Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
වසංගාගෙන සිටි වදනක්
බූන්දි, 21:10:21
කඹයක් තිබිණි. එහි එක් කොණක් ඩැහැගත් මිනිසකු ද විය. බාල්කයක් මතින් දැමුන එහි අනෙක් කොණෙහි ගොදුරකි. ගොදුරෙහි දෑත් පිටුපසට කර මහපටැඟිලි සපත්තු නූලකින් එකට එක් කර ගැට ගසා කඹ කොණට අමුණා තිබිණි.
නැකත එළඹිණි.
මිනිසා කඹය ගස්සා ඇද්දේය.
ගොදුරු ගුවන් ගත විණි.

කෆ්කාගේ ''රූපාන්තරණයේ'' එන ග්‍රිගෝරි සම්සා මෙන් මා ද ඒ මොහොතේ දෙකනින් එල්ලන ලද හාවකු සේ මට දැනිණ.

අසූ නවයේ සීතල දෙසැම්බරය මගේ දෑස් ඉදිරිපිට පුපුරා හැලූණි. පහර පිට පහර වදිද්දී මම යටි ගිරියෙන් ලතෝනි දුනිමි. අවමන්. කුණුහරුප මැද වා තලයට එක් වූ මගේ එම හඬ වඩා ළං වන්නට ඇත්තේ අමුතු සත්ත්වයකුගේ කෑ ගෑමකටය.

මෙතෙක් ගවේෂණයට ලක් නොවූ අනේකවිධ ග්‍රහ ලෝක මගේ දෑස් ඉදිරියේ පෙනී නොපෙනී ගියේය.

මුළු සිරුරේම නහර වැල් ගැලවී, එක පොදියට ගුලිව දෑස් පලා ගෙන පිටට පනින්නට පොදිකන සෙයක් මට දැනිණ.

පසු කලෙක නැරඹූ නාට්‍යයක මෙවන් දෙබසක් වූ බැව් මට මතකය- ''විඳින වදහිංසාවල උපරිමයට ගියාම මොකුත් දැනෙන්නෙ නැතුව ඇඟ හිරිවැටෙන මොහොතක් එනවා.'' මට ඒ ගැන කීමට ඇත්තේ මෙපමණකි. ''දන්න ඉටිගෙඩිය.''

ඉදින්, කඹ කොණේ මස් වැදැල්ලක් මෙන් පැද්දෙමින් ලතෝති දුන් ඒ වෙලාවේ දී මට ගීතයක් අසන්නට ලැබුණි. එම ගීතය කිසිදා නොමැකෙන අයුරු මගේ සිතේ කාවැදුණි.
''බුදු කරුණා දෑස තෙමී සදහම් රැස් ඇද හැලූනා......''
එම ගීතය එතරම් තදින් මගේ සිතේ සටහන් වූවේ පද මාලාව, සංගීතය හෝ නන්දා මාලිනියගේ සොඳුරු හඬ නිසා නොවේ. එවේලේ එම ගීතයෙන් අපේක්ෂිත කාර්යයක් තිබිණි. මගේ ලතෝනි හඬ පිටට යා නොදී වලක්වාලන ලද්දේ එම ගීතය වාදනය වීමට සැලැස්වීමෙනි. මෙසේ භද්‍ර කල්පයක් ගෙවිනි. අවසන මම මිය ගියෙමි.

(*****)

කොළඹ කොටුවේ සුවිසල් මහල් ගොඩනැගිල්ලක සය වෙනි මහලේ අඳුරු කුටි පෙළක ගෙවුන තෙවෙනි ශීත සමය මෙහිදී මගේ මතකයට නැගෙයි. සතරැස් උඩු මහලේ බිත්තිවලට අල්ලා නිමැවුණු කළු යකඩ කුටි පෙළ මැද හිස් අවකාශයක් පැවතිණි. රජයේ වියදමින් මේ බිම් කඩෙහි සර්ව ජාතික, සර්ව ආගමික, සර්ව සංස්කෘතික අපූරු පසුබිමක් බිහි කෙරී තිබිණි. වැසිකිළියට යාමට ලැබුන මඳ අවසරයේ දී අපට වැසිකිළි ජනේලයෙන් වරාය නැරඹීමට ලැබුණි. එය අපේ සිත් නිවාලු සොඳුරු දසුනක්ම වී. විදුලි බුබුලින් එළියවුන රාත්‍රියට වරාය දිව්‍ය ලෝකයක් මෙනි.

වතාවක් සුඛෝපභෝගී මගී නෞකාවක් එහි ළඟා වුණි. සතුටින් ඇළලූණු එහි මගී ජනතාව සමග අපි මනෝමය සබඳතාවක් ගොඩනගා ගතිමු. සිරුර යකඩ කුටියේ ශේෂ කර අපි ඔවුන් සමග නැව් නැග්ගෙමු. එක් රාත්‍රියකදී, එක් සගයෙක් වැඩිවිය පැමිණෙන්නට ඔන්න මෙන්න කියා සිටි සිය දියණිය සිහිව මහ හඬින් වැලපුණි. යෝධ රූපකායකින් හෙබි මේ මිනිසා වැළපෙන අයුරු දුටු මොහොතේ දී මම නෞකා සංචාරය හදිසියේ නිමවා මහ පොළවට පැමිණියෙමි.

එම රැඳවුම් ගුහාවේ පියස්ස ලෙස වූවේ ගන කොන්ක්‍රීට් තටුවකි. එහි මධ්‍යයේ යකඩ දැල් ගසා වීදුරු සවි කෙරුන ආලෝක කපොල්ලකි.
'' රාත්‍රී භෝජන සංග්‍රහය'' පිණිස යකඩ කූඩුවලින් පිටට ගනු ලැබූ එක් රාත්‍රියක එම වීදුරු ආවරණයේ වූ සිහින් පැල්මක් දෙස බලා හුන් සගයෙක් මෙසේ කෑගෑවේය.
''හඳ!''
ඔව්, එම පැල්ම අතරින් ඒ වෙලාවේ දී සැබෑවටම සඳ දිස්වුණි.

ඉන්පසු එකා පසුපස එකා බැගින් පෙළ ගැසී, භෝජනය අමතක කර, අප ලද අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සඳ බැලීමු. මා දුටු අලංකාරවත්ම සඳ එයයි. ඒ සඳ එළිය සිතේ ගබඩා කරගත් මම එහි පිහිටෙන් ඉන්පසු එතෙක් සිතේ ලියා තුබූ දෑ කොලවලට ගැනීමට උත්සාහ දැරීමි. ''සමුගනිමු ගුල්සාරි'' එහි පළමු පියවරයි.

අන්තිමේදී දිර දිරා අතීතය එකතු වෙමින් කාලය ගෙවිණි. එතෙක් අප හා උන් අර සොයුරා හා ඔහුගේ පියඹ අප නොනෑයින්ගේ ගොඩට දමා දුරස් වූවෝය. මගේ ගමන් මග විසින් උරුම කර දෙන ලද දුක් පීඩා එක සිතින් ඉහිලු තාත්තා නොකල් හී මා හැර ගියේය. ''ලියපං.'' ජීවත්ව සිටි කල තත්තා මගෙන් නොයෙක් වර ඉල්ලා සිටියේය. තාත්තා මගෙන් ජීවිතයටම යමක් ඉල්ලූවේ නම් එපමණකි. එහෙත්, එම ඉල්ලීම ඉටුවනු දකින්නට ඔහු සිටියේ නැති.
චූලානන්ද සමරනායකගේ ''මළ ගිය ප්‍රාණකාරයකුගේ අතීත සටහන්''කෙටි කතා එකතුවේ පෙරවදනින් උපුටාගෙන සංස්කරණය කළ සටහනකි. (මේ කෘතිය විදර්ශන ප්‍රකාශකයන් විසින් 2005 දී එළි දක්වන ලද්දකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Civil War, Mala Giya Pranakarayakuge Atheetha Satahan, Vidarshana PUblishers
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චූලානන්ද සමරනායකගෙන් තවත් වියමන්
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
කරන්ට්ස්
සන්ධ්‍යාට...
කරන්ට්ස්
සිංහ - ලේ
කරන්ට්ස්
නැළවිලි ගී
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook