Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
හමුවීමක්
බූන්දි, 20:35:19
[ස්ථානය :- කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති බස් නැවතුම]

චරිත :-A මිනිසා - සරත් කොතලාවල - B මිනිසා - ධර්මප්‍රිය ඩයස්

(A බස් නැවතුම්පළේ වාඩිවී සිටියි. ඇඳුම් තරමක් දුර්වර්ණවී ඇත. B ඈතින් පැමිණෙයි. ඔහුගේ හිසේ වෙළුමක් යොදා ඇත. ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් හැඳ සිටියි.උරහිසේ ගමන් මල්ලක් වෙයි. B පැමිණ A වාඩිවී සිටින ආසනයට යාබද ආසනයේ වාඩිවෙයි)

A- වෙලාව කීයද?

B- අ.. හයාමාරයි.

A- රෑත් වෙන්න ආව නේ.

B- හ්ම්ම්... කොහාට යන්ඩද?

A- හරි හමන් දිහාවක් නෑ....

B- ඒ කියන්නේ අරමුණු ලස්...ආ..

A- ඔව් ඒ කතාවෙත් වැරැද්දක් නෑ...

B- සහෝදරයා මොනාද කරන්නේ..රස්සාවක්..බිස්නස් එකක්...

A- රස්සාවක්..නේද? අද උදේ වෙනකම් රස්සවක් තිබ්බා..

B- හිහ්.. ඒ කියන්නේ රස්සාවෙන් දොට්ට දැම්මා...

AA- නෑ. මම කැමැත්තෙන්ම අයින් උනා...

B- හ්ම්ම්.. පුදුමයිි. හැමෝම බලන්නේ මේ කාලේ රස්සාව බේර ගන්න..
මොකද්ද කලේ?

A- මම සුපවයිසර් කෙනෙක්...බිල්ඩින් සයිට් එකක...
අද උදේ එකපාරටම හිතුනා රස්සාවෙන් අයින් වෙන්න.. ඉතින් අයින් උනා..

B- ඉතින් මොකක්ද ඊළඟ ප්ලෑන් එක?

A- ප්ලෑන් නැහැ. පුලූවන්තරම් කල් ප්ලෑන් නැතිව ඉන්නවා. දන්නවද? එතකොට හරි නිදහසක් තියෙනවා ඔලූවට...

B- සහෝදරයා.. වැඩිකල් ඔහොම ඉන්න බැහැ. ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් ක්‍රියාත්මක වෙන්න වෙයි. ඇයි? මේ එන්ජින් එකට (අතින් තම ශරීරය දක්වයි) කෑම ඕනේ. ඇඳුම් ඕනේ. හෙවනක් ඕනේ. තව තව දේවල් ඔනේ. දෙන්න වෙනවා. අපිට ඕනේ නැහැ. ඒත් මෙයාට ඕනේ.. හිහ්

A- ඔව්. ඒකත් එහෙම තමයි.

මට එකපාරටම හිතුනා රස්සාවෙන් අයින්වෙලා රස්තියාදු ගහන්න. මොකද මම කවදාවත් රස්තියාදු ගහලා නැහැ. හැබැයි වෙලා තියෙනවා. ඒත් මගේ ඔනෑකමකට නෙමෙයි


මේ ඒක නෙමෙයි. ඔහේ මොකද කරන්නේ...

B- මම.... මම ඉගෙන ගන්නවා. ඉන්ජිනියරින් ෆැකල්ටියේ ..

A- ආ. හරි. එහෙනම් ඔහේගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඕනෙ කරන සේරමදේවල් ලැඛෙයි.

B- ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. අපිටත් පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා.

කොහේ හරි මොකක හරි අවුලක් වෙලා තියෙනවා වගේ දැනෙනවා නිතරම.

A- හ්ම්ම්ම්. ඔය ඔලූව.. ඔලූව තුවාල වුනේ කොහොමද?

B- ඒක වුනේ බෝඩිමේදි.

A- කොහොමද ?

B- නෑ. ඕන්නැති කතාවක් කිව්වා.

A- මොකද්ද?

B- පත්තරේ තිබ්බා ඇටෑක් එකකින් මැරිච්ච කොටියෙක් ගේ පොටෝ එකක් දාලා. මම කිව්වා පව් බං ඌ කියලා.

A- ඉතින්?

B- ඉතින් මම කියලා තියෙන්නෙ වැරදි කතාවක්. ඒක දිග්ගැස්සුනා. අන්තිමට එකෙක් මාව තල්ලූ කලා. ඔලූව වැදුනා යකඩෙක. ඉතින් පැලූනා. පස්සේ ඌම ඇවිත් බේත් දැම්මා.හිහ්...

A- මාරයි..

B- අහනවකෝ. (විශේෂ උනන්දුවකින්) මේ දවස්වල බෝඩිමේ මාර සීන් හරිද? ඔන්න එකෙක් කොළඹ එක්සිබිෂන් එකකින් බුදු පිළිමයක් උස්සලා.ඒක මාර ලස්සනයි. දැන් අනිත් උන් ඒකට බනිනවා අම්බානට. පව් මචන්.

A- ඉතින් ඇත්තනේ.. ඒක හොරකමක් නේ. අනික බුදු පිළිමයක්...

B- ඉතින් අහනවකෝ.... දැන් ඒකා ඒ පිළිමෙට

(මහා හඬින් වාහනයක් තිරිංග තද කරනු ඇසේ. දෙදෙනාම ඒ පැත්ත බලති )

B- ඔන්න ඔය සද්දෙට මම හරිම බයයි.

A- මමනම් බය ඔය සද්දෙට නෙමෙයි. ඕකට පස්සේ ඇහෙන සද්දෙට. මාව කීරි ගැස්සෙනවා.

B- මම මොකද්ද කිය කිය හිටියේ.. ආ ඔව්. පිළිමෙට උදේ හවස වඳිනවා මල් තියලා. හැබැයි ඒ වැඩේට සෙට් වෙන්න කවුරුත් නෑ. මෑන්ස් විතරයි තනියම.

A- හිහ්...

B- මේ ඇත්තට ඇයි මං මේවා ඔහේට කියන්නේ..?

A- නොකිය ඉන්න හේතුවක් නැති නිසා. මොකද අපි මීට කලින් මුනගැහිලා නැහැ නේ. මීට පස්සෙත් මුනගැහෙයිද කියන්න බැහැ නේ..ඒ නිසා නොකිය ඉන්න හේතුවක් නැහැ..

B- ඇත්ත..

(මඳ නිහැඩියාවක් දෙන්නා අතරම)

B- මට පොඩි කාලෙ ඉඳන් තිබ්බ ඕනේකමක් ඉන්ජිනේරුවෙක් වෙන්න. කොහොමහරි ඒ ටාගට් එකට ආවා. දැන් ඔහේට තිබ්බේ නැද්ද එහෙම ඕනේ කමක්.

A- තිබ්බා. හැබැයි ඔහොම එකක් නෙමෙයි. ගෝල්ෆේස් පිට්ටනියට මගේම කාර් එකකින් එන්න. සන්ග්ලාස් එකක් දාලා. ඇවිත් හුලං වැදි වැදී ඉන්න . යතුර කරකව කව.

B- හිහ් මරුනේ. ඉතින් ඒකට මොකද වුනේ?

A- හ්ම්ම්.. ඒක බලාපොරොත්තුවක් විදිහටම තියෙන එක ලේසියි. ඒකට ළංවෙන්න හදන හැමතිස්සෙම ඒක තව තව ඈතA වෙනවා. ඒක මළ කරදරයක් මට.
අන්තිමට මම ඒ සේරම පැත්තකින් තියල දැන් රස්තියාදු ගහනවා.
හැබැයි ඒක තාම මගේ බලාපොරොත්තුවක්...හරිද?

B- ඒක බලාපොරොත්තුවකට වඩා හීනයක්. මට හිතෙන විදිහට...

A- ඔව්. එහෙම වෙන්න ඇති. ඒකයි ඒක හැමදාම ඈත.

B- හ්ම්.. මට යන්න වෙලාව හරි වගේ. බසුත් කීපයක්ම ගියා. ඔය එන එකේවත් යනවා.

A- හා.

(B බසය වෙත දුව යයි. අතරමගදී නැවත හැරී බලයි.)

B- මේ සහෝදරයා මම ඉන්ජිනේරුවෙක් කිව්වේ බොරු. මම මිකැනික් කෙනෙක්. හරිද?

සහෝදරයා තමන්ටත් බස් එකක් එයි. ඒකෙ නැගලා යනවා. නිකන් ඉන්න එපා. හිටියත් ඉන්න වෙන්නේ නැහැ වැඩි වෙලා.

(බසයට නැග ජනේලයෙන් ඔලූව දමා මෙසේ පවසයි)

දන්නවද? අපේ හීනම තමයි අපිව අන්දවන්නේ.. අපේ හීන...

(A මඳ සිනාවකින් යුක්තව බලා සිටියි. බසය පිටත්වෙයි.)

හ්ම්ම්.. රස්තියාදු ගැහිල්ලත් ලේසි නැහැ තමයි .

හහ්.. ඒත් මට මිනිහට කියන්ඩ බැරි උනා නේ මම අත් උදව් දෙන එකෙක් මිසක් සුපවයිසර් කෙනෙක් නෙමේ කියලා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook