Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
අවියෙන් පොත විතැන් නොවීමේ ලතින් අමරිකානු ආදර්ශය!
මාකේස්, මාකෝස් සමග
පරිවර්තනය-
Koombiya | කූඹියා
බූන්දි, 01:58:01
EZLN (සැපටිස්ටා ජාතික විමුක්ති හමුදාව) යනු, මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තය පදනම් කොටගත් සටන්කාමී සංවිධානයකි. 1994 ජනවාරියේ දින 14ක තරම් කෙටි කාල පරාසයක් තුළ සිදු වූ ඔවුන්ගේ පළමු නැගිටීම, ''දැන් ඉතින් ක්‍රම විරෝධය කම්මුතුයි!'' කියා හිත හදාගෙන සිටි බොහෝ පිරිස් අතර තිගැස්මක් ඇතිකරවන්නක් විය. සැපටිස්ටාවරු නව ලිබරල් ආර්ථීක ක්‍රමයට එරෙහි මතවාදයක් දරන අතර, ඔවුන්ට අනුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, සෘජුව බලය ලබා ගැනීම අරමුණු කොට නොගත් පූර්ව විප්ලව මාදිලියකි.
හිම ක්‍රීඩා වෙස් මුහුණ (Ski Mask) සැපටිස්ටාවරුන් අනන්‍යතා සැඟවීම පිණිස යොදා ගන්නා නමුත්, මේ වන විට එය ඔවුන්ගේ සංකේතය බවට පත් වී ඇත. ඔවුන්ගේ නායකයා ලෙස සැලකෙන ''දෙවන අණදෙන නිලධාරී මාකෝස්'' (Subcomandante Marcos), සිය අපූර්ව ලේඛන ශෛලිය මගින්,ලොව පුරා අති මහත් අවධානය දිනා ගත් අතර වෙස් මුහුණ මගින් සඟවන ලද අනන්‍යතාවය නිසාවෙන්ම මාකෝස් එක්තරා අන්දමකින් ගුප්ත චරිතයක් බවට පත්ව තිබේ.

අරගලය සහ සාහිත්‍යය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. මාකෝස් යනු, අති දුෂ්කර කොන්දේසි යටතේ පවා, ''පොත'' අත් නොහළ චේ ද ඇතුළත් ලතින් අමරිකානු විප්ලවවාදීන්ගේ ආදර්ශයේම දිගුවකි. මේ ඔහු සමග 2001 දී මෙක්සිකානු Cambio සඟරාව වෙනුවෙන් ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් විසින් කරන ලද කතාබහකි.

මාකේස්- මේ සියළු අවුල් වියවුල් මැද්දේ තවමත් ඔබට පොත පත කියවන්නට වෙලාවක් තිඛෙනවාද?

මාකෝස්- ඇත්තෙන්ම. නැත්නම් අප කුමක් කරන්නද? අපට පෙර සිටි හමුදාවන්ගේ, සෙබළුන් ඔවුන්ගේ කාලය වැය කළේ රැස්වීම් පවත්වන්නටත් තමන්ගේ අවි ආයුධ ශුද්ධ කිරීමටත්. මෙතනදි, අපේ අවි ආයුධ වෙන්නේ ''වචන''! එනිසාවෙන්, හැමවිටම අපට එම ආයුධ ගබඩාව මත යැපෙන්නට සිදු වෙනවා.

මාකේස්- ඔබ ලියන කියන සියල්ලකින්ම පාහේ, ඒවායේ ආකෘතිය සහ අන්තර්ගතය හරහා ඔබ සතු බරපතල සාහිත්‍යමය පසුබිම පිළිබඳ යම් ඉඟියක් ලබා දෙනවා. මේ ආභාෂය ආවේ කොහෙන් ද? කොහොමද එතැනට පිවිසුනේ?

මාකෝස්- ඒක මගේ පුංචි කාලය දක්වා දිවෙන්නක්. අපේ පවුලේ ''වචන''වලට විශාල වටිනාකමක් තිබුණා. අපි ලෝකයට ගියේ භාෂාව මගින්. අපි කියවන්නට ඉගෙන ගත්තේ පාසලින් නොවෙයි- පුවත්පත් කියවීමෙන්. අපේ අම්මා සහ තාත්තා අපව කියවන්නට පෙළඹවූවා. අපි අළුත් දේ දැන ගත්තේ එයින්. කෙසේ හෝ අප භාෂාත්මක දැනීමක් අත් කරගත්තේ හුදෙක් එකිනෙකා සමග අදහස් හුවමාරුවෙන් නොව, කිසියම් දෙයක් අප විසින්ම ගොඩනගා ගැනීමෙන්. එය දෙන ලද පැවරුමක් හරහා ඉගෙනීමට වඩා සතුට උපදවන්නක්. අඳුරු යුගයන් එළඹෙන විට, බුර්ෂුවා බුද්ධිමතුන් ''වචනයෙහි'' ඇති අගය එතරම් සැලකිල්ලට ගන්නේ නැහැ. එයට ලැබීමට නියමිත වන්නේ දෙවන පෙළේ සැලකීමක් පමණයි. එතනදි තමයි, අපට- එනම් ස්වදේශීය ප්‍රජාවන්ට භාෂාව කැටපෝලයක් මෙන් වැදගත් වන්නේ.

ඔබට යම් මොහොතක තේරෙන්න ගන්නවා, සමහරක් දේ ප්‍රකාශ කිරීමේ දී, ''වචන'' ඔබව අසමත් කරන්නට ගන්නා බවක්. මේකම තමා ඔබට බලකරන්නේ, ඔබේ භාෂා කුසලතාව වර්ධනය කරගන්නට; ඔබ වචන දිගේ එහෙට මෙහෙට දුවලා එක්කෝ ඒවා සන්නද්ධ කරනවා; නැත්නම් නිරායුධ කරනවා.

මාකේස්- මේකෙම අනික් පැත්ත වෙනවා වෙන්න බැරිද? මේ භාෂාව සතු බලාත්මක පාලනය මගින් මේ නව යුගය ගොඩනගනවා වෙන්න බැරිද?

මාකෝස්- මේක හරියට මිශ්‍රණ යන්ත්‍රයක් (බ්ලෙන්ඩර් එකක්) වගෙයි. මුලින් දමන දේ ඔබ නොදන්නවා වුණත් වැඩේ අහවර වෙන්නෙ කොක්ටේල් එකක් හැදිලා.

මාකේස්- අපි ඔබේ පවුල ගැන කතා කරමු.

මාකෝස්- ඒක මධ්‍යම පාන්තික පවුලක්. මගේ පියා, අපේ පවුලේ ප්‍රධානියා: ඔහු (ලාසරස්) කාර්ඩෙනස්[1]ගෙ කාලෙ හිටපු ගම්බද ගුරුවරයෙක්. ඔහු කියන හැටියට, ඒ කාලෙ ඔවුන් ගුරුවරුන්ගේ කන් කැපුවා කොමියුනිස්ට්කාරයො වීමේ වරදට. අපේ අම්මත් ගම්බද ගුරුවරියක්. අපේ පවුල විශාල අගහිඟකම් තිබුණ පවුලක් නෙමෙයි.

ඒ පළාතේ සංස්කෘතික ක්‍රියාකාරකම් වල ක්ෂිතිජය, එනම් සීමාව වුනේ ප්‍රාදේශික පුවත් පත් වල තිබුණු ප්‍රජාවට වෙන්වුන පිටු. බැහැර තිබූ ලෝකය වුනේ මෙක්සිකෝ මහ නගරය: හැම දේකටම වැඩිය එහේ තිබුණ පොත් සාප්පු තමා ආකර්ශනීයම දේ වුනේ. සමහර විටෙක, ප්‍රාදේශීයව පැවැත්වුන පොත් සල්පිල් තිබුණා. ඒවයෙන් අපි පොත් ගත්තා.

ගාර්සියා මාර්කේස්, ෆුඑන්ටස්[2], මොන්සිවේස්[3], වර්ගාස් ලෝසා (එයා හිතන විදිහ වෙනම දෙයක්).... කීප දෙනෙක් මේ කියන්නේ... අපි මේ අය සේරම දැන ගන්නේ අපේ දෙමව්පියන්ගෙන්. ඔවුන් අපිට මේ ලේඛකයන්ව හොයාගෙන යන්න පෙළඹවෙවුවා.

''සියක් වසක හුදෙකලාව''[4] තුලින් අපට ඒ කාලේ පළාතෙ හැටි සොබාව කියා දුන්නා. ''ආර්ටෙමියෝ කෲස් ගේ මරණය''[5] තුලින් විප්ලවයට මොකද වුනේ කියලා කියලා දුන්නා. කාලෝස් මොන්සිවේස්ගේ ''ඩයස් ඩි ගාර්ඩා''[6] තුලින් මැද පන්තියට වුන දේ කියලා දුන්නා. නග්න නමුත්, එක්තරා දුරකට ''නගරය සහ බල්ලන්''[7] යන්න අපේ ප්‍රතිමූර්තිය බවට පත් වුනා. මේ හැම දේම එහෙ තිබුණා. අපි සාහිත්‍යය සමග එක් වූ විදිහෙන්ම තමා බැහැර ලෝකය සමග එක් වුනෙත්. මං හිතන්නෙ අපිව නිර්මාණය වුනේ මේ දේවල් වලින්. අපි ලෝකය හොයා ගත්තේ කම්බියක් දිගේ එන පුවත් බලලා නොවෙයි. අපි ඒක හොය ගත්තෙ නවකතාවකින්, ලිපියකින් නොඑසේනම් කවියකින්. අපි බොහෝ වෙනස් මිනිසුන් බවට පත් වුනේ වුනේ එතනින්. මේක තමා අපේ මව්පියෝ අපට දුන්න බැලීමේ කණ්නාඩිය. බොහෝ අය බැලීමේ කණ්නාඩිය හැටියට ගන්නේ ජනමාධ්‍ය. කණගාටුදායක ලෙස, ඇතැම් කණ්නාඩි පාරාන්ධ නිසාවෙන් වෙමින් තියන දේවල් කිසිසේත්ම දෘෂ්‍යමාන නැහැ.

මාකේස්- මේ සියළු කියවීම් මැද ''දොන් ක්වික්සෝට්'' තිබුණේ කොහේද?

මාකෝස්- ඒක ඔවුන් (අම්මලා) දුන්න හරිම ලස්සන පොතක්- මට වයස දොළහයි...! තද කවරයක් තිබ්ඛෙ- ඒකෙ නම ''ඩොන් ක්වික්සෝට් ඩි ලා මැන්ෂා''[8] මම ඒ වෙද්දිත් ඒකෙ යොවුන් සංස්කරණය කියවල තිබුණෙ. මේක මං බලපොරොත්තුවෙන් හිටපු ඉතාම වටින සුවිශේෂ තෑග්ගක්. ශේක්ස්පියර් ආවා ඉන් පස්සෙ. ඒත්, මේ පොත් (මගේ ලෝකයට) ආව අනුපිළිවල මතක කළොත් එක එක වර්ගයේ යුග තිබුණා. මුලින්ම ලතින් අමෙරිකානු සාහිත්‍යය, ඊළඟට සර්වෙන්ටිස්[9], ඊටත් පස්සෙ ගාර්ෂියා ලෝකා[10]ව හමු වෙලා කලකින් කවි වලට වහ වැටුන යුගයක් ආවා. ඉතින්, ඔබත් (මාර්කේස්ට ඇඟිල්ල දිගු කරමින්) මේවට වගකියන්න ඕනෑ!

මාකේස්- මේ අතරෙ සාත්‍රේ සහ අස්තිත්වවාදය[11] එන්න ගත්තද?

මාකෝස්- නැහැ, ඒකට ආවෙ පස්සෙ. පැහැදිලිවම අස්තිත්වවාදයට කලින් අපි වෙත පැමිණි විප්ලවීය සාහිත්‍යය අච්චුවක හිරවෙලා වගේ තිබුනෙ. මාක්ස් සහ එංගල්ස් කියවන්න ගනිද්දිත්, සාහිත්‍යයේ ප්‍රහසනයෙන් සහ උත්ප්‍රාසයෙන් අපි හොඳටම කිලිටි වෙලා හිටියේ.

මාකේස්- දේශපාලනික න්‍යායන් කියෙව්වෙම නැද්ද?

මාකෝස්- මුල් කාලයේ නැහැ. මුල්ම අවදියේම අපි සාහිත්‍යට ඇදිලා ගියා. ඉන් පස්සෙ උසස් අධ්‍යාපනයත් එක්ක තමා දේශපාලනික වියමන් කියවන්න ගන්නේ.

මාකේස්- ඔබේ පාසල් යාළුවො හිතුවද ඔබ කොමියුනිස්ට්කාරයෙක් කියලා?

මාකෝස්- නෑ. මං හිතන්නෙ එහෙම වුනේ නැහැ. ඔවුන්ගෙන් බොහොමයක් හිතුවේ මම එළියෙන් රතු වුනත් ඇතුළෙන් සුදු කෙනෙක් විදිහට.

මාකේස්- මේ දවස්වල මොනවද කියවන්නේ?

මාකෝස්- දොන් ක්වික්සෝට් තියෙනවා මගේ ඇඳේ පැත්තක. ඒ වගේමයි, ගාර්ෂියා ලෝකාගේ රොමාන්සෙරෝ ගිතානෝ[12] හැමවිටම ළඟ තියාගෙන ඉන්නෙ. දේශපාලනික න්‍යායන් ඔස්සේ ලියවුනු හොඳම පොත තමයි ඩොන් ක්වික්සෝට් කියන්නෙ, හරියටම හැම්ලට් සහ මැක්බත් වගේම. මෙක්සිකානු දේශපාලන ක්‍රමයේ ඛේදාන්තයයි, හාස්‍යයයි වටහා ගත හැකි වෙනත් හොඳ ක්‍රමයක් නෑ, හැම්ලට්, මැක්බත් සහ ඩොන් ක්වික්සෝට් කියවනවට වඩා. අනේක විධ දේශපාලනික විග්‍රයන්ගෙන් පිරුණු තීරු ලිපියකට වඩා ඒවා බොහොම අගෙයි.

මාකේස්- ඔබ ලියන්නෙ අතින්ද, එහෙම නැතිනම් පරිගණකය භාවිතයෙන්ද?

මාකෝස්- පරිගණකයෙන්. මාර්තු මාසය බොහොම වැඩ අධික කාලයක් වුණු නිසාවෙන් විතරක් මට අතින් ලියන්නට සිදු වුණා. බොහෝවිට මම ලියන්නෙ කටුසටහනක්. ඊළඟට තවත් කටුසටහනක් සහ තවත් එකක්. ඔබට හිතේවි මහා විහිළුවක් වගේ. ඒත් මම සෑහීමකට පත් වෙන්නෙ හත් වෙනි කටු සටහනට වගේ ආවහම තමා!

මාකේස්- මොනවද ඔබ මේ දිනවල ලියමින් ඉන්නේ?

මාකෝස්- මම මෙතෙක් ලියන්න උත්සාහ කළ දේ අභූතරූපීයි. ඒක අපට අපවම පැහැදිලි කරදෙන්නට ගන්නා උත්සහයක්, එය බොහෝවිට කොහෙත්ම විය නොහැකි දෙයක්. අපි විරෝධාකල්ප දරන්නන් බව තේරුම් ගත යුතුයි. මොකද විප්ලවීය හමුදාවක් බලය උදුරාගැනීම හැමවිටම අරමුණු කරගන්නෙ නැති නිසා. ඒ අපට හමුවී ඇති හැම විරෝධාකල්පයක්ම සියලූ සංස්කෘතික මාර්ගයන්ගෙන් මුළුමනින්ම වෙනස්ව වර්ධනය වූත් ශක්තිමත් වූත් අංශයක් නිසා.

මාකේස්- සියල්ලෝම ඔබ හඳුනයි නම් ඇයි මේ වෙස් බැන්දුම්?[13]

මාකෝස්- ඔවුන් දන්නේ නෑ මා කවුදැයි කියා, ඔවුන් එය පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නෑ. මේ පවතින ක්‍රීඩාව තුල දෙවැනි අණදෙන නිලධාරි මාර්කෝස් මොන වගේ කෙනෙකුද කියන එක මිසක් මීට පෙර ඔහු කෙබඳු කෙනෙක්ද යන්න වැදගත් නෑ.

යොමුව-
1-[La'zaro] Ca'rdenas
2-Fuentes
3-Monsiva'is
4-One Hundred Years of Solitude by Garci'a Ma'rquez
5-The Death of Artemio Cruz
6-Dias de Guardar by Carlos Monsiva'is
7-The City and the Dogs
8-‘Don Quixote de la Mancha’ By Miguel de Cervantes
9-Cervantes (Miguel de Cervantes)
10-Garci'a Lorca
11-Existentialists
12-Romancero gitano
13-සැපටිස්ටා සටන්කරුවන්, හිස් වැසුම් මගින් අනන්‍යතාව සඟවාගෙන හිඳීම ඔවුන් පිළිබඳ උනන්දු වන පාර්ශ්වයන්ගේ නිරන්තර කුහුල දනවන්නක්. මාකේස් ද මේ පැනය නගන්නේ එනිසාවෙන්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Zapatista, EZLN, Zapatista Army of National Liberation, Ejército Zapatista de Liberación Nacional, Chiapas, Mexico, Gabriel Garcia Marquez interviews Subcomandante Marcos
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Tharaka Warapitiya මෙහෙම කියනවා :
Exellent work.Convey our salute to Sub comandant Marcos.This should be enthusiastic to our limited
social struglers


කිවුව වෙලාව- 2010-03-05 02:30:00
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සූකිරි කතා-බස්
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook