් එයා එකක් ගන්න, තෝ ඒකට කෙළ හලන එකට තමයි කියන්නෙ අර්චනකාමය කියලා. තෝ දන්න Commodity fetish

කිවුව වෙලාව- 2011-10-21 03:10:21
LINUX මෙහෙම කියනවා :
@ Vindya: ඔයා ඩොලර් සත 72කට අයිටියුන්ස් වලින් සින්දු බානවද අනේ මේ පොර රියල් මින්හෙක් වෙන්න?/

කිවුව වෙලාව- 2011-10-21 02:43:23
LINUX මෙහෙම කියනවා :
@අලූක්කාල් ඉතිරි වාදීන්ට: ඔයාලා දන්න කෙහෙම්මලක් නෑ අනේ. බයිලා කියනවා ඇරෙන්න. වර්ජින් නිර්මාතෘ රිචර්ඩ් බ්‍රැන්සන්, ප්ලේබෝයි හියු හැෆ්නර් වගේ අයත් ඔයාට පොරක් වෙන්න පුලුවන් ඔයාගේ නොදන්නා කම නිසා. නොදන්නා කම ගැන පෙන්නුවාම ඇඟිලි කපන්න එන්නෙ ඉස්තිරි වාදෙන් නම් අපි කතා කරමු ලුසේ ඉරිගාරි ගැන හරි එයාගේ නැන්දා වුන සිමොන් දෙ බුවා ගැන හරි ඔයාලාට තෙරෙන බාසාවකින්.

කිවුව වෙලාව- 2011-10-21 02:37:52
Vindya මෙහෙම කියනවා :
The story of a real man!!!

කිවුව වෙලාව- 2011-10-21 02:34:12
LINUX මෙහෙම කියනවා :
Guy 1: Hey, how much did you pay for that mac?
Guy 2: $1500
Guy 1: So it must have a nVidia 8800 and like 4GB of RAM right?
GUy 2: No, onboard graphics and 1GB of RAM
Guy 1: So why was it so much?
Guy 2: The keyboard is nice


කිවුව වෙලාව- 2011-10-21 01:55:14
LINUX මෙහෙම කියනවා :
@ Sandun: ඇපල් නැති වුනාට අපි මැරෙන්නෙත් නෑ ඕයි. එක තමයි කියන්නෙ ස්ටෙවෙ ජොබ්ස් දෙය්ය්යෙක් නෙවෙයි කියලා,

කිවුව වෙලාව- 2011-10-21 00:38:10
LINUX මෙහෙම කියනවා :
ඔයාලා ඔක්කෝටම තියෙන්නෙ කාන්තා ලෝලනය එක අහිංසක ලෙඩක් මෙයා. ඔයාලා නොදන්නෙ මාකට් එක වැඩ කරන හැටි. ජොබ්ස් ගෙ මරණෙත් බිස්නස් කරපු ඇපල් කොම්පැනිය ගැන තේරුම ගන්න ඔයාලා බොඳල වැඩියි චූටි. ඇපල් වලින් කරන්නෙ භාණ්ඩ අර්චනකාමය කුළු ගන්වන එක මිසක් වෙන රෙද්දක් නෙවෙයි මෙයා. චීන බාල බඩු, සෝනි, බෝස්, නකමිචි ඔය බ්‍රෑන්ඩ් ඔක්කොම වැඩ කරන්නේ එකම විඩිහට. එයාලාගෙ මාකට් සෙක්ටර් එක විතරයි වෙනස්. මාකටින්ග් ගැන කොට්ලර්ගෙන් වත් ටිකක් ඉගෙන ගෙන එන්ට අනේ.
ඔයාල ලඟදි මැදමුලනින් මතු වූ සමාජ සාධාරණත්වයේ දෙවියො ගැනත් ලියයි නේද සුදෝ?


කිවුව වෙලාව- 2011-10-21 00:36:02
LINUX මෙහෙම කියනවා :
I looked at an advert for the iPod classic. I noted that through connection with the iPod the black figure is individualised and separated from the single-toned background. The iPod is also endowed with the expression and attainment of happiness and ecstasy. The iPod is endowed with value beyond its physical elements. I argued that the iPod, rather than produce individuals, asserts the market economies dominance over the personal sphere; the discourse of the iPod naturalises a capitalist ideology by asserting that individualism is brought and obtained through the market and through commodities. The iPod myth naturalises both the position that we construct our personality through commercial culture – pop music – and the position that happiness is achievable through the consumption of commodities.

Mekath therum ganna balanna thatamala hari..


කිවුව වෙලාව- 2011-10-21 00:27:08
LINUX මෙහෙම කියනවා :
The iPod does not individualise you; your experience may be different from others indicated by a different selection of music, but you plug yourself into the same interface as others. An interface of a homogeneous mass which retains a consistent form and style: the electrical goods market. The myth of the iPod communicates and naturalises the stance that only through the consumption of commodities can you achieve happiness; a state of simulated ecstasy. While “individualising” oneself through the iPod you plug yourself into another homogeneous mass; the culture industry. With a potential “10,000” songs in your pocket the ability for individualisation of your hard drive is immense. You can download any song you want and therefore represent any personality you wish; as long as it is from and through the culture industry. This amounts to the mythic discourse saying “you can have any song you want as long you choose it from our library of songs”. Exploring the structure of advertising discourse we realise that the iPod myth attempts to naturalise the ideological position which asserts that we construct we construct our individuality through commercial culture and that happiness is achievable through the consumption of commodities.

meakth kiyawanna, kukku patawu..


කිවුව වෙලාව- 2011-10-21 00:23:14
LINUX මෙහෙම කියනවා :
In the latest lawsuit piled onto an already complex series of legal actions that span the globe, Samsung this week filed a complaint against Apple in France alleging that the iPhone and iPad infringe upon three of its technology patents.
දෙය්යෝ හොරා කති, මෝඩයෝ මුන්ට දෙයියෝ කිය කිය වඳිති, ධනපති ක්‍රමය වැඩ කරන හැටි නොදන්න ගොන්තයින්ට ඉගෙනගනු පිණිස.


කිවුව වෙලාව- 2011-10-21 00:18:41
Torvalds මෙහෙම කියනවා :
Mr Linux
oyage thiyena amana kamata, karanna deyak na. Linux torwald wagema Stew Jobs thuth thamnge kshethraye pramanikawa yam deyak kala minissu. Jobs gana gaththoth ohu gana lokaye thiyena prathiruupaya paramadarhyi, namuth yamekuta anuwa eya ese nowe nam ekath gataluywak na. Eata oya me natta paagagena ochchara ka gahanne uwamana naha.


කිවුව වෙලාව- 2011-10-20 11:12:09
praveen මෙහෙම කියනවා :
@ Linux
මෙන්න දෙවිවරු, තමන්ට තියගෙන පරම්පරා හතකට කන්න පුලුවන් දේවල් සමාජය සතු කරපු වීරයෝ. මාකට් එකට පුක නොදී මේ වගේ මිනිස්සු ගැන හොයලා ලියන්ඩලා.
Tho maha parayek yakoo. ara kiwwa wage lede pahadili..kanthabeethikawa okata kiyanne. umbe devivaru kala ewa arenna tho kala ewwa kiyahanko balanna. tho karanne mewage katha samajayata kiyana ekada? Gon ulamek tho. yako issella liyanna igena ganin. kunuharupeth lassanata liyapan. Ane tho maraket ekata nodi indapan..oya nodi indapu aya thamai poolime dunne..
Tho kantha beethikawen pelena kaalakanniyek. umba gaanunta bayai neda? Aththa kiyahan....hi hi hi.....


කිවුව වෙලාව- 2011-10-20 05:26:31
අනේ සකෝ මෙහෙම කියනවා :
@LINUX
අනේ ගොන්ත මිනිහෝ උඹේ ඩෙල් එකයි උඹයි දෙකම ගහගනින් පස්සෙ..
තොගේ අමාරුව පේනවා.පැහැදිලියි. ඕකට කියන ලෙඩේ ඔය කවුද කියල තිබ්බෙ..උනේ මිනිහෝ අර කිව්ව වගේ සංවර වෙයං...බලාගෙන ගියහම නොමිලේ සමාජයට දේවල් දීපු අය ගැන ඔයා මාර දේවල් දන්නවානේ. ඔයා මොනාද නොමිලේ දෙන්නේ...ඔය ඔයාට තියෙන ලෙඩේද...?
ඕවට ප්‍රතිකාරවත් නෑ කරුමෙට..ආකල්ප වෙනස් කරන්න අමාරුයි නේ..නැද්ද මෙයා..


කිවුව වෙලාව- 2011-10-20 05:16:13
sandun මෙහෙම කියනවා :
ලිනක්ස් බූරුවට තියෙන්නෙ දෙකයි පනහෙ ස්ත්‍රී විරෝධයක්... ලිනක්ස් නැතුවට අපි මැරෙන්නෙ නෑ ඕයි

කිවුව වෙලාව- 2011-10-20 04:59:49
@linux hero මෙහෙම කියනවා :
බූරුවෙක් වගේ තප්පුලන්නෙ නැතුව ඔය කියන අය ගැන.. ඉතින් උඹ ලියහන්කො මහත්මයො... මූලග්ගින්නද? නැට්ට උස්සන් කෑ ගහන්න තරන් මාර දෙයක් නෙමේනෙ ඕක. ඉස්සෙල්ලා සOවර වෙන්න.

කිවුව වෙලාව- 2011-10-20 04:57:52
LINUX මෙහෙම කියනවා :
@අනේ සකෝ: ස්ටීව් ජොබ්ස් මගෙ ඩෙල් මැෂිමට සම්බන්ධයක් වෙන්නේ කොහෙන්ද? ඇපල් හරි පික්සාර් හරි ඩෙල් කොම්පැනිය ගත්තෙ කවද්ද? දන්නැති එව්වට කට නොදා ඉන්න අනේ.

කිවුව වෙලාව- 2011-10-20 04:55:07
සුභද්‍රා මෙහෙම කියනවා :
ස්තූතියි මාලතී

කිවුව වෙලාව- 2011-10-20 04:54:49
LINUX මෙහෙම කියනවා :
Torvalds earned his masters degree in computer science at the University of Helsinki, where the computers ran UNIX, an operating system designed by Bell Labs. UNIX was common on huge computers with many users, but it was bulky, expensive, and impractical for personal computers. Torvalds had a PC that came with Microsoft's crappy and crash-prone operating system, MS-DOS, and of course, he hated it. He installed Minix, a PC-compatible mini-mimic of UNIX, but he wanted something more flexible and user-friendly, so in 1991 Torvalds spent several months writing a compact operating system for his PC. He almost called it Freax, but decided on Linux.

He posted an announcement to the Minix group on USENET, and made the Linux source code available to other nerds free of charge. Programmers everywhere started adding their own improvements, and eventually companies like Red Hat, Corel, Caldera, and TurboLinux began selling their own versions of Linux.

මෙන්න දෙවිවරු, තමන්ට තියගෙන පරම්පරා හතකට කන්න පුලුවන් දේවල් සමාජය සතු කරපු වීරයෝ. මාකට් එකට පුක නොදී මේ වගේ මිනිස්සු ගැන හොයලා ලියන්ඩලා.


කිවුව වෙලාව- 2011-10-20 04:50:55
LINUX මෙහෙම කියනවා :
ඇපල් කොහෙද අනේ යුනිකෝඩ් සපොර්ට් කළේ? ඔයා මාර අයි ටී. ඔයා ඇපල් අයි පෑඩ් එකකද ට්යිප් කරේ? ඔහොම වටේටම කඩේ ගිහින් ඉන්න ඩාර්ලිං. ස්ටීව් ජොබ් ලුක්‍රටිව් මාකට් එකක් හදලා ඒකට ඇබ්බැහි කෙරෙව්ව අය අපි හොඳින් දන්නවා.ක්‍රොස් ප්‍රොඩක්ට් එක්ස්ක්ලුසිවිටි තියාගෙන මොනොපොලි හදන්න හදන හැටි ඔයා වගේ ගොඩයින්ට නොතෙරුනාට අපිට නම් තෙරෙනවා. අ/න්කිත දෙය්යො අනේ ගොන් හැත්ත. විකාසන අවස්තාව, ආච්චිගෙ හැට්ටෙ. ගිහින් පුෂ්පානන්ද ඒකනායක ගෙන් අහලා එන්න පූසෝ.

කිවුව වෙලාව- 2011-10-20 04:40:42
අනේ සකෝ මෙහෙම කියනවා :
@LINUX
පෞද්ගලික අමාරුකම්වලට මෙතන පහරන්න එපා..බඩ බුරුලෙන් යවා ගන්න අරළු පෙති දෙකක් බොන්න. තක්කඩි කොමෙන්ට්දැකල හිනා කනවා..හහ්..හහ්..හිහ්...හිහ්...අනේ සකෝ බොලෑ මේ කොමෙන්ට් එක ලියල තියෙන්නෙත් ඒ මිනිහ හදපු යන්තරේක විකාසන අවස්ථාවක තමයි බොල... දැන් බොලෑ කියන්නෙ බොගේ ගැන ලියන්නද...? අනේ පව් රංජි ඔයා....!


කිවුව වෙලාව- 2011-10-20 02:35:12
LINUX මෙහෙම කියනවා :
ජනප්‍රිය වෙන්න ආසා උනාම ඕන ගූ ගොඩක් යටින් තමන්ගෙ නම දා ගන්න ට්‍රයි කරනවා නෙඩ? ස්ටිව් ජොබ්ස් ගේට්ලා වගෙ බිස්නස් කාර්යො ලොකු වෙලා පිස්සු ලියන්නෙ ඔයිට වඩා ඕ එස් හදලා එවා නිකන් සමාජයට දුන්නු දෙවිවරු ගැන නොදන්න නිසාද නැත්තන් තක්ක්කඩි කමටද? (ලිනස් තෝවොල්ඩ්) ගැන ඔයා දන්නවද මේ වෙළඳ තක්කඩියන් ගැන දෙයියෙක් කියලා ලියන්නෙ. අංකිත තොරතුරු ගැන මේ වගේ වෙළෙන්දන්ට වඩා වැඩ කරන පොරවල් ඉන්නවා, අනේ රංජනී පවු ඔයා

කිවුව වෙලාව- 2011-10-20 00:55:44
Nisal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 21:24:20
Shina Ekathukarannek මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 02:20:02
Mellissa මෙහෙම කියනවා :
ඔහු ශ්‍රේෂ්ඨයෙක්...!

කිවුව වෙලාව- 2011-10-19 00:48:26
රසික මෙහෙම කියනවා :
ගොබ්ස් ගොබ්බයෙක්ම කියල පේනවා දාල තියෙන කමෙන්ට් එකෙන්ම..
මේ නොදන්න දේවල් නං ඔයා දන්න දේවල් කියා දෙන්නකො අපිට...


කිවුව වෙලාව- 2011-10-18 23:02:51
nayana මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-18 22:27:30
jobs මෙහෙම කියනවා :
@ගොබ්ස්

කොහොමද?
පුද්ගලික තරහ අකුරු එක්ක පිරිමහන්න එප මුඩුමයො


කිවුව වෙලාව- 2011-10-18 22:27:02
ගොබ්ස් මෙහෙම කියනවා :
නොදන්න රෙද්දවල් ලියන්න ගියාම ඔහොම තමයි රන්ජනී

කිවුව වෙලාව- 2011-10-18 22:00:17
Samarakoon Pathiraja මෙහෙම කියනවා :
Goodbye Steve Jobs!
So much you have contributed to the world
without I realize, is tear in my eyes and heart
And not only me
but everyone in the world find it
It feels too fast that the world leave
All your creation will be remembered and stored by the world
Goodbye Steve Jobs,
I hope you find peace

-therepublika


කිවුව වෙලාව- 2011-10-18 19:11:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook