Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගෝඨාභය චින්තනය
බූන්දි, 08:17:39
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදී ටිරන් කුමාර බංගමගමආරච්චි මහතා සමග කළ කෙටි ප‍්‍රශ්නෝත්තර සටහනක් 2013.07.21 දින රාවය පුවත්පත පළ කළේය. ලේකම්වරයාගේ පිළිතුරු වලින් ඉතා පහසුවෙන් මතුකළ හැකිව ඇති ප‍්‍රශ්න නොඅසා සිටීමට තරම් ටිරන් ප‍්‍රවේශම් වී ඇත. සිය ප‍්‍රාණයට කවුරුත් ආදරේය. එහෙත් නිදහසින් පසු ශ‍්‍රී ලංකාව ගෙවා තටමන අදවන් බිහිසුණු යුගයක මනුෂ්‍යත්වයේ අසීරු වාසනාව උරගා බැලීම යනු ප‍්‍රාණ පරිත්‍යාගයන්ගේ සත්‍යය පරීක්‍ෂාවක් වන සීමා මායිම වෙතට අප කෙමෙන් ළං ළංව ඇති බව ටිරන්ට නොහැ‍ඟෙනවාදැයි නොහඟමි.

මගේ විශ්වාසය වන්නේ තමන්ට පැවරී ඇති භූමිකාව පිළිබඳ ගෝඨාභය මහතා අතිශය සවිඥාණික වන බවයි. භීතිය හා ජාතිවාදය පිළිබඳ ඔහුගේ අවලෝකනයන් තීක්‍ෂණය. විජේවීර හා ප‍්‍රභාකරන් යනු දක්‍ෂ නායකයන් දෙපළක් බව කියා සිටින ඔහු භීෂණය පාලන උපක‍්‍රමයක් ලෙස නඩත්තු කිරීමේ භාවිතයක මේ දෙනොම නිරතව සිටි බවත්, ප‍්‍රභාකරන් විසින් දෙමළ ජනතා අනුමැතිය දිනාගැනීමේ උපායමාර්ගයක් ලෙස ජාතිවාදය යොදාගත් අයුරුත් පහදා සිටී. ගෝඨා තවත් දුර යමින් කොමියුනිස්ට්වාදය හා ජාතිවාදය අතර වෙනස කියවමින් මොන වාදයටත් වඩා ජාතිවාදය යනු මිනිසුන් අතරට පහසුවෙන් යා හැකි මාර්ගයක් බවට ද සිහිපත් කර සිටී. "...භීෂණය හා ජාතිකවාදය..." එහි ඓතිහාසික සාර්ථකත්වයේ උසස්ම පාඩම අද දවසේ පැහැදිලිව ධාරණය කරගත් චරිතය වන්නේ ආරක්‍ෂක ලේකම්වරයාය. මන්දයත් ඔහු යොදාගන්නා මූලික අවි යුගලය වන්නේ ද එය වන බැවිණි.

නොබෝදා මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ පැවති සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් මහතා සභාවෙන් විමසූ පැනයක් වූයේ ගෝඨාභය ගැන කාටූනයක්වත් නොඇඳෙන්නේ ඇයිද යන්නයි. ගෝඨාභය මහතා විසින් ලාංකේය සිවිල් සමාජය තුළ පතුරුවා ඇති භීෂණයේ පරිමාව මින් පැහැදිලි කෙරෙන බව ඔහු තවදුරටත් දක්වා සිටියේය. බොදු බල සේනාවට බිය විය යුතු නැතැයි වරෙක කියා සිටි ගෝඨා මෙහිදී පෙරළා අසනු ඇත්තේ "මට බිය වන්නේ කුමකට ද" යන්නයි. පිළිතුර අති සමීප දෘෂ්‍යමානයකි. ඒ ඔබ එසේ අසන නිසාමය යන්නයි.



අසත්‍යය වපුරමින් ජනතාව මුලා නොකොට යථාර්ථය සියැසින් දැක ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විපක්‍ෂයෙන් ඉල්ලා සිටි බව දැක ගන්නට ලැබුණු නිසා එයට එකඟව මම මෙසේ කියන්නෙමි. ගෝඨාභය චින්තනය යනු ශ‍්‍රී ලංකාව විශාල අන්තරායක් වෙතට කැඳවාගෙන යන එක් ප‍්‍රවණතාවයකි. සංවර්ධනය, ජාතික ආරක්‍ෂාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බුද්ධාගම පිළිබඳව වන ඔහුගේ පරිකල්පනය ඊට දෙස් දෙන බව පෙනේ.

ගෝඨාභය චින්තනයට අනුව නාගරික සංවර්ධනය යනු නාගරික ගෘහ නිර්මාණ අලංකරණයයි. නාගරික සංස්කෘතිය පිළිබඳ කිසිදු දියුණු දැක්මක් මින් පිළිඹිබු නොවේ. ඔහුට අනුව ජාතීන්ගේ ප‍්‍රශ්නය යනුවෙන් දෙයක් කිසිදා තිබී නැත. උතුර මිලිටරි යටත්කරණයක් තුළ අඛණ්ඩව පවත්වා ගනිමින් භෞතික සංවර්ධනයේ ඇතැම් ප‍්‍රාථමික අංශ එහි පතුරුවා හැරීමෙන් මතුවන විරෝධයන් යටපත් කළ හැකි යැයි ඔහු සිතයි.

ජාතික ආරක්‍ෂාව යනු ‘ඔහු දකින ජාතියේ’ ආරක්‍ෂාවකි. ඒ සඳහා මිලිටරි තීරණ ඍජුව ගත යුතුව ඇත. යුද්ධය, ත‍්‍රිවිධ හමුදාව හෝ පොලීසිය ප‍්‍රශ්න කිරීම මාරාන්තික අනාරක්‍ෂාවකි. සේනාධිනායක, ත‍්‍රිවිධ හමුදා හා පොලීසියට බලය ලැබී ඇත්තේ ව්‍යවස්ථාපිත ජනතා පරමාධිපත්‍යයෙන් බව සංකල්පීයවත් හඳුනා ගැනීමට කිසිදු අවසරයක් නැත. ජාතික ආරක්‍ෂාව යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්භාෂණයක සමාජ ගිවිසුමක් ලෙස ඔහු නොදකියි. කලාව හා නිදහස් මාධ්‍යකරණය යනු සිය ව්‍යාපෘතියට බිහිසුණු තර්ජනයක් ලෙස දකින ගෝඨාභය චින්තනය විසින් අනාගත කලාව ලෙස යෝජනා කරන්නේ හුදු මිලිටරි ප‍්‍රචාරණයකි. සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටයට දැක්වූ මර්දනය එහි උමතු ප‍්‍රකාශනයකි. එම චින්තනය විසින් ඉතිහාසයේ සිටම රට රැකගත්තේ මහා සංඝරත්නය යැයි කියමින් බුදුන් වහන්සේගේ උතුම් සදහම් ඉගැන්වීම්වලට පවා අමු අමුවේ නිගා දෙන චීවර බලවෙග මහ පාරට සැපත්වීම අනුමත කරයි. සකලවිධ දේශීය විදේශීය ත‍්‍රස්ත බෙදුම්වාදී තර්ජනයන්ගෙන් රට ජාතිය රැක ගැනීම සඳහා රට පුරා අයෝමය මිලිටරි අණසකක් පවත්වා ගැනීමට දැඩිව පෙනී සිටින අතරම ඊට සපුරා පරස්පරව සිය රෙජීමය ප‍්‍රමුඛ කරගනිමින් ගොඩනැගෙමින් තිබෙන නීතියට ඉහළින් වැජඹෙන නව පාදඩ ධනේෂ්වර පංතියක ත‍්‍රස්තවාදය සුරක්‍ෂිත කරලයි; සුජාත කරවයි.



කිසිදු විවෘත සංවාදයකට අභිමුඛ නොවන, සිය භාවිතය ප‍්‍රශ්න කරන අවකාශ විවිධ ක‍්‍රම වලින් මර්ධනය කරලන හා වෛරීයව පළිගන්නා සුළු විනයක් යනු කෙතරම් කාර්ක්‍ෂම වුවද අශිෂ්ටත්වයකි. සංවර්ධනය යනු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කළ යුතුව ඇති ආදර්ශයක් යැයි ඇදහීම හදිසි කෝපයෙන් පීඩා විඳින සීමිත බුද්ධි පරිමාවක ප‍්‍රතිඵලයකි.

මට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා යනු බි‍්‍රතාන්‍ය පාලනයේ අවසන් භාගයේ සිට පැන නැගෙමින් ආ සිංහල ජාතිකවාදයේ නූතන ප‍්‍රබුද්ධත්ව ප‍්‍රවණතාව එහි අවසන් මරණය සලකුණු කිරීමේ සංකේතයකි. එමෙන්ම එම යුගයේම නිර්මාණය වූ සිංහල-බෞද්ධ පසුගාමී අන්තවාදී ප‍්‍රවණතාවය ලැබූ දේශපාලන විජයග‍්‍රහණයේ සංකේතයකි.

ගෝඨාභය මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර මම ද එහි ආදි සිසුවෙක්මි. මම දකිනා පරිදි දෙමළ ජනයා සංවිධානමය ලෙස අවි ගන්නා තැනට තල්ලු කරලූ පදනම් නිර්මාණය කරලීමේ ඓතිහාසික භූමිකාවට පණ දුන් පාසලකි ආනන්දය. එසේම කලින් කී නූතන සංස්කෘතික ප‍්‍රගතීශීලීත්වය වෙනුවෙන් සිංහල සමාජය සංවිධානය කළ ඉතිහාසයක් ද ආනන්දය සතුය. ගෝඨාභය මහතා යනු පළමුව කී උරුමයේ වත්මන් බලසම්පන්න ප‍්‍රකාශනයයි. සිංහල-බෞද්ධ ජාතිකවාදය යනු ඒකීය සමස්තයක් ලෙස නාමකරණය කරනවාට අමතරව එය විවිධ ප‍්‍රවණතාමය උපාංගයන්ගේ සුසම්බන්ධීය තර්කණයක් ලෙස හඳුනා ගැනීම දේශපාලනිකව වැදගත් වන බව මම විශ්වාස කරමි. ඒ පිළිබඳව විශ්ලේෂණාත්මක විග‍්‍රහයන් සැපයීම ඉදිරියට තබා ගෝඨාභය ප‍්‍රපංචය ඒ වෙනුවෙන් සපයන මෙහෙය අතිමහත් වන බව කිව යුතුව ඇත.

2013.07.25

[උපුටනය- DisneyLanka වෙබ් අඩවියෙනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gota, Lieutenant Colonel Nandasena Gotabaya Rajapaksa, Mahinda Rajapaksa, Secretary to the Ministry of Defence, Ananda College, Ravaya, Tiran Kumara Bangagamaarachchi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විදර්ශන කන්නන්ගරගෙන් තවත් වියමන්
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
Cine
ශිෂ්ටාචාරය හා එහි අසහනය | යටත්විජිත මනසක නිධානය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
චේ ලියයි.
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook