Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
'ගින්දර' කතාවක්...!
බූන්දි, 19:48:39
අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි. දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක් නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය​. තුවාලයේ වේදනාව නිසාදෝ දරුවා වරින් වර අඞයි. දරුවා අඞන වාරයක් පාසා සම්සුදීන් ගේ සිත ශෝකයෙන් බර වී යයි. සිය නෙතට ඉනූ කඳුලු දියණියගෙන් වසන් කරනු වස් ඔහු මුහුණ අනෙක් පසට හැරවීය​. එවිට ඔහුගේ නෙත ගැටුනේ කඩා බිඳ දමන ලද පැරණි සිංගර් මහන මැෂිමයි. වසර ගානක් පුරා සිත්තියාගේ දෑත් වල පහස ලැබූ මැෂිම දැන් නටබුන් ගොඩකි.

නිවසට පහර දීමට පැමිණි මැරයන්ගෙන් කෙනෙක් සිංගර් මහන මැෂිමට පොරෝ පහරවල් කීපයක් එල්ල කොට එය නටබුන් කළේය​. ඔහු එය කරේ තබාගෙන නොගියේ මහන මැෂිම මළ කා තිබීම නිසාය​. නිවසින් කොල්ල කෑමට වටිනා දෙයක් සෙවූ ඔහුට දකින්නට ලැබුණේ මේස පංකාවකි. මේ පංකාව සම්සුදීන් සීරුවෙන් මුදල් එකතු කොට මිලට ගත්තේ රස්නය නිසා රෑට අඞන මුණපුරාගේ සුව පහසුව ගැන සිතාය​. පොරෝකරු මේස පංකාව සියතට ගැනීමට පෙර තවමත් දැළි රැවුලවත් නොවැඩුනු බෞද්ධ කොඩියක් සරමක් සේ කොට කලිසමට උඩින් දවටාගෙන සිටි ගැටවරයෙක් එය අතට ගත්තේ නිල් මැණිකක් අතට ගත් පතල්කරුවෙකුගේ විලාශයෙනි. නමුත් ගැටවරයාට කොල්ල කෑ වස්තුව භුක්ති විඳීමට හැකි වූයේ තත්පර කීපයකි. මේස පංකාව ග්‍රහනය කරගෙන සිටි ලාබාල මැරයාට පා පහරක් දුන් පොරෝකරු එය තමන් සන්තක කර ගත්තේය​.

සම්සුදීන් ගේ නිවසේ දොරට සහ නිවසේ ඉදිරිපසට පහර දී විනාශ කල මැර සේනාව ඉන්පසු යාබ්ද නිවස කරා ගියහ​. මේස පංකාව සහ පොරව දෑතින් ගෙන සිටි මැරයා සෙස්සන් සමඟ ගමන් කළේ ජාතිවාදී උද්‍යෝග පාඨ මුර ගාමිනි.

පැරණි සිංගර් මහන මැෂිමේ කෑලි එකතු කල සම්සුදීන් යළි එය එකලස් කිරීමට හැකිදැයි බැලීය​. පොරෝ පහර නිසා මැෂිම කැබලි වී ගොස් තිබේ. මැෂිමේ කෑලි අතගාන විට ඔහුට සිත්තියාගේ රුව සිතේ මැවිනි.

සිත්තියා පයාගල දී කහඉර උඩ හප්පා දැමුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ තරුණ පුතෙකි. ලයිසන්වත් නොතිබූ තරුණයා පියාගේ අලුත්ම මොන්ටරෝවට හැපුණු මහළු ගැහැනිය ඉස්පිරිතාලයකටවත් ගෙන යාමට උත්සහ නොගත්තේය​. රිය අනතුර විභාග කිරීමට පැමිණි පොලිස්කරුවන් දේශපාලකයාගේ පුතාට ගෞරව පූර්වකව ආරක්‍ෂාව සපයමින් රිය අනතුර නිසා කපුටන් සමූහයක් මෙන් වට වූ ජනයා පළවා දැමූහ​. සිත්තියා රෝහලට රැගෙන යන ලද්දේ හංදියේ ත්‍ර්‍රීවීල්කරුවෙකි. රෝහලට ඇතුලත් කරන විටත් ඇයගේ ප්‍රාණය නිරුද්ද්ධ වී තිබුණේ ය.

සිත්තියාගේ මරණයෙන් පසු දියණිය සමඟ තනි වූ සම්සුදීන් හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැත​. ඔහු තවත් මහළුව ගියේය​. රිය අනතුර සමථයකට පත් කරගනු වස් දේශපාලකයා දුන් රුපියල් ලක්‍ෂය යොදා ව්‍යාපාරයක් අරඹන ලෙස අසල්වැසි නූර්දීන් දුන් අවවාද පවා ඔහු අසා සිටියේ හිස් බැල්මකින් යුතුවය​. එම මුදල් අවසානයේ වියදම් වූයේ ඉටිකොළ හා ලෑලි ගසා තිබූ නිවසේ ඉදිරිපස ඉදි කිරීමටය​. සිත්තියාගේ මරණය නිසා හදා ගැනීමට හැකි වූ නිවසද මැරයන් විසින් කඩා බිඳ දැමීම ඔහුගේ මහළු වයසට දරා ගත නොහැක​. එය යළිත් වරක් සිත්තියා අහිමිවීමක් මෙන් ඔහුට දැනේ.

අද සවස සෞදි අරාබියේ සිටින බෑණාට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් සිතුවේය​. මොහිදීන් ගේ කොමියුනිකේශන් එකද විනාශ කොට ඇති නිසා දුරකථන ඇමතුම ගැනීමට දැන් ටවුමටම යා යුතුය​.

බෑනාට මේවා ආරංචි වෙලා කලබල වෙලා ඇති ඔහු සිතුවේය​. මොන විනාශය වූවත් පවුලේ උදවියගේ පණ බේරා ගැනීමට හැකි වූයේ අල්ලා දෙවියන් ගේ මහිමයෙන් බව සිතා ඔහු අහස දෙස බැලීය​.

ප්‍රහාරය ඇරඹුනේ නොසිතූ මොහොතකදීය​. පල්ලිය හන්දියේ දී මැරයන් පිරිසක් මුගුරු අමෝරා ගෙන එනවා දුටු සම්සුදීන් රිෆයිඩීන් ගේ මස් කඩයේ කොට තාප්පය උඩින් පැන කුරුඳු වත්ත හරහා දිව ගියේය​. සම්සුදීන් මහල්ලෙකු වූවද තරුණයෙකු සේ ජවයන් යුතුව කොට තාප්පයෙන් පැනීමට හැකිවීම පුදුමයකි. නිවසේ තනිව සිටින දියණිය සහ කිරි දරුවා මතක් වීම නිසා ඔහුට විඩාවක් දැනුණේ නැත​. ඔහු එක හුස්මට නිවස වෙත දිව ගියේය​. හබරල ගාල අසල දී කිරි දරුවා වඩාගෙන සිටි දියණිය ඔහු දුටුවේය​. දරුවාගේ හිසින් ලේ ගලා යයි. මැරයන් පිරිසක් නිවසට ගල් පහරවල් එල්ල ක​ළ බවත් ඉන් එක් ගලක් ජනේලයේ වීදුරුව බිඳගෙන දරුවාගේ හිසට වැදුන බවත් දියණිය ඉකි ගසමින් පැවසුවාය​.

දරුවා අතට ගත් සම්සුදීන් දියණිය සමග කුරුඳු කැලය ඔස්සේ මහ පාරට පැමින පාරේ යන ත්‍රීවීලයක් නවතා ගත්තේ අසීරුවෙනි. කිරිකැටියාගේ හිසේ තුවාලය දුටු රියැදුරා කිසිවක් නොදොඩා ඔවුන්ව රෝහල වෙත ගෙන ගියේය​. අතරමග දී කලබලයෙන් දිව යන මිනිසුන්, පොලිස් භටයන් දුටු සම්සුදීන් මහා විනාශයක් සිදුවී යන බව ඉවෙන් මෙන් වටහා ගත්තේය​.

රෝහලට පැමිණි සම්සුදීන් ත්‍ර්‍රීවීලයට ගෙවීම සඳහා උඩ සාක්කුවට අත දැම්මද කිසිම මුදලක් නොගත් රියදුරා ඉක්මනට බාහිර රෝගී අංශය වෙත දරුවා ගෙන යන ලෙස පවසා යන්නට ගියේ ස්තූති කිරීමටවත් වේලාවක් නොතබමිනි.

දරුවා රෝහලේ දින හතරක් නවතා ගන්නා ලදි. ඒ කාලය තුල සම්සුදීන් කාලය ගත කලේ රෝහල් වාට්ටුවේ සහ සාලිය​ මුදලාලිගේ කඩයේ පසුපස කොටසේ තිබූ දර මඩුවේය​. සාලිය​ මුදලාලිගේ හාමිනේ ඔහුට සහ දියණියට දිනපතාම ආහාර සකස් කර දුන් අතර ඒ සඳහා සතයක්වත් ගත්තේ නැත​.

දරුවා සහ දියණිය රෝහලෙන් ටිකට් කප්පවාගෙන පැමිණි සම්සුදීන් දුටුවේ විනාශ කරන ලද තම ගෘහයයි. නිවස දෙස බලා දියණිය කඳුලු වගුරවද්දී සම්සුදීන් සුසුම් හෙලීය​. යන්තම් ඇතුළු කාමරයක් ප්‍රහාරයට අසු නොවී බේරී තිබේ. නමුත් එහි ජනේලය බිඳ දමා තිබේ. ඔහු කාඩ්බෝඩ් කැබැල්ලකින් වීදුරුව ආවරණය කලේය​. පැරණි මෙට්ටයක් කාමරයේ ගෙබිම එලා නිවසේ ඒමේ අත දමා තිබූ රෙදි අතුරා ඔහු දියණියට සහ දරුවාට නිදා ගැනීමට තැනක් පිලියෙල කලේය​. ඒ අතරවාරයේ අසල්වැසියන් කිහිප දෙනෙක් ඔහුගේ නිවෙස වෙත පැමිනියහ​. ඔවුන් බත් පාර්සල් කීපයක් ගෙන ආහ​.

රිස්විට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් දියණියට පැවසීය​. නමුත් පියා ටවුමට යාම පිළිබඳව ඇය බිය ගත්තාය​.

දියණිය සහ මුණපුරා බලා ගන්නා ලෙස නූර්දීන් ගේ බිරියට ආයාචනාවක් කල සම්සුදීන් දියණියගේ විරුද්ධත්වයද නොතකා ටවුම වෙත පියමැනුවේය​. අතරමගදී ඔහුට මන්සූර් හමු විය​. මන්සූර් ගුරුවරයෙකි. ඔහු තැනින් තැන තරහෙන් සහ කළකිරීමෙන් යුතුව සිටි මිනිසුන් අස්වැසුවේය​. ටවුම වෙත යාම පසෙකලා ඔහු මන්සූර් සමඟ ගියේය​.

පල්ලිය අසල දී තරුණයන් කණ්ඩායමක් ඔවුන් දෙදෙනාට හමු වූහ​. තරුණයන් කථා කළේ ආවේගයෙනි.

"අපේ ගෙවල් ගිනි තියලා බඩු කොල්ලකාලා අපිව පාරට ඇදලා දැම්මා. අපි මරාගෙන මැරෙන්න උනත් දැන් ලෑස්තියි" කණ්ඩායමේ සිටි උස තරුණයෙකු කීවේය​. ඔහු තුවාන් ගේ පුතා බව සම්සුදීන් අඳුනා ගත්තේය​.

මන්සූර් මහතා ඔවුන්ව අස්වැසීමට තැත් කලද ඔවුන් මන්සූර් මහතා සමගත් එකට එක කීහ​.

"සර් ගහන්ඩ ගහන්ඩ වඳින එකත් මෝඩයා වඳින්ඩ වඳින්ඩ ගහන එකත් මෝඩයා. අපිටත් පුලුවන් මේවට රිටන් එක දෙන්න"
තුවාන් ගේ පුතා මන්සූර් මහතා දෙස බලා තරහෙන් යුතුව පැවසීය​. මන්සූර් මහතා ද ඉන් මෙල්ල නොවූ බව පෙණුනි.

"උඹලා අර මාළු ගුණපාල ගේ ගෙදරට රිටන් එක දුන්න කියලා මට ආරංචියි. උන් හැමදාම අපි අතර හිටපු අසරණයෝ. උඹලා අරුන් අපිට ගහන්න එනකොට හැංගිලා ඉඳලා උන් ගියාම පස්සේ මෙහෙ ඉන්න දුප්පත් මිනිස්සුන් ගේ ගෙවල් පිච්චුවා නේද? උඹලා වගේ එවුන් නිසා තමයි මේක කවදා හරි ලේ විලක් වෙන්නේ." මන්සූර් මහතා කෝපයෙන් යුතුව තරුණයන් අමතා පැවසීය​. ඉන් මෙල්ල වූ තරුණයන් තරහෙන් මුමුණමින් විසිර ගියහ​.

"සම්සුදීන් නානා අපි යමු ගුණපාලගේ ගෙදර..." මන්සූර් මහතා කල ඉල්ලීම සම්සුදීන්හට ඉවත නොදැමිය හැක​. ඔහු මන්සූර් මහතා පසුපස ගියේය​.

ගුණපාලගේ නිවස තිබූ තැන දැන් ඇත්තේ දා ගිය අඟුරුය​. වහලයට ගසා තිබූ ටකරං ගින්න නිසා ඇඹරී ගොස් තිබේ. ගුණපාල දුටු සම්සුදීන්ට විශාල කම්පාවක් මෙන්ම වරදකාරී බවක් දැනුනි. ඔහු ගුණපාල වෙත ගියේය​.

"කුණපාල මොක්කුද උණා?" ඔහු අනුකම්පාවෙන් යුතුව විමසීය

"මොනා වෙන්නද නානා, වෙන්න තියන හැම දෙයක්ම උනා. ඔහෙලගෙ වත්තට අරුන් ගහල ගියා අන්තිමට ගුටි කෑවෙ අහක හිටපු අපි. බලන්න උන් මගේ බයිසිකයට කරලා තියන දේ."

ගින්නට අසු වූ ගුණපාලගේ බයිසිකලය අලින් පෑගූ යකඩ බට ගොඩක් මෙන් දිස් වේ. බයිසිකලයේ රබර් ටයර් පිලිස්සීම නිසා මතු වූ ගඳ තවමත් අවකාශයේ පැතිරී තිබේ. ගුණපාලගේ දරුවෙක් සුන්බුන් අතරින් තමන් ගේ පාසල් පොත් බෑගය සොයයි.

"එහෙන් හැමදාම උදේ හවහා යකඩ කටවල් වලින් ආගම කියනවා. මෙහෙන් හැමදාම උදේ හවහා කඩ කටවල් වලින් පිරිත් කියනවා. අන්තිමේදී දෙගොල්ල සත්තු වගේ කා කොටා ගන්නවා." ගුණපාල වෙව්ලන ස්වරයෙන් යුතුව කීවේය​.

මන්සූර් මහතා සහ සම්සුදීන් කිසිවක් කීවේ නැත​. ඔවුන් කම්පිතව ගුණපාල දෙස බලා සිටියා පම​ණි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Ketikatha, Sri Lankan Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් එම්. ජයතුංගගෙන් තවත් වියමන්
වෙසෙස්
Anna O.- Famous Case Study of Joseph Breuer and Sigmund Freud
වෙසෙස්
Nietzsche on Buddhist Philosophy
කතන්දර
දයාබර නාදන්
අදහස්
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
පොත්
කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook