Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව
බූන්දි, 15:49:48
"ලින්, කිරි සාගරයේ බටහිරට තියෙන තරු තුනේ පේළිය පේනවද? අර මැද කහ පාට එක ගොපල්ලා* නොවෙයිද?"

"ඕ, අනිත් ඉවුරේ තවත් තුනක් තියෙනව. පාණ්ඩු නිල්පාට ලොකු එක එයාගෙ පෙම්වතිය ගෙතුම් කන්‍යාව* නොවෙයිද?"

"දුප්පත් පෙම්වත්තු! ඒ ගොල්ලන්ට මුණ ගැහෙන්න පුළුවන් අවුරුද්දකට සැරයක් විතරයි"

"කිරි සාගරයේ පාරුවක් නැත්තේ ඇයි? හතේ ඒවා දෙක ඇරෙන්න වෙන කිසිම පාලමක් නැත්තෙ ඇයි"

ඈ දිගටම මුරු මුරු ගෑවාය. අපි සිහිනයක වී යයි හඟිමින් මම ඈ වඩාත් ළංකොට ගතිමි.

"ඇයි ඒගොල්ලන්ට අවුරුද්දකට සැරයක් විතරක් මුණගැහෙන්න ඉඩ දෙන්නේ?"

"ඒගොල්ලන්ට ඒ තරං තදින් දඬුවම් දෙන්න ඕනෑ ඇයි?"

"පොළොවෙ වගේම අහසේත් ආදරය තෝරාගන්න කිසිම නිදහසක් නැද්ද? තාරුකාවියකට තමන්ගේ පෙම්වතා තෝරගන්න නිදහසක් ඇත්තෙම නැද්ද?"

"කිරි සාගරය ඒ තරං පළලවත්, ගැඹුරවත් නැහැ. ඇයි කවුරු හරි කෙනෙක් ස්ථීර පාලමක් හදන්නෙ නැත්තෙ ගොපල්ලටයි ගෙතුම් කන්‍යාවටයි හැමදාම එකට මුණ ගැහෙන්න පුළුවන් විදියට?"

අපි තවමත් සිහිනයේය.

"ආදරවන්තයින්ට හැමදාම මුණගැහෙන්න පුළුවන් වෙන විදිහෙ පාලමක් හදන්න මං ආසයි"
ඈ මා දෙස නෙතු හෙළමින් කතා කලේ සිහිනයෙන් මෙනි. ඇගේ දෑස් බොඳවෙලාය.

* චීන ජනප්‍රවාදයේ ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව පෙම්වතුන් ය. ඔවුන් හමුවන්නේ අවුරුද්දකට වතාවකි. ඒ සත්වනි සඳ පායන සත් වැනි මාසයේ සත්වැනි දිනයේදීය.



- බා ජින් ගේ කලින් නික්මුණු වසන්තය
පරිවර්තනය - මහින්ද සෙනරත් ගමගේ


මරණය සහ දිවිනසා ගැනීම දැඩිව සිතින් දරාගත් තරුණ පෙම්වතුන් දෙදෙනෙකු සමඟ දකුණු දිග නගරයක් වන ඇමෝයිහි වසන්තයේ ලස්සන පිළිබඳව අති සියුම් ලෙස කළ සංසන්දනාත්මක විග්‍රහයකි කලින් නික්මුණු වසන්තය. බා ජින් ගේ අන් කතා වන් හිදි මෙන්ම මෙහිදී ද නිරූපණය වන්නේ රදළ සමාජ ක්‍රමයේ ගොදුරු බවට පත්වූ අති සංවේදී තරුණ බුද්ධිමතුන්ගේ චරිතය.

බා ජින්-

1904 දී චීනයේ සිචුවාන් පළාතේ රදළ පවුලකට දාව මෙලොව එළිය දුටු බා ජින් සිය ළමා වියේ සිටම එහි අර්බුදකාරි ස්වභාවය, අඬ දබර හා රදළ පන්තියේ කුහක ආචාර ධර්ම පද්ධතීන් විසින් තරුණයන් නින්දිත ලෙස පරාජය කෙරෙන ආකාරයත් අත්දැක තිබිණි. ඒ අනුව 1919 දී දියත් වූ අධිරාජ්‍ය විරෝධී සහ රදළ විරෝධී මැයි 4 ව්‍යාපාරයේ ප්‍රගතිශීලි අදහස් පිළිගන්නට මෙය බොහෝ සෙයින් ඔහුව පෙළැඹවීය.



1927 දී ප්‍රංශයේදී සිය ප්‍රථම නවකථාව වූ "විනාශය" ලියා අවසන් කළ ඔහු 1928 දී නැවත පැමිණ එකල සමාජය කෙරෙහි බුද්ධිමතුන්ගේ කළකිරීම හා විප්ලවය කෙරෙහි ඔවුන් තුල ඇති මහත් රුචිය පිලිබඳ විස්තර කෙරෙන තුන් ඈඳුතු නවකථාවක් වන "මීදුම", "වැස්ස" සහ "හෙණ අකුණු" ද, රදළ සමාජය විවේචනය ලක් කරමින් පවුලක අමන කෲරත්වය සහ කුහක චාරිත්‍ර වාරිත්‍ර හේතුවෙන් බිඳී විසිරී යන අයුරු හෙළි කෙරෙන "පවුල", "වසන්තය" සහ "සරත් සෘතුව" ද ලියා පල කළේය.

බා ජින් ජාතික මහජන නියෝජිත සභාවේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු වූ අතරම ඔහු විසින් චීන ලේඛක සංගමයේ සභාපති ධූරය ද හොබවන ලදී. වසර 22 ක කාලයක් තිස්සෙ දරුණු ලෙස පාර්කින්සන් රෝගයෙන් පීඩා විඳි ඔහු 2005 ඔක්තෝබර් 17 දින පිළිකා රෝගකින් මිය ගියේය.
වෙනත් සබැඳි |
බා ජින්- පවුල [Family][1933]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ba Jin, 巴金, Bā Jīn
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බා-ජින්ගෙන් තවත් වියමන්
රත්තරං ටික
බා ජින්| "පවුල" [Family][1933]
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook