Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සිරියාව- ව්‍යාජ අරගලයක්...! -Slavoj Žižek
[Slavoj Žižek විසින් ගාඩියන් වෙබ් අඩවියට, 2013 සැප්තැම්බර් 06 වන දා ලියන ලද "Syria is a pseudo-struggle" යන අදහස් දැක්වීමේ පරිවර්තනය.]
බූන්දි, 19:03:05
සිරියාවට අදාළව පුපුරා හැලෙන මානුෂික මැදිහත්වීම් පිළිබඳ ක්‍රියාවලිය සහ එකී මතය මුළුමනින් ව්‍යාජයක්. හොඳයි, මඳකට සිතමු... තමන්ගේම රටේ ජනතාවට එරෙහිව විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ (එසේ චෝදනා ලැබූ) දුෂ්ට ඒකාධිපතියෙක් සිටිනවා කියා... දැන් කවුද ඔහුගේ මේ රෙජීමයට විරුද්ධව වැඩ කරන්නේ...? මේ රෙජීමයට එදිරිව, ප්‍රජාතාන්ත්‍රික-අනාගාමික වූ කිසියම්ම හෝ විරෝධයක් ඉතිරි ව තිබුණා නම්, දැන් එයත් අඩු හෝ වැඩි වශයෙන්, තුර්කිය සහ සෞදි අරාබිය විසින් ආධාර කරනු ලබන මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායම් සහ අල්-ඛයිඩා සෙවණැලි මගින් ඇති කරන ලද ජංජාලයේ ගිලී ගොස් හමාරයි.

බෂාර් අල්-අසාද්ගේ සිරියාව, අඩුම තරමේ අනාගාමික රාජ්‍යයක් බවට (බොරුවට හෝ) අඟවමින් සිටියා. දැන් සුන්නි කැරලිකරුවන්ට එරෙහිව ක්‍රිස්තියානි සහ අනෙකුත් සුළුතර ජන කණ්ඩායම් අසාද්ගේ පාර්ශ්වයට පක්ෂපාතීව සිටින්නේත් ඒ හේතුව නිසාවෙන්. කොටින්ම, අපි දකිමින් ඉන්නේ අප්‍රකට යුද්ධයක්... අපැහැදිලි ලෙස නමුත් යම් විදිහකට කර්නල් ගඩාෆිට එරෙහිව ඇති වූ ලිබියානු කැරැල්ලට සමාන එකක්... එහි කිසිදු දේශපාලනික ස්වරූපයක් හෝ පළල් ප්‍රජාතාන්ත්‍රික සන්ධානයක් හෝ නැහැ. සුපිරි බලවතුන්ගේ ආධාර මගින් අධිනිර්ණයනය කරන ලද, හුදු ආගමික සහ වාර්ගික සන්ධානවල අවුල් සහගත සංකීර්ණ ජාලයක්... එක්සත් ජනපදය සහ බටහිර යුරෝපා රටවල් එක් පාර්ශ්වයක.... රුසියාව සහ චීනය අනෙක් පාර්ශ්වයේ...! එහෙම තිබියදී, සෘජු මිලිටරි මැදිහත්වීමක් කියන්නේ ගණනය නොකළැකි තරම් අවදානමක් සහිත දේශපාලනික ඔල්මාදයක්. අපි කියමු... අසාද් රෙජීමය වැට්ටුවට පස්සෙ අන්තගාමී ඉස්ලාම් කණ්ඩායම් බලයට එනවා කියලා... මොකද වෙන්නෙ? එක්සත් ජනපදය අල්-ඛයිඩාව සහ තලෙයිබානුන් සන්නද්ධ කරලා, ඇෆ්ඝනිස්ථානයෙදි කළ වැරැද්ද ආයෙත් කරන්නද හදන්නෙ?

මෙහෙම විකාර තත්ත්වයක් ඇතුළෙ, මිලිටරි මැදිහත් වීමක් සාධාරණීකරණය කරන්න පුළුවන් කෙටි කාලීන ස්වයං විනාශකරී අවස්ථාවාදයකට පමණයි. එහෙම මැදිහත්වීමකට ප්‍රේරණයක් ලෙස යොදා ගන්නට සැරසෙන මේ සදාචාරාත්මක මැරවරකම මුළුමනින්ම ව්‍යාජයක්. ("සිවිල් ජනතාවට විෂ වායු වලින් පහර දෙන්න ඉඩ දෙන්න බෑ..!") එක් මූලධර්මවාදී අපරාධකරුවන් කණ්ඩායමකට එරෙහිව එබඳුම තවත් කණ්ඩායමක පාර්ශ්වය ගැනීම යුක්තියුක්ත කරන මෙබඳු අරුම පුදුම සදාචාරයක් දුටු විට, කෙනෙකුට ජෝන් මැකේන් 'ශක්තිමත් මැදිහත්වීමකට' පක්ෂව කතා කිරීමට ප්‍රතිචාර වශයෙන් රොන් පෝල් කිවුව වචන සිහිපත් වුනොත් ඒක පුදුමයක් නොවෙයි. "මේ වගේ දේශපාලනඥයන් ඉන්නවා නම්, තවදුරටත් අමුතුවෙන් ත්‍රස්තවාදියො මොකටද?"





සිරියාවේ වාතාවරණය, ඊජිප්තුව සමග සංසන්දනය කිරීම අවශ්‍යයි. ඊජිප්තු හමුදාව ඉස්ලාමික උද්ඝෝෂකයන් ඉවත් කරලා පොදු ස්ථාන ශුද්ධ කරන්න ගිහින්, සිය ගාණක්- බගෙ විට දහස් ගාණක්- මැරුණා. කාට හරි හිතුනොත් හොයලා බලන්න- මෙතන මේ කලහය මැද්දේ දැන් පේන්න නැති කණ්ඩායම- (හමුදාවත් නොවන- මුස්ලිම් සහෝදරත්වයත් නොවන) තුන් වන කණ්ඩායම... දෑවුරුද්දකට කලින් තහිරීර් චතුරස්‍රයේ උද්ඝෝෂණවල සිටි කණ්ඩායම.... කෝ ඒ ගොල්ලො? අන්න ඒ කණ්ඩායමේ දැන් හැසිරීම ඒ කාලෙ මවිතව උදාසීනව හුදු නරඹන්නො බවට පත් වෙලා හිටි මුස්ලිම් සහෝදරත්වයේ හැසිරීමට හරිම අරුම පුදුම විදිහට සමානයි නේද? ඊජිප්තු මිලිටරි කුමන්ත්‍රණයත් සමගම කොයි විදිහෙන් හරි මේ චක්‍රය සම්පූර්ණ වෙලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදය පතා, මුබාරක් ව එළවා දැමූ අරගලකරුවන් ම, ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු කළ මිලිටරි කුමන්ත්‍රණයකට නිහඬව හිඳ සහයෝගය දෙනවා... මොකද්ද මේ වෙමින් තිබෙන්නෙ...?

මෙබඳුම කියවීමක් ගෙනාවා...ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින්..; මුබාරක් පෙරළාදැමූ අරගල ව්‍යාපාරය, ප්‍රමුඛ වශයෙන් ම උගත් මධ්‍යම පාන්තිකයන්ගේ කැරැල්ලක්... එතනදී නිර්ධනීන් වූ කම්කරුවන් සහ ගොවීන් හුදු (අනුකම්පාසහත) නරඹන්නන් ව සිටියා. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු ඇරුණා... සමාජ පදනමින් බහුතරය නිර්ධනීන් වුනු මුස්ලිම් සහෝදරත්වය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් ජයග්‍රහණය කළා. ඉතින් පැහැදිලිවම පෙනී යන පරිදි, මුල් අරගලයේ මධ්‍ය ලක්ෂ්‍යය වුනු අනාගාමික අරගලකරුවන්, මුස්ලිම් සහෝදරත්වයට එරෙහි වුනා. කොපමණද කියනව නම්, මුස්ලිම් සහෝදරත්වය පිටු දකිනවා නම් (ප්‍රජාතන්ත්‍රවාදය වනසන) මිලිටරි කුමන්ත්‍රණයක් අනුමත කිරීමට තරම් ඔවුන් දුර ගියා.

නමුත්, එහෙම සරල දෘෂ්ටියක් අරගලයේ ප්‍රධාන ලක්ෂණ නොසලකා හරිනවා. රාජ්‍ය හෝ ආගමික ආයතනවල පරාසයෙන් පිට සිදු වුණු විෂමජාතීය (ශිෂ්‍ය, ස්ත්‍රී සහ කම්කරු වැනි) සංවිධානවල දායකත්වය එමගින් නොසලකා හරිනවා. නව සමාජ ඒකකවල මේ අතිවිශාල ජාලය, මුබාරක් එළවාදැමීමට වඩා විශාල දෙයක්; එය අරාබි වසන්තයේ ප්‍රමුඛ ප්‍රතිඵලයයි- ප්‍රතිලාභයයි. එය මිලිටරි කුමන්ත්‍රණයක් බඳු විශාල දේශපාලනික වෙනසකින් පවා ස්වායත්තව ඉදිරියටම යන ක්‍රියාවලියක්. එය හුදු ‘ආගමික/නිදහස් මතධාරී’ ආදි වශයෙන් විස්තර කෙරෙන විභේදනයකට වඩා ගැඹුරට යන සන්තතික ක්‍රියාවලියක්.

ප්‍රකටවම මූලධර්මවාදී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වුනත්, එහි ඇති සමාජ සංරචකයන් මොනවාද යන්න පිළිබඳ අප විමසිලිමත් විය යුතුයි. තලෙයිබානුවන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ ත්‍රස්තය මගින් සිය පාලනය බලාත්මක කරන මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායමක් වශයෙන්; 2009 වසන්තයේදී- ඔවුන් පාකිස්ථානයේ ස්වැට් නිම්නය අල්ලා ගත් විට, නිව්යෝක් ටයිම්ස් වාර්තා කළා තලෙයිබානුවන්, ධනවත් ඉඩම් හිමියන්ගේ කණ්ඩායමක් සහ ඔවුන්ගේ ඉඩම් අහිමි පීඩිතයන් අතර වූ පංති විරසකයක්, ඔවුන්ගේ වාසියට යොදා ගත් බවක්.





නමුත්, මෙහිදී එකී පීඩිතයන් වැටී සිටි තත්ත්වය අයුතු වාසියට හරවා ගැනීමෙන් පවා ඔවුන් පාකිස්ථානයට නිකුත් කළේ අනතුරු ඇඟවීමේ සංඥාවක්... මන්ද, පාකිස්ථානයෙන් වැඩි කොටසක් තවමත් තිබෙන්නේ වැඩවසම් සමාජ සම්බන්ධතා තුළයි.... ඉතින් මේ විදිහට, පීඩිතයන් වැටී සිටින තත්ත්වය තමන්ගේ "අයුතු වාසියට" හරවා ගෙන එම පීඩිතයන්ට උදවු වෙන්නට, පාකිස්ථානයේ හෝ එක්සත් ජනපදයේ හෝ ඉන්නා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී(මහත්වරු)න්ට නොහැක්කේ ඇයි? මේ 'ප්‍රමාදදෝෂයේ' ඛේදජනක හැඟවුම මොකක්ද? පාකිස්ථානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවික මිත්‍ර පක්ෂය වෙන්නේ අර කියන ලද වැඩවසම් බලවේගය ම බවයි! ආගමික මූලධර්මවාදින් විසින් මග හරිනු ලැබීමෙන් වැලකීම පිණිස සිවිල්-ප්‍රජාතාන්ත්‍රික අරගලකරුවන්ට ඈති එකම මාර්ගය වන්නේ වඩ වඩාත් රැඩිකල්වාදී සමාජ ආර්ථික විමුක්තිකාමී න්‍යායපත්‍රයන් තෝරා ගැනීම පමණයි.

මෙය නැවත අපව සිරියාව දෙසට ගෙන එනවා; එහි සිදුවන අරගලය අවසානයේදී ව්‍යාජ අරගලයක්. සිතට ගත යුතු එකම දෙය නම්, මෙකී ව්‍යාජ අරගලය මේ අයුරින් සඵල වන්නේ, ඊජිප්තුවේදී පැහැදිලි ලෙසම දැකිය හැකි අන්දමේ, ශක්තිමත් රැඩිකල් ප්‍රතිපක්ෂයක්- එනම් තෙවන පාර්ශ්වයක් සිරියාවේ හමු නොවන නිසා යන්නයි. සිරියාවේ සුළඟ හමන්නේ කොයි දෙසට ද යන්න කියන්න කාලගුණ විශේෂඥයෙක් අවශ්‍ය නැහැ. ඔව්... ඒ සුළඟ හමන්නෙ 'ඇෆ්ඝනිස්ථානය' දිශාවට...! අසාද් කොයියම්ම විදිහකින් හෝ ජයග්‍රහණය කරලා තත්ත්වය සමනය කර ගත්තත්, ඔහුගේ ජයග්‍රහණයෙන් උපද්දවන්නෙ, හරියටම තලෙයිබානු විප්ලවය වාගේ පිපිරීමක්- තව අවුරුදු කීපයක් ඇතුළත.... මේ ඉරණමින් ගැලවෙන්නට ඇති එකම විදිහ නම්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ මේ අරගලය සමාජ-ආර්ථික සාධාරණත්වය උදෙසා වූ අරගලයක් බවට රැඩිකල්කරණය කිරීමයි.

ඉතින් සිරියාවේ මේ දිනවල මොකද වෙන්නෙ? චීනය ලෝකයේ සුපිරි බලවතා වීමේ දිශාවට තවත් එක පියවරක් ළං වීමත්, ඔවුන්ගේ තරඟකරුවන් ජයටම ඔවුනොවුන් දුර්වල කර ගැනීමත් හැරුණු විට සුවිශේෂී කිසිවක් එහි වෙන්නෙ නෑ....!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Syria is a pseudo-struggle, Slavoj Žižek, The Guardian, Bashar al-Assad, Syria, Egypt, Francis Fukuyama, Mubarak, Afghanistan, United State of America
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook