Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අත්තනායක මොඩල්...!
බූන්දි, 01:41:37
සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ නිවසකින් අත්තනායක කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. ජවිපෙ නායකයා වුණු රෝහණ විජේවීර, අත්තනායක නමින් නම් වෙනස් කරගෙන උලපනේ නිවසක ව්‍යාපාරිකයකු ලෙස සැඟව සිටිය දී අත් අඩංගුවට ගෙන තිබිණි. ජාතික රූපවාහිනියේ සිදුවුණු 'මේ ඒ විජේවීර දැයි' සැක හිතෙන තරමට වෙනස් 'අත්තනායක' කෙනෙකුගේ ප්‍රකාශ නිකුත් කිරීමකින් පසු අත්තනායකත් විජේවීරත් යන දෙදෙනාම අතුරුදහන්ව ගියේ ය.

අත්තනායකගේ (හෙවත් විජේවීරගේ) මරණින් පසු ඔහු ගෙන ආ දේශපාලන දැක්ම ජනතාවට අමතකව ගියත්, ඔහුගේම අනුගාමිකයන් 'උඩු කුරුඤ්ඤං' කරණමින් ඔහුගේ දේශපාලන දැක්මට විරුද්ධ මත තිබුණු තැන්වල හිටගත්තත් සාමාන්‍ය ජනතාව අතර අමතක නොවුණු එකම එක් දෙයක් ඉතිරි විය. ඒ 'අත්තනායක මොඩල්' නමින් ප්‍රසිද්ධියට පත්වුණු, උලපනේ අත්තනායක පාවිච්චි කළා යැයි කියූ මෝටර් රථ විශේෂයයි. විප්ලව දෙකකට නායකත්වය දෙන්නට ගිය නායකයකු පිළිබඳ ප්‍රධානම, නොවරදිනම ස්මාරකය වූයේ මේ මෝටර් රථයයි.

දැන් වසර විසි ගණනකට පසු 'අලුත් අත්තනායක මොඩලයක්' අපට හඳුනාගන්නට ලැබී ඇත. ඒ 'මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි! ' කියමින් දොරමඩලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝද චණ්ඩියෙක් නිසා අත්තනායකලාට 'පාට්' වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළ ය. පිළිගත හැකි බවින් ද වැඩි ය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් 'බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්ම ය' කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත.

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධ ව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳව ය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැන ය‍.

මාද වාඩි වී සිටි සිංහල දේශනවල සිසු සිසුවියන්ගේ 'ආදරණීය අත්තනායක සර්' ලයාන්විතව ගෝර්කි සහ චෙකෝව් ගැන කීවේ ය. සමාජ සත්තා යථාර්ථවාදය ගැන කියමින් සිසුවියන්ගේ ඇස්වලින් කඳුළු වැට්ටුවේ ය. 'අත්තනායක සර්' අපේ දේශනවලින් අයින් කරන්නට යන්නේය යන ආරංචි මාත්‍රය ඇසුණු විගස සිංහල දෙපාර්තමේන්තුව අසළට පැන අරගල කරන්නට තරම් මේ කඳුළු කැඳවන ආකර්ශණීය බව ඉහළ විය.

කලින් කලට අත්තනායක සර් අලුත් අලුත් මොඩල් ළමයින්ට ඉගැන්නුවේ ය. සරසවියේ දී ගෝර්කිලාගේ මොඩලය ගැනත්, සමාජ සත්තා යථාර්ථවාදය ගැනත් කියූ ඔහු රූපවාහිනියේ දී කුටුම්භ සුරැකුම, යහපත් ජීවිතය, ධාර්මික ජීවිතය ආදී අට අනූවක් දේ ගැන මොඩල ඉදිරිපත් කළේ ය. සරසවියේ සිසු සිසුවියන්ගේ කඳුළ සමාජයේ උපාසකම්මාලා වෙත භාර විය. නියමිත දේශනවලට සර් ආවත් නැතත් සමාජයේ මොඩල තැනීම අතින් තිබූ ජනප්‍රිය බව නිසාම කිසිවකු කතා කළේ ද නැත.

මේ ජනප්‍රිය කතා පිළිබඳ කසුකුසු බොහෝ තිබුණද මාහට හිසේ අත ගසා ගන්නට වූයේ පේරාදෙණියේ සිසු දෙපළක් රුසියානු නවකථාවක් වූ ගුරු ගීතය ඇසුරින් නාට්‍යයක් නිපදවන්නට මුහුරත් උළෙලක් පැවැත්වූ දිනයේ ය. අයිත්මාතව්ගේ රුසියානු කතාව සිංහල වේදිකාවට ගෙන එන්නට තිබූ මුහුරතෙහි ප්‍රධාන ආරාධිතයා අත්තනායක සර් විය. ඔහු එදා පහත කරුණු කීවේ මගේ කණ්වලට ඇසෙන්නට ය.

"මේ කතාව, ඒ කියන්නෙ විංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතය නවකතාව කියවපු අපේ කාලෙ හැම කොල්ලෙක්ටම ඕන වුණා දුයිෂෙන් කෙනෙක් වෙන්න. හැම කෙල්ලෙක්ටම ඕන වුණා අල්තීනායි කෙනෙක් වෙන්න. හැමෝගෙම අත්පොතක් වුණා වින්ගීස් අයිත්මාතව්ගෙ ගුරුගීතය!"

මේක එදාටත් වඩා අදට ගැලපෙනව. අද ළමයි කැම්පස් එන්න කලින් ගමේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට වැඳල ඇවිත් ආපහු හැරෙන්නෙ ඒ ගොල්ලන්ට පයින් ගහන්න බලාගෙන. මේ ගුරු ගීතය ඒකට හොඳ උත්තරයක් දෙනව. නගරයට ගිහින් මහාචාර්යවරියක් වෙලා ගමට එන අල්තීනායි සුලෙයිමානොවා හොයනව දුයිෂෙන් ගුරුතුමා ව. ඔහු ඒ වෙනකොට ලියුම් බෙදනව. ඉස්කෝලෙටත් ලියුම් බෙදල යන්න ගිහිල්ල. අල්තීනායි මහාචාර්යවරිය දුවල ගිහින් එක්ක එනව තමන්ගෙ ගුරුතුමා වුණු දුයිෂෙන්ව. ඒ කරල ඉන්දනව මුල් පුටුවෙ. මෙන්න ගුරුතුමනි ඔබට හිමි තැන කියල"

චින්ගීස් අයිත්මාතව් වින්ගීස් වී තිබුණේත්, අල්තීනායිට කරන්නට හමුවන්නට නොහැකි වුණු දුයිෂෙන් මුල්පුටුවේ හිඳුවා තිබුණේත් අත්තනායක සර් ය. සභාවේ කිසිදු හාහෝවක් නොවූයේ වෙනත් බොහෝ ආචාර්යවරුන් මෙන්ම සිසු පිරිස් ද ගුරු ගීතය අතින්වත් අල්ලා නොතිබූ හෙයිනි!

චිංගීස් (විංගීස් නොවේ!) අයිත්මාතව්ගේ ගුරු ගීතයේ අල්තීනායිට දුයිෂෙන් මග හැරෙන්නේ පහත දැක්වෙන පරිදි ය.

.....අස්ථිර ලෙස හිස එසවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවේලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේ ය.
"මම එයාට එන්න කිවුවා. ලියුම් බෙදන්න තියෙනවය කියල එයා ගියා. "
"ඔහෙ ගිහින් බෙදපුවාවෙ. නවත්තන්න උවමනා නැහැ. ... "
- ගුරු ගීතය - 11 පිට -


කිසිවක් නොකියවූ සභාවක් ඉදිරිපිට ඕනෑම බොරුවක් නොබියව කිව හැකි බව අත්තනායක සර්ලා දනී. ඕනෑම මොඩලයක් ඇත්ත කර පෙන්විය හැකි බව ද දනී. පේරාදෙණි සරසවියට වඩා 'දොරමඩලාව' සරසවියට ඔහු කැමති ඒක ය. මොඩල් පෙන්වන විට බලන්නට රටම හරි බරි ගැහෙයි. දොරමඩලාව සරසවියකැයි කියා හසන්ත කියූ විටම පිළිගන්නා ජනතාව සූරියප්පෙරුමලාගේ කියුම් කෙරුම් ආදිය සිහිකොට සාදුකාර දී අත්තනායක මොඩල් අසන්නට ගනියි.

මුගලන් හාමුදුරුවෝ චණ්ඩියෙක් ද නැද්ද යන ගැටළුවට වඩා අප සොයන්නට ඕනෑ අත්තනායකලාගේ මුගලන් මොඩලය කුමක් ද කියා ය. මුස්ලිම් විරෝධයක් නැගෙද්දී, විවිධාකාර බල සේනා ආයුධ මුවහත් කරද්දී, රතුපස්වල මළගෙවල් නිමා වී දානමාන පින්කම් කෙරෙද්දී මේ මොඩල්වල අවශ්‍යතා තේරුම් ගන්නට හැකිවනු ඇත.

මේ අත්තනායකලාගේ සිල් රෙදි යට චණ්ඩි කතා හඳුනාගත යුතු කාලයයි. රට විනාශ වෙද්දී ඒ රකින්නට නම් චණ්ඩි මුගලන්ලා එන එකක් නැති නිසා ය.

[ -අළු ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Aththanayaka Model, Rohana Wijeweera, Doramandalawa
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රියන්ත ෆොන්සේකාගෙන් තවත් වියමන්
Cine
සෙල්විලා හැරී බලා සිනාසෙන තෙක්: "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය පිළිබඳ කෙටි ඇගයුමක්
අදහස්
ජූලිය එළඹෙමින් පවතී!
වෙසෙස්
සෙසෑන් වෙත ලියමි!
අදහස්
සංජීව පුෂ්පකුමාර- ඔහු හරිම කොට ය!
අදහස්
ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ.... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook