Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි, 04:39:49
මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති නිර්මාණය කරන්නටත් මනුෂ්‍යයෝ උත්සුක වෙත්. සොබාදහමේ රූ රටා හා එහි ඇති සියුම් චලනයන් පවා ග්‍රහණය කොට ගෙන ඒවා කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සාහිත්‍ය කලා ආදියෙහි නිරතුරු ව දැකිය හැකි ය. චිරන්තන සිංහල සාහිත්‍යය පුරා ම එම නිර්මාණකරුවන් හා සොබා දහම අතර පැවති අන්‍යෝන්‍ය ළබැඳියාව පිළිබඳ සාක්ෂි දැකිය හැකි ය. සොබාදහම හා ගැටෙමින් එය ජය ගැනීමට වෙර දරණ යුරෝ කේන්ද්‍රීය චින්තන මාදිලියට පෙරාතුව ඉන්දු උප මහද්වීපය පුරා පැතිර පැවති චින්තනය නම් සොබාදහම හා මෛත්‍රී පරවශ ව කටයුතු කිරීමයි. සොබාදහම ජය ගැනීම වෙනුවට ඊට අනුගත ව ඒ හා මිතුරු ව වෙසෙමින් එහි ඇති නැතක් සාර ඵල උකහා ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ ජීවන ප්‍රතිපදාව විය. ඒ සඳහා ඔවුන් මෙහෙයවනු ලැබූයේ පරිසර හිතකාමි චින්තන මාදිලිය යි. කාර්මික කරණය හා ධනවාදී ලෝක පර්යාය විසින් සොබා දහම හා මිනිසා අතර වූ ඒ පෑහීම නොපෑහීමක් බවට පෙරළන ලදි. ඊට එරෙහි ව විවිධ ජන කොටස් විවිධ අවස්ථාවල කළ අරගල ද බොහෝ ඇත. උතුරු ඇමරිකානු රතු ඉන්දියානු ගෝත්‍රික නායක සියැටල් වොෂින්ටනයේ සිටින ජනපතිවරයාට යැවූ සංදේශය සොබාදහම හා මිනිසා අතර ඇති සබඳතාව ඉතාම ප්‍රබල ලෙස භාෂාගත වූ එවැනි අවස්ථාවකි.

හෙතෙම මෙසේ ලියයි.

''.....සුවිසල් වොෂින්ටන් නුවර සිටින ප්‍රබල සුදු ජාතික නායක තුමා අපගේ ඉඩම් මිළ දී ගැනීමට ඇති ඔහුගේ අපේක්ෂාව ප්‍රකාශ කොට සිටී....

.....එහෙත් නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණිය හැක්කේ හෝ මිළ දී ගත හැක්කේ හෝ කෙසේ දැයි මට නො තේරෙයි. මෙම අදහස අපට නම් අරුමයකි. සුළඟේ ඇති පවිත්‍ර නැවුම් බවත් ජලයේ ඇති ප්‍රභාමත් බවත් අප සන්තක නොවේ නම් ඒවා ඔබ මිළ දී ගන්නේ කෙසේ ද?

මේ මහපොළවේ සෑම බිම් අඟලක් ම මාගේ ජනතාවට පූජනීය ය. සුවිශුද්ධ ය. ළහිරු එළියෙන් බැබලෙන දේවදාර ගස්වල සෑම සිහිල් පත්‍රයක් ම පුළින තලයන්ගෙන් වැසුනු සෑම වෙරළ තීරයක් ම සෑම එළිමහන් බිමක් ම අඳුරින් බර වන පෙත් සිසාරා ඇති මිහිදුම් සළුවක් ම බිඟු නද පතුරන සෑම කුඩා ජීවියෙක් ම මාගේ ජනතාවගේ චිත්ත සන්තානයේ ද අත්දැකීම් සමුදායේ ද ශුද්ධ වස්තූන් වෙති. ගස්වලින් රූරා බසින සෑම දියර බිඳුවක් ම රතු ඉන්දියානු ජාතිය පිළිබඳ මතක සටහන් ඉදිරියට ගෙන එයි.. ''


සියැටල්ගේ දීර්ඝ ලේඛනය පුරා සොබාදහම හා සිය ජනතාව අතර ඇති සබඳතාව ඉතා විචිත්‍ර ලෙස විග්‍රහ කෙරෙයි. මෙලෙස ලොව පුරා ම සොබාදමෙහි අසිරි සිරි විවිධ සාහිත්‍ය කලා ආදියෙහි ප්‍රතිනිර්මාණය වී ඇති අයුරු මනරම් වේ. මිනිසා ද ඇතුළත් සොඳුරු සොබා දහමේ අගය මැනවින් දැනෙන්නෝ සංවේදී මනුෂ්‍යයෝ වෙත්. ඔවුහු ඒ සොඳුරු වේදයිතයන් මතු පරපුරට ද උරුම කර දෙන්නේ මැයි. මේ එවැනි තැතකි. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත මේ ගීය සොබාදහම අපට දී ඇති අර්ඝණය කොට නිම විය නො හැකි දායාද සමූහය පිළිබඳ වැකි සිතුවමෙක් ම වෙයි.

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරි ම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටම යි....


ඝර්ම කලාපීය රටක දිවි ගෙවන අපට දාවලෙහි සැඩ හිරු රැසින් මිදී උදා වන රාත්‍රිය ගත සිහිල් කරවයි. සිත පුබුදයි. මද සඳ රැස් ඇති රැයක මැදියම් රැය පසු වන නිසළ හෝරාවේ අහස් තලය තරු වියනක් සේ දිලෙයි. මද මද පිනි පොද පතරත් තුරු පත් ළෙලවමින් හමන මද නලත් ගත සිහිල් කර සිත සමාධියෙහි සතපාලයි. ඉඳ හිට අසෙන නිසා සැරි විහඟ හඬකින් හෝ පළඟැටියෙකුගේ වෙණ වැයුමකින් හැර ඒ ධ්‍යානය නො බිඳෙයි. ලොව ම නිදන රාත්‍රියේ නිසා අසිරි සිරියෙන් ඔකඳ වූ හදින් පියෙකු සිය දියණිය අමතයි. මේ නිහඬ සීත රාත්‍රියේ ඇය ඇයගේ සුරතල් සරල ලොවෙහි සිහින දෙව් ලියන් හා කෙළිදෙලෙන් වෙසෙයි. ඒ නින්දේත් නොනින්දේත් ගැටෙමින් සිහින තෝර තෝරා නිදන මොහොතයි. නිදි යහනෙන් පිබිදී දොර කවුළුවලින් මිදී නිදහසේ අවට ලෝකය නැරඹුවහොත් සොබා දහමේ නැතක් ලියකම් සුරුකම් එහි නොනිදා සක්‍රීය ව අවදියෙන් සිටිනු දැකිය හැකි වේ. ඒ සියල්ල මනුෂ්‍ය පැවැත්ම උදෙසා වූ මහාර්ඝ වස්තූන් වේ. මේ සියල්ල ම නිදන්නේ වුව දියණියට ද උරුම ව පවතී. එහෙත් ඇය ඒ බැව් නොදනී. ඇය සුවසේ නිදයි. දුව නිදන මුත් සොබා දහම මනරම් වෙස් ගෙන අවදි ව වෙසෙයි. දොර කවුළුවලින් එපිට ලෝකයෙහි බොහෝ චමත්කාර ජනක දේ සිදු වේ.

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි.
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි.

මේ පොළව කොතරම් සුන්දර ද
මගෙ දු තනියම හිනා වෙයි. . . . .


මැදියම් රැය නික්ම යත් ම සැඳෑවෙහි විකසිත වූ සේපාලිකාවෝ පරිණත ව සුධා ධවල සේලයෙන් සැරහී රක්ත වර්ණ මුත් හර පැළඳ බිමට වඩිත්. ඒ හා සමඟ සේපාලිකා මලින් ගිහිණි මන බඳනා සුවඳ රැස අවට සුවඳවත් කරමින් පැතිරේ. රන් වන් වැලි තෙලෙහි විසිර යන සේපාලිකාවෝ මද සුළගෙහි එල්ලී මුදු දෙපා තබා මද මද ගමනින් ඇවිද යයි. බිම හුණු සේපාලිකා මල් කවියාගේ පන්හිඳෙන් පන ලද අසිරි කොතරම් නම් මනරම් ද?

රාත්‍රියෙහි පොළෝ තලය සිහිල් වුව වැව් දිය සිහිල් වනුයේ ක්‍රම ක්‍රමයෙනි. මැදියම ඉක්ම ගිය පසු වැව් දිය සිහිල් වත් ම මින් රළ දිය කෙළි දියබුං නවතා ඉසිඹුලයි. මස්ටකයෝ දියෙන් ගොඩ විත් ඉවුරෙහි හිඳ ගී ගයත්. වැව් දියෙහි මද මද රැළි නැගේ. රිදි තලාවක් මෙන් පෙතලි වූ වැව් දිය ගැඹරෙහි තරුමල් පිපී දිලිසෙයි. වැව් දිය හා දිදුලන තරු මල් එකිනෙකින් වෙලී බැඳී ඇත. ඒවා වෙන් කළ නොහේ. ප්‍රේමයෙන් ස්නිග්ධ වූ සුපෙම්වතෙකු සිය පෙම්බරිය දෙස හෙලනා නුරා කැලුම් මුසු දෙනුවන් මෙන් තාරකාවෝ බබලත්. නිසළ දියෙහි තරු පිළිබිඹු නැළවෙන යුරු කවියා දුටු හැටි කොතරම් මනරම් ද?

මෙනිසා ම මේ පොළොවෙහි සිරි අසිරි වර්ණනාතික්‍රාන්ත ය. කියා නිම කළ නොහැකි ය. මෙලෙස සොබා දමෙහි නන් විසිතුරු එකි නෙක බැඳී එකිනෙකා හා තරඟ වදිද් දී දුව සිහිනෙන් සිනාසෙයි. ඈ නිදි දෙව් ලියන් හා සිහින ළොවෙහි දඟ කම් කෙළි කම් කෙරෙමින් ගුලි වී නිදයි. ඇයට මේ සොබා සිරි නො පෙනේ. එහෙත් මේ සියල්ල ඇයගේ ද උරුමයයි.

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි.
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ළොවට පෙරළා දිය යුතුයි.

ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොව ම ඔබටත් ආදරෙයි. . . .


රාත්‍රියේ කවුළු පියන් පත් වසා සිතින් හා ගතින් ඝණ අඳුරේ කිමිදෙමින් රැය පහන් වන තුරු අපට නිදිය හැකි ය. එහෙත් අප අවට ලොව අප වෙනුවෙන් තැනූ, මැවූ බොහෝ දේ ඇත. සොබා දහම් දිනිතිය ඒවා අප වෙත අපමණ සෙනෙහසින් මවා ඇත . ඒ දෙස නො බලා ඒ අත් නො විඳ සිටිත් නම් අපි එහි ණය කරුවෝ වෙමු. සොබා දමෙහි නැතක් සොඳුරු රූ රටා අපගේ ඉඳුරන් පිණවයි. සිත සමාධිගත කරයි. දිවි බරෙහි ඉසිඹුලන්ට ඉස්පාසු තනා දෙයි. එය අත් නොවිඳ අඳුරේ ගිලී නිදන්නට ද හැකි ය. මේ සොබා අසිරි විඳ ගත සිත සනහා ගන්නට ද හැකි ය. මේ ලොව අපට අපමණ සම්පත් සාධා දී ඇත. එය මතු පරපුර පිණිස රැක ගන්නවා සේ ම වඩා පෝෂණය කිරීම ද කළ යුතු ය. ගහ කොළ සතා සිව්පාවා මතු නොව දෙව් බඹුන් හා මිනිසුන්ගෙන් යුතු මේ රූ අරූ ලෝක ධාතුවට ම අප ආදරය කරයි නම් ඒ ලොව ද අපට පෙරළා ආදරය ම දෙයි. අප ලොවට දෙන දේ ලෝකය පෙරළා අපට ද දෙනු ඇත යන්න පැරණි චින සුභාෂිතයකි. එය මේ ගීතයේ සාරය කොට පවතී. අවසන් පද කිහිපය ප්‍රචාරකවාදී මුහුණුවරක් ගත්ත ද පියෙකු දුවකට දෙන ඔවදනක් ලෙස ගත් කල්හී එය ප්‍රචාරකවාදි බවින් ගිලිහී පිය සෙනෙහසෙහි සියුම් නිමේෂයක් සටහන් කරයි.

දූවරු බොහෝ සෙයින් පියවරුණට පෙම් වඩත්. පියවරුන්ගේ නො මද ආදර සත්කාරයට ලක් වනුවෝ ද දූ වරු ය. මෙහි රචකයා වු රත්න ශ්‍රී විජේසිංහයෝ ද දෙ දුවරුන්ට මැ පිය වැ වෙසෙත්. මේ ආමන්ත්‍රණය දුවණියක් විෂයෙහි වීම එහිලා සෑම අයුරකින් ම යෙදේ.

පද රචනාව ස්වර වර්ණ සංයෝජනයෙන් ලගන්නා දෘශ්‍ය රූපයක් බවට පත් කිරීමට රෝහණ විරසිංහයෝ ප්‍රයත්න දරා ඇත. බටහිර හා පෙරදිග සංගීත භාණ්ඩ කිහිපයක ආධාරයෙන් සංකීර්ණ වර්ණ සංයෝජනයක් කිරීමට යත්න දරා ඇත. වස්දඬුවේ මන්ද්‍ර තානයත් වයලීනයේ රැළි නැගෙන නිංනාදයත් මුසු කොට ඇත. ඩ්‍රම්ස් හයිහැට් හා තබ්ලාවේ තාල රිද්ම එකිනෙක හා තරඟ වදී. ඉලෙක්ට්‍රොනික ඕගනයේ සීමාවෙන් ඔබ්බට ගොස් මේ පද මාලාවේ මුසුව ඇති හැඟුම් සමුදාය සංගීතයෙන් ප්‍රති නිර්මාණය කිරීමට සංගීත අධ්‍යක්ෂවරයා උත්සාහ දරා නැත. මේ ගේය පද මාලාවේ අරුත් භාරය හා හැඟුම් සමුදාය ස්වර ප්‍රස්තාරයේ පදනම වූවා නම් වඩා සාර්ථක සංගීත නිර්මාණයක් බිහි වන්නට ඉඩ තිබුණි. සොබාදහමේ සිරි අසිරි ස්වර සංකලනයෙන් විදහාපෑමේ සුරුකම් ඇති ලැසි මියැසියෙකු අත මෙම පද වැල පත් වුණි නම් අපට ඇසෙන්නට නියමිත ව තිබූ ධ්වනි සැරිය අහිමි ව ගියේ දෝ හෝයි සංකා උපදී. දිවුල්ගනේගේ හඬෙහි ඇති තත් හා තාල අභිබවා යාමේ ෙඖදාර්ය ගුණය වීරසිංහයෝ ගීතය තුළ හනා වනා නමා නිමවීමෙහි දස්කම් පා ඇත.

අප අවට ලෝකය අපට උරුම වූ සම්පතක් ලෙස ගෙන ඒ හා සහවාසී ව ජීවත් වීම සිතට හා ගතට සහන සාධා දෙයි. එසේ නො වූ කල්හී ගත සිත නිරතුරු වේදනා ගෙන දේ. මේ ගීතය විසින් සම්පාදිත සියළු ලොවට පෙම් කිරීමේ කරුණා සීතල සත් ගුණය මිනිස් දිවිය අරුත්බර කොට පුබුදුවාලමින් ඔසවා තැබිමේ ශක්‍යතාවෙන් පොහෝනා වේ. ඒ සුභාවිත හැඟුම මුළු ලොව සරසයි.



පද රචනය- රත්න ශ්‍රී විජේසිංහ
ගායනය- කරුණාරත්න දිවුල්ගනේ.
සංගීතය- රෝහණ විරසිංහ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mage Duwe Oba Awadiyen Nam by Rathna Sri Wijesinghe, Karunarathna Divulgane, Rohana Weerasinghe
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් එම්. කාරියකරවනගෙන් තවත් වියමන්
වෙසෙස්
"සම්ප්‍රදාය" පිළිබඳ කතිකා විශ්ලේෂණයක්
වෙසෙස්
ඒ. වී. සුරවීර හා බටහිර සාහිත්‍ය විචාරය
පොත්
වත්මන් සමාජ කුනපයට එරෙහිව කුමාර කඹුරුපිටිය ගොනු කළ "පඹයාගේ සාක්කිය"
වෙසෙස්
සාහිත අඹර රිවි එව් විවසුවානෝ- නිති වදනිසුරු සුචරිත ගම්ලතානෝ....
ගී කිය(ව)මු
මේ තරම් සියුමැලි ද කළුගල්....
තවත් ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ආදරය, 'Birth' හි සිට සසර සැරි සරන තෙක්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook