Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
............
බූන්දි, 12:58:41
හැමදේ ම අමතකයි
හැමදේ ම අහිමිවෙයි
මා දුන් ත්‍යාග පවා
වෙන'කකු හට තිළිණ වේ

අමතක කරමු
පෙම්වත් ව සිටියා කියා
මල් ගැන, රඟ ගැන
අපි අපේ නම් පවා
සිහිපත් නොකරමු

මගේ සිහිනය නුඹ
පියඹා ගොසින්
ඈටත් කිව යුතුයි
මා අන්ක'කු හා පෙමින් බැව්
එය එසේ නොවන'මුත්
ඇපල් ගස නුඹ
තවත් මල් පුබුදන්නේ
කා නිසා දැයි සැකයි

තැලී මිරිකුණු තණපත් විතරක්
සුළඟ නිසා යළි පිබිදෙයි

ෆත්යානොව් ගේ ප්‍රේමය | 2005

*සෝවියට් රුසියාවේ පසු විප්ලවීය යුගයට අයත් ප්‍රමුඛතම කවියෙකු හා ගීත රචකයෙකු සේ සැලකෙන අලෙක්සේයි ෆත්යානොව් 1919 මාර්තු 17 වැනි දා මෙලොව එළිය දුටු අතර වසර හතළිස් ගණනක් වූ සිය කෙටි ජීවිත කාලය ඇතුළත, වෙසෙසින් ම දෙවන ලෝක යුද්ධ සමයේ දී, විශිෂ්ට කවි රැසක් ද ගීත දෙසියයක් පමණ ද රචනා කළේය. ඒවා අද ද රුසියානුවන් අතර ඉමහත් ආදරයට පාත්‍ර වේ. ෆත්යානොව් ගේ බොහෝ කවිවලට මාතෘකා යොදා නැති අතර මෙම කවියට ද එවැන්නක් යොදා තිබුනේ නැත. 'ෆත්යානොව් ගේ ප්‍රේමය' තනුජා ධර්මපාල විසින් රුසියන් බසින් සිංහලයට නගන ලද්දකි.

[හැඳින්වීම : ‘ ෆත්යානොව් ගේ ප්‍රේමය’ පරිවර්තිකාවගේ පෙරවදන ඇසුරිනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අලෙක්සෙයි ෆත්යානොව් ගෙන් තවත් වියමන්
කවි
43.
තවත් පරිවර්තන කවි
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
'සැලී' උයනෙහි කෙළවර
අඳුරු ගොම්මනක කතාව
ආත්මීය කුණාටුව
පීඩිතයෝ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook