Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
අපේක්ෂා
බූන්දි, 03:22:37
අපේක්ෂාට ද නම් තබන්නට ඇත්තේ අනෙක් දරුවන්ට නම් තබන ආකාරයටම විය යුතුය. ඇය උපන් වේලාවේ නවග‍්‍රහයන් කොහේ හිටියේ දැයි පරණ ඈපා පංචාංගයකින් ගණන් බැලූ පන්සලේ නායක හාමුදුරුවෝ නමේ මුලට ‘අ’ යන්න හොඳ බව කියන්නට ඇත. සුබ නැකතින් උපන් මේ කුල කුමරිය ශිල්ප ශාස්ත‍්‍රයෙහි දක්ෂවන බව ද සමාජයේ උසස් තාන්න මාන්න ලබන බව ද වේලාපත්කඩයේ සටහන් කරන්නට ඇත.

අපේක්ෂාට ළමාවියක්, ගැටවරවියක් තිබුණු නමුත් ඈ කෙරෙහි කිහිප දෙනෙකුගේ හෝ අවධානය හොමු වූයේ තරුණවියද අඩක් පසුකර සිටයදීය. ගවොමට උඩින් පටලවාගත් පාට හැඳිනිය නොහැකි රෙදිපට දණහිස්තෙක් ඔසවා ගැටගසා ගෙන, දණහිස සිට පහළට කෙණ්ඩා සහ දෙපතුල් වැසෙනසේ ගෝනි කැබලි ඔතා ගෙන, ඔළුවේ පන්කොළ තොප්පියක් දමාගෙන ඈ පාරේ තාර දමන්නීය. පා ගමනින් ද, බයිසිකල්, මෝටර් බයිසිකල් සහ බසරථවලින් ද ගමන් කරන්නෝ ඇය දකිති.

‘යකඩ ගෑණියක්’ඉන් එකෙකුට දෙන්නෙකුට සිතෙයි. අපේක්ෂා අත ඇත්තේ මල්වලට වතුර දමන කෑන් එකකි. එහෙත් එහි කෙමිය කෙළවර මල් පුනීලය වෙනුවට පළල් උදලු තලයක් වැනි තහඩුවක් සවිකර ඇත. කෑන් එක ඇලකර එල්ලාගත් විට කෙමිය දිගේ එන උණු තාර එම තලයේ වැදී විහිදී යමින් පාර මත වැක්කෙරෙන්නේ අපේක්ෂාගේ ගෝනිපඩංගු බරවා කකුල්වලට ද ඉඳහිට ටිකක් විසිකරමිනි.

තාර දැමිල්ලද කලාවකි. පුහුණුවක් අවශ්‍ය වැඩකි. පැහෙන තාර බැරලයෙන් කෑන් එකට ගන්නා තාර, නිවෙන්නට පෙර පාරට දැමිය යුතුය. කෑන් එක පහතට එල්ලොගෙන එකතැන නැවතී සිටයොත් පාරේ තාර මොල්ලි හැදෙයි. කෙමියෙන් තාර වැටෙන වේගයට අනුව කෑන් එක එල්ලාගත් තැනැත්තාද පස්සෙන් පස්සට දිව්වොත් පමණි ගානට තාර වැටෙන්නේ. දිවිල්ල ද තාර වැටෙන වේගයට ගැලපෙන දිවිල්ලක් විය යුතුය. වේගය වැඩි වුවහොත් තාර වැටෙන්නේ තැනින් තැනටය. කෑන් එක ඉස්සුණොත් තාර හුළඟේ යයි. හුළං අත තමා දෙසට නම් උණු තාර, ගෝනි පඩංගුවට උඩින් ඇඟටත් ඇඳුමටත් විසිවෙයි. උණු තාර ඇඟට වැටුණොත් ගසා දැමීම බොරුය. ඒවා ඇඟ බදාගන්නේ හම මස පුච්චාගෙනය. පස්සෙන් පස්සට දිව යා යුත්තේ ද කෙලින්මය. එසේ නොවුණහොත් තාරපටිය ඇදවී හිස්තැන් ඉතිරි වෙයි. බැරිවෙලාවත් අත ලිස්සා තාර කෑන් එක බිම වැටුණොත් මූණ කට පවා බේරා ගැනීමට හැකිවේදැයි කිව නොහැකිය.

මේ හැම අනතුරක්ම මඟ හරවා ගනිමින් අපේක්ෂා පාරේ තාර දමයි.

තාර බාල්දිය පහත්කර එල්ලා ත් විට ඇගේ පුළුල් නිතඹ නැටවෙන්නට පටන් ගනී. පාරේ බසයක හිඳ බලන්නෙකුට කෑදර හිතක් වුවද පහළවන්නට බැරි නැත. කර පළල් ගවොමක් හැඳ පැමිණ දවසක නම්, ඉදිරියෙන් යන මෝටර් බයිසිකල්කාරයෙකු ඩාදියෙන් පෙඟුණු ඇගේ පුන් පියවුරු දෙස හෙල්මට් ඇහෙන් බලනු ඇත. අපේක්ෂා පිරිමින් සමග කරට කර සිටන්නේ මේ අඟ පසඟවල උදව්වෙනි. ඔවුහු ඒවාට යටි හිතින් කෑදර වන බැවින් ඇගේ පෞරුෂයට යටත් වෙති.

දවල් කෑමට වැඩ නවත්වා පාරේ පයිප්පකින් ඇඟට වතුර දමා ගත් විට අපේක්ෂාගේ පළල් මූණේ මස්පිඩු රත්පැහැ ගනී. පන්කොළ තොප්පිය අතට ගෙන උකුළේ උඩුකුරු කර ඒ මත තබා දිගහරින බත්මුල පිරිමයෙකුටත් වැඩ තරම් වෙයි. පන්කොළ තොප්පිය ඉවත් කළ විට ඇගේ දුඹුරු පැහැ ගැහුණු කෙස්ස දක්නට පුළුවන. ඇයට මේ පන්කොළ තොප්පිය ලැබී ඇත්තේ මෑතකදී බවට සාක්ෂි තිබේ. අව්වට වේලී මැදින් කැඩුණු කෙස්, දූවිල්ලත් ඩහදියත් ගෙන ගොනුගැසී මුහුණට වැටෙයි.

බත් කා අවසන් කළ ඈ ගල්රෝලට නැගී එහි සුක්කානම ළඟ වාඩිවෙයි.

"ඔය කෙල්ල කවදහරි ඕකත් එළවයි"

"යකඩ ගෑනි"

"බැඳගත්තු මිනිහෙකුට නිකං ඉඳන් කන්ඩ පුළුවනි. ඒකි හොයල දෙයි."


අපේක්ෂා නගර සභාවේ රස්සාවට ආවේ පාර සුද්ද කරන කම්කරු ස්ත‍්‍රයක් හැටියටය. රක්ෂාවේ අනියම් තත්ත්වය වෙනස් වී නැතත් කාණු පාටියෙන් තාර පාටියට උසස්වීමක් සහිත ස්ථාන මාරුවක් ඇයට ලැබුණෙ කාණු පාටියේදී උදැල්ලෙන් පෑ හරඹ නිලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වූ බැවිනි. මෑතක දී ඇයට තාර පිටියෙන් ලයිට් පාටියට තවත් උසස්වීමක් ලැබිණ. ඒ අනුව අපේක්ෂා දැන් වැඩකරන්නේ ගස්වල සහ ලයිට් කණුවලය.
අලුත් රාජකාරියට ගැලෙපන අයුරින් දැන් ඈ දණහිස තෙක් කකුල් නැවූ කලිසමක් හඳී. ලයිට් කණුවට හේත්තු කළ ඇලුමිනියම් ඉණිමගේ නැග බල්බ් එකක් මාරුකරන අපේක්ෂාගේ පිරුණු තට්ටම් දෙස ඉණිමග අල්ලාගෙන බිම සිටින එකා බලන්නේ ඉස්සර තාර පාටිය්දී සමහරු ඒ දෙස බැලුවාට වඩා කෑදර දෑසිනි. ඇය ඉණිමගේ පහළට බසින විට ඌ ඉණිමං කඳේ අත් ගසාගෙන ම මුහුණ පැත්තකට ඇලකරන නමුත් අපේක්ෂාගේ කලිසමේ පස්ස සාක්කුවේබොත්තම උගේ නැහැයේ වදියි. තට්ටම් මසෙහි පහස කලිසම් රෙද්ද විනිවද අත්දඬුවලට දැනෙයි.

පාරේ ලයිට් වයර්වලට නැමුණු අතුවලට ලයිට් පාටියේ කම්මැලියන් උණකෙකි මානන විට අපේක්ෂා තවත් එවැනි ගහක දෙබලකට පය ගසා නැග අතු කපා දමයි. කරන්ට් එක තිබියදීම කැඩුණ හොල්ඩරයක් මාරු කරන්නට තරම් දැන් ඈ ශිල්පඥානයද ලබා සිටින්නීය.

"ඔන්න බලාපල්ල ඕකි ලයිට් පෝර්මන් වෙලා තමයි නවතින්නෙ. යකඩ ගෑනි"

"ලැජ්ජ බය නෑ. දුප්පත් උණාට කිසි කෙනෙක් මායිම් කරන්නෙ නෑ. "


තාර පාටියේ ඇත්තෝ තවම ඉඳ හිට අපේක්ෂා ගැන කතා කරති.

අපේක්ෂා තවමත් අනියම් කම්කරු පදනමේ සිටියත් පළාත් සභා ඡන්දයට නාම යෝජනා බාරගත් දා සිට ඡන්ද දවස දක්වා ඇයට පඩි සහිත නිවාඩු ලැබිණ. සවස හතරට නගරසභා කාර්යාලය ලඟට පැජරෝ රථයක් එන්නේ ඇය අලුත් රාජකාරියට කැඳවාගෙන යාමටය. කාණුපාටියේ සහ තාරපාටියේ වැඩකරන කාලයේ ට‍්‍රැක්ටර් ටේලරයේ නැගී යද්දී මෙන් දැන් ඇගේ අත්ගොබ, පියයුරු, තට්ටම් නොගැස්සෙයි. අලුත් රාජකරිය සඳහා රෙද්දක් සහ හැට්ටයක් අඳින අපේක්ෂා පරණ ඇඳුමේ කොටසක් වූ පන්කොළ තොප්පිය පළඳියි.

පැජරෝව රැස්වීමේ සෙනඟ අස්සට හොස්ස දමා නවතින විට වේදිකාවේ සිටි ඇමතිතුමාගෙන් ඇරඹෙන අතපොළසන් හඬ භූමිය පුරා පැතිර ගොස් තැනින් තැන නැඟෙන විසිල් හඬත් සමග නවතිනනේ අපේක්ෂා වේදිකාවට අවතීර්ණ වී වාඩිවූවාටත් පසුවය. ඇය එනතෙක් ඇගේ පුටුව ඇමතිවරයා අසලම හිස්ව තබා තැබෙනුයේ හාමුදුරුනමකටවත් එහි අසුන්ගන්නට ඉඩ නොදෙමිනි.

කාණුපාටියේදී උදැල්ලෙන්ද, තාරපාටියේදී තාරකැන් එකෙන්ද, ලයිට්පාටියේදී අඬුවෙන් පිහියෙන්ද විදහා පෑ දස්කම් පරදා ඡන්ද වේදිකාව මතද අපේක්ෂා තම හැකියාවන් පෙන්වූවාය. ආණ්ඩු පක්ෂ වේදිකාවේ වැඩිපුරම අත්පොළසන් ලබන කතාව කරන්නේ ඇයයි. මිනිසුන් ඇගේ කතාව එනතෙක් බලා සිටින්නේ එහි කරුණුවලට වඩා ඒවා ඉදිරපත් කරන චතුර විලාශය දැකීමේ ආසාවෙනි. ඈ කතා කළේ ඇමතිවරයාගේ පුත‍්‍රයාග් ජයග‍්‍රහණය වෙනුවෙනි. ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ නම නිතර වැරදුණත් අපේක්ෂකයාගේ අංකය නම් ඈ කිසි විටෙක වැරැද්දුවේ නැත.

"මම පුංචි ගමක නැති බැරි පවුලක දුප්පත් කෙල්ලක්. මට අතේ පයේ හයිය තිබුණට කිසිම ආණ්ඩුවක් මට රස්සාවක් දුන්නෙ නෑ. අපේ ඇමතිතුමා නිසා අද මම දුකක් නැතුව කාල ඇඳල ඉන්නව. එතුමා කරන ජනතා සේවයට උදව්වෙන්ඩ අපි එතුමාගේ පුතාත් පළාත් සභාවට පත්කරමු"

එකම කරුණක් කිහිප වරක් නැවත නැවත කීවද කටහඬ උස් පාත් කිරීමෙන්, අත් එසවීමෙන් පහත දැමීමෙන් විහිදුවීමෙන්, කඳ නැවීමෙන් හැරවීමෙන් විවිධ ඉරියව් පෑම නිසා ඇගේ කතාව විචිත‍්‍ර එකක් විය.

"යකඩ ගෑනියෙක්."

මිනිසුන් අතපොළසන් දුන්නේ අපේක්ෂාගේ ඒ යකඩ කමටය.

හවස හතරට ආරම්භ කෙරෙන ඡන්ද රැස්වීම ඇමතිමේ රාජකාරිය අවසන්කර අපේක්ෂා නිවසට එන්නේ රාත‍්‍රී දහයට පමණය. දිනකට රැස්වීම් හතර පහක් ඇමතීමට ඇයට සිදුවෙයි. ඇමතිගේ රියැදුරන්ගෙන් කෙනෙකු අපේක්ෂා නිවසට ඇරලවීමට පැජරෝව පදවාගෙන එයි. ඒ ගමනේදී අපේක්ෂා වාඩිවෙන්නේ ඉදිරි අසුනේය. රථය පදවන අතර රියැදුරාගේ වම් අත සුක්කානම් වළල්ල දිගේ ඉහළ පහළ යන්නේ වයිපරය වැඩකරන්නාක් මෙනි. විටෙක ඒ අත සුක්කාම් වළල්ල දිගේ රූටා අවුත් පහළට ලිස්සා වැටෙයි. අපේක්ෂාගේ කලවා මතට යන්නට ධෛර්යය නැතිව මගින් හැරී නැවත සුක්කානම වෙත එයි.

පැජරෝවෙන් බැස කළුවරේ දෙවට දිගේ යන අපේක්ෂා නිවසකින් පාරට වැටී ඇති එළිය තීරුවක් පසුකර යන විට නිවැසියෝ ඇය හැඳින ගනිති.

"යකඩ ගෑනි."

කාණුපාටියේදී, තාරපාටියේදී, ලයිට්පාටියේදී මෙන්ම ඡන්ද ව්‍යාපාරයේදී ද තමන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් අපේක්ෂාගේ පැවතුම් එකසේම විය. ලෝකයා මොනවා කියන්නේ දැයි නොතකා තමන්ගේ වැඞේ අනෙක් අයට වඩා හොඳින් කිරීම ඇගේ පුරුද්දයි.

අපේක්ෂාගේ රාජකාරිය හොඳින් කෙරුණත්, පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය දිනුවත් ඇමති පුතා පරාජයට පත්විය. අපේක්ෂා කිසි අපුලක් නැතිව පරණ ෂොකෝ කලිසම හැඳ, අව්වට පාට පිලිස්සී පැල්ලම් ගැහුණු ටී ෂර්ට් එක උඩින් දමාගෙන, පන්කොළ තොප්පියද අතට ගෙන නගර සභාවේ වැඩට ගියාය.

කාණුපාටියේ කණ්ඩායම උදලු, සවල්, ඉදල් සහ කූඩ පටවාගෙන ට‍්‍රැක්ටර් ටේලරයට නැග ගත්විට රියැදුරු, ඇන්ජිම පණ ගන්වා රේස් කළේය.

"හා ඔහෙත් නගින්ඩ" සුපවයිසර් අපේක්ෂා දෙස බලා මුහුණෙන්ද සංඥාවක් කළේය.

"මම?" ඈ නැවත පැහැදිල කිරීමක් ඉල්ලා සිටියාය.

"ඔව්, ඔහේ තමයි. ඔය කොයිවත් කැෂුවල් වැඩ. අද ඉඳන් මේ පාටියේ වැඩ කරනව."

පන්කොළ තොප්පිය පැළඳ එහි වාටිය අතින් පහළට ඇද සකස් කරගත් අපේක්ෂා ටේලරයේ රෝදයකට පය තබා වාරු ගෙන එකවරම නැග ගත්තාය. ඇය එහි ඇන්ද දෑතින් මිරිකා ගත් විට ට‍්‍රක්ටරය නගර සභා මිදුලෙන් ඇදී ගොස් පාරට හැරී තැනින් තැන තාර ගැලවී වළවල් සෑදුණු පාර දිගේ වේගයෙන් ගමන් කරන්නට විය.

"ඔතන ගැස්සෙනවා වැඩියි. මෙහාට වරෙන්" ටේලරයේ ඉදිරිපසට ගොඩගැසී සිටි හතර පස්දෙනා අතුරින් එකියක් කීවාය.

"නෑ මට පුරුදුයි." අපේක්ෂා පිළිතුරු දුන්නේ ගැස්සිල්ලට ඔරොත්තු දෙන හඬකිනි.

[උපුටනය: අන්තිම කැමැත්ත | 1994]

සිතුවම : Hope Chahine
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජයතිලක කම්මැල්ලවීරගෙන් තවත් වියමන්
කතන්දර
රතු බොත්තම්
පොත්
නැදිමාලේ 'Miniහෙක්'ගේ 'දෙනේත්‍රා'
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook