Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
කලාකරුවාගේ වගකීම කුමක් විය යුතු ද?– සයිමන් නවගත්තේගම
බූන්දි, 19:35:56
කලාකාරයා යනු අන් හැමදෙනාම වාගේ සමාජය තුළ ජීවත් වෙන්නෙකි. සමාජයේ වටිනාකම් වලට පුරුෂාර්ථයන්ට අදාලව "කලාකාරයා – කවියා" වශයෙන් පුද්ගලාර්ථයක් ලබන්නෙකි. සමාජයෙන් ගමේ අයගෙන් නගරයේ අයගෙන් මඳක් හුදෙකලා වුවද ඔහුට හෝ ඇයට අඩු තරමින් සමාජය හා සභ්‍යත්වය විසින් පරම්පරාවෙන් පරම්පරාවට ගොඩනඟා ඇති නිර්මාණ පරම්පරාවෙන් තොරව ස්වාධීනව නිර්මාණයක් කළ නොහැක. අතිශයෙන් ස්වාධීන වූද, විප්ලවකාරී වූද නිර්මාණයද අගය වන්නේ පවතින සම්ප්‍රදායට සාපේක්ෂකවය. විකාර රූපයද සම්මත රූප විධියක් වශයෙන්ම පිළිගැනෙන්නේ මේ නිසා ය. අසම්මතයද සම්මතයෙන්ම අර්ථ නිරූපණයක් ලබයි.

මුනිවරයන්ගේ චෛතසික ගැටුම් හදාරන විටද අපට පෙනෙනේ ඔවුන්ගේ මානසික හා ශාරීරික අරගලද ඔවුන් පිටු දකින්නට තැත්කලා වූ සමාජයෙන්ම උපත ලද ක්ලේශයන් සමඟ කරන ලද අරගල බවයි. ඉතාම අල්ප අවශ්‍යතා සඳහා වුවද ඔවුන ගමේ ගිහියන් වෙත එන්නට සිදුවිය. එසේ නොමැති නම් ඔවුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නා ලද්දේ මනුෂ්‍ය සමාජය විසින් හිතාමතාම ආරක්ෂා වන්නට ඉඩ හැරියා වූ වනාන්තරය තුළිනි. "ගේහසිත ප්‍රේමය" පිළිබඳ ඇතැම් ජාතක කතාවක් විග්‍රහ කිරීමෙන් වුවද මෙපවත් කාට වුවත් දැන කියා ගත හැක්කේ ය.

ඉතාම හුදෙකලා කලාකරුවා වුවද තම නිර්මාණයන් පිළිබඳව අගැයීමක් ලබන්නේ සමාජයේ සංස්කෘතික වටිනාකම්වලට අනුකූලව ය. ඔහු යැපෙන්නේද සමාජ අර්ථ ක්‍රමයෙනි. මේ නිසා සමාජය කෙරෙහි තමා තුළ තිබිය යුතු අනිවාර්ය වගකීම ඔහුට හෝ ඇයට අමතක කළ නොහැක. මෙම වගකීම නිසාම සමාජ ක්ෂේත්‍රයේ විව්ධ අංග වඩා පුළුල්ව හැදෑරීමේ වගකීමද ඔහු කෙරෙහි පැවරී ඇතැයිද කියනු ලැබේ. මක් නිසාද මේ සඳහා අවශ්‍ය විවේකය ගෞරවාන්විතව ලබා දෙන්නේ ද සමාජය නිසා බැවිනි.

එසේ නමුඳු මෙම වගකීම මැනවින් ඉටු කළ හැක්කේ කෙසේදැයි කලාකාරයා තේරුම් බේරුම් කොට ගත යුතු බවද වගකීමෙන් අවබෝධ කොට ගත යුත්තේ ය. මෙය ඔහුට පැවරී ඇති කාර්‍යයේ විශේෂතාවකි. ඉතා අවංක සමාජ සේවකයා ද මුළු සමාජයේම කුණු කන්දල් හාරවුස්සමින් ඒවා සුද්ධ පවිත්‍ර කිරීමට යත්න දරයි. මෙසේ කරන්නට ගියහොත් කලාකාරයාට තමන්ගේ කාරිය මැනවින් ඉටු කරගත හැකිද යන්න ප්‍රශ්නයකි. කලාකාරයාගේ ක්ෂේත්‍රය පුළුල් විය යුතුයි කියන එකත්, දෘෂ්ඨිය පුළුල් විය යුතුයි කියන එකත් දෙකකි.

පොළොව මතුපිට පුළුවන් තරම් ප්‍රදේශයක් අල්ලාගෙන එහි හැම කුණු ගොඩක්ම ඇවිස්සීම ඌරකුගේ කාර්යභාරයක් විනා කලාකාරයකුගේ වගකීමක් නොවේ. ඔහු සජීවමාන සශ්‍රීක දැවැන්ත වෘක්ෂයක් බඳු විය යුතු යැයි මම සිතමි. හැම කුණු ගොඩකින්ම පෝෂණය වෙමින් පොළොව තුළ ආගාධය දක්වා මුල් බැස යාම ඔහුගේ ගතියක් විය යුතු ය. එසේ කිඳා යන තරමට ඔහුගේ අතු පතර ආකාශය සහ දිව්‍ය ලෝකය කරා විහිදෙයි. එහි යට සෙවන බොහෝය. අතුපතර පලාඵල බොහෝය. සෞන්දර්‍යය බොහෝය.

සමාජ ප්‍රවාහය ධර්මතා යුගලකින් සමන්විත වෙයි. එකක් මතු පිටින් ගලා යයි. අනික වඩා හෙමින් එහෙත් ස්ථාවරව බලසම්පන්නව යටින් ගලා යයි. අප ග්‍රහණය කොට ගත යුත්තේ වැඩි දෙනාට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයයි. සමාජය තුළ නා නා අවධීන්වල දෘෂ්‍යමාන වූ ඇතැම් දේශපාලන ආර්ථික ගැටලු හැම කල්හිම නා නා ප්‍රකාර වශයෙන් වුවද එකසේම පැවතුනි. ඉතාම සශ්‍රීක යුගයක් වශයෙන් මහා පරාක්‍රමබාහු සමය හැඳින්වෙයි. එහෙත් ඊළඟට එළබෙන නිස්සංක මල්ල යුගයේදී වැසියාගේ දුගී බව කොතරම් ද කිවහොත් නා නා ප්‍රාකාර බදු පස් අවුරුද්දකට අහෝසි කිරීමට පවා සිදු වූ බවද පැවසෙයි. ඓතිහාසික මූලාශ්‍රයන්හි සාපේක්ෂ සත්‍යතාව කෙසේ වුවද දේශපාලන ආර්ථික සත්තාව එයයි. කොයි යුගයේත් මිනිස්සු අනාගත සෞභාග්‍ය කරා වැඩ කළහ. බලාපොරොත්තු කඩ වන විට දිව්‍ය ලෝක මවා ගත්හ. නා නා විධ නායකයන් කෙරෙහි විශ්වාසාය තැබූහ. කුමන රාජ්‍ය ක්‍රමයක් යටතේ වුවද හැම රටකම ක්‍රමානුකූලව ආර්ථික උද්ධමනය වර්ධනය විය.

මෙම අර්බුද ඒ හැටියෙන්ම ගෙන කතා කිරීමට තවත් පුරවැසියෝ සිටිති. දේශපාලන ආර්ථික විද්වත්හු සිටිති. මෙම අය තම විෂයන් හදාරන්නා සේ කලාකාරයාද ඒවා හැදෑරීමට හා නිරූපණය කිරීමට යත්න දැරීම කලාකාරයාගේ වගකීම දැයි අසන්නට කාලය එළඹී තිබේ.

විශ්වයේ, රටේ ජාතියේ ගමන අරබයා කලාකාරයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි විග්‍රහය හා විමර්ශනය කෙබඳුද? එම විග්‍රහය හා විමර්ශනය ඉදිරිපත් කිරීමේදී තම ශිල්පයට ආවේනික නිර්මාණ සිද්ධාන්ත කෙබඳු විශේෂත්වයකින් පරිහරණය කල යුතු ද? මෙම පැණයට පිළිතුරක් සොයා ගැනීමට වෙහෙස විය යුත්තේ කලාකාරයා සුවිශේෂී පුද්ගලයෙකු වශයෙන් තමන්ගේ නිර්මාණ ශිල්පයට නිගරුවක් නොවන අන්දමට එය පරිහරණය කොට උත්තම ගනයේ කාව්‍යයන් හා නිර්මාණ ඉදිරිපත් කිරීමට සමාජයට බැඳී සිටින බැවිනි.

වගකීම නැමැති සංකල්පයම තේමාව කොටගත් එක් පැරණි ජන කවියක් ගනිමු. මෙය යශෝදරාවත කාව්‍ය සංග්‍රහයේ එන කාව්‍යමය ජීවිත අවස්ථාවකි. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය සඳහා සූදානම් වෙයි. ඒ අතර එතුමාට දාව පුතෙකු ලැබෙයි. තීරණය පරිදි එතුමා තමා ගිහි පවුලට බැඳ තබන අළුත්ම බැම්ම වන රාහුලද අත්හැර මහ රෑ පිටත් වෙයි. කාටත් හොරා යන අතර යශෝදරාව හා රාහුල කුමරු නිදන කුටිය පසු කොට යාමට සිදු වෙයි. එතුමාගේ සිත පැකිලේ. දොර මඳක් හැර බලයි. දේවිය හා තුරුල්ව නිදන පුතු දකී. එසේ නමුඳු එතුමෝ තීරණයක් ගනිති.

"එක අඹුදරු නිසා මම කල් හැරීමය
නිම නැති සතුන් සසරින් ගොඩ ගැනීමය
අද මම මහණ වෙමි ආලය හැරීමය"


මෑතදී අපි එක්තරා සාහිත්‍ය මණ්ඩපයකදී මෙබඳු නිර්මාණ එක්තරා සාහිත්‍යධරයෙකු විසින් ගරහනු අසා බලා සිටියෙමු. ඔහුගේ අදහස වූයේ දැනට උද්ගතව ඇති කාලීන ප්‍රශ්න ඔස්සේ පමණක් ජීවිත ගැටළු විග්‍රහ කළ යුතු බවයි. සාර්වභෞමික සර්වකාලීන ගැටළු සහ තේමාවන් වස්තු කොට ගන්නා කවියා තමා ජීවත්වන පෝෂණය කරවන සමාජයට ද්‍රෝහීකමක් කරන්නෙකි. වගකීම් පැහැර හරින්නෙකි.

සිංහබාහූ නාටකයද ඔහුට උත්තම ගණයේ කාව්‍යයක් නොවේ. අතිශයින් පෞද්ගලික සබඳතා ගොනු කොට ගත් මනස්කාර නාටකයකි. "ගල්ලෙන" බිඳ යාමට තීරණය ගැනීමේදී සිංහබාහු වංග දේශයේ වෙසෙන ජනතා කෙරෙහි වේ. "මා යුතුකමා" යනුවෙන් කරන ප්‍රකාශය ඔහු හිතාමතා අමතක කරයි.

ඔහුගේ අදහස අනුව මෙම පද්‍යය වෙනත් බොහෝ අතිශයින් පෞද්ගලික පුද්ගලාන්තර පවුලේ ගැටුම් අතර බොඳ වී යයි. නාටක කලාවට ආවේනික සංදර්භීය අංගෝපාංග අතරද සෞන්දර්‍යය අලංකාර අතරද සැඟවී යයි.

කලාව පිළිබඳ නව පිබිඳිමක් ඇති මෙකල තරුණ තරුණියන් හා සංවාදයක යෙදෙන විට වැඩිහිටි විචාරකයින් තමන් ගේ වගකීම මතක තබා ගැනීමට පරෙස්සම් වන්නේ නම් මැනවිය. දේශපාලන ඕපාදූප හා කලා සිද්ධාන්ත අතර යම් තරමකට වෙනසක් විද්‍යමාන වන බව කලා ඉතිහාසයේ එක් නිගමනයකි.

යථාර්ථවාදය යනු ස්වභාවවාදය නොවේ. යථාර්ථය හඳුනාගනු ලබන්නේ විමර්ශනය කරන්නේ විඥාණයෙනි. යථාර්ථය තුළින් සහේතුකව හට ගන්නා ඵලය වන සංකල්පනා හා ධාරණා බොහෝ විට හේතුවෙන් තොරව සජීවමානව පවතින්නට ද පිළිවන. චෙකෝෆ්ගේ නාට්‍යයක් සේම "ගොඩෝ එනකං" වැනි අධිතාත්වික විකාර රූපී නාට්‍යයකින් ද විවරණය වන්නේ සැබෑ ජීවිත සත්තාවමය.

චරිත වශයෙන් තෝරා ගනු ලබන්නේ ගස් ගල් හෝ සතා සතුන් හෝ අද්භූත ගූඨ භූතයන් වුවද ඒ චරිත විග්‍රහයේ හේතු ඵල වශයෙන් ඒකමිතියක් ඇත්නම් අර්ථය හා ආකෘථිය වශයෙන් එහි යථර්ථය ම පිළිබිඹු වෙන්නේ ය.

අවශ්‍ය වන්නේ ජීවිතය ගැඹුරින් හැදෑරීමයි. ගැඹුරු කලා ඉතිහාසයෙන් විකාශනයට පත්ව ඇත්තා වූ කලා සිද්ධාන්ට්ත ප්‍රගුණ කිරීමයි. ප්‍රතිභාවයෙන් නිබඳ අභ්‍යසනයෙහි යෙදීමයි. කලාකාරයාගේ වගකීම වන්නේ දුවන්නන් වාලේ ද්වීම නොවේ. තාවකාලික සමාජමය කුණටුවලින් නගිනා හැඟීම් දූලි ජාලව අතරට වැදී දෑස අන්ධ කොට ගැනීමද නොවේ.

එබඳු සමාන ඓතිහාසික අවස්ථාවක බුදුන්වහන්සේට අංගුලිමාල මෙසේ කීවේ ය.
"සිටු මහන"

බුදුන්වහන්සේ මෙසේ වදාළහ.
"මම සිටිමි! දුවන්නාහු තොපි මැයැ!"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Responsibility of an Artist, Tendentious Art, Pure Art, Sinhabahu, Yasodarawatha, Simon Navagattegama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සයිමන් නවගත්තේගමගෙන් තවත් වියමන්
කතන්දර
මුල්ලේගම කඳු මුදුනේ සිට ලෝකය බැලුවෙමි.
Cine
නිරුවත සහ සිනමාව- සයිමන් නවගත්තේගම
Cine
"නිධානය" විචාරය- සයිමන් නවගත්තේගම [1972]
කතන්දර
ඔහුගේ කතාව
රංග
පුස්ලෝඩං
තවත් වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook