Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
COLOMBO ! MAXA COLOMBO!!! ''හෙට දවසේ මෙය සිදුවන්නේ කාටද?'
බූන්දි, 03:50:45
කලම්බෝ වේදිකා නාට්‍යය බැලූවෙමි. ඒ ගැන ටිකක් හෝ කතා කල යුතුම යැයි සිතෙයි. නාට්‍යය පටන් ගත්තේම අපිට පොඩි ටොක්කක් ඇනලාය. ''කරුණාකර ඔබලා ගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තබා ගන්න. එය ක්‍රියා විරහිත කරගෙන පැයක් දෙකක් ඉන්න පුලූවන් තත්වයක නෙමෙයි අපි ඉන්නේ''. ඒ සෞම්‍යගේ කටහඬය. ඊට පසු නාට්‍යය ගලා යයි.

එය කොළඹ නමින් හැදින්වෙන සෞම්‍යගේ වචනයෙන්ම කියතොත් ලංකාවටත් වඩා ලොකු දෙය ගැන යලි සිතා බැලීමකට අපිව යොමු කරවන නාට්‍යයකි.

කොළඹ ස්ථාන හතරක සිදුවෙන සිදුවීම් හතරක් ඔස්සේ නාට්‍යය ගලා යයි. එක් ස්ථානයක් විහාර මහා දේවී උද්‍යානය යි. පෙම් කිරීමට තැනක් සොයන තරුණ පෙම්වතුන් දෙදෙනෙකු වටා මෙහිදී සිදුවීම් පෙළගැසෙයි. ආරක්ෂිත ස්ථානයක ඇති බංකුවක් (බංකර් එකක්) ලබා ගැනීමට ඔවුන් දරන උත්සාහය විටෙක හාස්‍යය මතු කරන්නක් වුවද එහි පැවසෙන දෙබස් වල සැබැවින්ම සැඟව ඇත්තේ සිනාසීමට නොව ඇඩීමට හේතුය.

මෙම නාට්‍යය පුරාම ගිටාරය භාවිතාකොට ඇති ආකාරය ඉතා අපූරුය. එය සංගීතය සපයා ගැනීමට මෙන්ම අවශ්‍ය කරන චරිතයක් ඉදිරිපත් කිරීමට ද යොදාගනී. එයට ගවුමක් අන්දවා ගත් කල දෙබස් නැති පෙම්වතියකගේ චරිතය මැවීමට කදිමය. ජගත් චමිල ගේ මෙම (ඇණයක් නොවූ ) පෙම්වතියද නාට්‍යයට එක් කලේ අපූර්වත්වයකි.

ඊළඟ ස්ථානය බොරැල්ල උමං මාර්ගයයි. නිතරම ඉතා දැඩි ජනාකීර්ණ තත්වයක් උසුලන මෙම ස්ථානය වේදිකාව මැත මැවුනු අයුරු කදිමය. එතනද පෙම්වතුන් යුවළකි. ඔවුන්ට ඇත්තේ වෙනමම ප්‍රශ්නයකි. සුපිරි තරුවක් වීමට ගමෙන් නගරයට ආ පෙම්වතෙක් සහ නාගරික පන්තියට හැඩ ගැසුනු පෙම්වතියකි. පෙම්වතියට ඇති ලොකුම ප්‍රශ්නය නම් පෙම්වතාව තම ගෙදරට හඳුන්වා දීමට සුදුසුකමක් සොයා ගැනීමය. සුපිරි තරු සිහිනය බිදී ගිය පසු ඉතිරිවන නන්නත්තාර බව මෙම අසරණ පෙම්වතා කදිමට නිරූපණය කරයි. පෙම්වතිය සොයා ගන්නා පරිදි දැන් ඔහුට ඇති එකම පිළිසරණ බෝම්බයක් සොයා දී ලක්ෂ දහයක් සොයා ගෙන ගමට සහ පෙම්වතියගේ ගෙදරට මුහුණ දිය හැකි තත්වයට පත්වීම ය. එතනද කෙරෙන කථා බහ අපිට ''අද දවසේ ලංකාව'' සොයා දීමට උපකාර කරයි.

ජීවය පිරි නලූ නිළි කැල සහ ගිටාර් නලූවෙකු ඊළගට අපව ගෙනයන්නේ අවසන් බස් රථයේ සිදුවීමටයි. එතනද ජීවය පිරුනු දෙබස් සහ ආයාසයෙන් තොර රඟ දැක්වීමකි. පෙම්වතුන් යුවලක්, හිටගෙන යන කාඩ්බෝඩ් වීරයෙක්, ටයි දාගෙන නමුත් ගෙවල් ගානේ වෙළදාමේ යන වෙළඳ ඒජන්තයෙක්, වැඩිහිටියන් දෙදෙනෙක් සහ කොන්දොස්තර ඇතුළු පිරිස යළිත් වතාවක් ''මෙන්න අපි'' හඳුන්වාදෙයි. මෙහිදී ද දක්නට ඇත්තේ පළමු සිදුවීම වල තත්වයමයි. අඬන්න ඕන තැන්වල මොකද්දෝ කරුමෙකට අපිට හිනා යයි. තමන් ගේ පෙම්වතාව ඒ මොහොතේ අහිමි කරගත් පෙම්වතිය, තමන්ට ආරක්ෂාව සැලසීමට ඉදිරිපත්වන මිනිසුන්ගේම ඊළඟ ගොදුර බවට පත්වෙන අයුරු දැක්වෙයි.

අවසාන දර්ශනය, කොළඹ මල් ශාලාවක් තුල මෙතෙක් ඔබ මා ඇතැම්විට දැනසිටින්නට ඇති එහෙත් බොහෝ විට කතාකිරීමට පසුබටවන සිදුවීමක් දැක්වෙයි.

ගොදුරක් ලැඛෙනතුරු බලා සිටින ගිජුළිහිනියන් දෙදෙනෙකු මෙන් තරමක් වයසක මිනිසුන් දෙදෙනෙකු (සෞම්‍යය සහ අතුල) ''අහිංසක'' කතා බහක නියැලී සිටිතිි. ඉඳහිට ඔවුන් අසන ''අහිංසක'' ප්‍රශ්නවලින් ඔවුන්ගේ දඩයම කුමක්දැයි ප්‍රේක්ෂකයාට වැටහෙයි. ප්‍රේක්ෂකාගාරය තුල කලින් පැවති සතුට අතුරුදහන්ව මහා නිහැඬියාවක් පැතිරෙනු දැනෙයි. මේ ලියන මාද ඇතුලූව තවත් බොහෝ අය එම දසුන නැරඹුවේ සිතේ උපන් දැඩි තැතිගන්මක් සහිතව බව කිවයුතුය. නමුත් අපට පිළිගැනීමට සිදුවී තිබේ. මේ ඔබේත් මගේත් බලාපොරොත්තුවේ නගරය, ''කොළඹ'' යි. ලංකාවටත් වඩා ලොකු කොළඹයි. බිළිෙඳක්ව උපන් දා පටන් අවසානයේදී මල්ශාලාවක මළ මිනියක්ව වැතිරී සිටින මොහොත දක්වාම කොහොම හරි මොකකට හරි ඩැහැගැනීමටම සැදී පැහැදී ආදරෙන් බලා සිටින්නාවූ කොළඹ යි.

නාට්‍යයේ කතා කෙරෙන සිදුවීම හතරෙහිදීම හිටිගමන් එන මල්වඩමක් ගත් මිනිසා අද දවසේ තැනක් වේලාවක් නැතිව අපේ ජීවිත මත පතිතවී ඇති මරණයේ සෙවනැල්ල සිහි ගන්වයි.

නාට්‍යය අවසානයේ අප ගැන කිසිදු අනුකම්පාවක් නැතිව අපි හැමෝම බයම කතාව සෞම්‍යය කීවේය. ''හෙට දවසේ මෙය සිදුවන්නේ කාටද? ඒ ඔබ අතරින් කෙනෙකුට.''
ඒත් අපිව බය කලාට සෞම්‍යයට දොස් කිව නොහැක. මේ අපේ Maxa Colomboය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo Colombo, Sinhala Stage Play, Indika Ferdinandu, Anushka Thilakarathna
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nishanka මෙහෙම කියනවා :
අමිල ගලප්පත්තිව කියවපන්

කිවුව වෙලාව- 2011-06-21 05:25:38
Nishanka මෙහෙම කියනවා :
තව ට්‍රයි කලොත් අනුස්කට හොදට ලියන්න පුලුවන් වෙයි...

සුභ පෑතුම්..


කිවුව වෙලාව- 2011-06-21 05:17:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook