Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
සිනේ සිහිනෙක සෙනෙහෙ සිනහව- කණ්ඩම්බි
බූන්දි, 17:22:41
කඩවත පසුකර ඉඳිගහමුල හන්දියෙන් හැරී වෑබඩ පාරේ ගිනි කකා ආ මා එක්වරම ඇතුළු වූයේ එයාකන්ඩිෂන් කළ වත්තකට. තණ ඇතිරූ මිදුලක අලංකාරයට තුරු සෙවණැලි අඳින අහස යට සිසිලස මූණට මුලිච්චි වූ විට බඩකට පුරා වදින ඒසී සීතලේ ඔබ මොබ ඇස් යවන විට කුඩා මිනිසෙක් මා පරණ ඉස්කෝලෙ පාට ගෑ තනිපලේ ගෙදෙට්ට කැඳවූවා. මේ රචනයේ පළවෙනි වාක්‍ය විය යුතුව තිබුණු එක මං අතින් ගිලිහුණා. ඒ, මේ නිවසේ ගේට්ටුව. එහි ටිකක් ලොකු ස්ටිකරයක් අලවා තිබුණා මෙහෙම. 'හේමප්‍රිය කණ්ඩම්බි- සිනමා කෞතුකාගාරය.'

දැන් ඔබට පැහැදිලියි මං ආවේ කොතනටද කියන එක. හේමප්‍රිය කණ්ඩම්බි කියන්නේ 'දන්නෝ' නම් 'දන්න' කෙනෙක්. ඒත් ඔහු සහ ඔහුගේ මේ ගේට්ටුව තවමත් බහුතර ලාංකිකයන්ට රහසක්. පුවත්පත්වල වාර්තා පළවී තිබුණත් තවම කණ්ඩම්බිගේ කෞතුකාගාරය ඒ තරම් කතාබහක් ඇතිවෙලා නැහැ.

කණ්ඩම්බිගේ ගෙදරට ඇතුල් වූ සැණින් ඇඟේ දැවටෙන්න ගත්තෙ සිරවූ හැඟීමක්. එන්න එන්න කුඩාවී යන හිතුවිලි වලියක්. ඒ මේ ගෙදර ඇතුළ දකින විට ඇතිවන ආශාව සහ විස්මය පිළිබඳ හැඟීමක අතුරුඵලයක් වෙන්න පුළුවන්. බලන බලන තැන ඇහැ ගන්නේ නම නොදන්නා පින්තූර. ඇහැ ගන්න හැම නොදන්නා පින්තූරවලින් මේ ගෙදර කට කපලා. ඔහු තමන්ගේ නිවසේ කට කපලා මේ පුරවන්නේ සිනමාවේ අතීතයෙන්. සිනමාවේ ඓතිහාසික ගමන් මග ඔහු ආපහු තමන් ගෙදර පිළිසකර කරමින් ඉන්නවා. අතීතයක් විසිකර කරමින් අනාගතය වෙත රක්ෂා කරන මිනිසකු ඉතිහාසයට හසු නොවීමේ අවදානම දරාගන්නවා මේ රචනය.

මැජික් ලන්තෑරුමේ ආලෝකෙ දිග

"අද වෙනකොට මං ළඟ මැජික් ලන්තෑරුමේ ඉඳලා ඩී.ටී.එස්. ශබ්ද ක්‍රමය දක්වා වන සිනමාවේ තාක්ෂණික උපකරණ තියෙනවා. 'සැවෝයි' මිනි සිනමා ශාලාවේ තියෙන වර්ගයේ ප්‍රොජෙක්ටර් එකකුත් තියෙනවා. ඒ වගේම තෝමස් අල්වා එඩිසන්ගේ මුල්ම ග්‍රැමෆෝන් තැටියේ ඉඳලා අද එම්පීත්‍රී දක්වා ශබ්ද තාක්ෂණික උපකරණ මං ළඟ තියෙනවා. ලංකාවේ පළමුවැනි වර්ණ චිත්‍රපටය වන මි.මී. 16 'ගම්බද සුන්දරී' චිත්‍රපටයේ ඉඳලා අද එළිදක්වන චිත්‍රපටය දක්වා බොහෝ චිත්‍රපට මං ළඟ තියෙනවා. ඒ වගේම දේශපාලන වැඩසටහන් මං රෙකෝඩ් කරලා තියෙනවා. 1948 නිදහස් උළෙල මං ළඟ වර්ණ වීඩියෝවක් තියෙනවා. ඒක මට ලැබුණේ එංගලන්තයෙන්. 1980 ගණන්වල ඉඳලා ටී.වී. එකේ විකාශය වෙන ප්‍රවෘත්ති පටිගත කරලා තියෙනවා මම. විවිධ දේශපාලන පෝස්ටර්, වේදිිකා නාට්‍ය පෝස්ටර්, චිත්‍රපට පෝස්ටර්, චිත්‍රපට ගීත පොත්, මුදල් නෝට්ටු, මුද්දර, ලොතරැයි ආදී වූ රාශියක් දේ මම එකතු කරල තියෙනවා."

කණ්ඩම්බි මහත්තයාම ඔහුගේ එකතුව ගැන කෙටියෙන් කිව්වා. "කඩවුණු පොරොන්දුවේ ඉඳලා මේ දක්වා තිරගත කරලා තියෙන හැම චිත්‍රපටයකම මොකක්හරි සිහිවටනයක්, කොටසක් මං ළඟ තියෙනවා. එක්කෝ චිත්‍රපටයේ කොටසක්, නැත්නම් ගීත. එහෙමත් නැත්නම් චිත්‍රපට පූර්ව ප්‍රචාරකපට ආදී වශයෙන්."

ලෝකයේ මුලින්ම චිත්‍රපට පෙන්වූ මැජික් ලන්තෑරුමේ සිට නූතනම තාක්ෂණික යන්ත්‍ර දක්වා වන කණ්ඩම්බිගේ මේ එකතුව තියෙන්නේ පර්චස් 18ක් වගේ ඉතා කුඩා ඉඩමක ඊටත් වඩා කුඩා නිවෙසක. එහි බැලු බැලූ තැන චිත්‍රපටි. නොයෙක් යන්ත්‍ර මා කලිනුත් කිව්වා වගේ නම නොදන්නා පින්තූර ගැනිල්ලෙන් තොරතෝංචියක් නෑ ඇස්වලට. ආවා සොයා ආදරේ, කස්තුරි සුවඳ, ඔබයි මමයි. එක උඩ එක අඩුක්කර ඇති චිත්‍රපටි ටේප් රෝල් කිහිපයක් මම ළංවී බැලුවා.

මිලි මීටර් 8, 16, 35, 70 ආදී චිත්‍රපට පෙන්වීමට භාවිත කළ/කරන ක්‍රියා කළහැකි මට්ටමේ පවතින ප්‍රක්ෂේපණ යන්ත්‍ර, විවිධ චිත්‍රපට කැමරා, සංස්කරණ යන්ත්‍ර, ග්‍රැමෆෝන් තාක්ෂණයේ සිට අලුත්ම ශ්‍රව්‍ය උපකරණ දක්වා වූ යුග යුග බැඳි යන්ත්‍ර, චිත්‍රපට පෝස්ටර්, ගීත තැටි, ගීත පොත්, සිනමා පොත් හා සඟරා, චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට ආදී වූ අතිවිශාල භාණ්ඩ ගොඩක් අස්සේ සංරක්ෂණය වෙන කණ්ඩම්බිගේ මුළු සිංහල චිත්‍රපට එකතුව අටසීයකටත් වඩා වැඩි බව ඔහු කියනවා. සිංහල චිත්‍රපටවලට අමතරව ඉංග්‍රීසි, හින්දි, දෙමළ චිත්‍රපට ඔහු සතුව තියෙනවා. මුල් පිටපත්- ගුරු ගෙදර, සිරියලතා, නැවත හමුවෙමු, සුමුදු භාර්යා, අජාසත්ත, සුදු මාමා, ලොකු තාත්තා, මල්වරුසා, තක්කිට තරිකිට, බදුලු කෝච්චිය ආදී වූ දුර්ලභ පැරණි සිනමා කෘති 100කට ආසන්න ප්‍රමාණයක නීත්‍යනුකූල හිමිකරු ඔහු බවයි කණ්ඩම්බි කියන්නේ.

සිනේ අතීතෙක සෙනේ

හේමප්‍රිය කණ්ඩම්බි සතුව පවතින කෞතුක අගයකින් යුතු භාණ්ඩ කෙටියෙන් කියන්නට සෑහෙන ඉඩක් රචනය උදුර ගත්තා. එවැනි ඉඩක තබා ඇති සිනමා භාණ්ඩවල අතීතය සිනමාවට ඔහු දැක්වූ සෙනෙහසේ දිගුවක්. කණ්ඩම්බි හුදු චිත්‍රපටි හා කාර්මික උපකරණ එකතු කරන්නෙක් විතරක් නෙමෙයි. ඔහු සිනමා ක්ෂේත්‍රයට අදාළ නොයෙක් ඉසව්වල කරක් ගැසූවෙක්. නළුවෙක්, සහය අධ්‍යක්ෂවරයෙක්, කාර්මික ශිල්පියෙක්.

"මං පොඩි කාලේ ඉඳලාම චිත්‍රපටිවලට ආසයි. ඒ කාලේ ඉඳලාම මං සිනමාවට සම්බන්ධ පොඩි පොඩි දේවල් එකතු කළා. එතකොට මම චිත්‍රපට සංරක්ෂණය කියලා කිසිම දෙයක් දන්නෙත් නෑ. එහෙම අදහසක් තිබ්බෙත් නෑ. ඒත් මොකක්දෝ හේතුවක් හින්දා මං අතට අහුවෙන හැමදේම එකතු කළා. සිනමා සංරක්ෂණය වෙනුවට මට 80 දශකය වෙනකොට තිබුණේ රඟපෑමේ පුදුම ආසාවක්. මට ඒ අවස්ථාව ලැබුණා. මං සිනමාවට සම්බන්ධ වුණේ රංජන් රාමනායක ආපු කාලෙම ඔහුත් එක්ක එකටමයි. මට එතන ඉඳලා ගාමිණී ෆොන්සේකා දක්වා ගොඩාක් ප්‍රසිද්ධ නළු නිළියො එක්ක චිත්‍රපටවල නොයෙක් නොයෙක් වැඩවලට සම්බන්ධ වෙන්ඩ පුළුවන් වුණා."

කණ්ඩම්බි තමන්ගේ සිනමා ජීවිතයේ නොයෙක් තැන් අතරින් පතර උගුලමින් අපේ කතාවට අමුණන්න වුණා.

"මං ඔය ගොඩක් චිත්‍රපටිවල කාර්මික පැත්ත ගැනත් අවබෝධයෙන් හිටියේ. විශේෂයෙන්ම කෙමිකල් ඉෆෙක්ට්ස් එක්ක මං ගොඩක් වැඩ කරලා තියෙනවා. ගිනිගන්න ඒවා වගේ මැජික්වලින් කරන කාර්මික වැඩ ගැන මට අවබෝධයක් තිබුණා. 'දෙමෝදර පාලම, නොමියෙන මිනිස්සු' වගේ චිත්‍රපටිවල මං ඒවා අත්හදා බැලුවා. ඒ දෙකේ සහාය අධ්‍යක්ෂත් මම. ඒ වගේම චිත්‍රපටි පිරිසිදු කිරීමේ කටයුතු මං කරනවා. ඒවට අදාළ උපකරණ තියෙනවා සියල්ල මං ළඟ. ගොඩක් විදේශ චිත්‍රපටි උළෙලවල්වලට යවන චිත්‍රපටි පිරිසිදු කිරීමේ කාර්ය කරගන්න අපේ ප්‍රසිද්ධ සිනමාකරුවො මං හොයාගෙන එනවා."

කණ්ඩම්බි නවතින්නේ නැත. ගොඩක් වැඩ කරපු මනුස්සයෙකුට කියන්නට බොහෝ ඇති නමුත් පත්තර පිටුවක් ඒ සියල්ල දරාගන්නට තරම් ඉවසිලිවන්ත නැත. "මමයි තව මිත්‍රයෙකුයි 'සැඟවුණ පිළිතුර' කියන රුක්මණී දේවි එහෙම රඟපාපු චිත්‍රපටියකට හඬ කැව්වා. ඒක වෙනස්ම කතාවක් තියෙන අත්දැකීමක්. 'සැඟවුණු පිළිතුර' අපි සිංහලට හඬ කැව්වෙ දෙමළ පිටපතකින්. දෙමළ පිටපතේ නම කුසුමලතා. ඒත් ඒක මුලින් සිංහල චිත්‍රපටියක්. 'සැඟවුණු පිළිතුර' සිංහල පිටපත විනාශ වෙලා ගිහිල්ලා. ඉතිං අපි අර දෙමළට දාලා තිබුණු චිත්‍රපටිය ආපහු සිංහලට දැම්මා. මං හිතන්නේ එහෙම වුණු එකම සිංහල චිත්‍රපටිය වෙන්නැති සැඟවුණු පිළිතුර. සමහරු අපිට මේකට හොඳටම බැන්නා."



අප සාරාංශ කරන්නට උත්සාහ කළේ කණ්ඩම්බි විස්තර කරන සිය සිනෙමා අතීතයක කඩා ගත් කොටස්. කෙසේ වෙතත් කණ්ඩම්බිගේ සිනමා සංරක්ෂණ කිරීමේ මුල්ගල තැබෙන්නේ ඔය සිනෙමා සෙනෙහස එක්කම තමයි.

සංරක්ෂණාගාර සිහිනය

ලෝකයේම විශිෂ්ටතම සිනමා කෞතුකාගාරයක් ලෙස සැලකෙන ඉතාලියේ මෝල් ඇන්ටොනොලියානාවල තියෙන 'ජාතික සිනමා කෞතුකාගාරය', ස්පාඤ්ඤයේ ජිරෝනා සිනමා කෞතුකාගාරය වැනි ප්‍රකට සිනමා කෞතුකාගාර ගැන මා කියවා තිබෙනවා. ඒවායෙහි ආරම්භක පුද්ගලයෝ සහ එම සිනමා කටුගෙවල්වල ආරම්භය අපේ කණ්ඩම්බිගේ සිහිනය හා බොහෝදුරට ඒ තරම් වෙනසක් නෑ. එහෙත් එවැනි සිනමා කෞතුකාගාරවල සේවය ලබාගන්නා හැටි, සිනමාවට අදාළ භාණ්ඩ සංරක්ෂණය වෙන හැටි, ඒ ආශ්‍රිත පර්යේෂණ කෙරෙන හැටි කියවන විට කණ්ඩම්බිගේ කෞතුකාගාරය සම්බන්ධයෙන් අප දක්වන සැලකිල්ල කොතරම් පටු ද යන්න ගැන උපදින්නේ වේදනාවක්. කණ්ඩම්බි කියන හැටියටම පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට ඒ වගේම සිනමාව හදාරන නොයෙක් විද්‍යාර්ථීන්ට මේ දැනුම ලබාගන්නට කණ්ඩම්බිගේ සහාය ලබාගන්නට පුළුවන්. එහෙත් ඔහුම කියන හැටියට තවමත් සැලකිය යුතු තරමේ එවැනි ප්‍රයෝජනයක් කණ්ඩම්බිගේ සිනමා කෞතුකාගාරයෙන් අපේ සමාජය ලබාගන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව ලෙස ඔහු දකින්නේ තවමත් මේ 'සිනමා භාණ්ඩ එක්කහුව' පිළිබඳ අපේ සමාජය දැනුවත් වී නොතිබීම. කණ්ඩම්බි හුදු භාණ්ඩ එකතු කරන්නෙක් විතරක් නෙමෙයි. ඔහු සතුව සිනමාවේ අතීතයත්, එහි තාක්ෂණයත් ගැන ඇති ප්‍රායෝගික දැනුම විශිෂ්ටයි. මැජික් ලන්තෑරුමේ සිට සීටීඑස් තාක්ෂණය දක්වා වූ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙ ඔහු. ඒ වගේම පැරණි චිත්‍රපටවල කරුණුමය තොරතුරු ගැනත් ඔහු පුස්තකාලයක්. කොටින්ම කණ්ඩම්බි එක්ක කතා කරන කොට ඔහු සතු කාර්මික දැනුම, සිනමාවේ සාහිත්‍ය දැනුම, ඉතිහාස දැනුම ආදී සියල්ල එළිවෙනවා. ඒ අර්ථයෙන් හේමප්‍රිය කණ්ඩම්බි කියන්නෙමත් 'සිනමා කෞතුකාගාරයක්.'

ඉතිං කණ්ඩම්බිගේ සිහිනය සමාජමය සිහිනයක් වෙන්නේ මෙතනදි. එනම් කණ්ඩම්බිගේ බලාපොරොත්තුව අපේ සිනමාවේ ද බලාපොරොත්තුවක් වීම. කණ්ඩම්බිගේ කාලයක් තිස්සේ පවතින බලාපොරොත්තුව වන්නේ තමා සතුව පවතින 'අමිල සිනමා භාණ්ඩ' බහුතර පිරිසකට නැරඹිය හැකි ඉඩක- දියුණු පොදු සංරක්ෂණාගාරයක තැන්පත් කිරීම. කණ්ඩම්බිගේ කාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් විශිෂ්ට සිනමාකරුවා නිරන්තරයෙන් දකිමින් සිටි සිහිනයට පණදීමක්.

කණ්ඩම්බිගේ නිවසේ ඇති භාණ්ඩ සමග හිතන විට ඔහු ඉන්නා පරිසරය සහ එම නිවසෙහි තත්ත්වය කිසිසේත් සංසන්දනය කරන්නට බෑ. එය ඇස් පනාපිට දකින අසත්‍යයක් මෙන්. ඒ ඔහු ගතකරන දුප්පත් ජීවිතය හින්දම විතරක් නෙමෙයි. ඔහු සිනමා කෞතුකයන් ආරක්ෂා කරගන්නට දරන වෙහෙසත් මහන්සියත් දෙස තවමත් කිසිදු පාර්ශ්වයක් මැදිහත් නොවීමේ ඛේදවාචකය සුළුපටු එකක් නෙමෙයි. අර ඉතාලියේදීත් ස්පාඤ්ඤයේත් ඇති සිනමා කෞතුකාගාරවලින් කණ්ඩම්බිගේ එක වෙනස්වෙන පරතරය හැදෙන්නෙත් ඒ සැලකිල්ලෙන්. මුදල්වලින් මැනිය නොහැකි අතීතයක් දරා සිටින කණ්ඩම්බි මේ භාණ්ඩ සුරැකීම සඳහා නිවෙස සකස් කරගෙන ඇති ආකාරය නිසායි මේ වත්තට ඇතුළු වෙද්දීම දැනුණ සිසිලට හේතුව. "සාමාන්‍යයෙන් මේ වගේ කෞතුකාගාරයක් ඒසී කරල ඉතාම පරිස්සමෙන් තියාගන්න ඕන. ඒත් මෙහෙ එහෙම පහසුකම් නැති හින්දා ඒවා ආරක්ෂා කරගන්ඩ මං පාවිච්චි කරන්නේ වාතාශ්‍රය සහ සොබාදහමේ සමතුලිතතාව. ඇත්තටම අපිට සොබා දහම මගින් ඒක කරගන්න පුළුවන්." කණ්ඩම්බිගේ උත්සාහය මගේ හමට පවා දැනුණා.

"මං චිත්‍රපටි සංරක්ෂකයෙක් නෙමෙයි. මේ දෙස් විදෙස් චිත්‍රපටි, තාක්ෂණික උපකරණ හා ඒවායේ දැනුම අනාගත පරපුරට ආරක්ෂා කරදෙන මනුස්සයෙක්. හිතලා බලන්න අද වෙනකොට අපේ තිරගතවුණු චිත්‍රපටි කොච්චර සංඛ්‍යාවක් ආපහු නරඹන්න බැරි විදිහට විනාශ වෙලා තියෙනවාද කියලා. අපේ ගොඩක් චිත්‍රපටි අයිිතිකාරයො කරන්නේ චිත්‍රපටි සංරක්ෂණය කරන එක නෙමෙයි. මුල් කොපි මිලදී අරගෙන තමන්ගේ නම ගහගෙන ඒවා විනාශ කරනවා. පරණ චිත්‍රපටි කොහොමහරි ඉතාම අඩු මුදලට අරගෙන ඒවායේ අයිතිය මොකක්හරි ක්‍රමේකින් තමන්ට ලියාගෙන ඒවා ටීවී එකට වරින් වර ප්‍රදර්ශනය කරලා හොයාගන්න එක තමයි ගොඩක් අය කරන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රසිද්ධම චිත්‍රපටි අයිතිකාරයො මේ වගේ හොඳ ව්‍යාපාරිකයෝ මිසක් ඇත්තටම සිනමාවට ආදරය කරන අය නෙමෙයි. පරණ චිත්‍රපටිවලට අයිතිකාරිත්වය ගන්න මොක්කහරි ලියවිල්ලක් හදාගන්න බැරිවුණාම ඒ පිටපත් විනාශ කරලා දාන්න තරම් සාහසික වුණු අය අපි අතර ඉන්නවා. 83 කාලේ චිත්‍රපටි ගොඩක් ගිනි තිබ්බනේ. ඒ කාලෙ ඉතුරු වුණු ඒවා තවමත් තියෙනවා කිසිම අයිතිකාරයෙක් හොයාගන්න බැරිව. ඒවාට හිමිකම් කියන්න කෙනෙක් නැති හින්දා එළියට දාන්න බෑ. චිත්‍රපටි ව්‍යාපාරිකයො මේවා පාවිච්චි කරන්නේ ඉතාම නින්දිත විදිහට. ඉතිං මේවාට එකම විසඳුම තමයි දියුණු මට්ටමේ සිනමා සංරක්ෂණාගාරයක් අලුතින් හදන එක. අලුතින් කිව්වට ඉඩමක් තෝරගෙන ගොඩනැගිල්ලක් හදන එක විතරයි කරන්ඩ තියෙන්නේ."

රහස් පොලිස් කරදර

කණ්ඩම්බිත් සිනමා සෙනෙහස ඔස්සේ ඔහු අද වනවිට එකතු කරගෙන ඇති ප්‍රාග්ධනය චිත්‍රපටි වෙළෙන්දන්ට බෙහෙවින්ම ප්‍රශ්නකාරී වී තියෙනවා. ඒ ඔහුට හිමිවන වටිනාකම නිසා ව්‍යාපාරිකයන්ගේ සාක්කුවලට පාඩු සිදුවීමයි. ඒ නිසාම කණ්ඩම්බිගේ සිනමා සංරක්ෂණයේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කරන්නට ඔහුට විරුද්ධව පැමිණිලි බොහෝ පොලිසියට යවලා තියෙනවා. ඔහු පැමිණිලි ලියූ ලිපි, නීත්‍යනුකූල හිමිකම් පෙන්වන ලියවිලි හා නොයෙකුත් ලිපි ඇතුළත් ලිපිගොනු පෙන්නමින් කතා කරන්නට වුණා.

"ගොඩක් චිත්‍රපටි ව්‍යාපාරිකයො මාත් එක්ක තරහින් ඉන්නේ. මං මගේ සංරක්ෂණාගාරයේ වැඩවලට සල්ලි උපයගන්නේ චිත්‍රපටි ටීවී එකේ ප්‍රදර්ශනයට විකුණලා. මං දෙන්නේ මටම අයිතිය තියෙන පිටපත්. ඒවා මං සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල ලියවිලිත් එක්ක සල්ලි ගෙවලා ලබා ගත්තුවා. ඒත් මට එහෙම අයිතිය තියෙන චිත්‍රපටි කීපයකටම වෙන අයිතිකාරයන්ගේ නම් දාලා පොලිසියට පැමිණිලි කරලා තිබුණා. රහස් පොලිසියත් ඇවිත් මාව ප්‍රශ්න කළා. මේව නිසා මට ගොඩාක් පාඩු සිද්ධ වුණා. රූපවාහිනී නාලිකා මගෙ චිත්‍රපටි මිලදී ගැනීමෙන් වැළකී හිටියා. හැබැයි ඒ හැම එකකම නීතිමය ලියවිලි මං ඉදිරිපත් කළා. ඒත් මේ නඩුවල පැටලෙන්න යන එක කාලයත් සල්ලිත් දෙකම නාස්තිවෙන වැඩක්. ඒකෙන් මගේ ආදායමත් නැතිවෙනවා. මං ඒ ආදායම සම්පූර්ණයෙන්ම වගේ යොදවන්නේ මේ සංරක්ෂණාගාරයේ වැඩවලට අලුතින් බඩු ගන්න. මේවා දියුණු කරගන්න."

කණ්ඩම්බි වේදනාවකින් මෙන් කියාගෙන ගියේ බදුලු කෝච්චිය, තක්කිට තරිකිට, සිරියලතා වැනි කණ්ඩම්බිට නීත්‍යනුකූල හිමිකම ඇති චිත්‍රපට ගැන කරනු ලැබූ පැමිණිලි හා ඒවාට අදාළ ලියකියවිලි පෙන්නන ගමන්.

කණ්ඩම්බිගේ සිහිනය දෙස මරුවිකලෙන් බලන ව්‍යාපාරික රොත්තක් හා මෙවැනි මිනිසකුගේ සිනමා සංරක්ෂණයේ හුදෙකලා වෙහෙස දෙස අන්ධ සිනමා ප්‍රජාවක් හා සංස්කෘතික අමාත්‍යාංශයක් ගැන කල්පනාවට පැටලී කණ්ඩම්බි නිවසින් මා එළිබහින විට වත්තේ අර ඒසී සිසිල ගිනිගෙන තිබුණා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hemapriya Kandambi, Conservation of old Sinhala Films, Film Archive, Sinhala Cinema, Sri Lankan Films
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය නොදිටිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩේවිඩ් ක්‍රොනන්බර්ග් (කැනේඩියානු සිනමාකරු) කියයි.
වාරණ බලධාරීන් කරන්නේත් උමතු රෝගීන් කරන දෙයයි. ඔවුන් යථාර්ථය, මායාව හා පටලවා ගනී.
What's New | අලුතෙන්ම
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook