Interview with Timran Keerthi and Dominic Chandrasali | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"යන්නං චන්දරේ" සහ "ගාලු පාර දිග හැලුණු සිනා සළු"- ටිමා සහ ඩොමා සමග කතාබහක්
බූන්දි, 03:34:47
'යන්නං චන්දරේ' සහ 'ගාලු පාර දිග හැලුණු සිනා සළු' යන කාව්‍ය කෘති ද්වය එළි දැක්වීම නිමිත්තෙන් ටිම්රාන් කීර්ති සහ ඩොමිනික් චන්ද්‍රසාලි සමග කළ කතාබහකි මේ. මුලින්ම කතාබහට එක් වන්නේ ටිම්රාන්.

ඔබේ කවියේ සියුම් ආලෝක ධාරාවන් එල්ල වන්නේ සමාජයේ පහළ ස්ථරයේ මිනිසාගේ නන්විධ හැඟුම් විඳුම් ස්වරූපයන් සහ ස්වරයන් ඉස්මතු වෙන විදිහට. අපට හැෙඟන විධියට ඔබේ මේ කවි ඒ මිනිසුන්ගේ සැබෑ ජීවිතයේ පිටපත්.

ඇත්තටම මුල් කාලෙදි කවිය ගැන මට කියවීමක් තිබුණෙ නෑ. ඒ වුණත් මට ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් අවශ්‍ය වුණා. ඉස්කෝලෙන් හැලුණට පස්සෙ මගේ බිමේ හුඟාක් තරුණයින්ට වගේ මටත් ඕන වුණේ මොනවහරි කරල ජීවිතේ ගැටගහගන්ඩ. ඉතිං නිරන්තරයෙන්ම මගේ වැඩබිම් මාරු වුණා. මිනිස්සුන්ගෙ දාඩිය සුවඳ එක්ක කාලාන්තරයක් තිස්සෙ පෑහිලා ඉන්නකොට ඔවුන්ගෙ හැඟීම් මට කියවන්ඩ පහසු වුණා. මම දැනගෙන හිටිය සමාජයේ පහළ ස්ථරයක ඉඳගෙන ජීවත්වීමේ අරගලයට මූණ දෙද්දි අපේ ජීවිතවලත් පැවැත්මේත් සංස්කරණ නැති බව.

මට ඕන වුණේ මේ අමු බව කවියට වැද්දගන්ඩ. මට හැකි ආකාරයට අත්හදාබැලීම් කරල නිර්මාණ කෙරුවත් මටත් නොදැනීම කවි බවට පත්වුණේ මගේ සහ ඔවුන්ගේම ජීවිතය. ඔබ කියනව වගේ මේ කවි සැබෑ ජීවිතයේ පිටපත් බවට පත්වෙන්නෙ මෙහෙමයි. හැබැයි ඒ සියල්ල මම සහ මගේ මිනිසුන් ජීවත්වන මහ පොළොවෙ සහ ඔවුන්ගේම කවි. ඒ වගේම කවිය කියන්නෙ මිනිස් හැඟීම් එක්ක කරන සූක්ෂ්ම ගණුදෙනුවක් කියලයි මම හිතන්නෙ.

හැබැයි ඔබ කියන ඒ මහ පොළොවෙ මිනිසුන්ගෙ විඳුම් පරාසයට මේ කවි ගෝචර වෙනවද? ඇත්තටම කවියෙහි සැබෑ පාඨකයො ඔවුන් නෙමෙයි නේද?

ඔය ගැටළුව මටත් කාලයක ඉඳල තියෙන මාව පාරවන ගැටළුවක්. ඇත්තම කියනවනම් මේ කවි මගේම ජීවිතය. එහෙම නොවෙන්නෙ කවි කිහිපයක් විතරයි. මේ කවි වල නිවසන මිනිස්සු කවියට සවිඥානික වෙන තැන් බොහෝමයක් අඩුයි. ඒක ඔවුන්ගෙ වැරැද්දක් නෙමෙයි. කවිය විවිධ අධිපතිවාදයන්ට යටත්කෙරුවම ඔබ මතුකරන කාරණාව අනිවාර්ය දෙයක්බවට පත්වෙනවා. හැබැයි මට කිසියම් පහසුවක් තියෙනව. මොකද මමත් විධිමත් අධ්‍යාපනයෙන් හෝ මානව ශාස්ත්‍රීය හැදෑරීම් ඇතුළෙ ශික්ෂණය වුණ කවියෙක් නෙමෙයි. මමත් ඔවුන්ගේම කෙනෙක්. අනික් කාරණාව කවියට පුහුණු රසික පර්ශදයක් ඕන. අනික කවිය විතරක් නෙමෙයි සකළ කලාවම ගමට සහ බිමට දුරයි.

කොළඹ කෙරෙන යම් යම් දේවල් හරහා තමයි අපිට Art කියවගන්ඩ වෙලා තියෙන්නෙ. මං කියන්නෙ පොඩි මිනිස්සු වෙනුවෙන් මේ රටේ 'සංස්කෘතිය කරවන උදවියත්' යමක් කළ යුතුව තියෙනව. මට හිතෙනව තමන්ගෙ කවිය මිනිස්සු අතරට ගෙනයෑම සඳහා සුදුසු ලෙස සුසර කරගැනීමේ වැදගත්කම කවියා තේරුම්ගත යුතුයි කියලයි. හැබැයි කවියේ කලාත්මක පක්ෂයට හානි නොවන සේ මේ සියල්ල කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ.

ඔබ කියනව වගේ ඔබ ලියන්නනෙ ඔබේ සමාජය. ඔබ අත්දැකීම් ලබන සමාජය තමයි ඔබ කවි කරන්නෙ. තවත් කවියෙක් තමන්ගෙ සමාජයෙ අත්දැකීම් අහක දාල අත්දැකීම් හොයාගෙන ගිහින් කවි ලියනව. මේ දෙකම කවි.

අපිට නිරන්තරයෙන් අත්දැකීම් ලැබෙනව. ඇත්ත. කවියකට යම් අනුභූතියක් තියෙනව නම් ඒක කවියක් කරන එක වරදක් නෙමෙයි. හැබැයි අපට සුව නොවන රිදුමක් ඇති කරන සුවිශේෂී අත්දැකීමක් ලැබුණම ඒ අත්දැකීම විසින් කවියක් ඉල්ලනව කියලයි මටනම් හිතෙන්නෙ. හැදෑරීම් විතරක්ම නෙමෙයි ජීවිතේ එක්ක කරක්ගහන එකත් කවියෙකුට හරි වැදගත්. එහෙම කරක්ගහපුවහමනෙ වෙනස් වෙනස් අත්දැකීම් ලැබෙන්නෙ. එහෙම නොවුණොත් පාරෙ බල්ලෙක් මැරිල හිටියත් වැඩට යන බස් එක අතරමඟ බ්‍රේක් ඩවුන් වුණත් ඔය හැම එකටම කවි ලියන්න වෙනව. මම අර කලින් කිව්ව වගේ කවිය කියන්නෙ මිනිස් හැඟීම් එක්ක කරන සූක්ෂ්ම ගණුදෙනුවක්. ඒ ගණුදෙනුව හරි පරිස්සමෙන් කරන්ඩ ඕන. කරන්ඩ අමාරුමත් ඒකයි.

අද පළවෙන විචාර බලද්දි ලාංකීය කවියේ විචාර මානය තාමත් තියෙන්නෙ දියුණු මට්ටමක නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. කවිය හා කවියා එකට සම්මිශ්‍ර කරල තමයි බොහෝ විචාර සිදුවෙන්නෙ. කවියාගෙන් වියුක්තව කවිය විචාරය කිරීමක් තිබිය යුතුයි නේද? මේ කාරණය ඔබේ මානයෙන් විග්‍රහ කළොත්?

පහුගිය දශකයක හමාරක පත්තර කවි තීරයන් ගැන මතක්කර ගම්මු. ඒව ඇතුළෙ ඉතා විශිෂ්ට කවියො මට නම් හම්බවෙලා තියෙනව. හැබැයි සමීපව නිරීක්ෂණය කරල බැලුවොත් බොහොමයක් විශිෂ්ට කවිවල රචකයාට මහා රැස්වළල්ලක් නෑ. හොඳම උදාහරණය තමයි වජිර සුමේධ යසරත්න. වජිර ගැන කවි ලියන අයවත් හරියට දන්නෙ නෑ. සමහර කවියො කප් ගහල කවි ලියන කාලෙ ඒ කවි පිටුවල තිබුණු වජිරලගෙ කවි ගැන විචාරකයින්ට කතා කරන්ඩ බැරි වුණේ ඇයි? තිළිණි ශැල්වින්ගේ 'රමණීය රමණ' කවිය කියවද්දි මට ඔය කාරණාව මතක් වුණා. තුෂාර ද සිල්වා ලියපු 'නදීකා' වගේ කවි කිසිදු සැළකිල්ලකට ලක් නොවී අතීතයට එකතු වුණාද? සම්මාන පොරය ඇතුළෙ හොඳ පොත් කොච්චර යටපත් වෙනවද?

ඔබත් එක්ක මේ සංවාදය කරගෙන යනකොට මට දැනෙන්නෙ ඔබේ කටහඬේ භාෂාවත් පෑනෙ භාෂාවත් එකක් කියල.

මම තාමත් විශ්වාස කරන්නෙ නෑ මම කවියෙක් කියල. මට ප්‍රකාශන විධියක් තියෙනව. තවම මගෙ කවිය 'Art' බවට පත්වෙලා නෑ කියලයි මං හිතන්නෙ. කවි නිමිත්තක පැටළෙන හැම වෙලාවකම ඒ අමු ගතිය නැතුව යයි කියල මට හරි බයයි. මම හරි පෙරේතයි ඔය 'කහට රහට'. ඇතුළෙ ඇඳෙන කවිය හතරැස් කරන්ඩ මම කැමති නෑ. සමහරවිට ඒක මගෙ අවුල වෙන්ඩ ඇති. ඒ අවුලම තමයි මගෙ කවිය.



මේ ඩොමිනික්....

විටෙක ඔබේ සිතුවම් වල සියුම් පින්සල් පහරවල් තුළ අපිට කවිය මුණගස්වන්ඩත් ඒ වගේම ඔබේ 'Abstract Art' හැදෑරීම් ඔබේ කවියෙහි මුණගස්වන්ඩත් ඔබ යම් උත්සාහයක් දරන බවක් පේනව.

මම කැමතිම කලා මාධ්‍යන් දෙක තමයි කවිය සහ චිත්‍රය. හැබැයි චිත්‍ර කලාවටත් වඩා කවියෙ සමහර තැන් බොහොම සියුම්. ඒ වගේම චිත්‍රය තියෙන්නෙ ගැඹුරු තැනක. හැබැයි මම මේ මාධ්‍යයන් දෙක අල්ල ගන්නෙ තැන් දෙකකින්. ඔබ කියනව වගේ මේ මාධ්‍යයන් දෙක බොහොම සියුම්ව සම්මිශ්‍ර කළ යුතු තැන් තියෙනව. ඒත් මම හිතන්නේ ඒ සම්මිශ්‍ර ස්ථානය තාම මට touch වෙලා නෑ කියල. තව හැදෑරීම් එක්ක මම හිතනව ඒ feeling එකට යම්තාක්දුරකට වත් ළඟා වෙන්ඩ.

ඔබේ සමකාලීන කවියේ සාධනීය ලක්ෂණ තියෙනවද? නැත්නම් සමහර පුද්ගලයො කියනව වගේ කවියත් පිරිහීමකට ලක් වෙලාද?

මගේ මතය නම් මේ සාහිත්‍ය පිරිහීම සිදුවෙන්නෙ බොහොම අඩුවෙන්. ඊට වඩා වැඩි වේගෙකින් මේක වර්ධනය වෙනව. ඒ වගේම වඩා වැඩි පාඨක ප්‍රජාවක් කවිය වටා ගොණු වෙලා ඉන්න බවක් පේනව. කවි කියවනව. සංවාද මණ්ඩප තියෙනව. හැබැයි ඒ අතර කලාවෙන් වියුක්ත කලාව, කලාව හැටියට බාරගන්න පිරිසකුත් ඉන්නව.

මේ සියල්ල ඇතුළෙ තමයි අපි ආධුනිකයො විධියට කලාව හොයන්නෙ. ඒ වගේම මේක ඇතුළෙ ඉඳගෙනම හැදෑරීම තමයි වටින්නෙ. මගේ සමකාලී බොහෝ කවීනුත් යම් හැදෑරීමක ඉන්න බව පේනව. මේක අනවරත ප්‍රයත්නයක්. හැබැයි අද බිහිවෙන සමහර ලේබල් කවි වලට නම් මගේ කැමැත්තක් නෑ. කවියෙන් දේශපාලනය කියනවට මම කැමති නෑ. ඒත් හැම කවියකටම දේශපාලනයක් තියෙනව. ඒක අමුතුවෙන් කවියෙ තියෙන්ඩ ඕන නෑ කියෙන එකයි මගේ පෞද්ගලික මතය.

කවියෙහි බස හැසිරවීම ඔබේ කවිය ඇසුරින් විග්‍රහ කිරීමක් කළොත්?

මම විශ්වාස කරන ආකාරයට කවියේ බස මෙන්න මේකයි කියල කිව යුතු තැනක තිබිය යුතු නෑ කියල. සමහර වෙලාවට රස්තියාදුකාර භාෂාවත් සමහර වෙලාවට සම්භාව්‍ය භාෂාවත් කවියට සෙට් වෙන්ඩ පුළුවන්. හැබැයි පොදු සංස්කෘතිය ඇතුළෙ ඉඳගෙන මේක දකිද්දි අවුලක් තියෙයි. උදාහරණයක් හැටියට ටොයිලට් එකක් ඇතුළෙ කරන කාරණාව එක දෙයක් වුණාට ඒක ඇතුළෙ වෙනම සාහිත්‍යයක් ගොඩනැගිල තියෙනව. කුණුහරුප වල ඉඳල මහින්දට රනිල්ට බණින ඒව වෙනකං. හැබැයි මේක පොදු සංස්කෘතිය ඇතුළෙ මාර අවුළක්. ඒ වුණත් ඒකත් පැවැත්මේ එක්තරා සංකේතයක්.

මේ සියල්ල ඇතුළෙ ඔබේ ලිවීම් කා වෙනුවෙන්ද? ඔබේ ආත්ම ප්‍රකාශනය කුමන මානයක් වෙතද?

මගේ ලිවීම් කිසිවෙකුට දනවන්ඩ ලියන දේවල් නෙමෙයි. හැබැයි මට දැනෙන දේවල්. මට මේ කවිය හරහා සමාජය තුළ යම් ඉඩ ප්‍රමාණයක් මා වෙනුවෙන් වෙන්කරගත යුතුයි කියන මතය මා තුළ නෑ. මගේ ලිවීම අවුල් වෙන්ඩ පුළුවන්. හැබැයි මම මට දැනෙන දේ ලිවීම හරහා යම් පිරිසක් ඒ කාරණා සම්බන්ධයෙන් සංවේදී වෙන්ඩ පුළුවන්. නොවෙන්ඩත් පුළුවන්.

ඔබ කියන කාරණය නිසා කලාව සමාජයෙන් වියුක්ත වෙන්ඩ පුළුවන් නේද?

නෑ. මම කියන්නෙ පුද්ගල බද්ධ කාරණයකට වඩා නිර්මාණ බද්ධ සාහිත්‍යයක් ගැනයි. අනාගතවාදී දාර්ශනික චිත්‍ර සංකල්පයත්, මේ මොහොත නිරූපණය කෙරෙන කවියත් කියන දෙකම තාමත් සමාජය විසින් හරිහැටි කියවීමකට ලක් කරල නෑ. ඒත් ඒ නිර්මාණ මඟින් සමාජය නිවැරදි කියවීමකට ලක් වෙනව. මගේත් අරමුණ එවැනි කලාවක්. එවැනි කලාවක් වෙත ළඟාවීමක්.

(රාවය පුවත්පතෙහි මුල් වරට පළ විය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Yannan Chandare, Timran Keerthi, Galu Para Diga Halunu Sina Salu, Dominic Chandrasali, Interview with Sri Lankan Poets, Sinhala Kavi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
නදුන් යසිත දසනායකගෙන් තවත් වියමන්
කවි
නිර්මලා
කවි
පහන සහ අම්මා
කවි
සියුම් අත්තටු නාද
කවි
නටන සැපින්නට දුවගෙන් ලියුමක්
කවි
වෛද්‍ය විද්‍යාලයට ගිය පෙම්වතියගේ අවසාන සැමරුම
තවත් සූකිරි කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook