Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
මට දැන් ඇතිවෙලා- [රේඩියෝ කතා]
බූන්දි, 05:33:55
පාත්‍ර වර්ගයා- මනූ, ධනේ, සර්පයා, කපුටා, ගවයා, මැඩම්

ආරම්භක කෙටි සංගීත ස්වරයක් නාදවේ.

ධනේ- මනූ මට තේරෙන්නෑ, මට තේරුං ගන්න බෑ. කියන දෙයක් පැහැදිලිව කියපං නිරවුල්ව.

මනූ- තප්පර කටුව බැට්රි බහිනකං ඉලක්කං වටේට කැරකෙනවා. එකේ ඉඳං දොළහ දක්වා.

ධනේ- මං කියන්නෙ සෑහෙන කාලයක් ගතවුණා. සෑහෙන කාලයක් ගතකළා.

මනූ- කාලය වේගයෙන් ගෙවිලා. වේගයෙන් ගතවෙලා. බොහොමයක් දේවල් ඉතිරි කළා. මොනවද?, මොනවද? සහතික මිටි, ලකුණ, රිසාල්ට් ෂීට්, පිංතූර, බැජ් ෆොටෝ, ලෝගු, පදක්කං, සෝනියර්ස්, සම්මාන, සංකේත ගෝනිවල පිරිල ඉතිරෙනවා.

ධනේ- මනූ, මට තේරෙනවා. එකම එක දෙයක් තේරෙනවා. ඔව්, උඹ අමුතුම විදියෙ මිනිහෙක්. ඒක මං තේරුං ගත්තෙ මීට අවුරුදු හතරකට කලිං. ඒත් මට ප්‍රහේලිකාවක්, උඹට ඕන කරන්නෙ මොනවද, උඹ කියන්න යන්නෙ මොනවද, පැහැදිලිව කියපං. මං අහගෙනයි ඉන්නෙ. කියපං. ඉතිං කියපං.

මනූ- ඉතිහාසය ගමන් කරන එක නතර වෙලා. ප්‍රගතියක් නෑ. මොනවත් සිද්ධ වෙන්නෑ. අසීමිත ඉලක්කයන් අරමුණු, ආශාවන්, බලාපොරොත්තු ටොන් එකක් කරපින්නගෙන දෙකට නැමිලා.

ධනේ- මනූ, කියන දෙයක් පැහැදිලිව කියපං. උඹ දන්නව අපිට මෙහෙම ඉන්න ලැබෙන්නෙ බොහොම ටික කාලයයි. ඊළඟට අපි උපාධිධාරීන්. ඇත්තටම මගෙ ජීවිතේ ටාගට් ගොඩක් තියෙනවා. මොන දාර්ශනික ටෝක් දුන්නත් මනූ මුදල් තමයි අපිව නටවන්නෙ. මං චාටඩ් කරගත්ත. නෙක්ස්ට් ඉයර් එකේ ඇටර්නිත් ෆිනිෂ්. මට හොඳටම ෂුවර් මන්ත්ලි ලක්ෂ දෙකකට එහා සැලරි එකක් ගන්න පුළුවං කියල. ඒත්, බලපං මනූ උඹ මොනවද මේ කාලයට කරගෙන තියෙන්නෙ? උඹ මොනවද අත්පත් කරගෙන තියෙන්නෙ. හා... කියපං බලන්න, මොනවද උඹ මේ අවුරුදු හතරට අත්පත් කරගෙන තියෙන්නෙ? උත්තරේ බිංදුවයි. ඔය උඹ ගාව තියෙන අනංමනං බහුබූත නාඩගං කෙරුවාවල්වලට මේ වෙළඳෙපොල ආර්ථීකේ තැනක් නෑකියලා හැමෝම කියන කථාව තේරුං ගනිං. මොනව කරන්නත් පොළොවෙ පය ගහල ඉන්න ඕනෙ. මං මේ ටික උඹට කියන්නෙ කොයිතරං කාලෙක ඉඳලද, දැංවත් තේරුං ගනිං මනූ...

මනූ- ඔරලෝසුව අනිත් පැත්තට ගමන් කළොත් මොකද වෙන්නෙ. මං අහන්නෙ මොකද වෙන්නෙ? අපිත් යමු අනිත් පැත්තට. අපි යමු අන්න අර පැත්තට. පස්සෙන් පස්සට හ්ම් ගමන් කරමු. වරෙං මාත් එක්ක. යමු මාත් එක්ක.

ධනේ- මනූ, මොකද මේ. මං හිතන්නෙ දැංනං වැඩේ හොඳටම සීරියස්. උඹව හොඳ ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරන්න වෙනව. කමක් නෑ. මං උඹ වෙනුවෙං ඒ යුතුකමත් ඉෂ්ට කරන්නංකො.

මනූ- ධනේ, යමං මාත් එක්ක. වරෙං යන්න. මෙහාට වරෙන්.

ධනේ- මාව අතෑරපං මිනිහෝ... මාව අතෑරපං.

මනූ- උඹට බැරිද මාත් එක්ක එන්න. (තදින්) උඹට බැරිද මාත් එක්ක එන්න? මට දැනගන්න ඕන උඹට බැරිද මාත් එක්ක එන්න...?

ධනේ- විභාගෙට තව දවස් කීයද? ගිරව දැම්මෙ නැත්තං පේපර් ඔක්කොම කොට උඩ. මේ පාර ප්‍රොපෙසර් සූකිරිවංශ ඇන්නුවොත් ෆස්ට් ක්ලාස් එක කැලේ. මේක දිය රෙද්දෙන් බෙල්ල කපනව වගේ තරඟයක් කියල උඹ හොඳාකාරවම දන්නව. පිස්සු කෙළින්නැතුව දැං ඔය ෆොටෝ කොපි නෝට් එක බලාගනින්. ඕක කියෝගනින්.

මනූ- මිත්‍රත්වය ආදරයටත් වඩා ලොකු මිත්‍රත්වය. මං අහන්නෙ, මං අහන්නේ බැරිද මාත් එක්කල උඹට එන්න. යමං, වරෙන් මාත් එක්ක.

ධනේ- අනේ මාව අතෑරපං. මාව අතෑරපං. ආහ් (ඈතට) ඒයි මචං මුට හොඳටම අමාරුයි. (හඬින්) මනුවට හොඳටම අමාරුයි. මූව ජෙනරල් හොස්පිටල් එකටවත් ඇඩ්මිඩ් කරල දාන්න වරෙල්ලකො. මචං කපුටා, සර්පයා, ගවයා වරෙල්ලකො.
(දොරවල් වලට ගහන හඬ)

සර්පයා- මොන රෙද්දක් කරනවද ඕයි. අපි මේ ක්‍රෑම දානව. උඹල ගිරව දාල දාල අපිවත් අල කරන්න හදනව.

ධනේ- මිනිහෙක්ට කරදරයක් වුණාම උඹල ඔහොමද?

කපුටා- මෙතන වෙඩිල්ලක් පත්තුවෙලා එකෙක් මකබෑවුණත් මෙ වෙලාවෙ මොකවත් කරන්න බෑ. උඹලට වගේ චාටඩ්, ඇටෝර්නි අපට නෑ.

ධනේ- උඹලගෙ යාළුවෙක්ට අසනීපයි යකෝ....

ගවයා- කාටද, මනුවටද? (හඬින් සිනාසේ)

කපුටා- කිව්වම අහල මෙතනිං මකබෑවෙලා පලයල්ලකො යන්න.

මනු- ඔව් යනව, පලා යනව. (උස් ස්වරයෙන්) අන්තවාදියෙකු වුණත් මම තොපි වගෙ සීමාන්තිකයන් නොවේ. සොබා දහමේ නිහඬත්වයට එරෙහිව මා සටන් වදිනව. නිහඬභාවය තුළ අර්ථයක් දකිනව. ඔව්.

ධනේ- ආහ්. බෙල්ලෙං අතෑරපං. (අඩි හඬ)

මනූ- පේනවද අර ඈත... බිල්ඩිං, (විරාමය) ගොඩනැගිලි, අහස උසට නැඟුණු ගොඩනැගිලි සංකීර්ණ. දේශනශාලා, ආපනශාලා, නේවාසිකාගාර, කලාගාර, ක්‍රීඩාශාලා, පුස්තකශාලා, තවත් විදියකිං කිව්වොත්, ඒ කියන්නෙ එක වචනෙකිං හැඳින්නුවොත් යුනිවර්සිටි. මැජස්ටික් සිටි, ෆුඩ්සිටි, යුනිවර්සිටි. යුනිවර් නැති සිටි. අපි යමු අන්න එතනට. කොහොමද අපි එතෙන්ට යන්නෙ ම් (විරාමය) ලෙහෙසිම වැඩේ, මේ හොස්ටල් එකේ පස්වෙනි තට්ටුවේ ඉඳල බිමට පියාඹන එක. (විරාමය) උඹ හිතන්නේ මිනිස්සුන්ට පියාඹන්න බෑ කියලද?

ධනේ- මනූ මේ විහිළුව නවත්තපං. මට කරුණාකරල යන්න දීපං.

මනූ- උඩ පැන්නොත් මොකද්ද අනිවාර්ය නියමය. උඩ නොපැන්නොත් මොකද්ද අනිවාර්ය නියමය. මෙතැනින් බිමට පැන්නොත් මොකක්ද වෙන අනිවාර්යය. ගොඩනැගිල්ලකින් බිමට පැනලා මැරෙන්න තරම්, නිවටයෙක් නෙමෙයි මං. මරණය, මරණය, ඒක පාරිශුද්ධයි. ඉතාම බලවත්. ලිංගික ආශ්වාදය ඒකට සමාන කරන්න බෑ.

ධනේ- මට...

මනූ- (බාධා) ඔව්, මට තේරෙනව, මෙච්චර කල් මගේ වැඩ පිටිපස්සෙ උන්නෙ උඹ. අමාරුවෙං හරි, ගැලවෙන්න බැරුව හරි.

ධනේ- අපි...

මනූ- (බාධා) ඔව්, අපි යමු පහළට. මේ පඩිපෙළ දිගේ පහළට. පඩි ඉවර වෙනකල් ගමන් කරමු. එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. (හඬ කෙමෙන් මැකීයයි පඩිපෙළෙන් බසින හඩ සමග සංගීත හඩ ඉස්මතුවේ.) සැණකෙළියක්. කානිවල්එකක් පේනවද. කොයිතරං අපූරුද? හතරවටේටම පාට හතෙන්ම විදුලි බුබුළු. ඇහිපිල්ලං ගහනව වගේ නිවි නිවි පත්තු වෙනව. බලපං, විශාල පෝළිමක්. සහනාධාර ගන්න වගේ. පෝළිම කෙළවර වෙන්නෙ මැරිගෝ රවුන්ඩ් එක ගාව. (කෑගැසීම් හඬ, සිනාසෙන හඬ ඉස්මතු වේ.) ප්‍රජාව, මැරිගෝ රවුන්ඩ් යන්න පොරකනව.

ශිෂ්‍යයෙක්- ඒයි මචං. පොලිමේ වරෙං. අපි පැය ගණනක් තිස්සේ බලාගෙන ඉන්නේ.

මනු- හැමෝම එක රොත්තට බුරුතු පිටින්. බේදබින්න අමතක කරලා. දේශපාලන, ජේෂ්ඨ, පළාත්, ලිංගික, සිසු, ගුරු බේද අමතක කරල. අපූරුයි, (ඈතට) ආ මැඩම් කොහොමද? මේ චූටි එක්කෙනාද?

මැඩම්- චූටි එක්කෙනාට කලින් එක්කෙනා.

පිරිස- ඒයි පොලිමේ වරෙං.

මැඩම්- මොකද මේ රැවුල වවාගෙන. ඉරිච්ච ඩෙනිමකුයි, කැඩිච්ච ස්ලිපර්ස් දෙකකුයි දාගෙන. කොහොමද දැං වැඩ. තාමත් ලෙක්චර්ස්වලදි බහුබූත හරස් ප්‍රශ්න අහනවද? කොහොමද රිසල්ට්?

මනු- ෆර්ස්ට් ඉයර් එකෙන් පස්සේ අද තමයි මැඩම්ව දැක්කෙ.

මැඩම්- යංතං කාලාන්තරයක් පෙරුම්පුරාගෙන හිටපු හීනය හැබෑ කරගත්තා. මගේ පී එච් ඩි එක කම්ප්ලීට් කළා. මං පර්යේෂණයෙන් හොයාගත්තා කානිවල්වල ඉතිහාසය. ඒකට තියෙනවා දේවානම් පියතිස්ස යුගය දක්වා ඉතිහාසයක්. දැං ඉතිං ප්‍රොපෙසර් ෂිප්ට් එකට මාර්ක්ස් එකතු කරන ට්‍රයිකරනඑක තමයි මගෙ ටාගට් එක. නැතුව කොහොමද ඔළුව උස්සලා ඉන්නෙ? (ඈතට) හා හා ළමයි පෝලිම් පනින්න හදන්න එපා.

මනු- ආ අර ඉන්නේ කටුස්සි නේද? ඒයි ධනේ උඹ කොහේද බලාගෙන ඉන්නේ. අර සීනියර් ලෙක්චර් ඩොක්ටර් සුරතල් එක්ක, මැරිගෝ රවුඩ් බෝට්ටුවේ නැගලා ඉන්නේ (සිනාසී) අනාගත ආචාර්ය කටුස්සිට ජය වේවා. හා අන්න අර බලපන්, පාට පාට මැරිගෝ රවුන්ඩ් බෝට්ටුවලට ගොඩ වෙන්න කට්ටියම පොරකනවා. දන්න කියන හැමෝම මෙතන. (සංගීතය වැඩිවේ) ඔන්න මැරිගෝ රවුන්ඩ් එක ස්ටාර්ට් කරන්නයි යන්නේ. හරි ඔන්න ඒක ස්ටාර්ට් කළා. (විරාමය) බලපන්, කට්ටිය පුරවා ගත්ත පාට පාට බොට්ටු වටේට කැරකෙනවා. පැද්දි පැද්දී. ජය වේවා! ජය වේවා! අපූරුයි අපූරුයි. ඔන්න වේගය වැඩි වුණා. ඔන්න ඉහළ පහළ දොලනය වේවි, මැරිගෝ රවුන්ඩ් එක වේගයෙන් කරකැවෙනවා. (සංගීතය තවත් වැඩිවේ) බඹරයක් වගේ කැරකැවෙනවා. හුරේ හරිම අපූරුයි. ඇයි උඹ කතා කරන්නැත්තේ. ඇයි උඹ කතා කරන්නේ නැත්තේ. කොයිතරම් සුන්දරද? බලපන් හතර වටේටම, සිවුකොනම. අගත, අනගත, චතුදිස සැවොම දිනේ. ආ අර මොකක්ද. මහාචාර්ය කුමාරයා හා කුමරිය තේරීමේ තරගය. මොනවා අන්න මහාචාර්ය ශිලාදාස නේද අර සින්දුවක් කියන්නේ.
(වේගවත් සංගීත රිද්මයට පොප් ගීතයක හඬක් ඇසේ)

රොසෙ කටූ මලේ නටු
මේ ගසේ බොහො පැණි
වැඩිය කඩන වනබඹරෝ
ඔහොම හිටූ ඔහොම හිටූ


ශීෂ්‍ය නියෝජිතයෝ තරගය විනිශ්චය කරනවා. (සිනාසී) සිංදුවේ තාලයට, කෙල්ලො කොල්ලො දේශීය කැබරෙඩාන්ස්, ජන බෝල්රූම් ඩාන්ස් දානවා. (සිනාසි) ආචාර්යවරු ශිෂ්‍යයෝ එක්ක ජන බෝල්රූම් ඩාන්ස් දානවා. නවනිර්මාණකරනය ශීතකරණයට. බලපන් ප්ලෑෂ් ලයිට් එලියට මගේ ඇස් දෙකම නිලං කාරවෙනවා. ඩ්‍රම් බීට් එක මගේ පපුවට ගහන්නා වගේ. ධනේ උඹ කොහෙද බලං ඉන්නේ. (සිනාසේ) ඕ... ප්‍රේමය, ප්‍රේමය ආදරය. කෆල්ස් ආදරය කරනවා. ප්‍රේමය උතුරලා කොපුවලින් පිටාරෙ ගලනවා. උත්තරීතර ප්‍රේමය දිනේවා.

ධනේ- මනූ අපි යමු. අපි යමු දැන් මේ හොඳටම ඇති. අපි මෙතනින් යමු.

මනූ- ඔව් අපි යමු. ආහ් අර පැත්තට යමු. (පොරකන ශබ්ද) ආ අන්න අර අතන කට්ටියක් පොරකනවා. යමු. එතනට යමු. ආහ් කෙල්ලො රොත්තක් වට කරගෙන. ෆිට් ඩෙනිම් ගහලා. ඩෙක්ෂුස් දාගත්තු, ජෙල් ගාලා කොන්ඩෙ පීරපු ශිෂ්‍ය නායක මල්ලි කෙනෙක්. මොනවා උන්ට බැලුම් බෝල බෙදනවා. මාර බැලුම් බෝල. පාට පාට ලුමිනස් කලර්වල. ශිෂ්‍ය පැටික්කියෝ බැලුම් බෝල ගන්න මරා ගන්නවා. ඒයි මල්ලි මටත් ඔය බැලුම් බෝලයක් දීපං. ආ මටත් එකක් දියං. ඔය කවුරුවත් ගන්නේ නැති රතුපාට එකක් දීපං. ආහ් කෝ හරිම අපූරුයි. මාර බැලුම් බෝලයක්. ඒයි උඹටත් බැලුම් බෝලයක් ඉල්ල ගනිං. (විරාමය) මොකද උඹ බය වෙලා වගේ. බලපන් මේක. කොච්චර ලස්සනද හුලංවලින් පිරිලා. මොනවා යුනිවර්සිටි ලෝගෝ එකයි, නමයි, අධ්‍යන වර්ෂයයි, කොටලා. කට්ටිය බැලුම්බෝල ගන්න පොරකනවා. පාට පාට බැලුම් බෝල. කෙල්ලො කොල්ලො අත්වලින් ඒවා ඉහළට ඔසවාගෙන. අපුරුයි. අපිත් මේ නූලෙන් අල්ලගෙන බලමු. ඕ ඒක උඩට යනවා. අපි මේ බැලුම් බෝලෙ අතහරිමු. ඔන්න එකයි, දෙකයි, තුනයි. හුරේ. අන්න බලපං. ඒක ඈත අහසට ඇදිල යන අපුරුව. (විරාමය) හිස් අසහසට ඇදිලා යන අපූරුව. (සුසුමක් හරී.) කිසිම තරුවක් අහසේ පායලා නෑ. එකම තරුවක් වත් නෑ. "නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු" මුළු අහසම පාළුයි. මට මෙහෙම දිගා වෙන්න ඕනි. මට මෙහෙම දිගා වෙන්න ඕනි. රඟදෙන තාරකාවක් බිහිකරන්න නම්, යමෙක් තුළ තව දුරටත් ව්‍යකූලත්වයක් තිබිය යුතුයි. ආදරය යනු කුමක්ද, මැවීම යනු කුමක්ද? ආශාව යනු කුමක්ද? තාරකාවක් යනු කුමක්ද? පරම මිනිසා මෙසේ අසනුයෙන් ඉඟි මරණු ඇත. එවිට ලෝකය පුංචිවී තිබෙනු ඇත. සෑම දෙයක්ම කුඩා කරන පරම මිනිිිිසා, ඒමත තනි අන්ඩෙන් පැන පැන යනු ඇත. වැලි මැක්කෝ මෙන්ම ඔහුගේ වර්ගයා ද වඳ කලනොහැකි වනු ඇත. (සිනාසේ) මට හොඳට හුස්ම වැටෙනවා. ඔව්, හුස්ම වැටෙනවා. ලබ්, ඩබ්, ලබ්, ඩබ් හදවත ගැහෙනවා. ඔරලෝසු කටුව වගේ. (විරාමය) ආහ් මොකක්ද ඒ හඬ (මෝටර් සයිකල් හඬ ඉස්මතුවේ.) ආ අපි යමු. ඒ පැත්තට වරෙන් දුවමු. හයියෙන් දුවමු. (සිනාසී.) මාරක ළිඳ. අර බලපන් ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා මාරක ළිඳ වටේ. ශිෂ්‍ය නියෝජිතයොත් ඉන්නවා. වරෙන් අපිත් නඟිමු. අර ප්‍රෙහෙලිකාවක් වගේ තියෙන. ඉනිමඟ දිගේ නගිමු. (අඩි හඬ) හරි ඔන්න ඔහොම නඟිමු. සෑහෙන්න පිරිසක්. ආ සංදර්ශනේ පටන්ගන්නයි යන්නේ. ආ ඔන්න (මෝටර් සයිකල් හඬ වැඩිවේ) උඹට පේනවද මෝටර්සයිකලය ළිං පතුලේ ඉඳන් ඉහළට එනවා, වෙඩි කාපු ඌරා වගේ වේගයෙන්. මොනවා උපකුලපති. ඔව් මාරක ළිඳේ මෝටර් සයිකල් පදිනවා. හුරේ. "සකල ලෝක වාසි නිර්ධනයිනි එක්වව්." බලපං හුළං පාර කපාගෙන එන මෝටර් සයිකලේ වේගයට, කුලපතිතුමාගේ කොන්ඩෙ වීසිවෙන හැටි. ළිං පතුලම කළුපාට දුමින් වැහිලා. උඹට ඇහෙනවද පිෂ්ටන් ඉහළ පහළ යන වේගය. ස්පාක් ප්ලග් එක පෙට්ට්‍රල් වේගයෙන් දවනවා. කනෙක්ටින් රොඩ් ඉහළ පහළ විසිවෙනවා. (විරාමය) පෙට්ට්‍රොල් තියෙනකල් (විරාමය) ඒයි මිනිහෝ හයියෙන් අල්ලගනින්. ධනේ උඹව වැටෙයි. පේනවද මේක දෙදරුම් කනවා. යකෝ හයියෙන් අල්ල ගනින්. හොඳට අල්ල ගනින්.

ධනේ- මං හයියෙන් අල්ලගෙන ඉන්නේ. උඹ හයියෙන් අල්ල ගනින්.

මනූ- උඹට පේනවද ආහ් මුළු පරිසරයෙම වෙළෙන්ඳෝ. හතර වටේටම මූසිලයෝ, සේරිවාණිජයෝ, එක පොදියට. වෙළඳ ගනුදෙණු. අර බලපන් මහාචාර්යවරු. ආචාර්යවරු, ටයිල්ස් ගන්නවා පර්සනල් ලයිබ්‍රිවලට. අර කෙල්ලෝ කොල්ලෝ ස්ටඩි කරන්න සෙලියුලර් ෆෝන්ස් ගන්න පොරකනවා. ඉන්කමින් ෆ්‍රී ගිනිපෙට්ටියක් සයිස් ෆෝන්. මොකද කියන්නේ උඹට අදහසක් නැද්ද සෙලියුලර් ෆෝන් එකක් ගන්න. වරෙන් අපි ගමු. මොනවද අපි ගන්නේ. වරෙන්. ආ අන්න අතන පොත් ගොඩගහලා. එක එක වර්ගයේ පොත්. මොනවා? පොත් ඔක්කොම ටැංකියකට දානව. ශ්‍රේෂ්ඨ නවකතා, දේශපාලනික, ආගමික, සෞන්දර්යාත්මක කෘති. පුස්තකාලයෙන් පිටුගලවා ටැංකියකට දානවා. ආහ් අර ඒකට සීනි නේද වක්කරන්නේ. අපූරුයි පොත් පල්ක් කරලා අයිස් ක්‍රීම් හදනව. ඇකඩමික් අයිස්ක්‍රීම්. මොකද කියන්නේ එක්ක කනවද? (කෝච්චියක හඬ මතුවේ.) අර බලපන් ඒ අස්සේ අනධ්‍යයන සේවකයෝ සෙල්ලං කොච්චි පදිනව. ලේඛකාධිකාරී නේද කෝච්චියේ එන්ජින් ඩ්‍රයිවර්. (තාරාවෝ කෑ ගහන හඬ) කෙල්ලන්ට වළලු දැමීමේ තරඟය. විසිඑක්වෙනි සියවසයේ විද්‍යාර්ථීයාට ඇහැ තැබීමේ තරගය. ඉලක්කයට විරුද්ධ වාදියාගේ ඔළුව පැලීමේ තරගය. සැඟවුණු බුද්ධිමතා තේරීමේ තරඟය. තමාට ඇත්ත කිරීමේ තරඟය. තරඟය, තරංගය.
(හඬින් සිනාසේ)

ධනේ- වෙලාව ගතවෙනවා. කාලය වේගයෙන් ගතවෙනවා. මනූ කරන්න තියෙන වැඩ බොහොමයි තේරුම් ගනින් මනූ. ගිය කාලය ආපස්සට අදින්න බෑ.

මනූ- ආහ්... ධර්ම දේශනයක්. බළල්ලු සිල් අරගෙන. ධර්මයට ඇහුම් කන් දෙනවා. අල්ලපු එකා එක්ක සිනාවෙන්නෙවත් කටක් අරින්නෙවත් නැති මුහුණු ධාර්මිකව එකත්පස්වෙලා. මුසපත්වෙලා, දේශකයා ජවය දීලා දේශනාකරනව.
(දේශකයාගේ හඬ මතුවේ.)

දේශකයා- එකයි එකයි එකතු වුණාම මොකද වෙන්නේ, දෙක වෙනවා, එක කියන්නේ මොකක්ද? එයන්න කියන්නේ මොකක්ද? එක කියන්නේ එකක්. එකට එකක් එකතු වුණාම දෙකයි. එකතු වීම කියන්නේ මොකක්ද? එක් අහුවීම කියන්නේ මොකක්ද? මේක ක්‍රියාවක්, ක්‍රියා වක්, කාර්යයක් කාර්යයක් කියන්නේ මොකක්ද? කාර් එකක් කියනනේ මොකක්ද?
(දේශකයාගේ හඬ මතුවේ.)

මනු- නිට්ෂෙ ඔබ හරි, බින්දු රාශියක් එකතු වෙලා අංකයක් තැනෙනකං බලාන ඉන්නව. කට පාඩම් කිරීමෙන් හා පිටපත් කිරීමෙන් යන්ත්‍රණ තුවක්කු අමෝරගෙන. ඇහෙනවද පොටෝ කොපි මැෂින් එක දැණුම නිශ්පාදනය කරන සද්දෙ. උඹට ඇහෙනවද ඒක. මොනවා බලපං මීටර් සියයක් දිගට පොලිම. දැනුම භුක්ති විඳින්න.

ධනේ- මනූ විභාගෙ අත ළඟ. ඇත්ත කියපං. උඹට ඔනි නැද්ද මේකෙන් ගොඩ වෙන්න. උඹ කැමති නැද්ද?
(සංගීතය ක්‍රමයෙන් මතුවේ.)

මනූ- කැමැත්ත. කැමතියි, කැමතියි මං කැමතියි, ඔව් මං කැමතියි ජීවිතය විඳන්න. ඔන්න ඔහොමයි මරා ඔබේ විප්ලවය ඈට පේන්නේ ඔන්න ඔහොමයි. ඔවුන්ට දත් කැක්කුම. උගුලලා දමන්න වෙලා ඔවුන්ගේ දත්. රොස් වෙලා ඔවුන්ගේ හොද්ද. හොඳ හොදි ඉල්ලලා මොර දෙනවා ඔවුන්. ගැහැණියකට රුස්සන්නේ නෑ ඇගේ අඟුටු මිටි සැමියා. ඇය සොයනවා නවරියන් සැමියෙකු. මිනිසෙකුට අප්‍රියයි සිය කැහැටු බිරිඳ. ඔහු සොයනවා පෘෂ්ටිමත් බිරිඳක්. මිනිසෙකුගේ සපත්තුව හිරයි. ඒත් අසල්වැසියෙකුගේ සපත්තුව හිරනෑ. කවියෙකුගේ කවිකම හිඳිල. නව සංකල්පනා සොයමින් දනි පනි ගානව. ඔහු. මාළු බාන්නා පිත්ත ලාගෙන සිටි. ඒත් මාළුවෝ ගිලින්නේ නෑ ඇම. ඉතිං හැම දෙනෙක්ම එකතු වෙනව විප්ලවයට. සපයාවි සිතාගෙන විප්ලවය. සියල්ලක්ම, මාළුවෙක්, කවියෙක්, අළුත් සපත්තු කුට්ටමක්, අළුත් බිරිඳක්, සැමියෙක්, ලෝකයේ හොඳම හොද්ද. ඉතිං පහර දෙනවා හැම බලකොටුවකටම. ඒත් අර සන්තෑසියමයි. ඇම කන මාළු නෑ. නොරිදෙන සපත්තු නෑ. වැහැරුණු, ගඳ ගහන ගැහැණියක් නැතිනම් මිනිසෙක් ඇඳේ. හොද්ද රොස් වෙලා. අර වීරත්වය. කැලිකසල කානු කරා අපි යොමුකළ වීරත්වය. ඔව් ඉතිං අපිට පුළුවන්, අපේ මුණු, මිණිපිරියන්ට ඒ ගැන කියන්න. අපිට හිටියොත් මුණු මිණිපිරියන්.

ධනේ- අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. තියෙන්නේ ලෝකයට අනුරූපව අපි වෙනස් වෙන එක. ඒක එහෙම නොවුනොත් අපියි විනාශවෙලා යන්නේ.

මනූ- වෙනස් කළ යුතුය ලෝකය. සිතුවෙමු වරෙක එක් සිත්ව. එහෙත් විපර්යාසය ඔබ දුටුවේ අන් අයුරකි. මම එහි වෙනස් අරුතක් දුටුවෙමි. එකම බසකින් කතා කළෙමු, පෙරදින අප. සහෝදරත්වය අරඹා මිහිරි ගී ගැයුවෙමු අප. එහෙත් ප්‍රේමය ඔඹ දුටුවේ අන් අයුරකි. මම එහි වෙනස් අරුතක් දුටුවෙමි.

ධනේ- ඔය නාට්‍ය වල තියෙන දෙබස් කණ්ඩ මුමුණ මුමුණා කිය කිය කාලය ගත කරල වැඩක්නෑ. උඹ ඔය සිතින් මවා ගෙන ඉන්න සමාජය කවදාවත් සැබෑවක් වෙන්නෙ නෑ.

මනු- ගණුදෙණු විවාහය. ගණුදෙණු ආදරය. ගණුදෙණු මිත්‍රකම්. උඹට පේනවද ධනවාදයේ කූට ප්‍රාප්තියේ මල් පිපිලා හැමතැනම. අර බලපන්...

ධනේ- කාලය, ශ්‍රමය, මුදල, ඉතිරිය අද අත්‍යවශ්‍යයි. අඩු කාලයෙන් වැඩි දෙයක් කරන කෙනා තමයි අද හපනා.

මනූ- බඩගොස්තර වාදී හුදීජන සුනඛයින්ට අවජාතක වු, බුම්මාගත් හැතිකර සිල්ලන්ට ශාප කරන, සියලු හොරිකඩ හා මලානික දෑස් වලට දුහුවිලි පිබින්නා වු, සියළු නිදහස් අධ්‍යාත්මිකයන්ගේ ජීවය වන්නා වු, සිනාසෙන කුනාටුවේ ජීව ගුණයට ජයවේවා.

ධනේ- මට තේරුන්නෑ මනූ, මොනවද උඹට ඕනෑ කරන්නේ. මොනවා කරන්නද උඹට ඕන. උඹට මොකද වෙලා තියෙන්නෙ.

මනූ- මෙතන ඇත්තේ මගේ ලෝකාන්තය. අතන ඈත සාගරය. මා ආදරය කරන පැරණි විශ්වාස වන්ත හිස් සියයක් ඇති සුනඛාරක්ෂකයා. ඌ දළ ලොමින් ගැවසී ඉතා යටහත් පහත්ව පෙරළී පෙරළී මාවෙත ලඟා වෙයි.

ධනේ- කියන දෙයක්....

මනූ- (බාධා) කියන දේ පැහැදිලිවම කියමි. උඹලට ඇසේද එය? උඹලට ඇහෙනවද? මං දැනේද එය. කිමෙක්ද කියා උඹලට තේරේද එය? උඹලට නොදැනේද එය. මං කියන දේ නොහැඟේද, නොඇසේද, නොදැනේද, නොපෙනේද. පුනපුනා අසමි මම.
(ගෝෂාහඬ මතුවේ.)

ධනේ- මනූ... මනූ ඔන්න අපි වටේම සෙනඟ පිරෙනවා. හැමෝම එකතු වෙනවා. මුළු යුනිවර් සිටි එකම.
(පිරිස කෑ ගසන හඬ වැඩිවේ)

අයෙක්- ආ මොනවා මනූවා රඟපානවා.

තවත් අයෙක්- මාර ඇක්ටින්නේ.

වෙනත් අයෙක්- රියල්, රියල්, මරේ මරු...

මනූ- කියනදේ නිරවුල්ය. සුපැහැදිලිය, මම මෙසේ අසමි. මම කියන දේ ඔබට තේරේද? ඔබට දැනේද? මාගේ මිත්‍ර වරුණි, මාගේ සහෝදර වරුණි, මට කීමට ඇත්තේ මෙච්චරයි. මං කියන්නේ....

(සංගීතය අතර හඬ මැකීයයි.)

[උගෙ හිස ඉවරයි- (රේඩියෝ නාට්‍ය- 2006) කෘතියෙනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Radio Drama, Radio Katha, Sri Lankan Radio Drama, Radio Drama Scripts, Malaka Dewapriya, Uge Hisa Iwarayi (2006)
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලක දේවප්‍රියගෙන් තවත් වියමන්
රංග
තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]
රංග
ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි- [රේඩියෝ කතා]
වෙසෙස්
පරාගයෙන් පුරාණය නොකීම
රංග
පර්යේෂණ ග‍්‍රන්ථකරුවා- [රේඩියෝ කතා]
රංග
රඟ දෙන කපුවෝ- [රේඩියෝ කතා]
තවත් රංග බූන්දි
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook