Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
නල්ලූර් හි රන් දෙවොල දුටිමි.
බූන්දි, 00:22:08
මම යාපනයේ අභිමානය ඉදිරිපිට සිටගෙන සිටිමි.

ඉපැරණි යාපනයේ අගනුවර මැද සිට සියවස් දහයක් තිස්සේ රජවරුන්ද , සෙන්පතියන්ද , වැසියන්ද, වහලුන්ද, විමුක්තිකාමීන්ද, දේශපාලකයින්ද, ආක්‍රමණිකයින්ද, මැති ඇමැත්තන්ද, සෙබළුන්ද අනේක විධ භූමිකාවන් රඟනයුරු දකින්නට ඇති, ජයග්‍රහණයන්ද පරාජයන්ද, ලේ ද, කඳුළු ද දරන්නට ඇති නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට සිටගෙන සිටිමි. විටෙක මහා පරාක්‍රමබාහු රජු විසින්ද විටෙක පෘතුගීසින් අතින්ද තවත් විටෙක සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසද බිඳ හෙළුණු මේ රන් දෙවොල බැස යන හිරුගේ රන් රැසින් නෑවෙමින් අළු මතින් නැගී සිට මා දෙස බලා සිටියි.

ද්වාර පාලක රූප දෙකකින් ආරක්ෂිත ඇතුළු වීමේ දොරටුව හා සීනු කණු හයක් මත ගොඩනැගුණු අංගනය විසිතුරු චිත්‍ර වලින් හා කැටයමින් ගැවසී ගනියි. ඉන් අනතුරුව ශිව, පාර්වති, ගණ, ලක්ෂ්මි, භද්‍රකාලි යන සියළු-

-දෙවිවරුන් වැඳුම් පිදුම් ලබන දෙවොලයි.

ඊසාන දෙසින් සිදම්බරම් මණ්ඩපයද උතුරින් නාන්දවනම් වසන්ත මණ්ඩපයද නැගෙනහිරින් යාග මණ්ඩපයද දකුණු පසින් තීර්ත කේනි මණ්ඩපයද තනා ඇත්තේ මණ්ඩාලය ශෛලියටය. දෙවොල මැද, තඹ කැටයමින් විභූතිමත් කරන ලද දොරටු සතක් එපිටින් දේව රූප දිස් වෙයි. වේට්ටියෙන්ද පූන නූලෙන්ද සැරසී ගත් පූජකවරුන් පූජා වතාවත් පවත්වන අතර උඩු කය නිරුවත් පිරිමි සහ නෙක පැහැ සාරි වලින් සැරසුණු කාන්තාවෝ බැතිබරව වැඳ වැටෙති; නමස්කාර කරති.

මම විසිතුරු චිත්‍රයෙන් හැඩ වුණු පියසි යටින් අලංකාර මණ්ඩප දෙසට ඇවිද යමි. සිදම්බරම් මණ්ඩපයෙහි සුවිසල් නටරාජා චිත්‍රයේ ජීවමාණ බව මට සෙසු සියල්ල අමතක කරවා මා ඒ වෙත බැඳ ගනියි. මේ වර්ණවත් පියසි , කැටයම් බිත්ති, වෙසෙසින් වැඳුම් පිදුම් ලබන දෙවිවරුන් නිවසන අලංකෘත ආගාර , ඝන්ඨා , සීනු නාදයෙන් රැළි නැගෙන සුවඳ දුමින් පිරි මද පවන, මට මා මිහි පිට සිටින බැව් අමතක කරවා වෙනත් ලොවක‍ට ගෙන යයි.

මම නිහඬ වෙමි. මගේ සිත අවට ශබ්ද වලින්ද රූප වලින්ද ක්‍රමයෙන් මිදෙනු මට දැනෙයි. මේ ආශ්චර්යය මට යමක් කියන්නට උත්සාහ දරණු මට හැඟෙයි. එවිට මට මතක් වන්න‍ට පටන් ගනියි. සියවස් ගණනාවක් තිස්සේ මා මෙතැන වන්දනා කළ අයුරු මට සිහිවෙයි .... මා නැවත පැමිණ ඇත. මම විස්මයට පත්ව යළිදු ශාන්තියට පත්වෙමි.

දෙනෙත් හැර බලන මට “හරෝ හරා” හඬ නගන බැතිමතුන් පෙනෙයි. ඒ අතරෙහි දකුණෙන් ආ පිරිසක් ද වෙයි. වරෙක කිරිබත් කා සිංහ කොඩිය බැඳගත් ඉණ වට, ඇඳ හුන් කමිසය ඔතා ගත්, මත් පැනින් ඇස් රතුවූ තරුණන් ද ඒ අතර වෙයි.

දකුණේ නඩයේ වියපත් සිංහල මවක ද්‍රවිඩ බසින් ගැයෙන යාතිකාවකට දෑත් බැඳ ගනියි. ඇය අසලම හඬ නගා භජන් ගයන දමිළ මවකි. මම විස්මයෙන් ඇළලී යමි. ඒ මුහුණවල් සමානය. ඒවායේ භක්තිය, කරුණාව, බලාපොරොත්තු, සංතුෂ්ඨීන් සහ සැඟවූ වේදනා එක බඳුව පිළිබිඹුවේ. ඔවුන් යදින භාෂාවන් වෙනස්ය. එහෙත් ඒ යැදුම එකකි. වඳිනයුරු වෙනස්ය, එහෙත් ඒ භක්තියේ තරම එකකි. එකම වෙනස නළලෙහි ගෑ තුන්නූර් හා කුංකුමය.

මම එන්නට හැරෙමි.
"මා මෙතැනට අයිතිය." යළිත් මට සිහිවේ.

නල්ලූර්- යාපනය
11/03/10
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nallur, Jaffna, Sri Lankan Ethnic Clashes
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
JJE මෙහෙම කියනවා :
යාප‍නයේ සංචාරය හුදු විනෝද ගමනකින් ඔබ්බට ගෙන යන්නට කල්පනා ගේ මේ වියමන් අත්වැලක් සපයනවා කියලා මට හිතනවා.. බොහෝ කාලයක් ඈත්ව සිටි සංස්කෘති දෙකක් ළං කරන්නට.. එකිනෙකා ගැන වඩා වැඩි අව‍බෝධයක් ලබා ගන්නට මේ සටහන් වලින් කෙරෙන පෙළඹවීම ඉතා විශාලයි..



කිවුව වෙලාව- 2010-03-15 05:09:22
Sunil Govinnage මෙහෙම කියනවා :
I meant to write to you earlier but this wonderful prose of yours and the emotions that you have tucked in carefully inside your powerful WORDS forced me to send this quick note to say that you have sent me a good (sad?) image of a part of my lost native land and its current situation. "Words are powerful transmitters."


කිවුව වෙලාව- 2010-03-15 01:05:06
Koombiya මෙහෙම කියනවා :
WISHISHTAYI!

කිවුව වෙලාව- 2010-03-15 00:39:00
Sanjeewa Senarathne මෙහෙම කියනවා :
සිංහල නොවන සංස්කෘතීන් වෙනුවෙන් සිංහලෙන් කරනු ලබන මෙවැනි ලිවීම් අත්‍යවශ්‍යය. ඒ සිංහල අයට දැනගැනීම සදහා නොව අවසානයේදී කියන පරිදි මේ සියල්ල එකක් බවට වන අදහස ඇතිවීම වෙනුවෙනි.
ඉතාම සීමාසහිත දේශපාලන යැයි කියා ගන්නා සීමා වලින් වෙන් කර ඇති මේ සිංහල දෙමළ කතාව , එහෙමත් නැත්නම් සැබැවින්ම දෙකක්ව ඇති බොරුවට එකතු කරන්නට හදනා මේ සිංහල දෙමළ දේශපාලන කතාවට වඩා සුන්දර ....

සුන්දර යන වචනය භාවිතා නොකර ගැඹුරු.... වසර දහස් ගණනක සංස්කෘතිකමය බරසාරභාවය ලියා ඇති ආකාරය ඉතාමත් විචිත්‍රය. හුදෙක් ලිවීමේ උවමනාවෙන් නොවී අත්විදීමේ නිමේෂයන් අප වෙත ලබා දී ඇති ආකාරයට ස්තුතියි කල්පනා..

මෙම ලිවීම ඉතාම වැදගත්ය. යාපනය යන්නෝ යන්නේ කුමක් සදහා ද යන්න ගැන වෙනස් විවරනයක්ද මෙයින් ලැබේ. මේ එකතුවීම , මේ යාම අත්‍යවශ්‍යය. මෙවැනි අදහස් වල ඇති අය නොයා එය නොලියා.. පසුගිය දශක 3 සේම සම්බන්ධකම් නැතිව ඉන්නද?

[@ BLive : Monday, March 15, 2010 7:41 AM]


කිවුව වෙලාව- 2010-03-15 00:30:13
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook