Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
සිංහල සිනමා ඉතිහාසය තුළ දුයිෂෙන් ලකුණ- ඇන්ඩෲ ජයමාන්න
හාරලක්ෂය, මරුවා සමඟ වාසේ, හඳයා, හංසවිලක්, තුන්වෙනියාමය, සුද්දිලාගේ කතාව, විසිදැල, පලගැටියෝ, ජුලියට්ගේ භූමිකාව, පවන රළුවිය, මංගල තෑග්ග, සිරි මැඳුර බඳු සිනමා පට ගණනාවක කැමරාව පිටුපස හිඳිමින්, සිනමා කැමරා ශිල්පියෙකු ලෙස ලංකේය සිනමාවේ නොමැකෙන මංසලකුණු තැබූ ඇන්ඩෲ ජයමාන්න ඉකුත් දා අප අතරින් වියෝ විය. පහත පළ වන්නේ, 2012 වසරේදී පැවති ඇන්ඩෲ ජයමාන්න පනස් වසරක සිනමා දිවිය ඇගයුම් උළෙලේදී 'කිතුසර' සංස්කාරක මහින්ද නාමල් කළ දේශනය ඇසුරින් සැකසූ සටහනකි.
බූන්දි, 03:26:24
මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්.එස්.එන්. වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමඟුල් පෙරහැරකින් අවසන් ගමන් ගිය බව අසන්නට ලැබුණි. හැම හන්දියක් හන්දියක් ගානේ එක බැගින් නොව එක හන්දියක දෙක තුන බැගින් ඡායාරූප ශාලා තිබෙන විකෘති වෙළඳපොල ධනවාදයේ තෝතැන්නක් බවට පත් වූ ලංකාව තුළ කලාකරුවන් හා කලා වෙළඳුන් අතර වෙනස එකී මළගම තුළ වෛද්‍ය වීරකෝන්ගේ ප‍්‍රබල ඡායාරූපයක පරිදිම සටහන් වූයේ යැයි මම සිතමි.

නිරුවත කලාත්ම ප‍්‍රකාශනයක් සේ ඡායාරූප කලාව තුළ සිත්තම් කළ මේ පුරෝගාමී ලාංකීක කලාකරුවා තම ඩිස්පැන්සරිය තුළ ඡායාරූප කලා ඩිස්පැන්සරියක් ද නොමිලේ පවත්වාගෙන ගිය බව දන්නෝ දනිති. ඕනෑම ඡායාරූප ශිල්පියෙකුට තම ඡායාරූපක් එහි ලෙඩ දුක්, ගුණ දොස් විචාරන්නට දෙපැයක කාලයක් එතුමා වෙන් කර තිබුණි. ඡායාරූප පමණක් නොව මිනිසුන් ද, දේවල්, ද්‍රව්‍ය, බඩු භාණ්ඩ බවට පත් කර ගත් සේරිවාණිජ පරපුරට දොස්තර වීරකෝන්ලා අමතකවයාම පුදුමයක් නොවේ.

අද අපි එකතු වී සිටින්නේ දොස්තර වීරකෝන්ලාගේ පරපුරට අයත් වූ නිශ්චල ඡායාරූපය නොව චලන චිත‍්‍රයේ හෙවත් සිනමාවේ මෙන්ම රූපවාහිනියේද පෙළහර පෑ මීගමුවට ඥාතිකම් කියන විශිෂ්ට සිනමාකරුවෙකුගේ වෙනස් ආකාරයක සමුගැන්මකට සුභ පතන්නයි.

ඡායාරූපශාලා සියගණනින් වැඩි වුවද 70 දශකයේ අග තිබූ සිනමාශාලා 360, 140 දක්වා අඩුවී ඉනුත් හොද සිනමාශාලා අතේ ඇඟිලි ගානට අඩු වූ සිනමා කර්මාන්තයක් තිබෙන රටක බොහෝ විට සිනමාවේ තිරය පිටුපස කාර්යයට උර දුන් ජයමාන්නයන්ව අගයන්නට මේ ටික දෙනා සිටීමද සතුටකි.

මා ඇන්ඩෲ ජයමාන්නයන්, දොස්තර වීරකෝන්ගේ පරපුරට අයත් යැයි කීවේ කලා වෙළඳාම වෙනුවට කලා නිර්මාණය, තමා පොර වීම වෙනුවට අනෙකාට අත දීම, හීනව ගැතිකම් පානු වෙනුවට අදීනව නොගැතිව පෙනී සිටීම තමා අනුදත් කලාව තුළ එඩිතරව ක‍්‍රියා කිරීම, තමා අතපෙවූ කලාවට අවංකවීම ජීවිත වටිනාකම් සේ සැලකූ පරම්පරාවට ඔහු අයිති බව කියන්නයි. අනෙක් අතට ජයමාන්නයන් නමින්ම අයත් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත වැනි බටහිර ආභාෂය ඇති එහෙත් ගැති නැති දූපත්වාසී මානසිකත්වයෙන් ඔබ්බට ගිය නිදහස් මනසක් සහිත කණ්ඩායමටය.

ඇන්ඩෲ යන ඉංග‍්‍රීසි නමේ සිංහල අරුත වන්නේ වික‍්‍රමවත් නැතිනම් වික‍්‍රමාන්විත යන්නයි. ඇන්ඩෲ ජයමාන්නයන් ඇදහූ ක‍්‍රිස්තියානියේ කිතුතුමන්ගේ නිර්භීත ශ‍්‍රාවකයෙකුට ද ඒ නම විය. මා ඇන්ඩෲ ජයමාන්නයන් දකින්නේ තම අරුතට ගැලපෙන පරිදිම තම විෂය ක්ෂේත‍්‍රය තුළ වික‍්‍රමයක් සිදු කළ වික‍්‍රමවත් මිනිසෙකු ලෙසය. තාක්ෂණය ඉතා අඩු, ප‍්‍රාග් ධනය ඉතා අඩු කාල වකවානුවක ඇන්ඩෲ ජයමාන්නයන් ඔහුගේ පරපුර සමඟ කළ වික‍්‍රමාන්විත ක‍්‍රියා, සිංහල සිනමා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක සටහන් විය යුතුමය. එහෙත් ඉතිහාසය පුරාම සිදුවූවා සේ රජුන් මැති ඇමතියන්ගේ වන්දිභට්ටයින් විසින් සිංහල සිනමාවේ මහා වංශය ලියන විට අධ්‍යක්ෂකවරු, නළු නිලියන් මැති ඇමතිවරු ප‍්‍රමුඛ වී පස්සෙන් වැටී ප‍්‍රශස්ති නොගැයූ ජයමාන්නයන් වැන්නවුන්ට අදාල පරිච්ඡේද නොලියවෙන්නට ඉඩ කඩ ඇත.

ඒ නිසා කෘතඥතාව හොද ගුණධර්මයක් නොව සියලූ හොඳ ගුණධර්මයන්හි මූලාරම්භයය යන සත්‍යය පසක් කරමින් අද මේ උත්සවය සංවිධානය කිරීමට ද මුල් වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් වැන්නවුන් විසින් අවංකයන්ගේ සිනමා වංශය ලිවිය යුතු යැයි මම සිතමි. අද පැවැත්වෙන මේ සරල චාම් උත්සවය ඇගයුම එවන් උත්සාහයක් ලෙස අගයමි.

රුසියානු මහා ගත්කතුවරයෙකුගේ බිරිඳ ගැන ලියැවුණු පොතක් සිංහලට පරිවර්ථනය වී තිබුණේ "මහා පුරුෂයෙකුට බිරිඳක්ව" යනුවෙනි. එසේ නොකියා ඒ කතාව "මහා ස්ත‍්‍රීයකගේ කතාවකි" යනුවෙන් හඳුන්වන්නට බැරිදැයි එය කියවන විට මට සිතුණි. මහා පුරුෂයෙකුගේ සෙවනැල්ලට මහා ස්ත‍්‍රීයක් වැසී ගියා සේ ලංකාව තුළ මහා සිනමාකරුවන්ගේ සෙවනැල්ලට ඇන්ඩෲ ජයමාන්නයන් නැමැති සිනමා පෞරුෂය ද වැසී ගියා දැයි මට සිතේ. නමුත් මා තිරසරව පවසා සිටින්නේ ඇන්ඩෲ ජයමාන්න සිනමාවේ මහා පුරුෂයෙකු බවයි. මහා පෞරුෂයක් බවයි.

සැලෝලයිට් පටිය තුළ බයිස්කෝප් වෙනුවට සිනමාව සිත්තම් කිරීමට පුරෝගාමී වූවන් අතර ජයමාන්නයන්ද දැවැන්තයෙකි. අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍ය වූ සිනමාවේදී කැමරා අධ්‍යක්ෂකවරයා, කාර්මික ශිල්පියා එතරම් මතු වී නොපෙනුනත් ඔහුට සිනමාවේදියා යැයි ව්‍යවහාරයේ නොවුනත් මා සිතන්නේ ජයමාන්නයන් සිනමාවේදියෙකු බවයි.

ඇන්ඩෲ ජයමාන්නයන් සතු සිනමා දැනුමෙන්, පරිචයෙන්, ප‍්‍රතිභාවෙන්, අංශුමාත‍්‍රයක්වත් නැති සේරිවාණිජ කලා භෂ්ටයන් මහා සිනමාකරුවන් සේ ප‍්‍රතිරූප සාදා ගන්නා විපරිත වාණිජ ලෝකය තුළ දේශපාලන වන්දිභට්ටයින් හා දේශපාලන තෙල් බෙහෙත්කරුවන් වූ කලා විහීන කලාකරුවන් නොවන කුලීකරුවන් සම්මානයට, උපහාරයට, පිනාචාර්ය පදවියෙන් පිදුම් ලැබීමට ලක් වන දේශපාලන ලෝකය තුළ ජයමාන්නයන්ට එවැනි ගෞරව නාමයක් නොලැබීම, එවැනි දේශපාලන උපහාරයක් නොලැබීම ඔහුට ගෞරවයක් සේ සැලකිය හැකිය.

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මේ ඇගයුම් උළෙලේදී ජයමාන්නයන්ගේ වැදගත් කාරණය ලෙස මා දකින දේ කියන්නට සුදුසුම උපමාව වන්නේ වින්ගීස් ආයිත්මාතව් නම් රුසියානු ගත්කරුගේ ගුරු ගීතයේ දුයිෂෙන් චරිතයයි. ජයමාන්නයෝ මෙරට සිනමා ඉගැන්වීමේ මහා ඇඳුරාණන් කෙනෙකි. රාජ ගුරු කෙනෙකි. ඔහු විධිමත් ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයකින් සිනමාව පිළිබඳ උපාධි හදාරා නොතිබුණද සිනමාව පිළිබඳ ඔහු උපයාගත් දැනුම නිර්ලෝභීව බෙදා දුන් දුයිෂෙන් ගුරුතුමා විය. සිනමා පාසලක් නොමැති යුගයක ලාංකීය සිනමාවේ දුයිෂෙන් පාසල සේ සැලකිය හැකි OCIC සිනමා පාඨමාලාවේ මහැදුරු ඔහු විය. ඔහුගේ ගෝලයෝ සත් සමුදුර තරණය කර විසල් ජයග‍්‍රහණ ලබන විටද ඔහු අද දක්වා අලූත් පරපුරකට සිනමා දැනුම බෙදා දෙන පරණ පුරුදු මිනිසාම ය.

අප පවත්වන මේ කතාව සභාව හඳුන්වා දීමේදී ජයමාන්නයන් හා පල්ලිය අතර සබඳතාවයන් ජයමාන්නයන්ගේ ක‍්‍රිස්තු අනුගාමිකත්වයත් ගැන යමක් කීමටද ආරාධනයක් විය. අප දකින්නේ කිතු තුමා කී වෛද්‍යවරයෙකු අවශ්‍ය වන්නේ රෝගීන්ටය යන වදන තුළ පිහිටා ඔහු සිනමාව ගැන මෙලෝ හසරක් නොදන්නා අයට ඇතැම් විට සා.පෙළ උ.පෙළත් අසමත් අයටද සිනමා දැනුම කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙනම බෙදා දුන් මිනිසෙකි. යහපත් එඬේරෙකි. මෙහෙ වරෙන්, මේක කරපන්, මොකක්ද මේ කෙරුවේ, මේකද උඹට ඉගැන්නුවේ වැනි සැර වචන කුණු බැනුමක් සේ පෙනුනද ඒ තුළින් ඔහු ඉගැන්වීමට තිබූ කැපවීම ප‍්‍රකාශ කළේය.

ඔහු සිනමා ක්ෂේත‍්‍රය තුළ බිය නැති පර්යේෂකයෙකු විය. තමා කැප වූ කාර්යය අකුරටම ඉටු කිරීමට උත්සහ කළ මිනිසෙකු විය. ඒ නිසාම ඔහු තමාගේ ක්ෂේත‍්‍රයට මෙන්ම උපන් බිමටද ණය නැති මිනිසෙකි. ගැත්තන් හීලෑ වුවන්, වසල වෙළෙන්දන් එහෙත් නොමැතිනම් මුනිවත රකින්නන් පමණක් ඉල්ලා සිටින අදීන මිනිසුන්, සන්සුන් නොගැති ජීවිත පතන මිනිසුන් පලවා හරින ආශ්චර්යමත් මව් බිමක් හමුවේ තම දුවා දරුවන් සිටින විදේශයකට තම ජීවිතයේ එළඹෙන සන්ධ්‍යා සමය ගතකිරීමට යාමට සූදානම් වන මේ මොහොතේ ඔහු අගයන, ඔහුට සමුදෙන මේ හමුව තුළ අපට කිව හැක්කේ ඔබ මේ බිමට ණය නැති මිනිසෙකු බවයි. ඔබේ හැරයාම මව්බිමට මිස ඔබට දුකක් නොවිය යුතු බවයි.

කවුරුන් ඉදිරියේ වුව නොබියව නොපැකිලව සිනමාව ගැන කතා කළ හැකි ප‍්‍රත්‍යක්ෂ දැනුමක් ඔහු සතු විය. ඔහු ඉතාම ආධුනියන්ට වුවද දැනුම දීමට කැප වූ නොනස්නා තාරුණ්‍යයෙන් හා නොපසුබට වීර්යයෙන් යුතුව තමා සතු සිනමා ඥානය අන් අය හා බෙදා ගැනීමට නොසන්සිඳෙන ආශාවක් ඔහු සතු විය. මේ කරුනු ද්විත්වය ගැන අපේ අත්දැකීම් දෙකක් පවසන්නට මා කැමතිය. මා ගුරුවරයෙකු ලෙස සේවය කරන බාලිකා පාසල වෘතාන්ත සිනමා පටයක් කිරීමට සැලසුම් කළ අවස්ථාවේදී එයට එරෙහිව ආ මතවාද වලට පිලිතුරු දිය හැකි පිළිගත් චරිතයක් මා විසින් සොයද්දි පෝරුතොට පියතුමා නිර්දේශ කළේ ජයමාන්නයන්වය. ජයමාන්නයෝ පාප්තුමන්ලාව පවා උපුටා දක්වමින් අදහස් දැක් වූ පසු සියලූ විරුද්ධ මතවාද නිහඬ විය. දැරියන් දුටු සිනමා සිහිනය සැබෑ වන්නට ඒ ප‍්‍රබල ප‍්‍රත්‍යක්ෂ අදහස් මුල් විය.

දෙවැන්න නම් අප මීට මාස කිහිපයකට පෙර ඉතාමත් ආධුනික පිරිසකට සංවිධානය කළ සිනමා පාඨමාලාව ජයමාන්නයන් මෙහෙයවූ ආකාරයයි. ඔහු පුරා තෙදිනක් පාන්දර තුන හතර වන තුරු අවදිව මේ ආධුනිකයන් සමඟ ගනුදෙනු කළ ආකාරය ඒ තරුණ පිරිසට අභියෝගයක් විය. ජයමාන්නයන් අප දකින්නේ 'සනත් කුමාර' කෙනෙකු ලෙසිනි. එනම් සනාතන හෙවත් සදාතනික තරුණයෙකු ලෙසයි. තවමත් ඔහුට තරුණයන් සමඟ තරුණයෙකු ලෙස වැඩ කළ හැකිය. ඔහුගේ දැනුමද සැමදා තරුණය.

ජයමාන්නයන් මෙන්ම වැඩකිරීමෙන් උකහාගත් දැනුමෙන් පෝෂිත පෝරුතොට පියතුමා ඔහුගෙන් වැඩ ගත්තේය. පෝරුතොට පියතුමා OCIC පාඨමාලාවේ භාරකාර නිර්මාතෘ වෙද්දී ඔහු එහි දිසාපාමොක් ආචාර්යවරයා විය. එහෙත් අවාසනාවක් වන්නේ පෝරුතොට පියතුමාගෙන් පසු ඔහුගෙන් ඒ තරම් වැඩක් ගන්නට නොහැකි වීමයි.

ඉතින් ජයමාන්නයෙනි මෙරට සිනමාවට දර දිය ඇද්ද බොහෝ විට පෙර හැරේ නොගිය අද ද පළමු පේලියේ නොව තුන්වෙනි පේලියේ වාඩි වී සිටින ඔබ, කොට ඇද්ද මහා සිනමා හස්තිරාජයෙකි. මා පෙර කී ලෙස මදක් වසා දැමුණු චරිතයක් සේ පෙනී ගියද ලාංකීය සිනමා ඉතිහාසයේ වසා දැමිය නොහැකි පෞරුෂයකි. ඔබ....

වැඩ කිරීම පිලිබඳ ඔබ පෙන්වූ සනාතන තාරුණ්‍යයේ අභියෝගය බාරගන්නට අපි සියල්ලන්ට හැකි වේවායි පතමු. ඔබ අපට අභියෝගයකි.
වෙනත් සබැඳි |
Andrew Jayamanne- Wikipedia
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Andrew Jayamanne, Andrew Jayamanna, Sri Lankan Cinematographer, Film director, Film producer, Dr. M.S.N Weerakoon
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහින්ද නාමල් ගෙන් තවත් වියමන්
අදහස්
"වෙනූෂා" කියවීම සහ නව යෞවනයේ සැබෑ අර්බුදය හඳුනා ගැනීම
තවත් Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook