Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"මෛත්‍රීපාල සිරිසේන" යනු කුමක්ද?
බූන්දි, 22:22:27
ජනාධිපතිවරණය ප්‍රකාශවීමත් සමගම දේශපාලන වේදිකාව උණුසුම් වී ඇත. සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසත් ඊට සහයෝගය පළකරමින් හිටපු ජනාධිපතිනිය, ප්‍රධාන විපක්ෂය, හිටපු හමුදාපතිවරයා, දෙමළ සන්ධානය, සිංහල ජාතිකවාදී හෙළ උරුමය වැනි විවිධ පැතිකඩ නියෝජනය කරන පාර්ශවයන්හි එකතුව අධිබලැති රාජපක්ෂ ආණ්ඩුවට අභියෝගයක්ව ඇත. ඉදිරියේදී සිදුවීමට නියමිත ප්‍රචාරක ව්‍යාපාරය සහ බලහුවමාරුවේ ස්වභාවය අනුව මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය වනු ඇත. මෙම සටහනේ අරමුණ ඡන්ද ප්‍රතිඵලය පිළිබදව නොව මෙම ඡන්දයේ ප්‍රතිඵලයෙන් පොදු ජනතාවට සිදුවිය හැකි සාධනීය බලපෑමෙහි හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කිරීමය.

වචන සහ කාලය අපතේ හැරිය නොහැක. පාලක රාජපක්ෂ රෙජීමය තුළින් සාධනීය වෙනසක් බලාපොරොත්තු වීමම විහිළුවකි. ජනතාව සෙල්ලම්බඩු පෙන්වා රැවැට්ටිය හැකි පිරිසක් ලෙස සිතා සිටින රාජපක්ෂ හිතවාදීන් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවන ලෙස ඉල්ලා සිටින්නේ සිය පුද්ගලික ගොඩ වැඩිකරගැනීමට මිසෙක රටට, ජනතාවට සේවය කිරීමට නොවේ. එම නිසා රාජපක්ෂගෙන් සිදුවී ඇති හෝ සිදුවීමට නියමිත සාධනීය බලපෑම ගැන කතාකර කාලය නාස්ති නොකරමි. මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනීසිටින ප්‍රගතිශීලීන් සහ මෙම කව ද්විත්වයට පිටතින් සිටින්නන් සමග මෙම සංවාදය ආරම්භ කරමි.

ඔළු මාරුව නිසා දේශපාලනයට ඉඩක්

මේ මොහොතේ මෛත්‍රීපාලට සහයෝගය දියයුතු බව පවසන ප්‍රගතිශීලීන්ගේ ප්‍රධානතම තර්කය වන්නේ මුලින්ම සිදුකළ යුත්තේ රාජපක්ෂගෙන් රට බේරාගත යුතු බවයි. රාජපක්ෂගේ දේශපාලන භාවිතාව තුළින් සිදුවෙමින් පවතින සාමාජයීය සහ ආර්ථික විනාශය ගැන නොඑකඟතාවයක් නැතත් එය සිදුකළහැක්කේ මෛත්‍රීටද, ඔහු විසින් එය වෙනස් කරනු ඇත්ද යන්න පවතින ගැටළුවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊලගට එන පිළිතුරයි. විධායක ජනාධිපතිකම අහෝසි කළ පසු ඉතිරි වන පාර්ලිමෙන්තුවේ සිටින්නේ සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි අයවලුන්ද? මැතිවරණ ක්‍රමය වෙනස්කළ සැනින් ජනතා හිතවාදී පිරිස් පාර්ලිමෙන්තුවට පත්වේවිද? ආත්මාර්ථය උත්කර්ෂයට නංවන සමාජ ආර්ථික ක්‍රමයක ප්‍රතිඵල ලෙස නැගෙන මේ ගැටළු වලට හුදු පැලැස්තර විසඳුම් කොතෙක්දුරට සුභදායී බලපෑමක් සිදුකරයිද?

මෛත්‍රීගෙන් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ

මෛත්‍රීපාල සිරිසේනගෙන් විවිධ පාර්ශව විසින් බලාරොත්තු වන ප්‍රතිසංස්කරණ අතරින් වඩාත් කේන්ද්‍රීය දෙය වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණය පදනම් කරගනිමින් කොටස් දෙකකින් අදහස් පළ කළ හැකිය. එහි මුල්ම ආකාරය වන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධාන පොරොන්දුවක් මෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානතම පොරොන්දුවක්ව ඉන්පසු මගහැර ගිය මේ පොරොන්දුව මෛත්‍රිපාල සිරිසේන විසින් ඓතිහාසික ලෙස සැබෑවක් බවට පත්කිරීමයි.

කිසියම් හෝ ආශ්චර්යයකින් එය එසේ සිදුවූවේ යැයි උපකල්පනය කළහොත් ඊළගට සිදුවීමට ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙන රනිල් වික්‍රමසිංහ අගමැති වන පාර්ලිමෙන්තුවක් පත්වීමයි. එවැනි තත්ත්වයකිදී බලාපොරොත්තු විය හැකි සාධනීය ප්‍රතිඵලය කවරක් දැයි යන ගැටළුව මෛත්‍රී හිතවාදී පිරිස් වෙත මා යොමුකරමි. අඩුම තරමින් මේ වන විට ව්‍යූහගතව පැතිරී ගොස් ඇති දූෂණය වංචාව අවම කොට ජාතිවාදය වර්ගවාදය මුලිනුපුටා දමා, අදහස් දැක්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහසෙන් යුතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවත් සිදුවීමේ ඉඩකඩක් ඇත්ද? රනිල්ගේ රැවුල ගැන, කරුගේ සරම ගැන, සජිත්ගේ ප්‍රේමදාසවාදය ගැන කතාබහ පැතිරී ඇති යූඇන්පියෙන් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමේ හැකියාවක් පවතීද?

මහින්දගේ හා මෛත්‍රිගේ වෙනස

මෛත්‍රිගේ ආගමනයක් ගැන උපකල්පනයෙන් අදහස් පළකල හැකි දෙවන ආකාරය වන්නේ ඔහු විසින් සිය පූර්වගාමියන් අනුව යමින් තව දුරටත් විධායක ක්‍රමයෙහි රැදී සිටීමට ඇති හැකියාවයි. තනතුරෙහි ඇති බලය නිසා තමන් බලයට පත්කළ පිරිස අතහැර තනිව සිටීමේ හැකියාවක් මෛත්‍රීපාලට ඇතත් යූඇන්පීය හා ඇතිවන විරසක නිසා ශ්‍රීලනිපයේ සිටි තමන්ගේ පැරණි මිතුරන් සහ නිශ්චිත ස්ථාන නොමැතිව සංසරණය කරන ටිරාන්, අර්ජුන වැනි පිරිස් ඉදිරියට ඒමේ ඉඩකඩක් ඇත. විධායකයේ බලතල හේතුකොට එය අතරමග නතරකරලීමකට උත්සාහ කරනවාට වඩා ඊනියා ජාතිකවාදීන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඉඩකඩ ඇත. බැසිල්, සජින් වාස්, පීබී වැනි දේශපාලන ගේම් කළමණාකරුවන් මෛත්‍රී යටතේ ද බිහිවනු ඇත. මහින්ද වෙනුවට මෛත්‍රී පැමිණ, හම්බන්තොට වෙනුවට පොළොන්නරුව ආදේශවනු ඇත. සහෝදරයින් තිදෙනෙකු වෙනුවට දොළොස්දෙනෙකුම මගබලා සිටින බවද කියැවේ. අප දන්නා එකම සහෝදරයා ද ලංකාවේ 'ජනාධිපති සහෝදරයෙකු' වීමට හොදින් සුදුසුකම් සපුරා තිබේ.

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පසුබෑම

නිදහසින් පසු දේශපාලනය දෙස හැරී බැලීමේදී 2005 වසර දක්වාම යම් ආකාරයක ප්‍රභූ වටිනාකම් සමුදායක් දේශපාලනයේ දක්නට ලැබුණි. 77න් පසු තීරණාත්මක පසුබෑම ආරම්භ වුවත් මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, අස්වර්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැනි විහිළුකාර චරිත සදහා රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005න් පසුවය. සිංහල බෞද්ධ ජාතිකවාදය කසිප්පු බී සිවුර උස්සාගෙන වලියට යන චීවරදාරීන් බිහිකරලීය. අවිහිංසාව දේශනාකරන ආගමක ප්‍රධානීන් එසේ සිදුකිරීම සමාජයේ සාධාරණීකරණය විය. වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි සමාජ පසුබෑමක් සදහා අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් බිහිවීමය. මහින්ද රාජපක්ෂ මෙහි සංකේතීය චරිතයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුට්ටුවට දමමින් ගමක හංදියක සිටින චණ්ඩියෙකුගේ චරිත ස්වභාවය රාජ්‍ය පාලනයට පිළිගත් වටපිටාවක් නිර්මාණය වූයේ මේ අනුවය. ප්‍රාග්ධනය සිය නිදහස් සංසරණය සදහා මේ චරිතයට සරිලන ආකාරයක් අත්පත්කරගත්තේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන බටහිරට වඩා චීනයේ ප්‍රාග්ධනය මේ සදහා වඩාත් සමපාතී විය. සරලවම ගතහොත් රාජ්‍ය ස්වරූපය "බයියෙක්" බවට පත්විය.

මේ වන විට අප විසින් අත්දකින දේශපාලන සංස්කෘතියේ තීරණාත්මක පසුබෑමට අභියෝග කරලීම සදහා බොහෝ ප්‍රගතිශීලීන් විසින්ද ඉල්ලා සිටියේ සමාජ දේශපාලනික වටිනාකම් පුබුදුවන චරිතයකට වඩා "බයියෙක්ට" අභියෝග කරලීම සදහා තවත් "බයියෙක්"ය. මෛත්‍රී මෙන්ම කරු ද නියෝජනය කරන්නේ මේ චරිතයට ආදේශකයක් ලෙසටය.

හද්දා පිටිසර හම්බන්තොටින් මහින්ද එන විට මෛත්‍රී එන්නේ පොළොන්නරු කැලේ මැදින්ය. දෙදෙනාගේම භාෂා භාවිතය හෝ අධ්‍යාපන සුදුසුකම් දේශපාලනකයෙකු වීමට අමතරව රජයේ පියන් රැකියාවකටවත් උචිත නොවේ. මොවුන්ගේ දේශපාලන භාවිතාවන් තුළද මෙකී සීමාවන් හොදින් හඳුනාගත හැක. ඊනියා සංවර්ධනයට මුවාවෙමින් වංචාව දූෂණය පමණක් නොව සංවර්ධනයේ දිශානතිය සම්බන්ධයෙන් ද සිය ග්‍රාමීය හීනමානය මෙන්ම ප්‍රදර්ශනකාමී සංවර්ධනයට ද හේතුව මෙකී පුද්ගලවාදී සාධකයයි. මෙනිසාම මෛත්‍රීගේ පාලන සමයක් තුළ පොළොන්නරුව ලංකාවේ සංවර්ධිතම දිස්ත්‍රික්කය බවට පත්කරලීමේ හැකියාව ගැන කතාබහ පුදුමයක් දනවන්නේ නැත. ඊට ගුවන් පථයක්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වැනි බොහෝ දේ එක්කරගත හැක. අවශ්‍යනම් ක්ෂේත්‍ර චාරිකා සදහා විදෙස් රටවල නොව හම්බන්තොටට යා හැක. අම්බුළුවාගල නිර්මාණය කොට ගම්පොළ රාජධානියේ රජා ලෙස කිරිළුපලන් දී. මූ. ජයරත්න ද මෙකී ක්‍රියාකාරීත්ව පිළිබදව උදාහරණ සපයයි.

මෛත්‍රීගේ ආගමනයෙන් පසු සිදුවිය හැකි වෙනස්කම්

දූෂිත පාලනයන්ට එරෙහිව විපක්ෂය සංවිධානය වීමේදී ප්‍රගතිශීලී පාර්ශවයන් ප්‍රමුඛකොට ගෙන නවමු වූ බලාපොරොත්තු ජනතාව වෙත ලබාදෙන ආකාරය 1994 දී, 2005 දී මෙන්ම මෙවරද දක්නට ලැබේ. අන් වතාවන්ට වඩා මෙවර සිදුවේ යැයි කියන උපකල්පනය නම් මෙකී ප්‍රගතිශීලී පොරොන්දු ජනාධිපතිවරණයෙන් පසු ඉටුකරලීමට මෛත්‍රී ප්‍රමුඛ දේශපාලකයින් ක්‍රියාකරනු ඇතිබවයි. මෙහිදී මතුකරලීමට අවශ්‍යවන ගැටළුව නම් අන්වතාවන්ට වඩා මෙවර අත්දැකීම වෙනස්වීමට ඇති ශක්‍යතාවය කුමක්ද යන්නයි. 2005දී ජනතා විමුක්ති පෙරමුණ මූලික කොටගෙන පොදු අපේක්ෂකයා බිහිවීම තුළ පැවති බලාපොරොත්තු මීට වඩා සඵලදායී බව මාගේ අදහසයි. පසුගිය පාඩම් හේතුකොට ජවිපෙ මෙවර අයිනකට වී ඇති අතර තීරණ කේන්ද්‍රගත වනුයේ මෛත්‍රීගේ පිරිවර හෝ යූඇන්පීය වටාය. ලංකාවේ කුප්‍රකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්බන්ධයෙන් කවරනම් ප්‍රගතිශීලී අපේක්ෂාවක් තබාගත හැකිද?

පශ්චාත් යුධසමයෙන් අනතුරුව නැග ආ සිංහල බෞද්ධ ජාතිකවාදය ප්‍රගතිශීලී බලවේගයන් මගින් යටපත් කරනවා වෙනුවට එය ප්‍රධාන අපේක්ෂකයින් වෙනුවෙන් දෙකට බෙදී ඇති බවක් පෙනේ. මීට ප්‍රධානතම හේතුව ජාතික හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීමයි. මුස්ලිම් ජනතාවට විරුද්ධව හලාල් විරෝධයට මූලික වූත්, දර්ගා නගරයේදී සිදුවූ මුස්ලිම් ජනතාවට එරෙහි කෝලාහල අනුමත කළ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඉදිරිපෙළ චරිතයක් රඟදැක්වීමට සූදානමින් සිටී. ඓතිහාසික පොළොන්නරු රාජධානිය යළි ස්ථාපිත කරලීම සදහා මෙම දෙපාර්ශවය මනා සංයෝගයක් වනු නොඅනුමානය. එවැනි තත්ත්වයක් තුළදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින වාමාංශය කවරක් කරනු ඇත්ද? විමල් වීරවංශලා බිහිවීමේ සම්භාවිතාව පමණක් ඉතා ඉහළ බව පමණක් සක්සුදක් සේ පැහැදිලිය.

ඉතිහාසය විසින් අවස්ථා ලබා දේ. එවැනි අවස්ථා භාවිතය තුළින් සමස්ත මානව සංහතිය වෙනුවෙන්ම වන ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. දේශපාලන චලිතයන් අවම ලාංකික සමාජයේ දැන් පවතිනුයේද එක්තරා සීමාන්තික අවස්ථාවකි. ඉතිහාසය පුරාවට මෙවැනි අවස්ථා තුළින් අවසානයේ ජයග්‍රහණය කළේ ප්‍රතිගාමී පාර්ශවයයි. මෙනිසා ඉතා වෙහෙසකර ජන ක්‍රියාකාරීත්වය අවසානයේ පෙරටත් වඩා පසුගාමී තලයකට සමාජයම ඇදවැටෙනු දැකගත හැකිය. මාගේ යෝජනාව නම් මෛත්‍රීපාල සිරිසේන යනු සමාජ පිබිදුමකින් පසු එආකාරයෙන් පසුගාමීත්වයකට තල්ලුකර දමන තවත් ඇමක් පමණක්ම වන බවයි, ඔහු තුළින් හෝ ඔහුගේ අනුප්‍රාප්තියෙන් බලයට පත්වන්නන් වෙතින් පවතින සමාජය වඩාත් යහපත් සමාජයක් දක්වා පෙරලීමට අවශ්‍ය කිසිදු ශක්‍යතාවක් කිසිලෙසකින්වත් පෙන්නුම් නොකරන බවයි.

සමාජයේ බොහෝ මිනිසුන්, ක්‍රියාකාරිකයින් ප්‍රගතිශීලීන්ය. එහෙත් ඒ සියළු දෙනා එක්ව රජකරවනු ලබන්නේ ප්‍රතිගාමීත්වය නම් එහි ඇති කිසිදු සුභවාදීබවක් නොමැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maithripala Sirisena, Common Opposition Candidate, Mahinda Rajapaksa, Presidential Election, Sinhala Buddhists, Hela Urumaya, Champika Ranawaka, JVP
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook