Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියා ය!
බූන්දි, 21:08:21
මගේ මතකයේ රැඳුනු නන්දා මාලිනී ගේ මුල්ම ගීතය ''රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ'' විය යුතු යැයි සිතමි. මා කුඩා කල අපේ වත්තේ කොනක රුක් අත්තන ගසක් තිබුනි. ඒ ලඟින් මා යන සෑම විටක මට නන්දා මාලිනී ගේ එම ගීතය ද, හරූන් ලන්ත්‍රා ගැයූ ''මගෙ නාමලී බැඳි ආදරේ'' ගීතය ද, චීන සර්කස් ද, අනිවාර්්‍යයෙන් ම සිහිවිය. හරූන් ලන්ත්‍රා ගේ ගීතය මට සිහිවූයේ එම ගීතය අඩංගු ''ගොපළු හඬ'' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ නාමලී නයෙක් දෂ්ඨ කර මිය ගිය පසු රුක් අත්තන ලීයෙන් තැනූ මිනී පෙට්ටියක අවසන් ගමන ගෙන යද්දී, රුක් අත්තන ඔසු බලෙන් සර්ප විස නැසී, යලි සිහි ලැබී සිය පෙම්වතා හා එක් වීමට ඇයට අවකාශ ලැබූ අපූරු කතා පුවත එහි අඩංගු වූ බැවි‚. ඒ සමගම, චීන සර්කස් මට සිහිවූයේ, ''ගොපළු හඬ'' චිත්‍රපටය බැලීමට අප පවුලේ සියළු දෙනාම ගියේ ඒ සමග තිරගත වූ චීන සර්කස් පිළිබඳ කෙටි චිත්‍රපටය නැරඹීමට අපට තිබූ අවශ්‍යතාවය නිසා වීමය. මෙය පවුලේ අප පස් දෙනා එකට නැරඹූ එකම චිත්‍රපටය ද වීම විශේෂයකි.

කෙසේ නමුත් මේ දිනවල අපේ පි්‍රයතම ගායිකාව වූයේ නන්දා මාලිනී ගෝකුල නොවේ. ඇන්ජලීන් ගුණතිලක ය. පි්‍රයතම ගායකයා ජෝතිපාල විය. නන්දා මාලිනී ලා, අමරදේව ලා අපේ ලෝකයට පිවිසුනේ අප ප්‍රබුද්ධයන් වීමට පටන් ගත් හැත්තෑවේ දශකයේ අවසාන දෙවසරක පමණ කාලයේ දී ය. මේ කාලය වන විට ''ශ්‍රවන ආරාධනා'' වෙන් මිදුණු නන්දා මාලිනිය, සුනිල් ආරියරත්න ගේ පද රචනයෙන් යුතු වූ ''සුලං කපොල්ලේ'' ආදී නව ආරක අදහස් ඇතුලත් ගී මෙන්ම සත්‍යයේ ගීතය ප්‍රසංගය වැනි ප්‍රගතිශීලි ගීත ද ගායනය කරන්නට පටන් ගෙන තිබිණ. ඇය ක්‍රම ක්‍රමයෙන් පරම්පරා කිහිපයකම පි්‍රයතම ගායිකාව බවට පත්විය.

කැසට් වාදන යන්ත්‍ර යනාදිය තවමත් අපේ වත්කම් සීමාවට ලංවී නොතිබුනි. පෞද්ගලික බස් ද බොහෝ විට වෑන් කබල් පමණක් විය. එසේ නමුදු හුදෙක් ගුවන් විදුලියේ ප්‍රචාරයෙන් පමණක් ඇය තම ගීත බහුතරයක් සිංහල රසික ජනතාව අතරය ගෙන යෑමට සමත් වූයේ, ඒ ගීත වල සොඳුරු පද මාලාවන් ගේ ද, මියුරු සංගීත සංයෝජනයේ ද නොමසුරු සහයෝගය ලබමින් බව සිතමි. පසු කලෙක මා පේරාදෙනිය සරසවියේ ඉගෙන ගනිද්දී ප්‍රථම වරට රූපවාහිනිය තුලින් ''තරු ද නිදන මහ රෑ'' වැනි ගීත රස විදි අයුරු මට තවමත් සිහිවේ.

මා විශ්ව විද්‍යාලයේ මුල් වසරේ ඉගෙන ගනිමින් සිටි අවදියේ එක්තරා සති අන්තයක කලාගාරයේ පැවත්වුනු නන්දා මාලිනියගේ ගීත සම්බන්ධ සම්මන්ත්‍රණයක් මගේ මතකයට එයි. මෙහි දෙසුම් පැවත්වූවෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවකට සේවය කළ කථීකාචාර්ය අත්තනායක හේරත් සහ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දෙපල සහ දේශපාලන හේතු මත සරසවියෙන් නෙරපන ලදුව එවකට මුල්ගම්පොල ඉංගී්‍රසි පන්තියක් පවත්වමින් වාම දේශපාලන ව්‍යාපාරයක ද නිරත වුනු ආචාර්ය සුචරිත ගම්ලත් හු වූහ. සුචරිත ගම්ලත් එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හෙවත් විකොසේ කි්‍රයාකාරීකයෙකුව මහනුවර ප්‍රදේශයේ කටයුතු කළේ ය. මයිකල් ප්‍රනාන්දු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ වා යැයි සිතමි. සිංහල අංශයේ සේවය කළ අත්තනායක හේරත් මා දන්නා තරමට ප්‍රසිද්ධ දේශපාලනයක යෙදුනේ නැත.

මෙදින පැවත්වුනු දේශන පිළිබඳව මගේ සිතේ රසවත් කරුණු කිහිපයක් තවමත් රැඳී ඇත. අත්තනායක හේරත් තම දේශණයේ දී, නන්දා මාලිනිය ගේ ගායනට වඩා අවධානය යොමු කළේ ඇගේ ගීත වල ට මුසුවී තිබුනු සංගීතයටයි. ධර්මසිරි ගමගේ ලියා නන්දා මාලිනි ය ගැයූ, ''අම්මාවරුනේ'' ගීතයේ සංගීත නිර්මාණයේ දී ජල තරංග යොදා ගෙන ඇති බවත්, එයින් ලොව සෑම ජීවියෙකුටම මුල් වූයේ, මව් වූයේ, ජලය ම ය යන සත්‍යය ඉස්මතු වෙන බවත් යනාදී අපට අළුත් ම අදහස් රැසක් ඔහු ගේ දේශණයේ ගැබ් වී තිබු‚. සුචරිත ගම්ලත් ගේ දේශණයේ දී ඔහු කළේ නන්දා මාලිනි ය ගේ ගීත වල අරුත පිළිබදව නිර්දය වූ - එවකට දෙඤ්ඤං බැටේ යන සුරතල් නාමයෙන් ප්‍රසිද්ධ වී තිබුනු ආකාරයේ - විවේචනයක් කිරීමයි. ඔහු උදාහරණයට ගත් එක් ගීතයක් වූයේ ''නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ'' යන ගීතයයි. මෙය ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක්‍රමය සාධාරධෑකරණය කරන ප්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් බව ඔහු පැවසීය. ආර්ථීක යේ ඵල සැමටම එකසේ අයත් විය යුතු බවත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක්‍රමයේ වරදින් බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවත් ඔහු තර්ක කළේය. එය මා සිත් ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මගේ මතකයේ හැටියට මෙයට යම් විරෝධතාවයක් මයිකල් ප්‍රනාන්දු ගෙන් එල්ල විනි. නමුත් ඔහුසුචරිත ගම්ලත් ව හැඳින්වූයේ ''සුචරිතරත්න'' ගම්ලත් ලෙස නිසා එයින් හටගත් උත්ප්‍රාසය හැර වෙනත් යමක් ඉස්මතු නොවිනි.

ස්ටාලින්වාදී පක්ෂයක මයිකල් ප්‍රනාන්දු සහ ට්‍රොස්කිවාදී පක්ෂයක සුචරිත ගම්ලත් අතර දරුණු දේශපාලන වාද ඇතිවිය හැකි බවට සිතීමේ වරදක් නොවෙතත් එවැනි දෙයකට ඔවුන් යොමු නොවූහ. මා මීට පසු කලෙක දැනගත් පරිදි ට්‍රොස්කිවාදී විකොස ට ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට සමග කෙසේ වෙතත් බරපතල දේශපාලන ප්‍රශ්ණ තිබුනේ තවත් ට්‍රොස්කිවාදී පක්ෂයක් වූ නව සමසමාජ පක්ෂය සමගය. මෙකල නව සමසමාජ පක්ෂය වාසුදේව ගේ ප්‍රසිද්ධ නායකත්වයෙන් ද, වික්‍රමබාහු ගේ මතවාදී නායකත්වයෙන් ද පැවතුනි. ධනපති පක්ෂ හා සභාගයට යෑමට වාසු පක්ෂයෙන් ඉවත් වූයේ මීට දශකයකට පමණ පසු කලෙකය.

නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් බිහි වූ ගීත ඇතැම් විට ප්‍රතිගාමී බලවේගයන් ට උඩ ගෙඩි සැපයූ ඒවා විය. ඔවුන් දෙපල සම්මාදන් වූ ''තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්'' ගීතය මෙන්ම ''කඩුවක් ඇවසි තැන කඩුවක් ගෙන නැගෙනු'' ගීතය ද සිංහල ජාතිවාදී මැරයෝ පසු කලෙක රණ ගී ලෙස යොදාගත් බව නොරහසකි. කෙසේ වෙතත්, එවකට පැවති (අවාසනාවන්ත ලෙස අදත් එලෙසම පවතින) අදැහැමි රාජ්‍ය සමයේ තිරශ්චීන භාවය මගින් මතු කරන ලද කාලීන අවශ්‍යතාවය සැපිරීමේ සද්කාර්යයක් ලෙස, නන්දා මාලිනිය සහ සුනිල් ආරියරත්න දෙපල නිමැවූ සත්‍යයේ ගීතය ප්‍රසංගය රට තෙ-කොණේ එකසේ ජනපි්‍රය විය. පේරාදෙනියේ කී්‍රඩාගාර ශාලාවේ දී ඇයට සජීවී ව සවන් දීමට ද මෙකල අපට අවස්ථාව ලැබුනි. ඉන් නොනැවතුනු ඔව්හූ දිගින් දිගටම ප්‍රබුද්ධ ගීත නිර්මාණ කාර්යයේ යෙදුනාහ. යාත්‍රා (1983), හේමන්තයේ දී (1985) සමග පසු කලෙක පවන ප්‍රසංගය (1987) දී ඉදිරිපත් කළහ.

මේ කාලයේ දී නන්දා මාලිනිය ගේ ගීත පිළිබඳව තවත් සම්මන්ත්‍රණයක් ජාතීන් අතර සාධාරණත්වය සහ සමානත්වය පිළිබඳ සංවිධානය හෙවත් මර්ජ් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ පෝල් කැස්පර්ස් පියතුමා ගේ මහනුවර පිහිටි සත්යෝදය මධ්‍යස්ථානයේ දී 1983 දී පමණ පැවැත්වුනු අතර අපි කිහිප දෙනෙකු එයට ද සහභාගී වීමු. මේ සම්මන්ත්‍රණ වලදී කෙරෙන කතා අසා සිටීමෙන් ම අපේ බුද්ධි මණ්ඩල ප්‍රසාරණය විය. උදාහරණයක් ලෙස මා මනෝමූල යන වදන මුලින්ම ඇසූයේ මේ සම්මන්ත්‍රණයේ දී බව මගේ මතකයයි. එසේම මෙහි දී කතා කල එක් වියතෙක්, සිංහල ගීයට තාල තරංග හෙවත් තබ්ලා යොදා ගැනීමෙන් ගායනය යටපත් වී ඝෝෂාවක් මතුවන බවට පිළිගත හැකි නව තර්කයක් ගෙන ආවේය. එසේම, මා මේ ලිපියේ කූටප්‍රාප්තිය ලෙස ඉදිරිපත් කරන්නට අදහස් කරන සිදුවීම වූයේ ද මෙවැනිම වූ සම්මන්ත්‍රණයක දී ය.

ඒ 1985 වසර විය. අපි අවසාන වසරේ ඉගෙනුම ලබමින් සිටියෙමු. නන්දා මාලිනිය ''හේමන්තයේ දී'' කැසට් පටිය එළි දැක්වූවාය. පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසු බහුතරයේ ආදරයට පාත්‍ර වුනු සිසු දුක මනා ලෙස විදහා පාන ''හන්තාන අඩවියේ'' ගීතය ඇතුළු ගීත ෙදාළසක් එහි අඩංගු විය. මේ වන විට ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායමක කාරු‚ක අනුග්‍රහය යටතේ අපේ පොදු කාමරයට කැසට් වාදන යන්ත්‍රයක් ලැබී තිබුණු බැවින් නන්දා ගේ ගීත දිනපතාම වාගේ ශ්‍රවනය කිරීමට අපට වාසනාව ලැබු‚. මෙම වසරේ විශ්ව විද්‍යාල ගාන්ධර්ව සංගමයේ වාර්ෂික ගායනා තරගයේ කාන්තා අංශයෙන් ප්‍රථම සහ තෙවන ස්ථාන ලැබුවේ ද නන්දා මාලිනිය ගේ ගී ගැයූ සිසුවියන් වීම විශේෂයකි. අපේ පීඨයේ උගත් මින් එක් සිසුවියක් ''කුරුටු ගෑ ගී පොතේ'' ගීතය ගයා පීඨ දින සංස්කෘතික සංදර්ශනයේ දී ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.

අද ''සමාජ සමානතා පක්ෂය'' නමින් කි්‍රයාත්මක වෙන එවකට විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් ''විකොස'' නමින් හැඳින්වුනු කණ්ඩායම, ඉතා සීමිත නමුත් මනා ලෙස තම දේශපාලන දර්ශනය දන්නා සාමාජික පිරිසක ගෙන් සමන්විත විය. මේ කාලය වන විට ඔවුනට විශ්ව විද්‍යාලය තුල සැලකිය යුතු පිරිස් බලයක් නොතිබුනි. නමුත් මින් දෙවසරක ට පමණ පසු කාලයක පක්ෂය සඳහා පුර්ණකාලීනයින් ද ඉංජිනේරු පීඨ සිසුන් අතරින් බඳවා ගැනීAමට ඔව්හූ සමත් වූහ. විකොස අයත් වූයේ හතරවන ජාත්‍යන්තරයටයි. ඔවුන් ට ඉතා හොඳ අන්තර්ජාතික සම්බන්ධතා තිබුනි. ඇතැම් විට මුදල් ආධාර ද ලැබුනා විය හැක. ඔවුන් ගේ නායක කේඩරයන් වූ කීර්ති බාලසූරිය, විඡේ ඩයස්, සුචරිත ගම්ලත් සහ පියසීලි විඡේගුණසිංහ යනාදීහූ උගතුන් මෙන්ම බුද්ධිමතුන් ද වූහ. දේශපාලනික වශයෙන් ඒ දිනවල ඔවුන් ගේ ප්‍රධාන වෙනස වූයේ ජනවාර්ගික ප්‍රශ්ණයේ දී දෙමල ජනතාව ගේ ස්වයං-නීර්ණ අයිතිය වෙනුවන් සෑම විටකම පෙනී සිටීමයි. ''ජාතිවාදී යුද්ධයට එක ඉත්තෙක් හෝ එක රුපියලක් හෝ නොදෙනු'' යන්න මෙහිදී ඔවුන් ගේ ප්‍රධාන සටන් පාඨය විය. මෙය ඔවුන් ගේ නිල ප්‍රකාශනය වන කම්කරු මාවත පුවත් පතේ මුඛ්‍ය පාඨය වූ බව මගේ මතකයයි. මෙය ඉතා අගනා අදහසක් ගැබ් වී තිබූවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යුද්ධයේ ඉත්තෝ වනාහී දෙපසින් යුධ වදින බටයෝ වූහ. රුපියලක් නොදෙනු යැයි සිංහලෙන් ලිවීමේ දී අදහස් වූයේ ජාතික ආරඬක අරමුදල ය මුදල් දීම පිළිබඳවයි. විකොස දෙමළෙන් ද ''තෝරිලාල් පාතෙයි'' වැනි නමකින් යුතු පුවත් පතක් ප්‍රකාශනය කළහ. විකොසේ, මේ සටන් පාඨය සැසඳිය යුත්තේ ඒ වන විට තහනම් සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ එකල සටන් පාඨය වූ ''ජාතිවාදීන්ට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු'' යන්න සමග ය. විඡේවීර ගේ ජාතික ප්‍රශ්ණය ට විසඳුම කුමක් ද කෘතියේ සහ එවකට ප්‍රචලිතව තිබූ ඔහුගේ කැසට් කතා අනුව යමින් ජවිපෙ මෙම සටන් පාඨයෙන් අදහස් කළේ ''දෙමල සටන්කාමීන් සමග සාකච්ඡා වලට නොයනු, ආණ්ඩුව ඉල්ලා අස්වෙනු'' වැනි දෙයක් විය යුතු බව අපට නිගමනය කළ හැකිවිය.

විකොස හා බොහෝ දුරට සමාන දේශපාලන ප්‍රතිපත්ති දැරූ නව සම සමාජ පක්ෂය හෙවත් නසසපය, විකොසේ ප්‍රධාන දේශපාලනික හතුරා විය. එ මේ දෙගොල්ලෝ ම ''හතර වෙනි ජාත්‍යන්තරය'' නියෝජනය කළ නිසා විය හැක. නසසපය එවකට වාසුදේව ගේ ජනපි්‍රය නායකත්වයෙන් සහ වික්‍රමබාහු ගේ මතවාදී නායකත්වයෙන් පැවතුනි. අප දන්නා පරිදි, ධනපති ආණ්ඩුව හා සභාග-ගත වීමට වාසුදේව නසසපයෙන් ඉවත් වූයේ මින් වසර දශයකට පමණ පසුවය. විශ්ව විද්‍යාලය තුල නසසප සාමාජිකයින් කිහිප දෙනෙක් සිටියහ. එහෙත් එය සමහර විට 1978 පමණ පැවති තත්වයේ නෂ්ඨාවශේෂයක් පමණක් බව සිතමි. කම්කරු මාවත පුවත් පත විකොසයේ නිල ප්‍රකාශනය වූවද, නසසපය ''හරය'' නම් පුවත් පතක් ප්‍රකාශනය කළේ නිල නොවන මට්ටමෙනි. කම්කරු මාවතේ ලිපි වල ද, විකොස නායකයින් ගේ කතාවලද අනිවාර්්‍යයෙන්ම නසසපයට දේශපාලනමය වශයෙන් පහර එල්ල කිරීම ද, හරය පුවත් පතට සරදම් කිරීමද සිදු කෙරිණ. හරය පුවත් පත නිරතුරුවම හැඳින්වුනේ ''පත්තර කඩමාල්ල'' වැනි පරිභවාත්මක පදයකින් බව මගේ මතකයයි.

ඒ සමගම විකොසේ, ඒ සෑම ලිපියක් ම, සෑම කතාවක් ම අවසාන වූයේ මේ සියළු ප්‍රශ්ණ වලට පිළිතුර ලෙස විකොසට බැෙඳන ලෙස කෙරෙන ඇරයුමකිනි. අද ද ඔවුන් ගේ ලිපි හෝ කතා හෝ අවසාන වන්නේ සමාජ සමානතා පක්ෂයට බැෙඳන ලෙස කෙරෙන ඉල්ලීමකින් යැයි සිතමි. කලා කෘති විවේචනයේ දී ද විකොස අනුගමනය කළේ සමාජවාදී ක්‍රමවේදයකි. විකොසේ සුවරිත ගම්ලත් හා පියසීලි විඡේගුණසිංහ මේ කලා විචාර ක්‍රමවේදය ගැන පොත් පත් කිහිපයක් ම ලියා ඇත. ඔවුන් දෙදෙනා සිංහල භාෂාව, කලාව සහ සාහිත්‍යය පිළිබඳව විශාරදයෝ වූහ. නසසපයේ එවැනි අය එවකට ප්‍රකටව නොසිටිය බව කිව හැක.

සුචරිත ගම්ලත් ගේ සහ පියසීලි විඡේගුණසිංහ ගේ සාහිත්‍ය විචාර කෘති වල දී ඔවුන් භාවිතා කර තිබූ දෘඩ රචනා විලාසය සහ මහප්‍රාණ වදන් වැල නිසාදෝ ඒ කෘති කියවා වටහා ගැනීමට අප බොහෝ දෙනෙකු අපොහොසත් වූවද, විටින් විට අප අතට පත්වෙන කම්කරු මාවතේ ලිපි කියවා අපි, ලංකාවේ ''බැංකු සේවක සංගමය සහ ටී. එම්. නිහිෂාන්'' ලා ගැන පමණක් නොව, අන්තර්ජාතික ''මයික් බණ්ඩ ලා, හීලි ලා සහ ස්ලේටර්'' ලා ගැන ද දැන ගත්තෙමු.

මුලින් කී පරිදි, සති අන්තයේ පැවති සම්මන්ත්‍රණයට ස්ටැන්ලි ද තවත් මිතුරන් ද සමග මම සහභාගී වීමි. මෙහිදී මුලින් කතා කළ සුචරිත ගම්ලත්, තමන් සුනිල් ආරියරත්න විසින් පබැඳුනු, නන්දා මාලිනිය ගේ ගී පිළිබඳව මින් පෙර නිර්දය විවේචන ඉදිරිපත් කළ බව නිර්ව්‍යාජීව සිහි කළේය.

නමුත් අද වෙන විට මේ දෙපල ගේ සුසංයෝගයෙන් නිර්මාණය වන ගීත පෙර ගත් ප්‍රතිගාමී මගින් මිදී, සැබෑ ජනතාවාදී ස්ථාවරයක් ගෙන ඇති බව ඔහු මනාව විස්තර කළේය. විකොස සම්ප්‍රදාය අනුව යමින් සුපුරුදු පරිදි නසසපය ට ත්, නසසප යේ නිල ප්‍රකාශනය වන පත්තර කඩමාල්ල ලෙස ඔහු හැඳින්වූ හරය පුවත් පතටත් පහර ගැසූ සුචරිත ගම්ලත් හු, රටේ සියළු ප්‍රශ්ණ වලට විසඳුම සෙවීම ආරම්භ කළ හැක්කේ විකොසට බැඳිමෙන් බව පවසමින් තම දේශණය අවසාන කළහ.

මෙහිදී හෙළිදරව් වුනු කාරණයක් වූයේ ගම්ලත් සහ ආරියරත්න දෙපල අතර ගුරු-ගෝල සම්බන්ධයක් නො තිබුන ද, ඔවුන් දෙදෙනාම යාපනය සරසවියේ, සිංහල භාෂා අංශයේ, ආචාර්ය මණ්ඩලයේ එකට සේවය කර ඇති බවයි. සිනමාකරු ධර්මසේන පතිරාජා ද මේ දිනවලම යාපනය සරසවියේ සේවය කළා යැයි සිතමි.

තම දේශණයේ දී ඒ අතීතය සිහිපත් කළ සුනිල් ආරියරත්නයෝ ද, වරෙක තමා ලියූ එක් ගීයක් සුචරිත ගම්ලත් ට පෙන්වූ හැටිත් එහි වූ එක් පදයක් වන ''සිරිලක සතර දිසා එක හීයයි'' යන්න ගැන විවේචනයක් කළ ගම්ලත් හු කිඹුලා ලකුණ දරණ උදැල්ලක් රටේ බේතකටවත් සොයාගන්නට බැරි කාලයක (ඒ සමගි පෙරමුණ රජය සමයයි) සිරිලක සතර දිසාවම එක හීයක් යැයි කීම මහා වංචාවක් බවට ෙදාස් නැගූ බවත් සභාවේ සිනා හඬ මැද සිහි කළහ.

අවසන එලැඹියේ සාකච්ඡා වාරයයි. සභාවේ ප්‍රශ්ණ වලට මහැදුරු දෙපල පිළිතුරු දෙන්නට සැදී පැහැදුනහ. කලින් සැලසුම් කර සිටියාක් මෙන්ම ''ගමේ චණ්ඩි ස්ටැන්ලි'' පිළිබඳ පැණය අසන්නට මා නැගී සිටියෙමි. නමුත් ඒ වන විටත් වෙනත් අයෙක් නැගිට වේදිකාව දෙසට යමින් සිටියේ ය. ඒ සභාවේ සිටි තවත් විශ්ව විද්‍යාල සිසුවෙකි. මා ඔහු මෙහිදී යසස් නමින් හඳුන්වමි. යසස් ගෙන් පසු වාරය මට ලබා ගැනීමට සිතා මා නැවත අසුන් ගතිමි.

යසස් යනු නිකම්ම නිකං විශ්වවිද්‍යාල සිසුවෙකු නොව සුවිශේෂී පුද්ගලයෙක් විය. ඒ ඔහු ගේ දේශපාලන සබඳතා නිසාය. ඒ මදිවාට ඔහු සරසවියේ උගත්තේ ද දේශපාලන විද්‍යාවයි. මා ඔහු හඳුනාගත්තේ අප දෙදෙනාම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කි්‍රයාකාරි කමිටුවේ සාමාජිකයින් වූ නිසාය. වාමාංශිකයෙක් වූ යසස් නසසපය සමග සම්බන්ධතා පැවැත්වූවෙකි. කොටින් ම ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමය මගින් සංවිධානය කරන ලද ''ජාතික ප්‍රශ්ණයට විසඳුම කුමක් ද?'' නම් වූ දේශණය පැවැත්වීම සඳහා නසසප න්‍යායාචාරී බාහු ට අපේ ආරාධනාව යවන ලද්දේ ද යසස් අතේ ය.

දේශකයන් ගෙන් පැණයක් ඇසීමට යසස් සම්මන්ත්‍රණ වේදිකාවට නගිනු අපි බලා සිටියෙමු. මයික්‍රොෆෝනය අසලට ගිය ඔහු කියා සිටියේ තමන් පැමි‚යේ ප්‍රශ්ණයක් ඇසීමට නොව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට බවයි. ඒ පැහැදිලි කිරීම වූයේ හරය යනු නසසපයේ නිල පුවත්පත නොවන බවය. ඒ සමගම, නසසපය පිළිබඳව සුචරිත ගම්ලත් විසින් කළ සරදම් වලට යම් ආකාරයක කෙටි පිළිතුරක් දීම ද යසස් අතින් සිදුවුණු බව මගේ මතකයයි.

සභාවේ සිටි ඇතැම් පිරිස් අත් පොළසන් නැගූහ. ඒ සමගම, වේදිකාවේ ද, සභාවේ ද සිටි විකොස කොටස් (එනම්, විකොස කි්‍රයාකාරිකයින්), කළබලයෙන් නැගිට්ටහ. සුචරිත ගම්ලත් ගේ ශරීර ආරඬකයා ළෙස ඔහු විසින් ඊට මාසයකට පමණ පෙර ඉංජිනේරු පීඨ කැන්ටිමේ දී ස්ටැන්ලිටත් මටත් හඳුූන්වා දුන් මැර පෙනුමකින් යුතු වූ තරුණයා මුළු සභාවට ම තර්ජනය කරමින් ශාලාව මැදින් උඩටත් පහලටත් දිව ගියේ ය. මහා ගාලගෝට්ටියක් ඇරඹිණ. නන්දා මාලිනිය පෙරටු කොටගත් සුනිල් ආරියරත්න වේදිකාවේ බිහි ෙදාරින් නික්ම යනු පෙනු‚. සාහිත්‍ය සම්මන්ත්‍රණය එතැනින් ම නිමා විය. මගේ ගමේ චණ්ඩි ඉස්ටැන්ලි පිළිබඳ වූ සාහිත්‍යමය ගැටළුව ට විසඳුමක් නොලැබු‚.

කෙසේ වෙතත් එකක් කීමට ඇත. හරය පුවත් පත නසසපයේ නිල පුවත්පත නොවන බව යසස් කියූ වේලේ මම එය විශ්වාස නො කළෙමි. එය අර්ධ සත්‍යයක් පමණක් විය යුතුය. අද ද ඔබ නසසපයේ වෙබ් අඩවියට පිවිසුනහොත් හරය පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයක් එහි දකින්නට ලැබේ. එකම වෙනස නම් අද නසසපය වෙනුවට එම වෙබ් අඩවිය හැදින්වෙන්නේ වාමාංශික පෙරමුණ යන නමින් වීමයි. එනමුදු, නසසපය පෙර ලෙසම කි්‍රයාකාරී බවත්, වාමාංශික පෙරමුණ යනු ඡන්ද වැඩ සඳහා පිහිටුවාගත් සංවිධානයක් බවත්, හරය යනු එදත් අදත් නසසපයෙන් පිටස්තරයන් පවා සම්මාදන් වෙන පොදු පුවත් පතක් බවත් බාහු මගේ විමසුමට පිලිතුරු ලෙස පැවසූවේය.

ඒ සමගම අද විකොස නොහොත් එහි අනුප්‍රාප්තික සමාජ සමානතා පක්ෂයෙන් බාහිරව කි්‍රයාත්මක වෙන සුචරිත ගම්ලත් ද, නසසපය නැත්නම් වාමාංශික පෙරමුණේ නායකත්වය දරණ බාහු ද අතර ගීත මුලික කොටගෙන දේශපාලන විවාද අද ද ඇතිවේ. ඔවුන් අතර මේ දිනවල කෙරෙන විවාදය නම් කම්කරු පන්තියට මනාව තේරුම් ගත හැකි වන පරිදි කුමරියක පා සලඹ සැළුනා වැනි ගීත නැවත ලිවිය යුතුද යන්නයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නෝ ඉරිදා සිංහල පුවත්පත් බලත්වා!
(සන්නස - ජූනි 2008 කලාපයෙන්)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Prof. Sucharitha Gamlath, Rohana Wijeweera, Dr. Wikckramabahu Karunarathne, Nanda Malini, Sunil Ariyarathna, Piyasili Wijegunasinghe
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
සිත්තරා මරා ඝාතකයා පහළ වීම
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook