Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සංස්කෘතික මිනිසාගේ ග්‍රහලෝක ශිෂ්ටාචාරය
බූන්දි, 22:07:15
ප්‍රවේශය

වර්තමානයේ ඔබ-අප දෙපා රඳවාසිටින්නේ ලෝක සිතියම පුරා සංස්කෘතිය වටා දැවටෙන සියලූ සංකල්ප නැවත-නැවත රාමුගත වෙමින් වෙනස්වන ග්‍රහලෝක ශිෂ්ටාචාරයක. භාණ්ඩ - තොරතුරු මානවයා - දේශසීමා අභිභවනය කරමින් වේගයෙන් හුවමාරු වේ. එම චලනයේ ස්වභාවය අනුව නව රිද්ම හා විවිධ විලාසිතා ප්‍රතිඋත්පාදනය කරමින් සංස්කෘතිය වෙනස් වේ. සමාජවිද්‍යාව මෙම වෙනස අර්ථ ගන්වන්නේ ගෝලීයකරණය යනුවෙන්. සැබවින්ම එය අප ජීවත්වන යුගයේ කිසිවකුගේ තෝරාගැනීමක් නොවේ, පොදු යථාර්ථයක්.

''අප ප්‍රථමයෙන්ම අවබෝධකර ගතයුතු දෙයක් ඇත. අප ජීවත්වන්නේ ගෝලීයකරණය වූ වෙනස් ලෝකයක. එය පාලනය කරන්නේ නව ලිබරල් මූලධර්ම හා ප්‍රමිතීන්. අපේ දැක්මට අනුව ගෝලීයකරණය කිසිවෙකුගේ ජයග්‍රහණයක් නොවේ.

එය නව සොයා ගැනීමක්ද නොවේ. ගෝලීයකරණය ඓතිහාසික ධර්මතාවක්. නිෂ්පාදන බලවේග සංවර්ධනයේ ප්‍රතිඵලයක්. විද්‍යා හා තාක‍ෂණික සංවර්ධනයේ අපරාංගයක්.'' – (Castro-1999)

පෘථීවි ගෝලය පුරා මානව-මානවිකාවන්ගේ හැඩතල, විලාසිතා, තාලරිද්ම, ආකල්ප, අභිලාෂ, වෙනස් වෙමින් ඉදිරියට ගලා යන්නේ ප්‍රවාහයක් ලෙස. සෑම අයෙක්ම පාරමිතා පුරන්නේ ලෝකයේ කොටසක්වීමට. එම ප්‍රයත්නය බටහිරදී හැඳින්වෙන්නේ විභවතාව Potenceial යනුවෙන්. එම ක්‍රියාදාමය විවිධ සන්නම් - Brand - යටතේ a Americanization - Westernization - Cocacolanization- McWorld- dotcom-era යනුවෙන් හංවඩු තැබුවා.

මුණගැසීම්, කතාබහ, ඇඳුම් පැළඳුම්ද සිතුම් පැතුම්, පෙර නොවූ ලෙස විවිධත්වයේ විචිත්‍රත්වය විදහා දක්වමින් සමානත්වය තුළ පෙළහරපායි. සමීප මානුෂික සබඳතා පටු සීමා තුළ හුදකලා කරමින්, ඉලෙක්ට්‍රොනික් සබඳතා භූසීමා ඉක්මවමින් ප්‍රසාරණය වේ. හිස් අවකාශයේ නිදහස්ව ශබ්දයේ වේගයෙන් ගමන් කරන තොරතුරු හුවමාරුව ගෝලීය සමාජයේ සියලූ බැඳීම් වෙලාදමන යාන්ත්‍රණය වේ. ඉපැරණි මිල සූත්‍ර පුපුරවාහරමින් ඉල්ලූම මත නොව වෙළඳ ප්‍රචාරණය මගින් තෝරාගැනීමට පොළඹවන පරිභෝජන මතවාදය සංස්කෘතික ඉම්ගම් මායිම් නිශේධනය කරමින් විවෘත වෙළඳපළට ලබාදී ඇත්තේ නව ජවයක්. මුළු මහත් ලෝකයම සංකල්ප හා දිසිරූපවලට ගොනුකොට වෙළඳ සන්නම් Brand මගින් ප්‍රතිනිර්මාණය වේ. එම සන්නම් අපේ මනස තුළ තැන්පත් කරන්නේ ඉලෙක්ට්‍රොනික වෙළඳ ප්‍රචාරණය හා මගදෙපස billboard හෝඩීයකරණයෙන්, මෙම සන්දර්භය තුළ ඔබ කැඳවා ඇත්තේ අතීත ලාංකිකයාගේ භූමිකාව සඳහා නොවේ. ඔබ වෙතින් නිරූපණය වන්නේ ග්‍රහලෝක ශිෂ්ටාචාරයේ අනාගත මානව මානවිකාවන්ගේ සංස්කෘතික හැඩතල. එහෙයින් මෙම නිබන්ධනයේ සන්ධාරය ගොනුවන්නේ අද්‍යකාලීන මානව සංස්කෘතික රිද්ම-හැඩතල - වර්ණරටා තුළනාත්මකව විශ්ලේෂණය කිරීමටය.

මතවාද හා සංකල්ප

අර්ථ විචාරයට අනුව සංස්කෘතිය - Culture හා ශිෂ්ටාචාරය Civilization යන වදන්වල තේරුම සොයා අප යා යුතු ඉන්දීය පූර්ව ඓතිහාසික යුගයට හෝ ග්‍රීක-ලතීනියානු සමාජයට. පස-ජලය-බීජ සංයෝජනයකර අස්වැද්දීම Cultura යනුවෙන් ලතින් හා ග්‍රීක වංශ අර්ථ ගැන්වූ අතර, සංස්කෘතිය යනුවෙන් පැරණි පංචනදී ඉන්දියානුවා අරුත් දැක්වූයේ ගොවිතැන. ලෝක සිතියම මත තැනින් තැන ඇවිද යමින් දඩයමෙන් හා ආහාර එකතුකරමින් යැපුන ලේ ඥාතීන්ගේ කාණ්ඩ ගෝත්‍ර ලෙස ඒකරාශී වී බෝගවගාවට ගත් උත්සාහය තුළින් සංස්කෘතියේ බුද්ධබීජ උත්පාදනය වුණා. එමෙන්ම Civis යන ලතීනියානු වදනේ අරුත මානවයාගේ සමාජ-මානසික තත්වය හෙවත් සාමූහිකත්වය තුළ අනෙකා සහ සහවාසය හෙවත් පොදු එකඟතා හා අගයන්. ශිෂ්ට ආචාර යනුවෙන් පූර්ව භාරතීය සමාජය අර්ථ ගැන්වූයේද සමාජ පොදු එකඟතා මත ශීලාචාරව හැසිරීම. Civilize යන ලතීනියානු වදන බටහිර සමාජ ශික්ෂණය වර්ණවත් කළ අතර, භාරතීය ගෝත්‍රිකයා එය ශීලය යැයි අරුත් ගැන්වූවා. පසු කලකෙ එය හිංදු වේද ග්‍රන්ථ අභාෂය මත බෞද්ධ- ජෛන ආගම්වලට කාන්දු වුණා.

සමුදුරු තරණය හා නව විද්‍යාත්මක සොයාගැනීම් සමග මානව-මානවිකාවන්ගේ මානසික සංවර්ධනයේ මනින පරාමිතිය සංස්කෘතියැයි හැඳින්වුණා. පරිසරය වෙනස්කිරීමට ගත් ප්‍රයත්නය හා සමාජ සබඳතා මතින් නව අගයන් නිර්මාණයවීම ශිෂ්ටාචාරය ලෙස හඳුනාගැනීමට වෙහෙසුනා. මානව-මානවිකාවන්ගේ සදාචාර සංවර්ධනය හා මෙවලම් භාවිතයේ අඛණ්ඩ වැඩීයාම සංස්කෘතියේ හා ශිෂ්ටාචාරයේ සමාන්තර වර්ධනයේ අපරාංගයක්. ''මිනිස් චින්තනයේ ඉතාමත් අත්‍යවශ්‍ය හා ආසන්නතම පදනම වනුයේ නිශ්චිත වශයෙන්ම මිනිසුන් විසින් ස්වභාව ධර්මය වෙනස් කිරීම. මිනිසාගේ බුද්ධිය වර්ධනය වී ඇත්තේ ඔවුන් ස්වභාව ධර්මය වෙනස් කිරීමට උගෙන ගෙන ඇති ප්‍රමාණයට, මිනිසා ස්වභාව ධර්මය මත ප්‍රතික්‍රියා කර පරිසරය වෙනස් කිරීම සඳහාත් තම පැවැත්ම සඳහාත් නව කොන්දේසි නිර්මාණය කරනවා'' මෙම තත්වය අධ්‍යයනය කළ බටහිර සමාජවිද්‍යඥයන් තාක‍ෂණය ශිෂ්ටාචාරය යනුවෙන්, කලා නිෂ්පාදනය සංස්කෘතිය ලෙස නිර්වචනය කළා.

1. මානව අදහස් හා ආකල්පවල පොදු සබඳතා හා මානසිකත්වයේ පොදු තත්වය.
2. සමාජය තුළ බුද්ධිමය සංවර්ධනයේ පොදු තත්වය
3. කලාව හා සාහිත්‍යයේ නව ප්‍රවණතා

සංස්කෘතික සංකල්පවල මානුෂික ස්වභාවය උක්ත නිරූපණයෙන් පැහැදිලි වේ. ද්‍රව්‍යමය-බුද්ධිමය හා මානසිකත‍වයේ සකල ජීවන මාර්ග අත්පත් කරගන්නා පොදු ජයග්‍රහණ ශිෂ්ටාචාරය ලෙස අර්ථ ගැන්වේ. ස්වභාව ධර්මය තමනට අවැසි ලෙස වෙනස් කිරීමට ශ්‍රම භාවිතය හා එමගින් උත්පාදනය වන තාක්ෂණික කුසලතා මගින් බුද්ධිමය හා කලාත්මක ප්‍රඥාව පහල කර ගැනීම ශිෂ්ටාචාරයැයි මානව විද්‍යාත්මක ප්‍රවේශයකින් නිර්වචනය කළ හැක. නව සොයායාම් අනුව වෙනස් වන විශ්වාස, නිදහස් භාෂණය, පෙරටුගාමී සිතිවිලි, සාමූහික ක්‍රියාකාරකම්, ප්‍රේමය, සුසංගත කලා නිර්මාණ හා ප්‍රකාශනය යුගයට සාපේක්ෂ මානව හැසිරීම් රටා කලානුරූපව පරිවර්තනය වෙමින් ප්‍රවාහයක් ලෙස ඉදිරියට ගලායාම සංස්කෘතිය යැයි අර්ථ ගැන්වේ. සෑම පරම්පරාවක්ම පැරණි සමාජ සම්ප්‍රදායන් ප්‍රශ්න කරමින් සීමා අවස්ථාවලට අභියෝග කර කලානුරූපව හැඩ ගැසීම ශිෂ්ටාචාරයේ මාර්ගඵලය වේ. මානවයා සමාජ සත්වයෙක්. අනෙකා සමග අන්තර් -ක්‍රියාකාරීත්වයේදී ශික්ෂණය හෙවත් ශීලාචාරවීම අත්‍යවශ්‍ය සාධකයක්. මන්ද ප්‍රචණ්ඩකාරීත්වය අවමානුෂික ස්වභාවයක්. තවද සංස්කෘතිය ඔබේ උත්පත්තියේ උරුමයක් නොවේ. එය ස්ථානීය සමාජ අධිකාරිය මනසට කාවැද්දූ මූලධර්ම හා අගයන්.

අනාගත කම්පනය

ඇල්වින් ටොෆ්ලර් විසින් රචිත Future Shock ග්‍රන්ථයට අනුව ගෝලීය සංස්කෘතිය ලෝක සිතියම පුරා දලූදමා වැඩී යන්නේ උතුරු-දකුණු හෝ නැගෙනහිර - බටහිර අතර අරගලකාරී ස්වරූපයෙන් නොවේ. එහෙත් වෙළඳපළ ආධිපතිධාරී රාජ්‍යයන්ගේ පරිභෝජන මතවාදය වැඩවසම් සම්ප්‍රදායික රාජ්‍ය මත පතිතවීමෙන් පරිවර්තනය උදෙසා මූලධර්මවාදය හා සංකරභාවය අතර අරගලය ඉස්මතු වේ. එය එක් ඉමක සංස්කෘතික අරගලයක් මෙන්ම සම්පත් අත්පත් කරගැනීමේ බල දේශපාලනික අරගලයක්. ශිෂ්ටාචාරයේ ප්‍රථම උදම් රළ මතුවුනේ කෘෂිකාර්මික සංවර්ධනයෙන්. දෙවන අවස්ථාව උදාවූයේ කාර්මිකකරණයෙන්. තුන්වන උදම්රළ නැගීආවේ තොරතුරු තාක‍ෂණයේ සංවර්ධනයෙන්. ඔබ-අප ජීවත්වන යුගයේ කෘෂිකාර්මික ජාතීන් ගෝලීය සමාජ පතුළේ තැන්පත් වී ඇති අතර, මධ්‍යයේ කාර්මිකකරණය වූ රාජ්‍ය ද, උඩමාලයේ තොරතුරු තාක්ෂණයේ දැනුම පදනම් වූ රාජ්‍යයන් වැජඹේ. ඇතැම් රාජ්‍ය තුළ මෙම තත්වයන් තුනේම සංකලනය වේ. ''බටහිරකරණය ස්වර්ගයට හෝ අපායට යන ඒකායන මාර්ගය නොවේ. අප එකිනෙකාට එකඟ නොවේ. එහෙත් අපට එකිනෙකා තේරුම් ගත හැක. පැරණි හා නව ප්‍රවණතා ගෝලීය සංස්කෘතිය පරිවර්තනය කරනවා. මෙම සන්දර්ශනය තුළ පැරණි සංස්කෘතිය නව ජවයක් ලැබ ගෝලීය සංස්කෘතියේ කොටසක් ලෙස ඉස්මතු වේ. මෙම විපර්යාසය තුළ සම්ප්‍රදායික ජාතික රාජ්‍ය අභාවයට යමින් සිටිනවා.”

ගෝලීය තරුණ සංස්කෘතිය

ගෝලීය තරුණ සංස්කෘතිය සංකල්පය උපත ලබා සංවර්ධනය වුයේ බටහිර සමාජ ගර්භාෂයේ. එම සංකල්පය ප්‍රවාහයක් ලෙස විවෘත ලෝක සිතියම පුරා පැතිරගියේ ප්‍රාසාංගිකව. අද ගෝලීය සංස්කෘතිය ආගමික - භාෂා - වාර්ගික සීමා ඉක්මවමින් සමානුපාත වෙමින් කිසිදු ව්‍යාකූලත්වයකින් විවිධත්වයේ විචිත්‍රත්වය විදහා දක්වමින් නිව්යෝර්ක් නගරයේ වීදිවලට සමාන්තරව මුම්බායි වීදිවල තායිලන්තයේ බැංකොක් නගරයේ මෙන්ම කොළඹ පුරවරයේද සැරිසැරීම පොදු දර්ශනයක්. පටු භූකලාපවල හුදකලාවූ සම්ප්‍රදායික පැරණි සමාජ සංකල්ප නිරතුරුව අලූත් පරම්පරාව නව හැඩතල මගින් අභිභවනය කරනවා. මාධ්‍ය, ඉන්ටර්නෙට්, ඩිජිටල් තාක‍ෂණය හා සංචාරය ගෝලීය සංස්කෘතියේ මෙවලම්. නව මෙවලම්වලවල ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ වෙළඳපළ පරිභෝජන මතවාදයේ පෙළඹවීම් මත. එය දැවැන්ත පිම්මක් ගෙන හිස් අවකාශයේ සැරිසරනවා. ලොවපුරා සෑම වීදියකම හැඩකාර යෞවනයට රිද්මය කවන සංගීතය හා නර්තනය හිප්හොප්, සල්සා, සම්බා, ටන්ගෝ, බංගාරා, ලම්බාඩා, ලිංගභේදයෙන් තොර ඇඳුම් විලාසිතා ඩෙනිම් ජීන්ස්, බේස්බෝල් හැට්, ටී ෂර්ට්ස්, ඩෙක්ෂූස්, මානසිකත්වය හා වින්දනය හැඩගස්වන තරඟකාරී මාධ්‍ය ඉසව්, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් මෙවලම්. ගෝත්‍රික මුදුමාල, මෙහෙන්දි රටා, ශරීර පින්තාරු, තාරුණ්‍යයේ විවෘත ප්‍රකාශන වේ. එය නව ජීවන දැක්මේ හා පොදු සමාජ අගයන්ගේ පරිවර්තනයයි. පැරණි සමාජ සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාවලිය පසුබෑමට ලක්ව ඇත. විලාසිතා අනුකරණය, නව හැඩතල හා රිද්ම නිර්මාණය සෑම දෙයක් සමගම සබඳතා ගොඩනගනවා. පවුලේ සාමාජිකයන්ට වඩා සමවයසේ මිතුරන්ට සමීප වේ. සත්‍ය සෑමවිටම නිෂ්පාදනය කරන්නේ මාධ්‍යය. තොරතුරු තාක‍ෂණයේ නව සොයායාම් මගින් දැනුම වේගයෙන් වෙනස් වෙමින් සංවර්ධනය වේ. එම වේගයට සමාන්තරව තාක‍ෂණිකව හා ගෝලීය ඥාණය ප්‍රසාරණය වෙමින් පැරණි පරපුර අභිබවා අලූත් පරම්පරාව වේගවත් රිද්මයකින් පරිභෝජන මතවාදය ලූහුබඳී. පසුගිය දසක තුන තුළ ලොවපුරා සිදුවූ විපර්යාසය එයයි. තාක්ෂණය ළඟා නොවූ, මාධ්‍ය නාලිකා යහමින් ක්‍රියාත්මක නොවන දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පවා Fm රේඩියෝ, අදහස්, කටකථා මගින්ද පුරවර ආශ්වාදය විසින් ඔවුන්ගේ සවනට මුහුනන්නේ ගෝලීය තරුණ සංස්කෘතියේ වින්දනයයි.

Fusion - සංස්කෘතික සමමිශ්‍රණය

ගෝලීය තරුණ සංස්කෘතිය සෑම දේශයකම පැරණි සංස්කෘතීන් මගින් ඉහළ නගියි. විවිධ හැඩතල නිර්මාණය කරමින් උප සංස්කෘතියක් ලෙස වේගයෙන් වර්ධනය වේ. එය සංස්කෘතික සමමිශ්‍රණය ලෙස අරුත් ගැන්වේ. රැප්-හිප් හොප් සංගීත හා නර්තන පිළිසිඳගත්තේ නාගරික පැල්පත්වාසී අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතික තරුණ පරම්පරාවේ විරෝධතා ප්‍රකාශනයක් ලෙස. එය අමෙරිකානු හා යුරෝපා කොමියුනයේ මධ්‍යම පංතික සුදු තරුණ-තරුණියන් ඉතා වේගයෙන් වැළඳ ගැනීමෙන් ලෝක ගෝලය මත වර්ණභේදවාදයෙන් තොර විවෘත වෙළඳපොළක් නිර්මාණය කළා. ඉන්දියානු ස්ත්‍රියගේ දෑත වර්ණවත් කළ මෙහෙන්දි රටා ලොවපුරා තරුණියන්ගේ දෑතේ අලංකාර මෝස්තර මවමින් ගෝලීය පොදු සංකේත නිර්මාණය කළා. අමෙරිකානු බේස්බෝල් තොප්පිය ලොවපුරා මානව-මානවිකාවන්ගේ හිස මත පතිත වී මානවීයත්වයට නව ස්වරූපයක් එකතුකළා. ලොව පුරා තාරුණ්‍යය නව ජවයක් ගෙන ටෙලිවිෂන් වැඩසටහන් මගින් වීර ක්‍රියාදාම වෙත තරඟකාරීව යොමුවුණා. එහිදී දැනුම සඳහා සම්ප්‍රදායික ආයතන ලබාදුන් සහතික පත්‍රවලට වඩා ධෛර්ය හා ශක්තිය ප්‍රයෝජනවත් වුණා.

ඉලෙක්ට්‍රොනික තොරතුරු තාක‍ෂණයට සමජාතීය බලයක් හා ප්‍රවේශයක් ලබාදී ඇත. ආසියා, අප්‍රිකා-ලතින් නූතන සම්ප්‍රදායන් - ආදිවාසී සංස්කෘතීන් සමග සම්මිශ්‍රණය වී ඉලෙක්ට්‍රොනික තාක‍ෂණයේ විශේෂ ප්‍රයෝග හා ව්‍යවහාර ලෙස පරාවර්තනය වේ. සංස්කෘතික සමමිශ්‍රණයේ ගර්භාෂය අමෙරිකාව හා යුරෝපා කොමියුනය. එහි ජාති-වාර්ගික විවිධත්වය සුසංයෝගී සංස්කරණය මගින් සියලූ සංස්කෘතීන් ප්‍රතිනිර්මාණය කොට සමමිශ්‍රණයෙන් නව ලෝකය නිෂ්පාදනය කරයි. එය ඉතා රිද්මයානුකූලව අනෙක් මහද්වීපවල නව තොටුපළ සොයා යාත්‍රාකරනවා. වාර්ගික අනන්‍යතා සම්ප්‍රදායන්ගේ මූලයන් විසින් නව සංස්කෘතිය හැඩ ගැසුනා. ඇතැම් ස්ථානවල මෙම සියවස මධ්‍යහනයේදී පැරණි සම්ප්‍රදායන් අතුරුදහන්වීමේ ලක‍ෂණ පහළවී ඇත. අද්‍යකාලීන ගෝලීය ජනයා භාෂා විශේෂ 6000 ක් පමණ ව්‍යවහාර කරනවා. එහෙත් වර්ෂ 2100 වනවිට මෙම භාෂා අතරින් 3000 ක් පමණ අතුරුදහන් විය හැකියැයි මානවවිද්‍යාඥයෝ විශ්වාස කරනවා. භාෂා අතුරුදහන්වීමට සමාන්තරව පැරණි සංස්කෘතීන් ද වඳ වේ. එය මානව පරිනාමයේ ඓතිහාසික ධර්මතාවයයි. වැඩවසම් ආගමික මතවාද මෙතෙක් මෙහෙයවූ රාජ්‍ය ගිලන්වී විවිධ රෝගාබාධ වැළඳී ආතුරවී ඇත. ඉන්දීය - අප්‍රිකා - ලතීන් රාජ්‍ය තුළ පැරණි සංස්කෘතික අන්‍යන්‍යතා සම්මිශ්‍රණය වී එකෙක් අනෙකා සමග සහවාසයට කැඳවා ඇත. හොලිවුඩ් හා බොලිවුඩ් සිනමාව - MTV චැනලය සංස්කෘතියේ ක්ෂේම භූමි ලෙස මානව-මානවිකාවන් නව වීරයන් හඳුන්වා දුන්නා. සමමිශ්‍රණය තුළ සංස්කෘතිකව දුරස්ථ වූ එකෙක් - අනෙකාගේ මූලයන් මැනවින් හඳුනාගෙන එය තම ජීවිතය තුළට වැද්දගන්නේ කිසිදු චකිතයකින් තොරව. එහෙත් පැරණි පරම්පරාව මෙම සංස්කෘතිය සමමිශ්‍රණය ද්වේශයෙන් හෙළාදකිනවා. එය ඔවුන් තුළ මානසික ආතතියක් ඇතිකොට අනාගතය පිළිබඳ සංකාවක් නිර්මාණය කරනවා. එහෙත් සත්‍යය නම් පැරණි සම්ප්‍රදාය එය විසින්ම ඇතිකරන පීඩා හා සීමා අවස්ථා තුළ මිය යනවා. ආගම් - භාෂා - වාර්ගිකත්වය තුළ තවදුරටත් සිරගතවීම ගෝලීය තරුණ සංස්කෘතික සමමිශ්‍රණයේ අභිලාෂ නොවේ.

ගෝලීය පරිභෝජන මතවාදය මෙහෙයවන මාධ්‍ය ජාලයෙන් වැඩි කොටසකට හිමිකම් කියන්නේ අමෙරිකානු පාරජාතික සමාගම්. General electric, AT and T media, Disney, Time Warner, Sony, News Corporation, Viacom and Seagram, Bertelsmann එම මාධ්‍ය දැවැන්තයෝ. මෙම මාධ්‍ය සමාගම් ගෝලීය ක්‍රීඩකයන් හා නළුවන් ලෙස ඉස්මතුවෙමින් තාරුණ්‍යය තම මතවාදය තුළට ආකර්ශණීයව ඇද ගැනීම සඳහා දඟකාර හා හැඩකාර තරඟ ඉසවු නිර්මාණය කර නව අවස්ථා හා අපේක‍ෂා ජනනය කරනවා. ලොවපුරා ස්ථානීය මාධ්‍ය සමාගම් එහි අනුකාරකයන් ලෙස පරිභෝජන මතවාදය ප්‍රවර්ධනය කොට තාරුණ්‍යය තරඟකාරීත්වයට කැඳවනවා. හොලිවුඩ් සිනමාව අමෙරිකානු දේශපාලනය හා නව ලිබරල් මතවාදය ප්‍රචලිත කිරීම සඳහා වීරයන් නිෂ්පාදනය කරන අතර, බොලිවුඩ් සිනමාව තර්නතනය හා සංගීතය මගින් වීරයන් නිර්මාණය කරනවා. ඒ සඳහා වෙළඳ සමාගම් විශාල මුදලක් ආයෝජනය කර නව පරපුරේ වීරයන්ගේ සංචිතය ප්‍රසාරණය කරනවා. වත්මන් සෑම වීරයෙක්ම සමාගම් ප්‍රාග්ධනයෙන් හැඩ ගැසූවෝය. ක්‍රීඩකයන් - නළු නිළියන් බොහෝ වෘත්තිකයන් කඩවසම් හා රූමත්කම සෑම සමාගමකම වෙළඳ සන්නම් ප්‍රචාරණය සඳහා කොන්ත්‍රාත්තු ලබාගන්නා අතර එම වෙළඳ ප්‍රවර්ධකයා වීරයා ලෙස සමාජය තුළ ලියාපදිංචි වේ. සෑමවිටම ඔවුන් වෙළඳ සන්නම් ස්ථානීය සංස්කෘතිය තුළ ආරෝපණය කර මුළු මහත් සමාජයම පරිභෝජනයට පොළඹවනවා. ඉංග්‍රීසි භාෂාව අද ගෝලීය තාරුණ්‍යයේ ප්‍රකාශනයයි. එය පාරජාතික සමාගම්වල පරිභෝජන භාෂාවයි. දේශපාලනයේ භාෂාවයි. මාධ්‍ය භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොවපුරා රාජ්‍යයන් හා නිර්රාජ්‍ය ආයතනවලට මූල්‍ය ආධාර ලබාදෙනවා. දකුණු කොරියාව, චීනය, ඉන්දියාව, පිලිපීනය, රුසියාව, මොන්ගෝලීයාව, අප්‍රිකාව ඉංග්‍රීසි දෙවන භාෂාව ලෙස නිල වශයෙන් පිළිගෙන ඇත. මැක්ඩොනල්, KFC වැනි සුපිරි අවන්හල් ෂොපිංමෝල් ඉංග්‍රීසි භාෂාව හසුරුවන විවෘත පාසල් ලෙස පෙරමුණ ගෙන සිටී.

වෙනස වටහා ගැනීම.

1. මනෝවිද්‍යාත්මක අවශ්‍යතා, කුසගින්න, පිපාසය, සුවපහසුව
2. ආරක්ෂාව, සුරක්ෂිතභාවය, නිදහස
3. අයිතිය, ආදරය, සබඳතා හා අපේක‍ෂා
4. සැලකිල්ල, ගෞරවය, ජයග්‍රහණ, තරඟකාරීත්වය

සෑම මානව - මානවිකාවකගේම මනෝවිද්‍යාත්මක අවශ්‍යතා පොදුබව දක්නට ලැබේ. එහෙත් අනෙක් දෑ සමාජයක පදනම් මතවාද සම්ප්‍රදාය හා මෙහෙයුම් ක්‍රියාවලියට අනුව වෙනස් වේ. සම්ප්‍රදායික සංස්කෘතිය විසින් පටු සීමා තුළ රාමුගත කළ සමාජ අගයන් ඉක්මවා යමින් මනුෂ්‍යත්වය තුළින් ආදරය, අයිතිය, සබඳතා ඇතිකර ගැනීමට නව පරපුර වෙහෙසෙනවා. තම නිදහස පැවැත්මට හා ආරක‍ෂාවට සම්ප්‍රදාය බාධාවක්වූවිට එයට අභියෝගකර ප්‍රතික්ෂේප කරනවා. අද්‍යකාලීන තරුණයා සංස්කෘතිය තුළ වූ මතවාද තම ජීවිතයට වැදගත්වන්නේ කුමන අයුරින්දැයි ප්‍රශ්න කරනවා. සම්ප්‍රදාය තුළ දීනවීමට නොව සැලකිල්ල, ගෞරවය, හා අභිමානය සොයායාමට තරඟකාරීත්වය තුළින් ජයග්‍රහණය අපේක‍ෂා කරනවා. අවනතවීම නොව වීරත්වය ප්‍රදර්ශනය කරනවා. ස්ත්‍රී - පුරුෂ විභේදනය අභිබවා-කුසලතා දක‍ෂතා ඉදිරියට ඇදෙනවා.

නිගමනය

ගෝලීය සංස්කෘතිය තුළ පොදු පරමාර්ථ හා අභිලාෂ යටපත් කරමින් තනි පුද්ගල අරමුණු හා අපේක්ෂා ජීවිතය හැඩගසනවා. පරිභෝජන මතවාදයේ පදනම වන්නේ පොදු මිනිසා කැබලිවලට ඉරාදමා තනි පුද්ගල චරිත ලෙස සටන් බිමට කැඳවීම. හුදකලා චරිත සටන්වදින්නේ ස්වයං ආරක‍ෂාව හා අනාගතය උදෙසා මනෝරූප සමඟ. මෙම උපාය මාර්ගයේදී තනි පුද්ගලයා හුදකලා සටන් කරුවෙකු වන අතර ඔහු නිරතුරුව අභියෝගකරන්නේ පොදු සමාජයට. තනි පුද්ගල සටන්කාමය තුළ දේශපාලන ඥාණය හා ජවය ගිලිහී මුදල් හා සම්පත් අත්පත් කරගැනීමේ අරගලය දිග්ගැසෙනවා. එහෙත් තමා පොළඹවන්නේ. කවරෙක් කුමක් සඳහාද යන්න ඔහුට හෝ ඇයට සදාකාලික ගැටළුවක්. මන්ද පරමාර්ථ හා අභිලාෂ ස්වරූපය නිරතුරුව වෙනස් වෙමින් පුද්ගලයා වටා මෙන්ම සමාජය වටාද භ්‍රමණය වෙනවා. එමගින් සමාජය සංකීර්ණ වී පුද්ගලයා පටු වෙනවා.

මහා නගරයක ඔබට තෝරාගැනීමක් නැහැ. සංකාව දැනෙනවා. ග්‍රාමීය මුග්ධභාවයෙන් මිදීමට ඔබ ප්‍රවේශවී සිටින්නේ පුරවර ආශ්වාදයට. එහි ඇති යථාර්ථය Hyper-reality නිර්මාණය කරන්නේ සමාගම් ජනමාධ්‍ය හා ප්‍රචාරක පුවරු. එහෙයින් ඥාණය පරිභෝජන භාණ්ඩයක්. ඥාණය හා තාක්ෂණය එකට වෙලී ඇත. ආර්ථීකය මිනිසාගේ පුද්ගලත්වය ගොඩනගන බලවේගය. එමගින් නිර්මාණයවන පුද්ගල ජීවිතවල මතුපිට ලක්ෂණ ස්පර්ෂකිරීම කලාව යැයි හඳුන්වනවා. එමෙන්ම පුද්ගලභාවය ස්වාධීන සංකල්පයක් නොවේ. එය ගැට ගැසී ඇති පෙකෙනිවැල සන්නිවේදන වෙළඳපළ.

අද අපේ වෙළඳපළ තුළ ප්‍රාසාංගිකව අවදිවන්නේ ගෝලීය සංස්කෘතිය. සෑම තැනම රාජ්‍ය හා සමාගම් මාධ්‍ය අපට ප්‍රදානය කරන්නේ සමජාතීය සන්නම් සහිත විනෝදය - ආහාර හා සන්නිවේදනය. එහි තේරුම ගෝලීය පුරවැසි සංස්කෘතික අභිලාෂවල සමාන්තර රූපී ස්වභාවය. ඇතැම්විට ඔබ එයට එකඟ නොවේ. මන්ද අප ස්ථානීය ලෙස වැඩී යන්නේ වෙනස් මතවාද, පුජකාරාම, වෙනස් දේශපාලන පෙළඹවීම්, වෙනස් සිරිත් විරිත් මත. එහෙත් සන්නිවේදන තාක්ෂණය ඒ පටු සීමා බිඳ දමා ඔබව කැඳවා යන්නේ ග්‍රහලෝක ශිෂ්ටාචාරයට. ඔබ ඒ අවකාශයේ සංස්කෘතික මිනිසා ද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Planetary Phase of Civilization, General electric, AT and T media, Disney, Time Warner, Sony, News Corporation, Viacom and Seagram, Bertelsmann, Globalization
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
අරුන්දති මෙහෙම කියනවා :
වටිනා අදහස් කිහිපයකි. ලියූ ඔබට තුති.

කිවුව වෙලාව- 2010-03-23 05:17:03
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුනිල් රණසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
එබෝලා සහ සමාගම් වසංගතය
පරිවර්තන
මීනාට
අදහස්
නිහැඬියාව බිඳිමු..... ජීවිතය සොයා යමු.....
වෙසෙස්
පෘථීවිය සංවර්ධනය කර ජනතාව විකුණා දැමීම
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
සොක‍්‍රටීස් කියයි.
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook