Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
නො.1 , Marine City සහ සංවේදී ජනතාව
බූන්දි, 10:07:45
අඩියෙන් අඩියට ජයග්‍රාහී රතු හමුදාව. තමන්ගෙ ජයග්‍රහණයෙන් හිස බරකරගෙන ගෙවපු අවුරුදු තුනකට පස්සේ නින්දාවත් අවමානයත් අහක දාන වයින් වීදුරු වගේ ඔළුව උඩ කුඩු වෙද්දි ස්වාභිමානය බල්ලට දාල නො.1 ට කීකරු වීමේ නොතිත් උවමනාවෙන් දැවෙමින් ඔවුන් එතන මුල් ඇදල හිටිය. පරමාදර්ශී ලෝකයක් ගොඩනගන්න බර්ලිනය අල්ලලා ජර්මන් ගෑණුන්ව දුටු තැන දූෂණය කරල දිනා ගත් විමුක්තිය තාම උස ගොඩනැගිලිවල ඉරිච්ච ධජ හැටියට ලෙල දෙමින් තිබුණ. නො.1 දැනං හිටිය දේශපාලන ප්‍රතිවිරෝධතාකරුවන්ව හඳුන ගන්න. ඔහු විප්ලවයට කවර දායකත්වයක් දුන්නත් කාටවත් පුලුවන් වුනේ නෑ ප්‍රතිවිරෝධකයෙක් වෙන්න. කොටින්ම ඔහු මැකියාවෙලි ගෙ ඇට කටුවලින් සුප් හදල බීලයි හිටියෙ. නිළධාරියෙක් රාජකාරී නිවේදනයක් නිකුත් කළත් ඒකෙ නිවෙන පත්තුවෙන අනතුරක සේයාව අඳුනගන්න තරම් නො.1 දක්ෂයි. ඒ අනතුර මුලු පොළවෙන්ම තුරන් කරන්න කරන පහර දීම්, පැහැර ගැනීම් , වධ දීම්, ශාරීරිකව ඉවත් කිරීම් කිසිවක් තමන්ගෙ ගිණුමට බැර නොකර සගයින්ව අපායෙ දොර ළඟට තල්ලු කරල පීතෘ සිනහවකින් මුව සරසගෙන ‘ අපේ මව්බිම වෙනුවෙන්‘ කියල මුමුණන්න ඔහුට තිබුණෙ පුදුම හැකියාවක්. ඒ හැඟීම්බර බවට ජනතාවගෙ ඇස්වලට කඳුළු එනව.

අනෙක් අතට ජනතාව කියන්නෙ කවුද? තම පීතෘ භූමිය වෙනුවෙන් ඔහු කරන මේ මෙහෙවර ඉත සිතින් අනුමත කරපු යාන්ත්‍රණය. ඔවුන්ගේ ආශිර්වාදය සහ ඔල්වරසන් මැද්දෙන් තමයි ඔහු මේ පරමාදර්ශී පියවර එකින්එක තිබ්බේ. ජනතාව ප්‍රශ්න කළේ නෑ කිසිවක් කවදාවත් . මොකද ජනතාවට හිත හදා ගන්න අමාරුයි නො.1 ගැන වෛරයක් උද්දවා ගන්න. ඒ හින්දා තමයි බඩගින්නෙ හිටියත් , ඉස්කෝල වැහුණත්, කම්කරුවන් ලෙස පාන් සඳහා ජීවිතය දිය කරන්නට සිද්ධ වුනත් කම්හලේ සුපවයිසර් එක්ක මිස කම්හල් හිමියා එක්ක හෝ නො. 1 එක්ක තරහ වෙන්න ජනතාවට බැරි වෙන්නෙ. කලාකරුවන් වුනත් ඔහු වෙනුවෙන් ප්‍රශස්ති ගයන්නෙ. ඒ හින්දයි ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමණක් නොවී බඩගින්න සහ දරිද්‍රතාවය ත් පීඩනය, අයුක්තිය සහ සාහසිකකමත් හංගන මැජික් කලාලය බවට පත් වෙන්නෙ. යථාව උන්මාදය කරා රූපාන්තරණයය වෙලා දැනුම පට්ටපල් බොරුවක් වෙලා නො.1 ට අවශ්‍ය පරිදි මිනිස්සු ජාතික ධජය වනන්නෙ. මන්ද, ඔහු හැම විටම නිවැරදියි. ඔහු අනෙක් අයගෙ චෛතසික හැකියාවන් පිළිබඳ කරන ගණනය කිරීම් ඉතාම විශිෂ්ටයි. සමහර විට නො.1 කියන්නෙ තනි පුද්ගල සාධකයක් නෙවෙයි වෙන්න පුලුවන්. සමහර පරම වූ දේවල් පහළ මට්ටමේ ජනතාවට හරියට විග්‍රහ කර ගන්න අමාරුයි. පුද්ගලයින් කීප දෙනෙක් එකතු වෙලා නො.1 නිර්මාණය වුනා විය හැකියි. හැබැයි ඒක එක පරම වූ එක විඥානයක්.

මේ ඒ වගේ හැන්දෑවක්. පාරවල් අවහිර කරල - මුලු පාර පුරා රතු හමුදාව සීරුවෙන්. විප්ලවීය ඇඟිලි අතර සිරවූ තුවක්කු බඳවල් පිපිරෙන්න පුපුරවන්න අණ ලැබෙන කම් බලාගෙන. දුම්රිය පොළට යන අඩි 30 කට වඩා පළල පාර පාලුයි. පාර දිගට නො.1 පිළිගන්න ඔහු කැමතිම ආගමේ ධජ එල්ලලා. අද නො.1 එන්නෙ ඔහුගෙ මිත්‍රයෙකුගෙ හෙවත් ආර්ථික සහායකයෙක් අභිනවයෙන් හදපු සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් විවෘත කරන්න. ගොඩනැගිල්ල උසට උසේ මුහුදු නිල් පාටින් මුහුදුට අභිමුඛව. මහල් පහක් රථ වාහන අංගනයට සුපිරි නිවාස සංකීර්ණය ට කෙළින් දුම්රිය පොළ. දුම්රිය එනතෙක් බලා හිඳින පන්සියයක් ජනතාව ඇසි පිය නොහෙළා විදුලි බුබුළින් දිලුම් දෙන ගොඩනැගිල්ලේ උස සමඟ මනසින් බැඳිල. හැකිනම් නො.1 දැකගන්න ආශාවෙන්. දුම්රිය පොළට පිටුපසින් හරියටම නිවාස සංකීර්ණයට සමාන්තරව මුඩුක්කු පැල්පත්. කාලෙකින් නොලද එළියකින් ඔවුන්ගෙ මුහුණු එළිය වෙලා. පීතෘ භූමියේ නිදහස උදෙසා දේශයේ ධජය ලෙලවමින් සටන් පාඨ කියූ සාඩම්බර උරුමක්කරුවන් වන ඔවුන් හෙටත් නො. 1 වෙනුවෙන් දිවි පුදාවි.

රතු හමුදාවට අමතරව කලු සුදු ඇඳ ගත් හමුදාවක් වඩා නිර්භීත එහෙත් නිශ්චිත විදිහට අඟලින් අඟලට. උස් ගොඩනැගිලි මත, දුම්රිය පොළ පුරා, පාර දිගට උකුස් ඇස්වලින් පිරික්සනවා - නො. 1 පත් කර ගනු ලැබූ ජනතාව අතර දේශපාලන , ආර්ථික ප්‍රතිවිරෝධතාකරුවන් ඉන්නවද කියල ගණනය කරනවා- සිතුවිලි පවා විශ්ලේෂණය කරමින්. දුම්රිය පොළ වෙත යන්න එන ජනතාව ක්ෂණයකට අන්දමන්දව නැවත යථාර්ථය දක්වා පල්ලම් බැහැල පාර දිගේ යනවා. බැල්ම පවා කිසියම් උදාසීන බවකට පරිවර්තනය කොට ගෙන - වඩා නිහඬ නොසැලකිලිමත් බවක් පෙන්වමින්... (මිනිස්සුන්ට අයිති) අඩි 30 ක් පළල පාරෙ යන කොට රතු හමුදාව සහ සුදු කලු හමුදාව කඩිනමින් දුම්රිය අල්ල ගන්න දුවන ජනතාව හසුරුවනවා. නො.1 එන්න නියමිත පාරේ මැදින් හෝ අයිනෙන්වත් ජනතාව යෑම වලක්කවන්න ඔවුන් හිසෙන් හෝ වචන කිහිපයකින් ඔවුන්ව පාරෙ අයිනට තල්ලු කරනවා. එක්කො කාණුවේ ගැට්ට උඩින් නැත්නම් කාණුව උඩින් ජනතාව සර්කස් ගමනක් යනවා. උකුසු ඇස් තමන් වෙත එල්ල වෙද්දි ජනතාවගෙ හෘද සාක්ෂිය ඔවුන්ට කරදර කරනවා. ඔවුන් මේ බාධා කරන්නෙ නො.1 හෙවත් තම නායකයාගේ ආරක්ෂාවට. වරදකාරී හැඟීමක් ඔවුන්ගේ හිත පහුරු ගානවා.



නො.1වෙනුවෙන් සියල්ල සූදානම්. ආගමික චාරිත්‍ර සහ සුදු ආසන. සැදී පැහැදුණු ආගමික නායකයින්. ගිනි නිවන රථයක් සහ ගිලන් රථයක් සූදානමින්- හදිසි අවස්ථාවක දී තත්පරයක්වත් අපතේ නොහැරීමට. අප ඔහු රැක ගත යුතුයි. රතු කලුසුදු හමුදාවන් සීරුවෙන්. පොලීසිය බනිස් සහ කිරි පැකට්ටුවකින් සප්පායම්ව. කාණුවේ බැස යන ජනතාව, දුම්රිය පොළේ දෑස් නොපියා අහස මත ඇඳෙන ගොඩනැගිල්ල දෙස බලාහිඳින මඟීන් , මුඩුක්කුවල කසල පිරි මිදුල් කෑලි වලට බැස ඒ මාත්සර්යයකින් තොරව නරඹන පැල්පත්වාසීන් - මේ හැමෝම සූදානමින්. මේ නිවෙස්වල බහුතරයක නො.1සිනා මුසු මුහුණින් හිඳින පින්තූරයක් අලවා ඇති. "නො.1 ට කිසිදු අනතුරක් නොවේවා!" එය මේ සියල්ලන්ගේ පැතුමයි.

ප. ලි.
මේ 1930 ගණන් වල ක්‍රෙම්ලීනය, මොස්කව් නගරය, නාසි ජර්මනිය නැතහොත් යුද්ධයෙන් පසු බර්ලිනය කියා ඔබ සිතුවේ නම් එය ඔබගේ ඓතිහාසික දේශපාලනික සාහිත්‍ය පරිශීලනය විසින් ඔබට කරන ලද බලවත් වරදක් බව කරුණාවෙන් සලකන්න. මේ 2012 වර්ෂයේ ඔක්තෝබර් මහ හය වැනි දින සවසයි. වේලාව සවස 6- ස්ථානය දෙහිවල දුම්රිය පොළ පාර යි. සිද්ධිය, එම පාරේ අලුතින් ඉදි කෙරුණු ‘Marine City’ සුපිරි නිවාස සංකීර්ණය නො.1 විසින් විවෘත කිරීමයි.

(*නො.1- ආතර් කොස්ට්ලර් ලියූ ‘Darkness at Noon’ නම් දේශපාලනික නවකථාවේ ජෝසප් ස්ටාලින් හැඳින්වීමට යෙදූණකි. ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයට උර දුන් සගයින් ඇතුළු දේශපාලන ප්‍රතිවිරෝධතාකරුවන් ‘ශාරීරිකව' ඉවත් කළ කාලයේ ඔහුව මෙනමින් හැඳින්විණි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආලෝක රණසිංහගෙන් තවත් වියමන්
අදහස්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!
අදහස්
ජෙයපාලන් නම් වන පාලම් තනන්නා....!!
අදහස්
පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය
කරන්ට්ස්
නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
අදහස්
රිසානා
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook