A letter to Sarpaya- K.K. Saman Kumara | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සර්පයාට සෝබාවරයෙකුගෙන් ලියමනක්....!!!
සර්පයා, උඹ දැන් හරි ජනප්‍රියයි. පහුගිය දවස් කීපයේම දේවල් කියවලා බැලුවාම අඬනවද හිනාවෙනවාද කියලා හිතාගන්න බෑ. කොහොම හරි උඹ පොත ගැන අද කියවයි. හෙටත් කියවයි. ඊට පස්සේ.... අන්න එදාට උඹ මේ ලියමන කියවපං. මම කවුද කොයි වර්ගයේ සෝබාවරයෙක්ද කියලා හොයන්න මහංසිවෙන්න එපා.

මට උඹට එකක් අවංකව ලියන්න පුලුවන්. ඒක තමයි මම උඹේ ලියවිලි ගැන ලියන්නේ නෑ. ඒවා ගැන ඉන්න ඔස්තාර්ලා ලියලා ඉවරයි. මම උඹට ලියන්නේ උඹේ ජීවිතය ගැන. උඹ ජීවිතේ ඇතුලේ බුදුවෙන එක ගැන. ලංකාවේ බුද්ධ සාසන අමාතංශය කලබල වෙන්න ​ඕනේ නෑ. මගේ මේ කියන බුදුවීම සහ ඔහෙලාගේ බුදුවීම සම්පූර්ණයෙන්ම සර්වකාලීනවම දෙකක්. මම මේ කියන්නේ ජීවිත නම් වූ සාසනය තුළ බුදුවීම ගැන.

"සර්පයා බුදුවෙලා...."

ඇත්ත සර්පයා බුදුවෙලා. උෟ ෂඩ් ශාස්තෲන් ගානේ කරක් ගැහුවා කාලයක්. මේ ජීවිතයේ අලුත් රිද්මය අල්ල ගන්න. සර්පයා ලියපු සර්පයා ඇඩ්වර්ටයිසින් කඩවල කොපි ලියන්න ගියා. රේඩියෝ කඩවලට හීන ලෙහෙලා දෙන්න ගියා. මේ සෑම දෙයක්ම ඇතුලේ උෟ තමන්ගේ ජීවිතයේ රිදම් එක නැත්නම් ජීවිතය සම්බන්ධයෙන් "බුදුවෙන්න ඕනේ වෙන ටෙම්පෝ" එකට ටික ටික ලංවුනා.

"සර්පයා හොඳ හුස්මක් ගනින්.. හුස්ම ඉහලට.. හුස්ම පහළට... දැන් ඇස් අරපන්..."

"ජීවිතය සම්බන්ධයෙන් බුදුවෙන්න කැලෑවැදිලා භාවනා කරන්න ඕනේ නෑ. මොකද මේ මොහොත පට්ට නාගරික ප්‍රදේශ පවා අමනුෂ්‍යයන් වෙසෙන ඝන කැලෑවන්. තවදුරටත් ජීවිතය සම්බන්ධයෙන් ​​මෛත්‍රී භාවනාව වැඩීම පලක් වන්නේ නෑ. මොකද පිසාචයන් ඔජස් ගලන මිනීකන අමු සොහොන්වල ඉඳන් ​​මෛත්‍රී භාවනාව කරලා බුදුවෙන්න බෑ. ඒ අර්ථයෙන් උඹ ජීවිතය සම්බන්ධයෙන් ගත්ත තීරණ හරි. උඹ ​​මෛත්‍රී භාවනාව වෙනුවට පිළිකුල් භාවනාව තෝරගන්නවා. ඒක ඇතුලේ තමයි පසුගිය අවුරුද තුන වගේ ඇතුලත උඹ උඹේ ජීවිතයේ "අමාරුම" සහ උඹේ චවනයකින් කියන "රහම" දේවල් විදිමින් ඉන්නේ. ඒක විඳින්න උඹටම විතරයි පුලුවන්. ජීවිතයේ භාගයක් ඈත්වෙන වෙලාවෙදි උඹ ඒකට අරක්කු දාලා බේරගන්නවා වෙනුවට ඒක ඇතුලේ ධ්‍යාන වඩනවා. තට්ට තනියම. හදිසියේ හරි ඔය පසන් වගේ එකෙක් ආවොත් ඇරෙන්න උඹගේ ධ්‍යානය කඩන්න බලු කපුටෙක්වත් නෑ. හැබැයි උඹ මුණිවරයෙක් නෙමෙයි. මුනිවරු කියන්නේ එක විදිහක කුහක, නීතිරීති ගොඩක් විතරයි. බුදු වෙච්ච එවුන් කියන්නේ ජිවීතය සම්බන්ධයෙන් වෙන ආතල් එකක් විඳිමින් ඉන්න එවුන් පිරිසක්. උඹ සාහිත්‍ය අභ්‍යාස නතර කරලා ජීවිතය අභ්‍යාස කරන්න ගත්ත එක ගැන මට තියෙන්නේ ත්‍රිලක්. බොරු මවාගැනීම වෙනුවට උඹ තුලට උඹව පුරවන්න උත්සහ කරමින් ඉන්නවා​"

"සර්පයා හොඳ හුස්මක් ගනින්.. හුස්ම ඉහලට.. හුස්ම පහළට... දැන් ඇස් අරපන්..."

තව අවුරුදු 30කින් පුලුවන් සර්පයා 60 වසරකට පසු කියවීම වගේ එකක් කරන්න.

60ක් නෙමෙයි 100ක් ගියත් ජීවිතේ අල්ල ගන්න ඒ වෙලාව එන්නම ඕනේ. මට හිතෙනවා නිකෝස් කසන්සාකිස් ගේ සෝර්බාගෙන් කෑල්ලක් උඹට උපුටන්න. වෙන මොකටවත් නොවෙයි. ත්‍රිලට.

"ලොක්කා, එක් එක් මිනිහාට වෙන්වූ ස්වර්ග තියෙන බව මම මීට කලින් ඔබ​ට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ තීන්ත කූඩුවයි පොතකුයි. තව කෙනෙකුට වයින්,රම්,බ්‍රැන්ඩි. තවත් කෙනෙකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය මේ තමා! සුවඳ කළ කාමරයක්, බිත්තියේ එල්ලපු ලස්සන ​වෛවර්ණ පළස්, සුවඳ සබන්, දුනු සහිත ඇඳක් සහ පරිණාමයෙන් බෙදී ආ ගැහැණියක්!"

උඹට මෙතැනදි තෝරගත්තේ මොන ස්වර්ගය ද කියලා හොයන කොට ඒක උඹේ යුගවලට බෙදිලා යනවා. බුදු වෙන්න යන එකෙකුගේ ජීවිතය යුගවලට බෙදෙනවා. ගෞතම බුද්ධ ගත්තත්, ජීසස් නැතිනම් මොහොමඩ් හරි ශිව ගත්තත් මේ හැම කෙනෙක්ගෙම ජීවිත යුගවලට බෙදෙනවා. ත්‍රිල යුගයෙන් යුගයට වෙනස් වෙනවා. ජීවිත ඇතුලේ පෙරළි වෙනවා, කැරළි ගහනවා, අතුරුදහන් වෙනවා, වෙන වෙන වේශ බවට පත්වෙනවා. මේ ඔක්කෙම වුනාට පස්සේ එයාල එයාල බවට පත්වෙනවා. මේ සියලු දෙනා කරලා තියෙන්නේ ලෝක ධාතුව තුල තමන් තමන් බවට පත්වීමට කරලා තියෙන අරගලය. මේක තේරුම් ගත්තේ නැති එකාලා තවම මැටි පිළිම වලට වඳිමින් ඉන්නවා. හැම ​එකකෙක්ටම ජීවිත ඇතුළේ බුදුවෙන්න පුලුවන්. එ්කට අදාළ යුග තුළ ජීවිතයට අවශ්‍ය ස්පේස් එක නැතිනම් අවකාශය දෙන්න ඕනේ.

සර්පයා, දැන් ඇති බං ලිව්වා. "හොඳ හුස්මක් ගනින්.. හුස්ම ඉහලට.. හුස්ම පහළට... දැන් ඇස් අරපන්..."

එත් උඹට ඉල්ලීමක්/උපදෙසක්/තර්ජනය හෝ ඕන මඟුලක් විදිහට මේක ගනින්. මේ "අවුරුදු 30" අටමගලෙන් පස්ස උඹ ආයේ තනිවෙයන්. පුලුවන්න ගල්කිස්ස වෙරළේ ගිහින් තට්ට තනියම සෝබා වගේ නටපන්, තනිමය ආයේ හූ කියපං. දවස් කීපයකට වෙබ් එකට හිරකලා තියෙන ජීවිතේට නැවත නිදහසේ ගලන්න ඉඩ දීපන්... ඇත්තටම ජීවිතේ නිදහස් කරපං... අලුත් යුගයක ජීවිතයට අවශ්‍ය අලුත් ස්පේස් හදපං...

"කවද හරි දවසක අපි ඒ වගේ පොදු ස්පේස් එකකදි හම්බවෙයි."

[-සෝබාවරයෙක්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sarpaya, K.K. Saman Kumara, Zorba the Greek by Nikos Kazantzakis
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook