Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කෙට්ටු සහ මහත
ඇන්ටන් චෙකොව්ගේ "Lean and Fat" කෙටිකතාවේ අනුවර්තනයකි.
බූන්දි, 20:34:18
දිනක් මිතුරෝ දෙදෙනෙක් දුම්රිය පොළේදී මුණගැසුණහ. එකෙකු තරබාරු වූ අතර අනෙකා කෙසඟ සිරුරකින් යුතුවූයේය. තරබාරු මිනිසා දුම්රිය පොළේදි සිය රාත්‍රී භෝජනය මේ දැන් නිම කලා පමණය. ඔහුගේ දෙතොලින් බටර් සුවඳ වහනය වූ අතර ඒවා ඉදුණු චෙරි ගෙඩිවන්ව දීප්තියෙන් බැබැළුණේය. ෂෙරි සහ තවත් ඉස්තරම් මත්පැන් වර්ගයකින් නැග ආ සුවඳ ඔහු වටා පැතිරී ගියේය. දුම්රියෙන් බැසගත් කෙසඟ මිනිසා ගෙන ආ ගමන් මලූ, පොට්ටනි සහ පෙට්ටි- හට්ටි සියල්ල එකින් එක වහ වහා බිමට බෑවේය. ඔහු අසලින් නික්මුණේ මස් සහ ඇඹරු කෝපි සුවඳකි. ඔහුට පිටුපසින් එබී බැලු උල් වූ දිගු නිකටක් සහිත කුඩා කෙසඟ ගැහැණිය ඔහුගේ බිරිඳ වූ අතර අඩවන් දෑසින් යුතු මඳක් උස් කොලූවා ඔහුගේ පුත්‍රයා වූයේය.

''පෝෆිරි!'' කෙසඟ මිනිසාගෙ නෙත් ඔහු නෙත් හා ගැටෙත්ම තරබාරු මිනිසා කෑගෑවේය. ''ඇත්තටම මේ උඹම ද? මගේ පරණ මිත්‍රයා! හුඟ කාලෙකට පස්සෙ''

''දෙය්යො සාක්කි!'' කෙසඟ මිනිසා ඉහවහා ගිය කුහුලින් හා පුදුමයෙන් කෑගෑවේය. ''මීෂා! මගේ පුංචි කාලේ මිත්‍රයා! උඹ මේ කොහෙ ඉඳලද එන්නෙ?''

ඔවුහූ එකිනෙකා තෙවරක් බැගින් වැළඳගත්තෝ එකිනෙකා දෙස කදුළු පොපියන දෑසින් බලා සිටියහ. මොහොතක ඒකාග්‍රතාවයකින් අනතුරුව හැඟුම් යටපත්කරගත් ඔවුහු යළි පියවියට එළඹියෝය.
''මගේ හිතවත් වයසක හාදයා!'' වැළඳගැනීමෙන් අනතුරුව කෙසඟ මිනිසා කතාව ආරම්භ කරමින් කියාසිටියේය.

''මං හීනෙකින් වත් බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි මේ. කොච්චර පුදුමයක්ද! මේ! මේ බලාපන් මගේ දිහා හොඳහැටි! උඹනම් තාමත් අර ඉස්සර හිටපු හැන්ඩි හාදයාම තමයි කවදත් වගේ! බොහොම ප්‍රියමනාපයි ඉස්සර වගේම! ජේත්තුකාරකමත් ඩිංගක්වත් අඩුවෙලා නැහැ! අය්යෝ, දෙයියනේ! මෙහෙ වරෙන්, මෙහෙ වරෙන් කියාපන් මට උඹට දැන් සරුයි ද? උඹ බැඳලද? මේ පේනවනෙ, මං නම් බැඳලා. මේ ඉන්නේ මගේ පවුල ලූසියා, හිටපු ලූතෙරාන් කෙනෙක්. මේ නතානියෙල්, මගෙ පුතා, ඉස්කෝලේ තුනේ පංතියෙ. නතානියෙල්, මේ ඉන්නෙ මගේ තරුණකාලෙ හොඳ මිත්‍රයෙක්! අපි ඉස්කෝලේ උන්නෙ එකට!''

නතානියෙල් එය ප්‍රතිබිම්බනය කරමින් ඔහුගේ කැප් තොප්පිය ගලවා දැමුවේය.

''අපි ඉස්කෝලේ හිටියෙ එකට!'' කෙසඟ මිනිසා තව දුරටත් කීවේය.
''මතකද උඹට, ඉස්කෝලේ අච්චු පොතක් උඹ සිගරට් එකෙන් පුච්චලා අළුකරල දමපු දවසෙ ඉඳන් ''පංතියේ වීරයා'' කිය කියා උඹට උං කවටකං කරපු හැටි? හැම වෙලාවකම අනිත් එවුං ගැන කතා ගොත ගොත කියන හන්ද උන් හැමදාම මට කවටකං කලේ එපිඇල්ටස් කිය කියා? කොහොමට හිටපු කොල්ලොද බං අපි ඉස්සර! බයවෙන්නෙපා නතානියෙල්, මෙහෙ එන්න, ළඟට! මේ මගේ පවුල, හිටපු ලූතර් කිං වැන්සෙන්බැච් අනුගාමිකාවක්.'' නතානියෙල් ප්‍රතිබිම්බනය වී නැවත පියා පිටුපස සැඟවගත්තේය.

''බොහොම හොඳයි! බොහොම හොඳයි! ඉතිං කොහොමද ජීවිතේ, නාකි මිත්‍රයා?'' තරබාරු මිනිසා විමසා සිටියේ ඔහුගේ පැරණි මිතුරා දෙස ප්‍රීතිය උතුරා යන ආනන්දනීය බැල්මක් හෙලමිනි. ''උඹ තාම වැඩ කරනවද එහෙම නැත්තං රිටයර් වෙලාද?''

''මං තාම වැඩකරනව මිත්‍රයා. කොලිජියේට් ඇසෙසර් (collegiate assessor)[1] කෙනෙක් විදියට මේ ගෙවෙන දෙවනි අවුරුද්ද. ශාන්ත ස්ටැනිස්ලාස් නිකායෙන් මට උසස්වීමක් දුන්නා. පඩිය නම් එච්චර නැහැ, ඒ වුනාට කමක් නැහැ! මගේ පවුල ගෙවල්වලට ගිහින් පුද්ගලිකව සංගීත උගන්නනවා., ඊට අමතරව ලී වලින් සිගරට් කවර හදනවා, හැබැයි අංක එකේ එවුවා! කෑල්ලක් රූබලය ගානෙ මං ඒවා ගෙනිහින් විකුණනවා. උඹ දහයක් හරි ඊට වැඩියෙන් හරි ගන්නව නම් මං අඩුකරලා දෙන්නම් ගාන. කොහොමෙන් හරි වැඩ කටයුතු නම් ඉතිං කරගෙන යනවා. උඹ දන්නවද, මං වැඩ කර කර හිටියනෙ දෙපාර්තමේන්තුවක, ඒකෙ පරිපාලනෙන් දැන් මාව මෙහාට මාරුකරවලා. ඉතිං, උඹට කොහොමද? මේ වෙද්දි උඹ නම් ප්‍රාන්ත සභාවේ කවුන්සිලර් වෙන්නැති නෙ?

''අපොයි නැහැ මිනිහො, හිතපන් ඊට වඩා තව ටිකක් ඉහළින්'' තරබාරු මිනිසා කියා සිටියේය. ''මං දැනටමත් ප්‍රිවි කවුන්සිලේ නියෝජිතයෙක්.[2] මට පදක්කම් දෙකක් තියෙනවා''

එසැණින් පඬු පැහැයට හැරුණු කෙසඟ මිනිසා සෘජුව සීරුවෙන් සිටගත්තේය. මුව මත ඇදුණු පුළුල් සිනාවෙන් මුහුණ විකෘති වී ගියේය. ඔහු හැකිළී සුරුංඩි වී යත්ම ඔහු අත රැඳි පෙට්ටිහට්ටි සියල්ලද රැළි ගැසී ඇදවී ගියේය. ඔහුගේ බිරිඳගේ දිගු නිකට තව තවත් දිගු වූයේය. නතානියෙල් සෘජුවී තමා වෙත යොමු කල අවධානයෙන් පාසල් නිල ඇඳුමේ සියළු බොත්තම් පියවන්නට පටන්ගත්තේය.

''උත්තමයාණෙනි, මට හුඟක් සතුටුයි, මට විශ්වාසයි. කෙනෙක් කියන්ට පුළුවනි කෙනෙකුගේ ඉස්කෝලෙ කාලෙ මිත්‍රයෙක් එක පාරටම ලොකු මනුස්සයෙක් වෙලා කියලා! හී! හී! හී!''

''ඇති දැන් ඕක!'' තරබාරු මිනිසා නොපහන් බවකින් යුතුව කීවේය, ''මොකක්ද මේ උඹට වුණ වින්නැහිය? උඹයි මමයි පුංචිකාලෙ ඉඳන් යාලූවෝ.. තානාන්තරයක් නිසා මොකක්ද මේ හැටි සැලකිලි කරන්න තියෙන වුවමනාව?''
''මට ඒකට ඉඩ දෙන්න!'' තව තවත් හැකිලෙමින් ද වකුටුවෙමින්ද රහසින් සිනාසෙමින් ද කෙසඟ මිනිසා කීවේය. ''උතුමාණන්ගේ කාරුණික අවධානයට ලක්වීම ඔබේ ආඥාවෙන් ජීවීතය දෙන පිණි බිඳක් හා සමයි. උතුමාණෙණි, මේ මගේ පුතා, නතානියෙල්. මේ මගේ බිරිඳ ලූසියා, හිටපු ලූතෙරාන්[3] කෙනෙක්, එක විදියකින්''
යමක් අවබෝධ කරවන්නට වුවමනා වුවද එම නියාලූ යටහත් පහත් කමත්, ඔතෑනි නිවට නියාවත් විෂමතාවයේ ආම්ලිකතාවෙන් විකෘති කරන ලද කෙසඟ මිනිසාගේ මුහුණ පුරා ලියැවී තිඛෙනු දුටු ප්‍රිවි කවුන්සිල් සාමාජිකයාට ඔක්කාරයක් දැණිනි. ඔහු කෙසඟ මිනිසාගෙන් ඉවත් වී යන්නට හැරී සමුගැනීම සඳහා සිය අත්ල කෙසඟ මිනිසා වෙත දිගුකර සිටියේය.

ඉන් ඇඟිලි තුනක් පමණක් අල්ලාගත් කෙසඟ මිනිසා මුළු සර්වාංගයම බිමට නමා හකුළුවමින් චීනෙකු සේ මුග්ධ ලෙස සිණාසුණේය.

''හී! හී! හී!''

ඔහුගේ බිරිඳ සිණාසුනු අතර සිය දෙපා එකටෙක ගැටෙන සේ සිටගෙන හුන් නතානියෙල් වහා එසැණෙන් කැප් තොප්පිය බිම දැමුවේය. තිදෙනාම එකිනෙකාගේ අභිමතය පරිදි පීඩාකාරි හැඟුම් යටපත්කරගත්හ.
[1]-රුසියානු විප්ලවයට පෙර පැවති අධිරාජ්‍යවාදී පාලන වර්ගීකරණයට අනුව තරමක් පහල සිවිල් නිලයන්ගෙන් එකකි.
[2]-රුසියානු විප්ලවයට පෙර පැවති අධිරාජ්‍යවාදී පාලන වර්ගීකරණයට අනුව ඉහලම සිවිල් නිලයන්ගෙන් එකකි.
[3]-16 වන සියව විසූ මාර්ටින් ලුතර් කිං ගේ ඉගැන්වීම් මත පදනම් ව බිහිවුණු ක්‍රිස්තියානි අනූගාමිකාව යන අරුත දෙයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lean and Fat
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඇන්ටන් චෙකොව්ගෙන් තවත් වියමන්
කතන්දර
බොහොඬෙක්
කතන්දර
ග්‍රීෂා
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook