Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"චිත්‍රපට නම් එසේය." -අශෝක හඳගම
බූන්දි, 20:05:27
පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේ දී තිරගත වීම අරභයා පැනනැගුණු ගැටළුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්න ඇත්තේ ද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද ඇතුළු මෙය ප්‍රසිද්ධ කරමි.

පියාඔන මාළුන් චිත්‍රපටය මා රුචි කරන සිනමා කෘතියක් නොවෙයි. ඒ වු පමණින් අන් අයද එයට අකමැති විය යුතු යැයි කීමට මට සදාචාරත්මක අයිතියක් නැත. මගේ රුචි අරුචිකම් මට වටින්නේ යම් සේද ඒ අයට තම තම රුචිකම් වටනා බැවිනි.

බුදුන්ගේ බෝසත් චරිත කතාව පදනම් කර ගත්තේ වුවද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට ද මා කැමති නැත. එහෙත් මිලියන ගණනක් දෙනා එකි චිත්‍රපටය නැරඹු බව අපි දනිමු. මගේ කැමැත්ත අකමැත්ත ඒ කිසිවෙකුට වැදගත් නොවුණි.

පියාඹන මාළුන් චිත්‍රපටය සවිස්තරාත්මක (explicit) ලිංගික සහ ප්‍රචණ්ඩ (violence) දර්ශන සහිත චිත‍්‍රපටයකි. ඒවා නැරඹිම ළමයින්ට සහ දුර්වල මනස් ඇත්තෙකුට පිඩාකාරි විය හැක. එබැවින් ඒ අවවාදය සහිතව චිත්‍රපටය නැරඹීම නිර්දේශ කිරීම වැඩිහිටි සමාජයකට නොසුදුසු නොවෙයි. එය එක්තරා විධියකට වැඩිහිටි විඥානයට ගරු කිරිමකි. වයස 18ට වැඩි අයට තමනට යුතු අයුතු දෑ තෝරා ගැනීමට තරම් පරිණත බවක් ඇතැයි අප සිතන හෙයිනි. ඔවුනට ඡන්ද බලය හිමිය.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ'

මේ චිත‍්‍රපටය ලංකාවේ හැර ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල ගණනාවක මේ වනවිට ප්‍රදර්ශණය කර තිබෙයි. මා මේ චිත්‍රපටය නැරඹුවේද එවැනි උළෙලක දීය. මා දන්නා තරමින් කිසිවෙකු චිත්‍රපටය නැරඹිමෙන් මනස අවුල් කරගත් බවක් අරංචි වී නැත.

පියාඹන මාළුන් බලා කිසිවෙකු පිස්සු හැදුණු හෝ කිසියම් මානසික ආබාධයකට ගොදුරු වුණු හෝ බවක් මෙතෙක් ආරංචි නොවුණා සේම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව චිත‍්‍රපට බලන නොබලන බොහෝ දෙනෙකු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නැරඹුවේ වුවද, ඒ අයගෙන් කිසිවෙකු හෝ සෝවාන් ආදි මාර්ග ඵලයකට පත් වු බවක් අසන්නටද නැත.

හොඳ වුවත් නරක වුවත් චිත්‍රපට නම් එසේය.

ජීවිතයට සම්බන්ධ කතා පුවත් රැගෙන එන්නේ වුවද චිත්‍රපටය යනු ජීවිතය නොවෙයි.

ස්පීල්බර්ග් වරක් පැවසුවාක් මෙන් චිත්‍රපටයක් හරහා අප පිවිසෙන්නේ සිහින ලොවකටය. චිත්‍රපට දර්ශනය ඇරඹීමට ප්‍රථම ශාලාව අඳුරු කරනු ලැබෙයි. ශාලාව තුළ සමුහයක් ලෙස අපි සිහිනයකට අතුළු වෙමු. ඉන් පසු අප දෙනෙත් ඇරගෙන නරඹන්නේ සිහිනයකි. ඒ සිහිනයට අප කැමති මෙන්ම අකමැති ද විය හැක. ඒ සිහිනයේ හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිය හැක.

ඇත්ත ජීවිතයේ මිනිස් ඝාතනය සපරාධී ක්‍රියාවක් වවුද චිත්‍රපටයේ (සිහිනයේ) චරිත මිනී මරනවා විය හැක. ඇත්ත ජීවිතයේ අනියම් සම්බන්ධ සදාචාර විරෝධී වුවද චිත‍්‍රපටය තුළ එය ප්‍රේමනීය සම්බන්ධයක් විය හැක. දිනපතා පුවත්පත් සහ තොරතුරු මාධ්‍යවල වාර්ථා වන භික්‍ෂුව මස්කඩවලට පැන ගිනිතියයි. මුස්ලිම් කඩවලට පහරදෙයි. කුඩුපට්ටම් කරයි. පල්ලිවලට ගල්ගසයි. ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනියි. බීමතින් රිය පදවා අසුවෙයි. කාන්තාවන් අපහරණය කරයි. රළු පරුෂ වදනින් දොඩයි. එහෙත් චිත‍්‍රපටයක හමුවන භික්‍ෂුව අතිශය ශාන්ත, දුටුවන් සිත් ශ්‍රද්ධාවෙන් වඩවන කෙනෙකු විය හැක.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ'

චිත්‍රපට නම් එසේය.

ඒවා පළමුව අධ්‍යක්ෂවරයාගේ ඔලුවේ මැවෙයි. පසුව සිනමාවට නැගෙයි. සිනමා ශාලාවක තිරය මත හෝ (දැන් නම් වීඩියෝ තිරය හෝ ජංගම දුරකතනයක හෝ තිරය මත) ප්‍රක්ෂේපණය වූ පසු තව බොහෝ දෙනෙක් ඒ (සිහින) අත්දැකීම බෙදාගනිති. බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂකයා දකින්නේ අධ්‍යක්ෂවරයා දුටු සිහිනයම නොවිය හැකිය. ඒ වෙනුවට තිරයේ දිස් වෙන රූප රාමුවලට අනුව තමන් ගොඩනගා ගන්නා තමන්ගේම සිහිනයක් ද විය හැක. බොහෝ දෙනෙකු කලබල හෝ ත්‍රස්ත වන්නේ මේ තමන් ගොඩනගා ගන්නා සිහිනයටයි. ඒ අනුන්ගේ සිහිනයකට තමන්ට බියවන්නට හේතුවක් නැති බැවිනි.

චිත්‍රපට තහනම යෝජනා වන්නේ තමන්ගේම සිහිනයට ත්‍රස්තවු අයගෙනි. තමන් මෙන්ම අනුන්ද මේ සිහිනයෙන් ත්‍රස්ත වනු ඇතැයි ඒ අය විශ්වාස කරති. එබැවින් සිහිනය උපදවන චිත්‍රපටය තහනම් කරන්නට යෝජනා වෙයි.

කිසියම් චිත‍්‍රපටයක හමුවන චරිතයක් ගුරුවයකු, ගුරුවරියක, ග්‍රාම නිලධාරීකෙනකු, දොස්තරකෙනකු, නීතිවේදියකු, ක්‍රීඩයකු, මුදලාලිකෙනෙකු, සොල්දාදුවෙකු, පොලිස් නිලධාරියකු, බැංකුකරුවකු, චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු, ඉංජිනේරුවකු, කම්කරුවකු, දේශපාලකයෙකු, නඩුකාරයකු, පූජකයකු ආදී වශයෙන් වූ කුමන හෝ වෘත්තිකයෙකු විය හැක. ඒ ජීවත්වීම සඳහා මොනයම්ම හෝ රැකියාවක් කරන බැවිනි. රැකියා විරහිත අයෙකුද විය හැක. මේ සියලු දෙනා මිනිසුන්ය. මිනිස්සු හොඳ මෙන්ම නරක වටිනාකම් වලින්ද යුතු වෙති. එබැවින් චිත්‍රපටය තුළ මේ චරිතවල හැසිරීම් විවිධාකාර විය හැක.

උදාහරණයක් ලෙස චිත්‍රපටයක එන ජවනිකාවක එක් දේශපාලකයෙකු ගුරුවරියක දණගස්වනවා විය හැක. නොඑසේනම් රජයේ සේවකයකු ගස් බඳිනවා විය හැක. එය නරක වැඩකි. එසේ වූ පමණින් සියලු දේශපාලකයන් එවැනි නරක වැඩ කරනවායැයි සිතිය යුතු නැත. තවත් චිත‍්‍රපටයක විදුල්පතිවරියක වෙසක් කූඩු තරඟයක් ජයග්‍රහණය කරමින් තම පාසලට කීර්තියක් අත් කරදුන් සිසුවෙකු හා කිපී ඔහුට පහර දී ඔහු දණගස්වා දඬුවම් කරනවා විය හැක. චිත‍්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් සමස්ත ගුරු පරපුරම එවැනියැයි නිගමනය කළ යුතු නැත. තවත් චිත්‍රපටයක ඉහළ පොලිස් නිලධාරී කෙනෙකු කුලියට මිනිසුන් මරනවා විය හැක. චිත්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් ඇත්ත පොලිස් නිලධාරීන් එසේ කරනවායැයි නිගමනය කිරීම සාධාරණ නොවේ. චිත‍්‍රපටයකදී අධ්‍යක්ෂක වරයෙකු තම චිත්‍රපටයේ චරිතයක් ලබා දෙන පොරොන්දුවට රූමත් තරුණියක සමග යහන්ගත වෙනවා විය හැක. එසේ වූ පමණින් ඇත්ත චිත‍්‍රපට අධ්‍යක්ෂකලා එසේ කරනවා යැයි සිතීම යුක්ති සහගත නොවිය හැක.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ'

චිත්‍රපටයක එන ජවනිකාවක පිරිමියෙකු තමාගේ නීත්‍යානුකූල බිරිඳ නොවන අන් අයෙකුගේ බිරිඳක සමග ලිංගිකව හැසිරෙනවා විය හැක. නොඑසේ නම් ගැහැණියක තම ස්වාමියා නොවන වෙනත් කෙනෙකු සමග රහසේ ලිංගිකව හැසිරෙනවා විය හැක. එසේ වූ පමණින් තම බිරින්දෑවරුන් හෝ ස්වාමීපුරුෂයන් ද එසේ වෙතැයි සැක පහල කරගත යුතු නැත. තමන් දකින්නේ චිත්‍රපටයක ජවනිකාවක් බැවිනි. සිහිනයක් බැවිනි.

චිත්‍රපට නම් මෙසේය. ඇත්තම නොවේ.

මේ නිසා බොහෝ දියුණු රටවල් චිත්‍රපට කිරීම මෙන්ම නැරඹීම ද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්‍රපට දැක කලබල වන්නේ නැත.

ඒ රටවල සියලු අකටයුතු කම් සිදුවන්නේ චිත්‍රපට තුළය. ඇත්ත ජීවිතය කිසියම් පිළිගත් සාමූහික විනයකට අනුව චලනය වෙයි. පාරේ කෙල්ලකට කොට ගවුමක් ඇඳගෙන තනිවම ඇවිද යාමට බියක් නැත. ඇය පෙරලාගෙන දුෂණය කරන්නට මානසික ලෙඩෙකු නොවන කිසිවෙකු කුලප්පු වන්නේ නැත. කිසියම් පිරිමියෙකු එසේ කිරීමට පෙලඹුනහොත් එංගලන්තයේ නම් මහ රැජිණගේ මුනුපුරු විලියම් කුමරුවුවද ඔහුට නිසි දඬුවම් ලැබෙනු ඇත. එහෙත් චිත්‍රපටයක නම් ඊට වඩා දෙයක් ද සිදුවිය හැක. එය රඟපෑ අය හෝ අධ්‍යක්ෂක හෝ චිත්‍රපට කිරීම වෙනුවෙන් දංගෙඩියට යවන්නේ නැත.

පියාඹන මාළුන් අරබයා ඇති වූ අධිරංගනය පිළිබඳ තොරතුර වොෂින්ටන් පෝස්ට්, නිව්යෝර්ක් ටයිම්ස් දක්වා පැතිරගොස් තිබෙයි. එතෙක් කිසිවෙකු මේ චිත‍්‍රපටය ගැන අසා තිබුනේවත් නැත. ලොවපුරා සිටින චිත්‍රපට බලන නොබලන එහෙත් පත්තර හා තොරතුරු අසන බොහෝ දෙනෙක් දැන් ලංකාවේ චිත්‍රපට ගැන දැන් කතා කරති.

[රාවය- 2013.07.21]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asoka Handagama on Sanjeewa Pushpakumara's Flying Fish, Film Ban, Censorship in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අශෝක හඳගමගෙන් තවත් වියමන්
Cine
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
කරන්ට්ස්
නෙලුම් කුලුන පාමුල සිට
කරන්ට්ස්
පරන්තන් හන්දියේ බුදු හිමි
කරන්ට්ස්
නිරායුධ අපි හරි අසරණයි... මොහොමඩ්, ෆාතිමා, මුස්තාපා!
කරන්ට්ස්
හඳේ ආතල් කඩමු
තවත් අදහස් බූන්දි
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
සිනමා ශිෂ්‍යයා සහ සිනමා අපචාර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook