Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සැඟව පලා යා නොහැකි භූ දේශපාලන යථාර්ථය| ලෝකයට සහ ලංකාවට අදාළව
බූන්දි, 06:16:14
ඉතිහාසය ලියැවිලා තියෙන්නේ යුද ගැටුම් වලින්. යුද්ධයක් දේශපාලනික අර්ථයෙන් තේරුම් ගත්තොත් පැහැදිලි වන දෙයක් තමයි ඒ පිටුපස තියෙන අවසාන සාධකය "බලය" වන බව. මානව ශිෂ්ඨාචාරය දියුණුවත්ම යුද්ධය දෙසට වන නැමියාවට එරෙහිව විවේචන එල්ල වුණත් තවමත් ලෝකය පුරාවට අතිවිශාල යුධ ගැටුම් ප්‍රමාණක් කෙරෙමින් පවතිනවා. අනෙක් අතට ලෝකයේ රටවල් අතර පවතින අනෝන්‍ය සබැඳියාව නිසාම රට රටවල් අතර සිදුවීමට නියමිත දරුණු යුධ ගැටුම් ගණනාවක් යටපත්ව තිබෙනවා. ඉන්දියාව හා පාකිස්ථානය, ඉන්දියාව හා චීනය, ඊශ්‍රායලය හා මැදපෙරදිග මුස්ලිම් රටවල් අතර සැගව තියෙන යුධ උණුසුම මේ සදහා හොදම උදාහරණ. ආයුධ සන්නද්ධ ගැටුම් අවම වීමක් සිදුවුණත් යුද්ධයකට මුලපුරන "බලය" සම්බන්ධයෙන් ලෝකය පුරා පවතින තරගය තව දුරටත් ව්‍ර වෙමින් පවතිනවා.

ලෝක දේශපාලනය තුළ "බලය" සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තත්ත්වයකට පත්වන විට, ලංකාව තුළදී එය "දස රාජධර්මයෙන් රට පාලනය" වැනි අදේශපාලනික තේරුම් ගැනීමක් දක්වා දුප්පත්ව තිබෙනවා. කේනද්‍රයේ රටවලින් සූරාකෑමට ලක්වන පරිධියේ ඇති රටක සිටින පුරවැසියන් ලෙසටත්, රට තුළ සිටින අන්ත දූෂිත පාලකයින් විසින්‍ කොන්දේසි විරහිතව සූරාකෑමට ලක්වනන්නන්‍ ලෙසත්, ලෝක බල දේශපාලනය සරලව හදුනාගැනීම ද්විත්වාකාරයකින් වැදගත්වනවා. තමන්ව නොදැනුවත්වම සූරාකෑමට ලක්වනවා නම් ඉන් බේරීමේ මුල්ම පියවර සූරාකෑමේ විධික්‍රමයන් හඳුනාගැනීමයි.



"භූ දේශපාලනය" (Geopolitics) වත්මන් ලෝකයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගන්න පුළුවන් කාලීන සංකල්පයක්. මෙය නූතනත්වයේ ව්‍යාප්තිය දක්වා ඉතිහාසයක් ඇති සංකල්පයක් ලෙස හදුනාගන්නට පුළුවන් වුණත් එය මුලින්ම භාවිතයට ගැනෙන්නේ පළමු ලෝක යුද්ධය ඇති විමට බලපෑ සිද්ධි දාමයන්ට අයත් කාලපරිච්ඡේදයේදියි. ජර්මානු ජාතික භූ විද්‍යාඥ‍යෙකු වන Friedrich Ratzel ගේ භාවිතය අනුව යමින් ස්වීඩන ජාතික දේශපාලන විද්‍යාඥයෙක් වන Rudolf Kjellén විසින් වඩා ප්‍රචලිතකොට තිබෙනවා‍.

"භූ දේශපාලනය" යනු ලෝක දේශපාලනය තුළ දැකිය හැකි සංකීර්ණ සංකල්පයක් වුවත් එහි අදහස මෙලෙස කැටිකර ගත හැකියි;
"භූගෝලීය සාධක මත පදනම් වෙමින් විදේශ සම්බන්ධතා හා ප්‍රතිපත්ති තීරණය කිරීම"

භූගෝලීය සාධක කියන්නේ දේශසීමාවේ හෝ රටෙහි භූගෝලීය පිහිටීම (උදා- දූපතක්ද, එසේත් නැතිනම් අවට පිහිටි රටවල් කවරේද යන වග), විශාලත්වයේ ප්‍රමාණය හා ඊට අයිති මුහුදු සීමාවේ ප්‍රමාණය, දේශගුණික ස්වභාවය, පිහිටි කලාපයේ දේශපාලනික ස්වභාවය, සිටින ජනගහණයේ ප්‍රමාණය (ඉන්දියාව, චීනය වැනි රටවලට සුලභ වන ශ්‍රම සම්පත හා එමගින් පැන නගින වෙළදපොල එම රටවලට ඇති සුවිශේෂීම ස්වභාවික සම්පතයි), ජනගහණයේ බුද්ධි මට්ටම, අදාළ රටට අයිති ස්වභාවික සම්පත් ප්‍රමාණය (ඛනිජ තෙල්, රත්තරං, මිනිරන්, ජලය වැනි ස්වභාවික සම්පත් මේ වන විට ලෝකයේ භූ දේශපාලනය සදහා තීරණාත්මකම සාධකය වී ඇත.), විද්‍යාත්මක සංවර්ධනය වැනි කාරණාවන්.



විදේශ සම්බන්ධතා විෂයේදී රටක් විසින් තවත් රටක් සමග සම්බන්ධකම් පැවැත්විමට හෝ ඊට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට පවා හේතු වීමට හැකි අදාළ රට සතු භෞතික සම්පත් වල ප්‍රමාණය මෙහිදී සැලකීමට ලක්කරනවා. කාර්මික විප්ලවයෙන් පසු අධිනිශ්චය වුණු ප්‍රා‍ග්ධනය, නිෂ්පාදනය, හා පරිභෝජනය යන කාරණාවන් මුල් කරගනිමින් සම්පත් අත්පත්කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියටයි මෙය සිදුවන්නේ. Journal of Peace Research සගරාවට The Uses and Abuses of Geopolitics නමින් ලිපියක් සපයන Oyvind Osterud විසින් භූදේශපාලනය හා ලෝක බලදේශපාලන ආධිපත්‍ය අතර වන සම්බන්ධතා ගෙන හැර දක්වනවා. ඔහුට අනුව ජාත්‍යන්තර මර්මස්ථාන, නාවික හා ගුවන් සීමා ඒ අතර වැදගත්ම අංග බවට පත්වෙනවා.

භූ‍දේශපාලන පිළිබදව විමසීමේදී ඒ සම්බන්ධ තවත් වැදගත් අදහසක් ලෙස ශ්‍රීමත් හා‍‍‍‍ෆෝර්ඩ් මැකින්ඩර් (Sir Halford Mackinder) විසින් 1904 වර්ෂයේදී ඉදිරිපත් කළ The Geographical Pivot of History නම් ලියැවිල්ලෙහි සදහන් Heartland theory නම් විග්‍රහය හදුන්වන්න පුළුවන්. එහිදී ඔහු විසින් World Island (යුරෝ ආසියාව හා අප්‍රිකාව) සහ Peripheral islands(ඇමරිකාව, බ්‍රිතාන්‍ය දුපත්, ඔස්ට්‍රේලියාව ජපානය හා ඔෂේනියානු කලාප) යන නමින් ලෝකය කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. එහිදී ස්වභාවික පිහිටීම මෙන්ම ස්වභාවික සම්පත් අත්පත්කර ගැනීම නිසා World Island විසින් Peripheral Islands ට වඩා වැඩි වාසිදායක තත්ත්වයකට පත්වෙනවා. ඒ අතර World Island හි පිහිටි Heartland නම් ප්‍රදේශය භූගෝලීය පිහිටීම අතින් වඩාත් ආරක්ෂිතම ප්‍රදේශය බවත් එමෙන්ම එය සමස්ත ලෝකයේම ඇති සම්පත් බහුලතම ප්‍රදේශය බවටත් ප්‍රකාශ කරනු ලබනවා. Heartland නම් ප්‍රදේශයට වත්මන් යුක්රේනයත් ඒ අවට ප්‍රදේශයත් Mackinder විසින් නම් කර තිබෙනවා.



මෙකී කරුණු අනුව Mackinder විසින් ප්‍රකාශ කරනු ලබන්නේ "නැගෙනහිර යුරෝපය පාලනය කරනු ලබන්නා විසින් Heartland පාලනය කරනු ඇති බවත්, Heartland පාලනය කරනු ලබන්නා විසින් World Island හි ආධිපත්‍ය දරනු ඇති බවත්, World Island හි ආධිපත්‍ය දරන්නා විසින් සමස්ත ලෝකයේම ආධිපත්‍ය දරනු ඇති බවත්ය." මෙම සංකල්පය විසින් පළමු ලෝක යුද්ධ‍ය හා දෙවන ලෝක යුද්ධයේදී පමණක් නොව සීත යුද්ධ කාලය පුරාවට ලෝක බල අධිකාරීත්වයට බලපෑම් එල්ල කළා. සම්පත් පිළිබදව නිර්වචනය උඩුයටිකුරු කරපු විසිවන සියවසෙන් පසු ‍ Mackinder ගේ සම්පත් පිළිබද ප්‍රමුඛතාවයේ වෙනසක් ඇති වුණත් ලෝක බලවතුන් විසින් තමන්ගේ උපක්‍රම මෙකී සංකල්පයට ආදේශ කරමින් ඉන්න බව රහසක් නෙවෙයි.



භූ දේශපාලනය ඇතුලේ බලය පතුරවමින් ඉන්නේ ලෝකයේ බලවත්ම රටවල් කිහිපයක්. දෙවන‍ ලෝක යුද්ධයෙන් පසු අලුත් ‍ලෝක බලවතුන් පිරිසක් නිර්මාණය වුනා වගේම සෝවියට් සමූහාණ්ඩුව බිදවැටීමෙන් පසු බල ධ්‍රැවීයකරණය ඒක පාර්ශ්වික වුණා කියලත් මතයක් ඇති වුණා. නමුත් මේ වන විට ලෝකයේ බල දේශපාලනය අලුත් මුහුණුවරක් ගනිමින් සිටිනවා. ඇමරිකාව විසින් තව දුරටත් ලොව මිලිටරි ආධිපත්‍ය තහවුරු කරගැනීමට උත්සාහ ගනිමින් සිටින විට නැවතත් රුසියාව මිලිටරි වශයෙන් ශක්තිය ගොඩනගාගෙන තිබෙනවා. සිය ආර්ථික ආධිපත්‍ය මගින් චීනය ලොව දෙවැනි ආර්ථික බලවතා ලෙස ඇමරිකාවට දැඩි බලපෑමක් බවට පත්ව අවසන්. ඊට අමතරව කලාපීය බලවතුන් ලෙස ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, තුර්කිය වැනි රටවල් ඉදිරියට පැමිණ තිබෙනවා.

තෙල් සම්බන්ධයෙන් වන බටහිර රටවල කෑදරකම ඉතා ජනප්‍රිය සංකල්පයක්. එහෙත් එය ජනප්‍රිය අරුතට වඩා වැදගත්ව නිරීක්ෂනය කළ යුතු කාරණයක්. ඉරාකය, ලිබියාව, සුඩානය වැනි රටවල් වගේම මේ වන විට ඉරානය හා සිරියාව වෙත මූලධර්මවාදය, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය පිළිබද ඇමකාරිකාව හා අනෙකුත් බටහිර රටවල් චෝදනා කරන්නේ තෙල් පිළිබදව වන භූ දේශපාලනික අවශ්‍යතාව නිසා බව ප්‍රකට කාරණයක්.

ස්වභාවික සම්පත්වලට පරිබාහිරව නාවික ගමනාගමනය, ගුවන් සීමා, ජනතාව වැනි කාරණාත් භූදේශපාලනයේ තීරණාත්මක කාරණා බවට ඉහත සදහන් වුනා. එල්ටීටිඊ සංවිධානය ලංකාවේ උතුරු ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන කාල සමයේදි බටහිර රටවල් එල්ටීටීය විනාශ කිරීමට ලංකා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්නේ ඇයි කියන කාරණය පිළිබදව වගේම මෙම ගැටුම පිළිබදව භූදේශපාලනික විග්‍රහයක් ඝාතනයට ලක්වු ටැමිල්නෙට් වෙබ් අඩවියේ සංස්කාරක ධර්මරත්නම් සිවරාම් (තාරකී) විසින් ඉදිරිපත්කොට තිබුණා. උතුරු මුහුද සමීපව ‍දිවෙන ජාත්‍යන්තර නාවික මාර්ග පිළිබදවත්, ඇමරිකාව මෙන්ම ඉන්දු පකිස්ථාන බල දේශපාලනය තුළ ලංකාවේ දේශපාලනය හැසිරීමේ ස්වභාවය පිළිබදවත් ඔහු දීර්ඝව අදහස් පළකරනවා.









භූ දේශපාලනය පිළිබදව කතිකාව හා සම්බන්ධ අලුත්ම සිද්ධියකට මුහුණ පෑවේ මාලදිවයිනයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මෙන්ම මුස්ලිම්කරණය සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රමාණයක් ඉස්මතු වූවත් මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත්වීමට සිදුවූයේ ඉන්දියාව හා චීනය අතර සිදුවන බලදේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසට බවත් අදහස් පළවනවා. හිටපු ජනාධිපතිවරයා විසින් මෙතෙක් පැවති ඉන්දියානු බලපෑමෙන් මිදී ලොව අනෙකුත් රටවල්, විශේෂයෙන් චීනය සමගත් මිත්‍රත්වය ගොඩනගා ගැනීමට උත්සාහ කළ බව කියැවෙනවා. මේ පිළිබද ඉතා සවිස්තර සටහනක් ඩී.බී.එස්. ජෙයරාජ් විසින් පළකරන dbsjeyaraj.com මෙම බ්ලොග් අඩවියේ පළවනවා. [Indo-Chinese tensions and the ‘mutiny’ causing regime change in Maldives]



ලංකාව සම්බන්ධයෙන් බටහිර කුමන්ත්‍රණයක් ගැන බොහෝම ජනප්‍රිය වගේම, ලාභ ගණයේ ප්‍රචාරයක් පැවතුණා. එතනදි භූදේශපාලනය ගැන කතා කළේ ආචාර්ය මර්වින් සිල්වා. ඔහුට අනුව ලංකාවෙන් තෙල්නිධි හමුවීම නිසා ඇමරිකාවේ කෑදර ඇස් ලංකාවට යොමුවී තිබෙනවා. එකී කරුණු කෙසේ වෙතත් ලංකාවේ ආණ්ඩුව විසින් කලාපීය බලතුලන‍ය තමන්ට අවැසි ලෙස භාවිතා කිරීමට දරණ උත්සාහයක් පහුගිය දවස්වල දකින්න ලැබුණා. චීනය විසින් දකුණු ආසියාව තුළ සිදුකරමින් සිටින බලපෑම ඉහළ යෑමත්, එමගින් ලංකාවේ ආයෝජන හා ආධාර ප්‍රමාණය ඉහළ දැමීමත් මගින් සිදුව ඇති නව තත්ත්වය ඉන්දියාව සමගින් කළමණාකණය කිරීමට උත්සාහ කෙරෙන රාජතාන්ත්‍රික ගමනක් ගැන පහුගිය දවස්වල ප්‍රවෘත්ති පළවුනා. [Plenty of room for both India and China : Wijesinha]

මේ අනුව පෙනී යන කාරණය තමයි ලංකාව ගැන කුමන්ත්‍රණ කරන්නේ බටහිර නෙවෙයි ඉන්දියාවයි කියන එක. විශේෂයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින දමිළ ජනයාගෙන් එල්ල වන පීඩනය වගේම කලාපීය බලආධිපත්‍ය ආරක්ෂා කරගැනීමේ සටනක්ද කරට කර කරමින් සිටින ඉන්දියාව ලංකාව තමන්ට අභියෝගයක් බවට පත්කරගෙන. එක අතකින් චීනය හා පාකිස්ථානය, ජීනිවා සමුළුවෙදී කොන්දේසි විරහිතව ලංකාවට සහයෝගය ‍ලබාදෙන විට ඉන්දියාව ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වුණේ මේ පසුබිම මත.



‍ලෝක ‍බලදේශපාලන හැසිරීම අවබෝධකරගැනීම අතිශය වැදගත් කාරණයක්. තමන්ගේ දිගුකාලීන සැලසුම් බලාත්මක කරගැනීම සදහා කුඩා රටවල දේශපාලන හැසිරීම පාලනය කිරීමට පවා බලවත් රටවල් විසින් කුමන්ත්‍රණය කරන බව රහසක් නොවෙයි. තත්ත්වය එසේ වුවත් රටේ පවතින ගැටළු, ප්‍රශ්ණ අමතක කරලීම සදහා ජනතාව රැවටීමට මෙවැනි සංකල්ප ජනප්‍රියවාදීව භාවිතාවීමකුයි මේ වන විට ලංකාවේ සිදුවෙමින් පවතින්නේ. පසුගිය කාලයේදී දේශප්‍රේමීන් විසින් හදුන්වා දුන් "ආර්ථික ඝාතකයා" (Economic Hitman) පිළිබදව සංකල්පය ඊනියා දේශප්‍රේමින් විසින් බළල් මරණයකටත් පාවිච්චි කරන තරං පහත් මට්ටමකට වැටිලා.

බටහිර පිළිබද භීතිකාවක් මවන ආණ්ඩුව විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ චීනයට හා ඉන්දියාවට ලංකාව සිනනක්කරව ලියා‍දීමේ කොන්ත්‍රාත්තුවක. එකී බලතරගයේ ඉත්තෙක් බවට ලංකාව පත්කොට, ඉන් ලැබෙන කොමිස් වැනි අනිසි ලාභ තමන් සතුකරගනිමින්. සැබැවින්ම කළ යුතුව තිබෙන්නේ කලාපීය බලතරගය කළමණාකරණය කරමින් ලංකාවට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම.

ලෝක දේශපාලනය නිවරැදිව අවබෝධකරගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. එසේත් නොමැතිව විවිධාකාර සංකල්ප ඔස්සේ රැවටීමට ලක්කිරිමට උත්සාහ කරන තොරතුරු සපයන ආයතන මෙන්ම පාලකයිනුත් උත්සාහ කරන දෙයක්. බලවතාට බිලිවූ දුබලයා සිටි අශිෂ්ඨ සමාජයේ ආදර්ශය ශිෂ්ඨ යැයි සම්මත සමාජය තුළත් දක්නට ලැබෙන එක එක අතකින් හාස්‍යයට කාරණයක් වගේම සංකීරණ ඛේදවාචනයක්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Geopolitics, Friedrich Ratzel, Rudolf Kjellén, The Uses and Abuses of Geopolitics, Sir Halford Mackinder
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook