Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ හරාකිරි ප්‍රචාරණ කලාව
බූන්දි, 11:44:37
මෙවර මැතිවරණය සඳහා නිර්මාණය වී ඇති බොහෝමයක් ප්‍රචාරණ දැන්වීම්, දැන්වීම දුටු සැනින් එය කවරකු වෙනුවෙන් නිර්මාණය කළ එකක්දැයි ග්‍රාහකයාට තේරුම් නොයන අන්දමේ ඒවා ය. ඒවා කවුරුන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවාදැයි තේරුම් ගැනීමට දැන්වීම අවසානයේ අදාළ අපේක්ෂකයාගේ නම දාන තෙක් ග්‍රාහකයා ඉවසිල්ලෙන් සිටිය යුතු ය. බොහෝමයක් දැන්වීම් වල එසේ නම නොදමන අතර එහෙයින් ඒවා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් ම වැඩ කරයි. විශේෂයෙන් ආණ්ඩුවෙන් මිලියන ගණන් වියදම් කර නිර්මාණය කළ මෙවන් බොහෝමයක් දැන්වීම් වල සන්දර්භමය, එසේත් නැතිනම් ප්‍රතිපත්තිමය අනන්‍යතාවක් නැති හෙයින් ඒවා ඉතා සූක්ෂ්ම ලෙස, ඉතා සියුම් වෙනසක් සිදු කිරීම මගින් විපක්ෂය වෙනුවෙන් සාර්ථකව නොමිලේ භාවිත කරනු අන්තර්ජාලය පුරා දක්නට තිබේ.

දෙවන කරුණ ඊටත් වඩා ඛේදනීය වේ. එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කළ මෙවන් බොහෝ ප්‍රචාරණ දැන්වීම් ඍජුව ඔහුට අවාසි සහගත අර්ථ ගෙන ඒම ය. නොඑසේනම් කිසිදු වෙනසක් නොකර ම ඒවා විපක්ෂය වෙනුවෙන් වැඩ කිරීම ය. මහින්දගේ ඇඩ්වර්ටයිසින් කාරයෝ මහින්දගෙන් කෝටිගණන් අරන් මෛත්‍රී වෙනුවෙන් දැන්වීම් හදති. කිසිවක් නොතේරෙන ආණ්ඩුව තවත් කෝටි ගණනක් වියදම් කර තමංගේ හිට් ඇඩ්ස් ලෙස ඒවා ප්‍රචාරය කරයි.

මෙයට හේතුව මේවා නිර්මාණය කරන දැන්වීම් කරුවන් හුදු පාක්ෂිකයින් හා ව්‍යාපාරිකයින් වීම හැර වෙනත් සුදුසුකමක් නොතිබීම වන්නට පුළුවන. (පැවසෙන ආකාරයට ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩපිළිවෙළ මෙහෙයවන අය අතර ඇත්තේ, ඉරාජ්, භාතිය - සන්තුෂ් වැන්නන් ය) ඛේදයට කරුණ වන්නේ ඔවුන් කවරක් නිර්මාණය කළ ද ඒ තුළ ඇති උත්ප්‍රාසය තේරෙන කිසිවෙක් ආණ්ඩුව තුළ නොසිටීම ය. සිටීනම් ඔවුන්, මේ අයට ඇනගන්නට දී තමංගේ වැඩක් බලාගෙන සිටීම ය. ගැඹුරු දේශපාලනික සන්ධර්භමය වෙනස්කම් ගැන විපක්ෂ ප්‍රචාරණ වැඩපිළිවෙළ ගෙනියද්දී සල්මන් කාන් හා ජැකලින් ප්‍රචාරණය කරමින් නඩතු වීමට තරම් මේ රටේ ජනප්‍රියතම ආණ්ඩුව බංකොලොත් වී තිබීම කණගාටුදායක ය.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන බලකායක් වන නිල් බලකාය විසින් නිර්මාණය කර තිබුණු එක් ප්‍රචාරණ දැන්වීමක් මෙසේ ය. එක්තරා කඩමණ්ඩියක් අසල වැරහැලි ඇඳගත් ඉතා දුර්වල මහලු මිනිසෙක් සිටී. ඔහු සිටින්නේ කන්නට දෙයක් නොමැතිව, කඩෙහි රාක්ක දිහා බලමින් හූල්ලමිනි. මේ අතර නිල්බලකා තරුණයෙක් ඒ කඩයට පැමිණ සිගරට්ටුවක් මිළ දී ගනී. ඒ අතර ඔහුගේ ඇස අර අසරණ මිනිසා වෙත ගැටේ. ඔහු වහා කම්පාවට පත්වී තමා මිළදීගත් සිගරට්එක ආපහු කඩේට දී ඒ වෙනුවට බනිස් එකක් මිළ දී ගෙන අර අසරණ මිනිසාට දෙයි. මේ නිල්බලකා තරුණයාගේ මිනිස්කම විදහා දක්වන ආණ්ඩුවේ ඇඩ් එකකි.

එසේ නමුත් මෙය පාරාවලල්ලක් සේ ආණ්ඩුව දෙසටම ඉලක්ක වන්නකි. මහින්ද රාජපක්ෂ පාලනයේ ජනතාවට කන්න නැත. අඳින්නේ වැරහැලි ය. දුර්වල ය. රෝගී පෙනුමක් ඇත. ඉතාම සුළු පිරිසක් ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්ස් වල රුපියල් දෙසීයක් දී ජැකලින්ගේ හෝටලයෙන් ආප්ප කද්දී, පොදු ජනතාවට සිදු‍ව ඇත්තේ ඒවායේ රාක්ක වල තියෙන කැමබීම දිහා බලා සුසුම් ලන්නට ය.

අනික් අතට, ආණ්ඩුවේ නිල් බලකා තරුණයාගේ ඉරණම ද මීට වෙනස් නැත. ඔහුගේ තාරුණ්‍යයේ හෙට හැමදා ම හෙටක් ව පවතී. ඔහු අත ද මුදල් නැත. මේ තරුණයාට පවා තිබුණේ සිගරට් එකක් ගන්නට සෑහෙන මුදලක් පමණ ය. බනිස් ගෙඩියක් ගන්නවා නම් ඔහුට තම අනෙක් අවශ්‍යතාව වන සිගරට්ටුව ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වේ.

තවත් නිල් බලකා දැන්වීමක් මෙසේ ය. ධීවර වෙරළකි. ධීවරයෝ දැලක් අදිමින් සිටිති. දැල් අදින්නන් අතර දැල් සෙසු ධීවරයින්ට වඩා තරමක් ජන්ඩිපහට ඇඳගෙන සිටින අයෙකි. ඔහුගේ නම ආරි අයියා ය. ආරි අයියා මුණගැසෙන්නට පැමිණි තරුණයෙක් හා තරුණියකි. "හදිසියේ මේ පැත්තේ?" ආරි අයියා තරුණයින්ගෙන් අසයි. "ලබන මාසෙ අපි කසාද බඳිනවා, මගේ පැත්තෙන් අස්සන් කරන්න ආරි අය්ය එන්නම ඕනෙ" තරුණයා පිළිතුරු දෙයි. "මොන තරම් සතුටක් ද එහෙනම් මංගල්ලෙ වියදම් ඔළුවෙං අමතක කරලා දාන්න" ආරි අයියා කියයි. කතාව එච්චර ය. දැන්වීම අහවර වන්නේ "මිනිස්සුන්ට සලකන ඔබේ තීරණය රටට වටිනවා. එන්න සුරක්ෂිත රටක් වෙනුවෙන් අපි රටට වැඩ කරමු" යන්න සමග ජනාධිපතිවරයාගේ රූපයක් ද සමගිනි. මේ ප්‍රචාරණ වීඩියෝව මහින්ද රාජපක්ෂගේ වර්තමාන දේශපාලන කල්ක්‍රියාවට සම්බන්ධ වන්නේ කෙසේද? දැන් රටේ සාමාන්‍ය තරුණ තරුණියන්ට සිදුව ඇත්තේ නොමිළේ විවාහ වන්නට නොව විවාහ ලියාපදිංචියට මෑතකදී එකතු කරන ලද රුපියල් පන්දහසක අලුත් බරපැනක් දරන්නට ය. අප දැක ඇති, වර්තමාන තරුණ තරුණියන්ට සිදුව ඇත්තේ ගිනි පොළී මත ණය රැගෙන විවාහ උත්සව පවත්වා මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන ඛේදජනක ඉරණම ය. එසේ නමුත්, සාමාන්‍ය තරුණයින් කෙසේ වුවත් තම විවාහය සඳහා ජනාධිපතිවරයාට අත්සන් කරන්නට අවස්ථාව ලබා දී විවාහය සඳහා යන මුලු මුදලම අවභාවිත මහජන බදු මුදලින් ලබාගත් විශේෂ තරුණ තරුණියන් කිහිප දෙනෙක් නම් මේ රටේ සිටිය හැකි බව ඇත්ත ය.

තවත් වත්මන් පාලනය සම්බන්ධ පැහැදිලි අර්ථයක් නොදෙන උත්ප්‍රාස ජනක දැන්වීමක් මෙසේ ය. පාසලේ විවේක කාල සීනුව නාද වෙයි. එක් දරුවෙක් හැර පංතියේ සෙසු දරුවෝ සියල්ල එසැනින් දිවා ආහාරය සඳහා දිව යති. ගුරුවරිය ද යන්නට සැරසේ. එසැනින් ඇය පංතියේ නතර වී සිටින දරුවා දැක ඔහු ළඟට යයි. "ඇයි පුතා කෑම කන්න යන්නෙ නැද්ද?". "කෑම එක ගෙදර දාලා ඇවිල්ලනෙ ටීචර්" දරුවා පිළිතුරු දෙයි. ගුරුවරිය තම කෑම පාර්සලය පෙන්නා දරුවාට කියන්නේ "යමු. අපි බෙදාගෙන කමු" යනුවෙනි. කතාව එතනින් නිමා වේ. දැන්වීම අහවර වන්නේ "මිනිස්සුන්ට සලකන ඔබේ තීරණය රටට වටිනවා. එන්න සුරක්ෂිත රටක් වෙනුවෙන් අපි රටට වැඩ කරමු" යන්න සමග ජනාධිපතිවරයාගේ රූපයක් ද සමගිනි. එසේ නමුත් "යමු. අපි බෙදාගෙන කමු" යන උත්ප්‍රාසාත්මක කාරණය හැරෙන්නට මෙහි අන් කිසිවක් වර්තමාන ආණ්ඩුව හා එහි ප්‍රතිපත්ති හා සම්බන්ධව තේරුම් ගන්නට ග්‍රාහකයාට නොහැකි ය. මේ කට බොරු කිව්වත් සිව බොරු නොකියන ආණ්ඩුවේ දැන්වීම් කලාවේ හැටි ය.

ආණ්ඩුවේ වීඩියෝ ප්‍රචාරණයේ ප්‍රධානතම දැන්වීම හෙවත් හිට් ඇඩ් එක මෙහෙම ය. කැඳ හැලියක් සාදමින් සිටින පිරිසකි. නිරූපණය කරන විදිහට එය හැඳිගාන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ඔහු කැඳ හදද්දී ඔහු වටේට ඔහුගේ සහායකයින් පිරිස සිටිති. ඉන් කෙනෙක් පැමිණ, කැඳ හැලියට හාල් දාන්නා සේ අත මිට දිගහැර (එසේ නමුත් හාල් නොදමා) "ඕන්න මගෙ කොටහ දැම්මා මට කාලක් ඕනෑ" යැයි කියයි. කැඳ හැලිය සාදන පුද්ගලයා "දෙන්නන්යැ"යි එකඟ වේ. ඊළඟට සිටින්නේ කොණ්ඩය කැපූ කාන්තාවකි. ඇය ද පෙර පරිදිම අතමිට දිගහැර කිසිවක් නොදමා තමංට කැඳ වලින් භාගයක් ඕනෑ බව පවසයි. කැඳ සාදන්නා එයට ද හා යැයි එකඟ වේ. ඊළඟට එවැනිම තවත් පුද්ගලයෙක් පැමිණ කැඳ වලට තමං‍ගේ කොටස එකතු කරන බව බොරුවට පෙන්නා, එහෙත් කිසිවක් ‍නොදමා. තමංගේ පංගුව ඕනෑ බව සැරින් කිය යි. එවිට සෙසු පිරිස අතර ප්‍රශ්නයක් පැන නගී. එනම් එසේනම් තමංට ඉතිරිවන්නේ කුමක්ද යන්න ය. දැන්වීමෙන් හඟවන පරිදි මෙසේ තමංගේ කොටස් ඉල්ලන්නේ පිළිවෙළින් රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරණතුංග, සරත් ෆොන්සේකා යන අය ය. අවසන තමංට ඇත්තේ කවරද්දැයි ප්‍රශ්න නඟන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා එකතු වූ සෙසු පිරිස ය. දැන්වීම අවසන් වන්නේ සියල්ල එකතුව හැඳිගාන මේ කැඳහැලිය වෙත එක් පාර්ශ්වයක් ඇමරිකානු ඇඳුමින් ද අනික් පාර්ශ්වය එල්ටීටීඊ ඇඳුමින් ද සැරසුනු පුද්ගලයෙක් කොහේදෝ සිට පැමිණ මේකෙ අයිතිය මටයි යනුවෙන් සමස්ත කැඳ මුට්ටියම උදුරා ගැනීමෙනි.

මේ ප්‍රචාරණ දැන්වීම සඳහා මොවුන් භාවිත කරන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය නම් සුප්‍රකට ජන කතාව ය. මේ දැන්වීමෙන් ආණ්ඩුව අදහස් කරන බව පෙනී යන්නේ එකිනෙකට පරස්පර මිනිසුන් පිරිසක් එකතු වී තම තමංගේ වාසි පිණිස මෛත්‍රීපාල සිරිසේන භාවිත කරන බවත්, අවසන ඒ සියල්ලට ම වඩා විදේශ බලවේග හා එල්ටීටීඊ බලවේගයන් වාසි ලබාගන්නා බවත් ය. ඒ ඔවුන්ගේ පුංචි මනස් වලට තේරෙන සරල කතාව ය. එසේ නමුත් ඔවුන්ගේ පුංචි මනස් කල්පනා කර කියන්නට හැදූ එම කතාව මේ දැන්වීමෙන් කියැවේද? ඇත්තෙන්ම නැත. එයට හේතුව ඔවුන් එකිනෙකට පරස්පර කතන්දර කිහිපයක් මේ දැන්වීම තුළ කියන්නට යෑමය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ ‍මේ සංධානයේ නොගැලපීම පමණක් කියන්නටනම් ආඬි හත්දෙනාගේ කැඳහැලියේ කතාවෙන් එය කළ හැකි ය. එසේ නමුත් මේ පරස්පරතාවය කියන කරුණට අමතරව කෝකටත් තෛලය ලෙස ආණ්ඩුවට ඇති විදේශ බලවේග හා එල්.ටී.ටී.ඊ. භීතිකාව වැනි හැම කරුණක්ම ඊට එබ්බවීමට උත්සාහ කිරීම නිසා මේ කැඳහැලියේ දැන්වීම කැඳහැලියක් වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවාසි සහගත කතාවක් කියැවේ. එය විපක්ෂ‍යේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරයි.

මේ දැන්වීමේ සිටින සියලු දෙනා හදන්නේ ව්‍යාජ කැඳ හැලියකි. ඒ සඳහා තමං කිසිවක් නොදමයි. නමුත් තමං ඒ සඳහා දේවල් දැමූ බව පෙන්වමින් ලෝකය මුලා කරයි. ලෝකයට පේන්නට මේ හැඳිගාන්නේ උණු වතුර මුට්ටියක් පමණ ය. විදේශ බලවේගත් එල්ටීටීයී බලවේගත් කිසිවක් නොදැන මැදට පැන නියම කැඳ හැලියක් ලෙස සිතා ගෙනයන්නේ ඔවුන් විසින් හැඳිගානු ලැබූ මේ ව්‍යාජ උණු පැන් තලිය යි. මෙයින් පෙනී යන්නේ නිකම්ම නිකම් උණු පැන් තලියක් ලබා දී රටට එරෙහි හා රටත් එහි සම්පතුත් කොල්ලකෑමට එන සියලු විදේශ බලවේග හා එල්ටීටීයී හිතවාදීන් මුළාවෙහි දමා රට බේරාගැනීමට තරම් මේ පොදු අපේක්ෂකයා ප්‍රමුඛ විපක්ෂයේ බලවේග සූක්ෂ්ම බවයි. ඔවුන්ගේ විදේශ සම්බන්ධතා ස්වාසිලන්තයෙන් හා ලිබියාවෙන් එහාට ව්‍යාප්ත වූ සූක්ෂ්ම එකක් බව ය. කැඳ හැලියක් ගන්නට එන රටට එරෙහි බලවේග උණු වතුර හැලියක් දී පිටත් කරන බවය. උණුවතුර හැලියක් දීමෙන් රටට සිදුවන පාඩුවක් නැත. මහජනතාවගේ මුදල් කෝටි ගණන් වියදම් කර මේ වගේ හිස් දැන්වීම් නිර්මාණය කර ප්‍රචාරණය කිරීමෙන් අවස්ථාවාදී ඇඩ්වර්ටයිසින් කාරයින්ට හා ජනමාධ්‍යකාරයින්ට හැර මහින්දට වන වාසියක් ද නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Presidential Election Sri Lanka-2015, Mahinda Rajapakse, Maithreepala Senanayake, Advertising Campaigns of Mahinda Rajapakse and Maithreepala Sirisena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
චේ ලියයි.
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත

-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook