ෂෙල්ටන් ආරච්චිගේ - සොඳුරු සාහිත්‍යධරයෙකු ගේ නික්ම යාම | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ෂෙල්ටන් ආරච්චිගේ - සොඳුරු සාහිත්‍යධරයෙකු ගේ නික්ම යාම
බූන්දි, 02:42:48
වරදකාරී හෘදය සාක්ෂියක රිදුම ද සමග මම කුරණ 'ගාමිණි පාර' නැවතුමෙන් බසයෙන් බැස ගතිමි. ඉකුත් පෙබරවාරියේ දවසක මුල් වරට මේ මග ම මා ඔහු හමුවන්නට ගියේ මෙවැනි ම සුන්දර උදෑසනක ය. අධ්‍යයන කටයුත්තක් සඳහා අවැසි ලියවිලි කිහිපයක් සොයා ගන්නට ය.

ෂෙල්ටන් ආරච්චිගේ මහතාය.

ඔහු චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර ගුරුවරයෙකි. චිත්‍ර සාහිත්‍ය කලා විචාරකයෙකි. කවියෙකි. ලේඛකයෙකි. බොහෝ කලාවන්හි දස්කම් පෑවෙකි. ‘‘ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර මූර්ති කලාවේ නව ප්‍රවණතා” කෘතියේ කතුවරයා ය. ඒ සියල්ලටම වඩා සුන්දර මිනිසෙකි. අප හමු වුයේ එකම දිනක් පමණක් වුව ද එය සදාතනික මතක සැමරුමකි.

මා සොයා ගිය ලිපි ලේඛන කිසිවක් ම හමු නොවුණත් මට තවත් සොඳුරු මව්පිය යුවළක් හමුවිණි.

එදා ගන්ධාරි කලායතනය අබියස වැසී තිබුණු ගේට්ටු පියන් අද මුළුමනින්ම විවෘතව තිබිණි. සුදු රැළි පාලම් කොඩියක් හිසට ඉහළින් ලෙළ දුනි. සදාකාලික වියෝ වේදනාවේ තරම අකුරු කළ බැනර් හතර වට ය.

එදා මා සමග වාඩි වී කතා කළ, විහිළු කළ, සෙනෙහස පෑ වේවැල් පුටුව ඉස්තෝප්පුවේ හුදකලාවම ළතවෙමින් සිටියි.

‘‘අනේ මහත්තයා බලන්නකො මේ තරංගි ඇවිත්.. ඔයා කිව්වෙ තරංගි එයි කියල ” නිසල දෙන අභියස ඈ හඬා වැළපුණි.

මවිසින් ම දල්වා ලූ සිහින සැබෑ කරලන්නට පමා වීම පිළිබදව මම සිතින් සමාව යැද්දෙමි. එසේම එකී සිහිනය ඉටු වන තුරු නොඉඳ අප හැර යාම පිළිබඳව දොස් කියන්නට ද මට අවැසි විය.

‘‘ පෙරේදා ඔයා කතා කළාට පස්සෙ මං කිව්ව තරංගි කතා කළා. එයාගෙ පොතකට ඔයාගෙ ලිපියක් ගන්නව කිව්වා. ඔයාගෙ විස්තරත් ඇහුවා ඔයාගෙ පොතක් පළ කරල උපහාර උත්සවයක් කරන්නත් එයාලගෙ අදහසක් තියෙනවා කියල. ඉතින් හරි සන්තෝස උණා...”

සැබවින්ම මා කතා කළේ සිකුරාදා සවස ය. ඔහු සමුගෙන ඇත්තේ එදින ම රාත්‍රියේ ය. කොතරම් දෛවෝපගත ද?

පෙර කී අධ්‍යයන කටයුත්ත වෙනුවෙන් අවැසි ලිපි සොයමින් ඉපැරණි රාවය පත්තර පෙරළන විට මම ෂෙල්ටන් මහත්මයා විසින් ලියා තිබූ ලිපි, කවි ද එකතු කළෙමි. ආර්.ආර්. සමරකෝන්, සුනිල් ශාන්ත, මහගමසේකර, කෝකිලදේවි වැනි කලාකරුවන්ගේ අනුස්මරණ වෙනුවෙන් ඔහු ලියූ කවි, ලිපි ඒ අතර බොහෝ විය. එවන් කළගුණ දත් අපුරු කලාකරුවකු සාහිත්‍ය කලා ලොවේ බොහෝ දෙනෙකුට අමතක වී තිබිණි. වසර දහයක පමණ කාලයක් ඔහු රෝගාතුර නිහැඬියාවක ගිලී සිටීම එයට හේතුව ද?

‘‘ පෙරේදා රෑ දොළහමාරට විතර දාඩිය දාලා හොදටම නැගිට්ටා.. අමාරු ගතිය දැණුනා. එයාම පන්සිල් අරගෙන, මෛත්‍රී භාවනාව කරල, මම නිදුක් වෙම්වා කියල තුන්සැරයක්ම කිව්වා... ඉන්පස්සෙ ඉතිපිසෝ ගාථාව කිව්වා..ගෙයින් එළියට බහිනකල්ම. ඉස්පිරිතාලෙ යන්න බැහැම කිව්වා.. ඒත් අපි අරගෙන ගියා... මගදි නැති වුණේ...

පහුගිය කාලෙ දිගටම ඇහුවෙ බෞද්ධයා චැනල් එක. කියෙව්වෙ බෞද්ධ පොත්පත්... අන්තිමට කියව කියව හිටියෙ නිවන් මග කියල පොතක්...”


ඇය පොත මවෙත ගෙනෙන්නී ය. මම නිවන් මග පෙරළා බලමි. ඒ මග අපට කොතරම් දුර ද?

‘‘හරිම ආසයි අර සින්දුවට.... ඇසේ මධුර ජීවනයේ ගීතා... එදත් මුණුබුරු මිණිබිරියො වට කරගෙන ඔය සින්දුව කිව්වා...”

‘‘ එයා මරණයට සූදානම් වෙලා හිටියෙ. මටත් බණ දහම් කියල දිදී මාවත් සූදානම් කළා. මහත්තයා සැනසීමෙන් මරණයට මුහුණ දුන්නෙ.. එයා වාසනාවන්තයි...”


සෙවණැල්ල සේ ළග සිටි ඔහු ගේ දයාබර බිරිඳ පවසන්නී ය. අපේ උපහාර නැතිවාට අඩුවක් වී නැතැයි මට සිතේ. නිවී සැනසුණු සිතින් ඔහු මෙලොව අත්හැර ගොස් ඇත. එයම කොතරම් වාසනාවක් ද?

‘‘ let go… අත්හරින්න... මරණයට බය වෙන්න හොද නෑ.. ඒ ගමනත් සතුටින් යන්න ඕන. ” වරක් ගරු ඇලොයි පියතුමා කී කතාවක් මට සිහිපත් වේ.

නිසල දෙණ අබියස හිඳ මම ඔහුගේ පළ වී ඇති එකම පොත පෙරළමි. එය දෙස් විදෙස් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ පිළිබදව ලියැවී ඇති අපූරු ලිපි එකතුවකි. ලිපි 135 කි. සාහිත ගුණයෙන් ද පිරිපුන් ය. සිතුවම් පිළිඳව වචනයෙන් මැවූ තවත් සිත්තමකි. ඒවායේ මාතෘකා ද හරි කදිම ය.

කලාගාරයක දැවෙන කල්පනා....

සිවුරක්, කැන්වසයක්,

තෙලිතුඩක්... තෙලිකුඩු ඉහිරුණි....

භක්තිමත් අනුරාගයේ තෙලිතුඩ....

ඔහු පිළිබදව ලිපියක් ලියන්නට සිතා සිටියෙමි. පත්තර මිතුරන්ට ඔහු ගැන ලියන්නැයි ඉල්ලන්නට සිතුවෙමි. ඔහුගේ නිර්මාණ එළිදැක්වීමක් සමග උපහාර උළෙලක් කරන්නට සැලසුම් කළෙමු. නමුත් ඒ සිහින සිහින ලෙස තිබියදී ම ඔහු නික්මී ඇත.

පමාව ජීවිතයේ බොහෝ කාරණාවන් සමග බද්ධ වී තිබේ. ඒ බොහෝ පමාවන් ගැන ළතැවිල්ලක් නැත ද, මේ පමාව කලක් ගතවන තුරු හිත පාරවනු ඇතැයි සිතේ...

නමුත් එක් සැනසුමක් ද ඇත. අපේ සිහින පිළිබඳ දැන සිටි ඔහු ඒ පහන් හැඟුම ද සිත්හි දරාගෙන සන්තොසින් නික්මෙන්නට ඇත.

ෂෙල්ටන් ආරච්චිගේ මහත්මයාණෙනි.... ආදරණීය පියාණෙනි ඔබට නිවන් සුව....

ඇසේ මධුර ජීවනයේ ගීතා... නාමු අමාදහරේ...

[දේහය පිළිබඳ අවසන් කටයුතු 2013 සැප්තැම්බර් මස 02 වන සදුදා හවස 3.30 ට කුරණ පොදු සුසාන භුමියේදි පැවැත්වේ.
නිවසේ ලිපිනය - 683/3, කුරණ, මීගමුව ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Shelton Arachchige, Sri Lankawe Noothana Chithra Moorthi Klawe Nawa Prawanatha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තරුරසී ප්‍රනාන්දුගෙන් තවත් වියමන්
කතා-බස්
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
කවි
ප්‍රේමයෙහි පවතිමි...
කරන්ට්ස්
නොනිම් සන්ධ්‍යාව
පොත්
දියෝනිස් දෙවොල පාමුල ජීවිතය කියවීම
පොත්
''චේ කෝ...'' සහ තවත් කතා
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook