Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හදිස්සියේ මම යන්නේ දුර ගමනා - ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා
බූන්දි, 17:46:36
.....ලාම්පු චන්දය නමින් කුප්‍රකට වූ ඊනියා ජනමත විචාරණය පවත්වන ලද්දේ 1983 දී පැවැත්විය යුතු වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය නොපැවැත්වීමට ය. එය සාධාරණ ව පැවැත්වූ චන්ද විමසීමක් නොව, අමු ම අමු චන්ද කොල්ලයක් බවට නිදසුන් රැසක් ඒ චන්ද විමසීම සම්බන්ධයෙන් චන්ද කොමසාරිස්වරයා නිකුත් කළ නිල වාර්තා පොතෙහි අඩංගු විය. චන්ද කොමසාරිස් වාර්තාව එ සේ නිකුත් ව තිබිය දීත් ජනාධිපති ජේ. ආර්. තුමා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය සමග සාකච්ඡාවක දී කීවේ ශ්‍රී ලංකාවේ චන්දදායක බහුතරය ලාම්පුව ලකුණ හමුවේ කතිරය ගැසීමෙන් චන්දය කල් දැමීමට කැමැත්ත පළ කළ බවකි; චන්දය කල් දැමුවේ තමා නොව චන්දදායක ජනතාව බවකි.

මහ ජනතාව චන්දය කල් දමපු බවක්
ජනපති කී ය බීබීසියෙන් ලොවට
වැඩි කරලා දැල්ල ඉහළට ලාම්පුවේ
මා සොයනවා පිච්චිය යුතු මුකය මෙ සේ

කීවේ ඕක කටකින් වෙන්නට බැරි ය
කළ දේ චන්ද කොමසාරිස් ලියා තිබේ
මට මේ ලාම්පුවෙ දැල්ලෙන් පුච්චන්න
කෝ ඔය මහ බොරුව ලෝකෙට පැඩපු තැන


-1988 පෙබරවාරි 09

******

ජනපති ජේ ආර් නාකිය, බැරිය වැඩ
පවසා තිබේ සිරිමා වැඩ ගැන දන්න
ජේ. ආරුත් කී ය දෙ දෙනාගේ වෙනස
මේවා දේසපාලන කොමළ ය, එ නමුත්

අවිස්සාවේල්ලෙදී සිරිමා කීව
වයස් කතාවෙන් සිහි විය ජනකවියක්
"හදිස්සියේ මම යන්නේ දුර ගමනා
ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා"


-1979 අප්‍රේල් 11

අග දෙ පේලිය බොහෝ ගැමියන් දන්නා ජන කවියකිනි. ජේ. ආර්. ට තම මර්දනකාරී කෲර දේශපාලනය කිරීමට වයස බාධාවක් වුණේ නැත. රටේ ප්‍රශ්න විසඳන්නට බැරි වුනේ නාකිකම නිසා නො වේ. ඔහුගේ ඊනියා දේශපාලනයේ වරදින් ය. ඒ නිසා විවේචනය කළ යුත්තේ ඔහුගේ වයස නොව දේශපාලනය ය යනු රංචාගොඩ ළමයාගේ අදහස ය.

සිරිමා තුමිය ජේ ආර් ගේ තුමාගේ නාකිකම ගැන කියන විය එතුමියගේ වයස ද හැට තුන වෙමින් තිබිණි. "ළමිස්සියේ නුඹ සිටිනා ගම කො තැනා" යන ජනකවි පදය රංචාගොඩ ළමයාට සිහි වුණේ ඒ නිසා ය. සිරිමා තුමියගේ ප්‍රකාශයෙන් සතියකට පසු අනුර බණ්ඩාරනයක තුමාගේ ප්‍රකාශයක් ගැන ය මේ;

හැට පැන සිටින නාකින් හට බණින පුතේ
කොහොම ද බලාපන් උඹෙ තිරිහන් අම්මා
මෝරනවා පැඟිරි, ඊයෙට හැට තුන ය
මගෙනුත් උපන්දින සුභ පැතුමක් මෙන්න

හඳෙන් හාල් ලංකාවට ලැබෙන තුරු
වෙඩි කා මැරුණු සිසුවා නැඟිටිනා තුරූ
මාන්නය අහංකාරය තිබෙන තුරු
මගෙ ආයුසත් අරගෙන ජීවත් වෙත් වා!


1979 අප්‍රේල් 18

********

ටයර් සෑ යුගයට අධිපති වූ ආර්. ප්‍රේමදාස තුමා තරමට ම නැතත්, බයිසිකල් චේන් යුගයෙන් ටයර් සෑ යුගයට මඟ පෑදූ ජේ. ආර්. ජයවර්ධන තුමා ද තම සවුත්තු දේශපාලන ප්‍රතිරූපය විසිතුරු කර ගැනීමට කළ එක් දෙයක් වූයේ, තමා වර්ණනය වන ලෙසට අතීත කතන්දර කීම ය. සමහර විට, වැඩිහිටි බහුශ්‍රැතයන් ද තමාට ගාවා ගනිමිනි.

ජුනියස් රිචඩ් ජයවර්දන උතුමා
ගත්තේ දේසපාලනයට අඬගහලා
මහකවි පියදාස සිරිසේන ලු එ කල
හිතලා බැලුවෙමි මේ ගැන ටිකක් දුර

බිළිඳුන් මෝඩයන් අඟනන් හා කවියන්
කරනා වැරදි සැලකිය යුතු නැති හන්දා
මේ වරදටත් මහ කිවිඳුට සමාව ය
අයියෝ සිරිසේන! අයියෝ සිරිසේන!


1979 මැයි 25

-(රංචාගොඩ ළමයා සහ ඇත්ත [1995] කෘතියෙන්)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ranchagoda Lamaya saha Eththa, J.R. Jayawardena, R. Premadasa, Sirima Rathwaththe Bandaranayake, Anura Bandaranayake
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ruwan... මෙහෙම කියනවා :
මේ වරදටත් මහ කිවිඳුට සමාව ය
අයියෝ සිරිසේන! අයියෝ සිරිසේන!

පුදුම උපහාසයක්!


කිවුව වෙලාව- 2011-11-11 17:49:30
rose මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-04 09:59:57
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සිරිලාල් කොඩිකාරගෙන් තවත් වියමන්
වෙසෙස්
"සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්"
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook