මිනිසෙක් | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
මිනිසෙක්
බූන්දි, 10:42:24
ග්‍රීක් ජනතාව "ඇලිකෝස්" යන ආදරණීය නමින් හැඳින් වූ ඇලෙසැන්ඩර් පනාගෝලිස් කවියෙකි. මිනිසාගෙ නිදහස පතා සටන් වැදි අභීත සටන් කාමියෙකි. 1980 වසරේ මේ සොඳුරු සටන් කාමියා පිළිබඳ පුවත "The Man" නමින් ඔරියානා ෆලචි විසින් ලියා පලකළාය. මේ එම කෘතියේ සුනිල් මාධව විසින් කරන ලද අනුවාදයෙන් ගත් උපුටනයක්.

ඔබගේ දෑස් ජීවයෙන් පිරී තිබුණු අතර ඔබ හිනැහුණේ මහත් ආඩම්බරයකින් යුතුවය. ඔබ සිටියේ කොයිතරම් සතුටකින් ද කිවහොත් උසාවියේ සිටි අයට ඔබ ගැන අනුකම්පාවක් දැක්වීමට අසීරු විය. ඒ අතරම, මෙහි සිටි ජනතාව ඔබ ගැන හරියට දන්නේ නැත. ඔබට දුන් කෲර, අමානුෂික වධ හිංසා පිළිබඳ තොරතුරු මිලිටරි පොලිස් මූලස්ථානයෙන් පිටතට ගියේ නැත. ඔවුන් ඔබ හඳුනාගෙන සිටියේ බියගුලු, කුලියට අපරාධ කරන සාමාන්‍යය අපරාධකරුවෙකු ලෙස පමණය. එම තොරතුරු ඔවුන්ට සැපයුවේ ආණ්ඩුවේ පුවත්පත්ය.

ප්‍රජාතන්ත්‍රවාදය තිබියදී නිර්භීතකමේ සහ නිදහසේ වීරයන් මෙන් පෙනී සිටින, මොවුන් ඒකාධිපතිත්වය පැමිණි මොහොතේම ගණිකාවන් මෙන් උන් සමග යහනේ වැතිරෙන දීන, නිවට පුවත්පත් කලාවේදීන්ය. මෙම දීනයෝ ඒකාධිපතිත්වයට සේවය කිරීම සඳහා කලින් වර්ණනා කළ උදවියට මඩ ගසති. කලින් මඩ ගැසූ උදවිය වර්ණනා කරති. ඒකාධිපති රජයක් පවතිද්දී වෙනත් ඒකාධිපතියන් වර්ණනා කරන ඔවුහූ භීෂණය තුරන් වී යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ පසු යළිත් පරණ අන්දමට ක්‍රියා කරති.

ලජ්ජාවක් නැති මෙම පාහරයින්ට කිසිවක් වන්නේද නැත. එසේ කිසිවක් නොවන්නේ සපත්තු මහන්නන්, පාර අතුගාන්නන්, මිනී වළවල් හාරන්නන් සහ ගණිකාවන් මෙන් ඔවුන්ද මෙබඳු සමාජයකට අවශ්‍ය නිසාය. මෙම කීකරු බයාදු පුවත්පත් කලාවේදීන් නොමැතිව "මාස්ටර්ලා" කුමක් කරන්නද? ජනතාවට පොරොන්දු දෙන, ඔවුන්ට අණ දෙන, ඔවුන් බියවද්දන මෙබඳු කටු කන බල්ලන් නොමැතිව පවතින්නේ කෙසේද?

-"මිනිසෙක්" [The Man]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Oriana Fallaci, Alexandros Panagoulis, The Man
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
චේ [උපුටන දෙකක්]
පරිකල්පනික අතික්‍රමණය​
පැවිද්දා පූජකයා සහ දේශපාලකයා මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook