Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience by Dr Ruwan M Jayathunga | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඔත්තු කරන්ට්ස්
පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience" ග්‍රන්ථය පශ්චාත් යුද මානසිකත්ව සංකූලතා පිළිබඳ විමසුමක් පමණක් නොව වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදකාරී තත්වය පිලිබඳ විග්‍රහ කෙරෙන කෘතියක් ද වෙයි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඇදීගිය ජනවාර්ගික අර්බුදයත්, දිවයිනේ දකුණු පළාත්වල පැන නැගුනු අර්බුද දෙකකටත්, ඉන් අනතුරුව 2004 වර්ෂයේදී ඇතිවූ මහා ආසියානු සුනාමි ව්‍යසනයටත් මුහුණ දුන් ශ්‍රී ලංකාව අද ඒ සියල්ලෙන් ලද ආඝාතමය තත්වයෙන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටී. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණ සංකල්පයේ ආරම්භය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පාඨකයා තුළ මවන මේ ග්‍රන්ථය, ඒ පිලිබඳ හේතුභූතවූ ඓතිහාසික සිද්ධි සමුදාය මෙන්ම එකී තත්වය කළමනාකරණය කිරීම සඳහා යොදවාගන්නා ක්‍රමවේදයන් සහ සාක්‍ෂි පදනම් කරගනිමින් පවත්වාගෙන යන ප්‍රතිකර්ම විකල්පයන් පිළිබඳව ද කරුණු පැහැදිළි කරයි.

තම කෘතියේ අන්තර්ගතය පිළිබඳව සවිඥානික තීරණයන්ට එළඹෙන කතුවරයා 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජන වාර්ගික අර්බුදය නිමාවට පත්වුවද එහි විඳවීම් තවමත් අවසන් නැතිබව පෙන්වා දෙයි. ඊලාම් යුද්ධය පිළිබඳව තවමත් ශ්‍රී ලාංකික සමාජය තුළ දෝංකාර දෙන සිදුවීම් වලින් මේ බව සනාථ වෙයි. පසුගිය වසර කීපය තුළ, මිනීමැරුම්, සියදිවි නසාගැනීම්, ස්ත්‍රී දූෂණ, සහ බාලාපචාර ක්‍රියා බෙහෙවින් වර්ධනයවී තිබේ. ඊලාම් යුද්ධයෙන් පසුව, ශ්‍රී ලාංකීය සමාජය තුළ, තනිවීම, අවිශ්වාසය, අවතැන්වූ හෝ අසරණ, අවිනිශ්චිත, බවට පත් සංස්කෘතික කණ්ඩායම් පවතින බවට සංජානනීය සාධක පිළිබිඹු වෙයි. (Uri Bergmann, Ph.D. Past-President – EMDR International Association)

Shell Shock to Palali Syndrome ග්‍රන්ථය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඉවාන් උල්රිච් ප්‍රකාශ කරන්නේ, මෙම ග්‍රන්ථය තමන්ගේ මහත් ඇගයීමට ලක්වන්නේ, මේ තුළින්, යුද්ධයෙන් හානියට පත් සමාජයක, විවිධ තත්වානුරූපී සහ කණගාටුදායක අවස්ථා සංසිද්ධීන් හා අත්දැකීම්, සංක්ෂිප්ත කොට ඉදිරිපත් කිරීමේ ව්‍යායාමය නිසා බවයි. එමෙන්ම මෙම ග්‍රන්ථය තමාට අනුස්මරණීය කෘතියකට උදාහරණයක් ලෙස පෙනීයන්නේ, මහා විනාශයකට මුහුණදුන් මිනිසුන් පිරිසකගේ අපරිමිත කායික මානසික වේදනා සමුදායක් අද පවතින සහ අනාගතයේ බිහිවන සමාජයටද ප්‍රතිවිපාක කොට දෙන ආකාරය පැහැදිලිව පෙන්වාදී ඇති නිසා බවද ඔහු ප්‍රකාශ කරයි.

වින්දිතයන් පිලිබඳ මෙම සවිතරාත්මක ආඛ්‍යානය තුලින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍යය නගාසිටුවීම සඳහා අතිවිශාල ප්‍රමුඛත්වයක් ලැබියයුතු බව පැහැදිලි වෙයි. පැරණි යුගොස්ලෝවියාව වැනි රටවල්ද ඇතුළුව මේ හා සමාන අත්දැකීම් ඇති වෙනත් රටවල තත්වය පිළිබඳව සංසන්දනාත්මකව කරුණු සලකා බැලීමේදී සෑම රටකම පාහේ ජනතාව වින්දිතයන් බවට පත්ව ඇත්තේ පොදු මානුෂීය ගැටළු නිසා බව පෙනීයයි. මේ නයින් සලකා බලන කල, සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳව සැලකීමකින් තොරව, අනෙකුත් මානව වර්ගයා පිළිබඳව සෑහීමකට පත්විය හැකිය. මෙම වින්දිතයන් සඳහා සැළසුම් කෙරෙන්නාවූ හා සංවිධානය කෙරෙන්නාවූ, විවිධාකාර ආධාර වැඩපිළිවෙල වලදී, සියල්ලටම වඩා වැදගත් වන්නේ, මේ ජනතාව විඳින්නාවූ මානසික ආඝාත ස්වභාවය පිළිබඳව අපගේ අත්දැකීම් හා වෘත්තීය මට්ටම් මගින් සහනශීලී බවක් උදාකරදීමයි.

Shell Shock to Palali Syndrome කෘතිය ඉතා ප්‍රබල ලෙස පෙන්වාදෙන කරුණක් වන්නේ මිනිසා විසින් නිර්මිත ක්‍රියා හෝ ස්වභාවික ව්‍යසන මත පසුගිය දශක කීපය තුළ ශ්‍රී ලංකාව වින්දිත භාවයේ උපරිමයට ළඟාවූ බවයි. සමාජය මත පතිතවී ඇති දිගු සෙවනැලි වලින් කියන පණිවිඩය වන්නේ ආඝාත තත්වයන් පිලිබඳ අත්දැකීම් හඳුනාගෙන නොපමාව ප්‍රතිකර්ම දියයුතු බවත්, කාලය සියළු මානසික තුවාල සුවකරන ඔසුවක් නොවන බවත්ය. වෛද්‍ය රුවන් ජයතුංග සමග සහ සම්බන්ධ කණ්ඩායම තමන් විසින් සංජානනය කරන ලද නවමු ප්‍රත්‍යක්‍ෂ ඥානනය මගින් අපේ අවධානය යොමු කරවන්නේ ආඝාත තත්වයට පත් මහජනතාව පිලිබඳ සුබසාධනයේදී ඔවුන් එදිරිවාදී ක්‍රියාකාරකම් තුලින් තවදුරටත් ඇතිවියහැකි සෑම ආකාරයකම අහිමිවීම් වලින් වලක්වා සංහිඳියාව කෙරෙහි යොමු කලයුතු බවයි.
වෙනත් සබැඳි |
amazon.com Entry
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience by Dr Ruwan M Jayathunga
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් ඔත්තු කරන්ට්ස්
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
අවතාරය- මාර්තු 27
"රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26
සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6
මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඉන්ග්‍රිඩ් බර්ග්මාන් කියයි.
"හාද්දක්" යනු "වචන" අනවශ්‍ය වන තැනට පැමිණි පසු, "කතාව" නැවැත්වීම සඳහා, සොබා දහම විසින් නිර්මාණය කරන ලද ආදරණීය උපක්‍රමයකි.
What's New | අලුතෙන්ම
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook