Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
බුදුන්ගේ දේශයෙන් සරදම් ලද 'තාරා මගේ දෙව් දුව'
බූන්දි, 21:58:33
කිසියම් කතාකරුවකු තමන් ගේ ප්‍රබන්ධය උදෙසා සම්මත, සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාවෙන් මිදුණු වෙනත් රටාවක් යොදා ගනු ඇත්තේ ඇයි? ඊට ඇත්තේ හේතු දෙකකි. පළමු වැන්න නම් තමාගේ ලියවිල්ල තුළ එහෙමට දෙයක් නොමැති බැවින් භාෂා ක්‍රීඩාවක හා වාක්‍ය වංකගිරියක කියවන්නිය අතරමං කොට බරක් හා සාරයක් ඇති බව ඒත්තු ගැන්වීම ය. දෙවැන්න තමා ප්‍රබන්ධයට නතු කරන වස්තු විෂයය ට ඈඳෙන සංකීර්ණ සංසිද්ධීන් ප්‍රකාශනයට සාමාන්‍ය කතා රටාව ප්‍රමාණවත් නොවීම ය. ලාංකේයව අමුතු රටා ගෙනෙන ලේඛකයන් අතර වැඩිමනත් දැක ගත හැකි වන්නේ මේ පළමුවැන්නට අයත් වන කතාකරුවන් වන අතර නිශ්ශංක විජේමාන්න අපට හමුවනුයේ මේ දෙවැන්න ට අයත්වන්නෙකු ලෙසිනි. ඔහුගේ කෙටි කතා තුළ මෙය බොහෝ විට විද්‍යාමාන වූ අතර නවතම කෘතිය වන 'තාරා මගේ දෙව් දුව' නවකතාව තුළ ද එවන් සහේතුක භාවිතාවක් නිරීක්ෂණය කළ හැකි ය. අඳුරු 'කළු ජූලියේ' සිට සිංහල ජාතිවාදියා වියරුවෙන් කිරිබත් කෑ 'නන්දිකඩාල් සුරතාන්තය' තෙක් බල දේශපාලන ආධිපත්‍යයයේ සුජාත භාවය වෙනුවෙන් බිඳ දැමූ ආදරණීය මිනිස් බැඳීමක් සංකේතීයව ප්‍රකාශමාන කරන්නට තාරා සමත් වෙ යි. මෙතැනදී 'සංකේතීයව' යන්න විචාරයේදී කෘතියක් පාරට්ටු කරන මෝස්තරකාරී යමක් නොවන අතර එවැන්නක් සහේතුකව යොදා ගෙන කතා කරන්නට හැකිවන්නේ ද කෘතිය මගින් සංඥාර්ථවේදී කියවීමකට අවශ්‍ය තරම් අඩු වැඩිය සැපයෙන නිසා ය. එසේ ම සංකේතය යනු නිර්මාණයේදී බොහෝ දෑ ප්‍රක්ෂේපණය කරන පුළුල් නියෝජනයක් ද වන බැවිනි.

සිංහලයා ගේ අභිමානය පිළිබඳ කතාකරන ජාතිකවාදීන් පවසනුයේ ජාතියක් වශයෙන් අප කිසිවිට දෙමළ අනෙකා පහත් කොට නොසලකන බව ය. එහෙත් ඒ මතුපිට කියුම පරයා අවිඥාණයේ රජයන සැබෑව සිතුවම් වන කැන්වසයද අප අතර භේද කුමටදැයි අසන ඇතැම් නිර්මාණම ය. 'භානුක මායාදුන්නේ' නමැති සිංහල පෙම්වතා ත් 'තාරා ශ්‍යාමලී කුමාරස්වාමි' නම් දෙමළ සම්භවයක් ලද පෙම්වතිය ත්, ඔවුන්ගේ කැඩී, බිඳී යන ප්‍රේමයත් වස්තු කොට ගෙන ගෙන ගලා යන මේ නවකතාවේ ප්‍රවේශය තුළම සිංහලයාගේ කව් ගී වල ඇති මතුපිට දෙමළ ප්‍රේමය ප්‍රශ්න කිරීමට ලක් වෙ යි. එය ම ඉහත අගතියට නොවැටී තේමාව ස්පර්ශ කිරීමට රුකුල් වෙ යි.

භානුක හා තාරා පාසල් වියේ සිටම එකිනෙකා කෙරෙහි ඇල්මැති වීම මතින් නිපන් ප්‍රේමය ඔස්සේ ගලා යන කතාව පුරා ම වහනය වන්නේ අප පසු කළ යුගයක පෙම්වතුන්ගේ හදරිද්මයෙහි විසිතුරු බව හා සංවේදීත්වය වුවත්, එය හුදු ප්‍රේමකතාවක් ම වන්නේ නැත. එහි යටි තලය මගින් ස්පර්ශ වන්නේ සිංහල හෙජමොනිය විසින් තම මනස තුළ දෙමළා පහතින් ස්ථාන ගත කරනුයේ ඇයිද යන්න පමණක් නොව එයට සාධාරණ මානුෂික හේතුවක් ද නැති බව ය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් එහි දේශපාලනිකය පිළිබඳවය.

''ආඬි ළිඳේ වතුර රසයි
කලා වැවේ වතුර තරම්
අම්මේ. . . . .
පැලපීය අරං
දකුණු කරෙන්
අපි එනවා. . . . .
තල් හකුරු කන්න අම්මේ''

(පිටුව 13)

නවකතාවෙහි එන භානුක උතුරු- දකුණු සමමිතිය වෙනුවෙන් ලියූ මේ ගීයෙන් සිංහලයා තුළ තිබෙනවා යැයි කියන සහෝදර ප්‍රේමයේ ව්‍යාජය පමණක් නොව සිංහල ප්‍රෞඩත්වය කුළුගැන්වීම සඳහා කලා වැව භෞතික නිදසුනක් ලෙස උත්තර තැනෙක තබ යි.

බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
සැඬොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

(පිටුව 55, 'තුටු පඬුරු' ගී පද මාලා සරණිය - මහාචාර්ය සුනිල් ආරියරත්න)

නවකතාවෙන් පිටත දී හමුවන 80 දශකය අගදී උත්කර්ශයට නැංවුණ නන්දා මාලිනී ගේ 'පවන' ප්‍රසංගයේ දී 'සුභාෂිත හෙවත් හිතෝපදේශ' නමින් ගැයුණ මේ ගීයෙහි ද ''දෙමළා වුණත්'' නම් යෙදුම මගින් හෙළයාව අනියමින් උද්දීපනය කරනු ලබ යි.

''ඔයා කියනවා ආඬි ළිඳේ වතුර රසයි කලා වැවේ වතුර තරම් කියලා - ඒකෙන් ඇඟවෙනවා කලා වැවේ තමයි රසම රස වතුර සිංහලයගෙ මහ වැවේ. . . . දෙමළ පොඩි ළිඳේ වතුර කිවුලයි. ඒත් ඔයා ඒවත් රසයි කියලා රවට්ටනවා''
(පිටුව 13)

තාරා චෝදනා නගන්නී පමණක් නොව එය පරිවර්තනය කරන්නට ලද අවස්ථාවේ භානුගේ පදයන්හි ප්‍රතිපක්ෂය දෙමළට නගන්නී ය.

''ආඬි ළිඳේ වතුර අරං
තල් හකුරු අරං
උතුරු කරෙන් අපි එනවා
පැලපීය කන්න අම්මේ''


පාසල් වියේදී දිනක් තාරා හිංසනයට ලක් කරන්නට ආ සිංහල සිසුවෙකුහට ඈ පිළිතුරු දෙන්නේ ඉංග්‍රීසියෙනි. සිංහල සිසුවාගේ ප්‍රතිචාරය කුමක්ද?

''එනව කඩුව දාන්ඩ. පර දෙමළි. උඹ ඕනෑවට වැඩිය කරට ගත්තා. ඒකයි''

මා හට නොමැති, මා අසමත් ශක්‍යතාවක් දෙමළා අත් පත් කර ගත යුතු නැත. සිංහලයාගේ සිතිවිල්ල එය යි. මෙහිදී පන්තියට පැමිණෙන ගුරුවරයා පටන් ගන්නා පාඩම තුළ, සිංහලයා ට සිංහල අධිපති දේශපාලනය තුළ අත් කර දුන් ස්වයංවින්දනය ප්‍රකාශිත ය.

''අපි ඊයේ කතා කළේ අගමැති බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ලාංකික දේශපාලන කතිකාව තුළ ඇති කළ වර්ධනීය ලක්ෂණය විසින්. . . . . ''
(පිටුව 36)

අප අමතක කළ නොයුතු දෙයක් නම් ජාතිය නම් සාධකය නොසලකා ජීවිතය පිළිබඳ ගන්නා තීරණ තුළ එය දෘඩ සිතින් කරපින්නාගත් සමාජයකින් මානුෂික අරුතක් සම්පාදනය නොවන බැව්ය. උතුරේ කීර්තිමත් දෙමළ පවුලකට අයත් තරාගේ පියා ඉන් පිටුවහල් කරනුයේ සිංහල ගැහැනියක හා විවාහ වූ නිසා ය. මාතලේ වසන ඔහුගේ මනස තුවාල කරනු ලබන්නේ ජාත්‍යාලයෙන් ඔජ වැඩි ප්‍රකෝපකාරී සිංහලයා විසිනි. ඒ පශ්චාත් නන්දිකඩාල් ප්‍රමෝදයේ අතීත රූපය වන කළු ජූලියේ දී ය.

අතර මගදී බසය නැවැත් වූ මහා පිරිස මඟියෝ සෑම දෙනා ම බැස්ස වූ හ. සෑම දෙනාගෙන්ම ජාතිකත්වය විමසන්නට ගත්තේ ඔසවාගත් පොලු ඇතිව ය. බයිසිකල් චේන් ඇතිව ය. අප සියලුදෙනාගෙන් දෙමළ වැසියන් වෙන් කර ගත්තේ පහර දෙමින් ය.

''කියපිය පන්සිල්''

මැරයන් එනතුරු තාත්තා මැදහත් සිතින් බලා උන්නේය. මම බිය වී ඇඬූ අතර අම්මා තාත්තා අත් නොහැර ඔහු ළඟින් හිටියා ය.

''මහත්තයා. . . කියමු බලන්න ඉතිපිසෝ ගාථාව'' කොලුවා කීවේ ය.

''ඉතිපිසෝ නෙවෙයි තුන් සූත්‍රය කීවත් මම සිංහල වෙනවද? ''

(පිටුව 71)

ජාතිය යන්න, සම් මස් ලේ ඇට නහර මගින් සැදි ශරීර කූඩුවකට ආරෝපණය කළ, පාර භෞතික වර්ගකිරීමක් යන්න ප්‍රකාශ කිරීම මෙවැනි අමන සමාජයකදී ද්‍රෝහී කටු ඔටුන්න හිස මත පතිත වන්නට හේතුවකි. මන්ද වීදි බට මේ ජනයා ආගම සහ දේශපාලන බලාධිකාරයේ ම නිෂ්පාදනයකි. රාජ ප්‍රශස්ති හිසින් ගත් ඇතැම් භික්ෂූන්, දේශ හිතෛෂී යැයි කියන බුද්ධිමතුන් හා කලාකරුවන් යනු ඒ පැසිස්ට්වාදී ආකල්පය සංස්කෘතිකව සුජාත කරන්නවුන් ය. (සුළු ජාතිය මහ ජාතියට ඉඩ දිය යුකු යැයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියක් හෙබවූ භික්ෂුවක් දොරමඩලාවෙන් වැදෑරුවා මට මතකය). භානුට තාරා මග හැරීමේ ප්‍රධාන සිදුවීම ද මේ කළු ජූලිය යි. එක් අතෙකින් ඒ පෙම්වතුන් දෙදෙනෙකුගේ ඈත්වීම නොව ඔවුන් දෙදෙනා සිංහල සමාජයෙන් දෙමළ සමාජය ඈත් වූ බැව් ප්‍රකාශ කෙරෙන සංකේත බවට පත්කිරීමකි. භානු විසින් සොයා යන තාරා ප්‍රතිමාව එය සංකීර්ණ තලයක තබා සාකච්ඡා කරන්නට රුකුල් දෙන වස්තුවකි. ඔහු තාරා පිළිරුව ද ඒහා බැඳි සංකල්පයන් ද සොයා යාමට පෙළඹෙනුයේ පාසල් වියේ දී සැබෑ තාරා (තාරා කුමාරස්වාමි) ගේ පියා වෙතින් ලද ඉඟිය මතය. ජාතිය, ආගම වැනි පටු ආකල්ප මත බෙදීම්, වෙන්වීම් රජයන සමාජයක නිස්සාරත්වය ට සරදම් කරන පොදු උත්තරීතර අරුතක් අජීවි ප්‍රතිමාවක් තුළින් ඒ මැදි වියෙහි මිනිසා දුටු නියාවෙකි. එහෙයින් ම සජීවි තාරා හා සබැඳියාව බිඳී යාමේ හිස්තැන, අඩුව (lack) පූරණය කර ගැනීමක් ලෙස ද ප්‍රතිමාව නිරූපිත ය.

මට කියන්න,
ඔබ සොයන්නේ පිළිමයද. . .
අප ඔබ අතරින් අහිමිවූ ආදරයද. .

(පිටුව 90)

පුරා විද්‍යා කැණීම් යනු නිරතුරු ඉතිහාසය සොයා යාම ම නොවේ. පවතින රේඛීය ඉතිහාසයට තහවුරු සාක්ෂි සෙවීමක් ද වේ. එවිට පවතින තොරතුරු වලට අභියෝගයක් වන දෑ හමුවුව හොත් එය බැහැරකිරීම සිදුවන අතර අභිමත දෑ පමණක් කෞතුකයන් බවට පූජනීය තැනෙක තබා ප්‍රවාද ලිවීම රෙජීම් ගත ඉතිහාස කරුවාගේ කාර්ය ය. ඉතිහාසය ගලන්නේ එසේ ය. භානු ට ප්‍රතිමාව සොයා යන්නට වන්නේ මෙවන් පසුබිමකට නොඑකඟව ය.

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයා සිතන්නේ එහි තිබුනේ බුදුරුවක් බවය. ඔහුගේ මතය බිඳ හෙළන්නට මට නොහැකිය. ඔහු මට ප්‍රතිමා ගෘහයේ පාමුල ඇති සඳකඩ පහණ, මුරගල්, කොරවක් ගල් පෙන්වයි.

''ඔයා හිතන්නේ මේවත් පිහිටුවලා ඔක්කොම කළේ ස්ත්‍රී දේවතාවියකට කියලද? ''

එවිට මම මගේ ශාංකාව හා විශ්වාසය ගැන කියමි. හීන ගැන කියමි. ඔහු සමච්චල් ලෙස හිනා වේ.

''ඔය මනසින් මවා ගත් දේකට ආදරය කිරීම රෝගයක්. මොකක්ද. . . . ඔය. . . . ඩෙලූෂන් ඔෆ් ලව් වගේ නමක්. එහෙම නැත්නම් තමන්ට කවුරුහරි විස්තර කියනවා වගේ දැනෙනවා. . . . . ඒ රෝගයට කියන්නේ 'ඉලූෂන්' කියලා.

(පිටුව 125)

දැන් අපට මඳක් කතාවෙන් එළියට පැමිණ මේ 'නිල ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයා' හඳුනා ගත හැකිය. මේ එවැන්නෙක් වර්තමාන රෙජීමය උදෙසා ඉතිහාසය ලියන අයුරුය.

'දුටුගැමුණු නරවීරයා රෝහණයෙන් මතුවී සිය දේශයේ කේන්ද්‍රස්ථානය, සංස්කෘතියේ මුල්බිම, අගනුවර රජරට එළාර නම් වූ සතුරාගෙන් නිදහස් කරගත්තා සේ තිස් වසරක් පැවැති වේළුපිල්ලේ පිරබාහරන් නමැති දරුණු ත්‍රස්තවාදියාගෙන් අප මවුවිම නිදහස් කරගන්නා ලද්දේ රෝහණයෙන් බිහිවූ මහින්ද රාජපක්ෂ නම් වූ දුටුගැමුණු රජ පරපුරේ වීරයෙකු විසිනි. එබැවින් රෝහණයේ වංශකතාව අප මවුබිමේ ජීවය බව අප සිහිපත් කළ යුතුය.'
(පුරාවිද්‍යා චක්‍රවර්ති, පුරාවිද්‍යා පර්යේෂණ ශූරී ප්‍රජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි තම 'රුහුණේ යටගියාව සහ සෙල්ලිපි' ග්‍රන්ථය පිළිබඳ පවසා ඇති යමක්. 2014. 01. 02 දිවයින පුවත්පත).

ඉහත ප්‍රකාශනය යනු වර්ථමාන තාරා කතාව සමාජය තුළ නිමා වූ සැටිය යි. දැන් තව දුරටත් ව්‍යාජත්වය මිස ආදරය ඉතිරිවී නැත. යාපනය නගරයේ ආනන්ද කුමාරස්වාමි මාවතේ තාරා සොයන භානුට ඈ මුණගැසෙන්නේ නැත. ඔහු තොරතුරු පතා උදව් ඉල්ලීමේදී පුද්ගලයෙකු පවසන්නේ කුමාරස්වාමිලා ජීවතුන් අතර නැති බව යි. නිශ්ශංකයේ ප්‍රබන්ධයෙහි අන්තය නම් සමාජීය ලෙස අප අත්දුටු එම යථාර්ථය ආකෘති ගත කිරීම යි. නිර්මාණාත්මක ආඛ්‍යානයක පිහිටුවීම යි. එහි අවසන, තාරා ප්‍රතිමාව සොයා ගත් භානු සමග සංහිඳියාව බෙදාගන්නට සැබෑ තාරා නැත. ඈ උමතුව පිට මං වී ගොසිනි. නැතහොත් උමතු කරවා එළවා දමා ඇත. මේ ඉවුරු යා නොවනු නොදී තව දුරටත් දෙපසට කරන්නට හල රුධිර ගංගාව ලාංකිකයාට කිරිබත් සාදයක් වි ය. නවකතාවෙන් පිට සැබෑ ලෝකයේ අප කලක් තිසිසේ දුටු 'කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවත' ද ඉක්බිති ගත වූ වසර දෙක තුනකදී රෙජීමයේ නායකයාගේ නමට ම කැපවිණි.

මෙසේ සබෑව හා කතාව අතර සරන්නට පහසුකම් සලසන්නේ, කෘතිය වියමනක් ලෙස ගෙතී ඇති කතා විලාසයයි. භානු ගේ උත්තම පුරුෂ ඇසින් සහ තාරා විසින් ලියන ලද සටහන් පෙළක් ලෙස මෙන්ම භානු ලියන සිනමා තිරචනයක් ලෙස ද එන ආකෘතිමය වෙනස්කම් ආයාසකර, වාර්තාරූපී අගතියකට වැටී නොතිබීම කතාකරුවාගේ පරිණත බව අප වෙත සන් කර සිටී. මෙහිදී නිශ්ශංක ගෙනෙන සිනමා තිර රචනය හුදු මෝස්තරාත්මක යමක් නොවන්නේ එතෙක් පාත්‍රවර්ගයා හා ගලා යමින් තිබූ කතාවට ස්පර්ශ නොවන සීමාවක් දක්වා විකාශය කර තිබීම නිසා ය. එහි එන මායාමය තාරා දෙවඟන අසන පැණය බලන්න.

''ඔක්කොම මැරුවම සංතෝෂද? ''

සිනමා තිර රචනයක් යනු සැලසුම් සහගත අසම්පූර්ණ ගොඩ නැංවීමකි. එය ප්‍රකාශනයක් ලෙස ප්‍රතිනිර්මාණය වන්නට කැමරාවේද, සංස්කරණයේද සහභාගීත්වය ඇවැසිය. මෙහිදී එම කාර්යය සම්පූර්ණ කර ගැනීමට පැවරී ඇත්තේ පාඨකයාට ය. එහෙයින් මැරුවේ කව්ද? මැරුණේ කව්ද? යන්න පිළිබඳ පාඨක මනසේ ඇඳෙන රූපාවලියට අප බුදුන්ගේ දේශය තුළ පසු ගිය කාලයේ සිදුවූ බොහෝ දෑ හසුවීම අහඹුවක් නොවේ. කෙසේ වුව මේ මොහොත වනාහී ලේ පළිය සාධාරණීකරණය හා අතීත අභීත අභිමානය උදෙසා ඊනියා සංස්කෘතික ප්‍රවාද බිහිවන සමය යි. පසුගිය දිනෙක බස් රථයක මා කොළඹ බලා එන අතර තුර සවන් ගීයක පද මෙසේ විය. ''යොවුන් වියේ සොඳුරු සෙවණ - රණවිරු සෙවණ'', කවුළුවෙන් එළිය බැලූ කල ඒ හා මුසු වූයේ 'සිරි පැරකුම්' චිත්‍රපටයේ කටවුටයකි. නවාතැනට පැමිණ රූපවාහිනය ක්‍රියාත්මක කළ කල 'මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව' ය. කාර්යාලයට ගිය තැන 'අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ' නම් චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පිළිබඳ ඇරයුම්පතකි. 'තාරා මගේ දෙව් දුව' වැනි පොතක් ලිවීම සංස්කෘතික බල අධීකාරයකට එරෙහිව උඩුගං බලා පිහිනීමක් වන්නේ ඉහත කී ධාරාවේ පිහිටා, එකම කාසියක දෙපැත්ත වන් ජාතිකවාදී සහ ජාතිවාදී දෙපාර්ශවය වපුරන මතවාදය අහිංසක නොවන සංදර්භයක දී ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nishshanka Wijemanna, Thara Mage Dewduwa, Sinhala Noval, Mother Goddess, Sinhala Tamil Ethnic Issue
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විකුම් ජිතේන්ද්‍රගෙන් තවත් වියමන්
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
හිරු බැස යෑම නියතයකි!
පොත්
සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?
කවි
තනිකම් දොස්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook