Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
A/L ඉවරයි සහ ඇරඹුමක අවසානය....
බූන්දි, 08:14:48
A/L ඉවරයි ටෙලි නාට්‍යය නිමා විය. එය හරියටම දැනුණේ කාලයක් තිස්සේ නිවසේ සිටි හොඳම යාලුවෝ පිරිසක් හැර ගියාක් මෙනි. පශ්චාත් විශ්ව විද්‍යාල අවධිය ගත කරන නිසාත් යහළුවන් හැර යාම දැඩි ලෙස දැනෙන ජීවිතයේ හැරවුම් ලක්ෂයකට පැමිණ සිටින නිසාත් මෙම හැර යාම තවත් දැනෙනවා වැඩි විය හැකිය. එහෙත් මුහුණු පොත පුරා සැරිසරන විට ද අත්දු‍ටු යතාර්ථය නම් A/L ඉවරයි ඉවර වීම බොහෝ දෙනාට දැඩි ලෙස දැනෙන බවයි. ටෙලි නාට්‍යය නැරඹීම එපා වී සිටි අවස්ථාවක, කාලයකට පසු සියලු වැඩ නවතා රූපවාහිනිය ඉදිරිපස වාඩී වීමට ආශාවක් ඇති කළ ටෙලි නාට්‍යයක් ලෙස A/L ඉවරයි ටෙලි නාට්‍යය හැදින්වීමට කැමැත්තෙමි. අප පිළි ගන්නට කැමති වූවද නැති වූවද වර්තමානය වන විට ටෙලි නාට්‍යය කලාව ඉතාම අභාග්‍යසම්පන්න අවධියකට ළගා වී ඇත. ටෙලි නාට්‍ය කලාව සම්බන්ධයෙන් පසු ගිය කාලය තුළ මා දු‍ටු ප්‍රබලතම අර්බුදය නම් ඊට නව තේමා සහ වස්තු බීජ සොයා ගැනීමට නොහැකි වීමයි. අප දිගින් දිගටම දු‍ටුවේ වලව්වක තරුණයකු එහි මෙහෙකාර තරුණිය හා මිතුරු වන, එසේත් නැතිනම් ආර්ථික අගහිගකම් වලින් පිරි තරුණයකු යහමින් මිළ මුදල් ඇති පවුලක තරුණියක හා මිතුරු වන ඉතාම ඕලාරික ගණයේ තේමා ‍රැගත් ටෙලිනාට්‍යයයි. එහෙත් A/L ඉවරයි යනු මේ ඉඩෝරය මකාලන්නට පැමිණි අතිශයින් විරල ගණයේ ටෙලි නාට්‍යයකි.



කතාවේ ප්‍රධාන තේමාව වන්නේ A/L විභාගය අවසන් වී තම සිහින සොයා කොළඹ නගරයට පැමිණෙන තරුණයන් පස් දෙනෙකුගේ සහ තරුණියකගේ කතාවයි. මොවුන් අතරට කොළඹම හැදී වැඩුණු අපූරු තරුණියකුත් එක් වෙයි. මේ සියලු දෙනා හමු වන්නේ සෞන්දර්ය පාසලකදිය. කතාව ආරම්භ වන්නේම මෙහි එක් තරුණයකුගේ පියා "ඔය නැ‍ටුම් ගැයුම් වලින් නම් ජීවිතේට මිනිහෙක් වෙන්න බෑ" යනුවෙන් කරනු ලබන ප්‍රකාශයකිනි. මෙහි උත්ප්‍රාසය නම් මේ තරුණ පිරිස හුදු වාණිජමය පරමාර්ථයෙන් තොර කලාවේ සැබෑ අරුත වටහා ගත් පිරිසක් වීමයි. මෙහි ගමෙන් කොළඹට එන තරුණයන් සිව් දෙනාම තමන්ගේ ගම් තුළ රස්තියාදුකාරයන් ලෙස හංවඩු ගැසුණු අයයි. මෙහි වැඩිහිටියන්ට මෙන්ම සමාජයේ බොහෝ දෙනාටද නොපෙනෙන එසේත් නැතිනම් දකින්නට උත්සහ නොදරන යතාර්ථය නම් ජීවිතයම යනු රස්තියාදුවක් බවයි. දෙමාපියන් බලාපොරොත්තු වන්නේ තම දරුවන් ඒකීය දිශාවක් ඔස්සේ ගොසින් හොදින් ඉගෙන ගෙන් මුදල් උපයා යම් කිසි කාර්යාලයක ඉහළ තනතුරකට පත් වී සතුටින් ජීවත් වේය යන්නයි. මෙය පොදුවේ සියලු දෙමාපියන් තම දරුවන් සම්බන්ධයෙන් දකින සිහිනයයි. එහෙත් ජිවිතේ රස්තියාදු ගැසූ තරමට ජීවිත අත්දැකීම වැඩි බවත් සැබෑ කලාකරුවන් පමණක් නොව පූර්ණ මිනිසුන් බිහි වන්නේ ද රස්තියාදුවෙන් බවත් පිළිගන්නට අප සමාජය සූදානම් නැත. මෙය සමහර විට අපේ රටේ අධ්‍යාපනය තුළද පවතින ඛේදවාචකයයි. අප උදේට පාසල් ගොස්, හවසට ටියුෂන් ගොස් ගෙදර එන හොඳ ළමයි හදන්නට වෑයම් දරන අතර ඔවුන්ට නිදහසේ ස්වයං අධ්‍යයනය තුළින් ඉගෙන ගැනීමට අවස්ථාවක් දෙන්නේ නැත.

මෙම ටෙලිනාට්‍යයේ බොහෝ දෙනා ප්‍රිය කළ විශේෂාංගය නම් එහි ආ තේමා ගීතයයි.

මං ගමේ කොල්ලා
ගම එපා වෙලා
ටවුමට ආවේ
පෙට්ටගම කඩලා

ආච්චිට මොකටද රත්තරන්
පෙට්ටගමේ තිබුණ හැමදාම
එයාටත් නෑ
ආච්චිටත් නෑ
අපටත් නෑ
කාටත් නෑ
දෙන්නෙත් නෑ

සල්ලිවලට තමයි සලකන්නේ
බොරුවටමයි තැන තියෙන්නේ
ටවුන් එක බිසි
තියෙන්නේ බිලිඩිං
එ මදිවට ට්‍රැ‍ෆික්
යන්න වෙන්නේ උඩින්
හැමෝගෙම රෙස්පෙක්ට්
ප්‍රශ්නේ අපිද
අපි ප්‍රශ්නයක්ද



[ මං ගමේ කොල්ලා | YouTube Link ]

මට අනුව නම් මෙහි යොදා ඇති පෙට්ටගම යන යෙදුම ප්‍රබල සංකල්ප රූපයකි. පෙට්ටගම යනු අතීත වටිනාකම් ‍රැසක් ගැබ් වූ පරම්පරාවෙන් පරම්පරාවට ‍රැක ගත යුතු වස්තුවකි. එය විකුණා දැමීමට නම් යමෙක් අතිශයින් නිර්භීත විය යුතුයි. මෙහි එන චරිත සියල්ල ද කාලයක් තිස්සේ මුල් බැස ගෙන තිබූ සංස්කෘතික, සදාචාරාත්මක රාමු බිද දමා ඉදිරියට එයි. මෙම නාට්‍යය අවසන් වූ පසු මුහුණු පොතේ දු‍ටු එක්තරා ඡායරූපයක දක්වා තිබුණේ
"අරක්කු බොන්න උගන්නපු
කුණුහරුප කියන්න උගන්නපු
A/L ඉවරයි ටෙලිනාට්‍යය පෙන්නපු
ජාතික රූපවාහිනියෙන් දැන්
ඕනෑම ජරා නාට්‍යයක්
පෙන්නන්න පුළුවන්"
යන්නයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාල ගැටළුවක් වන්නේ අධි සංස්කෘතික (hyper-cultural) සමාජයක් ගොඩ නැගීමට යන විරෝධාභාසයයි (paradox). මෙරටට එන මත් ද්‍රව්‍ය, මත් වැටි ප්‍රමාණය අවම නොකර කලාව තුළින් පමණක් කො‍ටු දමා මේ ගැටළුව විසදීමට හැකි යයි සිතීම විහිළුවකි. මෙම දර්ශන වලට කො‍ටු දැමීම හෝ බීප් ශබ්ද දැමීමට එහා ගිය සමාජ දේශපාලන කතිකාවක් මෙරටට අවශ්‍යයය. මෙය හුදෙක් A/L විභාගය අවසන් වී කොළඹට පැමිණෙන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලුවක් පමණක් නොව විශ්ව විද්‍යාල සිසුන් පවා මුහුණ දෙන ආර්ථික යතාර්ථයයි. බහු ජාතික සමගම් වල ප්‍රචාරණ වලට සම්බන්ධ වීම, සිම් පත් විකිණීම, රාත්‍රියට මුර සේවාවන් හි නිරත වීම පමණක් නොව විශ්ව විද්‍යාලයේ කැන්ටිම තුළ එක් වන පොල් ක‍ටු, ඇපිල්ලුම් පොළවල් වලට විකුණා ජීවිත සටනට මුහුණ දෙන අපූරු චරිත මට මුණ ගැසී ඇත.



මෙම තරුණ තරුණියන්ට මෙලෙස වෙනත් විකල්ප හරහා තමන් විඳින සමාජ ආර්ථික පීඩනයන් පිට කිරීමට සිදු වන තැනට අයුක්තිසහගත දේශපාලන සමාජ ක්‍රමයක් ගොඩ නැගූවේ කවුද යන්න මෙම ගීතය තුළින්ම ප්‍රශ්න කරයි. "ප්‍රශ්නේ අපිද? අපි ප්‍රශ්නයක්ද?" සැබැවින්ම අපිව ප්‍රශ්නයක් වන තැනට පත් කර තිබෙනවා මිසක් අපි ප්‍රශ්නයක් වී නැත. එම නිසා මෙම නාට්‍යය සංස්කෘතිය පිළිබඳව ද පෙරළා ප්‍රශ්න කරයි. මෙහිදි අප වටහා ගත යුත්තේ සංස්කෘතිය යනු සමාජ නිර්මිතයක් වන අතර එය ප්‍රගතිශීලී ලෙස සමාජය ඉදිරියට යෑම වළකන ප්‍රපංචයක් නම් එය කඩා දැමීමට තරම් නිර්භීත විය යුතු බවයි. ලක්මිණි අමරදේව මෙම නාට්‍යය නිර්මාණය කිරීමම පමණක් නොව එය විකාශය කිරීමට ජාතික රූපවාහිනිය ‍තෝරා ගැනීමද අතිශය නිර්භීත පියවරකි. ඔහු මේ හරහා ශ්‍රී ලංකා සමාජයේ මුල් බැස පැවති තහංචි සිමා (taboos) ‍රැසක් අතික්‍රමණය කරයි.

මේ කතාව අප බොහෝ දෙනාට සමීපව දැනෙන්නේ එය ගමේ සිට සිහින සොයා කොළඹ නගරයට පැමිණෙන අප සියලු දෙනාගේම කතාව වීම නිසා නොවේද? තමන් උපන් ගම හෝ රට අත හැර වෙනත් සමාජයක ජීවත් වීමට සිදු වීම ජීවිත කාලය තුළ අප සියලු දෙනා මුහුණ දෙන සාමාන්‍ය අත්දැකීමකි. මෙය විටෙක සංස්කෘතික කම්පනයකි. එසේත් නැතිනම් ආර්ථික, සමාජ කම්පනයකි. මෙහි ගමෙන් නගරයට එන තරුණයන් විවිධ ආර්ථික සහ සමාජ ඝට්ටනයන් මැද ඉදිරියට යයි. විටෙක ඔවුන්ට පාන් භාගයක් ගැනීමට මුදල් නැත. කොළඹ නගරයේ නතර වෙන්නට තැනක් නැත. එහෙත් මේ සියලු බාධක බිඳ ගෙන ඔවුන් ඉදිරියට යයි.

අජන්ත මැතිවරණ ව්‍යාපාරයකට සම්බන්ධ වී පරාක්‍රම මන්ත්‍රීතුමා ජයග්‍රහණයට පත් කර ඔහුගේ ලේකම් බවට පත් වෙයි. අවසානයේ අජන්ත ඔහුගේ නිර්මාණාත්මක හැකියාවන් සියල්ල නූගත් දේශපාලකයකු ජයග්‍රහණය කර වීම සදහා යොදවයි. ඒ සමගම ඔහු කතාව පුරාම දැඩි ලෙස විශ්වාස කළ සමාජවාදී දර්ශනය ද පාවා දෙයි. චතුරංග ද ඉඳහිට මෙගා ටෙලි නාට්‍ය වලට කැමරා ශිල්පියෙකු ලෙස සම්බන්ධ වෙයි. කතාව ආරම්භයේ සිටම රෙගේ තාලයෙන් ගායනය වු මං ගමේ කොල්ලා ගීතය, මේ වන විට ගීත වෙළද පොලේ පහසුවෙන්ම අලෙවි කල හැකි හිපොප් තාලයට නිර්මාණය වේ. රෙගේ සංගීතය යනු ජැමෙයිකාවෙන් උපත ලබා අතිශය දේශපාලනික ව්‍යාපරයක් සදහා යොදා ගත් සංගීත ෂානරයකි (genre). එහෙත් එය වර්තමානයේ ලංකාවේ පහසුවෙන් අලෙවි නොවන නිසාම මෙහි තනුව වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම සංතුෂ් මෙය පැරණි ජනප්‍රිය ගීත තනුවකට සමාන ලෙස ගායනා කිරීම ද උත්ප්‍රාසය (irony) දනවන සුලුය. මන්ද යත් ලංකාවේ සංගීත භු දර්ශනය (landscape) නිර්මාණය වී ඇත්තේ මෙලෙස ඉතාම සීමා සහිත රස වින්දන පරාසයන් මත බැවිනි. එමෙන්ම මෙහි උදාරි රූපවාහිනී වැඩසටහනක් හරහා දේශපාලකයකුගේ රහස් ව්‍යාපාර හෙළි දරව් කිරීමට ගොස් ජීවිත තර්ජන වලට පවා ලක් වෙයි. සංතුෂ් ප්‍රංශ සිනමා උළෙලකට පිටපතක් නිර්මාණය කරන ලෙස අජන්තගෙන් ඉල්ලා සිටීම, උදාරිගේ වැඩසටහනේ අධ්‍යක්ෂ පැහැර ගෙන ගොස් මරා දැමීම යනාදිය මෙම ටෙලිනාට්‍ය තුළ පුළුල් ලෙස සාකච්ඡා වෙයි. මෙය අප වර්තමානයේ මූහුණ දෙන සමාජ දේශපාලන යතාර්ථයයි.



කලාව තුළ වෙනසක් කරන්නට පැමිණෙන මේ අයට අවසානයේදි ජනප්‍රිය ‍රැල්ල සමග ගසා ගෙන යාමට සිදු වීම ඛේදවාචකයකි. එහෙත් මෙහිදී මා දකින සුවිශේෂ්ත්වය නම් ලක්මිණි අමරදේව නළු නිළියන් තොරා ගැනීමේදී දක්වා ඇති සැලකිල්ලයි. සමනළි ෆොන්සේකා යනු කවදත් වෙනස් චරිත ‍තෝරා ගැනීම තුළින් ටෙලි නාට්‍ය, චිත්‍රපටි කලාව පිළිබද විචාර බුද්ධියක් සහිතව ඉදිරියට යන දක්ෂ රංගන හැකියාවෙන් මුහුකුරා ගිය නිළියකි. ජගත් මනුවර්ණ, දසුන් පතිරණ ද එලෙස සෙමින් ගමනක් යන එහෙත් තෝරා බේරා ගෙන ටෙලි නාට්‍ය කලාව තුළ උඩු ගං බලා යන චරිත දෙකකි. මෙම කතාව තුළ තිබූ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ නළුවා යනු කඩවසම් භාවය යනුවෙන් ඒකාකෘතික භාවයට (stereotyped) ලක් කරන ලද පැහැපත්, හැඩි දැඩි සිරුරක් හිමි අයෙක් යන්න ප්‍රශ්න කිරීමට ලක් කිරීමයි. මෙහි නළුවකු වීමට සිහින දකින සංතුෂ්, අජන්ත පමණක් නොව උදාරි ද මෙම ඒකාකෘතිය තුළට උචිත චරිත නොවේ. එය කතාව තුළ විටින් විට උදාරිගේ මහත, අජන්තගේ ඝන ‍රැවුලක් ඇති කැත මුහුණ මිතුරු මිතුරියන් විහිළුවට ලක් කිරීම හරහාම ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙයි. එමෙන්ම අමරසිරි කලංසූරිය මහතා සන්තුෂ්ට රංගනය පිළිබදව ඉගැන්වීමට යොදා ගැනීම ද මෙහිදී කැපී පෙනෙයි. වරක් මගේ යහළුවකු ද පැවසුයේ දක්ෂ නළු නිළියෝ කිසිවෙක් ඉහත කී ඒකාකෘතිය තුළට එබ්බවිය නොහැකි බවයි. එමෙන්ම සැබෑ ජිවිතයේදී එවන් මවාපාන ලද චරිත හමු නොවන බවත්ය. මෙම කතාව තුළ එන රංගනය ද ඉතා තාත්විකය. දෙබස් රචනා වී ඇත්තේද දෙබස් බලෙන් රචනා කරන ලද ශෛලියකට එහා ගිය අප එදිනෙදා ජීවිතයේදී කතා කරන ස්වභාවයට සමීප අව්‍යාජ අකාරයකිනි.

A/L ඉවරයි ඉවර වීම හිස් තැනක් ලෙස අපට දැනෙන්නේද ඉහත කී සුවිශේෂී ලක්ෂණ නිසාය. අද හෝ හෙට A/L ඉවරයි නාට්‍යය අවසන් වන බව දැන සිටියද එය අපේම ජීවිත කතාව නිසා එය මෙලෙස ඉක්මණින් අවසන් වීම සංවේගජනකය. මන්ද යත් එයින් නිරූපිත අපේ ජිවිත අරගලය තවමත් නතර වී නැති නිසාය. A/L ඉවරයි මෙලෙස ලංකාවේ කලාව, සංස්කෘතිය යන ප්‍රපංචයන් ප්‍රශ්න කිරීමට ලක් කරන හොඳ තරුණයා හෝ හොඳ තරුණිය යනාදි ඒකාකෘතින් ප්‍රශ්න කරන එසේත් නැතිනම් සාම්ප්‍රදයිකව ගොඩ නගා ඇති මතවාද deconstruct කිරීමට මග පෙන්වන මෑතදි බිහි වූ නැවුම් සමාජ දේශපාලනික තේමාවක් ‍රැගත් සුවිශේෂි ගණයේ ටෙලි නාට්‍යයකි. නාට්‍යයේ බොහෝ දෙබස් විචාරශීලී දාර්ශනික (insightful) ඒවා වූ අතර ඉන් එකක් මෙලෙස ගෙන හැර දක්වමි.

"අපි අවදියෙන් ඉන්න ඕනි. ජිවිතේ තියෙන්නේ ටික කාලයයි. අවදියෙන් ඉන්න තරමට හොදයි."

ඡායාරූප- 'A/L ඉවරයි' මූණු පොත් පිටුවලින්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- "A/L Iwarayi" Sinhala Television Drama By Lakmini Amaradeva, SLRC, Jagath Manuwarna, Samanali Fonseka, Dasun Pathirana
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩේවිඩ් ක්‍රොනන්බර්ග් (කැනේඩියානු සිනමාකරු) කියයි.
වාරණ බලධාරීන් කරන්නේත් උමතු රෝගීන් කරන දෙයයි. ඔවුන් යථාර්ථය, මායාව හා පටලවා ගනී.
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook