Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ෆුටා 6%ට ටටා කිව්වාද?
බූන්දි, 10:33:13
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දීර්ඝ වැඩවර්ජනය නිමාවට පත්විය. වෘත්තීය අරගලයක් වුවත්, විවිධාකාර හේතු මූලික කොටගෙන මෙම අරගලයට සහයෝගය දැක්වූවන් අතර පවතින්නේ මෙකී නිමාව පිළිබද සුභදායී හැගීමක් නොවේ. සුපුරුදු ලෙසින් දේශපාලනික දෘෂ්ටි කෝණය පසෙකලා හැඟීම් මූලික ‍කොටගත් විවේචන වැසි වසිමින් පවතී. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) අනාගත ක්‍රියාකාරීත්වය හෝ ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබදව කිසිදු අනාවැකියක් පළකළ නොහැකි වුවත්, අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය නවමු තලයක් වෙත ඔසවා තැබූ මෙකී මහා වැඩවර්ජනය පිළිබඳව අසම්පූර්ණ අදහස් දැක්වීමකි මේ.

ෆූටා විසින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු වැඩවර්ජනය ආරම්භවීමට පෙර රටේ දේශපාලන තත්ත්වයන් පැවතියේ අන්තයන් කිහිපයකට ගොනුවෙමිනි. එක්පසකින් ආණ්ඩුව සිය බලය පාවිච්චි කරමින් කිසිදු දේශපාලන සදාචාරයකට යටත් නොවෙමින් සිය ක්‍රියාකාරකම් සිදුකරමින් සිටි අතර පුද්ගල අතුරුදන්වීම් එකකට පසු එකක් සිදු වෙමින් පැවතිණ. රජයේ දේශපාලඥයින් විසින් සිදුකරන නොමනා ක්‍රියා දිගින් දිගටම ඉහළ යමින් පැවතුණි. අනෙක් පසට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායකත්වයක් නොමැති කමින් සාමූහික විරෝධතාවකට ගොනුවීමේ නොහැකියාව පෙන්නුම් කරමින් සිටියහ. ස්වාධීන මත දරණ පිරිස් අතරින් පිරිසක් ආණ්ඩුව විසින් ප්‍රචාරය කරන ජනප්‍රියවාදී ජාතිකවාදයත්, බටහිර විරෝධයත් පිළිගනිමින් ආණඩුවේ සියළු නොමනාකම් ඉවසමින් සිටි අතර අනෙක් පිරිස ආණ්ඩුව විසින් සමාජයේ සකලවිධ කේෂත්‍රයන් තුළ සිදුකරන විනාශයන් ගැන වඩා විචාරශීලී වුවත්, ජනතා විරෝධයක් එල්ල නොවීම පිළිබඳ අපේක්ෂාභංගත්වයට පත්ව හිඳිනු දක්නට ලැබිණ.

පසුගිය කාලය පුරාවට ක්‍රම ක්‍රමයෙන් ජරාජීර්ණ වෙමින් පැවතුණු එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වනුයේ අධ්‍යාපනයයි. ප්‍රාථමික, ද්වීතියික, විශ්ව විද්‍යාල අධ්‍යාපනය මෙන්ම විභාග දෙපාර්තමෙන්තුව පිළිබඳ මෙතෙක් පැවති ජනතා විශ්වාසය විශාල වශයෙන් සෝදාපාළුවට ලක්විය. යාන්ත්‍රණයෙන් පිට දේශපාලන ඇඟිලිගැසීම් බහුල වීමත්, හමුදා පුහුණුව වැනි හිතුවක්කාරී දේශපාලන මැදිහත්වීම් මෙන්ම නිලධාරී තන්ත්‍රයේ නිරන්තර විශ්වාසය කඩවීම් මේ සදහා ප්‍රධාන කොටම හේතුවිය. පාසැල්වලට ඇතුලත් කරගැනීම්, විදුහල්පති තනතුරු, විභාග ලකුණු වැරදීම්, ගුරුවරුන්ගේ නොමනා ක්‍රියා, විශ්ව විද්‍යාලවල සිදුවන නොයෙකුත් අකටයුතුකම් හේතුකොටගෙන උද්ඝෝෂණ ගණනාවක් දක්නට හැකිවූ අතර ඒ පිළිබදව මහජන විරෝධය ද ප්‍රබල විය.



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳව වන ඉල්ලීම ද කරලියට පැමිණෙනුයේ මෙවැනි තත්ත්වයක් යටතේය. එහි ආරම්භයේ දී, හුදෙකලාව සිදුවන වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජන, බැංකු සේවක වර්ජන ආදී වෘත්තීමය කාරණාවන්ට පමණක් සීමාවූ අරගලයකට වඩා වෙනස් ස්වරූපයක් තිබුණේ නැත. විශ්වවිද්‍යාලවල පවතින අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් එක් පසෙකින් වෘත්තීය ගැටළුවක් වුවත්, එය ‍සමාජයේ අනෙකුත් පාර්ශ්වයන්ට ද බලපාන කාරණාවක් බවට පත්ව තිබුණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට පෙර වෘත්තීය සමිති වැඩවර්ජනය කර තිබුණත් ඒවා රජයේ ප්‍රබලත්වය හේතුකොටගෙන යටපත්ව යෑම සුලබව දක්නට ලැබුණි. මෙහිදී විශේෂයෙන්ම පෞද්ගලික අංශය වෙනුවෙන් නිර්මාණය වූ විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව ගොඩනැගුණු වැඩ වර්ජනය කැපී පෙනුණි. රොෂේන් චානක තරුණයාගේ ජීවිතය අහිමි ද අහිමි කරමින්, තාවකාලිකව රජයට පසුබැසීමට සිදුවුවත්, එය රජයේ ප්‍රබලත්වයට හෝ ප්‍රතිපත්ති ආපසු හැරවීමට සමත්වූ හෝ මහජන ව්‍යාපාරයක් දක්වා ඉදිරියට යෑමක් සිදු නොවීය. ධීවර සමිති උද්ඝෝෂණයේ දී ඇන්තනි ප්‍රනාන්දුගේ ඝාතනය රජයේ ආරක්ෂක අංශ මගින් සිදුවූවත්, ඒවා වෙනුවෙන් නීතියේ සාධාරණත්වයවත් මේ වන තෙක් ඉටුව නොමැත. කොතෙක් මහජන විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවූවත්, ඒවාට එරෙහිව කොතරම් වර්ජන ක්‍රියාත්මක වූවත්, ඒවා රජයේ මර්දනය මෙන්ම ප්‍රබලත්වය ඉදිරියේ අඩපණ විය.

බොහෝ වැඩවර්ජන උත්සාහයන් රජය විසින් අඩපණ කරනු ලැබුවේ, එකී ක්ෂේත්‍රවල සිටින ආණ්ඩු පක්ෂපාතී වෘත්තීය සමිති හෝ පුද්ගලයින් මගින් අභ්‍යන්තරික වශයෙන් දිය කරනු ලැබීමෙනි. සැබැවින්ම ශක්තිමත්ම ස්වාධීන වෘත්තීය සමිති කිහිපයක් ඇති ආයතන කිහිපයක් හැරුණු කොට, අන් ආයතන වල කොතෙක් සේවක විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළද, ඒවාට විරෝධයක් දැක්වීමට අදාළ වෘත්තීය සමිති හෝ සේවකයින්ට හැකියාවක් නැත. මේ සදහා හොඳම උදාහරණය ලංකාවේ සිටින ප්‍රබලතම වෘත්තීය සමිතියක් වන ලංකා බැංකු සේවක සංගමය තුළ පසුගිය කාලය තුළ හටගෙන ඇති ගැටළුවව යි. ලංකා බැංකු සේවක සංගමයේ වැඩි සාමාජිකත්වයක් සිටින මහජන බැංකුවේ එකී වෘත්තීය සමිති ශාඛාවේ බලය හොබවන පිරිස් ආණ්ඩු පක්ෂපාතීන් වන අතර, ඔවුන් විසින් ආණ්ඩුවට එරෙහි සියළුම විරෝධතාවන් වළක්වනවා පමණක් නොව, බැංකු ‍ක්ෂේත්‍රය පුරා ආණ්ඩුව විසින් සිදුකරන අකටයුතුකම් සියල්ල සාධාරණීකරණය කරමින් සිටිති. කිසිදු විරෝධතාවකට සහභාගී නොවන ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ලංකා බැංකු සේවක සංගමය පවතින්නේ නාමික නියෝජනයක් ලෙස පමණි.

පසුගිය ජනාධිපතිවරණයෙදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සැළකිය යුතු විවෘත සහයෝගයක් පළකළ බහුතර පිරිසක් සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය කරලියට පැමිණෙන්නේ මෙවැනි වටපිටාවක් මතය.

මාගේ පුද්ගලික මතයනම් මෙකී වැඩවර්ජනයේ තීරණාත්මක සංධිස්ථානය වනුයේ, එය හුදු වැඩවර්ජනයකට එහා ගොස් මහජන ව්‍යාපාරයක් බවට පත්කරලීමේ යෝජනාවලියයි. එය තමන්ගේ වැටුප් ඉල්ලීම් "සැරසීමෙහි" ලා කළ ඉල්ලීමක් වුවත් (මෙවැනි චෝදනාවක් විවිධ පාර්ශව මගින් එල්ල කරයි.) නොවූවත්, ඒ වෙනුවෙන් සිය සාමාජිකත්වය මෙහෙයවීමත්, මෙකී ඉල්ලීම් මාලාව වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සිට අනෙකුත් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, මහජනතාව ඈඳා ගැනීමත්, කිසි ලෙසකින්වත් අඩුවෙන් තක්සේරු කළ නොහැක.

මධ්‍යම පාන්තිකයින් පිරිසක් තබා කම්කරුවන්වත් සාර්ථක වැඩවර්ජනයක් වෙනුවෙන් සහභාගී කරගෙන, එහි සාර්ථකත්වය පිළිබද නිශ්චිත විශ්වාස‍යක් නොමැති පැවති සමයෙක වැඩවර්ජනයක් ආරම්භකොට එය දින සීයයක් දක්වා රැගෙන යාමත්, එය අඛන්ඩ අරගලයක්, මහජන ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරලීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

මෙතෙක් පැවති නිදහස් අධ්‍යාපන වෙනුවෙන් වූ අරගලයේ සියළු ‍‍ගෞරවයන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වලට ලබාදිය යුතුමය. එහෙත් ඔවුන් විසින් ජාතිකවාදී මතවාදය තුළ හටගත් දේශපාලන පෙරමුණු අතරට සිය අරගලය රැගෙන ගියා ‍මිසෙක, ඊට රටේ අධ්‍යාපනය වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරයක් ලෙස හෝ පළල් සංවාදයක් දක්වා ව්‍යාප්ත කරලීමේ හැකියාව ලැබුණේ නැත. අනෙක් අතට ඔවුන් විසින් අධ්‍යාපනය වෙනුවෙන් දිගින් දිගටම අවංකව ‍සිදුකළ පෙනී සිටීමට පැහැදිලි ජනතා පිළිගැනීමක් ලබාගැනීමට අසමත් විය. මෙනිසාම ශිෂ්‍ය ව්‍යාපාරය වෙත දිගින් දිගටම අඛණ්ඩ මර්දනයකට ලක්කරලීමට පවතින ආණ්ඩුව සමත් විය.

තමන්ගේ කටෙන් පිටවන වච‍න හේතුවෙන්ම අධිකරණ‍යට අපහාස කිරීමට වරදකරුවෙක් වූ වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ හිතුවක්කාරී ක්‍රියා රටාව ෆූටා හි වැඩවර්ජනය පුරාවට දක්නට ලැබුණි. එක් පසෙකින් අපහාසාත්මක ප්‍රකාශ, තවත් පසෙකින් උපකුළපතිවරුන් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සිදුකළ හැකි සියළුම ආකාරයේ බලපෑම් විශ්ව විද්‍යාල ආචාර්යවරුනට එල්ල විය. ඔහුගේ ගැටුම් නිරාකරණ ක්‍රමවේදය නිසා සිදු වූයේ තව තවත් ආචාර්යවරු එක්සත් වීම පමණි. එස්.බී. ඇමතිවරයාට මෙය ක්‍රියාත්මක කළ නොහැකි බව පාලක පාර්ශ්වයට අවසානයේ අවබෝධ විය.



මඩ ඇමතිවරයෙකු හා ගැටෙමින් ගැටළුව නිරාකරණය කරගැන්මට උත්සාහ දරණ අවස්ථාවක සිට අවසානයේ රටේ ඉහළම පුද්ගලයා සමග ද කේවල් කිරීමට ලද හැකියාව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලද ඉහළ ජයග්‍රහණයකි. එය මෙතෙක් අධෛර්මත්ව සිටි වෘත්තීය සමිති‍ ක්ෂේත්‍රයට ලබාදුන් ධෛර්යයකි. ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ නිශ්චිත ජයග්‍රහණයක් තවමත් දක්නට නැතත් වැඩවර්ජ‍නයේ අවසාන පරිඡේදයේදී වඩාත් ශක්තිමත් පාර්ශ්වය වූයේ ෆූටා බවට නොරහසකි. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමත්, ඒ අවස්ථාවේ රජයේ ප්‍රබලතම ඇමතිවරයා වන බැසිල් රාජපක්ෂගේ හැසිරීම් තුළිනුත් මේ බව මැනවින් ඔප්පු වේ. එස්.බී. ඇමතිවරයාගේ හැසිරීම කුලප්පු වූ අලියෙකු නිර්වින්දනය කළාක් මෙන් වනුයේ මේ නිසාය. ජයග්‍රහණ සමරා පුරුදු ආණ්ඩුවට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් නැවත් ලබාදීම සිදුවන්නේත්, ආයතනික වෙනස්කම් වෙනුවෙන් වන පොරොන්දු ලිඛිතව ලබාදීමට සිදුවන්නේත් මේ නිසාය.

තවත් වැදගත් කාරණාවන් කිහිපයක් මෙම වර්ජනයෙන් පසුව නිරීක්ෂණය කළ හැක. ඉන් ප්‍රධාන වන්නේ රටේ වෘත්තීය සමිති ක්ෂේත්‍රය හා ආණ්ඩුව අතර බල සම්බන්ධතාවේ ස්වභාවය මෙම වර්ජනය ආරම්භයට වඩා අවසානය වන විට ආණ්ඩුවට අවාසිදායක වීමයි. යුද්ධයත් සමග ඇතිවූ ජනප්‍රියත්වයත්, රජය විසින් උත්කර්ෂයට නංවමින් සිටින ජාතිකවාදයත් සමගින් වඩාත් බලසම්පන්න වූ ආණ්ඩුව හා කේවල් කිරීමට බො‍හෝ වෘත්තීය සමිති පසුබට විය. ඊට හේතු වූයේ මහජනතාව අතර අපකීර්තිමත් වීමත්, ඒ හරහා වෘත්තීය සමිති හා එහි නායකයින්ට එල්ලවිය හැකි මහජන හා සේවක පීඩනයත් ය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ඉදිරිපෙළ නායකයින් වෙත ද මෙකී ජාතිකවාදී හා බටහිර කුමන්ත්‍රණ ආදී ජනප්‍රියවාදී විවේචනයන් දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ එල්ලවිය. මහාචාර්ය නලින් ද සිල්වා මෙන්ම විමල් වීරවංශ වැන්නන් ද මේ චෝදනාව දිගින් දිගටම එල්ලකරනු දක්නට ලැබුණි. ‍එහෙත් අවසානයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් පිළිගැනීම නිසා (ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්) රජය විසින් දිගින් දිගටම කරන ලද්දේ සාවද්‍ය චෝදනා බව වක්‍රාකාරයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ‘රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන්නෝ හා ඊට විරුද්ධ වන්නෝ තවදුරටත් ‍දේශද්‍රෝහියෝය’ යන ‍ චෝදනාව තවදුරටත් වලංගු නොමැත. මෙය සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්‍රයටම පමණක් නොව අදාළ ලේබල උපයෝගී කොටගෙන වැළැක්වීමට දරණ සියළු සමාජ සාධාරණත්වයන් වෙනුවෙන් තැබූ ඉදිරි පියවරකි. එකී තත්ත්වය තවදුරටත් ආරක්ෂා කිරීම සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්‍රයට මෙන්ම ඇස් කන් ඇති සියළුදෙනාටම අදාළ කාරණයකි.

රටේ අධ්‍යාපනය වෙනුවෙන් වන කතිකාව තීරණාත්මක තත්ත්වයකට පත්කිරීමට මෙම වර්ජනය පිටුවහල් විය. හුදු 6%ක වියදම් වෙන්කිරීම පමණක් නොව විශ්ව විද්‍යාල ප්‍රධාන කොටගෙන සමස්ත අධ්‍යාපනයටම තීරණාත්මක වෙනස්කම් කළයුතු කතිකාවක් ආරම්භ විය. ප්‍රාථමික අධ්‍යාපනය තුළ කුඩා ළමුන්ගේ ළමාකාලය දියවී යාමත්, විභාග මානසිකත්වය හා අනවශ්‍ය තරගයත්, අවසානයේදී උපාධිධාරීන්ට රැකියා‍වන් නොමැතිවීම දක්වා පවතින සමස්ත අධ්‍යාපනයේ අර්බුදයට අවශ්‍ය සාකච්ඡාවට ඇරඹුමක් ලැබී ඇත. ඒ සඳහා රටේ සුදුසුකම් ලත් විද්වතුන්ගේ අවදිවීම පසුගිය කාලය පුරාවට නිරීක්ෂණය කළ හැකිවිය. අවශ්‍ය වනුයේ මේ සාධනීය කතිකාව ඉදිරියට ගෙන යාමත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සදහා රජයට බලපෑම් කිරීමත්ය. මේ වර්ජනය අවසානයෙන් පසු ඉදිරි ක්‍රියා මාර්ග දිශානත විය යුත්තේ මේ දෙසට බව මගේ හැඟීමයි. රටේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් වන මේ ඉදිරි පිම්ම වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම පෙරමුණගත යුත්තේ පිබිදී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසය. කිසිලෙසකින්වත් සාධනීය ස‍හයෝගයක් රජයෙන් බලාපොරොත්තු විය නොහැකි වනවා වුවත්, එය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ගමන් මාර්ගය තීරණය වන තීරණාත්මක ඉදිරි පියවරක් වනු ඇත.

අධ්‍යාපනය වෙනුවෙන් වන සටන හුදු ආචාර්වරුන්ගේම පමණක් අරගලයක් නොවේ. එහෙත් එය බලගැන්වීම සදහා කොතෙක් පිරිස් උත්සාහකරත්, අවශ්‍ය තරම් බලවත් වූයේ, පිළිගැනීමක් ලැබුවේ, බලපෑම් සහගත විය හැකි වූයේ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයට පමණි. එකී ශක්‍යතාවය ගොඩනැගුණේ ‍රටේ නිල විද්වතුන් පිරිසටය. වර්ජනයෙන් මෙම ආචාර්යවරු ඉවත්වන විට නැතිවූයේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් වූ ඒ බලාපොරොත්තුවයි, හිතුවක්කාර ආණ්ඩුව නිහඬ කළ බලපෑම් කණ්ඩායමේ සමුගැනීමයි. බොහෝ පිරිස් හැඟීම්බර වූයේ මේ හේතුවෙන් යැයි සිතිය හැක.



හැගීම්බර වීමෙන් ගැටළු විසදෙන්නේ නැත. ආචාර්යවරුන්ගේ වර්ජනය නිමවුවත්, ඔවුන්ගේ අරගලය නතර නොකළ බවට ප්‍රකාශ කොට ඇත. ඒ කෙසේ වෙතත් ඔවුන් විසින් ඇරඹූ අරගලයේ පදනම් ඔවුන් පාවාදී නොමැත. රටේ වෙනත් බලවේගයකට වුවද එය ඉදිරියට රැගෙන යා හැකිය. ඔවුන් විසින් ඉටුකළ වැඩකොටස මගින් සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්‍රයටම නැවතත් සෘජුව නැගී සිටීමට හැකියාව ලබා දී ඇත. ඒ අනුව එක් පසෙකින් වෘත්තීය සමිති ක්ෂේත්‍රයත්, අනෙක් පසින් අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් තත්ත්වයන් නවමු තලයකට ඔසවා තැබීමට මෙම අරගලය සමත් වූ බව පැහැදිලිය. තත්ත්වයන් එසේ තිබියදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත මේ වන විට ලැබී ඇති සිවිල් හා දේශපාලනික බලයත් එමගින් ඔවුන් විසින් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් වන අරගලයට ලබාදිය යුතු දායකත්වය පිළිබදවත් වන අවශ්‍යතාව නැවත නැවතත් පුනරුච්ඡාරණය කරමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Strike of University Lecturers, Free Education in Sri Lanka, Save State Education, National Savings Bank, People's Bank, Trade Unions in Sri Lanka, Inter University Student Council, Roshen Chanaka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
නිකෝස් කසන්සාකිස් කියයි.
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook