Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
වළ කපාගෙන ජීවත්වීම
සියලූ සත්වයන්ට පොදු දෙයක් තිබේ. ඒ මරණයට ඇති බියයි. එහෙම වුණත් සිය දිවි නසා ගන්නා අය ද සිටිති. ඉස්සර දිවි නසා ගැනීමට භාවිත කළේ කදුරු ඇට කෑමයි. දැන් එය සයනයිඩ් දක්වා වැඩි දියුණු වී ඇත.
මා කොළඹ සිටි කාලයේ දී මගේ මිතුරෙකු වූ සිරාගේ තාත්තා මියගිය පුවත ඔහුගේ නිවසේ සිට මට දක්වන විට සිරා සිටියේ මා සමඟයි. ජනක රණතුංග, සමන් සේනාධීර, දිලිත් ජයවීර ආදී මිතුරන්ට හොරා මං සිරා කැඳවාගෙන කොළඹින් රාත්‍රී හතට පිටත් වී තවලන්තැන්නට ගොස් එතැන් සිට හැදුනුවැවට පයින් ගොස් නිවසට ළඟාවන විට උදේ වී තිබුණි. ගෙදර ළඟ සුදු කොඩිය දකින තුරු ඔහු මේ ගමනේ තේරුම දැන සිටියේ නැත. පැන් වැඩීමට පීරිසි කෝප්පද, මතක වස්ත්‍රද ගෙන ගොස් තැබූ පියා මිනිය වළට බෑම සඳහා අවශ්‍ය ලණුද එක්තැන් කොට තිබිණි. රැවුල කපා සුදු හැඳ දෑත් එක්කොට මිනිය තබන ලෙසින් සකස් වී මිය ගොස් සිටියේ ය.

මරණයට පෙර ඔහු කවියක් ලියා තිබිණි. ''නැත කිසි දොසක් කළ කම් මිස අනුන්ගෙනි.'' යන අවසන් පදය පමණක් මගේ මතකයේ තිබේ. ඔහු මරණයට බිය වූයේ නැත. මරණයට සූදානමින් සිටියේ ය.

අපේ ගමේ මා කුඩා කාලයේ සිට දකින සොහොන් දෙකක් ගලක් මත ඉදිකොට තිබේ. මගෙ පියා කුඩා කාලයේ ද මේ සොහොන් දෙක එහි තිබූ බව මා සමඟ පවසා ඇත. ස්වාමිපුරුෂයකු සහ බිරිඳක මෙහි සැතපෙති. ස්වාමියා මිය යාමට පෙර මේ සොහොන් ඉදිකොට තැබූ පුවතක් මා අසා ඇත.

බිබිල - අම්පාර මාර්ගයේ රත්මල්ගහඇල්ල නම් ප්‍රදේශයක් තිබේ. තවමත් මේ ප්‍රදේශය කැලෑබදය. නිල්ගල, රතුගල, දානිගල ආදී ආදිවාසී ගම්මාන මේ ප්‍රදේශය අවට පිහිටා තිබේ. වැද්දන්ගේ පුරාණ ලෙන් සහිත දානිගලට යාමේ දොළ මට තවමත් ඉටු කර ගන්නට ලැබුණේ නැත.

හේවාතුඩැල්ලගේ ආරියදාස හෙවත් මුල්ලේ ගම රාළහාමි උපන්නේ මාතර කැකුණදුර ගමේ ය. පොලීසියට බැදුණු නිසා ඔහු 'රාළහාමි' විය. මුල්ලේගම පදිංචි වූ නිසා 'මුල්ලේගම රාළහාමි' නමින් හඳුන්වන්නට යෙදිණි. ඔහු මෙහි පැමිණියේ දොඩම් වගාව සඳහා ය. ගල්ඔය ව්‍යාපාරයට අයත් අක්කර 16ක ඉඩමක ඔහු දොඩම් වගා කළේය. මේ ඉඩම වෙනුවෙන් නඩුවක් පවරා තිබිණි. ඉඩම අහිමි වේ යයි සිතූ නිසා ඔහු අරලහුනවත්ත නම් තවත් ඉඩමක් වගා කළේය. නඩු තීන්දුවෙන් අක්කර දහසයේ ඉඩම ඔහුට හිමි විය. නමුත් ඒ ඉඩමේ ඔප්පුව අද ඔවුන් සතුව නැත.
මුල්ලේගම රාළහාමි අංක එකේ දඩයක් කරුවෙකි. දඩයම අද මහ වරදක් වුවත් එදා අම්පාරේ විසූ අය ගොවිතැනට අමතරව කළේ දඩයම යි. ඕනෑ තරම් වන සතුන් සිටි එකල දඩයම පවක් කොට සැලකුවේ නැත. නිල්ගල, රතුගල හා දානිගල යන ගම්වල සිටි වැදි ජනයා ජීවත්වූයේ දඩයම් කිරීමෙනි. දඩයමට අමතරව මුල්ලේගම රාළහාමි හොඳ ඡායාරූප ශිල්පියෙක්ද වූයේ ය. ඔහු දවස් ගණන් කැලේට වී සිටියේ දඩයමට නොව සතුන්ගේ විවිධ ඉරියව් රූපගත කිරීමටය. එසේ රූප ගත කිරීමට ඔහු යොදා ගත්තේ පැරණි කැමරාවකි. (ඩිජිටල් කැමරා එකල තිබුණේ නැත.) ඔහු ලබාගත් පින්තූර සංචාරක මණ්ඩලයට සපයනු ලැබිණි.

මනාව ඉංග්‍රීසි බස හැසිරවූ ඔහු පාසලේ ඉගෙනගත්තේ පස්වැනි පන්තිය දක්වා පමණි. සංචාරකයන්ට කැලය පෙන්වීමට කැඳවාගෙන ගිය ඔහු 'ජංගල් වෝකින් ටුවර්ස්' හි නිර්මාතෘවරයා විය. සංචාරකයන් සමඟ ඔහු වනය තුළ දින දෙක තුන ගත කළේය. රතුගල වනය තුළ ඔහු සමග ගිය සංචාරකයන්ගේ ගණන මෙතෙකැයි කිව නොහැකිය. වත්මන් රත්මල්ගහඇල්ල පොලීසිය පිහිටුවා ඇති ඉඩම මුල්ලේගම රාළහාමි විසින් පරිත්‍යාග කරන ලද්දකි. ඔහුගේ බාල පුතු අරුණ කුමාර මේ පොලීසියට අනුබද්ධ ග්‍රාමාරක්ෂක නිලධාරියෙකි. වැඩිමහල් පුත් අතුල ප්‍රියන්ත ජනප්‍රිය නළුවකු වන විමල් කරුණාරත්න (යූ.ජී. අයියා) ට අයත් ගම්පොළ කොස්කොටේ බත් කඩේ ඉදිරිපිට, අජිත් අයියාගේ වැඩපොළ ළඟ ස්වකීය රථය කුලී ගමන්වල යොදවා සිටියි.

මුල්ලේගම රාළහාමි ගමේ බණ්ඩයියා නම් බාස් කෙනෙකුගේ සහය ඇතුව යට කී අරලහුනවත්ත ඉඩමේ තම සොහොන ඉදි කළේ ය. අතුල හා අරුණ දෙදරුවෝ පියාගේ සොහොන ඉදිකිරීමට උදව් කළහ. සැපවත් ජීවිතයක් ගත කරමින් ගමේ අය ජීවත් කරවීමට උදව් කළ මුල්ලේගම රාළහාමි තම සොහොන ඉදිකර ගත්තේය. ඉදිකිරීම් හරියට නොකළොත් මිය ගිය පසුව අවතාරයක් වී දඟුවම් පමුණුවන බව කියා බාස් උන්නැහේට විහිළු කළේය. සොහොන් ඵලකයේ උපත සඳහන් කොට විපත පමණක් පුරවන්නට ඉතිරි කළේය. රත්මල්ගහඇල්ල පොලීසිය පසු කොට අම්පාර දෙසට කිලෝ මීටර් තුනක් පමණ ගිය විට වම් පැත්තේ මේ සොහොන පිහිටා තිබේ. මරණයට සැරසී ජීවත් වූ මේ මිනිසුන් නොමැරෙණ ලෙස ජීවත් වන අයට උතුම් ආදර්ශයකි. ආයුහරණයට පෙර සියලූ යුතුකම් ඉටු කළ යුතුය. ආදර්ශවත් මරණයක් ඉක්බිතිව ළඟා වන්නේය.

මරණය ගැන සේකර ලියූ කවියක් මට සිහිවෙයි. එය ඔබට ප්‍රදානය නොකරමි. සුමනා සපරමාදු තරුණි පුවත්පත සංස්කරණය කළේ 1985 විතරය. පුස්සැල්ල සුදර්මන් සතරසිංහ ''සත්‍ය වූ මිතුරාට'' නමින් තරුණියකට ලියූ කවියක් හදිසියේ මට සිහිපත් විය.

මොනරාගල කන්ද මත්තෙ හිරු වැතිරෙන හැන්දෑවේ
කවුද? කවුද? හෙමින් හෙමින් දුර ඈතින් අර එන්නේ
වයසට ගිය මගෙ දෑසට නැතිමුත් හරි හැටි පේන්නෙ
මට හිතෙන්නෙ නුඹ වෙන්නැති අඳුර එක්ක එනව ඇත්තෙ

ළසෝ තැවුල් දෝමනස්ස කඳුළු නොමැති ලොවක ඉඳන්
නුඹ එන වග මට හිතුණේ දැන් ටික කාලයක පටන්
එදා පටන් සැහැල්ලූ වී ගොඩ ගැහිලා තිබුණ බරින්
පුලූන් වගේ තියෙන කොණ්ඩෙ පිරි මැද්දෙමි සැනසිල්ලෙන්

ගිය පෝයට සිල් මුදලා එන විට මහ නුගේ ළඟදි
හැර මිටියක් වාරු නැතුව වැටුණා තණ ගොල්ලෙ පැටලි
ඊයේ රෑත් පිටකොන්දේ වාත තෙලක් ගාන අතරෙ
නුඹ ළඟදිම එය කියලයි මිනිබිරියට මං කිව්වේ

මොකද තවත් දොරකඩ ළඟ ලැජ්ජාවෙන් වගෙ වැනෙන්නෙ
පෙරමග පිළිගැනුම් නැතත් හිතේ තොරන් ඉදිව ඇත්තෙ
වරෙන් වරෙන් මගේ ළඟට සන්තෝසෙන් වැළඳ ගනිමු
අපි ආපහු එකට යද්දි ආ ගිය තතු කතා කරමු
(ලංකා)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sunaparanthaya, Lanka Irida Sangrahaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී ගෙන් තවත් වියමන්
කවි
පිරිමි පුතෙකුට පිය වීමි.
කවි
අහෝ දෙව්දත් නොදුටි මොක්පුර
අදහස්
කුණුවෙලා මැරෙනවද?
අදහස්
දසක හතරක මිනිසෙක්
අදහස්
බ්‍රිස්ටල් පෙරහර යන මඟ!
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook