Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Hotel California | ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම
බූන්දි, 23:19:35
1970 තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමය මගින් කලා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය. එයට එරෙහි මිනිසුන්ගේ හෘදසාක්ෂියේ හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස් (Eagles) නම් රොක් සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.

"Hotel California ගීතය තුලින් අප දෘශ්‍යමාන කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”

ඒ Hotel California ගීතයේ රචකයා වූ Don Henley ගේ වචනයි.

On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim


ඒ සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්, ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය. එය ගත සනහන සීත සුළං රැල්ලකි. විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි. මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.

"මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි. එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි."

එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.

Then she lit up a candle and show me the way...

අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවෝ සිටිති. එය, එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.

ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ. මධ්‍යසාරයෙන් ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ. අසහනකාරී බවේ තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී. නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි. (Wake you up in the middle of the night just to hear them say…)

ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ. (We are just prisoners here of our own device).

අවසානයේදී තමන්ට අහිමි වූ තමන්ව ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ. බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දමා ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ. එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගැන්විම පමණි. මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……

Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive
You can check out anytime you like but you can’t never leave…

මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක් වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California නොවේද?

වෙනත් සබැඳි |
Hotel California: What the Song is About
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hotel California, The Eagles' song 1977
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
What's New | අලුතෙන්ම
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook