Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සාමකාමීන්ගේ සාහිත්‍ය කලා
බූන්දි, 01:32:29
ක්‍රිස්තියානියේ මූල ග්‍රන්ථය වන බයිබලය තුලම සමලිංගිකත්වය දෙවියන්ගේ කැමැත්තට එරෙහිව යන පාපකාරී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ. ඉස්ලාම් ධර්මයේ සමලිංගිකත්වය මව සමග නිදි වැදීමක් සේ සලකා නින්දා අපහාස කොට දෙවියන්ගේ අඩවියට පිවිසීමට බාධා කරන පාප කර්මයක් සේ හඳුන්වා ඇත. බුදු දහම තුළ සමලිංගිකත්වය පිළිබඳ නිර්වචනය කවර එකක්දැයි හඳුනාගත හැකි සඳහනක් නොවෙතත් ස්ත්‍රී පුරුෂ මෛථූන්‍යය පිළිබඳ විවිධ වාරණයන් ගැන ධර්මයේ සඳහන් වේ. පාරාජිකා පාළියේ භික්ෂුවක් පාරාජිකවන ප්‍රධානතම කරුණක් සේ හඳුන්වා බුද්ධ වචනයෙන්ම එයට ගර්හා කොට ඇත.

"හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශිවිෂයක්හූගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමක ගේ අංග ජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයුක්හගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ මැනවි. මාගමකගේ අංග ජාතයෙහි සිය අංග ජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය, තා විසින් ඇවිලගත්, හාත් පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංග ජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි..."
-පරාජිකා පාළිය (ප්‍රථම පාරාජිකය)


ෂ්‍යාම් සෙල්වදොරේ

පසුගියදා ලංකාවට පැමිණ සිය The Hungry Ghosts කෘතිය ජනගත කළ ෂ්‍යාම් සෙල්වදොරේ, කැනඩාවේ හා ඇමරිකාවේ සම සමව ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයෙකි. ඔහු විසින් රචිත Funny Boy ජානගත සමලිංගිකත්වයක් සහිත දරුවකු සම්ප්‍රදායික සමාජ වටාපිටාවක ඔහුගේ ජීවිතයේ සුපුෂ්පිතත්වය උදෙසා කරන අරගලය නිරුපිත විශිෂ්ට ගණයේ කෘතියකි. Funny boy සමලිංගික සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහාම ඇති ඇමෙරිකාවේ Lambda Literary ත්‍යාගයෙන් හා කැනඩාවේ First Novel Award ත්‍යාගයෙන් පිදුම් ලද නවකතාවකි. එය කැනඩාවේ York විශ්වවිද්‍යාලය ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයකම නිර්මාණාත්මක සාහිත්‍ය (Creative Writing) පාඨමාලාව සඳහා නිර්දේශ ග්‍රන්ථවලින් එකකි. මා කැනඩාවට සංක්‍රමණය වූ 2004 සිට දකින දෙයක් නම් මෙරට පොත් සාප්පුවල අඛණ්ඩව අලෙවි වන ග්‍රන්ථයක් ලෙස Funny Boy පවතින බවයි. සුගතපාල ද සිල්වා විසින් එයට අතිරේක ජීව ගුණයක් දෙමින් පරිවර්තනය කරන ලද එම නවකතාව අමුතු ඉලන්දාරියා නමින් පාඨක ලෝකය කැළඹූ බව අපගේ මතකයයි.

බයිබලය කෙසේ සනිටුහන් කළත් රෝමය වරින් වර කොතරම් බලාත්මක ප්‍රකාශ නිකුත් කළත් බරපතළ සම්බාධක මධ්‍යයේ සමලිංගිකත්වය ශිෂ්ටාචාර විෂයයක් ලෙස දුරාතීතයේ සිටම අඛණ්ඩ ගමනක් පැමිණ ඇත. එහෙයින්ම එය සකල කලාවන්ගේම නිමිත්තක් ලෙස උපයෝගී කර ගන්නා කලාධාරාවක් ලෙස ගැනේ.

ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන Zephyr හා Hyakinthos දෙදෙනා නිරූපිත ග්‍රීක යුගයට අයත් චිත්‍රය සමලිංගික කලාවේ නිතර භාවිතාවේ. කලාව පොහොසත් හා සරුසාර අස්වනු නෙලාගත්තේ එය දේශපාලන, ආගමික හා සදාචාර අවනතවීම්වලින් තොරව නිදහසේ ගලාගිය යුගයන්හිදීය. ග්‍රීක යුගය එවැන්නකි. අපගේ අනුරාධපුර යුගයත් එවැනි දේශීය උදාහරණයකි.


Hyacinthus and Zephyrus- [ග්‍රීක සිත්තමක්]


The Death of Hyacinthos [Jean Broc]

අද වන විට අතු ඉතිලා වැඩී ඇති සමකාමීන්ගේ සාහිත්‍යය පිළිබඳ ඒ විෂයය පිළිබඳ පර්යේෂකයකු වන Kilan Melroy සිය Influential Gay Characters in Literature කෘතියේ මෙසේ කියයි. "ඓතිහාසික දැනුම පද්ධතිය තුළ සමලිංගික සාහිත්‍ය වනාහි නවීකාරක සාහිත්‍යාංගයක් ලෙස හඳුනාගත යුතුය. එය ලෝක සංස්කෘතික උදුනේ පැසුණු උණුසුම් කලාංගයකි. ඒ සාහිත්‍යාංගය පිළිබඳ ඔබ පුදුමයට පත්විය යුතු නැත. මක්නිසාද යත් එය මානව ජීවිතයට අකලංක සබඳතාවක් ඇති හෙයිනි."

පළමුවන හා දෙවන ලෝක යුද්ධ හා කාර්මික විප්ලවය බටහිර ලෝකය විශාල තිගැස්මකට භාජනය කළේය. ඒත් සමගම මාක්ස්වාදය හා ලිබරල්වාදය මානවයාගේ නිදහස අරභයා හරි හරියට පෙනී සිටීම නිසා බටහිර ලෝක හැඩතලය සම්ප්‍රදායික වැඩ වසම් රාමුවෙන් මිදී වෙන්විය. මනුෂ්‍යයාගේ සහජාසයන්, ඒ ඇසුරින් පුද්ගලයාට ආවේණික චේෂ්ටාවන් උදෙසා දේශපාලන ක්‍රමය පෙනීසිටින්නට පටන් ගත්තේය. කැනඩාව ඇමරිකාව වැනි බටහිර අන්තයේ රටවල්, ස්කැන්ඩියේවියානු රටවල් හා බටහිර බොහෝ රටවල් සාමුහිකව මේ වෙනස්කමට භාජනය විය. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල වූ දෙයක් ලෙස දැක්විය හැකිය. සමලිංගිකත්වය සුළුතරයකගේ ජීවිතාභාෂයක් වුවත් පුද්ගලයා ප්‍රමුඛකොට ගත් මෙම සුසංවාදී දේශපාලන ක්‍රමය තුළ එයට වැදගත් කමක් ලැබේ.


Cupid Rekindling the Torch of Hymen [George Rennieගේ මූර්තියක්]

සමකාමීන්ගේ සාහිත්‍යය, එකී සහනදායි වටාපිටාව තුළ ඉපදී පෝෂණය වූ කලාවක් ලෙස හැඳින්විය හැකිය. නිව්යෝක් හි පිහිටි Leslie + Lohman Museum of Gay and Lesbian Art කෞතුකාගාරය සමකාමීන්ගේ කලාකෘති පිළිබඳ දැන හඳුනාගන්නට කැමති කලාරසිකයන්ගේ නොමද සැලකිල්ලට ලක්වූවකි.

කැනඩාව විධිමත් අයුරින් කලාංගයක් ලෙස සමකාමීන්ගේ සාහිත්‍ය හා මාධ්‍ය උදෙසා ඉඩදෙන සමාජයක් ලෙස හැඳින්විය හැකිය. වසන්ත සමයේ පැවැත්වෙන සමකාමීන්ගේ ඉහළම සංස්කෘතික සංදර්ශනය වන Proud සැනකෙළියට කැනඩාවේ සියලුම බැංකු, පොලීසිය, නගරසභා දේශපාලන පක්ෂ උදව් කරනවා පමණක් නොව ඒවාට සහභාගිවීමෙන් ද දිරිදේ. ප්‍රාථමික පාසල්වල සිට විශ්වවිද්‍යාල දක්වා සෑම තැනකම සමලිංගිකයන්ට අපහාස නොකරන ලෙසත් ඔවුන් තමන්ගේ හිතමිතුරන්සේ බාරගන්නා ලෙසත් ඉල්ලා සිටින ක්‍රමවේදයක් ඇත.

මෑත කාලයේ කැනඩාවේ හා ඇමරිකාවේ සමකාමීන් ගේ සාහිත්‍යයට අදාළව බිහිවුණු උසස් ගනයේ කෘති ලෙස හඳුනාගත හැකි නිර්මාණාත්මක ග්‍රන්ථ ගණනාවකි. ඇතැම් කෘති E-book ලෙස ඔබට ද මුදල් ගෙවා අන්තර්ජාලය හරහා බා ගත හැකිය.


Jeanne Cordova

සමකාමිනියක වූ තරුණ සමාජ ක්‍රියාකාරිනියක් සිය පෞද්ගලික ජීවිත පොදු සමාජ හා දේශපාලන ජීවිතය හා ගැටෙන අන්දම තේමාව වූ Jeanne Cordovaගේ When We Were Outlaws නම් වූ කෘතිය, 1920 පමණ කාලයේ ඇමරිකාවේ ප්ලොරිඩා හා ජෝර්ජියාවේ සංක්‍රමණික අවධියේ සමකාමී ස්ත්‍රියකගේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමේදී දරන අරගලය දැක්වෙන Sheila Ortzගේ Homestead කෘතිය, Charles Gonzalezගේ Chilto, Maggie Mortonගේ Under Her Spellවැනි උසස් ගණයේ සාහිත්‍ය කෘති ගණනාවක් සමකාමීන්ගේ සාහිත්‍යයට මෑතකදී එකතු වී තිබේ.

කැනඩාවේ ජීවත්වන, සමකාමී සාහිත්‍යයට විශිෂ්ට සම්ප්‍රදායක් කළ සාහිත්‍යකරුවා හා විද්වතා ෂ්‍යාම් සෙල්වදොරේ විය හැකිය. Funny Boy, (1994) Swimming in The Monsoon (2005), The Hungry Ghosts (2013) Cinnamon Gardens (2011) කෘතින් ඔහුගේ ප්‍රමුඛ පෙළේ කෘතින්වේ. ඊට අමතරව නවකතාකරුවන් ලෙස ඇමරිකාවේ ඉපදී කැනඩාවට සංක්‍රමණය වූ Will Aitken ගත හැකිය. ඔහු සිනමා විචාරකයෙකු හා ජනමාධ්‍යවේදියෙකු ද වේ. යේමනයේ Adenහි උපත ලද Kamal Al-Solaylee සිය අභිලාෂයන්ට උපන් රටේ දී වන බාධා නිසාම කැනඩාවට සංක්‍රමණය වූ සාමකාමී සාහිත්‍යයට ගිනිය හැකි නවකථා රචකයෙකි. මැදපෙරදිග වටාපිටාව හා සමකාමි ජීවිතය අතර ගැටුම ඔහුගේ කෘති සමහරක තේමාව වේ. ඔහුගේ ප්‍රමුඛ ග්‍රන්ථය ලෙස ගැනෙන්නේ Intolerable: A Memoir of Extremesය. Linden Macintyreගේ The Bishop's Man, Gerry Burnieගේ Nor All the Tears, Timothy Findlayගේ ්‍Headhunter, Patricia Maria Buddගේ Hadrian's Lover වැනි කෘතින් වත්මන් කැනේඩියානු සමකාමී සාහිත්‍යයේ උසස් කෘති ලෙස ගණන් ගැනේ.


Kamal Al-Solaylee

කලා ලෝකයේ නව කලාපයක් විවෘත කරන සමකාමීන්ගේ නව සාහිත්‍ය කලාවන්ට ඇත්තේ දහනව වන සියවසේ මුල් භාගයටත් එහා ගිය ඉතිහාසයකි. එමෙන්ම ග්‍රීක රෝම යුගයට ඇදෙන පෞරාණික ඉතිහාසයකුත් එයට හිමිය. සමකාමී සාහිත්‍ය කලාවන් පෝෂණය කරන්නේ සමකාමීන් පමණක් නොවේ. කාරුණිකව මනුෂ්‍ය සොබාව දෙස බලන පොදු කලාකරුවන් අතින්ද සමකාමි සාහිත්‍ය කලාවන් පෝෂණය වේ . ඇත්ත වශයෙන්ම වැඩිපුර සිටින්නේ ඔවුන්ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Zephyr and Hyakinthos, Greek mythology, Homosexuality, Gay literature, The Gay and Lesbian Presence in Canadian Literature, LGBT (lesbian, gay, bisexual and transgender), Shyam Selvadurai, Kamal Al-Solaylee, Jeanne Córdova
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්ද්‍රරත්න බණ්ඩාරගෙන් තවත් වියමන්
අදහස්
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
අදහස්
66 වසක ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා! [?]
අදහස්
බෞද්ධකම දුස්සීලයන්ගේ ගොදුරක්ව....
අදහස්
මේ මුන්නේෂ්වරම් නාටකයේ විවේක කාලයයි!
වෙසෙස්
පියසීලි විජේගුණසිංහ| පිවිතුරු දැනුම උල්පත
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook