Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ගිනි ඇවිලෙන ඉරාකයත් සමග මැදපෙරදිග කොයිබටද?
බූන්දි, 03:16:24
ඉරාකයේ ඇමරිකානු රූකඩ ආණ්ඩුව විසින් සදාම් හුසේන්ව එල්ලා මරා දැමීමෙන් වසර හත හමාරකට පසුවත් එරට සිවිල් යුධ වාතාවරණය තව තවත් උග්‍ර වෙමින් පවතී. සදාම්ගේ පාලන සමයේදී හිස ඔසවා නොතිබූ අතිශයින්ම දරුණු මුස්ලිම් අන්තවාදයක් එරටෙහි මේ වන විට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් අහුමුල් අවුස්සා සෙවූ ඉරාකයේ අල්ඛයිඩා සබඳතා දැන් එළිපිටම ක්‍රියාත්මක වන අතර සදාම්ට එරෙහි චෝදනාවන්හීදී නිතර කියැවුණු 'මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ' දැන් එරටින් දිනපතා වාර්තා වෙයි. මෙකී සියළු තත්ත්වයන් අතර රාජතාන්ත්‍රික විහිළු සපයමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ ලිබියාවේ හා ඉරාකයේ මේ වන විට පවතින සිවිල් යුධ වාතාවරණය හා මනුෂ්‍ය ඝාතන රැළි වලට ඇමරිකාව වගකිවයුතු නොමැති බවයි.

ඇමරිකාව හා බටහිර එක්ව සිදුකළ ඉරාක ආක්‍රමණයේදී ඔවුන් විසින් භාවිතා කළේ මුස්ලිම් ජනසමාජය තුළ තිබූ බෙදීම්ය. ඉරාකය තුළ ජීවත්වූ ෂියා, සුන්නි සහ කුර්දි යන ඉස්ලාම් භක්තිකයින් අතර තිබූ අභ්‍යන්තර බෙදීම් භාවිතා කළ ඇමරිකාව, සදාම් හුසේන්ට එරෙහිව ඔහු අයත්වූ සුන්නි භක්තිකයින්ට එරෙහිව ෂියා සහ කුර්දි භක්තිකයින්ගේ සහයෝගය ලබාගනු ලැබීය.


ISIS සංවිධානයට එරෙහිව ඉරාක හමුදා සමග එක්වීමේ සිය කැමැත්ත ප්‍රදර්ශනය කරනු වස් වීදිවල රැස්වූ ජනතාව අතර අතර සිටින ආයුධයක් ගත් දරුවෙක්.
AHMAD AL-RUBAYE/AFP/Getty Images


ෂියා සහ සුන්නි මුස්ලිම්වරු යනු කවුද?

සාමාන්‍යයෙන් මැදපෙරදිග ගැටුම් පිළිබඳ පුවත්වල සුන්නි සහ ෂියා යන ජනකොටස් ද්විත්වය පිළිබදව සිදුකෙරෙන සඳහන් බහුලය. සුන්නි යනු ලෝකයේ බහුතරයක් වෙසෙන ඉස්ලාම් ගුරුකුලයයි. එය 70%-90% අතර බවට සැළකේ. මැදපෙරදිග කලාපය මූලික කොටගෙන ජීවත්වන ෂියා ගුරුකුලයට අයත් පිරිස ප්‍රතිශතයක් ලෙස 10%-25%ත් අතරය. ප්‍රතිශතාත්මකව සුළු පිරිසක් වුවත් ඉරානය, ඉරාකය, සිරියාව, බහරේනය, අසර්බයිජානය, යේමනය යන රටවල බහුතරය වන්නේ ෂියා මුස්ලිම් වරුන්ය. මෙම ගුරුකුල අභ්‍යන්තරිකව තව තවත් ගුරුකුල ඇතිවාක් මෙන්ම කුර්දිවරුන්, ඉන්දුනීසියානුවන්, කොසෝවරුන් වැනි විවිධ ජනකොටස් විසින් යම් යම් ඉගැන්වීම් වල වෙනස්කම් සහ භාවිතාවේ වෙනස්කම් වලින් යුක්තව ඉස්ලාම් ආගම අදහනු ලබයි.

අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑ ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් එරට සුළුතර සුන්නි ජාතියට අයත් වූවෙකි. ඔහු විසින් ෂියා මුස්ලිම්වරුන් විසින් සිදුකළ දේශපාලන විරෝධතාවන් අමානුෂික ලෙස යටපත් කළබවට චෝදනා එල්ලවිය. සදාම් හුසේන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු රූකඩ ආණ්ඩුව විසින් භාවිතා කළේ 1982 දී කුර්දි ජාතික ජාතිකයින් පිරිසක් සමූල ඝාතනය කිරීමයි. ඒ අනුව සුළුතර සුන්නි ප්‍රජාව නියෝජනය කළ සදාම් විසින් බහුතර ෂියා පාර්ශ්වයටත්, ප්‍රාදේශීය කුර්දි ජාතිකයින් වෙතත් වෙන්කොට සැළකීම් සිදුකළ බවට දුක්ගැනවිලි රාශියක් ගොඩනැංවී තිබිණි.


ISIS සංවිධානයට එරෙහිව ඉරාක හමුදා සමග එක්වීමේ සිය කැමැත්ත ප්‍රදර්ශනය කරනු වස් ඉරාක ෂියා කාන්තාවන් වීදිවල රැස්වූ අයුරු.
HAIDAR HAMDANI/AFP/Getty Images


කවර තත්ත්වයකදී වුවත් ලිබියාවේ ගාඩාෆි පාලන සමයේදී මෙන්ම ඉරාකයේ සදාම් පාලන සමයේදී ද ඉස්ලාම් අන්තවාදී පාලනයක් සිදුකරන බවට වන චෝදනාවක් එල්ල වූයේ නැත. අසැල්වැසි ඉරානයේ සිදුවූ විප්ලවයෙන් පසුව අයතුල්ලා කුමේනි රටේ අධ්‍යාත්මික නායකයා වුවත් ඉරාකයේ බාත් පක්ෂ පාලන සමයේදී එතෙක් ෂරියා නීතිය යටතේ තිබූ අධිකරණ පද්ධතිය අනාගමික තත්ත්වයකට පත්කළේය. මැදපෙරදිග කලාපයේ ෂරියා නීතිය මූලික කොට නොගත් එකම අධිකරණ පද්ධතිය සදාම් හුසේන් විසින් ඇති කරන ලද්දේය. ෂියා පාලනයක් පවතින ඉරානය සමග ඉරාකය සිදුකළ යුද්ධයේදී එක්තරා අවස්ථාවකදී ඇමරිකාවේ සහයෝගය ඉරාකයට වෙතට ලැබුණු බව ද කියැවේ. මේ අනුව පැහැදිලි වන කාරණය නම් ඇමරිකාව සහ යුරෝපා රටවල් එකතුව සිදුකළ ඉරාක ආක්‍රමණය බලදේශපාලනය සහ කැලෑ නීතිය එක්කොට සිදුකළ දෙයක් මිසෙක පොදු මානවහිතවාදය සදහා සිදුකළ එකක් නොවන බවයි.

ඇමරිකානු රූකඩ ඉරාක නව ජනපති නූරි අල් මලිකි ෂියා ජාතිකයෙකි. ඔහුගේ දූෂිත හා සුළුතර විරෝධී පාලනයට එරෙහිව නැගී ඇති සුන්නි ජාතිකයින් මූලික කොටගත් කැරැල්ල ඉරාකය සැබෑම ත්‍රස්තවාදයක් සහ අන්තවාදයක් වෙත රැගෙන ගොස් ඇති බව බොහෝ නිරීක්ෂකයින්ගේ මතයයි. 'ඉරාක හා සිරියා ඉස්ලාම් රාජ්‍යය' යන අර්ථය රැගත් ISIS සංවිධානය (Islamic State of Iraq and Syria) විසින් ඉරාකය තුළ අරඹා ඇති සිවිල් යුද්ධය මගින් මේ වන විටත් ඉරාකයේ සැළකිය යුතු ප්‍රදේශයක් අත්පත්කරගෙන ඇත.


ISIS සටන්කරුවෙක් අල්ලාගත් ඉරාක සෙබළෙක්ගේ දෑත් බඳින අන්දම.
EPA


සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක සිවිල් යුද්ධය තුළ ක්‍රියාත්මක ISIS සහ අනෙකුත් සංවිධාන වෙත ඇමරිකානු හා බටහිර ප්‍රතිපත්තිය ලැජ්ජාසහගත මෙන්ම හාස්‍යජනකය!

සිරියාවේ හා ඉරානය ෂියා ජාතික පාලකයින්ගෙන් යුක්තය. ඇමරිකාව විසින් කළු ත්‍රස්තවාදීන් බවට පත්කොට ඇති අල් ඛයිඩාව සමන්විත වන්නේ සුන්නි ජාතිකයින්ගෙන්ය. සිරියාවේ සිවිල් යුධ තත්ත්වයේදී අල්ඛයිඩාව ක්‍රියාත්මක වන්නේ සිරියානු පාලක බෂාර් අල් අසද් ට විරුද්ධ පාර්ශ්වයෙහිය. අල් අසද් එරෙහිව සිවිල් යුද්ධයේදී අල්ඛයිඩාව විසින් අල් නුස්රා නම් සංවිධානය හරහා සිරියාවේ පෙනී සිටී. ඉරාකයේ සිටින ISIS ද සිරියාවේ විපක්ෂය වෙනුවෙන් සටනට ගොස් සිටියේය. එමෙන්ම ඇමරිකානු විරෝධී පාලකයෙකු වන සිරියානු ජනාධිපති අල් අසද් ට එරෙහි ඇමරිකාව හා බටහිර රටවල් අල්ඛයිඩා නියෝජිත කණ්ඩායම් වලින් සමන්විත සිරියානු විපක්ෂ හමුදාවන් හට සිය විවෘත සහයෝගය පළකරමින් සිටිති. ඇමරිකානූ විරෝධී එහෙත් ඉස්ලාම් අන්තවාදී පාලනයක් යැයි හංවඩු ගැසී නොමැති සිරියාවේ අසාද් ට එරෙහිව ක්‍රියාත්මක වීමට, ඊනියා ලෝක බලවතුන් විසින් සහයෝගය දෙමින් සිටින්නේ හෝ මානව හිමිකම් නොපිළිගත් අන්තවාදී ස්ථාවරයක් දරණ අල්ඛයිඩා සංවිධානයටයි. ඉරාකයට පැමිණෙන විට මෙම තත්ත්වය වෙනස් වන අතර ඇමරිකානූ ගැති ඉරාක පාලකයා ආරක්ෂා කිරීම සදහා ISISට විරුද්ධව මිලිටරිමය සහයෝගය ඉරාක ආණ්ඩුවට ලබාදෙති. සුපුරුදු ලෙසට තමන් විසින්ම ඇති දැඩි කළ අල්ඛයිඩාව තමන්ගේ අතපෙවීම් සදහා ඇමක් ලෙස භාවිතා කරන අතරම තමන්ට විරුද්ධ දේශපාලන තන්ත්‍රයන් බිදවැට්ටවීම සදහා ඔවුන්ව බළල් අතක් ලෙස භාවිතා කිරීම පිළිබදව වන දෙබිඩි බව ඉහත උදාහරණයෙන් පැහැදිලි වේ.


ඉරාක හමුදාවට එක් වීම පිණිස පෙළ ගැසුණු ඉරාක තරුණයන්
AP Photo/ Karim Kadim


මේ සියළු තතු වඩාත් හොදින් දන්නා අල්ඛයිඩාව තමන් මුස්ලිම් ජනතාවගේ එකම ගැලවුම්කරු ලෙස පෙනී සිටිමින් සමස්ත මැදපෙරදිග සහ මුස්ලිම් රටවලට මැදිහත්වීමට ඇමරිකාවට සහ බටහිරට ඉඩකඩ ලබාදෙමින් සිටී. මේ අනුව අල්ඛයිඩාව සැබෑ ලෙසම ක්‍රියාකරන්නේ ඇමරිකන් ඉත්තෙක් ලෙසට බව මුස්ලිම් ජනතාව වටහා ගත යුතුය. අල්ඛයිඩාව, අන්තවාදය, මුස්ලිම් අභ්‍යන්තර ගැටුම්, වැනි කාරණා සිය අධිරාජ්‍යවාදී වුවමනාවන් වෙනුවෙන් ඇමරිකාව සහ බටහිර භාවිතා කරන ආකාරය පිළිබද මුස්ලිම් සිවිල් සමාජය තුළ (විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ) අතිශය ගැඹුරු කියැවීමක් අත්‍යාවශ්‍යව ඇත.

ඇමරිකානු ගැති පාලනය, වංචා දූෂණ වලින් පිරුණු අල් මලිකිගේ ඉරාක පාලනයට විකල්ප ISIS පාලනය, ජනතාව භීතියට පත්කොට ඇත. ISIS යනු කලක සිට පැවතියාවූ සංවිධානයක් වුවත් එහි තිබූ බිහිසුණු බවත් දැඩි අන්තවාදී බවත් නිසා ජනතාව අතර එතරම් ජනප්‍රියත්වයකට පත්ව තිබුණේ නැත. එහෙත් සදාම් හුසේන් පාලනය බිද වැටීමෙන් පසුව ඉරාකයේ සුන්නි ජනයා මුහුණ දුන් තාඩන පීඩන සහ වෙන්කොට සැළකීම් හේතුකොට ගෙන සුන්නි ජනතාව අතර ස්ථාවරත්වයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. සිරියා ජනපති (ෂියා ජාතික) බෂාර් අල් අසද් ට එරෙහිව පැනනැගුණු සිවිල් යුද්ධයේදී අල්ඛයිඩාව සමග විපක්ෂයේ යුධ ක්‍රියාකාරම් වල නිරත වීමෙන් තව තවත් පරාසය විහිදා ලීමට ඔවුනට හැකිවිය. සිරියාව සහ ඉරාකයේ සුන්නි ජනතාවට වෙන්වූ දේශයක් වෙනුවෙන් වන සටනක් ඔවුන් දියත් කරන්නේ ISIS හි ප්‍රමාණාත්මක දියුණුවෙහි එක්තරා ගුණාත්මක පියවරක් තබමිනි.

ඉරාකයේ තෙල් ආකර සහිත මොසූල් ඇතුලු ප්‍රදේශ අත්පත් කරගත් නිසාවෙන් ආදායම් මාර්ග වල ඉහළයාම හේතුකොට ගෙන ඔවුන් සතු මිලිටරි ශක්තිය ඉහළ ගිය අතර ඊට සමාන්තරව ව්‍යාප්තියේ වේගයද සිඝ්‍ර විය. සුන්නි බහුතරයකගෙන් යුතු මොසූල් හි බලය අත්පත් කරගැනීමෙන් පසුව ISIS විසින් එම ප්‍රදේශයන්හි ෂරියා නීතිය ක්‍රියාත්මක කරන බවට නිවේදනය කෙරිණි. සුන්නි ජනතාවට අමතරව එහි සිටින ආමේනියානු, කුර්දි, සිරියානු සම්භවයක් සහිත ක්‍රිස්තියානි ජනතාව මේ හේතුකොටගෙන දැඩි භීතියට පත්ව ඇත.



ISIS, ඉරාක සෙබළුන් ඝාතනය කළ අන්දම- ජූනි 14 වන දා ISIS විසින් ජාලගත කරන ලද ඡායාරූප.
[AFP Photo]


පසුගිය දිනවලදී ISIS මගින් සිදුකෙරුණු ඉරාක සෙබළු 1700 ක සමූල ඝාතනයත්, ඔවුන් විසින් නිකුත් කොට ඇති වීඩියෝ පට නිරීක්ෂණයෙනුත් පැහැදිලි වන්නේ කිසිදු ජනකොටඨාශයක් මෙකී අන්තවාදී පාලනය යටතේ ජීවත්වීමට කැමැත්තක් නොදක්වනු ඇති බවයි. අධිරාජ්‍යවාදී අවශ්‍යතා මත පෝෂණය කොට හදා වඩා, නිශ්චිත මොහොතකදී කූඩුවෙන් මිදී පලාගිය විකෘති සත්වයෙකු වන මෙකී අන්තවාදයන් කිසිලෙසක වත් මහපොළොවේ පැලකල නොහැකි වන්නාක් මෙන්ම සමස්තයක් ලෙස මහපොළොවට ආදේශ කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට මේවා හොදම උදාහරණය.

අල්ඛයිඩාව, තලේබාන් සංවිධානය මෙන්ම ISIS ද යනු ඇමරිකානු අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව ගොඩනැංවුණු සංවිධානය. සමහර අවස්ථාවන් හිදී නිශ්චිතවම ඇමරිකානු අවශ්‍යතාව නියෝජනය නොකළත් වඩාත් පුළුල්ව ගත්කළ ඔවුන් විසින් නියෝනය කරන්නේ ඇමරිකාවේ දීර්ඝකාලීන අවශ්‍යතාවන් බව ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ උදාහරණ වලින් පැහැදිලිය. ඉස්ලාම් අන්තවාදයේ දැවැන්ත පිල්ලිය බවට ඇමරිකාව විසින් මොරදෙන අල්ඛයිඩාවට සිරියාවේදී ආයුධ සහ මුල්‍යාධාර සපයන්නේ මේ නිසාය. ISISහි නැගීම පිටුපස ඇති ආධාරකය වන්නේ ද ඇමරිකාවේ CIA සංවිධානයයි.


මොසූල් අසල සරණාගත කඳවුරක්.
EPA


සමස්ත මැදපෙරදිග කලාපයම දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව පැහැදිලිව පෙනෙන්නෙකි. ඒ සදහා හේතුවන සැබෑ කාරණය එම කලාපය පුරාවට ඇති තෙල් සම්පතයි. ප්‍රජාතන්ත්‍රවාදයට හා ආර්ථික සංවර්ධනයට මුවා වෙමින් ඇමරිකාව සහ බටහිර මෙම කලාපය පුරාවට සිදුකෙරෙන මැදිහත්වීම් මෙකී සියළු අර්බුදයන්ට හේතුව බවට වන භෞතිකවාදී තේරුම්ගැනීමක් ඇති බවක් පෙනෙන්නට ඇත. ඒ වෙනුවට පෙන්නට ඇත්තේ සිය ආගමික ඉගැන්වීම් මූලික පාදක කොටගත් ආගමික හා සදාචාරවාදී ඉගැන්වීම් වලින් පෙළගැස්සුණු විරෝධයකි. විරෝධය දැක්වීම සදහා න්‍යාය සපයන අන්තවාදයේ මූලයන් ද බටහිර විසින් ගොඩනැගූවක් බව තේරුම් ගැනීම මූලිකවම සිදුවිය යුතු අතරම එමගින් බෙදී වෙන්වී සිටින ජනයා එකතු වී පොදු සතුරා වෙත මුහුණදීමට හැකියාව ලැබෙනු ඇත. එසේ නොවන තාක් මැදපෙරදිග කලාපය තව තවත් ලේ වැගිරවීම්, මානව ශිෂ්ඨාචාරයේ ම්ලේච්ඡතම පළිගැනීමේ විධි, මිනිසාගේ දියුණුවට භාවිතා කළ හැකි තාක්ෂණය විනාශය සදහා භාවිතා කරන ආකාරය දැක ගැනීම තව තවත් සුලබ වනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- ISIS, Islamic State of Iraq and Syria, Islamic State of Iraq and the Levant, Syrian Civil War, Nouri al-Maliki, Bashar al-Assad, Saddam Hussein, CIA, USA
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් වෙසෙස් බූන්දි
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
මුතුරාජවෙල වනසන්නට පෙර
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook