Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි හා පාවෙල් කොර්චාගීන්
බූන්දි, 00:01:39
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි කෘතියේ එන පාවෙල් කොර්චාගීන් චරිතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් ඇති කල බව කීවේ නම් නිවැරදිය. අප පාවෙල් කොර්චාගීන් හඳුනා ගත්තේ දැදිගම වී. රොද්‍රිගු හරහාය. පවෙල් කොර්චාගීන්ට අපි දශක ගණනාවක් පුර ආදරය කළෙමු. සැබවින්ම ඔහු අපගේ වීරයා සහ පරමාදර්ශය විය. ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි. එහෙත් පරාර්ථය, කැපවීම සහ නොපසුබස්නා උත්සාහය ජීවිතයේ හරයන් කරගත් පාවෙල් මිනිසුන්ගේ හදවත් තුල තවමත් ජීවත් වේ.

පාවෙල් කොර්චාගීන් යන සාහිත්‍යම චරිතය සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි යන සැබෑ චරිතය බොහෝ දුරට එක සමානය. ඔව්ස්ට්‍රොව්ස්කි වානේ පන්නරය ලැබුණු හැටි කෘතිය තුලින් ඉදිරිපත් කලේ ඔහුගේම චරිතයයි. එම නිසා පාවෙල් කොර්චාගීන් සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි එක අයෙකු ලෙසට සැලකුවාට වරදක් නැත.

ගිනි උදුන් මොළවන දිළිඳු ගැටවරයෙකු සිවිල් යුද්දයෙන් පසු මිනිසෙකු බවට පරිවර්තනය වූ අයුරු නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පාවෙල්ගේ චරිතය හරහා පෙන්නා දුන්නේය. ළමා පාවෙල් පුජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කළේය. කුඩා කාලයේම දරිද්‍රතාව හා සමාජ විෂමතාව හඳුනාගත් ඔහු පොහොසත් හා අහංකාර වික්ටර්ට හා නෙලීට වෛර කලේ ඔවුන් දුප්පතුන්ගේ දුක නොහඳුනනන් නිසාය.



පාවෙල් කොර්චාගීන් රළුය, නුරුස්නා සහගතය, මදාවිකම් කළේය. එහෙත් පාවෙල් තුල සංවේදී මනුෂ්‍යයෙකු සිටියේය. ඔහුගේ දඩබ්බර වැඩ වලට ආදරය කල තෝන්යා ඔහුගේ ප්‍රථම ආදරවන්තිය වුවාය. පාවෙල් පැවසූ පරිදි ඇයට කම්කරුවෙකුට ආදරය කිරීමට හැකි වුවද ඔහුගේ අදහස් වලට ආදරය කිරීමට නොහැකි වුවාය. එමනිසා ඔවුන් දෙදෙනා දුරස්ථ විය.

කොම්සොමෝල් ව්‍යාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට පාවෙල් අපමණ කැපකිරීම් කළේය, එක දිගට ශීත කාලයේ එළිමහනේ වැඩ කළේය, පෝලන්ත හමුදා සහ ප්‍රතිවිප්ලව වලට එරෙහිව සටන් කළේය. අවසානයේදී ඔහු ස්නායු රෝගයකට ගොදුරු විය. අංශබාගය නිසා ඔහුගේ දිවිය ඇඳට කොටු විය. බලාපොරොත්තු බිඳ වැටීම හේතුවෙන් ජීවිතය නැති කර ගැනීමට උත්සහ කලද අවසානයේදී ඔහු අලුත් අවියක් ගෙන සටන් බිමට පැමිණියේය. තුවක්කුව වෙනුවට ඔහු පෑන අතට ගත්තේය. ඔහු තමා වටා තිබු අයෝමය වලල්ල බිඳ දැමීය. කුණාටුවකින් උපත ලද්දෝ ඔහුගේ පළමු නවකතාව විය. එහි සාර්ථකත්වය හරහා ඔහු තම අවසාන සහ ලෝක ප්‍රකට නවකතාව රචනා කළේය. එය වානේ පන්නරය ලැබුණු හැටි (How the Steel Was Tempered) නම් විය.



1987 වසරේදී මම නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි උපන් යුක්රයිනයේ ශේපිතොව්කා ගම්මානයට ගියෙමි. 1987 කාලය වන විටත් එහි පිටිසර ගතිය බොහෝ දුරට දක්නට තිබුණි. 1993 දී මොස්කව් වලදී ඔව්ස්ට්‍රොව්ස්කි අවසන් කාලයේ ජීවත්වූ නිවස ද දුටුවෙමි. නමුත් එම නිවස ඇතුලට යාමට මට නොහැකි විය. ඒ පිලිබඳව මම අද කණගාටු වෙමි.

නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පිළිබඳ මට එක ගැටලුවක් තිබේ. ඔහු ස්ටාලින්ගේ කුමන්ත්‍රණ දේශපාලනය හඳුනා ගැනීමට අපොහොසත් විය. ඔහු ස්ටාලින් හැඳින්වුයේ සමෘධිමත් යුගයකට අපව ගෙන යන සදාදරණීය නායකයා වශයෙනි . ඇතැම් විට ස්ටාලින්ගේ තත්‍ය ස්වභාවය දැකීමට ඔහුට නොහැකි වූවා විය හැක. එහෙත් 1936 දී ඔහුගේ මරණය සිදුවන විට විටත් ස්ටාලින් දස දහස් ගණනින් ජනයා ගුලර්ග් වහල් ශ්‍රම කඳවුරු වලට ගාල් කරමින් සිටියේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- How the Steel Was Tempered, Socialist realist novel, Nikolai Ostrovsky, Pavel Korchagin
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් එම්. ජයතුංගගෙන් තවත් වියමන්
වෙසෙස්
Anna O.- Famous Case Study of Joseph Breuer and Sigmund Freud
වෙසෙස්
Nietzsche on Buddhist Philosophy
කතන්දර
දයාබර නාදන්
අදහස්
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
පොත්
කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook