Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!
බූන්දි, 17:26:18
'හොරාගේ අම්මගෙන් පේන ඇසීම' යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම 'ඔන්න කනෝ පිනුම්' යන්න ද ඔවුනට හුරු එකක් වන අතර මේ කියමන් දෙකම ඇසීමේදී ඔවුන්ගේ මනස්වල යම් රූපයක් මැවේ. නමුත් ලංකා සමාජය කිසිම දිනක තමන් වචනවලින් මවා ගන්නා අර්ථය පවතින දේශපාලන වාතාවරණයට ගලපා ගන්නා තාර්කික සමාජයක් නොවීය. ලෝකයේ ඇති ඕනෑම නවතම දැනුමකටම ලංකාව නිරාවරණය වෙයි. සෑම පන්නයකම දර්ශනයන් පිළිබඳ තර්ක විතර්කවලින් ද එහි අඩුවක් නැත. එයින් හැඟවෙන්නේ අවශ්‍ය නම් දැනුමේ හිඟයක් ලාංකිකයාට නොමැත යන්නයි. ප්‍රශ්නය වන්නේ මේ සමාජය වචන සහ ඒවායේ අර්ථය ඒ ආකාරයෙන් තේරුම්ගන්නවාද යන්නයි.

'මහින්දට තුන්වතාවක් පුළුවන්ද?' යන ප්‍රශ්නය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුගේ සුවච කීකරු එහෙයියන් වෙත ඉදිරිපත් කරන විට අපට නම් එයින් එන තීන්දුව ගැන සැකයක් නොවීය. ඔහුට හැකිය එසේ නැත්නම් ඔහුට නොහැකිය මේ දෙකෙන් කුමන තීන්දුවක් ආවා වුවත් ඒ තීන්දුව එසේ එන්නේ එය මහින්දගේ කැමැත්ත නම් පමනි. මීට සති තුනකට පමන ඉහත මා ලියූ "මිත්‍යාවට පෙම්කර මිත්‍යාව මත ජීවත්වීම" යන ලිපියෙන් මා ඉදිරිපත් කලේ ඒ ගැනයි.

ලංකා සමාජයම ගිලී සිටින්නේ බොරුව සහ මිත්‍යාව මතවීම අපට ඇති ලොකුම ප්‍රශ්නය ලෙස මම දකින්නෙමි. අප කැමැති වුවත් නැතත් මහින්දලා රට ආසියාවේ ආශ්චර්ය බවට පත්කරමින් පවතී. වාසුදේව නානයක්කාරට අනුව මේ කෙරෙන්නේ අධිරාජ්‍ය විරෝධී අරගලයයි. මෙසේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ යෙදී සිටින තවත් නොම්බර එකේ රටක් ආසියාවේ ඇත. ඒ උතුරු කොරියාවයි. නමුත් මහින්ද ඔවුන් සමග තරඟයට අධිරාජ්‍ය විරෝධයට ගොස් ඔවුන්ව පැරදවීමට නම් තවත් ටිකක් දුර යා යුතුය. ගෝඨාභයට පිං සිදුවන්නට එම තරඟයට අවශ්‍ය සුදුසුකම් ලංකාව ලබමින් සිටී. අඩුම තරමින් උතුරු කොරියාවේ මට්ටමට ලංකාව ලඟාකර ගත් දාට මහින්දලා අපට ආසියාවේ ආශ්චර්ය පෙන්වනු ඇත. එදාට ඔවුන් අද 'මෙන්ම ඔන්න කනෝ පිනුම්' යැයි අපිට කියනු ඇත.

මහින්දට තුන්වතාවක් පුළුවන්ද? අහන විටම ගහ දන්නා අයට නම් මේ 'හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්' බව සිතීමට මොහොතක් ගත වන්නේ නැත. ඒත් ලාංකිකයා පැරණි බස් වහරේ එන කියමන් වල අර්ථය පවතින රාජ්‍ය ක්‍රියාදාමයට අනුගත කරගෙන තේරුම් ගැනීමක් සිදුනොකරන්නෝය. ඒ අපි ඇවිදින විටත් නිදා සිටින මිනිස් සමාජයක් බැවිනි. අප නිදා සිටින බව ලෝකයට ඇඟවීමට අපි ඉතා කැමැත්තෙමු. එනිසාම අපව ඇහැරවිය නොහැක. එසේ නොමැතිනම් ලොකයෙන් සිඟා කා ජීවත් වන ජාතියක් තම ජාතික අභිමානයක් ගැන මැත නොදොඩනු ඇත. ලැබෙන ඕනෑම මොහොතක තම ජීවිතය පරදුවට තබා පරණ ඔරුවක හෝ තෙප්පමක නැග ලෝකයේ වෙනත් ඕනෑම බිමකට පැන ගැනීමට වලිකන ලාංකිකයා ඒ අතරම සිංහ කොඩි ලෙළවමින් ජාතියේ උතුම් බව ගැන වීර කාව්‍යයන් ගායනා නොකරනු ඇත. කඳු ශිඛර, මහ සයුරු, ගිරි දුර්ග, තරණය කරන්නට ජීවිතය පරදුවට තබා උත්සාහ කරන්නේ යුරෝපයට පය ගසා ගැනීමටයි. එසේ පය ගසා ගත් විගසම අපි එම රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක හරයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් හත්මුතු පරම්පරාවම එම රටවලට ගෙන්වා ගන්නා අතර තම මව්බිම විනාශ කරන ෆැසිස්ට් කණ්ඩායම්වලට ආවඩමින් කොඩි වනන්නෙමු. අප බොරුවට ඇති ලැදියාවෙන් තම ආත්මයට වංචා කර ගනිමින් ජීවත් වන මිනිසුන්ගෙන් සැදුනු ජාතියක් වෙමු. සමහර විට ඒ අපි තමනට රජකම ලබා ගැනීමට උදව් කළ කුවේණිය මෙන්ම තම ලෙයින් සැදුනු දරුවන් දෙදෙනාද බලයට ඇති ලෝභකමින් පන්නා දමන අධම මිනිසෙකු වන විජය නැමැති හොරකුගෙන් පැවත එන මිනිසුන් කොටසක් නිසා විය හැක.

දැන් කලක සිටම මහින්දලා ලාංකිකයාට බබා උක්කුං පෙන්වමින් සිටී. ඒ ලංකාවේ සිංහලයා බබාලා වී ඇති බව මහින්ද දන්නා බැවිනි. ඔහු දැන් කලක සිටම සිංහල සමාජයට තම ලොකු කුඩා මැති ඇමති සහචර ජනයා ලව්වා විවිධ හරඹ පෙන්වමින් සිටී. එකෙකු ගස් බඳින අතර තවකෙකු ප්‍රසිද්ධියේ මහ මඟ තමන්ගේම තවකෙකු මරා දමයි. දෙදෙනාගෙන් එකෙකුට අමතක වන අතර අනෙකා නාට්‍යයක් රඟ දැක්වූ බව පවසන්නේ හිරිකිතකින් තොරවය.


රජ පවුලේ හිතවතා- 'මොහාන් පීරිස්' රාජපක්ෂවරු සමග අවුරුදු සමරන අන්දම

විරුද්ධවාදීන්ට පොලු හරඹ දක්වන රස්තියාදු මැර කණ්ඩායම් පොලීසිය සහ හමුදා පිරිවරාගෙන දේශප්‍රේමයෙන් උදම් වී සරම් කරට ගෙන බෙරිහන්දෙන සටන් පාඨ අතරට මුසුවන සිංහල භාෂාවේ ඇති තුච්ඡම පරුෂ වචන සිංහල සමාජයට නොඇසේ. ඔවුන්ට ඇසෙන්නේ ඔවුන් අසන්නට කැමති දේ පමනි. පිස්තෝල අමෝරාගෙන කඩු පොලු ගෙන මිනිසුන් හඹායන නගර සභාපතිවරු, මන්ත්‍රීවරු මේ තමන් කරනු ලබන්නේ ළඳරුවන්ගේ සෙල්ලං පිස්තෝලවලින් කරන සෙල්ලමක් බව රටටම පවසන්නේ මුළු සමාජයම බබාලා කරමිනි. තමනගේම රටේ තානාපතිවරුනට කණ පැලෙන්න පහරදෙන ආඩම්බරකාර දේශපාලන මැට්ටන් ගැන සතුටුවන ජනතාව ලෝකය යනු තම ගම් පියස්ස ලෙස හඳුනාගත් සෙයකි. සංචාරක කතුන්ට ප්‍රසිද්ධියේ ලිංගික බලහත්කාරයක් කිරීමට ඔවුන්ගේ සහකරුවන් මරා හෝ යටපත් කර දැමීමට සැදී පැහැදී ඇති මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ කුමාරයින් ගැන අප රට ආඩම්බරයෙන් පෙළෙන විට කුමක් කියන්නද? "ලිඳ මගෙ නම් මං ලිදේ නම් උඹට ඇති රුදාව කුමක්ද?" යයි අසන මිනිසුන් නූතන පරිගණක අන්තර්ජාලවලින් කරණම් ගසන්නේ ඔව් "අපි බබාලා තමයි" ඔවුන් හඬ නගන්නේ "උක්කුං දියව්" කියන්නාක් මෙනි. ජනයා හොඳටම කුල්මත් වී අත්පොළසන් ගසමින් බබා උක්කුං වන බව දකින මහින්දට දැන් ඉතිරිව ඇත්තේ "ඔන්න කනෝ පිනුම්" පෙන්වීම පමනි. දැන් ඔහු එයද පෙන්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝ තම අයිතීන් පිළිබඳව ලාංකිකයාට වගේ වගක් නැති තරම්ය. කොටසක් මරා දමද්දී ලක්ෂ ගණනකට උන්හිටිතැන් නැති කරද්දී රතිඤ්ඤා පත්තුකර කිරිබත් කමින් සිංහ කොඩිය පමණක් නොව බෞද්ධ කොඩිය ද ගෙන රහමෙරෙන් පදම් වී වීදි පුරා බයිලා කියමින් නැටීමට තරම් පහත් තත්වයකට අප සමාජය පත්ව තිබිණ. අග්‍රවිනිශ්චයකාරවරියට හූ කියන විට ද වීදිවල මෙවැනි දර්ශන සුළභ විය. එකෙකුට ගහන විට නැටූ අනෙකා තමනට ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදුවේයැයි සිහිනෙකින් වත් නොසිතනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන්, රතනලා, චම්පිකලා පමණක් නොව වාමාංශික පක්ෂ ද මේ කිරිබත් පාටිවල සිටි බව අපට අමතක වී නොමැත. මානෙල් මලින් පුදා පිරිත් නූල් ගැටගසා සෙත් පිරිත් කියූ රතනලා මිනීමරුවන් ලේ විල්වල කිමිදෙන විට ඔවුනට සෙත් පැතූහ. අද ඒ රතනලාට රතන සූත්‍රය කියාදීමට මහින්දලා සූදානම්ය. අපට කීමට සිදුවන්නේ අහෝ ඛේදයකි! කියාය. මිනිසුන් දහස් ගණන් මරා දැමීමට මහින්දලා සමග එකට අත්වැල් බැඳගත් ජනතා විමුක්ති පෙරමුණට, පෙරටුගාමීන්ට, හෙළ උරුමයට සහ දේශප්‍රේමයේ උන්මත්තකයන්ට අද වන විට තමන්ගේ ආශිර්වාදයෙන් ගොඩනැගූ ෆැසිස්ට් යක්ෂයාගේ නිය පහරවල් වදිමින් තිබේ. හෙට දින ඔවුන් එකා එකා මේ යක්ෂයාගේ තියුණු දළ පහරේ බිලි බවට පත්වනු නියතය.

පමා වී වැඩි වුවත් දැන්වත් කොන්දේසි විරහිතව ඒ යක්ෂයා පැරදවීමට එක පෙළකට නොසිට ගන්නේ නම් හෙට ඔවුන් එකා පසුපස මේ යක්ෂයාගේ බිලි බවට පත්වීම වැලැක්විය නොහැක. එසේ නැතිනම් ඔවුන්ටත් තම සිහිය අමතක කර නැවත අධිරාජ්‍යවාදයෙන් රට බේරා ගැනීමට යන පෙරහැරේ ගමන් කිරීමට සිදුවන්නේ වාසුදේව නානායක්කාරට මෙනි. බලයේ කොටස්කරුවන් වී එයින් යැපෙන දේශපාලනයක් ඇති රටකට දේශපාලනය තම හත්මුතුපරම්පරාව ගොඩ නැගීමට ඇති මාර්ගය කරගෙන ඇති රටකට මහින්දලා මිස වෙනත් දේශපාලනයක් ඇතිවිය හැකිද? උඳු වැපුරූ පසු අස්වැන්නට උඳු මිස තල නොලැබෙන බව මතකයේ තබාගත යුතුය. දැනුමේ අඩුවක් අපට නොමැත. අපට ඇත්තේ දැනුම වටහා ගැනීමේ නොහැකියාවයි. මහින්දට තුනක් යනු රටට දෙවියන්ගේ සරණවත් ලබා ගැනීමට නොහැකි වන අභාග්‍යකි. ඒ වාගේම මහින්දට තුනම ලැබුනුදාට කරණීය මෙත්ත සූත්‍රයෙන් හෝ ඉතිපිසෝ ගාථාවෙන් නම් පිහිටක් නොලැබෙනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- 18th Amendment, Third term, Mahinda Rajapaksa, Gotabaya Rajapaksa, Presidential Election 2014, Supreme Courts opinion
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රංජිත් හේනායකආරච්චිගෙන් තවත් වියමන්
අදහස්
මහින්ද වන්දනාව වැඩවසම් බවට ආවැඩීමකි!
අදහස්
නීතියේ ආධිපත්‍යය පිහිටුවීම පළිගැනීමක්ද?
වෙසෙස්
කාම්බෝජ මතකයන් සහ පාඩම්
අදහස්
මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම
අදහස්
ඉල්මහේ අඳුරු සෙවණැලි මැද බර්ලිනයේ 'පා පැකිළෙන ගල්'
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
ලෝකයේ අති මහත් ම ගැටළුව වූකලී, මෝඩයන් සහ භක්ති උන්මන්තකයින් තමන් පිළිබඳ අතිශයින් ම විශ්වාසයෙන් පසු වීමත්, ප්‍රඥාවන්තයින් තමන් පිළිබඳ අවිශ්වාසයෙන් පිරී සිටීමත් ය.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook