බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
බූන්දි, 21:14:09
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.

සුහර්ෂනී ධර්මරත්නගේ පද රචනයෙන් ද එම්. ආර්. චූලසිංහගේ ස්වර රචනයෙන් ද සමලංකෘත මේ ගීතය නිල- ධනේශ්වර ගීත විචාරය විසින් ඉහලින් ම වර්ණනයට පාත්‍ර කරනු ලැබූවකි.

"බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කළ..."


ගීතයෙහි කථකාව නගරයට පැමිණෙනුයේ හුදෙක් සංස්කෘතික සංදර්ශනයක් නරඹා ආපසු ගමට යනු පිණිස නො හේ.

පංති සමාජය තුළ දිවිගෙවන්නන්ට තම ජීවන පැවැත්ම තහවුරු කරගනු වස් ස්වකීය කැමැත්තට පිටින් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුල්වීමට බල කෙරෙයි. මේ ගීතයෙහි කථකාව ද එසේ ධනේශ්වර සමාජ කොන්දේසි යටතේ ගමෙන් නගරයට ඇද දමනු ලබන්නියකි.

එබැවින් පද රචිකාව පෙරහැර නම් රූපකය මෙහි දී යොදා ගනුයේ නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි යථාර්ථය රූපනය කරනු පිණිස විය යුතුය.

එහෙත් වැඩවසම් සමාජ පරිසරයී ය ධ්වනිතාර්ථ ගැබ්කොට ගත් පෙරහැර වන් රූපකයක් තුළින් නාගරික ධනේශ්වර සමාජ ජීවිතයෙහි රිද්මය කිසිසේත් ම මතු ව නො යේ.

නාගරික පරිසරය තුළදී කථකාව ලිංගිකව සූරා කැවෙයි.

එනමුදු මෙකී අත්දැකීම හා බැඟනු සමාජික විෂය තවදුරටත් සූක්ෂ්මාත්මතාවයෙන් යුතුව ගවේෂණය කරනු වෙනුවට, සුළු ධනේශ්වර රැඩිකල්වාදී දෘෂ්ටියක් වන ස්ත්‍රීවාදයෙහි පීඩනයෙන් මැඩී ගිය පද රචිකාව, කථකාව සමග අනන්‍ය වෙමින්, එම දෘෂ්ටිවාදාත්මක කුණපය යථාර්ථය මත බලෙන් පටවයි:

"පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී..."


රචිකාවට අනුව කුදු මහත් සමාජ දේහය ම රාගාග්නියෙන් ඇවිලෙයි. සෙයිලමේ මතු නොව ගම් මැද්දේ ද බමර පිරිවර රොන් සොයා ඇදෙති. පන්ති පීඩා නැත. වාර්ගික පීඩා නැත.

'ග්‍රාම ධර්මය ම' ජීවිතය කොටගත් මේ පුරවරය (පුරිස සංහතිය) දවා හළු කරන ලෙස අවසන ඇය සිද්ධ පත්තිනිය යාදින්නී ය:

"කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී..."


එපමණකුදු නොව මෙහි දෙවන හා තෙවන පාදයන් හි:

"දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින..."

යන තන්හි භාවය වනුයේ ගිනි ගැනුනු පුරවර දවාලනු යන්නයි. ගිනි ගැනුනු පුරවර යලි දවාලන්නේ කෙලෙසක ද? මෙය අර්ථ පුනරුක්තිය හෙවත් ඒකාර්ථ දෝෂය යි.

පුරුෂෝත්තමවාදය මෙන්ම ස්ත්‍රීවාදය ද පාලක පන්තික ව්‍යාජ විඤ්ඤානයකි.

ස්ත්‍රීවාදී විඤ්ඤානවාදීන්ට අනුව පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය යනු හුදෙක් පුරුෂෝත්තමවාදී සමාජයට හා පුරුෂයන්ට නෛසර්ගිකව ම ආවේනික දුෂ්ට චෛතසිකයක ප්‍රතිඑලයක් නිසා ඇතිවන දුගතියකි. එසේ ම පුරුෂෝත්තමවාදී විඤ්ඤානවාදය ද, ස්ත්‍රීය නෛසර්ගිකව ම පවිටු, චපල ආධ්‍යාත්මයකින් යුත් අධම ගණයේ සත්ව විශේෂයකැයි ද එහෙයින් ම ඇය දඬු ගසා යටත්කොට තබාගැනීම යුක්තියුක්ත වේ යැයි ද පවසයි.

ඊට විපරීතව ස්ත්‍රී පීඩනයෙහි මෙන් ම පුරුෂෝත්තමවාදයේ ද විෂයබද්ධ මූලයන් පවතිනුයේ මානව ඉතිහාසයේ පුද්ගලික දේපල ක්‍රමය බිහිවීමත්, එහි විකාශනයත් තුළ ය.

එබැවින් පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය නිරවශේෂයෙන් ම අහෝසි කළ හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති පෙරටු බලඇණිය යටතේ සංවිධානය වෙමින් පුද්ගලික දේපල ක්‍රමය මිහිමතින් අතුගාදැමීමෙන් පමණකි.

කරුණු මෙසේ වන හෙයින් සුහර්ෂනී ධර්මරත්නගේ මේ පද සරණියෙන් පන්තිසමාජයී ය ස්ත්‍රියගේ ඛේදවාචකය පිළිබඳ තථ්‍ය ඥානය අප හමුවෙහි සම්පාදනය නොවේ.

එහෙයින් ම, එම්. ආර්. චූලසිංහගේත් නන්දා මාලනීගේත් ප්‍රයත්නය ගැන කියනු ම කවරේ ද?

බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කල
පෙරළා එන්නට නොහැකිව
පාර වැරදුනි
සෙයිලමේ බමර පිරිවර
උදව්වට ඇවිත් කළ වින
කියන්නට ගියේ දෙවොලට
ගයා යාදිනි

ගොහින් මව්පියන් සමගින්
වැටී අඩදනින් බැතියෙන්
වඳින කල දෙවොල හිසමත
කැඩී පෙරලුනී
සිව්වරම් පතා ළසොවින
තිරෙන් මුවාවට ගිය තැන
අනේ ඳෙවිඳු පාමුල
ඉන සළුව ගිලිහිනී

පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී
කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bala enata maha perahara - Sidadiyata man giya kala, Suharshani Dharmaratha, Nanda Malini, M.R. Chulasinghe
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
DEEPA MADAGAMA මෙහෙම කියනවා :
ALUTH KIYAWEEMAK. AGAYA KARAMI.

කිවුව වෙලාව- 2011-12-08 07:38:38
jayamanne unnahe මෙහෙම කියනවා :
1. ස්ත්‍රි පීඩනයේ මුල් ඇත්තේ පන්ති සමාජය බිහිවිම තුලය කියලා කිව්ව එ0ගල්ස් ගල් මෝඩයෙකි. ඒක හින්දා ඔය ස්ත්‍රි පිඩනය කියන කරුමේ ධනපති ක්‍රමේ තියෙද්දිම සුන්නත්දුලි කොරලා දාන්ට පුලුවන්ය. පුරුශෝත්තමවාදේ කියන්නේ පිරිමින්ගෙ ඔලුවේ කච්ල් එකක් හින්දා ධනපති සදාචාරෙන් ඕක කොරන එකට ස්ත්‍රිවාදී ස්0විධාන ටිකක් තිබ්බාම ඇතිය.
2.ලෙනින් උන්නැහේ ස්වය0 නිර්න අයිතිය කියන සූත්‍රය පෙරට දැම්මේ කම්කරු පන්ති විප්ලවයේ මුලෝපායට යටත්ව ඉදිරිපත් කොරන උපායක් විධියට නොවේය.ධනපති ක්‍රමෙන් පීඩිත ජාතියේ ඔක්කොම පුරස්න විසදන්ට ඇහැකි බව ටක්කෙටම දැන් උන් හින්දාය.
3.කලාවේ දෘශ්ටවාද නැතිය. කලාවිචාරයටද ඒ හින්දා ඕවා ඕනැ නැත. රසය තියෙනවද උපමා රූපක කොහොමද වගේ දේවල් බැලුවාම හොදටෝම ඈතිය.
මෙව්වා හරි නම් විජය නන්දන වැරදිය...නැත්ත0 අපේ කොමෙන්ටුකාර මහත්තැන්ලාට කොහොමින් හෝ වැරදිලාය.....හොහ්..හොහ්
ඇඩී ජයමාන්න


කිවුව වෙලාව- 2011-12-07 07:26:59
තුන්වැන්නෙක් මෙහෙම කියනවා :
මේ කතා බහ මීට වඩා සංයමයකින් කරනව නම් හොඳ නේද මිතුරනි? ප්‍රති අදහස් දරන්නාට හොම්බට අනින ක්ලැශියස් ක්ලේ සංවාද වලින් පාර්ලිමේන්තු දානවට වඩා....

මේ ගීය හොඳ ගීයක්. මේ කියවීම දෘශ්ටිවාදී යි. අන්තවාදීයි. ගීයක් විචාරය කිරීමට මේ තරම් බරපතල න්‍යාය සේවයට කැඳවන්නේ ඇයි කියා මට හිතා ගන්න අමාරුයි.


කිවුව වෙලාව- 2011-12-06 22:16:39
සුමනේ මෙහෙම කියනවා :
@Janaka Gunathilake
ඕනම කෙනෙක්ට තමන් ඉන්න දේශපාලනය කතා කරන්න හැකිය. නමුත් නිෂ්පාදනය වෙලා තිබෙන නිර්මාණ ඒවට අදාළ කරගෙන කතා කිරීම පාර්ලිමේන්තු ගොං පාට් එකකි. මේ ගීතය තුළ විශද කරන ස්ත්‍රී ලිංගික සූරා කෑම(මේ කියන්නේ සංසර්ගය කියල විතරක්ම කියල ඔයා ගන්න ඉඩ තියෙනවා. මොකද ලිංගික සූරා කෑම කියන්නෙ කට්ටිය ඕකට විතරක් නිසා...හැබැයි ඒක විතරක්ම නෙමෙයි හරිද මෙයා...)මීට වඩා කිලෝමීටර් ගාණක් දුරට විහිදෙන ගැඹුරක් සහිතව සාකච්ඡා කිරීමක් තමයි කෘතිය විසින් ඉල්ලන්නෙ. ඒක ඔයාටයි ඕක ලිව්ව විජය නන්දනටයි නොතේරෙනවට කරන්න දෙයක් නෑ. මේක පෙරහැර බලල එන්ඩ සිදාදියට ආපු ස්ත්‍රී ශරීරවලට වෙච්ච දේ. ඒක පබාටත් අනර්කලීටත් එයාගෙ අම්මටත්, මාලනීටත්, සබීතටත්, සුමනා ගෝමස්ටත්, ගීතටත් රෝසිටත්, සමිතටත්, ගමේ නන්දනී අක්කටත් අදාළයි. අන්න ඒ දේශපාලනික කියවීමයි මේ ගීතය ඉල්ලන්නෙ. එවැනි පරිසරයකින් බැහැරව ටොපි කොලේ පිටින් ටොපියක් කන්න ගියාම විජේ නන්දන වැටිච්ච අමාරුවක මහත තමයි මේ.


කිවුව වෙලාව- 2011-12-06 21:37:27
wijenayake මෙහෙම කියනවා :
@ ස්ත්‍රීය
විචාරකයා මෙහිදී 'නිරවශේශ්යෙන්ම' යන පදය යොදා ඇති බැව් නොපෙනේද? ඉන් අදහස් කෙරෙන්නේ ස්ත්‍රින්ට මේ පීඩාවන්ට එරෙහිව අරගල නොකර සිටිය යුතූය යන්න නොවේ.පීඩිතයන්ගේ අරගලයන්හි අරමුනු "නිරවශේශයෙන්ම " ජයගත හැක්කේ ඊට මූල හේතුව වු පන්ති සමාජ්ය අහෝසි කිරීමෙන් පමනක් බවයි.එය දෙමලාටද එසේමය.ඉන් දෙමල විමුක්ති අරගලය හෝ මීට අදාලව ගතහොත් ස්ත්‍රින්ට ,ස්ත්‍රි පිඩනය සදහා ඇති අරගලයන්ට විරුද්ධව යන්නක් ලෙස ගැනිම සරල මතිකය.
එOගල්ස්ගේ "පවුල පෞද්ගලික දේපොල හා රජය" යන ග්‍රන්ථය මෙන්ම ජාතික ප්‍රශ්නයට අදාලව ලෙනින්ගේ ලිපිද මැනවින් හදාරන ලෙස "ස්ත්‍රිය" නමින් අදහස් දක්වා ඈති සහෝදරියට/සහෝදරයාට මිත්‍රත්වයෙන් ඈරයුම් කරමි.


කිවුව වෙලාව- 2011-12-06 21:23:19
ස්ත්‍රිය මෙහෙම කියනවා :
එබැවින් පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය නිරවශේෂයෙන් ම අහෝසි කළ හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති පෙරටු බලඇණිය යටතේ සංවිධානය වෙමින් පුද්ගලික දේපල ක්‍රමය මිහිමතින් අතුගාදැමීමෙන් පමණකි.
දැන් ඉතිං දෙමලාගේ ප්‍රශ්ණයට විතරක් නෙවේ ස්ත්‍රී ප්‍රශ්ණයටත් එතකල් මග බලා ඉන්න වෙනවා.ලේසියි වැඩේ.ඇස් දෙකින් දකින්නෙ ඔලුව ඇතුලෙ තියෙන එකම බ්ලොක් එක. වෙන හැඩතල මේ ලෝකෙ නෑ විජය නන්දන වගෙ කට්ටියට


කිවුව වෙලාව- 2011-12-06 14:08:47
dhanu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-06 09:08:20
Janaka Gunathilake මෙහෙම කියනවා :
@ සුමනේ
මෙහිදී විචාරකයා කථා කොට ඇත්තේ ගීතයෙහි 'කථකාව' වන පීඩිත කාන්තාව පිලිබදව වන හෙයින් 'කොහේදෝ යන' අනර්කලි, ගීතා, පබා ආදි ස්ත්‍රින් පටලවාගන්නට යාම අදාල ගීතය පිලිබද ප්‍රස්තූනයෙන් පිට පැනීමක් මෙන්ම ඊට අනවශ්‍ය ලෙස වද දීමකි. එසේම පන්ති සමාජය තුල පවතින ස්ත්‍රි පීඩනය පන්ති සීමා අභිභවමින් පවතින්නකි.
අනෙක කලා විචාරය සදහා විචාරකයා තමා දෙපා තබා ඇති දේශපාලන ආස්ථානයෙහි පිටුබලය ලබා ගැනිමෙහි වරදක් ඇත්තේ කොහිද? වරද ඈත්තේ ඒ දේශපාලනය ප්‍රතිගාමීත්වයට සේවය කරන්නේ නම් පමනි.


කිවුව වෙලාව- 2011-12-06 07:01:49
Asela මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-06 00:19:34
සුමනෙ මෙහෙම කියනවා :
"පන්ති සමාජයී ය ස්ත්‍රී පීඩනය නිරවශේෂයෙන් ම අහෝසි කළ හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති පෙරටු බලඇණිය යටතේ සංවිධානය වෙමින් පුද්ගලික දේපල ක්‍රමය මිහිමතින් අතුගාදැමීමෙන් පමණකි"

ඔබ මේ කියවීම කළ ඇත්තේ ඔබ හුදෙක්ම හිටගත් දේශපාලනික ආස්ථානය තහවුරු කර ගැනීමක්, ප්‍රමෝදයට නගා ගැනීමක් හෝ ගොඩ දා ගැනීමක් ලෙසට යැයි මට සිතේ. මන්ද මේ ගීතය මීට වඩා පුළුල් වපසරියකින් සාකච්ඡා කළ හැක යන්න මගේ මතයයි. ඔබ මෙහි සඳහන් කරන පන්ති ගැටළුවට වියුක්තව මේ ගීතය ආඝ්‍රාණය කළ හැක්කේ ස්ත්‍රියට පොදු (කුමන පන්තියක වුවත්)දේශපාලනික පරිහරණය සහ නන්නත්තාරභාවය සහ උගුලට හසුවීම යන කාරණා පිළිබඳව (උදා - පබා, අනර්කලී, රෝසි, ගීතා, මාලනී සෙනෙහෙලතා හෝ ගමේ සුමනා....ආදිය)යැයි මා සිතයි. මෙය ඒ තරම් විශාල දිග පළලක් ඇතිව කතා කළ හැකි සහ යුතු සන්ධර්භයක් තුළ පවතින්නක් බව මගේ හැඟීමයි. ගීතය තෝරා ගැනීම පිළිබඳව සතුටුය. නමුත් තෝරා ගන්නා ලද ගීතයන් කියවීමේදී ඒවායේ ව්‍යුත්පන්න කතිකාවට සාධාරණයක් ඉටු කළ මැනවි. ස්තූතියි.


කිවුව වෙලාව- 2011-12-05 22:02:28
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook