Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කිළිනොච්චිය පසු කළෙමි.
බූන්දි, 21:04:50
අපි ඉතිහාසයේ මහා කඩතොළුවක් පසු කරමින් සිටියෙමු. ගොඩනැගිලි කිහිපයක හැර වහළ වල් ඉතිරිව තිබුණේ නැතිවා සේම ඉතිරිව තිබූ ඒවායේ බිත්ති අඟලින් අඟල සිදුරු වී ඇත. දොර ජනෙල් නම් ඇත්තේම නැත. කලෙක කොළ පැහැයෙන් දිලුම් දෙන්නට ඇතැයි සිතුන තල් අරඹ සහ ළඳු කැළෑ වෙනුවට දක්නට තිබුණේ මෝටාර් ප්‍රහාර වලින් තුරු හිස් සිඳ දැමුණු, දා ගිය තල් කඳන් හුදෙකලාව, ගිනියම් හිරු යටින්, කරසක සුළඟින් මැඩෙන අයුරුය.

A-9 මග දිග හැරුණු කොට, බොහෝ බිම් පෙදෙස් කහ පටි වලින් සහ මිනී ඔළු සහිත සළකුණු වලින් අනතුරුදායක පෙදෙස් බවට අඟවා තිබේ. ඒවායේ බිම් බෝම්බ තවමත් ඉවත් කරමින් පවතියි. හාත්පස පැතිරී ඇත්තේ “අනතුරුදායක” කැළෑ පඳුරු හා සිදුරු කරන ලද ගොඩනැගිලිය. නගරය මැද පුපුරවා පෙරළා දමනු ලද සුවිසල් වතුර ටැංකිය බිම වැතිර සිටියි. ඒ ඉදිරිපිට අටවා ගත් කඩ කිහිපයකි. පිළිවෙලකට ඇත්තේ යුධ හමුදා කඳවුරු හෝ මූලස්ථාන පමණි. විවිධ පැහැයෙන් යුත් ධජ ඒවායෙන් අහසට නැගෙයි.-

-කඳවුරු බිම නෙක පැහැ මල් වලින් අලංකෘතය. ඒවායෙන් පිටතට එන සෙබළුන්ගේ වෙහෙස සඟවන ලද මුහුණු අධිෂ්ඨානශීලීය, ප්‍රාණවත්ය.

යුධ හමුදාවට අමතරව සාමාන්‍ය වැසියෝද මෙහි වෙති. නින්දෙන් ඇවිදින්නාක් බඳු, නොපෙනෙන යමක් විසින් බියගන්වන ලද, සිනාසෙන්නට අමතකව ගිය, බොර පැහැ ඇස්වල කඳුළු තෙත නැති, සියවස් ගණනාවක් පෘථිවි අභ්‍යන්තරයේ සිර කරනු ලැබ සිට හිරු එළියට නිරාවරණය කරන ලද ඒ මිනිස්සු ජංගම බැංකුවක් අසල පොදි කමින් සිටිති. තමන් පසුකරමින් යාපනය “බලන්නට” යන දකුණේ මිනිසුන් රැගත් වාහන දෙස ඔවුහු බලා හිඳිති. ඒ බැල්මෙහි විස්මයක්, ප්‍රමෝදයක්, කෝපයක් මතු නොව උනන්දුවකුදු නැත. මූර්ති බඳු ඒ මුහුණු ඉතිහාසයේ දුක් වේදනා මිස වර්තමානයේ කිසිදු හැඟීමක් පිළිබිඹු නොකරයි.

බිඳ වැටුණු නගරයක් ...බිම වැටී, පෑගී, යළි නැගී , යළි යළි වැටී, රිදී ඔද්දල් වී අසීරුවෙන් පොළට මත සිටගෙන අන්දමන්දව වටපිට බලන මිනිසුන්.... සගයින් අහිමි කළ මතකයන් විසින් දිරි ගන්වනු ලබන, නිළ ඇඳුම් තුළ හිඳින මිනිසුන් හෙවත් සෙබළුන්....

වාහනයේද කර්කශ සුළ‍ඟෙහිද හඬ අභිබවා ඒ ගොළු නගරයෙහි ආත්මය කෙඳිරි ගාන හඬ මට ඇසෙයි. ගොඩනැගිලි සිදුරු කළ උණ්ඩ මිනිසුන් සිදුරු කළ අයුරු ඉන් ඇසෙයි. විවිධ නම් වලින් හැඳින්වුණු, විවිධ ජාතීන්ට, ගෝත්‍ර වලට , ආගම් වලට අයත්ව සිටි , විවිධ නිළ ඇඳුම් හැඳ සටන් කළ, එහෙත් සිය මූලික ස්වභාවයෙන් මිනිසුන්ම වු, මේ පොළව මත ඇද වැටී මිය ගිය ඔවුන්ගේ අවසාන සුසුම් මගේ සිරුර විනිවිද යනු මට දැනෙයි.

ඒ සුසුම් මුසු සුළඟින්, දා ගිය තල් ගස් වල කළු ගැසුණු පොතු බිම වැටෙයි. තවම සොයා නොගත්, වල දැමූ බිම් බෝම්බ මත පැළ වුණ කොළ පැහැ පඳුරු සෙමෙන් සෙලවෙයි. පෝලිම් වල බලා සිටින මිනිසුන්ගේද, නිළ ඇඳුම් හැඳ අවි දරණ මිනිසුන්ගේද, නගරය පසු කරන අපේද සිරුරුවල හී ගඩු නැගෙයි.

එවිට අපි අවදි වන්නට පටන් ගනිමු. සෙමෙන් ... පියව‍ෙරන් පියවර....අළුත්ම අළුත් නොවුණ ද බලාපොරොත්තුවේ සුසුම්... සවිඥානිකව ඉහළ පහළ හෙළන්නට පටන් ගනිමු.

ඒවායින්, ඉතිහාසය පුරාවට බිත්ති වල සැදුණු සිදුරු වැසෙන්නට පටන් ගනියි.. අළුත් තල් පැළ ඒ සුසුම් වල රිද්මයට පොළවෙන් න‍ැගෙන්නට පටන් ගනියි...දුහුවිලි මැදින් කාලය පණ ලබයි. එවිට , අනාගතයේ දිනෙක, ළමුන්, ගැහැණුන් හා වැඩ කරන මිනිසුන් විසින් ‍මේ නගර යළි ගොඩ නගනු ඇත.
10.03.2010
[යාපනයේ, නල්ලූර් හිදී]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kilinochchi, Sri Lankam North East Conflict, Jaffna
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
උදේෂ් සෙනෙවිරත්න உதேஷ் Udesh මෙහෙම කියනවා :
"..අපි අවදි වන්නට පටන් ගනිමු. සෙමෙන් ... පියවෙරන් පියවර....අළුත්ම අළුත් නොවුණ ද බලාපොරොත්තුවේ සුසුම්... සවිඥානිකව ඉහළ පහළ හෙළන්නට පටන් ගනිමු.

ඒවායින්, ඉතිහාසය පුරාවට බිත්ති වල සැදුණු සිදුරු වැසෙන්නට පටන් ගනියි.. අළුත් තල් පැළ ඒ සුසුම් වල රිද්මයට පොළවෙන් නැගෙන්නට පටන් ගනියි...දුහුවිලි මැදින් කාලය පණ ලබයි. එවිට , අනාගතයේ දිනෙක, ළමුන්, ගැහැණුන් හා වැඩ කරන මිනිසුන් විසින් මේ නගර යළි ගොඩ නගනු ඇත."
[Commented @ FB]


කිවුව වෙලාව- 2010-03-12 03:21:04
Koombiya මෙහෙම කියනවා :
[......වාහනයේද කර්කශ සුළ‍ඟෙහිද හඬ අභිබවා ඒ ගොළු නගරයෙහි ආත්මය කෙඳිරි ගාන හඬ මට ඇසෙයි. ගොඩනැගිලි සිදුරු කළ උණ්ඩ මිනිසුන් සිදුරු කළ අයුරු ඉන් ඇසෙයි. විවිධ නම් වලින් හැඳින්වුණු, විවිධ ජාතීන්ට, ගෝත්‍ර වලට , ආගම් වලට අයත්ව සිටි , විවිධ නිළ ඇඳුම් හැඳ සටන් කළ, එහෙත් සිය මූලික ස්වභාවයෙන් මිනිසුන්ම වු, මේ පොළව මත ඇද වැටී මිය ගිය ඔවුන්ගේ අවසාන සුසුම් මගේ සිරුර විනිවිද යනු මට දැනෙයි......]

කල්පනා,
මේ නම් සහමුලින්ම වෙනස් යාපන ගමනකි!
ඔබ යාපනයේ යාම වෙනුවට.... යාපනය ඔබ තුළට යාම?


කිවුව වෙලාව- 2010-03-11 22:53:40
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
නිකෝස් කසන්සාකිස් කියයි.
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook