Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත්
බූන්දි, 06:22:13
ඉස්සර, චන්දරේට මතක හැටියට 90 දශකයෙ අගභාගෙ විකල්ප පත්තරේක වැඩ කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක් හිටියා. පොර ඉස්තරම්ම ආකාරයට රැඩිකල්. ඕනම සිද්ධියක් මැද්දට බය නැතුව තමන්ගෙ ආයුධෙත් අරගෙන, ඒ කිව්වෙ කැමරාවත් උස්සගෙන එන්ටර් වෙන්න කිසිම පැකිලීමක් නැති බුදු අවංකයෙක්. පොලීසිය නතිං. චන්දරෙත් දෙතුන් පාරක් අඩියක් ගහල තියෙනවා මනුස්සයත් එක්ක. ඇත්තෙන්ම තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන දැනුමක් තියෙන නිහතමානි චරිතයක්. නමුත් මිනිහ සම්බන්ධව තිබුණා එක්තරා බරපතල ජෝක් එකක්. ඒක මෙහෙමයි කියපු මිත්‍රයා කිව්වෙ. "ඔව් බං ඌ ඇත්තටම හොඳ එකා තමයි. නියම ෆොටෝ ග්‍රැෆර්, කැමරා දෙකක් තියෙනවා. රැවුල වවලා. කැප දාලා, සඟ දාලා, කැමරා ජැකට් එක, ඩෙනිම, ඩෙක්ස් දෙක, ඔක්කොම කියනවා. ඒත් ෆොටෝ නෑ"

ඩාන්ස්කෝ එකේ අඩියක් ගගහා ඉන්නකොට චන්දරේට මේ ඉපැරණි විහිළුව හදිසියේම මතකෙට නැඟුණේ අජිත් කුමාරසිරි සිහිපත් වීමෙන්. විකල්ප දේශපාලන කණ්ඩායමක් තමාව රොක් අජිත් යනුවෙන් හැඳුන්වන්නට පටන් ගත් බව කේන්තියෙන් මෙන් පවසන අජිත් කෙරෙන් විද්‍යාමාන වන්නේ එම හැඳින්වීම තුළින් ආලෝලනය වූ පෘතග්ජන මිනිසෙක්.

අජිත් ගත්තමත් ගායකයෙක්ට අවශ්‍ය බාහිර කාරණා ඔක්කොම තියෙනවා. කොණ්ඩෙ වවලා. කටු කටු රැවුල. සඟ දාලා. කැප දාලා. මාළු මාකට් මැදින් යන්නෙත් ගිටාර් එක එල්ලගෙන. කතා කරද්දි හඬ උනත් ගරු ගාම්භීරයි. කියන්නෙත් අමුතු ආතල් කතා. නමුත් අජිත්ට සිංග් කරන්න බෑ. රියැලිටි ෂෝ එකක පළමු වටයෙන් එහාට යන්න බැරි තරමට ඒ ගායනය අප්සට්. චන්දරේ අජිත්ගෙ ෂෝ බලන්න යන්නෙ නැත්තෙ අජිත් මයික් එක ඉස්සරහ හැසිරෙන හැටි බලන් ඉන්න බැරි හින්දා. සිංදුවක් කියා ගන්න තටඹන හැටි බලන් ඉන්නකොට අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. චන්දරේ රොක්, බ්ලූස් වලට මාරම ආසයි. නමුත් අජිත්ව නම් අහන් ඉන්න බෑ.



චන්දරේට අනුව අජිත් කුමාරසිරි කියන්නෙ, ගෝෂා එකතු කරන්නෙක් සහ බෙදා හරින්නෙක්. චන්දරේට මතක හැටියට අජිත්ට වාම දේශපාලන හැඩයක් දුන්නෙ එයාට රොක් අජිත් කියලා නමක් පටබැන්ඳයි කියලා එයා චෝදනා කරන විකල්ප දේශපාලන කණ්ඩායමයි. ඒ තමයි හිරු කණ්ඩායම. 2006 දි තිබ්බ ඒ ප්‍රසංගෙ නම රොක් අයි.එස්.ඕ. ඒ කාලෙ වාම දේශපාලන ධාරාවෙ කටයුතු කළ අය දන්නවා මේක සමස්ථ හිරු කණ්ඩායමටම අදාලව ප්‍රකාශ උණත්, එහි හිටපු කලාකරුවන් එක්ක ගනුදෙනු කරපු එක් ක්‍රියාකාරිකයෙක් තමයි අජිත්ගෙ වැඩේ කණ්ඩායමටම පන්ගනාතු කළේ කියලා. නදීක ගුරුගේව දේශපාලනික චරිතයක් බවට පත් කරන්න වින්නඹුකම කළෙත් හිරු එකේ හිටපු මේ වාමාංශික සහොදරයා. එහෙව් අජිත් බැලූ බැල්මට දකුණට ඇටෑක් කරනවා වගේ පෙනුනත් ඔහු ගේම ඉල්ලන්නෙ වමෙන්. අජිත් වමට ගහන්න මේ ආයෝජනය කරන්නේ එදා වම හරහා ඔහු ගොඩ නඟා ගත් සමාජ ප්‍රාග්ධනය. හැබැයි චන්දරේට අනුව අජිත් මේ හැම දෙයක්ම කරන්නෙ සිඟිං කියන මූලිකම කාරණය බැරුව. රොක් සිඟිං ගැන ලංකාව සම්බන්ධව උදාහරණයක් ගත්තොත් චිත්‍රාල් සෝමපාල ලයිව් සිංග් කරන ෂෝ එකක් බලන්න. චිත්‍රාල්ව ෆොටෝ කොපි ගැහුව වගේ කොපිකැට් කරමින් සිංග් කරන ඉන්ද්‍රචාපා ලියනගේ බලන්න. ඒ අය කොච්චර හොඳට සිංග් කරනවද. ඒ දෙන්නගෙ පර්ෆෝරමන්ස් ගත්තත්. ලයිෆ් ස්ටයිල් එක ගත්තත් ඒක රොක් කන්සෙප්ට් එක ඇතුළෙ ස්ථානගත කරන්න පුළුවන්. නමුත් රොක් අජිත්?

මේ මොහොතෙ ලංකාව කියන කොදෙව්ව ඇතුළෙ සිද්ද වෙන එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සිද්දි ඕනම තැනකින් එකතු කරාම ඕනෑම අර්ථයක් නඟා ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. මෙන්න මේ අදේශපාලනික ප්‍රවේශය තමයි අජිත්ගෙ ක්‍රම විරෝධී නිර්දේශපාලනික ආස්ථානය ඇතුළෙ පේන්නෙ. දේශපාලනය, ව්‍යුක්ත දෙයක් නෙමෙයි. ජන අරගලකාරයෙක්ගෙන් හරි, ෆ්‍රරන්ට්ලයින් සමාජවාදියෙක්ගෙන් හරි ඇහුවොත් තමුන්නැහේලා ස්වයං නිර්ණ අයිතිය පිළිනගන්නවද කියලා අහපු කෙනාට ඒගොල්ලො මෙන්න මෙහෙම කියන්න ගන්නවා. සහෝදරයා, හැත්තෑ එකේ අරගලයේ අභ්‍යන්තරික ප්‍රකිරෝධයන්ගෙන් ප්‍රතීයමාන වුණු, උච්චුම්භනාත්මක ඝට්ටනයක් තුළින් ඇතිවුණු විප්ලවීය ප්‍රපංචයන්ගේ සමාජ ආර්ථීක බලවේගවේගන් තුළින් ව්‍යුත්පන්නකොට ගන්නා වූ කංකුං .......... කාලා තියෙනවද? කියල අහනවා. අහන කෙනා හිතාගන්න ඕනෙ ජාතීන්ගේ ස්වයං තීරණය පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය.

මෙන්න මේ තියරිය ම තමයි අජිත් කුමාරසිරිව හඳුන්වා දෙමින් චින්තන ධර්මදාස බොන්සුවා එකට කියන අජිත්ගෙ කන්සෙප්ෂුවල් ආර්ට් එක ඇතුළෙ තියෙන්නෙ. [Ajit Kumarasiri- on Bonsoir] මෙන්න මේ ව්‍යුක්ත දේශපාලන සන්ධර්භය තමයි අජිත් කුමාරසිරිගෙ කන්සෙප්ට් එක ඇතුළෙ තියෙන්නෙ. ජන අරගලකාරයො මාක්ස් මරා ගන්න හදනවා. අජිත් නෝ මෝ මාක්ස් කියනවා. චන්දරේගෙ විග්‍රහයට අනුව අජිත් කුමාරසිරි කියන්නෙ ෆ්‍රරන්ට්ලයන් සමාජවාදීන්ගෙ කලා සංස්කෘතික සීමාව. අවසාන විග්‍රහයෙදි මේ දෙගොල්ලොම සේවය කරන්නෙ ධනපති රාජ්‍යයට. ෆ්‍රරන්ට්ලයින් සමාජවාදීන් කරන්නෙ දෙමළ සිංහල ප්‍රජාව අතරින් පැන නැඟෙන්නට නියමිත සැබෑ අරගලය යටපත් කරන ආණ්ඩුව කොන්තරාත්තුව. අජිත් කරන්නෙ අරගලය මුවහත් කරන, ඒ කියන්නෙ සැබෑ ලෙසම සමාජය ඥානනය කරන කලාව යටපත් කරලා සියලු දේ ජෝක් එකක් බවට පත් කරන ආණ්ඩුවෙ කොන්තරාත් එක. මේ දෙගොල්ලොම එකතු වෙලා කරන්නෙ සීරියස්ලි පොලිටික්ස් කරන ලෙෆ්ටිස්ට්ලව ජෝක් කරන එක. මේ ක්‍රම විරෝධය චන්දේරේට අනුව නම් අන්තිම ළාමක වැඩ. පවතින්නාවූ පවුල් දේශපාලනයට එරෙහිව ජනතාව තුළ ගොඩ නැඟෙන, ඇත්ත ප්‍රතිරෝධය කියන හැඟීම සහ දේශපාලනික උවමනාව තමයි මේගොල්ලො මේ ගසා කන්නෙ. වමේ දේශපාලය කියන සීරියස් ක්‍රියාවලිය තාවකාලික ආතල් එකක් බවට ඌනනය කරන එකම, පවතින මානව විරෝධී රාජපක්ෂ රෙජීමයේ පැවැත්මට යළි යළිත් බදාම ඇනීමක්.



චන්දරේ මුලින් මතු කළ ප්‍රවාදය එක වචනයකට හකුලනවා නම් ඔහු ගායකයෙක් නෙවෙයි ගෝෂකයෙක්. ඔහුට තාල් නෑ, පිච් නෑ, වොයිස් බැලන්සිං නෑ, ටෝන් කලර්ස් නෑ. මේ මුකුත් නැකි උණාම ඉතුරු වෙන්නෙ සද්ද ටිකක්, ගාලගෝට්ටියක් විතරයි. ඒ කටකැඩිච්ච, මෙළෝ රහක් නැති, නොහික්මුණු, මළකඩ කාපු රළුපරළු, දුර්ගන්ධ කටහඬ හොඳටම සෙට් වෙන එකම එක සිංදුවක් තියෙනවා.

පාර්ලිමේන්තුව ඇතුළට හඳ පායනවා
හඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා


මොකද ඇත්ත පාර්ලිමේන්තුව ඇතුළෙ නින්නාද නැගෙන හඬ මේ සින්දුවෙ එන හඬ එක්ක ටක්කෙටම සමපාත වෙනවා. ඒක ඇතුළෙ උත්ප්‍රාසයක් ගොඩ නැංවෙනවා.

නෝ මෝ මාක්ස් පෙන්නන්න කලියෙන් බොන්සුවා ප්‍රෝග්‍රම් එකට එන අජිත් මෙහෙම කියනවා.

මම කියන්නෙ, සංගීතයට වඩා ගෝෂාවන් කියන දේ හදාරන එක තමයි වඩා හොඳ. සංගීතය කියන්නෙ හරි පටු දෙයකි. නමුත් ගෝෂාවන් කියන්නෙ පළල් දෙයක්.

අජිත් කරන් යන දේට සමාන්තරව මේ ප්‍රකාශය අන්තිම අවංකයි. චන්දරේ විසින් අජිත් සම්බන්ධව ගොඩනගන ප්‍රවාදයට අනූකූලව ඔහුම ඔහුව ස්ථානගත කරගන්න තැන අතිශයින් වැදගත්. බොන්සුවා වැඩසටහන අවසන් කරන්න කලින් ඔහු කියන වාක්‍යය මෙහෙමයි.

කලා විධීන් අතරින් විශේෂයෙන්ම සංගීතය තමයි මිනිස්සුන්ට බොරු කරන්න පුළුවන් හොඳම කලාව.

චන්දරේගේ ප්‍රවාදයට අනුව අනුව මේ අජිත් පවසන්නෙ ඔහු ගැනමයි. නමුත් මෙච්චර අවංකව කියලත් ඔහු වටේ සිටින පිරිස විතරක් නෙවෙයි කිසි කෙනෙත් නෑ මචං අජියා උඹ හරි ෂෝක් පොරක්, සිරා බුවෙක්, ඒත් බොට සින්දු කියන්න බෑ මචං කියල අවංකව කියන්න පුළුවන් තරම් හයියක් තියෙන. අජිත් දන්නවා තමන්ට සින්දු කියන්න බෑ කියල . ඔහු ඒක වක්‍රකාරයෙන් කියනවා, නමුත් වටේ ඉන්න උන් කියනවා පිස්සුද බොට සින්දු කියන්න පුළුවන් කියල. ඉතින් අජිත් ඇවිත් මාක්ස්ටත් ගේම ඉල්ලනවා.

යා ටීවී එකත් එක්ක තියන සංවාදෙදි අජිත් මෙහෙම කියනවා. [Rock Ajith, 4th March 2009]

සම්භාව්‍ය සංගීතය තියෙන්නෙ විනයකට යටත්ව. නමුත් රොක් සංගීතය ගත්තම එහෙම විනයක් නෑ. එහි නියැලෙන චරිත, ඔවුන්ගේ මනෝභාවයන් ඇතුළු සියලු දේ ගත්තත් එහෙම විනයක් නෑ. සම්භාව්‍ය සංගීතකරුවන්ගෙ ඇඳුම් ගත්තත්, හරිම සාම්ප්‍රදායිකයි, හරි පිළිවෙලයි.

ඒ විග්‍රහය අවසන් කරමින් ඔහු ඉංගිරිසියෙන්ම මෙහෙම කියනවා.

But the rock guys, they have different attitudes.

ඇටිටියුඩ්ස් යන්න බොහෝ අරුත් නඟනවා. ආකල්ප, අදහස් වෙන්න පුළුවන්. ආකෘතීන්, හැඩතල වෙන්න පුළුවන්. හැඟීම්, චෛතිසිකයන් වෙන්න පුළුවන්. ඉරියව්, ගති ස්වභාවයන් වෙන්න පුළුවන්. මේ සියල්ලම තිබෙන රොක් ආටිස්ට් කෙනෙක් ගත්තත් ඔහුට හෝ ඇයට විනයක් නෑ කියන ප්‍රවාදයම බරපතල විකෘතියක්. එහෙම විනයක් නෑ කියනවා නම් විනය කියලා අජිත් හිතන දේ පැහැදිලි වෙන්න ඕනෙ. අජිත් එහෙම කියන්නෙ තමන්ගෙ ජීවිතයට අදාලව නම් ඒක ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් සමස්ථ රොක් සංහතියටම අදාලව එබඳු බරපතල ප්‍රකාශයක් කරන්න අජිත්ට තියෙන පදනම මොකද්ද?

උදාහණයක් විදිහට රොක් සිංග් කරපු ෆ්‍රෙඩී මර්කරි මියයන්නෙ, ඒඩ්ස් වලින්. නමුත් ජෝන් ලෙනන්ව ඝාතනය කෙරෙනවා. ඔවුන් දෙදෙනගෙ ජීවිත ගත්තම අජිත්ගෙ විනය පිටකයට අදාලව විග්‍රහ කර ගන්නෙ කොහොමද? ඇඳුම් සම්භන්ධව අජිත් ගොඩ නඟන ප්‍රවාදයත් මීටම අදාලයි. රොක් ගායකයො සහ වාදකයො අපි දැකල තියෙනවා බොහෝ විට ඇඳුම් සම්භන්ධ ආකල්ප පුපුරුවා හරිනවා. නමුත් ඒගොල්ලො සියලු දේ කරන්නෙ පර්ෆෙක්ට් විදිහට ආර්ට් කියන එක රඳව ගනිමින්. ඔවුන් වේදිකාවෙ හැසිරෙන්නෙ බොක්කෙන්ම මතුවෙන හැඟීම් වලින්. නමුත් ඊනියා සිංහල බෞද්ධ හික්මීම තුළ සීරුවෙන්, බොහෝ විට වාඩි වී, ඝෝෂා නගන අජිත්ට ගායකයෙක් සතු විය යුතු මූලිකම විනය වන ගායනය නොහැකි නිසා විවිධ පොර ටෝක් වලින් තමන්ගෙ විලි වසාගන්න හදනවා.



අපි හැමෝම දන්න උදාහරණයක් විදිහට සිංහල නොවන බෞද්ධ ටීනා ටර්නර්ගෙ ගායනය සලකා බලමු. අර කේසර සිංහයෙක්ගෙ වගේ කොණ්ඩයක් තියෙන ගායිකාව. ඇගේ හඬ කෙතරම්ම ගැඹුරුද කියනවා නම් අපි අර ග්‍රාම්‍ය විදිහට කියන්නැහේ ඇයට තියෙන්නෙ පිරිමි හඬක්. නමුත් ඇගේ රොක් ගීතාවලිය දෙස බලා සිටින විට පේනවා ඈ ඒ ගැඹුරු හඬ කොයිතරම් සුනම්‍ය විදිහට හසුරුවනවද කියල. ඒ හින්දම තමයි ඇයව ක්වීන් ඔෆ් ද රොක් කියල හඳුන්වන්නෙත්. සිංහල නොවන බෞද්ධ ටීනා ටර්නර් විසින් සිංහල බෞද්ධ අජිත් කුමාරසිරිට කියා දෙන විනය පාඩම තමයි ගංජා ගැහුව වගේ ගැඹුරු හඬක් තිබුණ පලියට රොක් සිංග් කරන්න බැරි බව.

චන්දරේ අජිත් පිළිබඳ මතු කරන ප්‍රවාදය ඔහු හෝ වෙනත් කවරෙකු හෝ අභියෝගයට ලක් කරන්නේ නම් අපි රොක් ගැන රොක් ආර්ටිස්ට්ල ගැන, ඒකෙ හිස්ටරි ගැන, අයිඩියොලොජි ගැන, පොලිටිකල් ඇප්‍රෝච් එක ගැන ඉදිරියෙදි සංවාද කරමු. ලිපිය දිග්ගැස්සෙන හින්දා, දිග්ගැහුණු ලිපි කියවන එක අජිත්ගෙ සින්දු අහන එක වගේම බෝරිං හින්දා තව එක කරුණක් විතරක් මතු කරමින් ගොළුමඩම තාවකාලිකව වහලා දානවා.

මේ තර්කය රොක් බෑන්ඩ්ස් ගැන සහ ඊට ප්‍රතිමුඛ වෙන අජිත් ගැන. ලෝකෙ පුරා ගොඩනැඟුණ රොක් බෑන්ඩ්ස් ගත්තොත් ඒක කන්සෙප්ට් එකක්, ෆිලොසොෆි එකක් විදිහට මතු වුණේ ටීම් එෆර්ට් එක ඇතුළෙ. මේවා ඇතුළෙ සෝලෝ ටැලන්ට්ස් තිබුණත් ඔවුන් ක්‍රියා කළේ කණ්ඩායම් හැඟීමෙන්. ලංකාවෙ අපි දන්න කියන උදාහරණ ගත්තොත්, ඇක්ස්ල් රෝස් කියනවට වඩා බරපතල ගන්ස් එන් රෝසස් කියන නම. මයික් ජැගර්ට වඩා මිනිස්සු දන්නෙ රෝලිං ස්ටෝන් ව. රොජර් ඩාල්ට්රේ නෙවෙයි ද හූ තමයි එළියට එන්නෙ. ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි අනන්‍ය වුණේ බීට්ල්ස් එක්ක. බ්‍රයන් විල්සන් හුස්ම ගන්නෙ බීච් බෝයිස් එක්ක. හොටෙල් කැලිෆෝනියා සිංදුව දන්න හැමෝම ඩොනල්ඩ් හෙන්ලි හෝ ඩොන් හෙන්ලි කිව්වට දන්නෑ, නමුත් ඊගල්ස් කිව්වම දන්නවා.



ෆ්‍රෙඩී මර්කරි කිව්වම නොදන්න ෆෑන් කෙනෙක් ක්වීන් කිව්වම දන්නවා. ක්වීන් කියන්නෙ ෆ්‍රෙඩීගෙ වෙනත් නමක් නෙමෙයි, බෑන්ඩ් එකේ නම. ෆ්‍රෙඩීට අමතරව රොජර් ටේලර්, බ්‍රයන් මේ සහ ජෝන් ඩෙකොන් එකතුව තමයි ක්වීන් කියන්නෙ. ක්වීන් කණ්ඩායම මෙච්චර කාලයක් එකට ඉන්නෙ කොහොමද කියලත් ඇයි ඔබ සෝලෝ සිංග් කරන්නෙ නැත්තෙ කියලත් එක්තරා දවසක ෆ්‍රෙඩී මර්කරිගෙන් මාධ්‍යවේදියෙක් අහනවා. ඔහුගෙ උත්තර මෙන්න මේ වගේ. මට ඕනෙ නම් මීට බොහෝ කලකට පෙරම සෝලෝ ඇල්බම් එකක් කරන්න තිබුණා. නමුත් එහෙම අවශ්‍ය වුණේ නෑ. මොකද අපි ක්වීන් ඇල්බම් එකක් කළාම ඒක සිද්ධ වෙන්නෙ සෝලො ප්‍රොජෙක්ට්ස් 4ක් වගේ. බ්‍රයන්, රොජර්, ජෝන්, ඒගොල්ලොත් වෙන වෙනම තම තමන්ගෙ නිර්මාණ කරනවා. අපි කරන්නෙ ඒ 4 එකට දාන එක. ඒ හින්දා මං හිතන්නෙ අපිට ඕන උණේ නෑ, සෝලො ප්‍රොජෙක්ට්ස් වෙන වෙනම කරන්න වෙන් වෙලා යන්න.

මේ උත්තරේට සමාන්තරව අජිත් කුමාරසිරි යූ ටර්න් වැඩ සටහනට කියන මේ එකම එක ප්‍රකාශය සසඳන්න. ඒකෙ අජිත් එක්ක ඉන්නවා නෝ මෝ මාක්ස් එකට ප්ලේ කරපු දෙන්නා. තුෂර සහ අරෝෂ. ටී ෂර්ට් වලින්ම ගංජා ඇඩ් එක දාගෙන. තුෂර මෙන්න මෙහෙම කියනවා. මට අජිත්ව මුණ ගැහුනෙ ළඟදි. එයා කිව්ව අපි මොනවා හරි කරමු කියලා. මෙහෙම තමයි අජිත් හැමදාම ප්ලේ කළේ. ඇහින්දාස්. අජිත් එක්ක ප්ලේ කරන අය ටැලන්ට් වෙන්න පුළුවන්. අජිත්ගෙ ඉතිහාසයම නිරීක්ෂණය කළත් දිගට අල්ලලා යන කවුරුවත් නෑ. මොකද අජිත්ගෙ ම යන්න වැඩි හින්දා. හැම වැඩකම මුදුනා වීම තමයි මම. බලන්න. මේ කොන්සර්ට් එක සාමූහික වැඩක්. ඒත් මේ කොන්සර්ට් එක ඇතුලෙ තියෙන ආර්ට් එක මගේ. ඒක සාමූහික නෑ. මේ, අජිත්ගේ මාක්ස් විරෝධී ව්‍යාපාරයේ පුරෝගාමියකු වන චින්තන ධර්මදාස අජිත්ගේ ෂෝ එක පිළිබඳව දාන ඇඩ් එකක සඳහන් වන විදිහ. මේ මාර අලුත්ම මාධ්‍ය කලාවක්. උන්ම සෙටුත් ගහල උන්ම ඇටුත් කරනවා.



අජිත්ම කියන විදිහට නෝ මෝ මාක්ස් එකේ ස්ලොගන් එක තමයි, බල්ලොත් එක්ක පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුළට හඳ පායන විට පිස්සු හැදී සිංහ පැටව් වගේ උඩු බුරන්නෙ බල්ලන්ම තමයි. මේක අජිත් තුළම පවතින විසංවාදය විදිහට ඔබට පේන්න පුළුවන්. මේක සවිඥානකයි. ඒ අය එක්ක අජිත්ලට පුළුවන් වෙන්නෙ ඔවුන් අතර පවතින මාක්ස් විරෝධී, වාම විරෝධී සංස්කෘතික කුමන්ත්‍රනය නිසයි. සැබෑ වාමාංශිකයන් අජිත්ලගෙන් ප්‍රවේශම් විය යුත්තේ මෙන්න මේ ධනේෂ්වර තර්කණයට සවිඥානිකවයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ajit Kumarasiri, Chithra Somapala, Indrachapa Liyanage, Freddie Mercury, John Lennon, Tina Turner
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්දරේගෙන් තවත් වියමන්
අදහස්
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
අදහස්
බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා!
අදහස්
මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි...! ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු ප්‍රොජෙක්ට් එක
තවත් වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook