Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
දුම් නැගෙන ගිනි මූලය සොයමුද? ලන්ඩන් සිට කොළඹ දක්වා කෝපාග්නියේ අතුරු කතාවක්
බූන්දි, 09:16:06
‍පහුගිය වසරේ අගෝස්තු මාසයෙදි එංගලන්තයේ ලන්ඩන් නුවර සහ තවත් ප්‍රාන්ත කිහිපයකම ප්‍රධාන නගර කිහිපයක් පුරා ඇවිල ගිය තරුණ උද්ඝෝෂණය හා කලකෝලාහල තත්ත්වය එරට මෙන්ම සමස්ත ලෝකයේම අවධානයට ලක්වූ කාරණයක් වුණා. දේශපාලන ආර්ථික සංකල්පවලින් ලෝකයට මගපෙන්වන රටක් ලෙසත්, බහු සංස්කෘතිකත්වයත් සමගම ලෝකයට වඩාත් බැදුණු රටක් ලෙසත්, ඒ වගේම ලෝක බල දේශපාලනයේ බටහිර ධනේෂ්වර බලකඳවුරේ කේන්ද්‍රීය රටක් ලෙසත්, ස්ථරයන් ගණනාවක් හරහා මේ සිදුවීම නිර්වචනය වන්නට පටන් ගත්තා. ‍මේ සියළු ස්ථරයන් වලින් විවිධාකාරයේ අදහස් දැක්වීම්, මතවාදයන් බොහෝමයක් පළවුණා. ඒවා බොහෝමයක් ජනප්‍රිය තලයේ තැබිය හැකි ඒවා වුවත්, වඩාත් අධ්‍යනික මට්ටමෙහිලා සැළකිය හැකි පර්යේෂණ වාර්තා ගණනාවක් ද අන්තර්ගත වුණා.

මේ අතරින් එංගලන්තයේ “ද ගාඩියන්” පුවත්පත සහ 'ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස්'හි සමාජ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ පර්යේෂණ වාර්තාව බිම්මට්ටම හා වඩා සබැඳි ස්වාධීන වූවක්. එමගින් මෙම තරුණ කෝලාහලය පිළිබදව ජනප්‍රිය මතයන් අභිබවමින්, එංගලන්ත සමාජයේ පවතින දේශපාලන ආර්ථික හා සමාජයිය කරුණු කාරණා ගවේෂණයකට යොමුවුණා. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම, මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් වඩාත් ජනප්‍රිය‍ ලෙස භාවිතා වුණු අදහස්, මතවාද වල හරය මෙමගින් විමසා බැලුවා.

අප තුළ ඇති විවිධාකාර අගතීන් පසෙකලා විවෘත මනසකින් බැලුවොත්, පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ තිබෙන්නේ, “ආයුධ වලින් කෙරුණු ද්වීපාර්ශවික යුද්ධය” අවසන් වී තිබෙන එහෙත් සුවපත් නොවූ සමාජයක්. ඒ තුළ තවමත් රජයන්නේ ජනප්‍රිය සමාජ මතයන්. ඒවා කිසිලෙසකින් වත් සමාජ ආර්ථික ගවේෂණයක් මගින් පෝෂණය කළ ඒවා නෙවෙයි. එංගලන්තයේ ජනප්‍රිය පුවත්පතක් සහ ලෝකයේ ප්‍රමුඛ අධ්‍යයන ආයතනයක් එක්ව සිදුකළ මේ පර්යේෂණය රටක් ලෙස අපටත් ආදර්ශයන් ගණනාවක් සපයනවා. රාජ්‍ය නොවන ව්‍යාපාර, මාධ්‍ය සදහා වන සමාජ වගකීම ඉන් පළමුවැන්නයි. අනෙක් ආදර්ශයන් ඇතුලත් වන්නේ, මේ අධ්‍යනයේ සොයා ගැනීම් තුළයි. මෙම අධ්‍යයන පිළිබඳව උනන්දු වීම එක් පසෙකින් ලෝකයේ අවධානයට ලක්වූ සිදුවීමක් පිළිබදව විමසාබැලීමක් වනවා මෙන්ම, යම් යම් මට්ටම් වලදී රටක්, සමාජයක් ලෙස පොදුවේ හැමදෙනාගේම අවධානයට ලක්විය යුතු කරුණු කාරණාවන් ගණනාවක් අධ්‍යනය කිරීමක්ද වනවා.

2011 වසරෙ අගෝස්තු 4 වැනිදා ලන්ඩන් නුවර ‍ටොටන්හැම් ප්‍රදේශයේදී මාක් ඩගන් නම් තරුණයෙකු පොලිස් වෙඩි පහරට ලක්ව මිය යනවා. පොලීසිය පවසන්නේ ඔහුව සැක කටයුතු යමක් සදහා පරීක්ෂාවට ලක්කිරීමට සැරසෙන විට ඔහු විසින් පොලිසීයට වෙඩි තැබීමට උත්සාහ කළ නිසා, ඔහුට වෙඩි තැබූ බවයි. කළු ජාතිකයෙකුවූ මාක් ඩගන්ගේ පවුලේ අය සහ හිතවතුන් 06 වැනි සෙනසුරාදා පොලීසිය අසල රැස්වෙන්නෙ, මෙම වෙඩි තැබීම හා මරණය ගැන ප්‍රශ්න කිරීමට. එහෙත් ඔවුන් බලාපොරොත්තු වෙන ආකාරයට පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. ඩගන්ගේ දෙමාපියන් හා හිතවතුන් එතැනින් පිටව යෑමත් සමගම රැස්ව සිටි පිරිස් පොලීසිය සමග ගැටුමක් ඇති කරගන්නවා. එය ක්‍රම ක්‍රමයෙන් වර්ධන වීමත් සමගම එය කඩවල් කොල්ලකන, පොදු දේපල විනාශ කරන, පොලිස් වාහන ගිනි තබන කෝලාහලයක් බවට පත්වෙනවා. ටික වෙලාවකින් ‍කෝලාහලය අසල නගර වලටත් විහිදෙනවා. දෙවන දිනය වන විට ‍කෝලාහල තත්ත්වය ලන්ඩන් නුවර පුරා ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙනවා. ගිනිතැබීම්, කඩසාප්පු කොල්ලකෑ‍ම් ප්‍රමාණය තව තව ඉහළ යනවා. තෙවන දිනය වන විට ලන්ඩන්වලින් එපිට ඈත ප්‍රාන්ත දක්වා කෝලාහල ව්‍යාප්ත වෙනවා. මැන්චෙස්ටර්, බර්මින්හැම්, නොටින්හැම් වගේ නගර ඊට අයත්. කෝලාහලවල අවසන් දිනය වන හතරවන දිනය තුළදි ලන්ඩන් නුවරින් එපිටට තව තවත් ව්‍යාප්ත වෙද්දි බර්මින්හැම් නගරයෙදි සිය කඩය කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය වනවා.


මාක් ඩගන්

සිද්ධියක් ලෙස මාක් ඩගන්ගේ මරණය ඉස්මතු වුවත්, ඇත්තටම මෙම කොල්ලකාරී තත්ත්වය හා සම්බන්ධ වූවන් සමග වන කතාබහේදී පැහැදිලි වන දෙයක් වෙන්නේ, සමාජයේ එක්තරා පිරිසක් විසින් දිගින් දිගටම මුහුණදුන් සමාජ අසාධාරණයන්, නොසළකාහැරීම්, වෙන්කොට සැලකීම් වැනි කරුණු කාරණා හින්දා ගොඩනැගී තිබුණු ආවේගයක් මේ කොල්ලකාරී තත්ත්වයත් එක්ක පුපුරා ගිය බවයි. විරැකියාව, ආර්ථික අපහසුතාවන්, බලාපොරොත්තු කඩවීම්, වැනි පොදු සමාජ ආර්ථික කාරණා වගේම, දෛනික ජීවිතය තුළදි රාජ්‍ය ආයතන, පොලීසියෙන් සිදුවුණු අසාධාරණකම් මේ වෙනුවෙන් සුවිශාල ලෙස බලපා තිබෙන බව දක්නට ලැබුණා.

“ මුළු ප්‍රදේශයෙම පාලනය තිබුණේ අපේ අතේ. ඒ පැත්තේ ලොකු පොලිස් ස්ථානයක් තිබුණා, ඒත් උන්ට කිසිම දෙයක් කරන්න පුළුවන් වුනේ නෑ. ඒක අපේ දවස. සැලෆර්ඩ් (ප්‍රදේශයේ නම) ප්‍රදේශයේ සැණකෙලි ස්වරූපයක් තිබුණේ. මිනිස්සු කනවා, බොනවා, මත්ද්‍රව්‍ය නිදහසේ ලබාගන්නවා, හිනාවෙනවා, කිසිම කෙනෙක් කාටවත් තර්ජනය කිරීමක් තිබුණේ නෑ”
-මැන්චෙස්ටර් ප්‍රදේශයේ කෝලාහලට සම්බන්ධවූ විසි දෙහැවිරිදි තරුණයෙක්

මෙම සමීක්ෂණය අනුව අදාළ කෝලාහලයෙදී ක්‍රියාකාරී වූ පිරිස් වලින් 70%කටත් වැඩි ප්‍රමාණයක් මහමගදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලට හසුව තියෙනවා. ලංකාව වගේ අධික ලෙස හමුදාකරණයට ලක්වූ රටක පොලිසීයට හෝ හමුදාවේ ප්‍රශ්න කිරීම් වලට ලක්වීම සාමාන්‍ය දෙයක් වුනත් ලන්ඩන් නගරයේ තත්ත්වය මීට වඩා වෙනස් වූවක්. ලන්ඩන් පොලීසිය විසින් සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ප්‍රතිශතයක් ලෙස වැඩි ප්‍රමාණයක් හසුව තිබෙන්නෙ කළු ජාතිකයින්. ඒ වගේම පොලිසිය විසින් විවිධාකාරයේ අඩන්තේට්ටම් ද සිදුකර තිබෙන බව මොවුන් පවසා තියෙනවා. සුදු ජාතිකයින් පරීක්ෂා කිරීමේදී වඩාත් ගෞරවශීලී ප්‍රතිපත්තියකුත්, කළු ජාතිකයින් පරීක්ෂාවේදී රළු ප්‍රතිපත්තියකුත් භාවිතා කිරීම බොහෝ දෙනෙකුට නිරික්ෂණය වී තිබෙනවා.

නිදහස් පුරවැසියෙකු ලෙස නිසග හැගීමක් ඇති අයෙකුට රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින මැයෙන් සිදුවන අනවශ්‍ය බලහත්කාරයට එරෙහි හැගීමක් ඇතිවීම පුදුමයක් නෙවෙයි. රාජ්‍යය විසින් සිවිල් ජනයා වෙත නිකුත් කරන අනවශ්‍ය බලහත්කාරය වගේම, ඒවා ක්‍රියාත්මක කරන පුද්ගයින්ගේ හීනමාන සංකීර්ණ වල බලපෑම් කොතෙක් ද කියන එක ලංකාවේ අපට අලුත් දෙයක් නෙවෙයි. පහුගිය කාලයට පුරාවට දක්නට ලැබුණු ලංකාවේ පොලිස් ස්ථාන වලට එරෙහි මහජන උද්ඝෝෂණ හා ගල්මුල් ප්‍රහාර වල තිබෙන යටි අරුතත් මීට සමාන වුවක්. සමීක්ෂණයක් සිදුවේ යැයි කිසිලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැකි වුනත්, යම් ලෙසකින් ලංකාවේ වෙසෙන දමිළ තරුණයින් අතර ලංකාවේ ආරක්ෂක අංශ හා රාජ්‍ය බලහත්කාරය පිළිබදව ස්වාධීන සමික්ෂණයක් පවත්වන්න යෙදුනේ නම් ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයින් පිළිබදව වැදගත් අදහසක් ගන්න පුළුවන් බව නොඅනුමානයි.



රට පාලනය කරන ආණ්ඩුවේ පිරිස් හෝ ඡන්ද දේශපාලනයේ යෙදෙන දේශපාලන පක්ෂ හෝ බොහෝ විට සමාජ දේශපාලන ප්‍රශ්න නිර්වචනය කරන්නේ හරිම අවස්ථාවාදී විදිහට, පටු ලෙස. ඒත් විද්වතුන් හෝ සිවිල් සමාජය විසින් පක්ෂ දේශපාලන‍යට මුවා වෙලා තමන්ගේ වෘත්තිය පාවාදෙන්නෙ නැහැ. අද වෙනකොට ලංකාවේ සියළුම ගැටළු නිරාකරණය කරගැනීමට එකම ඉටු දෙවියෙක් පසුපස යන්න වුණාට ධනේෂ්වර සමාජ යාන්ත්‍රණය එය පිළිගන්නේ නැහැ. මේ කලකෝලාහලය පිළිබදව අදහස් දක්වපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කිව්වේ මේ සමස්ත කලකෝලාහලයම සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ බ්‍රිතාන්‍යයේ සිටින තරුණ කල්ලි විසින් කියලා. ඒ අදහස කොතරම් ප්‍රබල වුණාද කියනව නම් අගමැතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස ඇමරිකානු ආරක්ෂක අංශයේ තරුණ කල්ලි මර්ධනය පිළිබදව ක්‍රියාකළ ඉහළ නිලධාරියෙකු පත්කිරීමටත් කතිකාවක් ඇතිවුණා. එහෙත් ගාඩියන් හා LSC (London School of Economics ) එකතුව කරපු සමීක්ෂණය මගින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා මෙම කෝලාහලය පසුපස බ්‍රිතාන්‍යයේ තරුණ කල්ලි වල සහභාගිත්වය ඉතා අල්ප බව. ලංකාවේ බොහෝම වීරත්වයෙන් ප්‍රකාශ වන දේශපාලකයින්ගේ අවස්ථාවාදී අමන උපකල්පන හා නිගමන වල පසුපස තිබෙන සත්‍යයත් මෙයම නොවෙයිද?

ආණ්ඩුවට ඕන මේ සිද්ධියේ වරද කාට හරි පවරන්න. ඒ නිසා ඔක්කොම කල්ලි පිටපටවනවා. මම විශ්වාස කරන්නෙ නැහැ එතරම් සැලසුම්ගත විදිහට තරුණ කල්ලි ක්‍රියාත්මකයි කියලා.
-සැල්ෆර්ඩ්හි විසිඑක් හැවිරිදි තරුණයෙක්

දියුණු ධ‍‍නේෂ්වර රටක් ලෙස බ්‍රිතාන්‍යය පුරා පැතිර ඇති අසමානතාවය ද මෙකී කොල්ලකාරී තත්ත්වය නිර්මාණය කරන්න ප්‍රමුඛ වෙලා තියෙනවා කියන එක කැමරන්ට වගේම‍ සමාජ ප්‍රශ්ණ ඉදිරියේ ලෝකේ සියළු දේශපාලකයන්ට නොපෙනෙන තවත් හේතුවක්. මේ වනවිට යුරෝපය පුරා පවතින ආර්ථික අවපාතය හමුවේ රැකියා අහිමිවූවන් ඇතුළුව විරැකියාවෙන් පෙලෙන තරුණයින් මේ කොල්ලයේ ඉදිරියෙන් ක්‍රියාකර තිබෙනවා. මේ හේතුව හුදු ප්‍රතිසංස්කරණවලින් පියැවිය නොහැකිවන සමස්ත ආර්ථික ක්‍රමයම ‍දිහා ප්‍රශ්නකාරී ලෙස බලන්න හේතුවෙන තවත් එක අවස්ථාවක්.

ලන්ඩන් නගරය කියන්නෙ වඩාත්ම ‍ගෝලීයකරණයට ලක්වුණු නගරයක්. ලෝකයේ පවතින ප්‍රමුඛ වෙළඳ සන්නාම සියල්ල එහි තරගකාරීව ක්‍රියාත්මක වෙනවා. අධිපරිභෝජනවාදී සමාජයක් ඇතුලේ සන්නාම සදහා පිපාසාවක් ඇති කරන්න තරම් වෙළද ප්‍රචාරණය ප්‍රබල වෙලා තියෙනවා. මේ කියන පිපාසාව අසීමිත එකක්. මිනිස්සු අන්ධ ලෙස මේවා හා බැඳී සිටිනවා. කොතරම් ආදායමක් ඉපැයුවත් මධ්‍යම පාන්තික හෝ පහළ පාන්තිකයෙක්ට මෙම භාණ්ඩ පිපාසාව සංසිදුවාගන්න පුළුවන් කියලා හිතන්න බැහැ. මේ වගේ තමන්ට ළඟා වෙන්න නොහැකි වෙළද සන්නාම සහිත වෙළදසැල් මෙම කලකෝලාහලයේදී වඩාත් ඉලක්ක ගත වීමක් දක්නට ලැබුණා. තමන් මෙතෙක් ආසාවෙන් අත්පත් කරගැනීමට හිටියත්, ආදායම ප්‍රමාණවත් නොවීම නිසා මගහැරුණු භාණ්ඩ පොදි පිටින් තමන්ගේ නිවාසවලට අරං යන ආකාරය සුලබ දසුනක් වුණා.රෙදිකඩ, ඉලෙක්‍‍ට්‍රොනික් වෙළදසැලවල්, ජංගම දුරකතන හා පරිගණක වෙළදසැලවල් මීට අයත්.



ආරාබිකරයේ සිදුවූ පිබිදීමේ ක්‍රියාවලින්වල වගේම මෙහෙදිත් සමාජ ජාල වෙබ් අඩවි හා නව සන්නිවේදන උපකරණ විසින් සැළකිය යුතු බලපෑමක් සිදුකරන බවයි කෝලාහලය පවතින සමයෙදි බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශ කළේ. මේ නිසා ම ඔවුන් විසින් ට්වීටර් සමාජ ජාල වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවීමටත් යෝජනා කළා. එහෙත් මෙම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ සමාජ ජාල වෙබ් අඩවිවලින් මීට වූ බලපෑම ඉතා අල්ප බවයි. ඒ වෙනුවට බ්ලැක්බෙරි දුරකතනය මගින් නොමිලේ ලබාදෙන බ්ලැක්බරි මැසෙන්ජර් නම් පණිවුඩ සේවාව වඩාත් භාවිතා කොට තිබුණා.

නැවත‍ මෙවැනි තත්ත්වයක් ඇතිවේද යන ප්‍රශ්නයට බොහෝ දෙනෙකු ලබාදී තිබු පිළිතුර වෙන්නෙ නැවත වරක් ඇතිවන බවයි. සැබැවින්ම ඊට හේතූවූ මූලබීජයන් සමාජය පුරා පවතින තාක් කලකෝලාහල පමණක් නොව රට බෙදන තත්ත්වය දක්වා ව්‍යාපත්ව විය හැකි ව්‍යාපාරයන් බිහිවීමේ ශක්‍යතාව එලෙසම ඉතිරිව තිබෙනවා. මේ නිසා එවැනි ප්‍රශ්නයක් ඇතිවූ විට යුද්ධ කිරීමට හෝ මර්ධනය කිරීමට අවශ්‍ය ආරක්ෂක අංශ ගොඩනගනවාට වඩා ඒ ප්‍රශ්න ඇතිවීමට බලපාන හේතුවලට පිළිතුරු සෙවීම වඩාත් යෝග්‍ය බව ‍නොතේරෙන්නෙ අවස්ථාවාදීන්ටම පමණයි.

සබැඳි|
Reading the Riots: Investigating England's summer of disorder – full report

Reading the Riots: 'It was a war, and we had the police scared' - video

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- London Riots- 2012, Mark Duggan, The Gardian, Twitter, Black Berry Phones, David Cameron, British government, Sri Lankan Civil War, Youth Groups in London, London School of Economics
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් වෙසෙස් බූන්දි
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
මුතුරාජවෙල වනසන්නට පෙර
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

23-Mins

(අජිත් සී හේරත්) සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක්... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

13-Mins

(අජිත් සී හේරත්) ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්...

ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
ඔත්තු| 'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2

1-Mins

'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook