Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
මියැසි කතා-බස්
"හිරේ ඉඳිල්ලයි එළියෙ ඉඳිල්ලයි අතරේ වෙනසක් නෑ!"| පූසි රයට් යෙකතරිනා සමග ගිටාර් සන්නද්ධ අරගලය ගැන කතාබහක්
බූන්දි, 00:01:27
පුටින් විරෝධි පූසි රයට් පන්ක් රොක් සංගීත කණ්ඩායමේ අත් අඩංගුවේ පසු වූ සාමාජිකාවන් තිදෙනාගෙන් කෙනෙකු වූ යෙකතරිනා සමුත්සෙවිෂ් [Yekaterina Samutsevich] ඉකුත් දහවෙනිදා මුදාහරිනු ලැබුවාය. [කියවන්න: Pussy Riot- ගිටාර් සන්නද්ධ අරගලය!- බූන්දි, අගෝස්තු 20, 2012] ඉන් දින හතරකට පසුව, සීතල ඔක්තෝබරයේ එක් රාත්‍රියකදී, අදහාගත නොහැකි පරිද්දෙන් තමා නිදහස් කිරීම, අඛණ්ඩ අරගලය, කලාවේ දේශපාලනය සහ ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ "රෝලින් ස්ටෝන්" සඟරාවේ Khristina narizhnaya ට ඇය විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයකි මේ. [Pussy Riot's Yekaterina Samutsevich on Their Fight for Freedom]

මුදාහැරීම පිළිබඳ ඔබට දැනෙන්නේ කොහොමද?

බන්ධනාගාරගත වී සිටීමෙත් ඉන් පිටත සිටීමෙත් ඒ හැටි වෙනසක් මට පෙනෙන්නේ නෑ. පාරක් ගත්තත් ඒ හැමතැනකම පොලීසිය. හරියටම සිරගෙවල් වලත් ඒ විදියම තමයි. සියළු දේ සිදුවෙන්නේ රැකවල් මධ්‍යයේ. දුරකථන සංවාද අධීක්ෂණයට වෙන්වූ සුදුකාර් හැමතැනකම. කෙටියෙන් කිවුවොත් සියළුම දේ පාලනය වන වාතාවරණයක් යටතේ තියෙන්නේ. මෙවැනි පුරවැසි විරෝධී නීතී පනවනු ලැබුවේ මේ ග්‍රීෂ්ම කාලයේ. සියල්ල වෙනස්වෙමින් තිබෙනවා.

ඔබව මුදාහැරුණේ කුමන කොන්දේසි යටතේ ද?

අවංකවම කිව්වොත්, මං ඒ ගැන කිසිවක් දන්නේ නෑ. ඒ නිසා මං ඒ පිළිබඳ සොයා බලන්න ඕනෑ. සාපරාධී ක්‍රියා හැරෙන්නට නොකළ යුතුයැයි කියන ආකාරයේ තහංචි කිසිවක් මට නෑ. මං හිතන්නේ නෑ ඒක ඒ හැටි අමාරු කාරියක් කියා. මං අපරාධකාරියක් නොවෙයි. මම බොහොම සාමකාමී පුද්ගලයෙක්. අපි කළ දේ කිසිලෙසකින් හෝ අපරාධයක් නොවෙයි. එය නීතිය කඩකිරීමක් වුවත් එය අපරාධයක් නොවෙයි.

මේ නව නිදහස ඔබ භුක්ති විඳින්නේ කොයි ආකාරයෙන්ද?

පළවෙනිම දේ මගේ ඥාති හිතමිත්‍රාදීන් මුණගැහෙන්න ගිය එක. ප්‍රධානම කාර්යය වුණේ බන්ධනගාරයේ රැඳවුම්භාර නිළධාරියා මුණ ගැහිලා මගේ බඩු බාහිරාදිය භාරගැනීම. මේ වෙලාවේ සිහිකරන්න ඕනේ ඒ වෙලාවෙ සේවය කරමින් සිටි නිළධාරියා මගේ මුදාහැරීම සම්බන්ධයෙන් ඊට සුබ පතමින් කියූ දේ: "මේ වගේ මෝඩ වැඩ වලට පැටලෙන්න එපා. දරුවෝ හදාගෙන ජීවත්වෙන්න!" ඇත්තටම අපි පුටින් විරෝධී වූණේ ඇයි කියන එක ගැන බොහොමයක් මිනිස්සුන්ට අවබෝධයක් නැති එක ගැන හරිම ගැටළුවක් අපට. ඔවුන් දකින්නේ පුටින් බොහොම සාමාන්‍යය කෙනෙකු විදියට. කොටින්ම "ඔහු උන්මන්තකයෙකු නොවේ නම් ඇයි මේ?" කියන තැන තමයි මිනිස්සු ඉන්නේ.ඇත්තෙන්ම පුටින්ට එරෙහි පෞද්ගලික ආරවුලක් නොවෙයි මේක. තවදුරටත් අපි සටන් කළයුතු දේශපාලනික සහ සමාජීය ක්‍රමය පිළිබඳ ඇති ගැටළුවක්.


Yekaterina Samutsevich

අන් අය මුදා නොහැරීමටත් ඔබ මුදාහැරියේ ඇයි දැයි යන්නටත් හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?

මේ පිළිබඳ ගත් තීන්දු සහ තීරණ කවුරුන් විසින් ගනු ලැබුවක් ද, කුමක් සඳහා ගනු ලැබූවක් ද යන්න පිළිබඳ මට ඇත්තෙන්ම අදහසක් නෑ. ඇතැම් විට මෙය අධම දේශපාලන උපක්‍රමයක ප්‍රතිඵලයක් වන්නට පුළුවනි. එහෙමත් නැතිනම් අන්තර්ජාතික වශයෙන් ඔවුන් වෙත එල්ල වූ පීඩනය වන්නට පුළුවනි. මේ සිදුවීමත් සමග පුටින්ට සහ රජයට ඒ සම්බන්ධ බොහොම අප්‍රසන්න අපහසු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට සිදු වුණා. ඒ නිසා ඔවුන් වෙත එල්ල වන පීඩනයේ තරම තුනී කරමින් මඳක් නම්‍යශීලීභාවයක් පෙන්නුවා වෙන්නට පුළුවනි.

ජනප්‍රියත්වයට පත් වීම මොන වගේද?

ජනප්‍රියභාවයට පත්වුණා යනුවෙන් විශේෂ හැඟීමක් නෑ.මේ සිද්ධි දාමයට පෙර මං ජීවත්වුණු විදියටම මං අදත් ඉන්නවා, ඒ නිසා අදත් සියල්ලන් හා සමානාත්මතාවෙන් කටයුතු කරන්නට අපට හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම කීර්තිය පිළිබඳ කිසිම හැඟීමක් නෑ. අපි (පූසි රයට්) ඊට විරුද්ධයි. අපි පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව වෙනුවෙන්. හැබැයි අනපේක්ෂිත විදිහට කැමරා දහස් ගණනක් මං නිදහස් වෙලා එළියට එද්දි මා වෙත යොමු වෙලා තිබුණා. ඔවුන් එක්වරම මා වෙතට කඩාගෙන පනිද්දි මට සිද්දවුනා පැනලා දුවන්න. ඇත්තෙන්ම මාධ්‍ය ඔස්සේ මා නියෝජනය වෙන්නෙ මොන ආකාරයෙන්ද කියලා දකින්න මං කැමතියි. රුසියානු මාධ්‍ය හරහා වැරදි ඉදිරිපත්කිරීම ගණනාවක් මං දුටුවා. ඒත් බටහිර රටවල් සලකාබලද්දි ඉතාම නිවැරදි ලෙස තත්වය ඉදිරිපත් කර ඇති ආකාරය දැකීම මා විශ්මයට පත් කළා. අවාසනාවකට වගේ රුසියාව තුල, රූපවාහිනියත් රුසියානු ප්‍රකාශන තුළත් විශාල ගැටළුවක් තිබෙනවා. ඔවුන් අදාල සන්දර්භය තුළ තොරතුරු කප්පාදු කිරීමත්, ස්වකීය කැමැත්තට අනුව පාලනය කිරිමත්, වෙනස්කිරීමත් සිදුකරනවා. ඔවුන්ගේ දෘෂ්ටියට අනුව මේ වෙද්දි යෙකතරිනා සමුත්සෙවිෂ් යනු කිසිවක් නිරවද්‍ය ලෙස අවබෝධකරගත නොහැකි නිකම්ම නිකන් සාමාන්‍ය කෙල්ලක්. කිසිම දේශපාලනික දෘෂ්ටියක් නැති නිකම්ම නිකං කෙල්ලක්. ඒක තමයි රුසියන් සම්මත ස්ත්‍රී දෘෂ්ටිය.

හැම කෙනෙකුම වගේ කතාකරන්නේ"පූසි රයට්" ගැන. ඔබ සාර්ථක වූයේ යයි සිතන්නේද?

සිදු වූ දේ හා සසඳා බැලුවොත් උත්තරය "ඔව්". ඒ ප්‍රශ්නය උත්කර්ෂයට නංවන්නට අපට හැකි වු වූ නිසයි. ඇත්තෙන්ම ඔය කියන සාම්ප්‍රදායික වටිනාකම් වල ආගමනයක් සිදු වුණා. ප්‍රගතිශීලී දෘෂ්ටීන් සහිත බොහො දෙනෙකු ඒ අතර සිටියා. එහෙත් මේ ඒකාධිපති රෙජීමයේ පැමිණීමත් සමග ඒ සියල්ල ඉවත් වී ගියා. ඉන්පසු ඇත්තෙන්ම ප්‍රතිගාමී අදහස් ව්‍යාප්ත වීම පිළිබඳ දැඩි කණගාටුවක් තියෙනවා.

විවාහය ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර පමණක් සිදුවිය යුතු වෙන අතර ගැහැණුන් දරුවන් බිහිකිරීම අනිවාර්යය වෙනවා. වෙනත් අනුන්ගේ දරුවකු හදාවඩා ගැනීම පවා පිළිකුල් සහගත වෙනවා. ඉන් අපගමනය වන සියල්ල රෝගයක් ලෙසයි සමාජය තුල මුල්බැසගෙන ඇත්තේ. කොටින්ම එවැනි පුද්ගලයෙක් තවදුරටත් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පිළිගැනෙන්නේ නෑ. අපේ ඉදිරිපත්කිරීම තුලින් මිනිසුන්ට ඒ පිළිබඳ කතාබහ කිරීමට බල කෙරෙනවා. අවාසනාවන්ත ලෙස මෙවැනි සාම්ප්‍රදායික දෘෂ්ටීන් සහ මත ව්‍යාප්ත කිරීමට උපකරණයක් ලෙස ක්‍රියාත්මක වන්නේ පල්ලියයි. අනෙක් අතට රජය විසින් පොදු මතය හැම විටම ඉතා සූක්ෂම ලෙස මෙහෙයවනවා. අපට ඒ තරම්ම ලොකු බලපෑමක් කරන්නට බැහැ. අපි කතා කරන හැම දේම විකෘති වීමක් සිදුකරනවා. මම දැක්කා, මා හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡා සියල්ල ඔවුනට ඕනෑ හැටියට සංස්කරණය කොට තිබුණු ආකාරය. සමහර කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. විරුද්ධපාක්ෂිකයන්ගේ රූපවාහිනි නාලිකා වල පවා එය එසේ සිදුවෙනවා. ඒක තමයි දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය විසින් ඇති කරලා තියෙන පීඩනය.


Maria Alyochina


Nadejda Tolokonnikova

බටහිර රටවල් විසින් පූසි රයට් දුටු අකාරයත් රුසියාව දුටු ආකාරයත් අතර වෙනසක් ඇති බව ඔබ හිතන්නේ ඇයි?

බටහිර රටවල් වලින් යහපත් ප්‍රතිචාර හිමිවීම පිළිබඳ අවබෝධයක් ලබා ලබා ගැනීම පහසුයි. ස්ත්‍රීවාදී ව්‍යාපාරය පරම්පරා ගණනාවක් පැවතුණු දෙයක්. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ ගැන අවබෝධයක් ලබා තිබෙනවා. ඔවුන් දන්නවා මොකද්ද එල්.ජී.බී.ටී (LGBT – Lesbian Gay, Bisexual & Transexual) කියන්නේ, ශිෂ්ට සමාජයක් කියන්නේ, ප්‍රකාශන නිදහස කියන්නේ කියලා. අමෙරිකාව තුල ප්‍රශ්න රාශියක් පැන නැගිලා තිබෙනවා, එහි ඇති කුරිරු පාලනය විසින් නිතර මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිසා. එනමුත් එහි විරෝධතා සංකෘතියේ කිසියම් වූ සම්ප්‍රදායක් තිබෙනවා. එහි හැමවිටම සමාජයට එරෙහි ඒකපුද්ගල ස්ථානගතවීමක් තිබෙනවා. රුසියාව තුළ කියවීම නම්, ඔබ උද්ඝෝෂනය කළ යුතු නෑ, ඔබ එසේ කරන්නේ නම් ඔබ කරනුයේ සමාජයට එරෙහිව කටයුතු කිරීමකි යන්නයි.

නඩු විභාගය ගැන ඔබට හිතුනේ මොනවද?

බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන්නන්. සාමාන්‍යයෙන් රුසියානුවන් බහුතරයක් අන්තර්ජාලය භාවිතා කරන්නන් නොවේ. ඒ හේතුව නිසයි පොදු මතය ලෙස, ආගමට එරෙහිව එහි ආචාර ධර්ම උල්ලංඝනය කළේය යන්න මත දඬුවම් දීම අත්‍යවශ්‍ය බවට පත් වූයේ සහ ඊට සහයෝගිතාව පළ කළ රැලි මගින් මෙයට බලපෑම් එල්ල වුයේ. අවාසනාවකට වගේ අපි කියූ දේට කිසිවෙක් සවන්දීලා තිබුණේ නෑ. කිසිවෙක් ස්ත්‍රීවාදය ගැන කතා කළේ නෑ. එල්.ජී.බී.ටී. අයිතිවාසිකම් පිළිබඳ කතා කළේ නෑ. අපි සටන් කළේ ක්‍රමයට එරෙහිවයි. ඒ වෙනුවට ඇහුනේ ආගම අදහන්නන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දෑ සහ අප විසින් ඔවුන් ගැරහීමට ලක් කලේය යන්න පිළිබඳවයි. ඒ පිළිබඳ අපෙ අදහස් පල කරන්නට උත්සහ දැරූ හැම අවස්ථාවකදීම අපව වලකනු ලැබුවා.

ඉතා දක්ෂ නීතිඥයන් පිරිසක් අප වෙනුවෙන් පෙනී සිටියා. අපේ දෘෂ්ටිවාදය, ස්ත්‍රීවාදය හෝ ඒ හා බැඳුනු අපෙ මත කිසිවක් ඔවුන් විසින් සමපාත කලේ නෑ. ඔවුන් ඉදිර්පත් කලේ අපේ මතයට වඩා වෙනස් වූ ඔවුන්ගේ මතය විනා අන් කිසිවක් නොවේ. ඒ නිසා බොහෝ දෙනෙක් තේරුම් ගැනීමට අසමත් වුණා, ඒ අපේ මතය නොවෙයි ඔවුන්ගේ මතය බව. අප කරන්නට උත්සහ ගත් දේ එසේ සිදු කළේ මන්දැයි යන්න පිළිබඳ විමසිලිමත් වනවා වෙනුවට පුටින් විරෝධී තරුණ ගැහැණුන් තිදෙනෙකු දෙසබලන ආකාරයටයි ඔවුන් අප දෙස බැලුවේ. ඇත්තෙන්ම නීතීඥයන් කරන්නට උත්සහ කළේ කුමක්දැයි මට නොතේරෙනවා නොවේ. නමුත් ඒකෙන් වුණේ මේ දෘෂ්ටිවාදීමය වෙනස විකෘතියක් ලෙස පෙනීමයි. ඔවුන් ඒ දේවල් කලේ ද්වේෂ සහගතව නොවේ. ඒ නිසා අපි ඔවුන්ට එරෙහිව කිසිම චෝදනාවක් එල්ල කරන්නේ නෑ.

ඔබ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා වෙනස් කිරීමට ඔබ තීරණය කළේ ඒ නිසාද?

නෑ. ඒකට විශේෂ හේතුවක් හෝ ආරවුලක් තිබුණේ නෑ. ඒක හුදෙක් අවශ්‍යතාවය අනුව සිදු වූ දෙයක්. කමොව්නිකි උසාවිය විසින් දුන් නඩු තීන්දුවේ වැරදිසහහගත බව නැවත අවධාරණය කිරීමක් අවශ්‍ය වුණා මට. අපි වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්ට ඒ ගැන ඉතා පැහැදිලි අදහසක් තිබුණා වුනත්, මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ප්‍රකට වූ එකම දෝෂයක් වත් අවධාරණය කිරීමට තරම් කාලයක් ලැබුණේ නෑ. ඒ අනුව මා විසින් ඇගෝරාවේ අයිරිනා කෘනෝවා තෝරා ගැනුණා. ඇයට තිරසාර වූ දේශපාලනික කීර්තියක් තිබූණා. ඇය තීන්දුව තුළ තිබූ මේ සියලු වැරදි සොයාගනු ලැබුවා. ඒ අනුව,එහි කිසියම් ප්‍රතිඵලයක් තිබෙනවා.

ඊට වටිනාකමක් ලැබුණද?

ඇත්තෙන්ම අප අත් අඩංගුවට පත් වේයයි කොහෙත්ම සිතුවේ නෑ. මොකද ඒක කොහෙත්ම අපරාධයක් නොවෙන හින්දා. අපි තුන්දෙනාගෙන් එක්කෙනෙකුවත් මේ පිළිබඳව චූදිතයන් වන බව අපේ හැඟීමයි. අපේ විරෝධතාව සිරගෙදරින් අවසන් කරන්නට අපට ඕනේ වුණේ නෑ. සාමාන්‍යයෙන් විරෝධතාව සහ දේශපාලනික කලාව පිළිබඳ ඇත්තේ විකෘති වූ අවබෝධයක්. නාද්යා සහ මාෂා මා හා එකඟ වේවි ඇත්තම අපි මේ ගැන විරුද්ධව පෙනී සිටින බව කීවොත්. දේශපාලනික කලාකරුවන් නිදහස් කළ යුතුයි. මින් මතු සියළු විරෝධතාවලදී අත් අඩංගුවට පත් නොවී සිටීමට අප උත්සාහ දරන්නෙමු. ඒත් මිනිසුන් කරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඔවුන් සිරගත කරන මේ උන්මන්තක රජය තියෙනතුරු මම නිහඬව සිටින්නේ නෑ. අපි නිහඬවන්නේ නෑ. මගේ විශ්වාසය අත්හරින්නේ නෑ.

පූසි රයට් සාමාජිකාවන් කී දෙනෙක් සිටින්නේද?

20 දෙනෙකු පමණ සිටිනවා.

නඩු විභාගයෙන් පසු පූසි රයට් හා එක්වන්න බොහෝ දෙනෙකුට ඕනෑ වුණා නේද?

බොහෝ නගර වල ජීවත්වන ගැහැණු ළමුන්ගෙන් ලිපි බොහෝ ගණනක් ලැබෙනවා. ඔවුන් අපේ අදහස් වලට සහ සංකල්පයට සහය දක්වන අයයි. ඔවුන්ට පූසි රයට් වෙනුවෙන් සහභාගීත්වයක් පමණක් අවශ්‍ය අය නොවෙයි. ඔවුන්ට පූසි රයට් ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමටයි අවශ්‍ය වී ඇත්තේ. අපේ කණ්ඩායම නිර්නාමික වීමත්, බැලක්ලාව පළඳින ඕනෑම ගැහැණු ළමයෙකු පූසි රයට් කෙනෙකු වීමත් නිසා ඇතැම් අවස්ථාවන්හිදී පූසි රයට් කණ්ඩායමේ සැබෑ අදහස් සහ පරමාර්ථ මිනිසුන්ට වැටහෙන්නෙ නැති වීමක් දකින්නට ඇති අතරම ඒවා විකෘතිවීමක් දක්නට ලැබෙනවා. ඔවුන්ගේන් බොහේ දෙනෙකු ස්ත්‍රීවාදය හෝ කලාව ගැන නොදන්නා අයයි. ඔවුන් සිතන්නෙ අප පුටින් විරෝධීන් ලෙස පමණයි. මට එයට තහංචි පනවන්න බැහැ, එහෙත් මා එය අනුමත කරන්නේ නෑ. මං කැමතියි ගැහැණු ළමුන් මේ හා සම්බන්ධ වීම පිළිබඳ, එහෙත් ඊටත් වඩා මා කැමතියි ඒ පිළිබඳ ඔවුන් ගේ දැනුවත්භාවය ඇති කර ගැනීම පිළිබඳව. ඔවුනට අපට කතා කරන්නට හැකි වේවි. මට කිසිවක් අවධාරණය කිරීමටවත් කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමටවත් අවශ්‍ය නැහැ. එහෙත් අපේ අදහස් විකාශය වන්නේ කෙසේද යන්න ඉතාම වැදගත්. ඕනෑම කෙනෙකුට බැලක්ලාව පළඳින්නට හැකියි, එය ඉතා හොඳයි, එහි වරදක් ඇත්තේ නෑ, හැබැයි අදහස් විකෘති නොවීමට වග බලා ගැනීම ඉතා වැදගත්.

මේ වන විට ඔබ සැලසුම් කළ යමක් තිබේද?

හැමවිටම ගොඩනැගිය හැකි සහ වර්ධනය කළ හැකි අදහස් හා සැලසුම් අපි ළඟ තිබෙනවා. එහෙත් ඒ සියල්ල ක්‍රියාවට නැංවීම පිළිබඳ ගැටළු පැන නගිනවා. එවැනි ක්‍රියාත්මක කිරීමේදී ඒවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරවීමේ දුෂ්කරතා තිබෙනවා. උදාහරණයක් විදියට ප්‍රධාන පල්ලියේ කල විරෝධතා ඉදිරිපත් කිරීම සැලකිය හැකියි.







ඉදිරියේදී කරන්නට නියමිත ක්‍රියා වෙනුවෙන් නැවත වතාවක් සිරගතවන්නට සිදුවේ යයි ඔබ බිය වන්නේද?

කොහෙත්ම නැහැ. අපි මීට වඩා සූක්ෂ්ම ලෙස කටයුතු කරාවි. අපේ සියළු ලිපි, දුරකථන සංවාද සියල්ල අධීක්ෂණය කෙරෙනවා. ඒ නිසා මේ සියළුම තාක්ෂණ ක්‍රමවේද පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. ඇතැම් විට සංකේතාත්මක බසක් යොදා ගනිමින් ඊ-මේල් හුවමාරු කරන්නටත් කේතමය සංවාදයන් සහ අප අතර සංවාද සිදුවන අවස්ථාවන්හී ජංගම දුරකථන නිවා දැමීම වැනි දෑ කිරිමට අපට සිදු වෙයි. බියක් නෑ. මොකද මං තනියෙන් නොවෙන නිසා. තවත් සාමාජිකාවන් ඉන්න නිසා. ඒ වගේම අපි නිර්නාමික නිසා. ගැහැණු ළමයෙකු පළඳින බැල්ක්ලාවා නිසාත් විසිතුරු ඇඳුම් නිසාත් ඔවුන් හඳුනා ගැනීමට අපහසු වෙනවා. අපව අත් අඩංගුවට ගනු ලැබුවේ අපේ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීම අරමුණු කරගෙනයි. රජය අපේ වැඩකටයුතු පිළිබඳ ඇහැ ගහගෙනයි හිටියේ. මොකද අපි ගහන්නෙම ඉතා වේදනාත්මක තේමා ඔස්සේ රිදෙන තැන් වලටයි, සමාජයට ඒ පිළිබඳ කතිකාවත් ගොඩ නැගීන අරමුණු කරගෙන. අපි ලෝකේ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ පූසි රයට් යන නාමය නිතර කතාවට ගන්නයි කියනෙක. මොකද ඒ නම පුටින් රජයට නින්දාවක් වෙලා තියෙන නිසා මේ අවස්ථාවේ. ඉතාම වැදගත් දේ අපි දිගින් දිගටම මේ කටයුත්ත කරගෙන යනවා කියන එකයි.

ඔබ තිදෙනා අත් අඩංගුවට ගැනීම කණ්ඩායමේ අනෙක් අයට බලපෑවෙ කෙසේද?

අපේ මතවාදයවත් සංකල්පයවත් ඉන් වෙනස් වුණේ නැහැ. බොහෝ දෙනෙකුට අනුවනම් පූසි රයට් සන්නාමයක් බවට පත් වූ බවයි. එහෙත් එය එසේ නොවෙයි. එය අලෙවි කිරීමේ පරමාර්ථයක් අපට නැහැ. අපේ ක්‍රියාත්මක වීම් සහ අදහස් සඳහා රජයේ ප්‍රතිචාර කෙසේදැයි අපි දුටුවා. කොයිතරම් නොසෑහෙන ලෙස මෙයට රජය ප්‍රතිචාර දැක්වූවේද, මෙවැනි අදහස් වලට කොයිතරම් සූදානමක් නොමැත්තේද යන්න ඉතාමත් පැහැදිලිව දකින්නට හැකි වුණා.

විරෝධතා මාධ්‍යයක් ලෙස කලාව කොපමණ සාධනීය ද?

ඉතාම සාධනීනයි. කලාව හැමවිටම කලාකරුවා සහ එහි ප්‍රතිග්රාහකයා අතර විවිධාකාර වූ මං ඔස්සේ සන්නිවේදනය ගොඩ නගනවා. කලාව එක්තරා විධියක සංකීර්ණ මාධ්‍යයක්. එය දැන් අන්තර්ජාතික වශයෙන් සුලභව යොදා ගැනෙනවා විතරක් නොවෙයි එයට විශාල දේශපාලනික විභවයක් තිබෙනවා. කලාකරුවා යනු නිරන්තරයෙන් මතුවන අර්බුදකාරි සිතිවිලි විශ්ලේශණය කරන්නෙක්, ඒ වගේම සියළු දේ සම්බන්ධයෙන් ස්වාධීන මතයක් මත ක්‍රියා කරන්නෙක්. ඒ නිසයි සදාකල්හිම විරෝධතා වෙනුවෙන් වූ මාර්ගයන් උදෙසා කලාව විසින් නැවුම් හුස්මක් පිඹින්නේ.

ඔබේ අනාගත කාර්යයන් සඳහා මිනිසුන් කුමන ආකාරයේ ප්‍රතිචාර දක්වාවිදැයි සිතන්නේද?

පල්ලියේ සිදුවීම හා ඔවුන් මෙය සසඳාවි. මොකද බොහෝ දෙනෙක් ඒ පිළිබඳ කතා බහ කළා. පෙර අවස්ථාව කොයිතරම් හඬක් ඇති කළාද යන්න සහ කරන්නට නියමිත කාර්යයන්ගේ හඬ අඩු වේද යන්න පිළිබඳව. යථාර්ථය නම්, අපි මේ කිසිවකට බිය වන්නේ නැහැ කියන එකයි. රජය මේ ආකාරයෙන් කටයුතු නොකළා නම් අපෙ හඬ මීට වඩා තීව්‍ර වන්නට ඉඩ තිබුණා. ඇත්තෙන්ම මේක බොහොම සාමාන්‍ය දෙයක් අපට. රතු චතුරශ්‍රයේ සහ රැඳවුම් මධ්‍යස්ථානයේ කළ රංගනය අවසානයේ පුටින් තැතිගත්තා.

පූසි රයට් කෙරෙහි ඇති කුමන්ත්‍රණකාරී න්‍යායන් මොන වගේද?

නැවතත්, එකම ගැටළුකාරිතත්වයක් තමයි තියෙන්නේ. රජයට විධිමත් සමාජ දේශපාලන වටපිටාවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවීම කියන එක. කිසියම් පුද්ගලයෙකු තම ප්‍රකාශන නිදහස පිළිබඳ අයිතිය භාවිත කරන හැමවිටම, රජය කරන්නේ ඒ මොහොතේම ඒ පුද්ගලයාට පහර දීමයි. අපිට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පිළිබඳව අපි පෙන්වා දුන්නා. ඊට ලැබුණේ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක්. පවතින ප්‍රචාරක යාන්ත්‍රණය විසින් කුමන්ත්‍රණකාරි න්‍යායන් ගොඩනගමින් පවතිනවා. මිනිසෙකුට නිදහසේ ක්‍රියාත්මක විය හැකිය යන්න පිළිබඳ හිතාගන්නවත් බැහැ. මිනිසුන්ට වෙන්නේ සැඟවී සිටින්නයි.

ඔබේ අත් අඩංගුවට ගැනීම පූසි රයට් පණිවුඩය තව තවත් ඵලදායී බවට පත්කළේද?

ඇත්තෙන්ම රැඳවියන් ලෙස සිටියදී ඔබේ අදහස් වල ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම ඉතාම භයානක කටයුත්තක්. ඇත්තෙන්ම අපට එය අවශ්‍ය වුණේ නෑ. නාද්යා සහ මාෂා නිදහස් කර ගැනීම මේ මොහොතේ ඉතාම වැදගත්. ඔවුන් දෙදෙනා සිරගතව සිටීම සංගීත කණ්ඩායමක් ලෙස අපට බොහෝ සෙයින් අනතුරුදායකයි. ඇත්තෙන්ම එය අපේ අදහස් ව්‍යාප්ත කිරීමෙහිලා ඉතා ඵලදායි මගක් ලෙස මා දකින්නේ නෑ.නමුත් ඉන් වුණේ පවතින අර්බූදය මුළු ලෝකයටම දෘෂ්‍යමාන වෙන්නට පටන් ගැනීමයි. මිනිසුන්ට තම මතය ප්‍රකාශ කිරීමේ නිදහස ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පුටින් ට කියන්න පුළුවන් තමයි. ඒත් දැන් මුළු ලෝකයට දකින්න පුළුවන් රජය වෙනස් මත දරන්න වුන්ට ඇහුම් කන් දීමට කිසිසේත්ම සූදානම් නැති බව. එනම්, රාජ්‍ය විරෝධි මත දරන්නන්ට සහ ස්වාධීන චින්තනයන්ට එරෙහි ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක වෙන බව.

නුදුරේදීම අරගලයක් ඇති වේද?

ඒක කියන්න අමාරුයි. මම දේශපාලන නීරික්ෂකයෙකු නොවෙයි. හැමදේටම පලමුවෙන් ඇති විය යුත්තේ මිනිස්සුන්ගේ චින්තන අරගයක්. මිනිසුන් ස්වාධීන වෙන තරමට ඔවුන්ට අවබෝධ වෙන්නට පටන් ගන්නවා රජය කුමන ආකාරයේ උපාය මාර්ග භාවිතයට ගනිමින් ඉන්නවාද කියන එක. ඒ අනුව පවතින බලය වෙනස් කළ හැකියි. ඉන් රටක තත්වය වෙනස් කළ හැකියි. මිනිසුන්ගේ මානසික ස්වභාවය වෙනස් විය යුතුයි. අරගලය යනු අවලමුන්ගේ කාර්යයකැයි යන විකෘති කරන ලද දුරාවබෝධයක් මිනිසුන් අතර පවතිනවා. පුරවැසි විරෝධතාව යන්නෙන් අදහස් වන්නේ, ගිනි තබනු! පෙරලනු! ඝාතනය කරනු! යන්න නොවේ. හැමවිටම වැදගත් වන්නේ විරෝධතාව පිළිබඳ ඇති ආකල්පයයි.


Nadejda Tolokonnikova

ඡායාරූප- Ivan Novikov [rollingstone වෙබ් අඩවියෙනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Interview with Pussy Riot's Yekaterina Samutsevich on Their Fight for Freedom, Russian feminist punk-rock band, Nadezhda Tolokonnikova, Yekaterina Samutsevich, Maria Alekhina, Vladimir Putin, Russia
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් මියැසි කතා-බස්
"නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර
මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර
"අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්! -ඉන්ද්‍රචාපා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook